samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

aseසතුට සොයමින් සැරිසැරුවෙමි. නිවෙස තුළ, මිතුරු ඇසුර තුළ, රැකියාව අතර තුර, පත්තර පිටු අතර, සයිබර් අවකාශය තුළ සතුට සොයා සැරි සැරුවෙමි. 

අහෝ ! කොපමණ කාලයක් ද? අඩ සිය වසකට ඉතාමත් ම ආසන්න කාලයක් සතුට සොයමින් මා විනාශ කොට ඇත.

ගෙවා දමන ලද මේසා විශාල වූ කාල පරතරයේ ඔබට සතුට හමුවුණිදැයි මගෙන් විමසනු ඇත.


සත්‍ය ලෙසම මට සතුට හමුවී ඇත. මේ අඩ සියවස තුළ සතුට, සංතෘෂ්ටිය, සැප, මෙන් ම සංතාපය දුක කඳුළ වේදනාව ප්‍රශ්චත්තාපය බඳු වූ සියලු ම හැගුමන් මට හමු වී ඇත.

අනේක ගැහැට විඳිමින් කල් යල් මරා මා ලබාගන්නා සතුට ටික දිනකින්ම වේදනාවක් බවට පත්ව යන හැටි මම දුටුවෙමි. ඉඳින් මම එයින් බැහැරව ඒ වේදනාව මගහැරවමින් යළි සතුට සොයා ඇවිදිමි. සංසාරික චක්‍රය මහ පුදුමාකාර ය.

ජීවිතයේ කිසිම තැනක පරිසමාප්තියක් නොමැති බව දැන් දැන් වැටහෙමින් පවතී. අහිමි වීම  මත සතුට සැපත රදා පවතී. හිමි වීම පිටුපස අනිවාර්යෙන්ම දුක සංතාපය පැමිණේ.

මහා දාර්ශනික ඇල්බෙයා කැමූ සිය ශුන්‍යවාදය හරහා ප්‍රචලිත කරවූයේ ද මේ දහම ම නොවෙද? 

නූතන වාදය, ප්‍රශ්චාත් නූතනවාදය, මනෝවිශ්ලේෂනය මේ කුමන නමකින් කුමන උදාහරණ සහිතව අර්ථගන්නවන්නට හැදුවත් සත්‍ය සත්‍යයම මිස වෙනකක් නොවේ.

මේ ගැඹුරු න්‍යය ම නොවෙද බෞද්ධ දර්ශනය තුළින් ඉතාමත් සරලව පෙන්වා දී තිබෙන්නේ. සරළම පිළිතුර අප අසලම තිබිය දී අප ඇවිද ගොස් ඇති දුරක්.

ගිය නුවණ ඇතුන් ලවාවත් යළි ඇද්දවිය නොහැකිය. හරි අපුරු කියමනක්

බ්ලොගයෙන් ඇත්ව සිටි කාලය තුළ නොදැනුවත්වම පසුගිය තුන්වැනිදා තුන් වැනි වියද පසු කර ඇත. එදා මෙදා මා සමග නිබඳවම රැඳි ඔබ සැම මගේ ශක්තියයි.

57 comments:

  1. 26FA8E93-3B1B-4FAA-A921-83CA523675E3

    Mokak? Aatha buutha wage matanam. Eth bokketama wadina sira kathawak. Elaz..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔව් බං හිතට ආවට ලියලා දැම්මා

      Delete
  2. blogger_logo_round_35

    සමකය වටේ යන එක එදා ඉඳලම මා ප්‍රිය කල දෙයක්. නමුත් සමකය නැවතිලාද නැතිවෙලාද කියලා හිතාගන්න බැරුව හිටියේ. තුන් වැනි වසරට තුන් වරක් සුබ පැතුම්! සුබ පැතුම්!! සුබ පැතුම්!!!

    දිගටම ලියන්න නලින්.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      දැන් හරි විචා බොහොම ස්තුතියි සුබ පැතුමට. ලියමු ලියමු දැන්...

      Delete
  3. ds

    ඇලීම දුකට හේතු වෙයි..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කොච්චර නොඇලි ඉන්න හැදුවත් ඇලෙනවා දේශෝ

      Delete
  4. unnamed

    තුන් වරක් සුබ පැතුම්.. අපේ සතුට සමකය වටේ කියවීමයි.. අපිටත් එම සතුට ලැබේවායි පතමි..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බොහොම ස්තුතියි මිත්‍ර

      Delete
  5. 1+-+Copy

    සුභ පැතුම් සමකය වටේට සහ උඹට. උඹ සමකය වටේ යන හන්දද කොහෙද වෙන්නැති වැඩිය ලියන්නේ නැත්තේ

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      පහුගිය ටිකේ ටිකක් ඇවිද්දා නම් තමයි. සුබ පැතුමට ස්තුතියි මචෝ

      Delete
  6. .com/img/b/R29vZ2xl/AVvXsEimmeVm1MXGlxNctTWbQ0oEMq-EePUlDOqIF20XgWrQYC-oxS7w5c_cQRCnsUYOEp1d_tT-95rYilNNs3j5ujSyYwYLzXIy0vGOGMfwSu9KnLx7Fhcd8GPsVoBp-IZ7HPM/s45-c/

    බිංදුව තමා අර්ථ දක්වන්න අමාරුම දේ..
    කොයි විෂයේදී වුණත්..
    මේකට සංඛේතයක් ['0'] හදාපු ඈයෝ වෘත්තයක් යොදාගන්න ඇත්තෙත් හේතුව ඇතුව නේද?

    ReplyDelete
    Replies
    1. blank

      ඒකෙත් හැටි කෙළවරක් නැති බිංදුව

      Delete
    2. blogger_logo_round_35

      බින්දුවෙන්ම පටන් ගමු.

      Delete
  7. 11.06.2015+02+4r
  8. blogger_logo_round_35

    උපන්දිනයට සුභ පැතුම්..... නලීන් සහෝ....... දිගට ම ලියමුකෝ... පුළු පුළුවන් වෙලාවට ලියමුකෝ.... අැත්තට ම අපි අාපු කාලේ අපිත් ඒක්ක හිටපු ගොඩක් අය දැන් බ්ලොග් ලෝකයෙන් අයින් වෙලා...... ඉතින් නලීන් දිගට ම ඉන්න කියලයි ඉල්ලන්න තියෙන්නේ..... දිගට ම ලියමු..... ජයවේවා

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බ්ලොග් පැත්තේ ගැවසෙන කාලය වැඩි කරමි

      Delete
  9. blogger_logo_round_35

    නලින් ඔන්න මේ පාරනම් සතුට සොයා ගෙන වගේ. මමනම් ඔය ඇල්බෙයා කැමූලගේ ශුන්‍යවාදයට විරුද්ද තැනක ඉන්නේ. බුද්දාගමෙත් සමහර පසුගාමී අදහස් තියෙනවා කියලයි මම හිතන්නේ. පුංචි පුංචි දේවලින් සතුට හොයා ගැනීම හා ජීවත් වීමේ සටනේ ඇති සතුට ගැන මම ඊට වඩා විමසිල්ලෙන් ඉන්නවා.
    ඉතින් උඹේ තුන් වන උපන් දිනයට උණුසුම් සුබ පැතුම් !! ( හා මට ඊයේ උඹව මතක් වුනා අද ඒ ගැන පෝස්ට් එකකින් ලියන්නම් )

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ලියමු ලියමු ඒ ගැන. දැන් දිගටම මේ පැත්තේ ගැවසෙනවෝ

      Delete
    2. blogger_logo_round_35

      ලියමු ලියමු ඒ ගැන. දැන් දිගටම මේ පැත්තේ ගැවසෙනවෝ

      Delete
  10. DSC002481

    බ්ලොග් එක කෙසේ වෙතත් උඹ නං සමකය වටේ යන හැටි බුකියෙන් පේනව. තුනට සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      +++

      සංචාරක අමත්‍ය "නලින් දිල්රුක්ෂ"මැතිතුමා :D

      Delete
    2. blogger_logo_round_35

      දැන් බුකියෙන් ඉවත් වුනෝ

      Delete
  11. 26167121_1955698251347682_217477604491202866_n

    සුබම සුබ පැතුම් මගෙනුත් අපේ නලින් ට...

    බුකියේ නැතුව බ්ලෝග ඇතුලේ ආපහු සෙට්වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ස්තුතියි වීභී... බුකියෙන් සමු ගත්තා මචෝ

      Delete
  12. photo

    බ්ලොග් ආදිවාසී පූර්ණකාලීන බුකිවාසී නලින්ට සමකය වැටේ යන්නට මතක්වී ඇත.තුන නැත්නං මෙහෙම දකින්නට ලැබෙන්නේ වත් නැත.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔන්න පේනවනේ තුනේ වටිනකම හැලප අයියේ

      Delete
  13. blank

    අයියා ඊයේ කතා කරද්දී ටිකක් අවුට් ගිහින් හිටියට බ්ලොගේ ආයේ ලියනවා කියපු එක නම් මට තාම මතකයි. කැමති නම් නෙට් එකේ බලන්න ,, "දේශනාකාරයා " කියලා ශුද්ධ බයිබලයේ පොඩි පොතක් තියෙනවා .. ඒක පුරාම හරිම රසවත් විදියට මේ දහම ලියවිලා තියෙනවා...
    දේශනාකාරයා 11; 09 කියනවා තරුණ කාලේ ඒ සතුට විඳින්න,, නුඹේ ජීවිතය සතුටින් ජිවත් කරන්න කියලා.. ඒ වගේම ඊලග පරිච්චේදය තුල කියනව ජීවිතේ නිස්සාර කම.. ප්‍රස්ථාව අල්ල ගන්න සතුටින් ජීවත්වෙන්න උත්සහ කරන්න,,, බලෙන් හිත අකමැති දේ නොකර මාංසයට දුක් දෙන්න එපා අයියේ... මාළු දැලට අහුවෙන මාළු දන්නේ නෑ ඒ උන්ගේ ජිවිතේ අවසානේ කියලා,, අපේ ජිවිතත් එහෙමයි අපි දන්නේ නෑ කවදද කොතනද කියලා ඒ නිසා මං නම් කරන්නේ එදිනෙදා සතුටින් ජිවත් වෙනවා..

    සූප සාස්තර ,,, එක එක සවාරි ගැන fb පිංතුර පෝස්ට් දකිද්දී මං බලාපොරොත්තු වුණා ඔයා ඉක්මණින්ම fb එකෙන් ඈත් වෙනවා කියලා... සතුටුයි..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හරිම පුදුමාකාර යි ජීවිතය

      Delete
    2. blogger_logo_round_35

      හරිම පුදුමාකාර යි ජීවිතය

      Delete
  14. photo

    තුනට සුබ පැතුම්, කොහෝම් වුනත් සතුට හොයාගෙන යන්න එපා, සතුට ඔයාව හොයාගෙන එයි

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ස්තුතියි , ඔබ හරි

      Delete
    2. blogger_logo_round_35

      ස්තුතියි , ඔබ හරි

      Delete
  15. blogger_logo_round_35
  16. 564055_3860779430666_1978721177_n

    අයියණ්ඩි උඹේ බ්ලොගය ඉතා ආසාවෙන් කියවපු එකක්. ඒක පාළුවට යවන්න එපා.

    ReplyDelete
  17. blogger_logo_round_35

    පිළිතුරු ලියන්නට Reply බොත්තම එබෙන්නේ නැති ලෙඩක් හැදී ඇත. මගේ පමණක් නොව අන් බ්ලොක් කීපයකද ඒ තත්ත්වය දුටිමි.

    ReplyDelete
    Replies
    1. blank

      මේ තියෙන්නේ අනා

      Delete
    2. blogger_logo_round_35

      ලැපෙන් දානකොට අවුලක් මට.

      Delete
  18. .com/img/b/R29vZ2xl/AVvXsEgQyHOoZmIjRJarb2znExVTdt5o14qaRlU1fJh2OQdhaQ46Qp-SFyTqI4bwjvQReHvQNNgNSJzCvaKdBztk51UY5nx1Q2AOvaaqLcU5UdKM7UB0M6Et2FFZnVmBxEg8Rrw/s45-c/

    සුභපැතුම් නලින් අයියේ!!

    ReplyDelete
  19. 29472859_1646887432064557_5693423662783266816_n

    බුකිය වගේද බං බ්ලොග් ඔන්න ඔහේ ලියහං මොනවහරි

    ReplyDelete
  20. blogger_logo_round_35

    සිංහයත් නැගිට්ටා... නලියත් නැගිට්ටා....
    ඕං ඔහොම යං අප්පා.. ජයවේවා!

    ReplyDelete
  21. MyPhoto

    බුකියෙන් ඈත් වුණ එක හොඳයි. මෙතන පුරුදු පැලනේ, තියෙන දෙයක් කාලා පුළුවන් විදියට ඉමු. තුන්වන සැමරුමට සුබ පැතුම් !!! දෙක සහ තුන අතර එක පොස්ට් එකක්වත් දැම්මද ?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ස්තුතියි ,දෙක තුනක් පමණයි

      Delete
  22. blogger_logo_round_35

    බුකිය වගේද මේක... ආයේ ලියපන් අයියේ බුකියෙන් ගත්ත අත්දැකීම් එක්කම.... :v

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔව් ඔව් ඒ සේරම ලියැවේවි...

      Delete
  23. Dracula-ChrisLee

    තුනට හදවතින්ම සුභ පතනවා නලීන්... !

    සතුටින් ඉන්න මිනිහෙක්ගෙ කමිසය ඇඳගන්න ඕනෙ වුන රජ්ජුරුවො ගැන කතාව මතකද?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මතකයි මතකයි ඩ්‍රැකියෝ

      Delete
  24. 91

    මං බැලුවා ඒත් උඹ කොහෙද අන්තර්ස්දහන් උනේ කියලා. හමුවෙන්න මෙතන හරි තියෙන එන ලොකු දෙයක්

    සහෝදරත්වයෙන් වැළඳ ගමි

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ස්තුතියි දිමුතු අපි හමුවෙමු මෙතැනදි

      Delete
  25. .com/img/b/R29vZ2xl/AVvXsEifNuUtK_aZoZCo9smGghd3F_vne-twT8G-z8VHyhthAo-GeFP2L6_0KcifoKCflNRaGindf-90jO3WQ4dNosRF6vdC85x6HoulC2P8xpcc9PEhIyd05nzaUj_3OKam1Q/s45-c/

    සුබ පැතුම් නලින්. මා කලින් දාපු කොමෙන්ටුව වැටී නැහැ. සතුට සොයා යාම සංකීර්ණ කරුණක් නේද?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අතිශය සංකීර්ණ කරුණකි. අද ඔබේ පෝස්ටුවෙන්ද මා ඒ ගැන දුටුවෙමි.

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT