සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


සති කීපයක්ම ගෙවී ගියේ බොහොම අවිවේකිව ය. මේ කාලය තුළ බ්ලොග නඩත්තුව මතු නොව අන් බ්ලොගක් හෝ කියවන්නට අතපසු විය. සතියේ දිනවල කාර්යාල කටයුතු ද සති අන්තයන් නම් විනෝද කාමී කටයුතුවල ද යෙදෙමින් ඒ සති කීපයම ගෙවී ගියේ ය.
ඒ අතර වූ සුවිශේෂි සිදුවීම් දෙකක් වුයේ බ්ලොග් අවකාශය හරහා අප දැනගන සිටි ඉන්දික උපශාන්ත සහ උදිත මීගහතැන්න යන දෙසොහොයුරන්ව හමුවීම ය. ඒ අවස්ථාවන්ට මා හිතවත් තවත් සහෘද බ්ලොග් කරුවන් කීප දෙනෙකුම එක්ව සිටියහ. දුරු රටක සිටියත් සයිබරය හරහා ඇතිකරගත් මිත්‍රත්වය තහවුරු කරමින් අප හමුවට ආ ඒ සොයුරන් දෙපළට ම ස්තුතිය මුලින් ම පුද කරමි.


සයිබරයේ මිතුරු සමූහයක් වූ සහෘදයෝ සංවිධානය කළ අරලගංවිල අරෝෂ් සොයුරාගේ සුවදුක් බලන්නට යෑම එක් සති අන්තයක සිදු විය. එය චාරිකාවක ස්වරූපය ඉක්මවා ගිය මිත්‍රත්වය දෝරේ ගලා ගිය චාරිකාවක් ම වීය. කැළුම් බී විජේවර්ධන නම්  අති දක්ෂ ඇඩ්මින්වරයා සංවිධානය කළ එම චාරිකාවට බ්ලොග් කරුවන් ලෙස මමත් දුලිප් සිකුරාජපතිත් එක් වීමු.
දෙවැනි සති අන්තය රාජකාරිමය ගමනක් වුවත් බදුල්ල පස්සර බිබිල මහියංගනය වැනි පෙදෙස්වල ගත කෙරුවෙමි.
තෙවැනි සති අන්තය අපේ ම එකක් වීය. ඒ බ්ලොග් කරුවන්ගේ ගාලු සවාරිය යි. එය ද කිසි දින අමතක නොවන චාරිකාවකි. බ්ලොග් කරුවන්ට අමතරව සයිබර් මිත්‍රත්වය තහවුරු කරමින් ඒ චාරිකාවට අපේ හිතවතුන් කීප දෙනෙක්ම එක්ව සිටියහ.

මේ ගෙවී යන්නේ මගේ මුද්‍රිත මාධ්‍ය රස්සාවේ 27 වැනි වසරයි. කලෙක රැකියාවේ තෘප්තිය උපරිමයෙන් ද, මේවන විට වගකීමේ පීඩනයෙන් ද යුතුව සතුටින් ඒ බඩ රස්සාව කරගන යමි.
රට තොට ඇවිද යමින් රැකියාව කළ කාලය එහි තෘප්තියේ උපරිම යුගයයි. එහෙත් වගකීම් සහිතව මේසයක් මත හිදගන කරන රැකියාව තුළ ඒ තෘප්තිය නොමැත. ඒ වෙනුවට ඇත්තේ පීඩනය හා ව්‍යාකූලත්වයයි.

ඒකී පිඩනය සමනය කරගනු වස් මවිසින් තෝරාගත් විනෝදාංශය වූයේ බ්ලොග් ලිවීම යි. මුහුණු පොත, ට්වීටරය සම සේ භාවිත කළ ද බ්ලොග හරහා යි  මා සයිබරයේ නියම පංගු කාරයකු වූයේ. ඒ මෙයිට හරියටම දෙවසරකට පෙර දිනකය.

මුද්‍රිත මාධ්‍යයෙන් පටන් ගෙන සයිබරයේ ද කොටස්කරුවකු ව හුන් මට පසු ගිය දා සිට ගුවන් විදුලියේ ද මාධ්‍ය මෙහෙවරක නියැලෙන්නට අවස්ථාව ලැබිණි. ඒ පසුගිය සතියේ සිට ඇරැඹී සිටි එෆ් එම් සේවයේ උදේ 8.30 සිට සවස 5.30 දක්වා පැයෙන් පැයට විකාශයවන තිස්වැනි මිනිත්තුවේ පුවත් දිනමිණ ප්‍රවෘත්ති මැදිරියේ සිට විසුරුවා හරින්නට පටන් ගත් බැවිනි.

ඉතින් පත්තරයේ වැඩට අමතරව පැයෙන් පැයට ගුවන් විදුලියේ විසුරුවා හරින්නට පුවත් සෙවිල්ල ද මා කර මතට වැටි හෙයිනි සතියේ දින ටික දැඩි ලෙස අවිවේකී වූයේ. ඉතින් බ්ලොගට වදින්නට ඉඩක් කොයින් හොයා ගන්න ද?

සමකය වටේ බ්ලොග් අඩවියට දෙවසරක් පිරෙන මේ මොහොතේ එදා මෙදා තුර මගේ රසිකයන්ව මේ බ්ලොගට ගොඩවැදුණු එමෙන්ම ප්‍රතිචාර දක්වපු ඔබ සැම නොවන්නට මේ ගමන මේතම් දුරක් නොඑන්නට ඉඩ තිබිණි. මට සදා ශක්තියක් වූයේ බ්ලොග් කියවපු කමෙන්ට් කරපු ඔබ සැමයි. ඔබ සැමට ලෙන්ගතුව පිරිනමන මගේ ප්‍රණාමය පිළිගන්න.

මා බ්ලොග පටන් ගෙන සිව් මසක ඇවෑමෙන් ආ ජනවාරි පළමු දිනක මාතලන් දැමූ කමෙන්ටුවක් අදමෙන් මතකය. වසරේ සාර්ථකම බ්ලොග් කරුවා ඔබයි. ඒ වදන මට මහා ශක්තියක් ම විය. අද එහි තත්ත්වය කිමදැයි තීරණයද ඔබටම භාර කරමි.

එසේම අවිවේකිව කරනා මේ බ්ලොග් කෙරුවාවේ දී මට නිරන්තර ලිපි සපයා දෙමින් මා දිරිමත් කරන සමුද්‍රිකා හේරත්, රන්ජන් අමරරත්න, කුමාර සිරිවර්ධන, ශ්‍යාමා සමරසිංහ, නිශ්ශංක විජේරත්න මෙන්ම නන්දික බැද්දේගම ද බොහොම ගෞරවයෙන් මේ මොහොතේ සිහිපත් කරමි.
 සමකය වටේ බ්ලොග වෙබ් පිටුවක ආකාරයට සකසා දුන් නදීක සෙනරත් සොයුරාවද හද පිරි බැතින් සිහි කරමි මේ මොහොතේ.

මෙන්න දෙවසරක ආ ගමන් මග කෙටියෙන්

ලිපි 524 කි.
ප්‍රතිචාර 14438 කි
බ්ලොග ෆලෝ කරන්නන් ගණන 459කි.
මේ වන විට අඩවියේ පිටු පෙරළා ඇති ගණන 772206 කි
ඇලෙක්සා දර්ශකයේ අද සිටින තැන 960 ස්ථානයේ ය.

නිබඳ මා දිරිමත් කළ ඔබ සැමට ස්තුතියි.....

රූ සැඳෑව සමූහයේ චාරිකාවත් අත ළග ය.......

ප්‍රතිචාරවලට නිසි තැන උත්තර දැමුවද කීපයක් පහළින් වැටී ඇත. ඒ ලෙඩේ නිසාම මා හැම උත්තරයක්ම අදාළ අයගේ නමින් දමා ඇත. මේක මට විතරක් ආව ලෙඩක්ද? දන්නා කෙනෙක් ඒ ගැන කියා දෙන්න.




124 comments:

  1. වසර දෙකට සුභපැතුම්...
    තවත් වටිනා ලිපි දස දහස් ගනනක් පලකරන්නට වාසනාව ශක්තිය ලැබේවා..!!!
    සමකය වටේ, දිගුකල් දිනේවා.....

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විදානේ

      Delete
  2. ජය වේවා.. නලීන් අයියා..
    මමත් බොහොම ආසාවෙන් කියවන බ්ලොගක් තමයි මේ සමකය වටේ..

    දිගින් දිගටම යෙහෙන් වැජඹේවා..
    මගෙන උණුසුම් සුබ පැතුම්...

    ReplyDelete
  3. ජයම වේවා ! සුභ සුභ මෙව්වා වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සින්දුවෝ

      Delete
  4. වසර දෙකට සුබ පැතුම් නලීන් අයියා ... තවත් දිගු ගමනක් යන්න දිරිය , ශක්තිය ප්‍රාර්ථනා කරනවා ...

    ReplyDelete
    Replies
    1. ඔබ සැම මට අයෝමය ශක්තියකි තුශෘනි

      Delete
  5. කළු කපුටා සුදු වෙනතුරු
    මෝල් ගහේ දළු එනතුරු
    එකසිය විස්සට දෙසිය විස්සක්
    ආවඩ ආයුබෝවේවා...

    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගන්දරයා

      Delete
  6. මට උඹේ බ්ලොග් කෙරුවාවට වඩා ඒ අහිංසක මිත්‍රත්වය බොහොම වටිනවා.. ඇත්තටම උඹ හොඳ වැඩියි...

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. (ඇත්තටම උඹ හොඳ වැඩියි...)

      ඒකයි සමහරක් වෙලාවට බනින්ඩත් වෙන්නේ නලින් අයියේ

      Delete
    3. මටත් අත උස්සන්න මීට වඩා හොඳ තැනක් නෑ. මේ කියමනට මමත් 100% එකඟයි.

      Delete
    4. ඇත්ත, සිරිසග බෝ වගේ තමයි

      Delete
    5. සයිබරය තුළින් මා හදුනාගත් නියම මහත්මයෙකි ඔබ මාතලන්...ඔබේ විවරණය මට අදටත් මතකයි.
      කෙන්ජයියා අටම් සුදීක ඔමා..... මේ සයිබරය තුළ මට හමුවුණු උඹලත් බොහොම ලෙන්ගතු මිනිසුන් මචෝ ..

      Delete
    6. //මට උඹේ බ්ලොග් කෙරුවාවට වඩා ඒ අහිංසක මිත්‍රත්වය බොහොම වටිනවා.. ඇත්තටම උඹ හොඳ වැඩියි...//
      2 !

      Delete
    7. //මට උඹේ බ්ලොග් කෙරුවාවට වඩා ඒ අහිංසක මිත්‍රත්වය බොහොම වටිනවා.. ඇත්තටම උඹ නරක වැඩියි සුදු ...//

      Delete
  7. වසර දෙකට සුභපැතුම්...
    දිගුකල් ලිවීමට චිත්ත ශක්තිය ලැබේවා ...!

    ReplyDelete
    Replies
    1. මගේ පැරණිම රසිකාවියක් ඔබත් රෙහානි ස්තුතියි

      Delete
  8. Replies
    1. බොහොම ස්තුතියි අමාලි....

      Delete
  9. ජයවේවා නලීන් ජයවේවා! ඔබේ වෘත්තීය ජීවිතයත්, බ්ලොග් ජීවිතයත්, පෞද්ගලික ජීවිතයත් දියුණුවෙන් දියුණුවට පත්වේවා.

    ReplyDelete
    Replies
    1. මේ වසරේ මා හදුනාගත් දැකගත් දැකගන්නම සිටි අගනාම මිතුරෙකි විචාරකතුමා ඔබත්...බොහොම ස්තුතියි.

      Delete
  10. ඔබ හමුවීම සතුටක්..

    ඉදිරි මාධ්‍ය මෙන්ම බ්ලොග් මෙහෙවරට උණුසුම් සුපැතුම්!!

    ජය!!

    ReplyDelete
    Replies
    1. ඹබ මෙන්ම තවත් බ්ලොග් කරුවන් කිහිපදෙනෙක් සමග ගත කල මොහොත උදා කර දුන් ඉන්දික උපශාන්ත සොයුරාට ත් මගේ ස්තූතිය!!!

      Delete
    2. අනිවා කුෂ් ඉන්දික නිසාම අදුනාගන්න ලද අපූරුම චරිතයකි ඔබත්. එදා අපේ හමුව ගැන වෙලාවක් ලද විටක ලියන්නම්කෝ. ස්තුතියි ඔබටත්

      Delete
  11. මගේ හද පිරි උණුසුම් සුබ පැතුම් සහෝ නුබට..තවත් බොහෝකලක් සාර ලිපි ලියන්න ශක්තිය ලැබේව කියා මා ප්‍රර්ථනා කරනවා

    ඇලෙක්සා දර්ශකය කියනේ මොකක්ද?

    ReplyDelete
  12. උඹ හොඳ එකෙක්.ඒ බව උඹ ලියන දේයින් තේරෙනවා.එත් උඹ මහරජාට කඩේයන එක හන්දයි කමෙන්ට් නොකරන්නේ. දෙවසරට සු'පැතුම්.උඹලාවගේ උන් කඩේ නොයා ලියපන් ඇත්ත දේ.

    ReplyDelete
    Replies
    1. එතනට උඹ ගියත්.... මම ගියත් වෙන්නෙ ඒ ටික මචෝ.......

      Delete
    2. පඩි පත ගන්නා තැනට සේවය කළ යුතුයි මචෝ.....ඒ ගැන අහිතක් නොහිතපන් ඇනෝ. ඔය කෙන්ජයියත් කියල තියෙන්නේ ඒකම තමා

      Delete
  13. සුබ පැතුම් නලීන්...:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩියේ..... මේ ටිකේ ටිකක් අවිවේකියි...

      Delete
  14. සුභ පැතුම් මචෝ'''''''''''! ..............................................
    උඹට දිය යුතු හොදම වචන ටික මාතලන් ලොක්ක කියල තීනව කොල්ලෝ......
    මට බ්ලොග් ලෝකෙ ( කිසිම වැඩකට නැති ඒව හරි) ලියන්න..... උඹෙ බ්ලොග දුන්න එකට මේ වෙලාවෙ ස්තූතිය පුද කරමි.........
    නිරෝගිව අප සමග දිගටම ඉදපිය ...... තව වැඩිපුර ගෝල් ලීප් කාලා..... අර සුපියල් 1000/= ඒව වැඩිපුර බීල .... හෙක්.... හෙක්.....

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++

      Delete
    2. බොහොම ස්තුතියි කෙන්ජය්යේ.... දැන් අර 1000 බ්‍රෑන්ඩ් එක වෙනස් කළා හල්මිල්ලවලට. 960 අරකට කස්ටිය දැඩි අකමැත්තක් දක්වනවානොවැ.
      මොකද මේ වැටක් දාලා ඔමා..

      Delete
  15. සමන් මලින් පවන් සැලේ කිව්වලු
    සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ලස්සන පැතුමක් ජිවන සහෝ ස්තුතියි නුඹටත්

      Delete
  16. සුබ පැතුම් නලින් අයියා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ බ්ලොග් ලොව නිහඬම මනුස්සයා නුඹයි. ඒ වුණාට සුන්දර හදවතක්...

      Delete
  17. ආයු, සැප, බල සහ අහවල් එක වැඩිවේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සා රස මචෝ

      Delete
  18. දෙවනි උපන්දිනේට උණුසුම් සුබපැතුම් නලීන් අයියේ.

    මහියංගනේ පැත්තෙ එනව කියල නිකමට හරි කිව්වනම්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලයා.... හදිසියේ ආවේ මලයා පස්සරට. එතැනිනි බිබිලටත් එන්න වුණා ඒ නිසා තමා මහියංගනය පැත්තෙන් ආවේ. මාපාකඩ වැවේ නාලා ආතල් එකකුත් ගත්තා මට නුඹ මතක් වුණත් ඒ වෙලාවේ අංකය තිබ්බේ නැ අතේ

      Delete
  19. බ්ලොග් සවාරියේ කඩ ඉමට මෙන්න මගේ සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සේනේ....

      Delete
  20. නලින්, පිටත්වෙන දාට කලින්දා රෑ, කොයිතරම් වැඩ තිබ්බත් උඹල දෙන්න හම්බුවෙන්න ආවෙ, බ්ලොග් වල මම කැමතිම රචකයයි, බ්ලොග් ලෝකෙ මම ඉතාම ප්‍රිය කරන මණුස්සයයි කියන දෙන්න එක්ක මොහොතක් හරි කතා කරල යන්න.

    අර මාතලං කියනව වගේ, උඹ හොඳ වැඩියි.

    මේ සතුටු මොහොතෙ කියන්න තියෙන්නෙ, දුවල ඉන්න තාත්තෙක් නිසා අඩුවෙන් සිගරට් බීල වැඩිපුර ලියහං. උඹට ජය!

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත දුවල ඉන්න තාත්තෙක් හන්දා සිකරට් බිම නවතහං අයියේ

      Delete
    2. රටින් පිට වෙන්න පැය 20කටත් අඩු කාලයක් තියන් අප හා මොහොතක් රැදෙන්නට අා ඒ ගමන තුළ කියැවෙන්නේ මිත්‍රත්වයම මිස වෙන කුමක් ද? ඉන්දික.. මේ ගැන ලියන්න දේ එමට තිබුණත් ඒ සියල්ල කෙටි සටහන්ව තාමත් තියනවා. ඒවා ලියන්නම් ඉදිරියට. මනසට විවේකයක් නෑ මචං.... නුඹේ සුලෝහිත ගතිය එදා මා හොදින්ම දැක්කා....

      Delete
  21. නලින්, සංවත්සර සුබ පැතුම් සමගින් ඉදිරි රැකියා හා බ්ලොග් කටයුතු වලටත් ජයෙන් ජයම වේවායි පතමි!

    ReplyDelete
    Replies
    1. මම කියවන්න ආසම රටාවකින් බොහොම සංවරව නිර්මාණශීිලිව ලියන අඩවියකි රයිගම් හන්දිය. ස්තුතියි රයිගම්.

      Delete
  22. උණුසුම් සුභපැතුම් මචෝ බොක්කෙත් ගැඹුරුම තැනින්.

    ReplyDelete
  23. සංවත්සරයට සුබ පැතුම් නලින්,තව තව රසවත් ලිපි ලියවේවා.ලියන්න ශරීර සෞඛ්‍යය හොඳට තිබිය යුතුයිනෙ.ඒක කිසි කෙනෙකුට දෙන්න බෑ ඔබම ඔබ ගැන බලාගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලප අයියේ...... ඔබ කියනා කාරණය ඔබටයි මටයි දෙන්නටම එකයි. ඒ ගැන දැනෙනවා... ඒත්.... මේ මදුවිත බිදක් සියලු දෝමනස්සයන් මොහොතකට අකා මකා දමනවා... එහෙම නේද?

      Delete
  24. වසර දෙකට බොක්කෙන්ම සුබ පැතුම් .....
    රාලව නිරුවතින් දුටු පළමු සයිබර් මිතුරාද නුබය ...........

    ReplyDelete
    Replies
    1. ඒක නං අප්සැට් හොදේ...

      Delete
    2. //නිරුවතින්//

      මේ රාලලාගැන රට්ටු කියන කතා ඇත්ත එහෙනං

      Delete
    3. ඒ කියන්නෙ නලිය සබ්ජෙට් කාරයද?

      Delete
    4. මුලින්ම ස්තුතියි රාළේ...... ඒවගේම නොදන්නා දුරු රටක දී ඔබ දක්වපු ඒ සහාය මට කිසි දින අමතක නොවේ.....
      යකුනේ මේ රාළ නමින් ලියන්නා හැබෑ නමින් මුලින්ම දැක ගත්තේ මමයි. ඒ ගැනයි මේ නිරුවත් කතාව. රාළේ අදටත් නුඹ කවුද යන්න මා රහසක් ලෙසම තබා ගත්තා. ඒ වුණාට දැන්නම් බ්ලොග් කරුවන් දෙතුන් දෙනෙක්ම නුඹ කවුද යනවග දන්නා බව පෙනෙන්න තියනවා. මම හරි නේද

      Delete
    5. ආ ඒක මිසක් අපි බැලුවේ සබ්ජෙට් කාරයොද කියල

      Delete
    6. නලින් අයියා දේශකයා කවුද කියලා කාටවත් කිවේ නැහැ . දේශකයත් 1000 ටෝක් දීගෙන උන්නට කාටවත් මන් දේශකයා කියලා කියන්න බයයි ලොල් :* . රාළ කියන්නෙත් කවුද කියන්න හුඟක් ඌන් දන්නවා දැන් ......හු හු හු හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලි පිට හු හු හු හු හු

      Delete
  25. සංවත්සරයට සුභපැතුම් නලීන්...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බීට්ල් .... දිනක හදුනාගන්නට කැමැති චරිතයකි ඔබත්...

      Delete
  26. දෙවන සංවත්සරයට සුබ පැතුම් !!! කාලෙකින් මුණ ගැහෙන්නත් බැරි වුණා. කියවන්න වුණෙත් බොහොම අඩුවෙන්. අද අහම්බෙන් වගේ ගොඩ වුණේ.

    ReplyDelete
    Replies
    1. ඔබත් බොහොම අවිවේකයෙන් බව දන්නවා සුදීක... බොහොම ස්තුතියි. සාගර නිතර ඔබ ගැන තොරතුරු කියනවා මා එක්ක.

      Delete
  27. නලියා අවුරුදු දෙකට සුභ පැතුම්........ හදවතින්ම....

    ඇත්තට ම ඔබ අවුරුදු දෙකට ලොකු දෙයක් අත්පත්කරගෙන සිටිනවා. අපේ දැනුම වර්ධනයට ඔබ විසින් ගෙන එන දැනුම් සම්භාරයට අපි සදා ණයගැතියි...................

    ReplyDelete
    Replies
    1. ඔබ මෙන්ම මම ද මේ අඩවිය පවත්වාගන යන්නේ තවත් මිතුරු කැළකගේ සහායෙන් මචෝ..... බොහොම ස්තුතියි...

      Delete
  28. යමව් යමව් ඉදිරියටම යමව් ..

    ReplyDelete
    Replies
    1. යමු යමු හැකි විදියට... ස්තුතියි ශෂී....

      Delete
  29. මේ ගෙවී යන්නේ මගේ මුද්‍රිත මාධ්‍ය රස්සාවේ 27 වැනි වසරයි.පට්ට ඉරිසියයි නලින් අයියේ උඹේ රස්සාව ගැන .ඒ මට උඹලා එක්ක පත්තරේ වැඩ කරන්න බැරි උන එකටයි. - මාත් පෙරුම් පිරුවේ මුද්‍රිත මාධ්‍ය ආයතනයක රැකියාවක් කරන්නයි . නමුත් මා විශ්වාස කරන මාධ්‍ය කලාවේ අද පශ්චාත් මරණ පරීක්ෂණයයි . මාධ්‍ය කරුවා දෙවියකි ,මිනිසාට පණිවිඩ බෙදයි . ලෝකයේ තීරණය පාරිශුධත්වය නිර්මාණය වන්නේ මාධ්‍යවෙදින් අතින් . අවාසනාවකට ඉතිරිව ඇත්තේ ලංකාවේ ,මාධ්‍ය කලාවේ මතක වස්ත්‍ර පුජා කිරීම පමණි.මෙසේ වෙන්න උනේ මාධ්‍ය වේදියා කඩේ යාම මතයි . කඩේ යාමත් සමඟ ඉහත කි මාධ්‍ය වේදියා මෙහි හිමිකාරිත්වය හෝ පාලනය දැරීම සහ සහ ඒවායේ වැඩ කරන්නන් තමන්ගේ බඩගොස්තරය වෙනුවෙන් හැකි තරම් කඩේ යාමයි . ඉහත ඇනොගේ කමෙන්ටුවේ කෙන්ජි කිවා මෙන් එතැන මා හිටියත් මාත් නොදැනීම කඩේ යනවා. මේ රෙජීමය ක්‍රමය පමණක් නොව ප්‍රජාතන්ත්‍ර වාදී ක්‍රමයක් තිබ්බත් එයමය වෙන්නේ . ( ඇනොගේ කමෙන්ටුවට මගේ හිතේ තිබ්බ ටිකක් කිවේ )

    කරදර බාදක මැද්දේ - දිවි ගගඟ පහලට ඇද්දේ, ගල්පරදැක පෙරමුනේ - මොන නදියද නැවතුනේ .ලියපන් අයියේ දිගටම අපි ඉන්නවා සමකය වටේ .

    සුභ පැතුම් අයියේ ............!

    ReplyDelete
    Replies
    1. අම ජීවිතේට දාපු දිගම කමෙන්ට් ඒක නේද මේක

      Delete
    2. මලයෝ ලොව නිදහස්ම මාධ්‍යකලාවක් ඇත්නම් ඒ වැටුප් නොලබන මේ බ්ලොග් අඩවියක් හෝ තමන්ගේම වෙබ් අඩවියක් පමණි. නැතිනම් අන් හැමෝම වැටුප් ගෙවන තැනැත්තාගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්නම වෙනවා.
      ස්තුතියි ජනිත් මලයා නුඹටත්... මේ සයිබරයේ මට හමුවුණු නුඹ දක්ෂ කොල්ලෙක් ඕනම දේකට...

      Delete
    3. ජීවිතේට ඇනෝ කමෙන්ටුවක් දාලා නැහැ ,ඕනෙනම් මේක ඇනෝ දන්නා තිබ්බා .අයියේ අහිතක් හිතන්න එපා මේ කමෙන්ටුව ගැන .

      Delete
    4. //ජීවිතේට ඇනෝ කමෙන්ටුවක් දාලා නැහැ//

      හෙහ් හෙහ්

      Delete
    5. මන් කියන්න ඕන එක කෙලින් කියන එකෙක් . මට ඇනෝ කමෙන්ට් දාන්න උවමනාවක් නැහැ . මන් කියන එකේ කෙලින් කියලා සයිබර් අවකාශෙන් එලියට ඇවිත් මහා පොලාවේදී නැට්ට පුකේ ගහන් පැත්තකට වෙලා ඉන්න එකෙක් නෙමේ .
      සයිබරයේ මොන 1000 ටෝක් එක දැම්මත් කැමරාවට බය උන් ඉන්නේ අටමෝ මේකේ . ඔවුන්ගේ ජිවිත ප්‍රශ්න ඇති සමහර විට . මන් ඕන තැනක ඕන දේට කතා කරන එකෙක් , එක මතක තියා ගනින් ගල් අටමෝ

      Delete
    6. ඒ උනාට එක දවසක් එක කමෙන්ට් එකක් දැම්මා

      හා නැද්ද

      Delete
    7. උඹේ නේත්‍රා දෙක පල්ලා නොදන්නා කාලෙත් එක ඇනෝ එකක් දාලා නැහැ . බලපන් වැල කතා වල මේ නමින් කමෙන්ට් ඇති

      Delete
  30. අවුරුදු 2 හිටියා වගේ තවත් බොහෝ කාලයක්(ඇඟිලි වැඩ කරනකල්) වැඩි වැඩියෙන් පෝස්ට් දැමීමට ශක්තිය ධෛර්‍ය ලැබේවා!!!!!!! :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියා.... බලමු අපි හැකි විදියට යමක් කරන්නට...

      Delete
  31. අවුරුදු දෙකේ සැමරුමට හදවතින්ම සුබ පැතුම් නලීන් අයියේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනේෂ් මලයා. එදා පටන් මා සමග සිටි තාමත් දැක නැති ඒත් ඉතා හොඳින් හදුනාගත් මිතුරෙකි ඔබත්

      Delete
    2. අහ්, දවසක හම්බුවෙමු අනිවර්‍යෙන්ම..

      Delete
  32. වසර දෙකට සුභ පැතුම්..

    ReplyDelete
  33. දෙවසරක මෙහෙයට සුභ පැතුම්...
    ඇති හැකි විටෙක රිසි ලෙස සරන්නට මේ අවකාශයේ නොවක් කල් ශක්තිය ලැබේවා...
    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ්

      Delete
  34. සුභ පැතුම් නලින්.. මේ පැත්තේ නිතරම එන්නේ නෑ.. ඒත් නෑවිදින්ම ඉන්නෙත් නෑ. වලියට බර නොවීම සහ කබරහම මම ඔබගේ අගය කරන ගුණාංග දෙකක්..

    ReplyDelete
  35. වසර දෙකට සුබ පැතුම් මාමේ.. තව තවත් ලියන්න ජය..

    ReplyDelete
  36. නලියා උඹ සරල සුන්දර මනුස්සායෙක්.. කොච්චර වැඩ රාජකාරි තිබුනං උඹ මේ පීචං මටත් කෝල් කරල විස්තර අහන එකේ ඒ ගැන ආයේ කියන්න දෙයක් නැහැනේ...

    උඹ තමා බං මේ අවුරුදු දෙකටත් සාර්ථකම බ්ලොග් කරුවා. ඒක වාර්තාවක් ගානටම තියේවි කාලයක්. ඒක ෂුවර්..

    ReplyDelete
    Replies
    1. දේශෝ..... නුඹත් මා ඉදිරියේ නිරුවත් වුණු බ්ලොග් කරුවෙක් නේද? එදා මා නිසාම නුඹ ගාල්ලට ආවා... ඒ ගැන මතකය තාම තියේ. ඒ නිසාම තවත් දෙතුන් දෙනකු ඉදිරියේත් නිරුවත් වන්න සිදු වුණානේ... ගණන් ගන්න එපා මචෝ. අපි සහෝදරයෝ වගේ..

      Delete
  37. Replies
    1. ස්තුතියි ප්‍රා ජේ.... දැනුම අන් අය හා බෙදාගන්නට කමෙන්ට් හරහා බ්ලොග් කලාවට ඔබ කරනා සේවය අපරිමිතයි මචෝ. දවසක හැකිනම් අපි අදුනගනිමු... ඔබ වටින මනුස්සයෙක්..වෙන කිසිම දෙයක් ඔබ ගැන නොදනිමි.

      Delete
    2. කැමති / අවශ්ය ඕනෑම වෙලාවක ඊමේල් කරන්න. කාලය අනුව පුලුවන් ඉක්මනට පිලිතුරු දෙමි. ඔබ ඉතා කරුණාවන්ත ලෙස මට තොරතුරු දුන් ඊමේල් එකට මා පිලිතුරක් එවා ඇත.

      Delete
  38. සුබ පැතුම් ! නලින් මල්ලි. ඉදිරි ගමන ජයම වේවා! සෙනෙහසින්ම පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චන්දි අක්කේ....

      Delete
  39. නලින් අයියාට මගෙත් සුබ පැතුම්...!!!

    ReplyDelete
  40. වසර දෙකටත් නලියාගේ වෘතිමය ජීවිතයේ 27ටත් උනුසුම් සුභපැතුම්....
    ඇයි බං ඔච්චර සිගරට් බොන්නේ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ....

      ඇත්තටම ඒ ප්‍රශ්නෙට මං මොකද්ද දෙන උත්තරය. මටත් මේක නවතා ගන්නම ඕන.ඒත්... බෑ බං.....සිරාවට කිව්වේ..

      Delete
  41. අහවල් එක වටේ යන අහවලාගේ දෙකට සුභපැතුම්. කොහොම උනත් බ්ලොග් එක ඇතුලෙ උඹේ හොඳයි කියන්න පුළුවන් රචනාවක් දකින්නෙ හාව හඳ දකින්න වගේ. නිකං ඔහේ වාර්ත‍‍ා කරන්නෙ නැතිව යමක් ලියනව නං හොඳයි. (උඹ අර බ්ලොග් හමුවකට ගිහිල්ල ඇවිල්ල ලියපු පෝස්ටුව වගේ). කවදා හරි උඹව මුනගැහුනොත් කතා කරල ඩිංගක් බීල කූරක් ඇදල යන්නං.
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඔබ කියනා දේ මට ඉතා හොදින් වැටහෙනවා රාජ්... ඒත් තාමත් මං ඉන්නේ සීමා රහිත බ්ලොග් කලාවේ වුවත් යම් සීමා මායිම් යටතේනේ. මං හිතනවා මාව තේරුම් යන්න ඇති කියලා.දවසක අනිවා මියෙන්න කලින් හමුවෙමු. මං හම්බන්තොට පැතේතේ එනවනං දන්වන්නංකෝ. හැබැයි මා සතුව ඔබේ අංකයක්වත් නැ. මගේ අංක මූණු පොතේ තියනවා. දිනක දැක කතාබහ කරන්න බලාපොරොත්තුවෙන්ම ඉන්නා කෙනෙකි ඔබත්.

      Delete
  42. අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය.. එකතුව.org...ඉතින් දැන්ම එකතු වෙන්න..එකතුවත් එක්ක
    ekathuwa.org

    එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියට බ්ලොග් අඩවි ලියාපදිංචිය දැන් ඇරඹුනා..

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවට ස්තුතියි මචෝ... උඹලගේ වැඩේ හොදයි. එත් ඉල්ලලා සම්මානයකට අයදුම් කිරිම නං මං කරන්නේ නෑ. උඹලා තෝරගනිල්ලා සින්ඩිවල හෝ බ්ලොග් රොල්වල ඇති බ්ලොග්. එසේ තෝරගන ඒවා අතරන් සම්මාන දෙන්න
      අයදුම් කර සම්මාන ගැනීම ගැන මගේ කැමැත්තක් නැත.

      Delete
  43. බොහොම ස්තුතියි දෙැවැනි විභීෂණ

    ReplyDelete
  44. ස්තුතියි වීරකෝන් සහෝ.....
    Alexa.com යනු ලොව ඇති වෙබ් අඩවි රැන්ක් කරන ප්‍රමුඛ ආයතනයකි. එහි ලංකාවේ අය නරඹන වෙබ් අඩවි අතර මා සිටින තැනයි මම සටහන් කොට ඇත්තේ. එය ලෝක වර්ගීකරණය තුළ නම් 376,030 අගයකයි මේ මොහොතේ ඇත්තේ..

    ReplyDelete
  45. අනිවා මචෝ ඒක මට කොහොමත් දැනෙනනවා බං. උඹ ගැන මට මුලින්ම කිව්වේ ගාමිණි සමරකෝන්... අනේ ඒත් දැන් ගාමිණි අයියාව දකින්නවත් නැනේ... ස්තුතියි මචෝ...

    ReplyDelete
  46. ස්තුතියි සංචාරකයා....ඔබ මට දිරියකි

    ReplyDelete
  47. කමෙන්ට් කරුවන් අතර මා ප්‍රිය කරන චරිතයකි ඔබත් තිසර. ඔබ සතු දැනුම ඔබ මනා ලෙස බ්ලොග් කමෙන්ට් අතර පා කර හරින හැටි මමත් ආසාවෙන් බලා සිටින්නෙක් මි.

    ReplyDelete
  48. නලි අයියෙට මගෙ හදවතින්ම සුභ පැතුම්.තව දිගුකලක් වැජඹෙන්න ලැබෙවා.මාතෙ කියපු දෙ තමයි උබට නියමෙට ගැලපෙන්නෙ.එගැන පොඩ්ඩක් හිතහන්.මම ගාල්ලෙදිත් ඔක දැක්ක.

    ReplyDelete
    Replies
    1. ඔබ දැන් අපේ යාවජීව මිත්තරයෙක්නේ දමිත් මලයෝ......

      Delete
  49. පරක්කු වෙලා හරි සුභ පතන්න ඔන්න මමත් එකතු වෙනවා....ජයම වේවා !

    ReplyDelete
    Replies
    1. ගම්පහ ගෙට්ටුව සහ ඔබ කෙසේ අමතක කරන්නද... ස්තුතියි සිරා මලයා

      Delete
  50. මගේ හදපිරි සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. මුලි කාලයේ පටන්ම මට ශක්තියක් වූ කෙනෙකි සයුරි ඔබත්

      Delete
  51. උණුසුම් සුභ පැතුම් නලින්..
    වටිනා ලිපි බොහොමයක් සමකය වටේ පළවුනා මතකයි..
    දිගටම ලියන්න සුභ පැතුම්..

    ReplyDelete
  52. උඹ හරිම අපූරු මිනිහෙක් බව මට හිතෙනවා. මම උඹේ ඕන ටොෆියක් පනම් අටයි ගතියට ආදරෙයි. ඉන්න ටිකේ සතුටින් ඉමු. නලීන් උඹට බොක්කෙන්ම සුභ පැතුම්!! මට උඹව අමතක වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මටත් කිසි දිනක ඔබව අමතක කොවේ අරූ....අය්යේ

      Delete
  53. හදවතින්ම සුබ පැතුම් නලින් අයියෙ. මට බ්ලොග් ලෝකයෙන් ලැබුණ තවත් සහෝදරයෙක් වන් චරිතයක් අයියා. ඉතින් දෙවසරක් පිරෙන * සමකය වටේ* ට දිඟු කලක් සයිබරයේ පෙරලි කරන්නට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
    Replies
    1. ඔබද මට ලෙංගතු සොයුරියකි දිනිති මේ සයිබරය දායාද කළ...

      Delete
  54. අවුරදුදෙකක් නලියෝ හිතාගන්නවත් බෑ. වෘත්තයි කටයුතු වල යෙදෙනකොට එන පීඩනය අපි කාටත් පොදුයි. පටන්ගත්ත කාලෙ වගේ නිරන්තරයෙන් ලියන්න වෙන්නෙ නැති හේතවත් ඒකවයි. අවිවේකි බව අපිකාටත් දැනෙනවා.

    මොනව වුනත් මේ අවුරුදු දෙක තුළ බ්ලොග් අවකාශයේ සුවිසල් මෙහෙයක් ඔබ අතින් ඉටුවුණා. එය අමතක කල නොහැකියි. ඔබේ සියලු කටයුතු වලට මමද ළෙංගතුව සුබ පතමි.

    ReplyDelete
  55. සිගරැට් බීම අඩු කරන්න. මං දන්න පොරක් ගිය සතියේ පෙනහලු පිළිකාවකින් අවසන් ගමන් ගියා.

    (සමාවෙන්න, සංවත්සරයක දී කිව යුතු කතාවක් නොවෙයි ඒක. ඒත් වෙනත් කමෙන්ටු දෙක තුනක් කියෙව්ාම මේ කතාවයි මතක් වුනේ!)

    අද කියවූ අමුමිරිස් කතන්දරේ තමයි මං කැමතිම ලිපිය. අමරේ ගේ පොත් විචාරත් නියමයි!

    සුභ පැතුම් නලීන්.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT