සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


පිංතුරය ගත්තේ මෙතැනින්
එය බොහොම ලස්සන ගම්මානයකි. අනෙක් හැම ගමක ම වගේ ගැමි සුන්දරත්වය, ගැමි සුවඳ, ගැමි ගඳ, වැනි හැම දේම මේ ගම්මානයේ ද අඩු වැඩි ලෙස තිබේ.  වරදවා හිතන්න එපා අර උදාගම් සංකල්පෙත් එක්ක කරලියට ආ  ගමක් නම් නොවේ මේ ගම. 
අනෙක් ගමක් හා අප මේ කියන ගම අතර ඇති ලොකුම වෙනස නම් මේ ගමට භූමි පුත්‍රයන් නොමැති වීමයි. ලොව කොතැනක සිටිනා කෙනෙකුට වුව මේ ගමේ ඉඩං කෑල්ලක් තමන් සතු කරගන්න ට එක සතයකුදු වියදම් නොවේ. ගමේ පදිංචියට කැමැති ඕනෑම කෙනෙකු කළ යුත්තේ ඕනැම තැනකින් ඉඩං කට්ටියක් කොටු කර ගෙන තම අනන්‍යතාව හැගවෙන පුවරුවක් එල්ලා ගැනීම පමණයි. තම ඉඩං කට්ටිය තමන්ට කැමැති ඕනැම තැනකින් වෙන්කර ගන්නට ද හැකියාව ඇත. එසේ තම තමන්ට ඉඩං කට්ටි වෙන්කොට ගත් බොහෝ දෙනෙක් සතුටින්, සාමයෙන්, වලියෙන්, මේ ගමේ දිවි ගෙවති.

මේ ගමේ දිවි ගෙවන ජනී ජනයා ගේ එකම විනෝදාංශය වගාවයි. සමහරු මල් වවති, සමහරු මහානර්ඝ ඔසු පැළ වවති, තවත් අය විෂ පැළෑටි ද වවති. තවත් අය මනරම් ලතාවන් වවති. තමන්ට රිසි සේ හැමෝම හැකි පමණනින් මොනවා හෝ වවති. වගාවෙන් පෝෂිත මෙ'ගම ලස්සන වීම ඉතින් අරුමයක් ද?
කවුරුන් කොහොම වගා කළත් ඒ වගාවන් ට සාත්තු සප්පායම් කරන්නට සෙස්සෝ සැහැදී පැහැදී සිටිති. ඇතැම්හු අනෙකා ගේ වගාවට පොහොර දමති, ජලය ඉසිති. ඇතැමෙක් අනෙකකු ගේ වගාවට මිනිස් වසුරු දමා යන අවස්ථා ද නැත්තේ නොවේ. බොහෝ විට එවන් දෑ කරන්නේ සැඟවී සිටිමින් ය.

මෙ'ගම් හි වැස්සන් සතු තවත් සුවිශේෂී ම ලක්ෂණය නම් නොපෙනී සිටින්න ට ඇති හැකියාවයි. කැමැති අය පෙනෙන්න ට ආවත් ඇතැම්හු නොපෙනී සිටිති. නොපෙනී සිටිමින් වගාවන් හි පෝෂණයට උර දෙන්නෝ ද සිටිති.
මේ අතර ගම් වැස්සන් නොවන පිරිස් ද පැමිණ වගාවන්ට අත හිත දෙන අයුරු ද දැක ගත හැකි ය. ඒ අතර වගා වනසන්නන් ද නැත්තේ නොවේ.

බොහෝ විට වන්නේ ගම් වැස්සන් නොවන පිරිස් වගාවන්ට උදව් පදව් කරමින් සිට පසුව මෙ'ගමේ ඉඩම් කට්ටියක හිමි කරුවකු හෝ කාරියක බවට පත් වීමයි. එසේ සාර්ථක වූ බොහෝ පිරිස් මේ ගමේ දී අපට අද ද  දැකගත හැකි ය.

වගාවට ආධුනිකයන් ට පරිණත වගාකරුවන් බොහෝ ආධාර උපකාර කරන අවස්ථා ද ඇත. එවන් උදව් පදව් ලද අය පසුව තමනට උදව් කළ උන්ගේ වගාවකට තෙලක් පෝරක් ඉසිනවා තබා කොරටුව දෙසවත් නොබලන අවස්ථා ද තිබේ. කොහොමත් මේ වගාව සහජීවනයෙන් යුතුව කළ යුතු දෙයක් බව වටහා ගත් ගම් වැස්සෝ සාර්ථකව වගා කටයුතු කරගන කල් ගෙවති.
දැන් ඔබට මහත් වූ කුතුහලයක් ඇති බව මම දනිමි. මොකද්ද මේ ගම.... ඔව් ඔබ මේ කියෙව්වේ බොගලේගම අන්දරයයි......

115 comments:

  1. Replies
    1. බ්ලොගර් ලාගේ ගම...
      මේ සයිබරේ නෙව

      Delete
    2. ගමේ නම අවුල් වගේද පොඩ්ඩියේ.....

      Delete
    3. ඔන්න මහේෂ් උත්තරය දාලා...

      Delete
  2. මොන චක්‍රාවාටයේ මොන විශ්වයේ තියෙන එකක්ද බං ඔය බොගලේ ගම...

    ReplyDelete
    Replies
    1. උබට වැඩක් නෑනේ... කෑවා නං බීවා නං දෙයියනේ කියලා ගෙදර පලයං

      Delete
    2. මේ පෘථිවියේ තියන එකක් දේශෝ

      Delete
  3. පසුව තමනට උදව් කළ උන්ගේ වගාවකට තෙලක් පෝරක් ඉසිනවා තබා කොරටුව දෙසවත් නොබලන අවස්ථා ද තිබේ. ///
    අම්මේ හා....
    හිහි... බොගලේගම අන්දරය නං පට්ට

    ReplyDelete
    Replies
    1. ඔහේ නිකං හිතුණට ලිවවා මහේෂ්

      Delete
  4. Replies
    1. ඕන තැනක රෙප්...

      Delete
    2. රෙපා මලා. දැන් ඉන්නේ අරුණ :D

      Delete
    3. ඇයි ඌව මැරුවේ අපරාදෙනේ මචං..

      Delete
  5. පැත්ත පළාත කිව්වනම් ...... ගෝලයෙක් යවල කොටු කරගන්නව මාත් කෑල්ලක්......

    ReplyDelete
    Replies
    1. වෙරළු ගහ යන ඉඩං කට්ටියක් තියනව නේද කෙන්ජිටත්

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඒකෙ වගා කරන වැල් බෝග ජාති නැගල යනව, කෙන්ජි!

      Delete
    4. ප්‍රා ජේ හැමදාම අපට වතුර පෝර දාල යන කෙනෙක් නේ.... ස්තුතියි.....

      Delete
  6. මේක නම් මහා පුදුම ගමක් තමයි. ටික කාලයක් යනකොට තමයි ගමේ සුවඳ දැණෙන්න පටන් ගන්නේ.

    ReplyDelete
    Replies
    1. ටික කලක් වගාව කරනකොට ගුණ සුවද දැනෙනවා අරූ

      Delete
  7. බූමි පුත්‍රයෝ නෑ කියන්නෙ කොහොමද ඉන්නව.මම ඇහැටම දැක්කනෙ.

    ReplyDelete
    Replies
    1. හෑ ඇහැටම දැක්කත් විශ්වාස කරන්න එපා... එහෙම අය නෑ....

      Delete
  8. අහ් මේ අපේ සයිබර්ගම නෙව

    ReplyDelete
  9. පලිබෝධ නාශක අනතුරු සහිතයි.. ප්‍රවේෂමෙන් පරිහරණය කරන්න...

    ReplyDelete
    Replies
    1. මිනී ඔළුවයි, ඇටකටු දෙකයි යටින්...

      Delete
    2. මේ දවස්වල මාතා බොහොම ප්‍රෙව්සමෙන් නේද වගාව කරගන යන්නේ. වැට කඩොලු එහෙම දාගනනේ ඉන්නේ.

      Delete
    3. හපොයි ඔව් ඔව්.. මම දරුණු කෘමි නාසකයක් ඉහලා වැටක් ගහලා තියෙන්නේ. මේ වල් සත්තුන්ගෙන වගාව ආරස්සා කොර ගන්න.

      Delete
    4. දැන්නම් වැට නෑ වගේ මං ගිහින් එන ගමන් ඒ පැත්තේ..

      Delete
  10. ISP කෙනෙක් කොක්ක දැම්මොත් ගමත් එක්ක තියෙන සියලු සබඳකම් බිඳ වැටෙනව.

    ReplyDelete
  11. බොගලේගම තමා ගම....

    ඇත්තටම ඇත දුන්න කස්ටියගේ බ්ලොග් පැත්තට ගිහින් වගාවට උදවු කරන්න බැරි වෙච්ච තවත් එකෙක් මම. පුළු පුළුවන් විදිහට පෝර වතුර ගහන්නම්, හරිය?

    ReplyDelete
    Replies
    1. ඕවට ඉතිං වෙලාව විවේකය එහෙමත් තියෙන්න එපැයි...

      Delete
  12. ඉඩං කට්ටිය පාළුවට ගිහින් නලින්. යන්න ඕන ඒ පැත්තේ වල් ටික උදුරලා දාන්න.

    ReplyDelete
    Replies
    1. ඉතිං වවමුකෝ ආයිමත්... අපි එන්නං පෝර තෙල් අරං.

      Delete
  13. මරුනෙ… මේ තියෙන ඔක්කොම ඇත්ත නොවෑ.

    අපිත් එහෙනම් ඉඩම් හිමි වැවිලි කරුවො ආ… ලේසි වෙන්නෑ. :D

    ReplyDelete
    Replies
    1. හොද වගාවක් තියනවනේ ඔයාට ප්‍රියා..

      Delete
  14. බොගලේ ගම අන්දරය ඇත්තටම මේකෙනුත් නිකන් අර මල්ගුඩි දවස වගේ මරු ෆිල්ම් සෙට් එකක් කරන්න පුළුවන් නැද්ද නලින් අයියේ

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල නං තිර පිටපත් තියනවා නොසැහෙන්න..

      Delete
  15. මට කියල ඉඩම් කෑල්ලක් තියෙනවමයි මේ

    ReplyDelete
    Replies
    1. මං දැක්කා අද පොඩි වගාවක් දාල තියනවා ඉඩමේ..

      Delete
  16. අඩා..... මටත් ඕනේ ඉඩං කෑල්ලක්....

    ReplyDelete
    Replies
    1. ඉඩං දෙකක්ම තියනවා නේද නිමෝට

      Delete
  17. //සමහරු මල් වවති, සමහරු මහානර්ඝ ඔසු පැළ වවති, තවත් අය විෂ පැළෑටි ද වවති. තවත් අය මනරම් ලතාවන් වවති. තමන්ට රිසි සේ හැමෝම හැකි පමණනින් මොනවා හෝ වවති.//
    නලින් මේවට උදාහරන දෙමුද

    ReplyDelete
    Replies
    1. මාව අමාරුවේ දාන ප්‍රශ්න අහන්න එපා බං ඇනෝ... මේකට උත්තර දුන්නොත් කන්නයි වෙන්නේ මට..

      Delete
  18. Do you have any video of that? I'd care to find out more details.



    Look at my blog :: scrap car Harpenden (vengefulva453.livejournal.com)

    ReplyDelete
  19. මෝසම් වැසි නැද්ද? ග්‍රීස්ම සෘතුව සහ වසන්තය කවදාද?

    ReplyDelete
    Replies
    1. හිටපු ගමන් ඔය සුළි කුණටු එහෙමත් ඇතිවෙනවා... කාලෙකට ඉඩෝරත් ඇතිවනවා..වසන්තයත් ඇතිවෙනවා අප්‍රියල් මාසෙ වගේ කාලෙදි....

      Delete
  20. මාත් ලගදි පදිංචියට ආවෙ.ඇවිත් අමාරුවෙන් පර්චස් 10ක් කොටු කරගත්තා.වගාව පටන් ගත්තට තාම පැල තමා තියෙන්නේ.මාතලන් ගොය්යලගෙන් පොහොර සහනාදාරේ හම්බුනා.ප්‍රියාගෙන් අටම් ගෙන් වගා උපදෙස් හම්බුනා.වැඩේ නැගලා ‍යනවා.හැබැයි අස්වැන්න ගන්න තව කල් යයි වගෙ
    .//මේ ගමේ දිවි ගෙවන ජනී ජනයා ගේ එකම විනෝදාංශය වගාවයි. සමහරු මල් වවති, සමහරු මහානර්ඝ ඔසු පැළ වවති, තවත් අය විෂ පැළෑටි ද වවති. තවත් අය මනරම් ලතාවන් වවති//මෙතෙන්ට වැල වරකා වගාව අඩුයි නේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඒවා දිර්ඝකාලිනව කවුරුවත් වවන්නේ නෑනේ. හොද වගාවන් දෙක තුනක් අතරට මාත් ඔය වගේ වගාවන් දානවා. ඒ වෙනසකට. ඔයත් එහෙම දේවල් අත්හදා බලන්න.මාතා අටා බොහොම හොදින් උදව් පදව් කරන දෙන්නෙක්....

      Delete
  21. මරු ඉමජිනේෂන් එක...දැන් කවුද අනේ ඔය විස පැලෑටි වවන්නේ?

    ReplyDelete
    Replies
    1. නම් කරලා කියන එක හරි නැනේ සයුරි. ඔයා බොහොම පැරණි වවන්නියක් නිසා මං කියන්න දෙයකුත් නෑනේ දන්නවානේ ඔයා....

      Delete
  22. මරු සංකල්පනාව නලී .....

    අඩේ මෙහෙම හරි ඉඩම් කෑල්ලක් තියනවා මදැයි මගේ කියලා ....හික්

    ReplyDelete
    Replies
    1. ඕකේ මොනව හෝ හිිටෙව්වාම හිතට දැනෙන සතුට කොහොමද?

      Delete
  23. ///නොපෙනී සිටිමින් වගාවන් හි පෝෂණයට උර දෙන්නෝ ද සිටිති./// ඇයි නොපෙනී ඇවිත් වස දාලා ,වගාවට පළිබෝධකයෝ දාලා යන අය එහෙම ..... හොද බිජ වපුරලා ගියාම හොරෙන් ඇවිත් කිරිදී වපුරන අය එහෙම,,,

    ReplyDelete
    Replies
    1. ඒ ගැනත් කියවිලා තියනවා නේද අන්දරයේ..... මේ ඔහේත් දැන් වගාවන් කරන්නේ නෑ නේද, වපුරපං මොනව හරි.

      Delete
    2. කුඹුර හාල තෙල් ගහල තියෙන්නෙ නලියෝ.

      Delete
    3. තවාන් දාලා තියෙන්නේ හිටවන්න ඕනේ ඉදගෙන

      Delete
  24. මමත් යන්තම් ඉඩම් කැල්ලක් අල්ලගත්ත ඔය බෝගලේගමින්.

    තාම ඉතින් පල හිටවන ගමන්. අස්වැන්න ගන්න තව ටික කාලෙකින් පුළුවන් වේවි.
    අලුත් ජාතියක් හිටවපු ගමන් නලින් අයියත් ඇවිල්ල බලල යනවනේ.

    ReplyDelete
    Replies
    1. ඉඩ කඩ තියන හැම වෙලාවකම මං ඉතින් යනවා ඔය වගාවන් බල බල...

      Delete
  25. මාත් කෑලි හතරක්ම කො‍ටු කරගෙන බං තියෙන්නේ. ඩෙනිමේගම තමයි පදංචිය

    ReplyDelete
    Replies
    1. හැබැට බොට එහෙම එකක් තියෙනව කියල මතකෙයි

      Delete
    2. හෙන්රි වගා කටයුතු කරන්නේ දැන් ඉදල හිටල තමා.. ඒ වුණාට අනිත් ඒවට සාත්තු සප්පායම් නම් කරනවා.

      Delete
    3. ඩෙනිමේගම....පට්ට නම ඒක....

      Delete
  26. මාවත් ඔය ගමට ගෙනැත් පදින්චි කොලා එකෙක්.දැන් උ නිකම්වත් හොයල බලන්නෙ නැ මම නෙද මෙ යකා ගෙනැවෙ කියල.මට අහුවෙයි නෙ ඔකව කවද හරි

    ReplyDelete
    Replies
    1. හැබැටම මොකාද ඒකා....

      Delete
  27. හැමදාම සහජීවනය බෙදාගෙන මැරෙනතුරු මේ ගමේ ඉන්නයි මමත් හිතාගෙන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මොන මොන දේවල් වුණත් කදිම තැනක් මේ

      Delete
  28. බොගලේගම නම් ඇත්තටම සුන්දරයි...

    ReplyDelete
    Replies
    1. විඩාව කාන්සිය නිවාගන්න හොදම තැනක්

      Delete
  29. ලෝකයේ හැම තැනකම හැම දෙනෙකුගේම සංකේතයකි බොග ලේ ගම

    ReplyDelete
    Replies
    1. අනිවා සරත් අයියා....

      Delete
  30. BOGALEGAMA EKEK ADA SIYA DIVI NASAGENA LU

    ReplyDelete
    Replies
    1. ඒ කවුද බං ඇනෝ මචං

      Delete
    2. කකා... ගැනයි මේ කැපිටලයා කියන්නේ..

      Delete
    3. ඔව් මට හිතාගන්නත් බැරිව ගියා ඒ සටහන දැක්කේ මේ ටිකකට කලින්... මොනව කියන්නද කියල හිතාගන්නත් බැරිව හිටියේ ඒ ගැන.

      Delete
  31. හම්මෙ ...මමත් ඔය ගමේ කොණක පැල් කොටයක් අටව ගත්ත එකෙක් නොවෑ ...මෙක නම් නියමයි ...දිගටම වගා කටයුතු වල යෙදෙන එක තමයි කරන්න අමාරුම :D...

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් හරි වගා කරමු..

      Delete
  32. බෝගලේගම වගාවන්ට හොර රහසේම පොහොර ටිකක් දමන එකෙකි මා නම්.

    ReplyDelete
  33. ස්තුතියි මචං

    ReplyDelete
  34. නිතර නොවැව්වත් මටත් බෝගලේගම කොටසක් තියේ එහෙනම්...:)

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව... අපි අපට...

      Delete
  35. හිටවලා වතුර දැම්මේ නැතත් පැලවෙනවා නේද....

    වෙන අය වතුර දානවා වෙන්න ඇති.... :)

    ReplyDelete
    Replies
    1. පැළ වෙනවා එත් වතුර ටිකක් පෝර ටිකක් දාල තියනවා දකිනකොට පුදුම සතුටක් ඇතිවෙනවා.

      Delete
  36. මේ ගමේ ඉඩම් කට්ටියක් ගත්තට මොකද පදිංචිකාරයො හරි අඩුයි නෙව. වැඩි දෙනෙක් ඉතින් නිවාඩු ගතකරල යන්න තමා එන්නෙ යන්නෙ.

    ReplyDelete
    Replies
    1. වගාව පවත්වාගන යන්න ටිකක් කැපවෙන්න ඕන තෙළිදිය

      Delete
  37. KAKA KIYANA BOGA LIYALA THIBBA HE IS COMITTING SUICIDE

    ReplyDelete
    Replies
    1. ඔව් කැපිටල් ඇනෝ..... බලමු කකා අලුත් දෙයක් කරාවි අනිවාර්යෙන්ම...

      Delete
    2. නලීන්ටත් කෘමිනාශක ඕනෑ වෙයි වගේ!

      Delete
  38. අන්න නලියා ගම.............

    ෂුවර් ඉඩං කෑල්ලකට වග කිව්වා නේද???

    ReplyDelete
  39. කුඹුර පැත්තෙ මටත් යන්න බැරි උනා බං............!වී ටිකක් පැලරගෙනම යන්ටයි ඕන..!
    වස විසෙන් තොර වගාවක් හැමෝම එකතු වෙලා කරමු නේ අය්යා..?

    ReplyDelete
  40. මං ඉතිං ඉඩංකෑල්ලක් නැති අසරණයා නෙවැ.. කුඹුරු හාන්ඩ එහෙම නගුල අදින්නේ මං තමා :D

    ReplyDelete
    Replies
    1. උඹ ඔන්න ඔහේ අපේ පැත්තේ වරෙන් , රුසියන් හන්දියේ තියෙන්නේ .... හැබැයි පුතෝ මැරෙන්න බලාගෙන වරෙන්

      Delete
    2. හා .. හා රුසියාවෙද. රුසියාවට නෙමෙයි හඳට හරි එනවා උඹ කියනවනං..

      Delete
  41. ඉඩං කෑල්ලකුත් කොටුකර ගත්ත කියමුකො.වගා කොරන්ට වෙලාවක් නෑ බොලං.දැන් හිතාන ඉන්නෙ කුලියක් මලියක් දීල කාට හරි කියල වගා කොර ගන්ට

    ReplyDelete
  42. I was suggested this blog by my cousin. I'm not sure whether
    this post is written by him as nobody else know such detailed about
    my difficulty. You're wonderful! Thanks!

    Here is my web site - Shin Splints

    ReplyDelete
  43. මමත් ඔන්න පුංචි කුඹුරු කෑල්ලක් වවනවා. අලුතින් අඳුර ගත්ත ගොයි මහත්තුරුයි ඇඹුල අරං යන මැණිකලයි සෑහෙන උදව් කරා වැඩේට . ආදා ඉඳන් සතුටින් තමයි ඉන්නේ . පුංචි හිතේ අමාරුවකට තියෙන්නේ මේ බාරගත්තු (අල්ලපු ගමේ) මේසන් වැඩ ටික නිසා වගාව හරියකට කර ගන්ටත් ගමේ කාටවත් උදව්වක් පදව්වක් කරනටත් බැරි වෙච්ච එක

    ReplyDelete
    Replies
    1. කමක් නෑ කමක් නෑ හැකි විදියටනේ සේරම කරන්න ඕන...

      Delete
  44. ගී පවුරෙන් ලියපු අල්මඩිත්ත ගම මතක් උනා.

    ReplyDelete
  45. මට තියෙන එකම ඉඩන් කැල්ල තියෙන්නේ ඔතන තමයි.......
    මේක කියෙව්වම අර කියුබානු විප්ලවය මතක් උනා

    ReplyDelete
    Replies
    1. කියුබාවේ නවෝදය නෙද ඒක

      Delete
  46. අපූරු ලිපියක්....මේ වගේ ඔබ විසින්ම ලියන ලිපි හැකි තරම් මෙහි පල කරන්න.

    ReplyDelete
    Replies
    1. විවේක ඇති විදියට ලියනවා සිරා...

      Delete
  47. කතන්දර කොරටුව තව සෑහෙන කස්ලයක් යනතුරු පුරන් වෙන් එකක් නෑ. බොගලේගම අනිත් වගාවලින් drip irrigation සිදුවෙන්න ලින්ක්ස් දාලා තියෙන නිසා.

    ReplyDelete
    Replies
    1. මෙගම් වැසියන්ගේ සදා මතකයේ තියන ඉසව්වක්නේ ඔබ නඩත්තු කළේ.... එය කෙසේ අමතක කරන්නද අපි..

      Delete
  48. Meta Description - Meta description plays the role of
    attracting viewers to reach particular pages. It also ensures that the website is SEO friendly, W3C Validated, and runs smooth on all web browsers.

    Website Designing Company Create Your Web Identity in just minutes, Brain - Guru offers you so much with.


    Here is my web-site ... Better Jacksonville Everglade State Site Designers

    ReplyDelete
  49. බොග පිරි බොගලේගම. මම හිතා ඉන්නෙ පදිංචිය වෙනස් කරන්න ඉඩමත් විකුනල දාල.

    ReplyDelete
    Replies
    1. ඔබේ තියනා වටිනා ඉඩම විකුණන්න නම් එපා ඉන්දික...අනික ඔබෙන් ලැබෙන වතුර පෝර කෘමිනාශක මොන තරම් වටිනවද මේ ගම් වැසියන්නට

      Delete
  50. Kidzworld has put together some safe however
    enjoyable April Fools' pranks you possibly can pull in your friends and
    family. Received Milk?

    Stop by my web site - affordable legal ecstasy

    ReplyDelete
  51. පොඞ්ඞක් පරක්කු වුනා. ඇවිත් ගියා.
    එල ද බ්‍රා.

    ReplyDelete
  52. කියුබාවේ නවෝදය නෙද ඒක

    ReplyDelete
  53. හැබෑටම කෝ ඒක දැන්

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT