60 – 70 ගණන්වල ස්වදේශික උගතුන්ගේ එක් මෝස්තරයක් වූයේ ගම අමතක වීම ගැන ප්‍රබන්ධ ගෙතීම ය. උපන් ගම හා ඥාතීන් අමතක කොට සිදාදියට හෝ පිටරටකට හෝ ගිය ඇත්තන්ගේ හුදෙකලාව, තනිකම හා ශෝකය එකී නිර්මාණ ඔස්සේ ප්‍රකාශ විය.
සන්නස්ගල ඊට ම අලුත් ඇඳුම් අන්දවා “අම්මා” මඟහැරුණු බවක් කියන්නට යයි. අපේ අම්මා පොදු අම්මා බව ද ඔහු කිය යි. මේ ප්‍රබන්ධය කියවාගෙන යන විට දැනෙන දෙය නම්; මෙහි දී ද සනාට අම්මා අමතක වී ඇති බව ය. තමාගේ පුරාජේරුව නිසා සනාට අම්මා මඟහැරෙයි. එහෙත් හදිසියේ ම සිහි වී නැවත අම්මාට විවරණ සපයයි. කෘතියේ ඇතැම් පරිච්ඡේදවල අග කියවන විට එය පැහැදිලි වේ.
මේ කෘතියෙන් මුදාහැරෙන්නේ කතුවරයාගේ වේදනාව හා වෛරය මිස අන් දෙයක් නො වේ. එය සංවාද හතරක් ඔස්සේ තේරුම් ගත හැකි ය.
(I) කුඩා අවදියේ කුසගින්න හා පීඩනය පිළිබඳ අත්දැකීම.
(II) සතුරාට පහරදීම හා අභියෝග කිරීම පිළිබඳ අත්දැකීම.
(III) කතුවරයාගේ අනාගත සිහින පිළිබඳ අත්දැකීම.
(IV) යම් ඉලක්කයක් පසුපස හඹා යන කතුවරයා එහි ම අතරමං වීම පිළිබඳ අත්දැකීම.
උපුල් ශාන්ත සන්නස්ගල |
සනාගේ ළමා අවදිය දැක්වෙන්නේ අබ්බගාතයකු, පස්ස බිම ඇදගෙන යන දරුවකු ආදී ලෙසින් ය. එය සිදුවිය හැකි ය. එහෙත් මේ තරම් හාමතක්!? මේ තරම් කුසගින්නක්!? ඌව පළාතේ ගොවි පවුල්වලට ඔය කියන තරම් කෑම හිඟයක් තිබුණේ නැ. කතුවරයා කියන හාමතට අනුව සනා ඒ කාලයේ ම මිය යා යුතු ය. මේ අතිශයෝක්තියෙහි ඉලක්කය වන්නේ තමා වීරයකු බව පෙන්වීම ය.
ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන් ද මෙබඳු දේ කළේ ය. ඔහු තමාගේ ළමා අවදියේ අත්දැකීම් අමෙරිකන් ලේඛකයන් ලවා රහසේ ලියවා ගත්තේ ය. සදාම් උපන්නේ ටික්රිට් හි අල් අයූජා නම් ගම්මානයේ කාලකණ්ණි පවුලක ය. ඔහු ඉපදෙන්නටත් පෙර පියා මව හැර ගොස් තිබිණි. මව ගර්භණී සමයේ ම දිවි නසාගැනීමට තැත් කළත් එය සාර්ථක වන්නේ නැත. අවසන ඊබ්‍රාහිම් හුසේන් නම් මුස්පේත්තු බාප්පා සමඟ ජීවත්වන්නට සදාම්ට සිදු වේ. බාප්පා ඔහුට බැල්ලිගෙ පුතා යැයි කියමින් පස්සට පයින් ඇන්නේ ය. බැටළුවන් දැක්කීමට බලහත්කාරයෙන් යැව්වේ ය. රොටී බඳුන උදුරා ගත්තේ ය.
සදාම්ගේ ගමට ඔබ්බෙන් මනහර ටයිග්‍රීස් ගංඟාව ගලා ගියේ ය. ටික්රිට් සිට මොසුල් දක්වා දිවෙන දුම්රිය මාර්ගය මේ ගම ආසන්නයෙන් ඉදිරියට ඇදී ගියේ ය. එහෙත් කිසිවක් විඳගැනීමට ඔහුට ඉඩක් නො ලැබිණි. සදාම් ජීවත්වූයේ වේදනාව හා වෛරය පොදි බැඳගෙන ය. ඔහු නිවසින් පැන ගොස් මාමාට එකතු වී පසුව හමුදා පුහුණුව ලබයි. නීතිය හදාරයි. කුමන්ත්රණයකින් රටේ බලය ද අල්ලා ගනියි. ඉක්බිති ඔහු කරන්නේ ද වේදනාව හා වෛරය මුදා හැරීම ය. සතුරාගෙන් එළව - එළවා පළිගැනීම ය.
සදාම් දුක දිනා ජයගත් මිනිසකු වුව පරිණත නායකයකු වූයේ නැත. එබැවින් ඔහු විනාශයට පත් විය. සන්නස්ගල ගමන් කරන්නේ ද විනාශකාරී මාවතක් වෙත ය. ඔහු සතුරාට ගරහයි; අභියෝග කරයි. නගරයට පැමිණ ජයග්‍රහණ අත්පත් කරගත් සන්නස්ගල ශිෂ්ට මිනිසකු බටව පත් ව ඇතැ’ යි කියන්නේ නමුදු එවැන්නක් පෙනෙන්නට නැත.
“මට ගූ ගහන්න ගොඩක් එවුන් පෙළගැහිලා ඉන්නවා. උන් ඉන්නෙ ලස්සනට මාධ්‍යවලින් වෙස් පොරෝගෙන; ඇඳගෙන; මුනිරූප හදාගෙන. මං හිතුව උන් ගූ බාල්දි අරන් එද්දී මං ගූ ලොරියක් නාල හිටියොත් හොඳයි කියලා”
(පිටුව - 51)
කතුවරයා ජීවත්වන්නේ භීතියකින් හා සැකයකින් ය. එය පහකර ගනු වස් ඔහු හතර අතට පහර දෙයි. සටනකට අර අඳියි. ඇතැම් විට මේ ඔහු කුඩා අවදියේ වින්ඳා යැයි කියනු ලබන පීඩනයේ ප්‍රතිඵලය විය හැකි ය. ඇතැම් ප්‍රභූ චරිතවලට කතුවරයා පහර දෙන්නේ ද සිත්පිත් නැති විලාසයකින් ම්ලේච්ඡ ලෙස ය.
“ඔය කාලෙ තමයි හපුතලේට අර අකුරු තුනක් තියෙන තක්කඩියා ඡන්දෙ ඉල්ලන්න ආවෙ. ඌ අවුරුදු තිහක් හපුතලේ හිටියා. ඊට පස්සෙ ඌගෙ පුතා දැම්මා. දැන් අවුරුදු තිස් පහක්. ඔය කාලේ පතන් බිම්වල හිටපු උන් ගොඩ ආවා. ඔය අයිනෙ සැප වින්ද කුඹුරුකාරයො කසිප්පු ගැහුවා. උන්ට අනුව ආශ්චර්ය තිබුණේ ගැඹුරේ නො ව අඳුරේ ය. අපට අනුව, ආශ්චර්ය තිබුණේ අද්දර නො ව ගැඹුරේ ය. ගැඹුර යනු පාතාලය යි. සානුවේ පතුලයි.”
(පිටුව - 93)
දේශපාලකයන් වෙනුවෙන් පන්දම ඇල්ලීමට වුවමනාවක් අපට නැත. එහෙත් කතුවරයා හිටිහැටියේ තම කතාවට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයකු උපුටා දක්වමින් ඔහුට පහර දෙන්නේ කුමටදැ’යි ගැටලුවක් අපට ඇති වේ. ඔහු මේ ලියන්නේ අම්මා ගැන දැ’යි ගැටලුවක් ද අපට ඇති වේ. සනා ගේ මේ ලියැවිල්ල බෙහෙවින් දුෂ්ට ය. අකාරුණික ය. අපරිණත ය. ඔහු ඊට යුක්ති - යුක්තභාවයක් දීම සඳහා තවත් කපටිකමක් ද යොදයි.
“මම මගේ පරිකල්පන සීමාව හැර භූත තහංචි සියල්ල පලවා හරිමි. දැන්; මට නො සඟවා ලිවිය හැකි ය. ස්වයං - වාරණයක් නැත. ලේඛකයකුගේ පරිකල්පනීය සීමාවට තහංචි පැනවීමට දෙවියන් වහන්සේට වත් නො හැකි ය. එහෙයින් ම මම ලියමි. දැන් ඉතිං මහ රජ්ජුරුවන්ටවත් මට තහංචි පැනවිය නො හැකි ය.”
(පෙරවදන)
පරිකල්පනයට තහංචි නැති බව සැබෑ ය. එහෙත් පරිකල්පනය මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රති-නිර්මාණය වන විට ඊට තහංචි තිබේ. සදාචාරාත්මක සීමාව එකකි. නීතිය තව එකකි. සම්ප්රදාය තවත් එකකි. උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ උපාය මාර්ගයට රැවටෙන්නට තරම් පාඨකයා මෝඩ නැත.
පළිගැනීම, පහරදීම, අපහාස කිරීම හා වෛරය මුදාහැරීම මේ පොත පුරා ම සටහන් වී තිබේ. ඒ සඳහා ඔහු අලුත් උපාය මාර්ග සකසන බවක් ද පෙනෙන්නට තිබේ. කතුවරයාගේ ළදරු සිහින යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා කරන අරගලයේ දී ඔහුට බාධා කරන අය හා තහංචි දමන අය අසරණ ව ඔහු මුණගැසෙති. ඒ පිහිටක් අපේක්ෂාවෙන් ය. ඔහු මෙබඳු සිදුවීම් විග්රහ කරන්නේ ගහට - ගහක් මොරටුවේ දී නො ව; කුලියාපිටියේ දී හෝ මහනුවර දී හෝ හමුවිය හැකි බව පුන - පුනා කීමෙන් ය. එහි අර්ථය වන්නේ මගේ සතුරාට මා කවදා හෝ පහර දෙනවා යන්න ය.
“මම ඉන්නේ වෛරයෙනි; සමාජ වෛරයෙනි. මා මට ද වෛර කරගත්තේ එහෙයිනි. එදා ළමා කාලයේ මගේ සිතිවිලි ගැන මට අද පුදුම සිතෙන්නේ ද නැත. එකී සිතිවිලි ගැන සමාව ඉල්ලා පාපොච්චාරණය කළ යුතු ද නැත. ස්වයං විවේචනය මා නිවැරැදි කරමින් තිබේ.”
මෙහි ඇති ස්වයං විවේචනයක් නැත. ස්වයං විවේචනයකින් කතුවරයා නිදොස් වෙමින් සිටින බවක් ද පෙනෙන්නට නැත. ඔහු සිය සහෝදරයන් විවේචනය කරයි. ඔවුනට චෝදනා පත්‍ර ලබා දෙයි. ඒවායෙහි කිසිදු තේරුමක් නැත. සිදුවන්නේ චරිත ඝාතනය පමණි. සිය වැඩිමහල් සහෝදරයකු තමාගේ ම සහෝදරියක දූෂ්‍ය කළ බවක් ද ඇයගේ විවාහ ජීවිතය කඩාකප්පල් කළ බවක් පොතෙහි සඳහන් වේ. මෙබඳු සිදුවීම් හුවා දැක්වීමෙහි අදහස කුමක් ද” එක්කෝ මං සුදනා වීම ය. නැතහොත් නිදහස් ලියවිල්ලක් තමාට ඇතැ’ යි පෙන්වා වීරයකු වීම ය.
ගෝර්කිගේ අම්මා සම්භාවන් කෘතියක් සේ සලකා පසෙකින් තැබුවහොත්; මාත කාලයේදී අම්මා ගැන ලියවුණු තවත් කෘති ගණනාවක් අපගේ අවධානයට ලක් වී තිබිණි. උපාලි සමරසිංහගේ “අම්මා” නම් වූ පුවත්පත් ලිපි එකතුව, ගුණරත්න ඒකනායකගේ “අම්මා” නවකතාව, ඇමැති ඩිලාන් පෙරේරා හා ඔහුගේ සොහොයුරිය එක් ව ලියන ලද උපහාර ග්‍රන්ථය හා Amy Hatveny විසින් ලියන ලද “Heart time mine” පෙන්වා දිය හැකි ය.
මේ ප්‍රබන්ධවල මූලික අභ්‍යාසය වන්නේ මව හා දරුවා අතර ඇති ගැඹුරු සම්බන්ධතාව සූක්ෂ්ම ලෙස නිරූපණය කිරීම ය. අම්මා කවුද? දරුවා කවුද? යන්නත් ඔවුන්ගේ ගැටලු හා අපේක්ෂා කවරේද යන්නත් ඉහත කෘතිවලින් උගත හැකි ය. සන්නස්ගලගේ අම්මා කෘතියෙහි සිදුවීම් පෙළගැසෙන්නේ අම්මා කවුද යන්න හඳුනා ගැනීමට නො ව; පුත්‍රයා කෙරුමා කිරීමට ය.
මේ කෘතියෙහි යහපත් ලක්ෂණ කිහිපයක් ද දකින්නට ලැබේ.
(I) හොඳ ගුරුවරු හඳුනාගැනීම.
(II) ඇතැම් තැනක යොදන නිර්මාණාත්මක භාෂාව
(III) ජීවිතය සොයන්නකු හමුවීම.
පුංචි උපුල් ශිෂ්‍ය නායකයකු බවට පත් වන්නේ විදුහල්පතිවරයා යුක්ති සහගත ලෙස තීන්දුවක් ගන්නා නිසා ය. ඔහු කියා සිටින්නේ හොරාගේ පුතා හොරකු ම විය යුතු නැති බව ය. ඔහු අනාගතය දකින ගුරුවරයෙකි.
කතුවරයාට ඇත්තේ භාවපූර්ණ භාෂාවකි. ඔහු වරෙක ඉතා සන්සුන් ව ඉන් වැඩ ගනියි. තව වරෙක ඔහු අමු තිත්ත කුණුහරප කියමින් අශෝභන දේවල් සඳහා භාෂාව යොදවයි. උපුල් ශාන්ත සන්නස්ගල යනු ඉතා සාර්ථක සිංහල ගුරුවරයෙකි. ඒ ගැන වාදයක් නැත. එහෙත් මේ ගුරුවරයාට යටින් සිටින ව්‍යාපාරිකයා ඒ තරම් හොඳ නැත.
අන්තිමේ මේ කෘතියෙන් සොයන්නකු ද සම්මුඛ වේ. ඔහු ජීවිතය සොයයි. ජයග්‍රහණ සොයයි. තෘප්තිය සොයයි. විමුක්තිය සොයයි. ඒ අතර සතුරන් ද සොයයි. මේ මාර්ගයේ යන කථකයා අවසන් ලෙස පැවිදි වන්නටත් බැරි නැත.
රන්ජන් අමරරත්න
//එහෙත් මේ ගුරුවරයාට යටින් සිටින ව්‍යාපාරිකයා ඒ තරම් හොඳ නැත.//
ReplyDeleteමේක විතරක් පොත ගැව කිව්වනං ඇති වගේ සදාම්වත් පටලවානොගෙන.. හැක්..
මමත් මේ උපුල් ශාන්තගේ 'අම්මා' කියන පොත දැක්කා පොත් ප්‍රදර්ශනයේ අලෙවියට තබා තිබෙනවා. ගොඩක් අය රැස් වෙලා ඒක මිලට ගන්නවත් දැක්කා. ඒත් මට ඒක ගන්න උනේ නෑ. නමුත් මේ බ්ලොග් එකේ ලිපිය දැක්කම මට හිතුනා ඒ පොත මිලට අරං කියෙව්වොත් හොදයි කියලා. අද හවසට මරදාන පැත්තෙන් යනකොට බලන්න ඕනි පොත මිලට ගන්න.
ReplyDeleteමේ ලිපිය ලියු රන්ජන් අමරරත්න නමැති මහතාට ස්තුතියි කියවන්න හිතෙන පොතක් ගැන දැනුම දුන්නට. නලින්ටත් ස්තුතියි.
මම පොත් ගැන විචාර නොලියන නිසා, මේ ගැන නොලියා හිටියා. ඒත් ඌවේ ප්‍රථිපලත් එක්ක ලියන ලිපියකදි මේ ගැන ලියවෙයි. මේ විචාරය ලිව්වේ මම කියලා හිතා ගත්තට අවුලක් නෑ..
ReplyDeleteඑහෙම නම් ඔබ මේ කරුනටත් එකග වෙන්න එපාය
Delete//පරිකල්පනයට තහංචි නැති බව සැබෑ ය. එහෙත් පරිකල්පනය මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රති-නිර්මාණය වන විට ඊට තහංචි තිබේ. සදාචාරාත්මක සීමාව එකකි. නීතිය තව එකකි. සම්ප්රදාය තවත් එකකි. //
මෙහෙම දැක්මක් ඔබට නැහැ නේ
ඔබ සයිබර් අවකාෂය පුරා අඬ අඬ යන පෝස්ටුව පිළිබඳ මගේ මතය මම ප්‍රකාෂ කර ඇත. දැන්වත් නරා වලෙන් ගොඩ එන්න. දැන් හිටියා ඇති.
Delete//ඔබ සයිබර් අවකාෂය පුරා අඬ අඬ යන පෝස්ටුව පිළිබඳ මගේ මතය මම ප්‍රකාෂ කර ඇත. දැන්වත් නරා වලෙන් ගොඩ එන්න. දැන් හිටියා ඇති.//
Deleteමම මෙතන කියන්නේ ඒ පොස්ට් එක ගැන නොවේ මේ පොස්ට් එක ගැනයි. මම කමෙන්ට් එකෙන් අහපු දේ මගහැරලා මාරුවෙලා යන්න හදන්නේ ඇයි
බොහෝ අයගේ අතින් සමාජ වෛරය දන්නෙම නැතිව එලියට බහිනවා ලිපි ලියන විට. සන්නස්ගලගේ බලලාත් මල්ලෙන් එලියට පැනලා ඔහුටත් හොරා.
ReplyDelete//පරිකල්පනයට තහංචි නැති බව සැබෑ ය. එහෙත් පරිකල්පනය මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රති-නිර්මාණය වන විට ඊට තහංචි තිබේ. සදාචාරාත්මක සීමාව එකකි. නීතිය තව එකකි. සම්ප්රදාය තවත් එකකි. //
අපේ මහා ලොකු බ්ලොග් කාරයෝ කිහිප දෙනක් ඉන්නවා බ්ලොග් කියන්නේ පුරවැසි මාධ්‍ය කරණය තමන්ගේ බ්ලොග් එකේ තමන්ට ඕන දෙයක් ලියන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න. ඔය කතාව ඔවුනුත් හිතට ගන්න ඕන මෙන්න මම එවැනි කෙනෙකුට කමෙන්ට් එකකින් දීපු දීපු පිළිතුරක්
මගේ අලුත්ම ලිපිය.
ජාතිවාදයේ මුල පිළිබඳවයි. කියවන්න එන්න මෙතන ක්ලික් කරන්න
//බොහෝ අයගේ අතින් සමාජ වෛරය දන්නෙම නැතිව එලියට බහිනවා ලිපි ලියන විට. සන්නස්ගලගේ බලලාත් මල්ලෙන් එලියට පැනලා ඔහුටත් හොරා.//
Deleteවිවේචකය (අමරරත්න) ගෙ බළලා එතකොට?
විවේචකය (අමරරත්න) ගෙ බළලා එතකොට? එකත් එලියට පනින්න පුළුවන්. සන්නස්ගල ගැන දන්න නිසා එලියට පැනපු බව පේනවා නමුත් අමරරත්න ගේ චරිතය දන්නේ නැති නිසා ක්කියන්න බැහැ
Deleteසන්න නන්න වෙයිද...???????????
ReplyDeleteමට තාම කියවන්නබැරි වුණා.. බුක් ෆෙයා ගියත් පොත අතටමදුන්නත් මට ගන්න හිතුන් නෑ...
අනේ මංදඇයි කියල... පොත කියවලු නැති න්ද මේ ගැන මොනවත් අදහසක් කියන්න බැරි එක ගැන කණගාටුයි
පොත ගෙනවා කියවලා බලන්නම්.
ReplyDeleteඋපුල් ශාන්ත සන්නස්ගලගේ චරිත ස්වභාවය ගැන මෙතෙක් කල හොඳම විග්‍රහය මෙය බව පෙනෙනවා. අමරරත්නට ස්තුතියි. නිර්ව්‍යාජව සහ අවංකව අදහස් දැක්වීම පිළිබඳව.
ReplyDeleteමාත් කැමතියි මේ විචාරයට.... මොකද අපේ හිතේ ඉන්න පැන්ටසි කාරයාට නේ පහර දෙන්නේ...
DeleteThis comment has been removed by the author.
Delete//අමරරත්නට ස්තුතියි. නිර්ව්‍යාජව සහ අවංකව අදහස් දැක්වීම පිළිබඳව.//
Deleteඔබ මේ විචාරයට කැමති පමණින්, මෙහි පවතින අදහස් නිර්ව්‍යාජ සහ අවංක බව උපකල්පනය කරන්නේ කෙසේද? මෙහි අදහස් නිර්ව්‍යාජ සහ අවංක බව කීමට ඔබ සන්නස්ගලගේ ජීවිතය හොඳින් දන්නා මෙන්ම මේ පොත සිහියෙන් කියවූ කෙනෙක් විය යුතුය. ලිපියක් දුටු පමණින් තමන් දැමු පාට කන්නාඩිය ට සාපේක්ෂව ඒ දෙස බලා එය තීරණය කිරීම බොහෝ දෙනෙකුගේ ලක්ෂණයකි.
මම ජාතිවාදියෙක් ලෙස තම හිතේ ඇති අදහසට සාපේක්ෂව සුප්‍රකට බ්ලොග් කරුවෙක්
මම ඊයේ දමන ලද ලිපියට කමෙන්ට් කර නොන්ඩි වූ වගයි.
මකසි,
Deleteඅඩු ගානෙ අපිට පුළුවන් "උපුල් ගැන අමරෙ කියල තියෙන්නෙ අවංකව කියල විචාරක හිතනව" කියන නිගමනයට එන්න. ඒක නෙවේ වැඩේ,
ඔහේ ජාතිවාදියෙක්ද නැද්ද කියල ලියන දේවල් වලින් තීරණය වේවි. බ්ලොග් එකේ ලින්ක් දමමින් එකම කරුණ හැමතැනම කියමින් යාම ඔහේට හොඳ නෑ.
(අවවාදයක් හැටියටයි කිව්වෙ)
මා සෑහෙන කලක සිට සන්නස්ගලගේ සම්ඵප්‍රලාප කියවා තිබෙනවා. ඒ අනුව මා බැස තිබුණු නිගමන වලට සම්පූර්ණයෙන්ම පාහේ සමාන අදහස් අමරරත්න දක්වා තියෙන්නේ. අමරරත්නට සන්නස්ගලගෙන් යැපෙන්න හෝ ඔහුගේ මේ පොත ගැන විවේචනය කරමින් වැජඹෙන්නට අවශ්‍ය නැහැ.
Delete@රාජ්
Deleteඋපදෙස පිලිගනිමි.
@මා සෑහෙන කලක සිට සන්නස්ගලගේ සම්ඵප්‍රලාප කියවා තිබෙනවා. ඒ අනුව මා බැස තිබුණු නිගමන වලට සම්පූර්ණයෙන්ම පාහේ සමාන අදහස් අමරරත්න දක්වා තියෙන්නේ. අමරරත්නට සන්නස්ගලගෙන් යැපෙන්න හෝ ඔහුගේ මේ පොත ගැන විවේචනය කරමින් වැජඹෙන්නට අවශ්‍ය නැහැ.
ඇත්තම කතාව
This comment has been removed by the author.
ReplyDeleteඑකඟයි. මේ ටික මට හිතුනෙ ඉන්ටනෙට් එකේ අර උපුල්ගෙ අම්ම ගැන පැතිරෙද්දිමයි. මේ යුගයේ, "අපි පොඩි කාලෙ මාර කට්ටක් කෑවෙ" කියන එක මාර දෙයක් මිසක් අවංක කමක් නෙවේ.
ReplyDeleteIf you can make little big font size for comments, it will be helpful for us.
ReplyDeleteuse "Ctrl" + "+"
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete""එහෙත් මේ ගුරුවරයාට යටින් සිටින ව්‍යාපාරිකයා ඒ තරම් හොඳ නැත"" මොකද දන්නේ නෑ මෙච්චර හෙමීට කියන්නේ ..අමරේ සන්නට බය වෙලාද?
ReplyDeleteදැන් බලහන් එහෙනං සුදර්මන් ඒ දවස් වල මහරජාගෙන් අහපු පුරස්න ටීවි එකේන්.. කොර වෙනවා නේ.. ඉතිං තව තේරුං කරන්න ඕනයැ ඕක.. බොට..
Deleteපොත කියවල බලන්න හිතුනා. විචාරය නිසාම .
ReplyDeleteඅමරේගේ ගරිල්ලා මාකටින්
ReplyDeleteනිර්මාණ හරහා පුද්ගලික ඇරියස් කවර් කිරීමක් වගේ , එක් මාද්‍යවේදියෙකු දිවා රෑ නැතුව සන්නස්ගලට බනිනවා..දැන් ඒක මහ කම්මැලි විහිලුවක්...!!
ReplyDeleteඅනෝමා ජනාදරීත් ලිව්වා නේද ඔහොම එව්වා...?
ReplyDelete