චන්දි කොඩිකාර ගේ "මුහුණු පොතේ ලන්දු"
අපේ ම ජීවිත එහෙන් - මෙහෙන් පහුරු ගා එහි එදිනෙදා සිදුවීම් පෙළගස්වා ඒවා කොළ කැබැලිවලට වමාරා නවකතා පොත් ලෙසින් මුද්‍රණය කොට; පාඨකයන්ගේ ඇඟේ ගැසීමේ පොඩි පහේ ජාවාරමක් අප අතර පවතී, කුඩු නැතහොත් හෙරොයින් විකුණමින් පරම්පරා ගණනාවක් විනාශ මුඛයට ඇද දමන මහා පරිමාණ අපරාධයට වඩා මේ ජාවාරම සාධාරණ ය. යුක්ති - සහගත ය. කුඩු මුළු ජීවිතය ම නැති භංගස්ථාන කරන අතර මේ ජාතියේ නවකතා ජීවිතය ම තකතීරු තත්ත්වයකට ඇද දමයි.
නූතන සිංහල පාඨකයාගේ රුචිකත්වය බල්ලට ගිහින් යැයි එක් විචාරකයෙක් කියා සිටී. දැන් නවකතා ලෙසින් ලියැවෙන්නේ වැල්වටාරම් හා බහුභූත යැයි තවත් විචාරකයෙක් කියා සිටී. අපගේ වැටහීමට අනුව මේ කතා දෙක ම නිවැරැදි ය. එක් අතෙකින් පුහුණු කර ගත් රසිකත්වයක් ඇති පාඨකයෝ හිඟ වෙති. තව අතෙකින් බලවත් ශාස්ත්‍රීය පරිශ්‍රමයකින් යුතුව නවකතා ලියන ලේඛක - ලේඛිකාවෝ හිඟ වෙති.
සාහිත්‍යය යනු මිනිස් නිෂ්පාදනයකි. එහි පරිසමාප්තිය සඳහා මානසික හා ශාරීරික ශ්‍රමය කැප කළ යුතු ය. අවසන් ප්‍රතිඵලය විය යුත්තේ මිනිස් සමාජයෙහි දැනුම හා වින්දනය පුළුල් කිරීම ය. නවකතාව යනු ජීවිතය පිළිබඳ අලුත් පාඩමක් යැයි කියනු ලැබේ. ඒ මගින් පුද්ගලයාගේ ඥාන - මණ්ඩලය පෝෂණය කෙරේ. චින්තනය අවදි කෙරේ. සාර්ථක නවකතාවක් වින්දනය කිරීමෙන් පසු පාඨකයා අලුත් ගැම්මකින් සිතන්නට පටන් ගනී. විචාරාක්ෂිය පුළුල් කර ගනී. ඉක්බිති ජීවිතය අලුත් වෙයි.
මේ කිසිවක් ම නැති බහුභූත සිංහල නවකතා විශේෂයක් අප අතර පවතී. ඒවා ලියැවෙන්නේ සිල්ලර වෙළෙඳාම සඳහා ය. සිල්ලර යන වචනය භාවිත කරන්නේ අපේ රටේ මහා පරිමාණ පොත් අලෙවියක් නැති බැවිනි. පාඨක සමාජය ඉතා කුඩා බැවිනි. එහෙත් මේ සමාජයෙන් සැලැකිය යුතු පදාසයක් බහුභූත නවකතාකරුවන් විසින් අල්ලාගෙන තිබේ. ඊට හේතු සෙවීම පහසු නැත. කුමක් වුව මේ පොත්වලට යම් වෙළෙඳ පොළක් ඇති බව පමණක් සිහියේ තබා ගැනීම වැදගත් ය.
චන්දි කොඩිකාර යනු අප විසින් විවේචනයට හසු කරනු ලබන ජාතියේ නවකතා ලියන ප්‍රකට සිංහල ලේඛිකාවෙකි. එතුමියගේ සියවන සිංහල නවකතාව කියැවීමේ භාග්‍යය මට ලැබිණි. නවකතා සියයක් ලිවීම යනු මහා බරපතළ කාරණයෙකි. සිංහලයේ මහා ලේඛක මාර්ටින් වික්‍රමසිංහ මහතා මුළු ජීවිත කාලයට ම ලියා ඇත්තේ පොත් අසූ එකක් හෝ අසූ දෙකක් හෝ පමණි. ඒවා ද විවිධ විෂයයන්ට අයත් කෘතීන් ය. මේ අතින් බලන විට කොඩිකාර මැතිනිය තව වැඩිකල් නො යාම නවකතා දහසක් ලියනු ඇත. මේ මහත්මිය ගිනස් පොතට යනු ඇත. ඊට පෙර සම්මාන ආදිය ද ලැබෙනු ඇත.
කතුවරියගේ සියවන නවකතාව මුහුණු පොතේ ලන්දු ලෙසින් නම් කොට තිබේ. එය කියවා හමාර කළ සැණෙන් මට හැඟී ගියේ අකුරු දන්නා ඕනෑම කෙනකුට එක සතියකින් මෙබඳු පොතක් ලියා අවසන් කළ හැකි බව ය. අමාරුවක් වෙතොත් ඒ ලියන අතට පමණි. ඇය කතන්දරයක් කියාගෙන යයි. මේ නීරස කතන්දරය මගදි කැඩෙයි. ඊළඟට තව කතාවක් කියාගෙන යයි. එය ද මඟදි කැඩෙයි. ඊළඟට තවත් කතාවක් කියාගෙන යයි. ඒකමිතියක් නැත. පරමාර්ථයක් නැත. වින්දනයක් නැත. සැලැසුමක් නැත. අවසානයක් නැත. අන්තිමේ කිසි ම දෙයක් නැත. සොයා බැලිය යුත්තේ පාඨකයා මේවා මිලට ගන්නේ ඇයි ද යන්න ය.
මේ කතාවේ ප්‍රධාන චරිතය කවියෙකි. ඔහුගේ නම විදූෂ ය. ගුරුවරයකු ලෙස ද, සම්බන්ධීකාරක නිලධරයකු ලෙස ද ඔහු කටයුතු කරයි. කතාවේ විකාශය ප්‍රධාන චරිතය මාර්ගයෙන් සිදු කෙරේ. පහත සඳහන් සිදුවීම් ප්‍රධාන චරිතය සමග ගැට ගැසී ඇත.
(I) තාත්තා අපලයක් නිසා පුතා ගෙදරින් එළවීම.
(II) පුතාට අත්තම්මා සමඟ හුදෙකලා ජීවිතයක් ගතකිරීමට සිදුවීම.
(III) කවියාගේ ප්‍රථම ප්‍රේමය ලත් තැන ලොප් වීම.
(IV) සහකාරිය කවියාට නො ගැළපෙන නිසා පවුල් ගැටුම් ඇතිවීම.
(V) කවියා අසම්මත ප්‍රේමයක පැටලීම.
(VI) ප්‍රධාන චරිතය මුහුණුපොත නිසා අන්තරායයක් වෙත ගමන් කිරීම.
බැලූ බැල්මට පෙනෙන්නේ කතුවරිය බරපතළ අවස්ථා ගණනාවක් කදිමෙට මතුකර ඇති බව ය. මේ අවස්ථා ජීවිතය නිරූපණයටත්, සමාජ යථාර්ථය පෙන්වා දීමටත් අවශ්‍ය පසුබිම සකස් කරයි. එහෙත් කතුවරිය එම කදිම අවස්ථා අවබෝධයකින් යුතුව නිරූපණය කරන්නේ නැත. එකිනෙක චරිත ඊට මුහුණ දීමෙන් මතුවන සංවේදනා සටහන් කරන්නේ නැත. කතාව ඉදිරියට ඇදෙන්නේ සිද්ධියක් යාන්තමට සටහන් කිරීමෙන් පමණි. කතුවරියට සංකීර්ණ චරිත නිරූපණය ගැන කිසිදු හැඟීමක් හා අවබෝධයක් නැති බව පෙනෙයි. සාර්ථක නවකතාකරුවකුට ඉහත සඳහන් එක සිද්ධියක් පාදක කොට සංකීර්ණ හා පරිසමාප්ත ප්‍රබන්ධයක් රචනා කළ හැකි ය.
අමෙරිකන් ලේඛිකාවක වන ජොඩි පිකුල්ටි අතිශය ජනප්‍රිය ඉංග්‍රීසි නවකතාකාරියෙකි. එලෙස ම ජොඩී ඉතා වේගයෙන් වැඩ කරන තැනැත්‍තියකි. පොත් කිහිපයක වැඩ එකවර කිරීම ඇගේ ක්‍රමය බව ජොඩී කියා තිබේ. එක් නවකතාවක් ලිවීම සඳහා දීර්ඝ සංචාරයක යෙදෙමින් කරුණු ගවේෂණය කරන ජොඩී ඒ සමඟ තවත් නවකතාවක් සංස්කරණය කරයි. කතුවරිය නවකතා රචනයට එකතු වන්නේ 1992 දී ය. ගෙවී ගිය වසර විසි දෙකක කාලය තුළ දී ඇය නවකතා විස්සක් ලියා නැත. කෙතරම් වේගයෙන් කටයුතු කළත් ඇගේ පරිස්සම හා අධ්‍යයනය පුදුම සහගත ය. “සෙකන්ඩ් ග්ලාන්ස්” බඳු නවකතාවකින් පෙනී යන්නේ මේ ලේඛිකාව චරිත නිරූපණය කෙරෙහි දක්වන බැරෑරුම් සැලැකිල්ලයි. වැදගත් වන්නේ වේගය නො ව අධ්‍යයනය හා නිරූපණය ය.
සමහරු කරුණාසේන ජයලත්, එඩ්වඩ් මල්ලවආරච්චි වැනි නවකතාකරුවන්ගේ ගණයට චන්දි කොඩිකාර වැනි අය ගේ නම් ද එකතු කරති. එය එක් අතෙකින් බලවත් අපරාධයක් හා තව අතෙකින් කරුණාසේන ජයලත් වැනි විශිෂ්ට ප්‍රබන්ධකතාකරුවකු වෙත එල්ල කරන බලවත් අපහාසයක් ද වන්නේ ය. චන්දි කොඩිකාර වැනි අයගේ රචනා ජනප්‍රිය නවකතා ගනයට ඇතුළත් කිරීම වැරැදි ය. ජයලත් මහතාගේ රොමෑන්තික ප්‍රේමය, කතා රසය, උද්වේගකර අවසානය, අපූරු චරිත නිරූපණය චන්දි කොඩිකාර වැනි අයට ඊළඟ ආත්මයේවත් ලබාගත නො හැකි ය. එඩ්වඩ් මල්ලවආරච්චි සමාජ ප්‍රශ්න කේන්ද්‍ර කොට නවකතාකරණයෙහි යෙදෙන්නෙකි. ඔහුට සමාජ ගැටලු හා ඊට බලපාන සාධක පිළිබඳ පුළුල් වැටහීමක් තිබේ. එම අවබෝධයත් සමඟ කතා රසය මිශ්‍ර කිරීම එඩ්වඩ්ගේ නවකතාවල දක්නට ලැබෙන විශේෂතාවයි. තවත් මෙබඳු නවකතාකරුවෝ කිහිප දෙනෙක් ද අපට සිටිති.
කොඩිකාරගේ පොතට “මුහුණු පොතේ ලන්දු” යන සිරස්තලය යොදා ඇත්තේ විකිණීමේ උපාය මාර්ගයක් ලෙස ය. මේ සිරස්තලය දුටු සැණෙන් “ෆේස්බුක්” ඔස්සේ සිදුවන කාම අපරාධය ගැන අප සිහියට නැඟේ. කාමාතුරයකු විසින් රවටන ලද බොළඳ සුරූපී යෞවනියක ද සිහියට නැඟේ. නූතන සමාජය තුළ ෆේස්බුක් හා අපරාධ සම්බන්ධ කතිකාවක් ද පවතී. මේ සියල්ල ම සිල්ලර වෙළෙඳාමට හොඳ පසුබිමක් සකස් කරයි. එහෙත් මේ පසුබිම අදාළ වචන ටිකක් හැරෙන්නට, අමුතු සිදුවීමක් පොතෙහි නැත. කතුවරිය හඳුන්වා දෙන අමුතු දෙයක් ද එහි නැත.
මුහුණු පොත සම්බන්ධතා මූලික කොට මලයාලම් බසින් රචනා වූ නවකතාවක් පිළිබඳ සංවාදයක් ඉන්දියාවේ පාඨකයන් අතර පවතී. මධුපාල් නම් තරුණ ලේඛකයකු විසින් රචනා කරන ලද එම කෘතියේ බොහෝ දෙනාගේ අවධානයට ලක් ව තිබේ. එක්තරා පාඨකයෙක් එම කෘතියට ප්‍රතිචාර දක්වා තිබුණේ මෙසේ ය. එය ඔහුගේ ම වචනවලින් දැක්වීම වඩාත් වැදගත් ය.
“A neat book. A simple book. That tell, complicated human life. The narration and the content makes you glued to the book – and you won’t keep the book down until you complete”
පාඨකයාගේ වාක්‍ය කිහිපයෙන් පෙනී යන්නේ මළයාලම් සාහිත්‍ය සමාජයේ පවතින උසස් රසිකත්වය යි. එහි ලේඛකයාට මෙන් ම පාඨකයාට ද ප්‍රබන්ධ කථාව පිළිබඳ අවබෝධයක් තිබේ. “ෆේස්බුක්” යනු මධුපාල්ගේ සියවන නවකතාව නො ව පළමුවන නවකතාවයි. ඔහු සිය කුළුදුල් නවකතාව රචනා කරන්නේ තමන්ගේ විෂයය හා එහි ශිල්පධර්ම පිළිබඳ අධ්‍යයනයකින් පසු ය. ශ්‍රී ලංකාවේ අපට එබඳු ලේඛකයෝත් නැත. එබඳු පාඨකයෝත් නැත.
චන්දි කොඩිකාර සිය කවියාගේ ප්‍රතිභාව දැක්වීම සඳහා කාව්‍ය රචනා ද ඉදිරිපත් කරයි.
උදේ පාන්දර සුදු මල් නෙළලා
බුදුන් පුදනවා අත්තම්මා
පානෙන් ගත් තෙල් මා හිස තවරා
මට පින් දෙනවා අත්තම්මා
යන එන මඟ තොට වෙහෙස නිවන්නට
කවි මුමුණනවා අත්තම්මා
ජීවිතයම මට දෝතින් ගෙන දී
ළඟ ම රැඳෙනවා අත්තම්මා
මේ කවි ද නැත්නම් බයිලාදැ’ යි සිතාගත නො හැකි ය. මෙබඳු කවි දෙකේ පන්තියේ ළමයින් ලියනු දැක ඇත්තෙමි. මෙබඳු ලේඛිකාවන් ආපසු හැරවීමේ හැකියාවක් අපට නැත. ඇය දිගට ම තම සිල්ලර වෙළෙඳාම කරගෙන යනු ඇත. එහෙත් ජීවිතය පුරාවට ම මිනිසාට වැදගත් වන නවකතාවක් නො ලියනු ඇත.
එස්කිමෝවරුන්ට ශීතකරණ අලෙවි කිරීම යනු අතිශය පරණ හම්පඩ කතාවකි. නූතන ගනුදෙනු සාර්ථක කරගැනීමට නම්; සුද්දාට ඉංග්‍රීසි ඉගැන්වීමේ හැකියාවක් ද අරාබියට ඛනිජ තෙල් අපනයනය කිරීමේ සූත්‍රයක් ද වැද්දාට පිරිසුදු මී පැණි විකිණීමේ ව්‍යාපෘතියක් ද අපට තිබිය යුතුය. එසේ නැතහොත් අප්‍රිකාවේ නාකි සිංහයන්ට තණකොළ ලබාදීමේ කොන්ත්‍රාත්තුවක් හෝ අපට තිබිය යුතුය. මේ කාලයේ පොත් ගැහිල්ලත් එම උපායමාර්ගවලට අනුව ම තේරුම් බේරුම් කරගැනීම යහපත් ය.
අපේ ම ජීවිත එහෙන් - මෙහෙන් පහුරු ගා එහි එදිනෙදා සිදුවීම් පෙළගස්වා ඒවා කොළ කැබැලිවලට වමාරා නවකතා පොත් ලෙසින් මුද්‍රණය කොට; පාඨකයන්ගේ ඇඟේ ගැසීමේ පොඩි පහේ ජාවාරමක් අප අතර පවතී, කුඩු නැතහොත් හෙරොයින් විකුණමින් පරම්පරා ගණනාවක් විනාශ මුඛයට ඇද දමන මහා පරිමාණ අපරාධයට වඩා මේ ජාවාරම සාධාරණ ය. යුක්ති - සහගත ය. කුඩු මුළු ජීවිතය ම නැති භංගස්ථාන කරන අතර මේ ජාතියේ නවකතා ජීවිතය ම තකතීරු තත්ත්වයකට ඇද දමයි.
නූතන සිංහල පාඨකයාගේ රුචිකත්වය බල්ලට ගිහින් යැයි එක් විචාරකයෙක් කියා සිටී. දැන් නවකතා ලෙසින් ලියැවෙන්නේ වැල්වටාරම් හා බහුභූත යැයි තවත් විචාරකයෙක් කියා සිටී. අපගේ වැටහීමට අනුව මේ කතා දෙක ම නිවැරැදි ය. එක් අතෙකින් පුහුණු කර ගත් රසිකත්වයක් ඇති පාඨකයෝ හිඟ වෙති. තව අතෙකින් බලවත් ශාස්ත්‍රීය පරිශ්‍රමයකින් යුතුව නවකතා ලියන ලේඛක - ලේඛිකාවෝ හිඟ වෙති.
සාහිත්‍යය යනු මිනිස් නිෂ්පාදනයකි. එහි පරිසමාප්තිය සඳහා මානසික හා ශාරීරික ශ්‍රමය කැප කළ යුතු ය. අවසන් ප්‍රතිඵලය විය යුත්තේ මිනිස් සමාජයෙහි දැනුම හා වින්දනය පුළුල් කිරීම ය. නවකතාව යනු ජීවිතය පිළිබඳ අලුත් පාඩමක් යැයි කියනු ලැබේ. ඒ මගින් පුද්ගලයාගේ ඥාන - මණ්ඩලය පෝෂණය කෙරේ. චින්තනය අවදි කෙරේ. සාර්ථක නවකතාවක් වින්දනය කිරීමෙන් පසු පාඨකයා අලුත් ගැම්මකින් සිතන්නට පටන් ගනී. විචාරාක්ෂිය පුළුල් කර ගනී. ඉක්බිති ජීවිතය අලුත් වෙයි.
චන්දි කොඩිකාර |
මේ කිසිවක් ම නැති බහුභූත සිංහල නවකතා විශේෂයක් අප අතර පවතී. ඒවා ලියැවෙන්නේ සිල්ලර වෙළෙඳාම සඳහා ය. සිල්ලර යන වචනය භාවිත කරන්නේ අපේ රටේ මහා පරිමාණ පොත් අලෙවියක් නැති බැවිනි. පාඨක සමාජය ඉතා කුඩා බැවිනි. එහෙත් මේ සමාජයෙන් සැලැකිය යුතු පදාසයක් බහුභූත නවකතාකරුවන් විසින් අල්ලාගෙන තිබේ. ඊට හේතු සෙවීම පහසු නැත. කුමක් වුව මේ පොත්වලට යම් වෙළෙඳ පොළක් ඇති බව පමණක් සිහියේ තබා ගැනීම වැදගත් ය.
චන්දි කොඩිකාර යනු අප විසින් විවේචනයට හසු කරනු ලබන ජාතියේ නවකතා ලියන ප්‍රකට සිංහල ලේඛිකාවෙකි. එතුමියගේ සියවන සිංහල නවකතාව කියැවීමේ භාග්‍යය මට ලැබිණි. නවකතා සියයක් ලිවීම යනු මහා බරපතළ කාරණයෙකි. සිංහලයේ මහා ලේඛක මාර්ටින් වික්‍රමසිංහ මහතා මුළු ජීවිත කාලයට ම ලියා ඇත්තේ පොත් අසූ එකක් හෝ අසූ දෙකක් හෝ පමණි. ඒවා ද විවිධ විෂයයන්ට අයත් කෘතීන් ය. මේ අතින් බලන විට කොඩිකාර මැතිනිය තව වැඩිකල් නො යාම නවකතා දහසක් ලියනු ඇත. මේ මහත්මිය ගිනස් පොතට යනු ඇත. ඊට පෙර සම්මාන ආදිය ද ලැබෙනු ඇත.
කතුවරියගේ සියවන නවකතාව මුහුණු පොතේ ලන්දු ලෙසින් නම් කොට තිබේ. එය කියවා හමාර කළ සැණෙන් මට හැඟී ගියේ අකුරු දන්නා ඕනෑම කෙනකුට එක සතියකින් මෙබඳු පොතක් ලියා අවසන් කළ හැකි බව ය. අමාරුවක් වෙතොත් ඒ ලියන අතට පමණි. ඇය කතන්දරයක් කියාගෙන යයි. මේ නීරස කතන්දරය මගදි කැඩෙයි. ඊළඟට තව කතාවක් කියාගෙන යයි. එය ද මඟදි කැඩෙයි. ඊළඟට තවත් කතාවක් කියාගෙන යයි. ඒකමිතියක් නැත. පරමාර්ථයක් නැත. වින්දනයක් නැත. සැලැසුමක් නැත. අවසානයක් නැත. අන්තිමේ කිසි ම දෙයක් නැත. සොයා බැලිය යුත්තේ පාඨකයා මේවා මිලට ගන්නේ ඇයි ද යන්න ය.
මේ කතාවේ ප්‍රධාන චරිතය කවියෙකි. ඔහුගේ නම විදූෂ ය. ගුරුවරයකු ලෙස ද, සම්බන්ධීකාරක නිලධරයකු ලෙස ද ඔහු කටයුතු කරයි. කතාවේ විකාශය ප්‍රධාන චරිතය මාර්ගයෙන් සිදු කෙරේ. පහත සඳහන් සිදුවීම් ප්‍රධාන චරිතය සමග ගැට ගැසී ඇත.
(I) තාත්තා අපලයක් නිසා පුතා ගෙදරින් එළවීම.
(II) පුතාට අත්තම්මා සමඟ හුදෙකලා ජීවිතයක් ගතකිරීමට සිදුවීම.
(III) කවියාගේ ප්‍රථම ප්‍රේමය ලත් තැන ලොප් වීම.
(IV) සහකාරිය කවියාට නො ගැළපෙන නිසා පවුල් ගැටුම් ඇතිවීම.
(V) කවියා අසම්මත ප්‍රේමයක පැටලීම.
(VI) ප්‍රධාන චරිතය මුහුණුපොත නිසා අන්තරායයක් වෙත ගමන් කිරීම.
බැලූ බැල්මට පෙනෙන්නේ කතුවරිය බරපතළ අවස්ථා ගණනාවක් කදිමෙට මතුකර ඇති බව ය. මේ අවස්ථා ජීවිතය නිරූපණයටත්, සමාජ යථාර්ථය පෙන්වා දීමටත් අවශ්‍ය පසුබිම සකස් කරයි. එහෙත් කතුවරිය එම කදිම අවස්ථා අවබෝධයකින් යුතුව නිරූපණය කරන්නේ නැත. එකිනෙක චරිත ඊට මුහුණ දීමෙන් මතුවන සංවේදනා සටහන් කරන්නේ නැත. කතාව ඉදිරියට ඇදෙන්නේ සිද්ධියක් යාන්තමට සටහන් කිරීමෙන් පමණි. කතුවරියට සංකීර්ණ චරිත නිරූපණය ගැන කිසිදු හැඟීමක් හා අවබෝධයක් නැති බව පෙනෙයි. සාර්ථක නවකතාකරුවකුට ඉහත සඳහන් එක සිද්ධියක් පාදක කොට සංකීර්ණ හා පරිසමාප්ත ප්‍රබන්ධයක් රචනා කළ හැකි ය.
අමෙරිකන් ලේඛිකාවක වන ජොඩි පිකුල්ටි අතිශය ජනප්‍රිය ඉංග්‍රීසි නවකතාකාරියෙකි. එලෙස ම ජොඩී ඉතා වේගයෙන් වැඩ කරන තැනැත්‍තියකි. පොත් කිහිපයක වැඩ එකවර කිරීම ඇගේ ක්‍රමය බව ජොඩී කියා තිබේ. එක් නවකතාවක් ලිවීම සඳහා දීර්ඝ සංචාරයක යෙදෙමින් කරුණු ගවේෂණය කරන ජොඩී ඒ සමඟ තවත් නවකතාවක් සංස්කරණය කරයි. කතුවරිය නවකතා රචනයට එකතු වන්නේ 1992 දී ය. ගෙවී ගිය වසර විසි දෙකක කාලය තුළ දී ඇය නවකතා විස්සක් ලියා නැත. කෙතරම් වේගයෙන් කටයුතු කළත් ඇගේ පරිස්සම හා අධ්‍යයනය පුදුම සහගත ය. “සෙකන්ඩ් ග්ලාන්ස්” බඳු නවකතාවකින් පෙනී යන්නේ මේ ලේඛිකාව චරිත නිරූපණය කෙරෙහි දක්වන බැරෑරුම් සැලැකිල්ලයි. වැදගත් වන්නේ වේගය නො ව අධ්‍යයනය හා නිරූපණය ය.
සමහරු කරුණාසේන ජයලත්, එඩ්වඩ් මල්ලවආරච්චි වැනි නවකතාකරුවන්ගේ ගණයට චන්දි කොඩිකාර වැනි අය ගේ නම් ද එකතු කරති. එය එක් අතෙකින් බලවත් අපරාධයක් හා තව අතෙකින් කරුණාසේන ජයලත් වැනි විශිෂ්ට ප්‍රබන්ධකතාකරුවකු වෙත එල්ල කරන බලවත් අපහාසයක් ද වන්නේ ය. චන්දි කොඩිකාර වැනි අයගේ රචනා ජනප්‍රිය නවකතා ගනයට ඇතුළත් කිරීම වැරැදි ය. ජයලත් මහතාගේ රොමෑන්තික ප්‍රේමය, කතා රසය, උද්වේගකර අවසානය, අපූරු චරිත නිරූපණය චන්දි කොඩිකාර වැනි අයට ඊළඟ ආත්මයේවත් ලබාගත නො හැකි ය. එඩ්වඩ් මල්ලවආරච්චි සමාජ ප්‍රශ්න කේන්ද්‍ර කොට නවකතාකරණයෙහි යෙදෙන්නෙකි. ඔහුට සමාජ ගැටලු හා ඊට බලපාන සාධක පිළිබඳ පුළුල් වැටහීමක් තිබේ. එම අවබෝධයත් සමඟ කතා රසය මිශ්‍ර කිරීම එඩ්වඩ්ගේ නවකතාවල දක්නට ලැබෙන විශේෂතාවයි. තවත් මෙබඳු නවකතාකරුවෝ කිහිප දෙනෙක් ද අපට සිටිති.
කොඩිකාරගේ පොතට “මුහුණු පොතේ ලන්දු” යන සිරස්තලය යොදා ඇත්තේ විකිණීමේ උපාය මාර්ගයක් ලෙස ය. මේ සිරස්තලය දුටු සැණෙන් “ෆේස්බුක්” ඔස්සේ සිදුවන කාම අපරාධය ගැන අප සිහියට නැඟේ. කාමාතුරයකු විසින් රවටන ලද බොළඳ සුරූපී යෞවනියක ද සිහියට නැඟේ. නූතන සමාජය තුළ ෆේස්බුක් හා අපරාධ සම්බන්ධ කතිකාවක් ද පවතී. මේ සියල්ල ම සිල්ලර වෙළෙඳාමට හොඳ පසුබිමක් සකස් කරයි. එහෙත් මේ පසුබිම අදාළ වචන ටිකක් හැරෙන්නට, අමුතු සිදුවීමක් පොතෙහි නැත. කතුවරිය හඳුන්වා දෙන අමුතු දෙයක් ද එහි නැත.
මුහුණු පොත සම්බන්ධතා මූලික කොට මලයාලම් බසින් රචනා වූ නවකතාවක් පිළිබඳ සංවාදයක් ඉන්දියාවේ පාඨකයන් අතර පවතී. මධුපාල් නම් තරුණ ලේඛකයකු විසින් රචනා කරන ලද එම කෘතියේ බොහෝ දෙනාගේ අවධානයට ලක් ව තිබේ. එක්තරා පාඨකයෙක් එම කෘතියට ප්‍රතිචාර දක්වා තිබුණේ මෙසේ ය. එය ඔහුගේ ම වචනවලින් දැක්වීම වඩාත් වැදගත් ය.
“A neat book. A simple book. That tell, complicated human life. The narration and the content makes you glued to the book – and you won’t keep the book down until you complete”
පාඨකයාගේ වාක්‍ය කිහිපයෙන් පෙනී යන්නේ මළයාලම් සාහිත්‍ය සමාජයේ පවතින උසස් රසිකත්වය යි. එහි ලේඛකයාට මෙන් ම පාඨකයාට ද ප්‍රබන්ධ කථාව පිළිබඳ අවබෝධයක් තිබේ. “ෆේස්බුක්” යනු මධුපාල්ගේ සියවන නවකතාව නො ව පළමුවන නවකතාවයි. ඔහු සිය කුළුදුල් නවකතාව රචනා කරන්නේ තමන්ගේ විෂයය හා එහි ශිල්පධර්ම පිළිබඳ අධ්‍යයනයකින් පසු ය. ශ්‍රී ලංකාවේ අපට එබඳු ලේඛකයෝත් නැත. එබඳු පාඨකයෝත් නැත.
චන්දි කොඩිකාර සිය කවියාගේ ප්‍රතිභාව දැක්වීම සඳහා කාව්‍ය රචනා ද ඉදිරිපත් කරයි.
උදේ පාන්දර සුදු මල් නෙළලා
බුදුන් පුදනවා අත්තම්මා
පානෙන් ගත් තෙල් මා හිස තවරා
මට පින් දෙනවා අත්තම්මා
යන එන මඟ තොට වෙහෙස නිවන්නට
කවි මුමුණනවා අත්තම්මා
ජීවිතයම මට දෝතින් ගෙන දී
ළඟ ම රැඳෙනවා අත්තම්මා
මේ කවි ද නැත්නම් බයිලාදැ’ යි සිතාගත නො හැකි ය. මෙබඳු කවි දෙකේ පන්තියේ ළමයින් ලියනු දැක ඇත්තෙමි. මෙබඳු ලේඛිකාවන් ආපසු හැරවීමේ හැකියාවක් අපට නැත. ඇය දිගට ම තම සිල්ලර වෙළෙඳාම කරගෙන යනු ඇත. එහෙත් ජීවිතය පුරාවට ම මිනිසාට වැදගත් වන නවකතාවක් නො ලියනු ඇත.
රන්ජන් අමරරත්න
ඇරු රන්ජා ඇරු මේ රන්ජත් දැන් රතුපස්වල රන්ජ වගේනේ. චන්දි කොඩ්ඩිව දාන්න ඕන සුජීව ප්‍රසන්ගේ කැටගැරියට.
ReplyDeleteහේ,හේ මේ විචාරය කියවේවම මටත් එහෙම තමයි හිතුනේ.
Deleteදාන්න දෙයක් නෑ යකෝ දෙන්නම ඒ කැටගරියෙ තමා...
Deleteචැහ්
කවුද රතුපස්වල රන්ජා මට මතක නෑනේ...
Deleteමේ වගෙ කිසි කමකට නැති විකාර කියවන්න පුරුදු වුන ගෑනු ඉන්නෙ අමුතු විකාර මානසිකත්වයක.කවුරුහරි මිනිහෙක් ඇවිත් යාළුවෙන්න අහපු ගමන් යාළුවෙන කාලකන්නි.මේ වගෙ පරපුරක් බිහිවෙලා තියෙන්නෙ මේ වගෙ කසිකබල් ලේඛිකාවො නිසා.මාටින් වික්‍රමසිංහ ජීවිත කාලෙම පොත් අසූ ගනනයි.මේ උඩිච්චි ලියල පොත් සීයක්.මෙයා විතරක් නොවෙයි තව මෙහෙම පොත් ලියන බූතයො බූතියො රෑනක් ඉන්නව.මුන්ගෙ ඔළුවල පහලවෙන පිස්සු විකාර ලියන කොටම කියවන්න බලාගෙන ගන්දබ්බයො රෑනක් ඉන්නව.මුන්ට එහෙමට සල්ලි නොලැබෙන්නෙ කියවන එකාල ඒව කියවන්නෙ ඉල්ලගෙන මිසක් සල්ලි දීල අරගෙන නොවන නිසයි.
ReplyDeleteමමත් දවසක් මෙයාගෙද මන්ද පොතක් කියෙව්ව.මෙහෙම පිස්සු කතා මනුස්සයෙකුට ලියන්න පුළුවන්ද කියල හිතුන.මේ වගෙ පොත් ලියන අයව අල්ලල පුනරුත්ථාපනය කරන්න ඕන කියලයි මම කියන්නෙ.
මෙහෙම පොත් ලියනවනම් රටේ ජනගහනය කෝටි දෙකටම පොත් ලියන්න පුළුවන්.එදිනෙදා දෙබස් ටිකයි තව හිතට එන විකාරයි ඔහෙ ලියනව.කම්මැලිකමක් නැතිව ලියන්න පුළුවන් එක විතරයි ඕන කරන්නෙ.මේව කියවන එවුන්ගෙ ඔළු පරීක්ෂා කළොත් EEGසටහන් වල කිසිම දෙයක් නැතිව ඇති.මේ මොකද කියල දොස්තරල උඩ බිම බලනකොට කියයි චන්දි කොඩිකාරලගෙ සුජීව ප්‍රසන්නලගෙ පොත් කියවන්න ගත්තට පස්සෙ තමයි මෙහෙම වුනේ කියල.
Deleteවැඩේ තියෙන්නේ සැමට මිතුරු මේවා බොහොම රස කර කර කියවන්නත් පිරිසක් ඉන්න එකනේ. කළ යුත්තේ පාඨකයාගේ රසාස්වාදනීය දැනුම පුළුල් කරන්නට වැඩපිළිවෙළක් හදන එකයි. ඉස්සර පාසල් මට්ටමින් ඒ දේවල් වුණා. එත් දැන් පාසල්වලින් ඒ දේවල් ගිලිහිලා ගිහින්
Deleteචන්දි කොඩිකාරගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්න බෑ. විචාරය නොකලත් අර කවි දෙක කියවීමම ප්‍රමාණවත්.
ReplyDelete"මුහුණු පොතේ ලන්දු" මේක මතක තියාගන්න ඕන හොඳට. අනාගතේ දවසක හරි මේ මල ඉලව්ව හමුවුනොත් මඟහැරල යන්න.
වරද එයාලගේ නොවේ ඒ අය වෙනුවෙන් වෙනමම පරපුරක් සිටිමයි රාජ්...
Deleteහා හා...මෙයා වගේ තව කීප් දෙනෙක්ම ඉන්නවා ඔය කාන්තා පත්තරවලටත් ලියන්නේ ඔය වගේ කතන්දර..අනේ කාලේ වනේ වාසේ කියලා හිතෙනවා ඒ බොලඳ විකාර කියෙව්වම.අනික සුජීවලා මෙයාලා වගේ අය කරන ඔය බිස්නස් එකෙන් සොරිවෙන්නේ ඇත්තටම සමාජයේ තැලිල පොඩිවෙලා නැතුව ඈත් පිටිසරින් ආව සහ මෝඩවිදියට මෙව්වා අදහන්න ගන්න කෙල්ලෝ.ඔය ගාමන්ට් සංකෘතිය ඇතුලේ වෙන දේවල්වලටත් සීයට ගාණක් මේවා හේතු.:/
ReplyDeleteඅනිවා මේ මවන ලොසින්ජර් ලෝකයේ තාරුණ්‍ය වල්මත් වෙනවා
Deleteඔහොම පොත් අච්චු ගහන සෙට් එකක්ම ඉන්නවානේ. දෙමව්පියන්ට ප්‍රින්ටින් ප්‍රෙස් එහෙම අයිති ඇති මගේ හිතේ.
ReplyDeleteජෝඩි පිකෝල්ට්ලා මොක්කුද....අවුරුදු විසිගානකට පොත් විසිගානයි. මෙන්න ඒකට රජ වැඩ කාරයෝ.
හොඳ පොතක් යනු ලේකකයාගේ පර්යේෂණයකි.....
Deleteනිකන් දුන්නත් සමහර කතුවරුන් ගේ පොත් තියෙනවා මං කියවන්නෙ නැති,සිංහල නවකතා මට එපාම කරේ මේ සුජිව කියන මනුස්සයා,මෙවා කියවන පිරිසක් ඉන්නවා අර මල් සිංදු අහනවා වගේ තමයි .......මෙයත් කොහොමත් ඒ වගේම කෙනෙක් තමයි අර කවිය කියන පද ටික දැක්කාම ඇති
ReplyDeleteමේකත් එක්තරා රැල්ලක් සහෝදර.. අපි මොනවා කිව්වත් මේ අයගේ දේවල් කියවන්න ලොකු පිරිසක් ඉන්නවා...
Delete"මුහුණු පොතේ ලන්දු"..
ReplyDeleteතවත් මාර්කටින් උප්පරවැට්ටියක් ..
ඒ ගැනනේ රන්ජන් කියල තියෙන්නේ
Deleteනවත්වන්නැතුව පොත් 100ක්ම ලිවුවා කියන්නෙ, ඔය පොත් කියවන රසික පිරිසකුත් ඉන්නවම වෙන්න ඕන.
ReplyDeleteපොත් සීයක් කියන්නේ මොකක්ද පොත් දාහකට වඩා ලියාපු "මාරක කතා චක්‍රවර්ති"කෙනෙක්කුත් ඉන්නේ..:D
ReplyDeleteචන්දි කියන්නේ ලංකාදීපේ ශකුවී ගේ නෝනා නේදනලින් අයියේ ?
පොත නොකියවා විචරේ එක්ක එකඟ වීම,නොවීම කරන්න ඕනේ වුණත් පොතේ නමින්ම පොත ගැන ඇති වුනේ ප්‍රසාදයක් නොවේ.ඕවා රැල්ලට එන පොත් වෙන්න පුළුවන්.
කොහොම වුණත් රංජන් මහත්තයාගේ මේ විචාර මේ ලේඛකයින් ඇත්තටම දකින්නේ දකින්නේ නැතිද නලින් අයියේ ?
ශකුවි ගෙ බිරිඳද චන්දි කොඩිකාර???
Deleteඔය සුජීව සහ චන්දි දෙනොගේ පොත්වලින් එකක් හෝ එක පිටුවක් හෝ මා කියවා නැති බව ඉතා සතුටෙන් කියන්න පුළුවන්.
ReplyDeleteඒකටත් එක්ක මගේ අම්මා නම් දිනක් සඟරාවක් ගෙනැවිත් කියවනා දැක සොයා බැලූ විට එය භාවනා නම් වූ ඔය සුජීව නවකතාකරුවා ගේ නිර්මාණයක් බව දැන ගත්තා.
ඒ සඟරාව දැකලා අපේ ගෙදරට ආපු ඇන්ටි කෙනෙක් ඇත්තටම රැවටුණ් ඒක භාවනා ක්‍රමය ගැන ලියවුණු එකක් කියලා!
http://kathandara.blogspot.com/2010/04/blog-post_28.html
!!!
සුජීව සහ චන්දි
Deleteමාද කියවා නැති බව ඉතා සතුටෙන් කියන්න පුළුවන්.
ඒ උනාට බ්ලොග් කියවන වරත්තු කොල්ලො මටත් සුජිව අංකල් කියනව ඔලොක්කුවට
Deleteමේක මට වෙච්ච ඇත්තම සිදුවීමක්. මගෙ අයාළුවෙක්ගේ ගෙදර ඉන්නවා ලංකාවේ කාන්තාවක්. දවසක් මට එයා මෙඩිටේසන් ගැන කිය කියා ඉඳලා උඹලාගේ රටේ එහෙම පොත් සුමානයක් ගානේ එනවා නේද අපේ මාලි කියවනවා කීවා. මට හරි පුදුමයි ඒ කාන්තාව භාවනා පොත් කියවයි කියලා. දවසක් මම එහේ ගිය වෙලාවක නිකම් එකක් ඉල්ලගෙන එන්න බලනකොට මෙන්න මේ සුජීව අප‍්රසන්නගේ පොතක්...
Deleteමට නේද දවස් ගාණක් යනකම් හිනා....
අනේ එහෙම කියන්න හැටියක් නැහැනේ... ඉස්සර පත්තරේක ගිය චන්දි කොඩිකාරගේ 'නිකිණි සිහිනය' කියලා කතාවක් කියෙව්වා... මතක නම් නෑ කතාව. සුජීවගේ නම් කතා කීපයක්ම කියවලා තියනවා... බනින්නත් කියවලා ඉන්න එපැයි...
Deleteතිසරට එකගයි...
Deleteමොකද හැඩ රුව දන්නෙ නැතිව කාට හරි බයිනව කියන්නෙ විචාර බුද්ධියකින් තොරව කරන ප්‍රකාශ වගෙයි
@ කකා - භාවනා සුජීවගේ පොතක්.... ලිංකුවට ස්තුතියි....
Delete@ අටම් - කවුද මචං උඹට සුජීව කියන්නේ
@ රංගි - මදැයි ඔයැයිටත් වෙන වැඩ.ඒක කියෝල මටත් හිනා...
@ තිසර - නිකිණි සිහිනය චන්දිගේ කතාවක් එය ලිව්වේ 1995 වසරේ යොවුන් ජනතා පත්තරේට...
@ ඇත්ත යමක් විවේචනය කරන්න හෝ එයත් කියවා තිබිය යුතුයි...
අපොයි මම නං කියවනවා..
Deleteමෙහෙමයි, අපි පොත් කියවලා නැති ලේඛකයෝ තව කොච්චර ඉන්නවාද?
Deleteඋදාහරණයක් තමයි, මං කරුණාදාස සූරියආරච්චිගේ එක පොතක්වත් කියෝලා නෑ.
නමුත් ඔහුගේ පොත් පහක් මේ දැන් මට පේන්න පොත් කබඩ් එකේ තියෙනවා. වෑකන්දේ ගීතය, අන්ධකාර තාරකාව, කළු දෝංකාරය, රතු ඉද්ද, මම තනිව යමි.
මං චේතන් භගට් ගේ පොත් එකක්වත් කියෝලා නෑ. පොර ගැන මුලින්ම දැන ගත්තේ නලීන් දිල්රුක්‍ෂ ඉන්දියාවේ ගිය ගමන නිසාද කොහෙද? පස්සේ ත්‍රී ඉඩියට්ස් හරහා දැන ගත්තා. නමුත් දැන් මාස තුනක ඉඳලා පොරගේ පොත් පහක් මගේ කබඩ් එකේ තියෙනවා. Revolution 2020, 2 states, The 3 mistakes of my life, One night at the call centre, Five point someone.
සුජීව සහ චන්දි ගේ වෙනස තමයි කියෝලාත් නෑ, කබඩ් එකේත් නෑ!
අපිත් සුරිආරචිචි පරම්පරාවේ නමක් ගෑවිච්චි එකෙක්ගෙවත් පොතක් කියවන්නේ නෑ.. ඔව්.. ඉස්තීරයි..
Deleteචන්දි කියන්නේ හොද පොත් ලියපු කෙනෙක්.
ReplyDeleteඋදාහරන සුදු මල් පියවිලි.
කියවලා නෑ මෙන්ඩිස් මලයෝ
Deleteහල්ලෝ මිස්ටර් බ්‍රා මෙන්ඩා..!!!
Deleteස්තුතියි මචං, සුද්දියෝ බ්‍රා ඇන්දෙ නැත්නම් මට වෙන්නේ හිගාකන්න.
Delete\\එස්කිමෝවරුන්ට ශීතකරණ අලෙවි කිරීම යනු අතිශය පරණ හම්පඩ කතාවකි. නූතන ගනුදෙනු සාර්ථක කරගැනීමට නම්; සුද්දාට ඉංග්‍රීසි ඉගැන්වීමේ හැකියාවක් ද අරාබියට ඛනිජ තෙල් අපනයනය කිරීමේ සූත්‍රයක් ද වැද්දාට පිරිසුදු මී පැණි විකිණීමේ ව්‍යාපෘතියක් ද අපට තිබිය යුතුය. එසේ නැතහොත් අප්‍රිකාවේ නාකි සිංහයන්ට තණකොළ ලබාදීමේ කොන්ත්‍රාත්තුවක් හෝ අපට තිබිය යුතුය. //
ReplyDeleteපෝස්ට් එකේ මගේ හිතට වැදුනුම තැන. ආයෙ ආයේ ඇහෙන කන් වලට.
ඇත්තටම මේ විචාරයට රන්ජන් ප්‍රවිෂ්ට ව ආකාරය තමා ඉතාමත්ම වැදගත්. ඒ සටහන නිර්මාණ කරුවකුට වගේම නවකයකුටත් අගනා ඔවදනක් වැනියි.
Deleteහෆොයි චන්දි, හැබැයි කවිය ගැන කියලා තියෙන දේ නම් හරි thamaa
ReplyDeleteඉවාන්ට කවි ගැන අපි කියල දෙන්න ඕනයැ..
Deleteමටත් ඔය චන්දිගෙ පොත් දිරවන්නෙ නෑ.. ඔතන පොත් සීයෙ මෙන්න මෙහෙම කතාවක් යනවා බං. මගෙ යාලුවෙක් හිටිය පොඩි ප්‍රකාශන ආයතනයක් කරන.. ඌ මට දවසක් කියනවා
ReplyDelete" මචං චන්දි ට කීයක් හරි දීලා නවකතාවක් ලියාගන්න පුලුවන්..ලියපුවත් තියාවා කිව්වා.එයාට පිටපතට සල්ලි දුන්නම ගණුදෙනුව ඉවරයි.එයාගෙ නම නිසා පොත යනවා "
ඔන්න.!!!
අහිංසක මිනිස්සුන්ට වැරදුනා ලේකිකාවන්ට පද හදන්න එපා බන් ..... අර ඉන්නේ ඉවානයා අල්ල ගනින්කෝ
Deleteපල යන්ඩ :D ඕකට පද හදන එක පාඩුයි. එකපාරිං පිනිස් කොරලා දාන්ඩ ඉන්නේ.. ලේකිකාවද්ද මොකෙද්දනං මං දන් නෑ බං මට කියාපු එක ඕං අතෑරියේ..
Deleteහිතුවමදි මට ගේම් තොපි දෙන්නටම එක සුළඟිල්ලෙන් ගහන්නේ සතියකට නැගිටින්න බැරිවෙන්න
Deleteමදුරුවෙක් ඇනල සතියක් ඇඳේ හිටපු එකාගෙ කට බලහංකො .. බල්ලෙක් එහෙම කෑවනං හත් අවුරුද්දක් බෙඩ් රෙස්ට් කරයි. ඕ යේස්
Deleteඋණුවතුර බාල්දියක් නැද්ද? මෙතැන පොරයක් යන්නයි යන්නේ....
Deleteඅරක්කු බෝතලයකින් දමලා ගහන්න අයියන්ඞි. (බිම දිගේ රෝල් කරලා යැව්වත් කමක්නැ)
Deleteතනකොල ඉල්ලන සමාජයකට තනකොල බෙදල
ReplyDeleteඉල්ලුමට සැපයුම
Deleteනලියා පත්තර කාරයා හන්ද චන්දිව දන්නව ඇතිනේ
ReplyDeleteමචං ඔය සෑම්පලේ කවි ටිකක් තියනව මාලග බැරිවෙයිද ඒ නෝනට කීයකට හරි විකුනගන්ඩ
ඇයි බං උඹලගෙ ගමේ නෙ...
Deleteචන්දි මෙන්ම ඇගේ සැමියා ශාන්ත කුමාර විතාන දෙන්නම මා සමග එකම ආයතනයේ වැඩ කළ අය. ඇය ගම්පහ ඉන්නේ අටං ඉන්නේ රාගමනේ තිසර
Deleteශකුවි කියන්නේ එයාද?
Deletechandikodikarala,upul santhala,bondameedumlawa,Karunasenajayalath ekkasamakreema ROllS ROYS car ekka cheena car samana karanawawagei ewaye watinakamakne snkayathmakawa ihalawithrai.only quantity no quality.--Ranjan.
ReplyDeleteMachan pathare matath lekakayekwenna ona, liyapu ekakata mage nama danna keeyakgiyathkamaknee.
ReplyDeleteඕව වැඩද බං අනුංගෙ මූණට තමංගෙ නම දාල පාස්පෝට් හදන රටේ :D
Deleteරන්ජන් අමරරත්න මහත්තයෝ ඔයා ලියන්න්කෝ හොඳ කතාවක්.(ඔයාගේ විචාරත් ඔය කියන නවකතාවලට දෙවැනි නෑ)
ReplyDeleteවිචාරකයා ට ඉහළන් ඉන්න කෙනෙක් නිර්මාණ කරුවා කියන්නේ.... ඕනම දෙයක් ගැන ඕනම කෙනකුට තමන්ට ආවේනික මතයක් දරන්න හැකියි.
Deleteචන්දි කොඩිකාරගේ පොත් මුල් කාලයේ ඒවා ,මං කීපයක් කියෙව්වා, සල්ලි වලට අරන් නෙමේ, නිකන් හම්බ වෙලා, පහල මට්ටමේ යමක් කියවන්න පුළුවන් ය අතරේ මේවා ඉතා ජනප්‍රියයි..... පිස්සු වැටිලා වගේ පොත් හොයා, හොයා කියෙව්වා,
ReplyDeleteඉතින් බහුතරයක් මේවට කැමතියි..... තාරුණ්‍යයේ සිහින පන්හිද වගේ, හරසුන් උනත්, ජනප්‍රිය බව කිව යුතුය.
කැමති ඇය , හා තේරෙන අය මේවා කියෙව්වට කම් නැත. ඒක ඒ අයගේ කැමැත්ත. ප්‍රබුද්ධ පොත් මේ පිරිසට තේරෙන්නේ නැ, මං එක දෙයක් අත්වින්දා. මං කියවන සමාජීය වටිනාකමක් ඇති පොතක් සදහා මට මාර, සවුත්තුවක් දුන්න මේ අයගෙන් එක් අයෙක්,
මං විභාගයකට පාඩම් කරා, කියෙව්වේ ගණිකාවන් සම්බන්ධව. එදා මාව විවේචනයට ලක් වුණා, කොඩිකාරගේ රසිකාවියන් අතින්, හේතුව, නරක පොත් කියවීම.
ඔන්න මං මගේ මතය ලිව්වා....නලින්...
ඉතාමත්ම පැහැදිලියි නිහින්සා... සමාජයේ රුචිකත්වය ආකල්ප මෙයිට වඩා උසස් තත්ත්වයකට පත් කළ යුතුයි. ඔබට වූ දෙය ගැන කියනවා නම් ඒ අය කෙරෙහි අනුකම්පාවක් හැර වෙන මොනවා කරන්නද?
DeleteMe melorahak nethipoth gahala thman andunana mudritha madyaweedinta kiyala prashasthi liaywagannawa.ekaralath pahu wenakota minissu poth nokiyawama ariyama.Kiyanawa lankawe minissunta rasanchathawayaknekiyala.mowun hariyata Beckary wala paan hadanawa wegi pothliyanne.
ReplyDeleteරසවින්දනය ගැන සමාජය දැනුම්වත් මදි. මේ පාඨකයන්ටවත් ලේඛකයන්ටවත් දොස් කියා වැඩක් නැත. උසස් රස වින්දනය ලබන්න හැකි පිරිසක් තැනිය යුතුයි.
Deleteඅයියෝ විචාරේ..... චන්දි ගැන නම් හරියටම ලියලා.
ReplyDeleteරන්ජන්ගේ දැක්මනේ...
Deleteඅද නං රංජන් ලොක්කට මුව හමක් නෙවෙයි මුවෙක්ම හම්බුවෙල... හි හි
ReplyDeleteමුවෙක් ද මුව දෙනක් ද?
Deleteහිහි...
ReplyDeleteඅලේ මං දල්ලෑ අලේ...
ස්නදි අක්කගෙ හංදි ගලවන්න ඕන ...හුකැස්...
මේවගේ ඒවත් තියෙන්න එපැයි..
නැත්තංබුද්ධිමත් බුවාල කොහොමද නරක/අවර ගණයේ පොත් කියන්නෙ මේවට කියල තමංගෙ පොඩිවුංට කියල දෙන්නෙ
හැක්
අනිවා අනිවා...... මේවා රැල්ලක් හැටියට සමාජගතවන එක තමා ගැටලුව...
Deleteතමන් කැමැති විදිහේ නිර්මාණයක් කිරීමට කෙනෙකුට මානව අයිතියක් තියෙනවා. ඒකට කැමැති නැත්නම් මිළට නොගෙන නොකියවා ඉන්න. ඇයි මේ අහක යන නයි ඔඩොක්කුවේ දාගෙන කෑවෝ කෑවෝ කියලා කෑගහන්නේ?
ReplyDeleteඅනිවා ඇනෝ ඒ වගේම ඕනම නිර්මාණයක් කෙරෙහි තම මතය කියන්නත් අයිතියක් තියනවා. එහෙම නේද?
Deleteචන්දිව නම් කියවල නෑ. සුජීව නම් ඉතින් අප්ප්‍රසන්නම තමයි. හැමදාම එකම තැන පල් වෙනව. සුජීව බොලඳ කතා ලියනව කියල කැම්පස් එකෙනුත් එලෙව්ව කියලයි එයාගෙ බැජ්මේට් කෙනෙක් වෙච්ච අපෙ ඉකොන් සර් කිව්වෙ.
ReplyDeleteඑහෙමද ඒ කතාව නම් මං දැනගන හිටියේ නෑ..
Deleteඒ ගැනනේ රන්ජන් කියල තියෙන්නේ
ReplyDeleteඅයියෝ ආයිත් දාන කමෙන්ට යටටම යනවා.. අනිත් ඒවාට උත්තර හවසට දාන්නම්....
ReplyDeleteඑකම අච්චුවේ කෝම්පිට්ටු දාන්න විතරක් දන්න අමරෙලා ගේ විචාර ගැන මම නං තකන්නේ නැහැ. චන්දි කොඩිකාරටත් එයාගෙම කියල ඕඩියන්ස් එකක් තියේ..
ReplyDeleteකෘතියක් ඉදිරිපත් කිරිම නිර්මාණ කරුවාගේ කාර්යය. එය විචාරයට ලක් කිරීම පාඨකයාගේ කාර්යය.
Delete// සුජීව බොලඳ කතා ලියනව කියල කැම්පස් එකෙනුත් එලෙව්ව //
ReplyDeleteඑසේ එලවීමට නෛතික ප්‍රතිපාදන නොමැත.
සරසවි ආචාර්ය මන්ඩල වල තම "මහාචාර්ය" උසස්වීම සඳහා ඊටත් වඩා බොලඳ සහ ව්‍යාජ කරුනු පොත් ලෙස ලියා කොලවල රෝනියෝ කර "ප්‍රකාශනය" කරනා උන්දැලා වැහි වැහැලාය. එතුමන් සහ එතුමියන්ලා ආචාර්ය උපාදිය නොමැතිව "මහාචාර්ය" පට්ටම් ලබා සමාජයේ වැජඹේ
ඔබ කියනා දේ විය හැකියි....
Deleteමට නම් මේ විචාරය පෙනෙන්නේ ද්වේශ සහගත එකක් ලෙසටය. විචාරය කියවා පොත කියවීමට උත්තේජනයක් පෙළඹවීමක් නැති නම් එය අඩුම ගණනේ කතුවරයාට ඉදිරියට යෑමටවත් රුකුලක් විය යුතු බව මගේ හැඟීමයි. ඒ දෙකම සිදුවන්නේ නැති නම් මෙය අතේ හිරි ඇරගන්නට ලීයූවක් ලෙස සැලකනු විනා වෙන කිසිවක් කල නොහැක.
ReplyDeleteචන්දි කොඩිකාරගේ කතාවක් මුලින්ම මා කියවන්නේ මා නව යොවුන් වියට එළැඹෙන එළිපත්තේ සිටය. ඒ “ඈ පියාඹා ගොසින්“ නමින් ඇය “සුවඳ“ පුවත්පතට ලියූ කතාවයි. එදා ඒ කතාවෙන් ඈ මසිතේ ඉපැදුවූ චමත්කාරය තවමත් මා තුල සුවඳ දේ.
පසුගිය කාලයේ ඈ ගේ නවකතා වල නවකතා ලක්ෂණ අඩු බව මමද පිළිගනිමි. බොහෝ ඒවා මෙලෝ රහක් නැති ඒවාය. මුල් කතාවල දුටු චමත්කාරය මේ පොතේ නැතිවන්නටද බොහෝ දුරට ඉඩ තිබේ (තවම මා මෙය කියෙව්වේ නැත)
ඈගේ මේ රෝගයට හොඳම පිළියම වනුයේ “අත්දැකීම්“ පෙත්තක් බව මට සිතේ.. අවුරුද්දක් හමාරක් ලංකාවේ හෝ ලෝකයේ තැන් තැන්වල ඇවිද අත්දැකීම් එකතු කරගතහොත් මීට වඩා හොඳ පොතක් ලිවිය හැකි වනු ඇත.
තමන් කියවන්න අකමැති ඒව නොකියවා ඉන්න එකනෙ ඇත්තෙ. ඒවට ආස කට්ටිය කියවයි. දැන් මේ සිංහල බ්ලොග් බලන්නකො. ඒවයෙ තියෙන සමහර ඒව දැක්කම මරාගෙන මැරනේන හිතෙනව. ඒ වුණාට අායෙ නොකියවා හිටියම ඉවරනෙ. එහෙම ඒව තියෙනව කියල දැනගන්නෙ කියෙව්වමනෙ.
ReplyDeleteචන්දි කොඩිකාර ගම්පහ ඔරුතොට පාරෙ නේද ඉන්නෙ....මම එකම එක සැරයක් ඇගේ නවකථාවක් කියෙව්වා....රන්ජන් කියනවා වගේ හරිම බොළද කථාවක් ඒක....ගන්න කිසිම දෙයක් නෑ එකෙ. පොත් අළෙවියෙන් බඩ වියත හොයාගන්නවා මිසක සිංහල සාහිත්‍යයට සේවයක් කරන්න අබමල් රේණුවක තරමේ අදහසක් මේ අයට නෑ කියලයි මම හිතන්නෙ....බොහොම කෙටි කාල සීමාවක් තුලදි නවකථා පැටව් ගහන විදියට යතාම ශුර ලේඛකයෙකුටවත් ඒ තරම් වේගයකින් හොද කථාවක් අකුරු කරන්න බෑ කියලයි මට හිතෙන්නෙ.....මෙයාගෙ පොත් වල කවර සැලසුම් කරන්නෙ එයාගෙම පුතා වගෙයි මට මතක....
ReplyDeleteඇගේ සමහර පොත් මා කියවා තියෙනවා. ගන්න හරවත් යමක් නෑ. ඔහේ කියවන්න හොදා. කියවා ඉවරවෙන කොට අපරාදෙ කාලෙ කියලා හිතෙන්නෙ. ඇයගේ පොත් කියවන්න රුචි අයත් ඉන්නවා. ඒ අය කැමති ඒ වාගෙ කතා වලට.
ReplyDelete