අපි හැමෝම කාර්ය බහුල වුවෝ වෙති. මේ කාර්ය බහුලත්වය ඇතිවන්නේ අපේ වරදකින් නොව. එදා අපේ රට වැස්සෝ අදට සාපේක්ෂව කාර්ය බහුල නොවීය. එදා නෑ ගමන් යන්නට ගොස් එහි දින ගණන් ගත කරන්නට, මල ගෙවල්වල ගොස් දින ගණන් සිටින්නට ඉසිඹු ලද්දෝ වූහ. ඒ අතිතයට සාපේක්ෂව අද නෑගමන් යැවෙන්නේම නැති තරම්ය. ගියද ඒ අත්‍යවශ්‍ය දේකට සීමිත කාලයකට පමණි. මල ගෙදරකට ගොඩවන්නේ මර රෑය.මෙය අපේ වරදක් නොව ගෝලිය ජීවන රටාව නම් සිස්ටම් එකේ වරදකින් ඇති වූවකි.
එවන් වට පිටාවක වෙසෙන අපට අපේම දරුවා ඩේ කෙයාර් සෙන්ටර්වල නතර කරන්නට සිදුව ඇත. වියපත් මාපියන් මහලු මඩම්වල නැතහොත් එවැන්නන් බලා කියාගන්නා ආයතන වල නතර කරන්නට සිදුව ඇත. මා පියන් බලු කූඩු තුළ රැඳවූ කතාවක් ද අසන්නට ඇත.
මාපියන් මහලු මඩමක නැතහොත් වෙනත් ආයතනයක නැවතීම දරුවන් නොකළ යුත්තකි යැයි සමාජ මතයක් ඇත. එවන් දරුවන් සමාජයේ නින්දාවට පත් වෙති.
මාපියන් මහලු මඩමක ගාල් කිරිමත්, මාපියන් විසින් තම දරුවන් ඩේ කෙයා එකක ගාල් කිරිමත් එකම මාදිලියක කටයුත්තක් ය යන්න මගේ හැගීමයි. වෙනස ඇත්තේ පොෂ් වචන ටිකක පමණි.අද ඩේ කෙයා එකක වැඩෙන දරුවා මතු දිනක තම මාපියන් මහලු මඩමක දැමීම වරදක් වේද?
කෝ අපේ තිබූ මනුස්සකම ........ මනුස්සකම නැති වෙලා ද? කාලය හරස් වෙලා ද?
මනුස්සකමට මාකට් එකක් තිබ්බ කාලේ ඉවරයි, සල්ලිවලට ගන්න පුලුවන් දේවල් මනුස්සකමට ගන්න පුළුවන්ද? කාටවත් කියන්න එපා ඇත්තටම සල්ලි වලට ගන්න බැරි දේවලුත් මනුස්සකමට ගන්න පුළුවන්.
ReplyDeleteසල්ලි වලට ගන්න බැරි දේවලුත් මනුස්සකමට ගන්න පුළුවන්//
Deleteඩබල් සැලියුට්
කපා බිම හෙළා ගහකොළ තනා මහ විමන් මිහිමත
ReplyDeleteපුරෙන් පුර දනන් දෙව්පුර අසිරි මවනවා
ඒ මැවුම් දකින දෙවියෝ බියෙන් සැලෙනවා
උන්හිටි තැන් නැතිවෙලාද උන් කළ පින් පිරිහිලාද
රුක් දෙවියෝ දණින් වැටී නරන් යදිනවා
විදාහළ නැණින් පිරිසිඳ වසා සිටි නුවන් විනිවිද
මිනිස් වග මහා විශ්වය හඹා දුවනවා
දෙව්ලොවින් බසින දෙවියෝ සුසුම් හෙලනවා
ඇස් අදහා ගන්ට බැරිව පින් පව් විසඳන්ට බැරිව
ඉරිසියාව යට කරගෙන සාදු කියනවා
දිනූවෙද මහා සක්වල ලැබූවෙද මහා සිප්නැණ
දේව අනුහසින් වේදැයි බියක් හිතෙනවා
දණින් හිඳ සුරන් පා යුග නරන් වඳිනවා
මිනිස් මහිම අඩුවෙලාද මිනිස් කමට හිනැහුණාද
උනුන් මුව බලා දෙවියෝ අනේ කියනවා
ගී පද - කුමාරදාස සපුතන්ත්‍රි
ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
වෙලා තියෙන්නේ මේකයි මචං... හැමෝම සල්ලි පස්සේ දුවනවා.. ඒක්කෝ වෙන විකාර පස්සේ දුවනවා... ජීවිත හරියට කළමනාකරණය කරගන්න බැහැ..... අපි හැමෝම මැරෙන මිනිස්සු කියලා හිතලා ජීවත් වුණානම් මේවා දකින්න වෙන්නේ නැහැ.......
ReplyDeleteඅනිව , මමත් කුරුටුත් එක්ක එකගයි..
Deleteහරි හරි හැමෝම සල්ලි පස්සේ දුවනවා. සල්ලි නැත්තං ජීවිතේ ඉවරයි. මේ පණ කඩාගෙන සල්ලිම හොයන ක්‍රමේ අපේ රටට හඳුන්වලා දුන්නේ කවුද? ඒ ක්‍රමයේ ගැලී ඉන්න අය ඇත්තටම තෘප්තියකින්ද ඉන්නේ? 99.9% තෘප්තියෙන් නෙවෙයි ඉන්නේ. නගරයට ලංවෙන්න ලංවෙන්න ඉන්නේ අතෘප්තිකර මිනිස්සු. ගමට ලංවෙන්න ලංවෙන්න ඉන්නේ සෑහෙන්න තෘප්තියකින් ඉන්න මිනිස්සු. මේ වෙනස මොකක්ද? ඒකට තමයි කියන්නේ අල්පේච්ඡතාව කියලා.
Deleteකියලා දෙන්න හරිම අමාරු, කිව්වට පිළිගන්නේ නැති (විවෘත ආර්ථික රටාවෙන් ඇස් අන්ධ වෙලා නිසා) නමුත් මිනිස්කම පිරිහී යාම කියන සමාජ පිළිකාවට ප්‍රත්‍යක්‍ෂ ඖෂධයක් තමා අල්පේච්ඡතාව.
අපි ජීවිත අරමුණු හැටියට අරන් තියෙන්නේ මොනවද කියලා තමන්ගේ හිතට එකඟව හිතලා බැලුවොත් තේරෙනවා. අද අපි ඉන්නේ ලොකු රේස් එකක. ඔන්න ඔය රේස් එකෙන් එලියට පනින්න පුලුවන්නම් ආපහු මනුස්සකම අපේ හිතේ වර්ධනය වෙනවා.
අද අපේ ජීවිත රටාව තීරණය කරන්නේ බහුජාතික සමාගම් නේද? පෝස්ට් එකක් ලියන්න තරම් කරුණු තියනවා.
නලින්ට ස්තුතියි මේ ගැන කතාකලාට
තරගකාරී,කාර්යබහුල,සංකීර්ණ,සමාජ රටාවක් වර්ථමානය වනවිට ඇතිවෙලා තියෙන්නේ.ඈත පිටිසර ගම්මානයක ජීවත්වන සරල ජීවිත ගෙවන ජනතාවකට උනත් අද මේ සමාජ රටාවෙන් ගැලවෙන එක පහසු කරුනක් නෙවෙයි.මොකද අද හුදකලා සමාජ ඇත්තේ නැ.එදා මූලික අවශ්‍යතා වලට අමතරව පැවතුනේ තවත් සුුලු අවශ්‍යතා කිහිපයක් පමනයි.නමුත් වර්ථමානය වනවිට මෙන්න මේවා සුලු අවශ්‍යතා කියලා වෙන්කරන්න බැරි තරමට සංකීර්ණ අවශ්‍යතා සපුරා ගන්න අපට සිදුවෙලා තිබෙනවා.ඒත් එක්කම කාලය කළමණාකරනය කරගන්නත් වෙනවා.නැත්තම් රේස් එක පරදිනවා.මේ සියල්ලෙන් වුනේ වගකීම් ටිකින් ටික පැහැර හැරි යාමක්.ඒක කවුරුවත් හිතලා කරනවා නෙවෙයි.මේ සමාජ රටාවට හුරු වීමත් එක්ක මනස හැඩගැහිලා තියෙන්නේ මේ තරගෙටත්.අනිත් සියල්ල තියෙන්නේ ඉන් පස්සේ.යම් විදියකින් මේ තරගෙට තමන්ගේ දරුවෝ,දෙමව්පියෝ සුලු මොහොතක හො හරස් වුනොත් ඒකට අපි පිළියමක් යොදනවා.ඩේ කෙයා,වැඩිහිටි නිවාස ඒක පිලිතුරක් විදියට අපිට පෙනෙනවා.
ReplyDeleteඑක් පැත්තකින් ගැටලු කිහිපයක්ම විසදුනත්,තව පැත්තකින් ගැටලු කිහිපයක් මතු වෙනවා.ළමා සංවර්ධන අවධියකදි දරුවකුට මාපියන්ගෙන් ලැබිය යුතු අවධානය ටිකින් ටික දුරස්වීමත් එක්කඇතිවන ගැටලු වගේ දේවල් තිබෙනවා.දරුවා මාපියන්ගෙන් වෙන්වුන හුදකලා බවට හුරුවුනාම මාපියන්ට සංවේදි නැති වෙනවා.ඉතින් මෙහෙම බලනකොට ගැටලු එකක් නෙවෙයි කිහිපයක්ම තියනවා බිලොග් පෝසට් එකක් ලියන්න තරම්.වැඩිහිටි මාපියවරුන් ගැනත් එහෙමයි.ඇත්තෙන්ම බලනකොට ඒක අංශයක් භෞතික සාධකත් එක්ක අපි ජයග්‍රහණය කරනකොට අපේ සමීපම,අවශ්‍යම කරන සමාජ සම්බන්ධතා,වල තවත් පැතිකඩක් බිද වැටිලා කියල පේනවා.
ඕවට ගන්න ලොකු ගාස්තුවක් ගත්තනං අහවයිනේ. මම නං කියන්නෙ ඒවා තියෙන්න ඕන... ඒවයේ පහසුකම් වැඩි කරන්න ඕන සුපිිරි විදියට.. නැත්නං දැං කාලේ අම්මල තාත්තල කියන්නේ දරුවන්ගේ ගෙයි මුුනුබුරොන්ගෙයි දැසි දැස්සෝ..
ReplyDeleteසහතික ඇත්ත, අපේ මිනිස්සුන්ට බාහිර වැඩ වලට වෙලා නැත්තේ එක්කෝ හැම එකම බදාගෙන ඉන්න හින්දා නැත්නම් වැඩේ කරන්න තියන වෙලාවේ ඒක කරගන්න බැරි හින්දා. පිට රටවල උන් හරියටම පහට ඕෆ් වෙනවා. හැබැයි උන් 8-5 අතරේ වැඩේ හරියටම කරනවා. උන්ගේ වැඩිහිටි නිවාස නිකන් හොටෙල් වගේ ගෙදරට වඩා සැපෙන් ඉන්න පුළුවන් ඒ වයසේ කට්ටිය එක්කම. හැබැයි අපේ රටවල පව්ල කියන එකේ බැඳීම වැඩි හින්දා අම්මලා තාත්තල ගොඩක් කැමතියි අන්තිම කාලේ දරු මුණුබුරෝ එක්ක ඉන්න. එතන ගැටළුවක් තියනවා......
Deleteමිනිස්සු සල්ලි පස්සේම දුවන්න් ගිහින් දැන් යාන්ත්‍රික වෙලා
ReplyDeleteබොහෝ විට කෘෂි කර්මාන්තය මත පදනම්වූ අතීතයේ, නැතහොත් ආසන්න වශයෙන් 70 දශකය වනතුරු, ලාංකීය සමාජය තුල තිබූනේ සරල සීමිත අවශ්‍ය තාවයන් පමණි. කුඹුරේ හේනේ වැඩ අවසන් වූ මිනිසාට පවුල , අසල්වාසීන්,නෑදෑයින් හා ගතකිරීමට,පන්සල ඇසුරු කිරීමට කාලය තිබුනි.පවුලේ සාමාජිකයින් අතර මෙන්ම නෑදෑ,අසල්වාසීන් අතරද බොහෝ සංවේදී සම්බන්ධතාවයක්,ළබැඳියාවක්, අන්‍යෝන්‍ය සහයෝගයක් නිර්ව්‍යාජ ගැමි සමාජය තුල තිබුණි. කාර්යාල සේවයේ නැතහොත් රාජ්‍ය සේවයේ නියුතු සීමිත පිරිසටද නියමිත කාර්යයන් නිසිලෙස කිරීමට අවකාශය තිබුනි.මන්ද අඩු ජනගහනය,සහ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් සීමිත වූ හෙයිනි.වර්තමානය වන විට, අධික ජනගහනය, සීමිත සම්පත්,ඉඩකඩම්, නවීන තාක්ෂනයේ ආක්‍රමණය,මිනිසා එහි වහලකු වීම,පාරිභෝජනය ඉහල යාමත් සමග, එතෙක් අවශේෂ සාධකයක් වූ මුදල් නමැති යක්ෂයා විසින් එතෙක් උන් නිර්ව්‍යාජ මිනිසාගේ සියලු සාරධර්ම වනසා මිනිසුන් නොමිනිසුන් නැතහොත් අනවරතව තරඟයට දුවනා යන්ත්‍ර බවට පත්කළ බව පෙනේ.
ReplyDeleteමම නම් එනදේකට මුන දෙන්න බලාගෙන ඉන්නෙ..
ReplyDeleteමාවයි සදුයි මහලු මඩමකට දැම්මොත් එපා කියන්නද?
This comment has been removed by the author.
ReplyDeleteසමාජය සංකීර්ණ වෙලා. මිනිස්කම පළුදු වෙලා. මුදල් හඹා යන ලෝකයක ළමයින්ට ළමා ලෝකයත්, වැඩිහිටියන්ට ඔවුන්ලේ ලෝකයත් අහිමි වෙලා.
ReplyDeleteඇත්තට මුහුණ දුන්නොත් මේ ලියන මටත් අවසන් කාලය වැඩිහිටි නිවාසයක ගත කරන්න සිද්ධ වෙන්න පුළුවනි. හැබැයි මට හිතෙන්නෙ ළමයින් වෙනත් කෙනෙකුගේ සෙවනෙ වැඩෙන්න නං ඇයි දරුවො හදන්නෙ. එතන තියෙන්නෙ ආදරයට වඩා ආත්මාර්ථකාමය.
මාපියන් මහලු මඩමක ගාල් කිරිමත්, මාපියන් විසින් තම දරුවන් ඩේ කෙයා එකක ගාල් කිරිමත් එකම මාදිලියක කටයුත්තක් ය.
ReplyDeleteසහතික ඇත්ත.
මේක නිකං තරාදිය බැලන්ස් කරනවා වගේ වැඩක්. එක පැත්තක් කොහොමහරි වැඩිපුර බර වෙනවා. අද මිනිස්සුන්ට මුදල් ද? පව්ලද කියල තෝරගන්න වෙනව.
ReplyDeleteළමයි ඉපදුන දවසෙ ඉදන් බදිනකලුත් බැන්දට පස්සෙ ඒ ගේණ ගෑණිගෙ වැඩත් ළමයි හම්බුණාම උන්නෙ වැඩත් අරකත් මේකත් හැම රෙද්දම කරන්න ඕන. අන්තිමට බලපුවාම ලයිප් එකම පුල්මාවලස් ස්ලේව් ලයිප් එකක්.
ReplyDeleteගම් වල ඔය තත්වෙ අඩු වුණත් දැං දැං මොහටත් පැතිරෙනව. ඔය බලුකූඩ කුකුල් කූඩු සීන් එක ඒවැයි උච්ච අවස්තා.
වැඩක් නෑ නලිං අය්යෙ. සිරාවට අපේ ලේ පිච්චෙනව විතරයි
තමන්ගේ තාත්තව බලු කූඩුවේ දාපු ගෑනිනම් මහ තිරිසන් වැඩක් කරල තියෙන්නේ. ඊටත් වඩා අප්පිරිය දේ තමයි ඒ ගෑනි තමන් කරපු දේ කිසි ගානක් නැතුව උජාරුවෙන් කියවපු එක.
ReplyDeleteකතාවක් තියෙනවා නලියයියේ ලෝකෙ ඉන්න වැඩි හරියක් මිනිසු හොඳයි ඒකට සාපේක්ෂව නරක මිනිස්සු ප්‍රමාණය අඩුයි ඒත් හොඳ මිනිස්සු තැන තැන විසිරිලා ඒ වෙනුවට නරක මිනිස්සු එකට එකතු වෙලා ඉන්නෙ කියලා. ඒ නිසාලු හොඳට වඩා නරක වැඩිපුර තියෙනවා පේන්නෙ....
ReplyDelete++++++++++++++++++
Delete//අද ඩේ කෙයා එකක වැඩෙන දරුවා මතු දිනක තම මාපියන් මහලු මඩමක දැමීම//
ReplyDeleteඇත්ත.මා පිය දූ දරු සබදතා අඩු වෙන එකෙන් මේක වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි වෙනවා........
//මාපියන් මහලු මඩමක ගාල් කිරිමත්, මාපියන් විසින් තම දරුවන් ඩේ කෙයා එකක ගාල් කිරිමත් එකම මාදිලියක කටයුත්තක් ය යන්න මගේ හැගීමයි.
ReplyDeleteමේ වචන ටිකට නම් එකඟ නැහැ
නලීන් අය්යේ මමත් පොඩි කාලෙ හිටියෙ ඩේ කෙයා එකක ඒ අම්මයි තාත්තයි දෙන්නම යුද හමුදාවේ රස්සාවක් කරපු නිසා එයාලට නිවාඩු අඩු නිසා හැබැයි ඒක වරදක් නෙවේ කියලයි මට හිතෙන්නේ ගොඩක් අම්මල ළමයින්ව ඩේ කෙයා එකට දාන්නෙ හදාගන්න බැරි නිසා නෙවෙයි රස්සාවත් එක්ක එයාල අසරණ වෙන නිසා. අද කාලේ තනි පඩියෙන් ජීවත් වෙන්න අමාරු නිසා අම්මටත් රස්සාවක් කරන්න වෙනව වෙන කිසික විකල්පයක් නැති වෙනකොට එහෙම කරන්නෙ. මම දන්න ගොඩක් අය එහෙමයි. හැබැයි අකමැත්තෙන් හරි ඒ හැමදේම අන්තිමට කරන්නේ ළමයි වෙනුවෙන්නෙ.හැබැයි ළමයි දෙමව්පියන්ව මහලු මඩම් වලට දාන එක මීට හාත්පසින් වෙනස් කොච්චර අමාරුවෙන් හරි අවුරුදු ගානක් දුක් විඳලා අම්මල ළමයි හැදුවනම් දෙමව්පියන්ගේ අවසාන මොහොතේ ඉන්නකොට ඇයි ළමයින්ට පොඩි හරි කැපකිරීමක් කරන්න බැරි.... මට හිතෙන විදිහට නම් සිද්ධ වෙලා තියෙන්නෙ සල්ලි පස්සේ දුවන නිසා මිනිස්සුන්ට මනුස්සකම අමතක වෙලා.දැන් කාලෙ අවුරුදු 20 පැන්න ගමන් එතන ඉඳන් මැරෙනකන්ම උදේ හවා අපි හුස්ම ගන්නෙ කාසි නෝට්ටු එක්ක අන්තිමට වටේ පිටේ ඉන්න යාලුවෝ නෑදෑයො නෙමේ අම්ම තාත්තත් වටිනාකමක් නැති නොවැදගත් දේවල් බවට පත්වෙලා මම දකින්නේ සමාජය ,මිනිස්සු පූර්වතාව දෙන්න ඕනෙ ,වටිනාකමක් දෙන්න ඕනේ මොනවටද කියල හරියට අවබෝධ කරගෙන නැහැ ....... :(
//මෙය අපේ වරදක් නොව ගෝලිය ජීවන රටාව නම් සිස්ටම් එකේ වරදකින් ඇති වූවකි.//
ReplyDeleteපළමුව, මම මේකට එකඟ වෙන්නේ නැහැ. හැබැයි මේ මගේ පෞද්ගලික අත්දැකීම් මත මම හිතන දේ. මට අත්දැකීම් ඇති කිසිම බටහිර රටක ලංකාවේ තියෙන මේ රෂ් එක මම දැකල නැහැ. ඔවුන් වැඩ කරන කාලය තුල එය කළා, ඉන්පසු නිදහස්. මළ ගෙදරක සතියක් ගතකිරීමනම් අනවශ්‍ය දෙයක් බවයි මගේ අදහස. ඒත්, නෑදෑයෙක් මිතුරෙක් හමුවීමට වෙලාවක් නැතිවීම ලංකාවේ පොදු අත්දැකීමක්නේ. මෙයට එක් හේතුවක් වන්නේ ලංකාවේදී රජයේ හෝ පෞද්ගලික ආයතනයක වැඩ කරන බොහෝ දෙනෙක් වැඩ 'අල්ලගෙන' සිටීම. අදාල පුද්ගලයා නැත්නම් වැඩේ කෙරෙන්නේ නැහැ. මම කැමති නැහැ මගේ වැඩේ වෙන කෙනෙක් කරනවට. එතකොට මගේ වටිනාකම අඩුවෙනවා. මෙයින් අන්තිමට වෙන්නේ මගේ නිදහස ඇහිරීම. මෙය එක් හේතුවක් පමණයි. බොහෝ රැකියා අගනුවර ආසන්නව කේන්ද්‍රගත වීම සහ ප්‍රවාහන පහසුකම්වල තත්ත්වය වගේ දේවලුත් තියෙනවා. බටහිර රටවල මිනිස්සුන්ට රැකියාවට බාහිර කටයුතු සඳහා අවශ්‍ය පමණ වෙලාවක් තියෙනවා.
//මාපියන් මහලු මඩමක ගාල් කිරිමත්, මාපියන් විසින් තම දරුවන් ඩේ කෙයා එකක ගාල් කිරිමත් එකම මාදිලියක කටයුත්තක් ය යන්න මගේ හැගීමයි.//
ලංකාව හා අදාලවනම් මේ කරුණ ඇත්තක් තමයි. එහෙත්, බටහිර රටක වැඩිහිටි කෙනෙක් මහළු මඩමක සිටීම බොහෝ විට ඔවුන් වඩා කැමති දෙයක්. මෙවැනි තැනක ඔවුන්ට සම වයසේ අය සමඟ කල්ගෙවීමටත්, වයසට අදාල කටයුතු වල යෙදීමටත් පහසුකම් තිබෙනවා. ලංකාවේදී බොහෝවිට වෙන්නේ දරුවන් සමඟ සිටිනවා කියා දරුවන්ගේ දරුවන් බලා ගැනීමනේ. බටහිර රටවල වෙන්නේ දෙමවුපියන් නොසලකා හැරීමකට වඩා ඔවුන්ගේ ස්වාධීනත්වයට ගරු කිරීමක්. දිවා සුරැකුම් යනු මට තරමක් අත්දැකීම් ඇති ක්ෂේත්‍රයක්. මෙතනදීනම් මගේ අදහස බටහිර සංස්කෘතිය තුල වුනත් දරුවන් දෙමවුපියන් සමඟ සිටීමට කැමති බවයි. මෙහිදී යම් අයුරකින් ඔවුන්ව ගාල් කිරීමක් වෙනවා. ඒත් එයට වඩා හොඳ විකල්පයක් ගැන මා දන්නේ නැහැ. ගැහැණුන් රැකියා නොකිරීම තවදුරටත් ප්‍රායෝගික අදහසක් නොවන නිසා මෙය දැනට ඇති හොඳම විකල්පයයි.
කාසි වලට ගන්නත් බෑ
ReplyDeleteකාසි වලට දෙන්නත් බෑ
මනුස්සකම මිනිස්සුනේ
කාසි වාසි ඇති අය ළඟ
බොහොම හිඟයි ගන්නට නෑ
මනුස්සකම මිනිස්සුනේ ...//
දිඹුල් ගහක් ළඟට ගිහින්
අඬන්නෙපා මල් ඉල්ලා
මරු කතරක් මැදට ගිහින්
අඬන්නෙපා දිය ඉල්ලා ...//
කාසි වලට ගන්නත් බෑ
කාසි වලට දෙන්නත් බෑ
මනුස්සකම මිනිස්සුනේ
කාසි වාසි ඇති අය ළඟ
බොහොම හිඟයි ගන්නට නෑ
මනුස්සකම මිනිස්සුනේ
දිය දෝතක් බොන්න ඕනා
දිය දෝතක් පිරුණු අතින්
මල් අහුරක් ගන්න ඕනා
මල් අහුරක් තියෙන අතින් ...//
කාසි වලට ගන්නත් බෑ
කාසි වලට දෙන්නත් බෑ
මනුස්සකම මිනිස්සුනේ
කාසි වාසි ඇති අය ළඟ
බොහොම හිඟයි ගන්නට නෑ
මනුස්සකම මිනිස්සුනේ ...//
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ත හිමි
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
නලින්, මේ ගැන හිතත්දි දෙපැත්තක් තියෙනවා. දැන් සමාජයේ දෙමාපියන් රැකියාවක් නොකර අපේ කාලෙ වගේ දරුවන් හදන්න හැකි වටපිටාවක් නෑ. අපේ කාලෙ අපි රැකියාව අත්හරලා දරුවන් ට උපරිම සෙනෙහස දෙන්න කටයුතු කලා. ආයෙ රැකියාවක් ගැන හිතුවෙ එයාලා වැඩිහිටියන් උනාට පස්සෙ. ඒ කැප කිරීම කරන්න අද ඉන්න අයට මේ තත්වයන් යටතේ අමාරුයි. අද දරුවන් බොහෝවිට යන්නෙ ඉන්ටර්නැෂනල් පාසැල් වලට. ඒවායෙ සාර ධර්ම කියාදිල්ලක් නෑ. ඒ අය බටහිර පන්නෙට දරුවන් හැඩ ගස්සන්නෙ. ඒ දරුවන්ට අම්ම තාත්තගෙ අගේ වැටහෙන්න විදිහක් නෑ. දවසම ඩේ කෙයාර් එකක හැදෙන් දරුවා හවසට ගෙදර එන කොට හෙම්බත් වෙලා. ඒ වෙලාවට අම්මයි තාත්තයිත් දරුවා එක්ක හුරතල් බස් දොඩන මානසිකත්වයක නෑ. ඉතින් වැඩිහිටියො උනාම එයාලගෙ හැසිරීම ගැන කුමන කතාද?
ReplyDeleteමොනවා වෙලාද මන්දා.. ළමයි.. වැඩිහිටියෝ විතරක් නෙවෙයි.. මම? ගිය මාසෙටම ගෙදර ඉන්න හම්බුනේ දවස් එක හමාරයි.. සක්..
ReplyDeleteනලිය පොස්ට් එකක් දානකන් හිටියේ උඹට 'කලාහිත' ලින්ක් එක දෙන්න.. හොයා ගන්න බෑ කියුවනේ.. 'කාලය හරස් කර ගන්නේ නැතුව' පුළු පුළුවන් වෙලාවට ඇවිත් යන්න වරෙන්.. ජය වේවා!
http://kalahitha.blogspot.com/
ප්‍රශ්නය තිබෙන්නේ ඩේ කෙයාර් වලට ළමුන් දමා සේවයට යෑම සහ වැඩිහිටියන් වැඩිහිටි නිවාස වලට ගාල් කිරීම තුල නෙමෙයි.
ReplyDeleteගෙදරක අම්මයි තාත්තයි දෙන්නටම රස්සාවක නිරතවෙන්න වෙලා තියෙන එක වෙනුවට කෙනෙක්ට ගෙදර ඉන්න කියල කියන එක ගැලපෙන්නේ නැහැ. ඒ වගේම දරුවා සහ දෙමාපියන් බලා ගැනීම සදහා සේවයට කෙනෙකු ගැනීමත් හැමෝටම කරන්න බැහැ.
මම යෝජනා කරනව අපි සමාජය හදා ගන්න ඕන සෑම ගමකම දිවා කාලයෙදි දෙමව්පියන්ව (වැඩිහිටියන්ව) සහ දරුවන්ව බලා ගැනීම සදහා විධිමත් ආයතන පද්දතියක් සකස්කරල සමාජය විසින් ඔවුන්ව සුරක්ෂා කරන ක්‍රමවේදයක්
මේ මාතලන්ගෙ පෝස්ට් නිසා මනුස්සයෙක්ට වෙන පෝස්ට් එකක කමෙන්ට් එකක් දාගන්න වෙලාවක් නෑ නලීන්
ReplyDeleteමගෙ කමෙන්ට් එක නෑනෙ බං.
ReplyDeleteසල්ලි හැමෝගෙම අයියා වෙලා...
ReplyDeleteඒකිනෙකා පරයා නැගීමේ අාසාව නැතිනම් ස්ටේටස් මේන්ටේන් කිරීමේ අවශ්‍යතාව නිසා මිනිස්කමත් කාලයත් අප ලඟ රැඳෙන්නේ නෑ දැන්. ඉස්සර මහ ගෙවල් වල සහෝදර සහෝදරයින් කීපදෙනෙකු ඒකට ජීවත් වුනා. ඔවුනට දරුවන් බලා ගැනීමවත් දෙමව්පියන් බලාගැනීමවත් මහ ලෙකු ප්‍රශ්න වූයේ නැහැනේ. අසල්වැසියන් සමග ඉතාමත් හොඳට සම්බන්ද කම් පවත්වා ගත්ත.
ReplyDeleteඒ්ත් අද මහගෙදරින්, ගමෙන් ගිය ඒකා ගමේ ගෙදර රැඳුනු ඒකාට වඩා බාහිරින් දියුණුයි කියන මතය හැදිල.
හොඳට හොයල බලන්න ඒක්තරා අාගමික අයට පමණක් දෙමව්පියන්ට දරුවනුත්, දරුවන්ට දෙමව්පියනුත් ප්‍රශ්නයක් වෙලා නෑ. ඒ් අාගමේ අය ඒක ගෙදර පවුල් දෙක තුනක් සමගියෙන් ජීවත් වෙනවා. ඔවුනගේ බාහිර දියුණුවත් ඒ වගේමයි.
පොන්න නලින් තාම පොඩි කෙල්ලන්ට ඔබන්නද ට්‍රයි එක ?
ReplyDelete