රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2014-08-09

මිරිස් කරලේ සෙනෙහස සහ ඉන්දික උපශාන්ත


සේයාරුව මෙතැනින්
මේ සිද්ධිය වුණේ අමු මිරිස් කිලෝව රුපියල් 1000ට අලෙවි වුණු පහුගිය දොහේ ය. මිරිස් මිල එතරම්  අධික වීම ගැන විවාදයක දී විමැසූ කලෙක අමු මිරිස් යනු මාලුවට උයලා කන එළවළුවක් නොවේ යැයි එක්තරා බලවතෙක් පවසා තිබුණේ ද මේ දිනවලම ය. අමුමිරිස් කතාව කියන්නට නම් ඉන්දික උපශාන්තව ද සිහිපත් කළ යුතුම ය. ඒ මන්ද යත් මේ අමුමිරිස් මතකය මගේ සිතට එන්නේ ඉන්දික නිසාම බැවිනි.

ඉතා කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණ මෙරටින් යළි බැහැරවන්න ට හෝරා 20ක ටත් අඩු කාලයක් තිබිය දී ය ඉන්දික මා සොයා පැමිණියේ. අපි කලින් කතිකා කරගත් පරිදි අටමා සහ මම රීගල් වටරවුම අසලින් ඇදෙන කුඩා පාරේ පෙට්ටි කඩයක් අසලට වී දුමක් අදිමින් සිටින විට ය ඉන්දික ත් ඔහුගේ මිතුරා ත් එතැනට පැමිණියේ. ඒ අපේ මුල්ම හමුවයි. මහ පාර මැද ඒ හැන්දෑවේ එතෙක් සයිබර් මිත්‍රත්වයක් ව පැවැති අපේ මිත්‍රත්වය යථාවේ මිත්‍රත්වයක් බවට පත්විණි. ආගිය තොරතුරු දැන හැදිනගැනීම් මැද අපි පාගමනින් ම ප්‍රෙස් ක්ලබ් වෙතට පිය මැන්නෙමු. ප්‍රෙස් ක්ලබ් යනු තවදුරටත් පත්තරකාරයින්ට අයිති නොවන තැනක් වග කලින් ලියා ඇත. මෙතැනින් ඒ ලිපිය කියැවිය හැකි ය. ඒ වගේම දැන් මෙහි සැපයෙන සේවාවන් ද අන්තිම අපිළිවෙළ ය. 

විදෙස් සේවයේ යෙදෙන ඉන්දික වැන්නවුන් ට මේ ප්‍රෙස් ක්ලබ් හි සේවාවන් ගැන තෘප්තියක් නොවූ බව එහි ගිය මුල්ම මිනිත්තු කීපයේ ම මසිතට දැනිණි. මධුවිතක් තොලගාමින් බොහෝ තොරතුරු කතා කතාබහ කරමින් සිටින්නට එහි හිතකර වාතාවරණයක් තිබුණේ ම නැත. අසීරුව ඉවසා වදාරමින් මාතලන් ද පැමිණෙන තුරු හෝරාවක් විතර එහි රැදුණු අප ඉන්පසු වඩාත් සුවපහසු ඉතා හොද සේවාවක් මෙන්ම මනස්කාන්ත දර්ශනයන්ගෙන් ද පිරි වෙනත් තැනකට මාරු වූයෙමු. කොළඹ වරාය පරිශ්‍රයේ් රාත්‍රි සොබා සිරි නරඹමින් අපි බොහෝ දැ කතා කළෙමු. මිත්‍රත්වය දෝරේ ගලා ගියේ එකින් එක වීදුරු ද හිස් වෙමිනි. කිසිවකුටත් නොදැනී ම මධ්‍යම රාත්‍රිය ද ඉක්ම ගොස් ය. 

මට ගෙදර යන්නට ඇති අන්තිම දුම්රිය ද පිටව ගොස් හෝරාවකට ත් වැඩි ය. පදම ඉක්මවා ඇති හෙයින් ලේක් හවුසියට ගොස් නිදාගන්නට ද නොහැකි ය. පදම ඉක්මවා ආයතනය තුළට නොයෑම මගේ සිරිතකි.
මා සමග දුම්රියේ ම යන්නට සිටි අටම් ට නිවෙස ට යන බස් රිය අල්ලා දෙන්න ට මාතලන් ඉදිරිපත් විය. ඉන්දිකත් මිතුරාත් සමග ඔහුගේ වාහනය ට නැගි මම එදින රැය ගෙවන්නට බම්බලපිටියේ පදිංචි සුදු නංගීගේ නිවසට සේන්දු වූයෙමි. කලින් දුන් ඇමතුම අනුව අප එන පෙරමග බලමින් ඒ රැයේ අම්මා ද ඇහැරගන සිටිම ඉවසුම් නොදෙන්නක් ම විය. වැඩි කතා බහට ගියහොත් සැඳෑවේ අප කළ කී දෑ කියන්නට සිදුවන බැවින් හෙට අලුයමින් ම රැකියාවට යා යුතුයි පවසමින් නින්දට වැටුණෙමි.

වෙනදා සුදු නංගීගේ නිවසට ගියහොත් උදේ ආහාරය ද අනුභව කොට එන මා එදින උදෙන් ම පිටත් වන්නට සූදානම් වුයේ අම්මාගේ දොස් අසන්නට වන බව හොඳින් ම දන්නා නිසාවෙනි. එහෙත් ඒ වන විටත් මා වෙනුවෙන් බත් මුලක් සූදානම් ව තිබිණි. එයත් රැගෙන උදෙන් ම කාර්යාලය ට වැදුණු මම දවසේ පත්තර ටික හොඳින් කියවා අහවර කර බත් මුල දිගහැර ගතිමි. අන් සගයන් එන්න ට තව බොහෝ වේලා ඇත.

අරුමයකි බොහොම කාලයකට පසුව මා වෙනුවෙන් සැකසුණු බත්මුලක උඩින්ම අමු මිරිස් කරල් දෙකකි. සුද්ධ කළ රතු ලූණු ගෙඩියකි. බත් සමග අමුමිරිස් කරලක් හපන්නට මා කැමැති බව දන්නේ අම්මා ම පමණකි. මා වෙනුවෙන් ඇය බත් මුල් බැඳි ඒ කාලයේ මේ මිරිස් කරල් කිසිදිනක වරදින්නේ නැත. බොහෝ කලකින් අම්මා විසින් සකසන ලද බත් මුලක් මා නොකා ඇති බව වැටහුණේ මේ මිරිස් කරල් දෙක නිසා ය.

මා වෙනුවෙන් අම්මා බත් මුල බඳින්නේ විශේෂ ක්‍රමයක ට ය. එනම් බත් කොළය එළා ඒ මතට ලුණු දියර ටිකක් ඉස ලොකු නිවිති කොලයක් සෝදා ඒ මත අතුරයි. අනතුරුව උණු බත් මේ නිවිති කොලය මතට බෙදා මාළුපිනි ද යහමින් දමා බත් මුළ ඔතා ඒ මත රතු ළුනු හා අමුමිරිස් කරල් දෙකක් තබයි. දහවල බත් මුල දිග හරිද්දී නිවිති කොළය හොඳ පදමට තැම්බිලාය. ඉන් කැල්ලක් සමග බත් කන්නට මා ඉතාමත් කැමැතිය. මා නිවිති කන්නේ එසේ පමණි. එහෙත් අද නිවිති කොළය නැත. මුහුද අද්දර කෙසේ නිවිති වවන්න ද? එසේ වැවුණේ නම් නිවිති කොළය ද වරදින්නට විදියක් නැත.

වෙනදා බත් සමග හැපෙන මේ මිරිස් කරලින් කටට සැර ගතියක් දැනුන ද එදින ඒ හුදකලාවේ මට මේ මිරිස් තුළින් දැනුනේ එකම දෙයකි. 

ඔව් ඒ උත්තරීතර මවු සෙනෙහසයි. මිරිස් කරල් දෙකක සැගවුණු මවු සෙනෙහසයි...........

එදා ඉන්දිකගේ ආගමනය හේතුවෙන් මගේ දෝතට ලද බත්මුලේ මිරිස් කරල් දෙකෙන් මවු සෙනෙහස අන් කවරදාකටවත් වඩා හොඳින් මගේ සිතට දැනිනි.....

ස්තුතියි ඉන්දික.......


119 comments:

  1. නලීන් අයියාගේ කතාවේ අන්තීමෙට මට අපේ අම්මව මතක් උනා එයා අපිට බත් බැන්දේ කෙසෙල් කොලේ ,ඔය මිරිස් කරල් දෙක වගේ අපේ අම්මා හදන ජාඩී සම්බෝලේ බත් මුලට වරදින්නේ නෑ අදටත් ලංකාවට ආවම බත් පිගානේ මුල්ලක ජාඩි සම්බෝලේ ඇත. අන්න එදාට ජිවිතේට බත් කාලා නෑ වගේ තමා ඉතින්....

    ReplyDelete
    Replies
    1. මට හැමදාමත් ගෙදරින් බත් මුල ලැබෙනවා. එත් මටත් අම්මගේ බත් මුලක් ලැබුණේ බොහොම කාලෙකින් කියන එකයි මේ සටහනෙන් මා කියන්න උත්සාහ කළේ. අම්මගේ බත් මුලෙයි බිරයගේ බත් මුළෙයි වෙනසක් තියනවා. ඒ වෙන කිසිවක නොවේ අපේ රුචිකත්වය තියෙන්නේ අම්මා ළග. බිරියගේ බත් මුලේ මෙයිට වඩා රස දේවල් තියනවා. එත් අපේ පරණ පුරුදු ...... ඒවා දන්නේ අම්මා පමණයි ශානු....රසය අඩු වුණත් ඒ මුලික ගුණාංග ටික දන්නේ අම්මා පමණයි. ඒ මන්ද යත් උපතේ සිට අපේ අවශ්‍යතා දන්නේ අම්මා පමණක් නිසායි..........

      Delete
  2. අම්මා ගේ සෙනෙහස එහෙම තමයි, අපි කොච්චර වැරදි කලත්, හිත රිදෙන වැඩ කලත් අම්මාගේ සෙනෙහසේ අඩුවක් වෙන්නෑ.... සංවේදී සටහනක් නලීන්..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. සංවේදී කමේ හොඳම එක … !!!

      රෑට බීල බීල එද්දි අම්ම ඇහැරං ඉන්නව දැක්කම හෝස් ගාල යනවා..
      වෙරි බහිනව තප්පරේට..
      නප්පියට වැදිල හිටියත් කෙලින් හිටගන්නව කොහොමහරි අම්මට පේන්න..
      බිත්‍තිය අල්ලගෙන.…

      ඒත් මං බීම නැවැත්තුවෙත් නෑ ~ අම්ම මඟ බලං ඉන්න එක නැවැත්තුවෙත් නෑ…

      අනේ මන්දා බං …

      Delete
    2. @ විදානේ.....
      කුඩා කල සිට කෙනෙකුගේ රුචි අරුචිකම් හදුනන්නේ අම්මා පමණයි

      Delete
    3. ඒකනේ පත්තර මල්ලි මාත් අඹරුණේ ගේට්ටුව ගාව අම්මා ඉන්නවා කියන්නේ වෙරි කැලේ. බොහොම අමාරුවෙන් ගෙට පැනගත්තා කාමරයට ගියා නිදාගත්තා. ඒත් එයා දන්නවා මං අද බීලා ආවේ කියලා. ඒ නිසාමයි උදේම ගෙදරින් පනින්න ප්ලෑන ගැහුවේ.උඹ කියනවා වගේ අපි බොන එක නවත්තන්නෙත් නෑ අම්මා ඉන්න තැනකට එනවා කිව්වොත් එයා නිදියගන්නෙත් නෑ..

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
  3. අපි නොහිතන පුංචි පුංචි දේවල් වලින් පවා, තමන්ගෙ පපුවෙ දරුවො වෙනුවෙන් උතුරන සෙනහස ඒ දරුවන්ට බෙදා දෙන්න අම්මලට තියෙන්නෙ පුදුම දක්ෂ කමක්.

    කොයි තරම් වයසට ගියත් ලොකු උනත් අම්මට තමන්ගෙ දරුවා කිරි දරුවෙක් හැමදාටම.

    හැමෝගෙම හදවත් වල සියුම්ම තැනකට කතා කරන සංවේදී සටහනක් නලින් අයියෙ!!!!

    ReplyDelete
    Replies
    1. පනස්වැනි වියට ආසන්නව ඉන්න මටත් ඔය තත්ත්වයම තමා මලයෝ. ඒක ලේ කිරි කර පෙව් කෙනාට දැනෙන විදියම වෙන්න ඇති. එය පියවරු වන අපට නොතේරුණාට. එත් පුතා ලෙස එය මට තදින්ම හිතට වැදුණා මේ සිද්ධියේදී.

      Delete
    2. පනස්වෙනි වියට?? හප්පච්චියේ!

      Delete
    3. දැන් ඒ ආසන්නයේ ඉන්නේ

      Delete
  4. ගොඩ කාලෙකට පස්සේ නලින්ගේ බ්ලොගේ නලින්ම ලියපු නලින්ස්ටයිල් ලිපියක්....... අන්තිමට ඇහැ තෙත් උනා.... ඒ උබේ අම්මා වගේම අපේ අම්මාවත් මතක් වෙලා .....

    ඒ අම්මලාගේ සෙනෙහස වෙනුවෙන් මේක

    ගමටකලින් හිරු මුළුතැන්ගෙට වඩනා

    ReplyDelete
    Replies
    1. අම්මා

      පෙව් කිරි කඳුලින්

      මේ ලොව මෙතරම්

      හැඩ වුනේ … !!!

      Delete
    2. @ රාලේ ලිපියක් ලියන්න මනස නිදහස් වෙන්න ඕන. බොහොම කාලෙකට පස්සේ තමයි මේ සෙනසුරාදාව මං නිදහස් වුණේ. ඒ වගේම මේ සිද්ධිය හදවතට දැනුණු ඇත්තම දෙයක්.

      Delete
    3. @ පත්තර මලයා.... අම්මගේ කිරි බැම්ම තමා මේ සේරම දේට හේතුව....ලේ කිරිකර පොවන ඇය අපේ රුචි අරුචිකම් අන් කිසිවකුට වඩා හොඳ්න් හඳුනනවා..

      Delete
  5. ඔබ සඳහන් කල ඉන්දිකගේ මිතුරා වූ මටත්. ඔබ වැනි සොඳුරු මිනිසුන් කිහිපදෙනෙක් සමඟ ගත කළ පැය කිහිපය කිසිදා අමතක නොවේ.. බ්ලොග් නොලීවත් 2010 වසරේ සිටම බ්ලොග් කියවන්නෙකු ලෙස මේ දක්වා ගතකරන කාලයේ එය තවත් එක් අමතක නොවන සිදුවීමකි..

    හමුවෙමු නැවතත් එවන් හමුවකදී ම .... ජය

    ReplyDelete
    Replies
    1. ඉන්දික මාමා ඕගොල්ලන්ගේ ගම් පලාතෙද?

      Delete
    2. ඔව් බෑණෝ. කිට්ටුව. ඇයි අහන්නෙ?

      Delete
    3. අපරාදෙ කලින් බැන්දේ … චැහ්

      Delete
    4. +++++++++++++++++++++++++++++++++++

      Delete
    5. @ කුෂ් මා ඔබව මිතුරා ලෙසින් සටහනේ සඳහන් කළත් ඔබේ නම ඇති තැනට ලින්ක් එක දාල තියනවා. ඒ වගේම ඔබත් ඉතාමත් හොද මිතුරෙක්.... හමුවෙමු දිනක යළිත්.

      Delete
    6. @ බුද්ධි ට උත්තරේ ඉන්දික මාමා දාල තියනවානේ. ඉතින් අනික මට කියන්න ඇත්තෙත් පත්තර මලයා කියන එකට වඩා වෙනසක්නම් ඇයි අපි කලින් ඉපදුණේ කියලයි
      එත් කෙන්ජයියා වැඩ දැම්මේ කාටද කියල මට හිතාගන්න බැ. ෂුවර් එකට පත්තර මලයට තමා.

      Delete
    7. නෑ ආයිබෝන් මේ නිකං දැන ගන්ඩ ඇහැව්වේ....

      Delete
    8. ආයිබොන්න? දැන් කොහෙද බං ආයි බොන්නෙ, මම ආවනෙ බහරේන්.

      Delete
    9. අපූරු මාමයි බෑණයි..

      Delete
  6. අම්මාවරුනේ…
    අම්මාවරුනේ…
    සම්මා සම්බුදු අම්මාවරුනේ
    දරුවන්ගේ දුක් කඳුළු දකින දා
    සුර ලොව සිට අත පා……
    ඒ කඳුළැලි පිසිනා

    අම්මාවරු නැති දරුවන්නේ
    සංකා දුක් කවුදෝ දන්නේ
    ඒ දුක දන්නා අම්මාවරුමයි
    යම් මතු දිනයක බුදු වන්නේ
    සංසාරේ මතු බුදු වන්නේ

    අම්මාවරුනේ… අම්මාවරුනේ…
    සෙනෙහස වැඩි දා
    සිතද බොළද වේ
    ලොවම ආදරේ කියා සිතී
    මායාවක්වී එහි තනිවූ දා
    අම්මා පමණයි ළඟ ඉන්නේ
    අම්මා පමණයි ළඟ ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ලේක් හවුසියේ නොව මා ලංකාදිපයේ සිටි කාලයේ පවා මගේ ගුරුවරයෙක් වූ ධර්මසිරි ගමගේ සූරීන්ගේ පද වැලක්. සදාතනික සත්‍යයක්. නොමියෙන ගීතයක්. චිත්‍රපටය පූජා.... අධ්‍යක්ෂණයත් ධර්මසිරි ගමගේ සූරින්ගේම තමා

      Delete
    2. නලීන්, චිත්‍රපටය "යස ඉසුරු" නේද? සංගීතය ප්‍රේමසිරි කේමදාස.

      පූජා චිත්‍රපටයේ තියෙන්නේ ධර්මසිරි ගමගේම ලියූ පිය සෙනෙහස ගැන කියවෙන "දරුදුක උහුලා" ගීතයයි.

      Delete
    3. ඔබ හරි තිසර.... මට වැරදුණා මතකය අවුල්.... මේ ගිතය එන්නේ යස ඉසුරු තමා...ස්තුකියි වදර නිවරද කළාට..

      Delete
  7. ඉන්දික මාමා ඕගොල්ලන්ගේ ගම් පලාතෙද?

    ReplyDelete
    Replies
    1. මාමා උඩින් පිළිතුරු දි ඇත බුද්ධි

      Delete
  8. අම්මලාගේ බත් මුල් ගැන කවර කතාද? අනික අම්මලාට තමුන්ගේ පුතාගේ යාලුවොත් තමුන්ගෙම දරුවෝ වගේ නේ.... ඒ ගැනත් අද්දැකීම් ඇති නලීන් භයියාට.

    ReplyDelete
    Replies
    1. මේක හොද මතකයක් අවදි කිරීමක් බුද්ධි. 1980 වසරේ මා හිටියේ කැටවලමුල්ල පාරේ බෝඩිමක. මගේ අල්ලපු ඇදේ හිටියේ අද නියෝජ්‍ය කථානායක චන්දිම. අපි දෙන්නම එක පන්තියේ. ඉදහිට දවසක ගෙදරින් බත් මුලක් ආවාම ඒ හයේ පන්තියේ සිටි අපි බොහොම සතුටින් තමා ඒක කන්නේ. පොර කකා.එතකොට පොඩ් එවුන්නේ අපි. බත්මුල් අතිතය දිගහැරෙන්නේ උසස්පෙළ කාලේ. බලමු ඒ මතකයත් ලියන්න

      Delete
  9. නලීන් මගේ යාළුවෙක් හිටියා
    මිනිහා අමු මිරිස් කාලම මලා..

    ReplyDelete
    Replies
    1. හුටා දැන් එක්දාස් හයක් මැරිලා නේද බං .. ෆේස්බුක් යාලුවොද ?

      Delete
    2. කිසිම අගුණ දෙයක් නොකෑ කිසිම අවැඩක් නොකළ මගේ යාලුවෙකුත් මලා මචන් ඇනෝ.

      Delete
    3. @ ඉවාන් ෂුවර් එකට එහෙම එකෙක්ම වෙන්න ඕන.....ඇනෝ ඌට අපේ සංවේගය..

      Delete
  10. නලින්, මේක දැක්කම මට මතක් උනේ චූටි මල්ලි පොඩි මල්ලිගෙ දෙල්පට්ටා සැලඩ් එක. ඒකෙ රෙසිපිය තම කෙසෙල්, ඇපල්, අන්නසි ඇතුළු තව් පලතුරු කිහිපයක් කපා, ඒවා බාජනයක දමා සීනිද සමග මිශ්‍ර කර, උඩින් සිහින් තීරුවලට කැපූ දෙල්පට්ටා යොදා පිළිගන්වන්න. එතකොට කන එකා අර දෙල්පට්ටා අයින් කරල රසවත් සැලඩ් එක කනව.

    මේක කිව්ව කියල උඹ තරහෙවෙන්නෙ නැති බව දන්න හින්දයි ලිව්වෙ.

    මිරිස් කරලෙ කතාව ඇත්තටම සංවේදියි. දන්නවද, එදා රෑ උඹලත් එක්ක සෙට් වෙනකොට අපේ අම්ම ගෙද්‍ර පුතා බලගෙන් තනියෙම හිටියෙ. පොඩි එක ටීවී බලල සෝෆ එකේම නින්ද ගිහින්. උස්සගෙන යන්න බැරි හින්දත්, එක බිමට වැටෙයි කියන බයටත් අම්ම මම මහ රෑ එනකල්ම එතන බිම වඩිවෙලා ඔහේ ඉඳල. එහෙම තමයි මචං අම්මල.

    ReplyDelete
    Replies
    1. මම කියවන උන්ට තේරුම් ගන්න කියල තිබත්, පස්සෙ මට හිතුන මේ ටික ලියලම තිබ්බොත් හොඳයි කියල. මෙතන දෙල්පට්ටා යනු ඉන්දික උපශාන්තගේ හමුව ගැන සඳහනයි. සැලඩ් එක නම් මවගේ සෙනෙහස ගැන වූ අපූරු ලිපියයි

      Delete
    2. ඉන්දික අපරාදේ දෙවැනි සටහන දැම්මේ...... ඔබ කියන දේ ඉතාමත්ම පැහැදිලියිනේ....

      1) විවේචනයට මා ඉතාමත් කැමතියි... ඒ නිසා කිසි කලෙකත් තරහක් නොගනිමි. විවේචනය මා ආශිර්වාදයක් කරගන්නා කෙනෙක්..
      2) මට හිතෙනවා මෙතැන දෙල්පට්ටාවලින් මේ කතාවට රසයක් නොළැබුණත් හොඳ ආලෝකයක් ලැබුණා කියා. මේ පුංචි සිද්ධිය මට තිබුණා වෙනත් කෝණයකින් පටන් ගන්න. ඒත් මෙය බ්ලොග් සටහනක්. පත්තරයට ලියන තීරු ලිපියක් වුණානම් ආරම්භය වෙනස් මගක් ගන්න තිබුණා. බ්ලොග් සටහන් කියවන්නේ බහුතරය බ්ලොග් කරුවෝමයි. එනිසා මා හිතනවා මේ දෙල්පට්ටා කොටසත් මෙතැනට ඉතාම ගැලපේ කියා. මං වැරදිද ඔබ කියන්න.

      Delete
    3. //දෙල්පට්ටාවලින් මේ කතාවට රසයක් නොළැබුණත් හොඳ ආලෝකයක් ලැබුණා කියා.//

      අන්න ඒකම තමා මාත් කිව්වෙ. දෙල්පට්ටා නැතත් සැලඩ් එක රසයි.

      හැබැයි දෙල්පට්ටා නිසා සැලඩ් එකටටත් යම් අලෝකයක්, අහක යන දෙල්පට්ටවලටත් ඊටවඩා සෑහෙන තැනක්!

      Delete
    4. අනිත් වැදගත්ම දේ තමා අම්මා දරුවට වගේම දරුවගේ දරුවටත් දක්වනනේ අපරිමිත සෙනෙහසක්....

      Delete
    5. රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
      සිත නෑ නිවන් දකින්නේ
      රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
      නෙත නෑ නිදි විඳගන්නේ

      Delete
  11. මාත් හරි කැමතියි බත් කනකොට බැදපු මිරිස් කරල් දෙක තුනකුත් දාගන්න.. වේලිච්ච මිරිස් කරල් නැති වෙලාවට කරන්නෙ ගහෙන් අමු මිරිස් කරල් ටිකක් කඩාගෙන මැදින් පළල බැදගන්න එක..ඒකත් මරු...

    ReplyDelete
    Replies
    1. බදිනවනං වේලිච්චා.. නැත්නං අමු මිරිස් අමුවෙන් ලුණුත් එක්ක් මට නං මරු

      Delete
  12. කොතරම් මිල ගියත් අමු මිරිස
    ඊට වැඩියි මව් සෙනෙහස

    ReplyDelete
    Replies
    1. මෙතැන මිල ගැන කොටස දේශපාලනිකයි. එයින් කතාවට හානියක් වෙලා ඇති හැඩයි. එය මගේ වරදක්.

      Delete
  13. නලීන් අයියේ කල්ප කාලෙකට පස්සේ ඇවිත් අතිශය සංවේදී මාතෘකාවක් කතා කරලා..අම්මා කියන්නේ අම්මාම තමයි...ආයේ වෙන කිසිම කෙනෙක්ට ඒ චරිතය අපේ ජීවිතේ තුළ ලැබෙන්නේ නෑ නේද?ඇහැට කඳුළක් ආවා අම්මාගේ ආදරේ දැනෙන හැටි සිහිවෙලා...අපි අද යම් තැනක ඉන්නවාද ඒ පිටුපස තියෙන්නේ අම්මාගේ ධෛර්යය සහ තාත්තාගේ ශක්තිය...

    ReplyDelete
    Replies
    1. මෙයිට කලින් එක පසුගිය 3 වැනිදා ලිව්වේ මාම තමයි මලයෝ... ඒත් මේ සිද්ධිය තදින්ම හදවතට වැදුණු දෙයක්. අප කවුරුත් පිටුපස කඳුළක් සේ ඉන්නේ අම්මා ම තමයි. තාත්තා ශක්තිය.

      Delete
    2. 3 වෙනිදත් ලිව්වා..? මම දැක්කේ නෑ නේ..
      මේ නලීන් අයියේ මම මලයෙක් නොවෙයි හොඳේ..හැක් හැක්...නගෙක්...:D

      Delete
    3. සමාවෙන්න නගෝ....... ඒ ගැන.... තුන් වැනිදා ලිව්වේ මගේ බ්ලොගේ දෙවැනි සංවත්සරය වෙනුවෙන් එදින තමා මගේ බ්ලොගට වසර දෙකක් පිරුණේ. මෙන්න ලින්කුව
      http://samakayawate.blogspot.com/2014/08/1.html

      Delete
  14. මම නම් කැමති අමුමිරිස් කන්න නෙමේ බැඳලා ගත්තු මිරිස් කරල් කන්නයි.
    කොහොම වෙතත් අම්මාගේ කෑම තරම් රස කෑම කොහෙවත් නැහැලුනේ..
    නලින් අයියාගේ අම්මාට දීර්ඝයුස නිරෝගී සැප පතනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලයා.... අප කාගේත් රුචි අරුචිකම් හොඳින්ම හදුනන්නා අම්මා ම තමයි අන් කාටත් වඩා...අවම වශයෙන් වසර 10ක් 12ක් වත් අප යැපෙන්නේ ඇගේ ඇකයේ. ඇගේ සෙවණේ... ඒ කාලය තුළ ඇය අපව කියවා අවසන් අන් කිසිවකුට කලින්.

      Delete
  15. අම්මගෙ කෑමේ රස වැඩි වැඩියෙන් දැනෙන්නෙ අම්මගෙ කෑම එක නැතිවුනදාටයි නලින්.ඉස්සර මම කොහෙ ගියත් අම්මගෙ ආදරයත් එක්ක බැඳල දෙන බත්ගෙඩිය වරදින්නෙ නෑ.ඒ වගේ රස බත් ඊට පස්සෙදී ලැබිලත් නෑ.අතීත මතක රාසියක් හිතට ගලාගෙන ඇවිත් ඇස් තෙමන නිසා මෙතනින් නවත්තන්නං

    ReplyDelete
    Replies
    1. ඔබේ හැගුම් මට දැනේ හැලපේ අය්යේ. ඔබේ තලමල එක්ක දාපු පෝස්ට් එකත් එයින් දින කීපයකට පසු ඔබේ මව පරලොව ගිය හැටිත් ඒ සැනින් ඔබ ලංකාවට ආ හැටිත් ඔබේ අතීතයත් එක්ක මට ඒ විදියටම දැනේ........ අම්මා අම්මාම තමයි. අන් සියල්ල දෙවැනුව....

      Delete
  16. කතාව කියවද්දී කෙල ගිලුනා කෑම වල රසය වචන වලින් වින්ද නිසා. අම්මා කෙනෙකුගේ, සහෝදරියකගේ, ආදරණීය බිරිඳකගේ, අතින් හැදෙන කෑම වලට ආදරයත් සෙනෙහසත් මුසුවෙලා තියන නිසා, හරිම රසයි. කවදත් කොහෙදිත්.

    ReplyDelete
    Replies
    1. ආදරයත් එක්ක කෑම හැදෙනවා. එත් අපි පුංචිම සන්දියේ ඉදන් ආස කරන දේවල් හරියටම දන්නේ අම්මා විතරයි නේද අයියේ.... සහෝදරිය බිරිය මේ අය අස්සෙන් රිංගලා අම්මලා වෙනසක් කරනවා. ඒක හිතට වදිනවා. ඔය නැන්දම්මා ලේලි හටනේ මුලත් මෙතැනම වෙන්න ඇති නේද?

      Delete
  17. කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරණ අම්මා
    සුසුම් හෙළා ගිණි දළු ගෙන ලිප මොලවන අම්මා
    වෙල් දෙණි වල ඇවිද ගොසින්වෙරළු ගෙනැත් අම්මා
    ඉණි වැට ළඟ බලා හිදී අපි එන තුරු අම්මා

    මව් කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
    පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා
    සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
    අම්මාවරුන් දුක් වින්ඳා හඬාලා

    දරුවන් අනේ රජ වෙන තුරු මග බැලුවා
    දුක සැපබලන්නට නාවත් සෙත් පැතුවා
    දරු සෙනෙහසින් මුහුඳත් කඳුලක් කරවා
    බුදුවන පුතුන් හට ඇය ඉණිමං තැනුවා

    පද රචනය: පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි 
    තනුව: බන්ධුල විජේවීර
    ගායනය : දීපිකා ප්‍රියදර්ශනී

    ReplyDelete
    Replies
    1. මලයා උඹනං සින්දු ගබඩාවක් ........

      Delete
    2. මගේ ප්‍රියතම මව් ගුණ ගී කිහිපයෙන් එකක්.

      ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
      ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
      ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
      කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

      රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
      සිත නෑ නිවන් දකින්නේ
      රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
      නෙත නෑ නිදි විඳගන්නේ


      හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
      නින්දේ හීන දකින්නේ
      මහමායාවනි කවදාදෝ ඔය නෙත්
      දරු සෙනෙහසින් මිදින්නේ

      වෙල් දෙනිවල ඇවිදින දෙපා රිදෙන විට
      විහඟ ගීත බණ පද වේවා
      බෝ මලුවක ඇවිලෙන පහන් වැටක් සේ
      තුන් සිත නිවී සැදේවා



      මතු උපදින සසරේ විශාඛාව වී
      මෙත් මඟ නෙත් හමුවේවා

      ඇත් රැජිනියනේ ඔබෙ නැළවිලි ගීතය
      ලොවම නිවන කවියක් වේවා



      ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
      ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
      ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
      කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

      සංගීතය හා ගීපද - සුනිල් කෝණාර

      Delete
    3. තව ගීත කීපයක්ම තියනවා...

      වික්ටර් රත්නායක "ආදරයේ උල්පත" ගීතය පටන් ගන්නේ "ප්‍රේමකීර්තිට හිටියේ එක අම්මයි, ඒ අම්මට හිටියේ එක ප්‍රේමකීර්තියි" කියලා... මේ ගීතයේ අන්තරා කොටසට වික්ටර් තනුව දාලා තියෙන්නේ දොයි දොයි දොයි දොයිය බබෝ නැලවිලි ගීතය අනුව...

      දෙවැනි බුදුන් ලෙස - මේ ගීතයට මුලින්ම හරි හැටි තනුව යොදාගන්න බැරි වූ නිසා, රෝහණ වීරසිංහත්, සුනිල් එදිරිසිංහත් දෙන්නම ඇහේ නැගුණ කඳුල එකිනෙකාගෙන් සඟවා සිටිය බව රෝහණ වරක් කිව්වා.

      එඩ්වඩ් ජයකොඩි සහ නන්දා මාලිනී ගයන "සක්වල එතෙරට" - මතක හැටියට චිත්‍රපටය 'ගෙදර බුදුන් අම්මා'.

      ඊට අමතරව අසංග ප්‍රියමන්තගේ හිරු විකසිත වී ගීතයටත් මම ගොඩක් කැමතියි.

      Delete
    4. මේ සියල්ලම අගනා ගීත තිසර...

      Delete
    5. මමත් ආසම ගීතයක් තියෙනව මේ වගේ “විශාඛාව ඔබ මා දුටු බුදු සිරිතේ...“

      https://www.youtube.com/watch?v=u2qiZNy5KO0

      මම ඒ සිංදුවට කැමති අපේ තාත්තා නිසා. අපි පොඩි දවස්වල, තාත්ත ටිකක් අනුමත උන දවසවලට අපි එක්ක ඔය සිංදු කියනව. වැඩිපුරම කිව්වෙ මව්ගුණ ගීත.

      Delete
    6. චඃ සින්දු ටික ඔක්කොම කියලා...
      රූකාන්තගේ අම්මා කියා කියත හැකි...
      ඔක්කොටම වඩා කපුගේගේ දවසක් පැල නැති හේනේ

      Delete
  18. නියමයි.
    උඹේ සංවත්සර පෝස්ටුවෙදි මතක් කලේ මෙන්න මේ ජාතියෙ ලියමන් ගැන.
    අමු මිරිස් මගෙත් ප්‍රියතම ආහාරයක්. උදේ කෑමට නං බොහොවිට තියනව. මම හිතුවෙ අමුමිරිස් කන අය අඩුයි කියල. බැලුවම සෑහෙන්න ඉන්නව. ලඟදි දැක්ක ඩීඑෆ් කාරියකරවන මහත්තයත් ලියල තියනව අමුවෙන් මිරිස් කනව කියල.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මෙච්චර ලස්සනට ලියන්න පුලුවන් මනුස්සයා අර ගෑණු උදවියගෙ පොඩ්ටෝ වලින් පෝස්ට් එකක් කවර් කරද්දි ??? චැහ්

      Delete
    3. රාජ් එකම හේතුව මානසික නිදහසක් නොමැති වීමයි... සංවත්සර පෝස්ටුවේ ඔබේ කමෙන්ටුව තදින්ම හිතට වැදුණා. අද වුණත් මෙය ලියැවුණේ මෙයිට මාස කීපයකට උඩ වුණු සිද්දියක්. ලියන්න දේ එමටයි. එත් ලියන්න තරම් මානසික ඒකාග්‍රතාවයක් නැ. මේ සෙනසුරාදා බොහොම නිස්කලංක දිනයක් වූ නිසයි නිදහසේ අකුරු කෙටුවේ.

      Delete
    4. @ පත්තර මලයෝ ඇයි ඒක මැකුවේ... යකෝ මං විවේචනයට බොහොම කැමති කෙනෙක්. කිසිදින ඔවැනි දේකට තරහාවෙනවද? මට හිතයි ඒ්ක යළි දාන්නත්. හිතට නිදහසක් ඇත්නම් ලියන්න ඇහැකි. ඒ වගේම ඔයා දන්නවද වැඩිම පිරිසක් නරඹන පෝස්ට් අතර ඔය කියන ගැණු උදවියගේ පිංතුර ටික තියන වග. ඉතිං ඉදහිට මාත් හැම රසිකයම පිනවන්නත් එක්ක ඒවත් දානවා. මාත් ලියනවා. අහිතක් නොහිතන් ඒ ගැන.

      Delete
    5. මේක නයි පෝස්ට් එකක්.
      අමුමිරිස් කනවා කියන්නේ ලේසි පාසු වැඩක්ද?

      Delete
  19. මව් සෙනහස & මිතු දම කැටිවුන වුන මේ ලිපිය අන්තිමට කියවද්දී.... හරිම සංවේදී බවක් දැනුන සිතට......
    හැබැයි රෑට කන පැලෙන්න ගහල මදිවට උදේ පාන්දර අමු මිරිස් කුස තුලට යවනව කියන එක නම් කෝමද මන්ද සවුක්කියට.....
    ඔය කෙහෙල් කොලේට ලුණු වතුර ඉහල බත් ගෙඩිය ඔතල දුර බැහැර ළමයි හම්බ වෙන්න ඉන්න අයට යවන කතාවක් අහල තියෙනව ....
    ඔබේ මෑණියන්ට නිරෝගී සම්පන්න සුව දිවියකට මගෙන් පැතුම්''''''! .....නලිය ....

    ReplyDelete
    Replies
    1. ඌරන්ට මොන සෞඛ්‍යද කෙන්ජයියා. අද හිටියා හෙට මැරෙන්න හැකියි. ඉන්නා කාලේ කැමැති විදියට මිසක් අන් දේකට කැමැති නැත මා. හොදම යහපත් සෞඛ්‍යක් රකින එකා හෙට වාහනයක හැපෙන්න හැකියි. අනේ උෟ කාලත් නෑ බීලත් නෑ. එහෙම නේද? කෙරෙන්න ඕන යුතුකම් ටික නිසි ලෙස කොට මා මැරුණත් කමක් නැත. ඒ මාද ජීවිතය විධ විඳ ඇති නිසාවෙනි.

      Delete
    2. Kenji
      Umba kiyana case 1 ammage resipiyen balance wenawa.
      Nivithi kiyanne sisil deyak. miris wala sara nivithi walin down karanawa. balapan ammage thibuna danuma.

      Delete
    3. එහෙමද... නලින් මල්ලි.... හ්ම්ම්ම්.....
      @ රාජ් ....එහෙමද.... ලොකු දෙයක් දවස ගානෙ බොන උන්ගෙ ....නිවිති කොලයකට ....දවස ගානෙ බොන උන්ගෙ බඩ ඇතුලෙ තියෙන ......ක්ලේමෝ වැදිච්චි වගෙ තුවාල සනීප වෙනව ව නම්.....හෙක්...හෙක්...

      Delete
  20. නලීන් අම්මා ගැන කිව්වත්, මේ පෝස්ට් එකෙන් මට මතක් උනේ මගේ ප්‍රිය භාර්යාව. කොච්චර වැඩ රාජකාරි තිබ්බත් උදේට උයල පිහල, හැකි සෑම අවස්තාවකම ඔය විදිහට නිවිති කොලයට බත් බෙදා, කොච්චි කරලකුත් ඒ උඩ්න් තියන්න අමතක කරන්නෙ නැහැ.

    මට හිතෙන්නේ "අම්මා" කියන චරිතය අපිට අපේ ජීවිතේ අවස්තා දෙකකදීම හම්බ වෙනවා. කසාදයට පෙර සහ කසාදයට පසු.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි ඒත් අපේ සිතුම් පැතුම් හොඳින්ම දන්නේ අම්මා නොවෙද? මේ ලිපියේ කිසි තැනක මා භාර්යාව දෙකේ කොලෛ්ට දමා නැත. එහෙත් ඇයට වඩා අම්මා තම දරුවාගේ අතිතය දන්නවා. ඒ නිසාම ඇය බිරියට වඩා වෙනස් යමක් කරන්න උත්සාහ කරනවා ඇති. දෙන්නම ගැහැනුනේ.... කවදා හෝ දිනක මගේ දියනිණත් මවක් වේවි ලේලියක් වේවි. මේවා සංසාරගත චක්කර වගේ.

      Delete
    2. Alban
      ape default setings hadila thiyenne ammage kema rasayata.

      Delete
    3. හරියට හරි රාජ්. ඒකනං එහෙම්ම තමයි.

      Delete
    4. "නලීන් අම්මා ගැන කිව්වත්, මේ පෝස්ට් එකෙන් මට මතක් උනේ ....."
      මටත් වුණේ ඇල්බන් මහත්තයට වුනු දේමයි!

      Delete
  21. ආසාවෙන් කියවපු සටහනක් නලීන්. උඹලා සෙට් වෙච්ච එක කොච්චර ලොකු දෙයක්ද. මමත් උඹව මුලින්ම දැක්කේ බේරේ ගෙදර ඇතුලෙදි සහ ඒ අවටදි නේ.

    මට මිරිස් කරලටත් වඩා කුතුහලය අර නිවිති කොලේ ගැනයි. මම නම් අහලවත් නෑ එහෙම කනවා, නමුත් රස ඇති. මම නම් නිවිති කනවා මචං. ඇයි බං අර Pop eye බුවත් කන්නේ එකසිය ගානට.

    මේක නම් මව් සෙනෙහස ගැන ඇඟට නොදැනී ලියවුනු පෝස්ට් එකක්. මේවගේ ඒවා ලියාපංකෝ මචං වැඩිපුර.

    ReplyDelete
    Replies
    1. අනිවා මචෝ... කොහොම හෝ අප එක පාසලේ වුවත් හමු වුණේ සයිබරය නිසාමනේ... ඒ ලෙන්ගතුකම බොහොම බලගතුයි...
      නිකමට දවසක හොද උණු බතක් උයපු වෙලාවක නිවිති කොළයක් දාලා බත් එකක් බැදගන පැය තුන හතරකට පස්සේ ඒ බත් කටක් එක්ක නිවිති කොළ කැල්ලක් කාලා බලන්නකෝ.
      අම්මා ගැන ලියැවුණේ නම් ඇත්තටම හදවතටම ඒ මිරිස් කරල් දෙක නිසාමයි බොහොම කාලෙකින් මගේ බත් මුලක ඒ දේ දකින්න ලැබුණේ. පිගානට මිරිස් කරලක් දාගන කන එකයි උණු බත් උඩ තියන මිරිස් කරලෙයි රසත් වෙනස්.

      Delete
    2. ඇත්තටම රසයි හෙන්රි. මල් පෝච්චියක උනත් නිවිති ලේසියෙන්ම වවන්න පුලුවන්. කොම්පෝස්ට් ටිකක් දාලා වවා ගත්තහම, බත් එකක් බෙදන්න පුලුවන් තරමේ ලොකු කොළ හැදෙනව.

      Delete
    3. ගොම තමා එකම පොහොර. ඇල්බා. ඒ කොළේ උඩට ගම්බිරිස් කුඩු ටිකකතු ඉහිනවා නේද? සටහනේ ඒ ගැන ලියැවුණේ නැ.

      Delete
  22. වෙනදා වගේ නෙවෙයි මෙක බොක්කටම දැනුනා ,අම්මා ගේ බත් එකේ රස දැනෙන්න මෙහෙම කන්නම ඕන එ කියන්නෙ කැන්ටින් හරි ,කඩවල් වලින් හරි කලා කලා අම්මා ලුණුයි බතුයි දුන්නත් රසයි ,

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝදර මේක හදවතටම දැනුණු නිසයි ලිව්වේත්....

      Delete
  23. අවුමිරිස්.... ලුණු ගෙඩි තාම අභාවයට ගිහින් නැ..... අම්මල ඉන්නකන්..... නලින්...

    ReplyDelete
    Replies
    1. ඔව් නිහින්සා..... අද මගේ දුව හෙට ලේලියෙක් අම්මා කෙනෙක් වේවි. ඒ වගේම මගේ බිරිය අද මගේ දුවලගේ අමමා... එත් මට තාම වටිනවා මගේ අම්මා. ඒ ඇය මගේ සිතුම් පැතුම් හොදින්ම දන්න කෙනා ඇය නිසා. ඒ තත්ත්වයන් ක්‍රමාණුකූලව මගේ බිරියට දුවලගෙන් ලැබේවි. දුවලගේ දරුවන්ගෙන් දුවලටත් ලැබේවි. එහෙම නේද චක්‍රය කැරකෙන්නේ.

      Delete
  24. සංවේදී සටහනක්...!! අම්මගෙ ආදරේ කිසිවකට සම කරන්න බෑ...

    ReplyDelete
    Replies
    1. ඔබත් දිනක වාසනාවන්ත අම්මා කෙනෙක් වේවා. ඒ වන තෙක් අපරිමිත දුක් කන්දරාවක් විදින්න වෙයි. ඒක තමා අම්මාගේ ස්වරූපය. විශේෂයෙන්ම ලාංකීය අම්මාගේ. එත් දැන් දැන් වෙනස් වේගන යනවා. අර වනිතක්කලා වගේ අය ඉන්න නිසා.

      Delete
  25. නලින් අයියේ.. උඹ ලියපු කරපු ඒවාගෙන් මම කියෝපු ඒවාගෙන් මම ආසම එක මේක! උඩ කියලා තියනවා වගේ බොක්කටම වැදුනා

    ReplyDelete
    Replies
    1. මේවා ඇත්ත කතානේ ඉතින් හිතට වදිනවා මලයා...

      Delete
  26. ඔක්කොම හොඳයි .. බේබදුකම තමයි කචල් එක..

    ( තව වාහනත් එලෝනව බීලා බීල.... ෂික්...)

    ලිපිය සංවේදියි... ඒ උනා වැඩක් නෑ.. අම්මල දැක්කම වෙරි හිඳිල වැඩක් නෑ.. අම්ම මතක් උනාම නොබී ඉන්න හිතෙන්නයි ඕනෙ...

    ReplyDelete
    Replies
    1. අන්න හිරූ කතාව. බලමු නලිය මොනා කියයිද කියල.

      Delete
    2. හිරු ගේ බෑනට, අම්ම මතක් උනාම නෙවෙයි නැන්දම්මා මතක් උනාම නොබී ඉන්න හිතෙයි.

      Delete
    3. @ හිරු එදා නොබිව්වනං අද මේහෙම පෝස්ට් එකකුත් නැ නේද?

      Delete
  27. නලීන් අයියේ... ඇහැට කඳුලු උනන්න ලියල තියෙනවා. මේ තමයි කවදාවත් ලියල ඉවර නොවෙන උත්තරීතර මවු සෙනෙහස. ඒකට මීටත් වඩා උදාහරණ කොයින්ද.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා හිතට දැනුනු දේ ලිව්වා. මේ සෙනෙහස නොනිමි සෙනෙහසක්...

      Delete
  28. අම්මලගේ ආදරේ හැමදාටමත් එක වගේ... හිතට දැනුන සටහනක්...

    නිවිති කොලේට බත් බෙදලා නම් කාලා නෑ.. ඒ නිසා එහෙම කාලා බලන්න ආස හිතුනා ..

    ReplyDelete
    Replies
    1. නිවිති කොළේ බතක් කාල බලන්නකෝ

      Delete
  29. අම්මලා දන්නවා ගමේ කමට ගමේ රසට කෑම හදන්න ඒකනේ. පොබි කටගැස්මකටත් මිරිස්කරල කියාපු බඩුව

    ReplyDelete
    Replies
    1. ඔව් දයා.... කටගැස්මටත් නරකම නෑ... රා කට්ටක් වගේ තියේ නං...

      Delete
    2. 'ති සිත" පොතේ තියනව උම්බලකඩ සමග රතු ලූණු ගැන

      Delete
  30. අම්මලා හදල දෙන බත් එක ගැන ඉතින් කවර කතාද.. ඉස්සර ඉස්කෝලේ අපේ එවුන් කෑවෙම මම ගෙදරින් ගේන එක.. අමුමිරිස් එක්ක ඇදිලා ආව මතකය හරි අපූරුයි..

    ReplyDelete
    Replies
    1. මටත් මතක් වෙනවා පාසල් කාලයේ බත් රස කතා කීපයක්ම.

      Delete
  31. මේ කතන්දරයට ඉතා ස්තුතියි නලීන්.
    හේතුව කියන ඕනෑ නෑනේ!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි කතන්දර? ආයිත් ලියමු නේද අලුත් කතන්දර ටිකක්..

      Delete
  32. මිරිස් කරලකින් මව් සෙනෙහස... ලස්සන ලිපියක් !

    ReplyDelete
    Replies
    1. පුංචි නොගැලපෙන උපමාවකින් කතාවක් කියන්න ගත් උත්සාහයක්...

      Delete
  33. මේක හිතට දැනුන සටහනක්.
    මේක මගේ පෞද්ගලික අදහසක්.
    මේ වගේ ලියන්න පුළුවන් කෙනෙක් ඇයි මේ අනුන්ගේ ආටිකල් දාන්නේ. මොකද බ්ලොග් සටහන් ගානක් දාන්න ඕනෙ කියලා නියමයක් නෑනේ. (ඔබ නිදහසට කියන බිසි වීම සටහනක් ලියන්න වෙලාවක් නැතිකම නම්)

    සටහන පැත්තෙන් ගත්තොත් මේ කෑම එක අස්සෙන් එන ආදරයට ඔබ අසාදාරණයක් කරනවා. ඔබේ අම්මගේ එකම පැතුම ඔබ උවමනාවට වඩා ඇල්කොහොල් භාවිතයෙන් මිදෙන එකත් වෙන්නැතිනේ. අම්මා තවමත් ඉස්සර විදියටම ආදරේ දෙද්දි පුතාටත් ඒකට ප්‍රතික්‍රියා කරන්න පුළුවන් වෙන්න එපැයි...

    ReplyDelete
    Replies
    1. 1) ඔබ හරි රංගි.... ඒත් මම බ්ලොග පටන් ගත්තෙම මෙන්න මේ තේමා පාඨයත් එක්ක.
      //රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com//
      ඉතින් ඒ ඇරියුමෙන් මගේ අඩවියට සිය කැමැත්තෙන්ම ලිපි සපයා දෙන ඒ හිත මිතුරන්ව හලා දමන එකත් හරි මදි නේද?
      2) දෙවැන්න ගැන නම් කියන්න වදන් නෑ ඒ මන්ද යත් මා වැරැදි කරුවකු බැවිනි.

      Delete
  34. මේකනම් කියවපු එලම කැටගරියේ පොස්ට් එකක් !

    ReplyDelete
  35. කාලෙකින් මරු ලිපියක් නලින්.. ගෙදර මතක් වුනා.. ඇත්තටම අපේ අම්මට වඩා මගේ ගැන හොයන්නේ අපේ අත්තම්මා. පුදුමයි නේද?

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම අම්මා වගේම තමා අත්තම්මලාත්.....

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.