රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2014-06-17

අසමජ්ජාති ආදරය කුණුහරුපයක් නොවේ!


මේ කතුවරයා නවකතා කලාවට ආධුනිකයකු වුව; ඇන්දවීමේ කලාවට ප්‍රවීණයෙකි. ඔහු පළමුව විකිණෙන නමක් යොදා පාඨකයා අන්දවයි. දෙවනුව විශ්වවිද්‍යාල ජීවිතය විවේචනයට හසුකර පාඨකයා අන්දවයි. තෙවනුව අකුරු මෝස්තර ද වෙනස් කොට පාඨකයා අන්දවයි. නරක නැත! කතුවරයාට හොඳ අනාගතයක් හිමි වන බව පෙනෙන්නට තිබේ...!

භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් තරුණයාගේ ප්‍රථම ප්‍රබන්ධය ‘අසමජ්ජාති ආදරය’ ලෙස හඳුන්වා තිබේ. තම පරම්පරාවේ ප්‍රථම කෘතිය ලෙස ද ඔහු එය හඳුන්වයි. විශ්වවිද්‍යාලයක ආදර සම්බන්ධයක් කේන්ද්‍ර කොට ලියැවුණු මේ නවකතාව ජීවිතය ගැන නැවත සිතා බලන්නටත්; ස්ත්‍රී චරිත කෙරෙහි අනුකම්පා සහගත බැල්මක් හෙළන්නටත් අප පොලඹවයි.


නවකතාව සඳහා යොදා ඇති නව වෙළෙඳ උපක්‍රමයක් ලෙස සලකන්නට පුළුවන. ‘නම බලලයි ගන්න ඕනෑ’ යන ආදර්ශ පාඨයක් ප්‍රචාරණය විසින් ඇති කර තිබේ. එය එක අතෙකින් ආකර්ෂණයක් වන අතර තව අතෙකින් ප්‍රතිවිරෝධයක් මතු කරයි. කෙසේ වුව අසභ්‍ය යැයි සම්මත නම්වලට, රූපවලට, පොත්වලට වැඩි ඉල්ලුමක් පවතී. එය උපක්‍රමයක් ලෙස භාවිත කොට තිබුණ ද මේ පොතෙහි කිසිදු කුණුහරුපයක් නැත. සිදුව ඇත්තේ ස්ත්‍රී - පුරුෂ සබඳතා යම් විවෘතභාවයකින් යුතුව නිරූපණය කිරීම පමණි.

කතුවරයා මූලික ලෙස සිය කතාවට පාදක කරගන්නේ විශ්වවිද්‍යාල ප්‍රේමය යි. පසුබිම සෞන්දර්ය විශ්වවිද්‍යාලය යි. විශ්වවිද්‍යාල ප්‍රේමය තුළ අප දකින විශේෂතා කිහිපයක් තිබේ.

(I) පෙම්වතුන්ට නිදහසේ තීන්දු ගැනීමේ හැකියාවක් ඇත.
(II) යම් විවෘතභාවයක් පවතී.
(III) ලිංගිකත්වයට බර ය.
(IV) පෙම්වතුන් තුළ රැඩිකල් හැසිරීමක් දකින්නට පුළුවන.
(V) පෙම්වතුන්ගේ ගැටුම් උපරිමය දක්වා ගමන් කරයි.

විශ්වවිද්‍යාල උප සංස්කෘතිය හා ක්‍රියාකාරී බාහිර ලෝකයඅතර යම් පරස්පරයක් පවතී. සරසවි විද්‍යාර්ථියාගේ සංකල්ප, සිහින, අනාගත සැලැසුම් බාහිර ලෝකය හා ගැළපීම ඉතා අසීරු ය. විශ්වවිද්‍යාල ජීවිතයේ වීරයා බාහිර සමාජයේ දී වටිනාකමක් නැති පඹයකු වන්නට ද පුළුවන. ඇතැම්විට සරසවි ප්‍රේමයට පාදක වන ඇගැයීම් බාහිර ලෝකය විසින් ප්‍රතික්ෂේප කරනුලැබේ. මේ අනුව වසර තුනකින් හෝ වසර හතරකින් හෝ බාහිර ලෝකයට යන තරුණිය හෝ තරුණයා විශ්වවිද්‍යාල ප්‍රේමයට තිත තබති.

සරසවි ප්‍රේමයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය හෝ මනින විධිමත් සමීක්ෂණයක් මෙතෙක් සිදු වී නැත. සමාජ පිළිගැනීම වන්නේ එය තාවකාලික වින්දනය සඳහා යොමු වූ ගැහැනු - පිරිමි සම්බන්ධයක් යන්න ය. මේ ගැන ඕනෑතරම් සිංදු ලියැවී තිබේ. චිත්‍රපට නිර්මණය වී තිබේ. එහෙත් මෑතකාලීන අත්දැකීම් අනුව බලන විට පෙනී යන්නේ විශ්වවිද්‍යාල පෙම්වතුන්ගෙන් වැඩි දෙනා සිය ප්‍රේමය විවාහයෙන් කෙළවර කරගන්නා බව ය. විශ්වවිද්‍යාල ප්‍රේමය විවාහයෙන් කෙළවර වුව; එම ජීවිත ගැටුම්වලින් පිරී පවතී.

මේ කතාවේ ප්‍රධාන චරිතය ලෙස සැලැකිය හැක්කේ නලින්ද ය. ඔහු සාම්ප්‍රදායික ගැමි පවුලකින් පැවත එන එහෙත් නූතනත්වය වැළඳගත් කුසලතා කිහිපයකින් සමන්විත අපූරු තරුණයෙකි. ඔහුගේ පෙම්වතිය අපේක්ෂා ය. ඇගේ පවුල විසිරී ඇත. අමාරුවෙන් ජීවිතය ගැට ගසා ගනී. ඒ අතර ඉහළ සමාජයට ප්‍රවේශවීමේ දැඩි අපේක්ෂාවක් ද ඇය තුළ පවතී. ඒ සඳහා සිය ශරීරය පූජා කිරීමට හෝ ඇය ඉදිරිපත් වන්නී ය. නලින්ද එක් ආනතියක සිටින අතර අපේක්ෂා වෙනත් ආනතියක රැඳී සිටී. එහෙත් ඔව්හු එකිනෙකාට ආදරය කරති.

මේ නවකතාව ආරම්භ වන්නේ ඉතා සිත්ගන්නා සුලු අවස්ථා නිරූපණයකිනි. අපේක්ෂා හා නලින්ද කිසියම් රාත්‍රියක අනපේක්ෂිත ලෙස අතරමං වෙති. ඔවුනට යළි නවාතැන් වෙත යා නොහැකි ය. එම රාත්‍රිය ආරක්ෂා සහිත ව කෙසේ හෝ ගතකළ යුතුව තිබේ. ඒ හැරත් ඔවුන් අතරමං වනුයේ අගනුවර පාතාල සමාජය ඉදිරිපිටය. ඉතා අවදානම් සහගත අවස්ථාවක් මෙන් ම අතිශය සුන්දර අවස්ථාවක් ද ඔවුන් ඉදිරිපිට තිබේ. මේ මොහොතේ අපේක්ෂාගේ අරමුණ කුමක් ද? නලින්දගේ අරමුණ කුමක්ද?

ඔව්හු ගුබ්බෑයමක කාමරයක් මිලට ගෙන එහි ලැඟුම් ගනිති. ඉක්බිති පෙළගැසෙන්නේ ඔවුන් දෙදෙනා අතර මතුවන ගැටුම් ය. එකිනෙකා චෝදනා කර ගනිති. ජංගම දුරකථන පොළොවේ ගසති. හඬති. නිදි මරති. අවසන හිරු පොළොව සිප ගන්නට හෝරාවකට හෝ ‍හෝරා දෙකකට පෙර ඔව්හු එක් සුන්දර අවස්ථාවක් කරා එළඹෙති. කතුවරයා එය නිරූපණය කරන්නේ මෙලෙස ය.

“ඕ ප්‍රේමයේ මිහිරියාවෙන් ද ආදරයේ උණුසුමින් ද රාගයේ ලෝභයෙන් ද නලින්දගේ සිසිල් වූ ගතට ද හා ක්ෂණික ආවර්තයකින් ගැසෙමින් තිබෙනා පපුවට ද සාංසාරිකව බද්ධ වී සිටියාක් වැනි ව වැතිරී සිටියි.

“ඔයාට කැමැති දෙයක්”
අපෙක්ෂා මිමිණුවා ය.
“ඔයාට මොනවද ඕනෙ?”
“ඔයා, ඔයා විතරමයි!
ඔයාගේ මුළු ආත්මය ම”

අපේක්ෂා මෙට්ටයට තදින් තෙරපාගත් මුහුණ මදක් ලිහිල් කරමින් සෙමෙන් - සෙමෙන් කෙඳිරුවා ය.
(පිටුව > 22)
කතුවරයා සියඅත්දැකීම් මනා ලෙස වචනයට නඟා ඇති බවක් පෙනෙයි. පළමු පරිච්ඡේදය පුරාවට ම ඇත්තේ මේ සිදුවීම ය. දෙදෙනා වරෙක දරුණු ලෙස වාග් ප්‍රහාර එල්ල කර ගනිති. එය මනුෂ්‍යත්වයේ ස්වාභාවය විය හැකි ය. එහෙත් ගැටුමේ කෙළවර සුන්දර ය. එයත් මනුෂ්‍යත්වයේ ස්වාභාවය විය හැකි ය.

සරසවි විද්‍යාර්ථීන්ගේ ජීවිත පිළිබඳ හරස්කඩක් දැක්වීමට ද භාරත ප්‍රභාෂණ උත්සුක වෙයි. එහිදී ඔහු පහත සඳහන් විෂයය ස්පර්ශ කරයි.

(I) සරසවියේ දේශපාලනය
(II) කැට ව්‍යාපාර
(III) සිසුන්ගේ සංවිධාන ක්‍රමවේද
(IV) බෝඩිං ජීවිතය
(V) විද්‍යාර්ථීන්ගේ පොදු දුර්වලතා හා ශක්‍යතා

මහා ශිෂ්‍ය සංගමයේ මෙහෙයැවීම්, අණකිරීම් පමණක් නොව නායකයන්ගේ ක්‍රියාකාරකම් ද මේ පොතෙහි ඇතුළත් ය. ධනපති ක්‍රමය පතුරුගසන එක් ශිෂ්‍ය නායකයෙක් පසුව ධනපති පක්ෂයකින් ම මහජන ඡන්දයට ප්‍රවේශ වෙයි. කැට ව්‍යාපාරවල නියුතු ශිෂ්‍යයෝ එසේ ලැබෙන මුදලින් බියර් ‍බොති. ගණන් හිලව් විකෘති කරති. සරසවියේ ඉතා දක්ෂ සංවිධායකයකු ලෙස කැපී පෙනෙන තත්ත්වයට පත් වූ විද්‍යාර්ථියෙක් ප්‍රේමයෙන් පරාජිත ව මහණදම් පුරයි. ඔහු වැළැක්වීමට කිසිවකුටත් හැකිවන්නේ නැත. අපේක්ෂා තම කථිකාචාර්ය සිහිනය සාක්ෂාත් කර ගැනීම සඳහා ගුරුතුමා කැටුව යහන් ගත වෙති. සරසවි විද්‍යාර්ථීන්ගේ ජීවිතය පිළිබඳ ඉතා සංකීර්ණ චිත්‍රයක් කතුවරයා අප හමුවේ තබයි.

“ඇකඩමික් එෆෙයාර්ස්’ නම් ප්‍රබන්ධයක් ගිය වසරේ එළි දැක්විණි. කැලිපෝර්නියාවේ විශ්වවිද්‍යාලයක සිදුවීම් මාලාවක් ඊට පාදක කරගෙන තිබේ. සමාජ විද්‍යා මහා චාර්යවරයෙක්, දානපතියෙක් හා ශිෂ්‍යයෝ පිරිසක් එහි චරිත නිරූපණයෙහි යෙදෙති. අහඹු සිදුවීම් කිහිපයක් ද සමඟ කතාවේ ගැටුම මතු වේ. මහාචාර්යවරයාගේ අසම්මත ලිංගික සම්බන්ධතා, ශිෂ්‍යයන්ගේ ආදර බැඳීම් කතාවෙන් නිරූපණය වේ. විලියම් ටයිනේ නම් මේ ලේඛකයා මිනිස් ජීවිත තුළ පවත්නා පොදු දුර්වලතා විශද කිරීමට ප්‍රයත්න දරයි. එහි වීරයන් නැත. දුෂ්ඨයන් ද නැත. ඇත්තේ පොදු මිනිසුන් පමණි. මහා පෞරුෂයකින් යුතු උගතුන් ළඟ ඇති දුර්වලතා ද කතුවරයාගේ අවධානයට ලක්ව තිබේ. එය කතුවරයාගේ ප්‍රථම නවකතාව යි. භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් ගේ ප්‍රථම නවකතාව ‘අසමජ්ජාති ආදරයයි” මෙහි එන ශාලිත නම් කථිකාචාර්යවරයා හොර සහතික ඉදිරිපත් කොට තනතුරු ලබන්නෙකි. ඊළඟට ඔහු තම වෘත්තීය ගරුත්වය පසෙක ලා අපේක්ෂා සිය වසඟයට ගනී. ඇයට බොරු පොරොන්දු දී නාස්ති කරයි. මේ විශ්වවිද්‍යාල ජීවිතයේ ඇත්ත මිස; නැත්ත නො වේ.

“ඇකඩෙමික් එෆෙයාර්” කෘතිය හා “අසමජ්ජාති ආදරය” නවකතාව නිරූපණය අතින් සමගාමී වන අවස්ථා කිහිපයක් තිබේ.

(I) ජනප්‍රිය හා ප්‍රබල චරිතවල පොදු දුර්වලතා දැක්වීම
(II) ලිංගික අවස්ථා නිරූපණයේ දී යථාර්ථවාදී වීම
(III) වීරයන් හා දුෂ්ඨයන් ප්‍රතික්ෂේප කොට පොදු මිනිස් චරිත ගොඩනැඟීම

ඉහත ලක්ෂණ තුන ම හඳන්වාදිය හැක්කේ මනුෂ්‍යත්වය විග්‍රහ කිරීමේ දී යොදාගත් වෙනස්කම ක් ලෙස ය. මිනිසාගේ හා ගැහැනියගේ යථා ස්වාභාවයට මේ මාර්ග ඔස්සේ ළංවිය හැකි බවක් පෙනෙන්නට තිබේ.

“ඇකෙඩෙමික් එෆෙයාර්” කෘතියේ කතුවරයා හා “අසමජ්ජාති ආදරය” කෘතියේ කතුවරයා බරපතළ ලෙසින් දුරස්වන්නේ ආඛ්‍යාන ක්‍රමවේදය මූලික කරගෙන ය. විලියම් මායා යථාර්ථවාදය භාවිත කරන අතර තෙන්නකෝන් නැචුරලිසම් හෙවත් ‍ ස්වාභාවික වාදයට වඩාත් සමීප වෙයි. නැචුරලිසම් යන්න දර්ශනයක් ලෙස ප්‍රබන්ධ කථාවට සමීප වූයේ පසුව ය. ඊට පෙර එය නීතිය හා දේශපාලනය යන විෂයයන්වලදී මූලික දර්ශනයක් ලෙස භාවිත කැරිණි. 18 සියවසේ අගභාගයේ දී පමණ සාහිත්‍ය කෙරෙහි එය බලපෑම් ඇති කළේ ය. නවකතාව විෂයයෙහි ගතහොත් චරිතවල හැසිරීම් හා සිතිවිලි තත්ත්වාකාරයෙන් ගෙන ඒ අයුරින් ම ඉදිරිපත් කිරීම “නැචුරලිසම්” වල සරල අර්ථය වේ. 
ගුණදාස අමරසේකර, සිරි ගුණසිංහ වැනි අය ද මුල් යුගයේ මේ ක්‍රමය භාවිත කළ හ. තෙන්නකෝන් දැන හෝ නො දැන ස්වාභාවිකවාදයට ළං වෙයි. ඔහු සිය චරිතවල හැසිරීම් මෙන් ම සිතිවිලි ද විනිවිදභාවයකින් යුතුව ගෙන හැර දක්වයි. එය පාඨකයාට අලුත් අත්දැකීමක් ද වෙයි.

කතුවරයා අවසන් ලෙස යම් දාර්ශනික ගැටලුවක් ද පාඨකයා වෙත ‍ශේෂ කර තබයි. එය මෙසේ ය.

“ප්‍රේමය කෙතරම් දේ කියා සිටිය ද කෙතරම් දේ අසා සිටිය ද, කියා සිටීමට හෝ අසා සිටීමට හෝ නොහැකිවූ දෙයක් සෑම ප්‍රේම කතාවක ම ඉතිරි ව ඇත. සෑම පෙම්වතෙකු ද, සෑම පෙම්වතියක ද ඒ දේ කියා සිටීමට හෝ අසා සිටීමට මොහොතක් යළි කිසි දිනෙක උදාවන තුරු පෙරුම් පුරමින් බලා සිටිති”.

ප්‍රේමයට කෙළවරක් හෝ ගණිතයක් නැති බව කතුවරයා කියා සිටී. එය සත්‍යයක්දැ’යි විමැසීම පාඨකයාට භාර කරමු!


රන්ජන් අමරරත්න

52 comments:

  1. //“ප්‍රේමය කෙතරම් දේ කියා සිටිය ද කෙතරම් දේ අසා සිටිය ද, කියා සිටීමට හෝ අසා සිටීමට හෝ නොහැකිවූ දෙයක් සෑම ප්‍රේම කතාවක ම ඉතිරි ව ඇත. සෑම පෙම්වතෙකු ද, සෑම පෙම්වතියක ද ඒ දේ කියා සිටීමට හෝ අසා සිටීමට මොහොතක් යළි කිසි දිනෙක උදාවන තුරු පෙරුම් පුරමින් බලා සිටිති”.//

    මේ ටික දැක්කාම පොත කියවන්ට හිතුණා...

    ReplyDelete
    Replies
    1. කියවලා බලන්න පොඩ්ඩියේ... පොත හොදයි

      Delete
  2. ම් බලමු...
    අසමජ්ජාති ආදරය...
    සන්නස්ගලගෙ පිරිමි ගොඩයි මං විතරයි වගේද දන්නෑ

    ReplyDelete
    Replies
    1. නෑ එයිට වඩා යතාර්ථයට සමීප පොතක් මහේෂ්

      Delete
  3. මේකටනම් කොමෙන්ටුවක් දාන්න බෑ නලියෝ (මොකද මම කියෙව්වේ නෑ...... කොටින්ම පොත කියවන්න කලින් මම පොත් විචාරනම් කියවන්නෙම නෑ )

    ReplyDelete
    Replies
    1. එහෙනං පළමුව පොත හොයාගන කියවා බලන්න.

      Delete
  4. භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් ලක් එෆ්.එම්. නාලිකාවේ නිවේදකයෙකි, ඔහු සැබවින්ම හොඳ පෞරුෂයක් සහිත කටහඬකට උරුමකම් කියන මැනවින් බස හසුරුවන්නෙකි. මේ පොත ගැන විචාරයේදී මෙහි සඳහන් පළමු ඡේදය රන්ජන් අමරරත්නයන යෙදුවේ කුමන අරුතකින්දැයි පැහැදිලි නැත. මා එසේ කියන්නේ ඉන් පසු විචාරය පුරවටම ඔහු කතාවේ දොසක් නොපෙන්වන බැවිනි.
    සැබවින්ම මේ විශ්ව විද්‍යාල තුල ජීවිතයේ කටුක යථාර්තය වේ.

    ReplyDelete
    Replies
    1. එය මාකටින් ඉන්ට්‍රෝ එකකි ඉවාන්. පොතේ කතුවරයා කර ඇත්තේද එවන් මාකටින් පාරකි. හොද පොතකි.

      Delete
    2. ලංකාවෙ විචාරකයො පොත් ලියනවාදැයි මා නම් නොදනිමි...නමුත් කිසිවෙකු පොතක් ලියූ කල එය නිර්ධය ලෙස විවේචනයට නම් රුසියෝය...පොත ගැන එහි අන්තර්ගතය ගැන හොදක් කිව්වේ නම් ඒ ඉතාම කලාතුරකින් විය යුතුය.

      Delete
  5. පොත හොයා ගන්න උත්සාහයක් ගන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. කියවලා බලන්නකෝ තුශානි

      Delete
  6. අසමජ්ජාති මාකටිං...! :-)

    ReplyDelete
    Replies
    1. අසමජ්ජාති ඉන්ට්‍රෝ එක දැක්කේ නැතෙයි.

      Delete
  7. නලින් අයියා,,,
    පොත කියවන්නම වෙයි වගේ..

    ReplyDelete
    Replies
    1. මාකටින් පාර වැඩකරලා වගේ එහෙනං.

      Delete
  8. //කෙසේ වුව අසභ්‍ය යැයි සම්මත නම්වලට, රූපවලට, පොත්වලට වැඩි ඉල්ලුමක් පවතී.//

    සහතික ඇත්ත.

    පොත නම් කියවන්න හිතුනා. බලමු.

    ReplyDelete
    Replies
    1. ඹන්න කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන එක පේනවා.

      Delete
  9. අගෙයි. ස්තූතියි ඔත්තුවට. කියවලා විස්තර කියන්නම්කෝ..................

    ReplyDelete
    Replies
    1. එළ අන්න වටින වැඩක්..

      Delete
  10. පොත හොයාගන්නම වෙනවා..... බස්සට බාර දෙන්නෝන පොත හොයන්න. විචාරයෙන්ම පොත කියවන්න පිස්සුවක් හැදුන. ස්තූතියි නලින් මාමේ ඔත්තුවට!

    ReplyDelete
    Replies
    1. බස්සට තවත් දඩයක් .......

      Delete
  11. රන්ජන් අමරරත්න ලියපු පොත් කීපයක නම් කියන්නකො...හොයාගෙන කියවන්න...ගුරාට අකුරු පුලුවන්ද කියලා...

    ReplyDelete
    Replies
    1. මේ පැණයට උත්තර කලින් පෝස්ට් දෙකකම දමා ඇත. අදනං විචාරය නොකියවාම කමෙන්ට් එක දැමූ බව පෙනේ. මොකද අද විචාරයෙන් රන්ජන් කර තියෙන්නේ මේ පොතේ හොද ලක්ෂණයි.

      Delete
  12. පොත කරල තියෙන්නෙ සූරිය... මම කීපවතාවක්ම අතට අරන් තියල ආව පොතක්... අරන් බලන්න ඕන...

    ReplyDelete
    Replies
    1. ඔව් තරු අපරාදේ කියවන්න හොඳ පොතක් මේක

      Delete
  13. මෙහි තිබෙන්නේ විශ්ව විද්‍යාලයේ අඳුරු පැත්ත විතරද? එය එසේ නම් විශ්ව විද්‍යාලය කියන නාමය තුළින් ධනාත්මක චරිත ටිකකුත් එකතු කළා නම් හොඳ යැයි සිතේ.

    ReplyDelete
    Replies
    1. හැම පැත්තක්ම ගැන කියැවෙනවා

      Delete
  14. පොතක් ගන්න නම් අමරුයි මේ දවස් වල..
    හොයාගන්නවත් ට්‍රයි එකක් දෙමු.. :)

    ReplyDelete
    Replies
    1. පුස්තකාලවල ඇති මලයා...

      Delete
  15. සිරාවටම, නම දැක්කම ඕන කෙනෙක්ට ගන්න හිතෙනවා තමයි..

    ReplyDelete
  16. සිරාවටම, ඒ නම දැක්කම අරන් බලන්න හිතෙනවා තමයි..

    ReplyDelete
    Replies
    1. මම අරන් කියවනවා ඔයාට නෑ.

      Delete
    2. මෙන්න මේ කෙල්ල හුරතල් වෙනවා..... පොත අරගන ස්කයිප් වලින් කියවන්න කියන්න මලයා.

      Delete
    3. හෙහ් හෙහ්, ගොඩක් පොත් මම දැන් කියවන්නේ එහෙම තමා නලීන් අයියේ...

      Delete
  17. කියවිය යුතුම පොතක් වගෙයි. නලින් අයියා ඒක විස්තර කරල තියෙන විදියට කොහොමත් කියවන්න හිතෙනවා. ඒත් ඉතින් අපේ ගම් පළාත් අහලකටවත් ඔයවගේ පොත් එන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. පුස්තකාලවලට ඇවිත් ඇති මලයා.

      Delete
    2. හ්ම්.. ඒ ඔය පැත්තෙ අයියා, පුලුවන්නම් මහියංගණේ පුස්තකාලෙ ගැන ලියන්නකො දිණමිනට.

      Delete
    3. මං අපේ වාර්තාකරුට දන්වන්නං.මාපාකඩ වැව කරුණාවිර තමා එයා.අදුනනවද?

      Delete
    4. එහෙම ඇඳුනුම්කමක් නම් නෑ අයියෙ. එහෙම දෙයක් කරල හරි අපේ ලය්බ්‍රිය ගොඩදාන්න පුලුවන්නම් ලොකු දෙයක් අයියේ අපේ පැත්තට.

      Delete
  18. ඇත්තටම විශ්ව විද්‍යාල වල ගත කරන්නේ ජීවිතේ තරුණ කාලේ හොඳම ලිංගික ප්‍රබෝධයක් තියෙන කාලයක්. ඉතින් ඒ කාලේ එක්කෝ විවාහ වීමේ බලාපොරොත්තුවෙන් නැත්නම් තාවකාලික වින්දනය සඳහා හරි පෙම්වතුන් බවට පත්වෙන ජෝඩු කොතෙකුත් ඇති. කතා මොකක් උනත් ලිංගිකත්වය ගැනනම් අපේ රටේ තියෙන විවුර්ත බව මදි කියන එකයි පෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කොතැනද වැරැද්ද වන්නේ සමාජයේද අධ්‍යාපන ක්‍රමයේද සංස්කෘතියේද? මේක මහා ගැටලුවක් තමා.

      Delete
  19. පොත අරන් කියවන්න හිතුනා නලින් මාමේ... සරසවියේ ඇතිනේ...

    ReplyDelete
  20. පොත සූරිය පොතක්... ඒත් සරසවියෙත් ඇති.

    ReplyDelete
  21. මෙි දවස් වල පොත් කඞෙකද අයියනඞි?

    ReplyDelete
  22. ඔය පොත ගැන දැනගත්තෙ සඟරාවක තිබ්බ ලිපියකින්..මේ පැත්තෙ හෙව්ව ගන්න හම්බුන්නෑ.. මේ ලිපිය කියෙව්වාම පොත කියවන්න තිබ්බ ආසාව ආයි වැඩි වුණා..සරසවියෙවත් බලන්න ඕනෙ..

    ReplyDelete
  23. අම්මපා අර අන්තිම කතාවේ තියෙනව නේව ඇත්තක්

    ReplyDelete
  24. පොත ගන්ඩ තියෙන තැනකුත් කිව්වනං තමා හොඳ

    ReplyDelete
  25. ටිකක් අපූර්ව රසයෙන් යුතු කතාවක් වගේ සූරිය එක පැත්තට ගිය වෙලාවක කියවන්න ගන්න ඕනේ. රන්ජන්ගේ විචාර අපුර්ව රසයෙන් යුක්තයි

    ReplyDelete
  26. පොතනම් කියෙව්වෙ නැහැ.විචරයනම් කියෙව්වා.රන්ජ කියන්නෙ මම ආසම ලේඛකයෙක්.කාලෙකට පස්සෙ රන්ජගෙ වියමනක් දැක්කෙ.උගේ ලිවීම ගැන වගේම රසවත් තොරතොරු මතක් කර ගන්නත් මේකෙන් ලැබුණු උත්තේජනයට ස්තූතියි නලිය

    ReplyDelete
  27. පොත හොයාගෙන කිවන්න ඕනෙ නලින්. ස්තූතියි!
    රන්ජන්ටත් විස්තරේට.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්