සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ඉරිදා දවසට ජෝක් කතාවක් ලෙස මං ලියන්න ගත්ත ජනාගේ කතා වෙනුවට අද ලියන්නේ තවත් අපේ මිත්තරයෙක් ඒ කාලේ කළ වැඩක් ගැන. මේ මිත්තරයා කවුද කියලනං  මගෙන් අහන්න එපා. මොකද මිනිහත් බ්ලොගක් ලියන බොහොම වැදගත් මහත්මයෙක් නිසා.  ඉතින් ඔහේලටම බාරයි මේ මහත්තයා කවුද කියලා අදුනගන්න එක.
සේයාරුව ගත්තේ මෙතැනින්
මේ කියන මිත්තරයා පාසල් ගියේ ඔය සුලෝහිත ඉස්කෝලෙකට. ඉතිං ඔය ගැටවර වයසෙදි රූප සොබාවෙන් පිරිපුන් නාරි දේහයක් දැක්කාම අර මොකද්ද එක මොකද්ද වෙන දේ මේ කියන ඉලන්දාරියටත් වෙන වයසේ දි තමා වුණේ.

මේ විස්තරේ මට කිව්වෙත් මේ කියන අපේ මිත්තරයගේ සමකාලින පාසල් මිතුරෙක්. දවසක් මාත් එක්ක පොඩි මිවිතක් තොලගාන්න සෙට් වෙච්ච වෙලාවට කතා කරන ඕපා දූප අතරේ තමා මේ කතාව කියැවුණේ.


දැන් කෙළින්ම කතාවට යමුකෝ. අපේ මිත්තරයගේ අර මොකද්ද එකට කිරි උණන කාලෙනේ මේ දේ වුණේ. මිනිහගේ ඥාති වෙන හෙන හැඩකාර කෙල්ලක් හිටියා. නම මංගලිකා. මංගලිකා දකින ගානේ මේ අපේ මිත්තරයා මෙව්වා වෙනවා. දන්නවනේ ඔය වයසට ඔව්වා හිතට වැදුණාම කොල්ලෝ කොරන කියන දේවල්. මේකාට මේ දේවල් මංගලිකට කියාගන්නත් බෑ. මොකද වැඩේ ගැස්සුනොත් ගෙදර වසලත් හමාර හන්දා.

පොරගේ තාත්තත් ටිකක් හැඩි දැඩි පුරුසයා. ඒ වගේම සැරයි. මංගලිකගෙන් මේක අහන්න ගිහින් වැඩේ ගැස්සුනොත් තාත්තගෙන් කන්න තමා වෙන්නේ. ඉතිං මේ සේරම හිතේ තද කරං අපේ හාදයා අත් කරත්ත පැද පැද හිටියා. මොනව වුණත් අපේ හාදයත් කවදාවත් හිතුණු දෙයක් නොකර ඉන්න එකෙකුත් නොවේ. ඒ තරං දහිරිය වන්තයා.
මංගලිකා නිතරම වගේ මේ මිත්තරයගේ ගෙදර එනවා යනවා. අම්මා තාත්තා එක්ක කතා කරනවා ඒත් මේකි නොවේ මූ දිහා ඇහැක් ඇරලා බලන්නේ. මුගේ කාමරේටත් එනවා ඒත් වැඩි කතා බතා නෑ. ඒ ඇයි කියලා මේකා දන්නේ නෑ ඒ වයසට. ඇත්තටම ඔය තරුණ සමයේ කෙල්ලෝ එහෙම හැසිරෙන්නේ හිතේ ඇති වැඩි කැමැත්ත හන්දමයි කියලා මේකාට වැටහුණේ නෑ ඒ සන්දියේ. දැන් නම් මේකා ඒ ගැන පන්තියක් දාලා ඉංගිරිසියෙන්ම උගන්නයි අපට ඒ ගැන.
දැන් පොර ප්ලැන් කළා අනිත් දවසේ මංගලිකා එනකොට ඒකිට පේන්න පොඩි ජිල්මාට් එකක් දාන්න. එහෙම හිතලා මේකා ප්ලැටිග්නම් පැනකින් බිත්තියේ මෙහෙම ලිව්වා

akilagnam  කියලා

දැන් හොදට බලන්න මේකා මේ ලියල තියෙන්නේ මොකද්ද කියලා. mangalika  කියන වචනයේ අකුරු අනිත් පැත්තට. මේක බිත්තයේ ලියලා දැන් ඉන්නවා හොර පූස වගේ. මේක කොයි වෙලේ හරි මංගලිකා දකියි කියලා.

ඔන්න ඔය වචනේ බිත්තියේ ලියලා දවසකින් දෙකකින් විතර මේ කතාව මට කියන මිත්තරයා යනවා අපේ කතානායකයගේ ගෙදර. ගිහින් අල්ලාප සල්ලාපයේ යෙදෙන අතරේ අර මිත්තරයගේ තාත්තත් එනවා කතා බහට. ඔන්න ඒ වෙලාවේ තාත්තා දකිනවා බිත්තියේ තියන akilagnam කියන වචනේ. 
තාත්තත් ඇගට පතට නොදැනි අහනවා මොකද්ද බං මේ ලියල තියෙන්නේ කියලා. ඔන්න අපේ මිත්තරයගේ ඉහ මොළ රත්වෙනවා. මූණ රතු වෙනවා.. නෑ නෑ මූණ රතු වෙන්නේ කොහොමද මේකා කට්ට කළු එකෙක් නේ.


ආ තාත්තේ මේ අලුත් ටයර් ජාතියක නමක් නේ. නම අමතක වෙයි කියලා මං බිත්තියේ ලිව්වා කියාගන මේකා කාමරෙන් මාරු වෙනවා. මූ යනකං ඉඳලා තාත්තා අර ගිය අපේ අනිත් මිත්තරයට කියනවා ඇ බං පුතේ මේකා මේ ලියල තියෙන්නේ මංගලිකා කියල නේද? මූ කොහෙද මාව තම්බන්නේ කියලා.
මට හිතුණා මේකා අර කෙල්ල දකිනකොට කුලප්පුවෙන හැටියෙන්ම ඒකි ගැන හිතක් පහළවෙලා කියලා.  යකෝ අපිත් ඔය කොළු වයස පහුකරපු එවුන්නේ. ඔව්වා ඔය කාලෙට ඔහොම තමයි කියලා පොර මාරු වුණා. එදා ඉදන් අපේ මිත්තරයගේ කාඩ් එක වුනේ

akilagnam ඇකිලැග්නම්.. 

මචං අර ටයර් එකක් ගන්න තියනවද කියල අහපු ගමං අහගන්න ඇහැකි හොද පදවලින්ම.

දැන් මේක කියවන ඔහේලට බාරයි මේ සිද්ධියට අදාළ අපේ සුප්‍රකට බ්ලොග් කරුවා කවුද කියලා අදුන ගන්න එක. පොඩි ඉගි දෙකක් විතර කතාව ඇතුළේ තියනවා.

ඔයාලා කියෙව්වද මාතලන් ලියපු මේ පෝස්ට් එක Granny Agnes, Cock a doddle do & Dirty Words

එහෙනං අපි ගියාවේ. සුබ ඉරිදාවක් හැමෝටම....



45 comments:

  1. ඇ... ත්..... තටම කවුද මචන් ඔය සුලෝහිත ඉස්කෝලෙකට ගිය පොර තව පොඩි , පොඩි විස්තර ටිකක් කියවපන්කෝ ගෙවල් කොයි පැත්තේද අදුන ගන්නත් එක්ක අලුත වල බැහැපු පොරකට .

    ReplyDelete
    Replies
    1. හදුනගන්න ඕන තොරතුරු ටික පෝස්ට් එක ඇතුළෙම තියනවා. දන්නෝ දනිත්.

      Delete
  2. මටනම් හිතා ගන්න බැහැ. කවුද ඔය කියන සුප්‍රසිද්ද හාදය.

    කොහොම උනත් සුපිරි කතාව.

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් ලියන හොදම මහත්මයෙක්. කා අතරත් ජනප්‍රිය පොරක්.

      Delete
  3. Replies
    1. මාරයා ට බොහොම කලින් ඒ ඉස්කෝලෙට ගිය කෙනෙක්.

      Delete
    2. එහෙනම් ඉතිං අර ඇවිදින්නා වෙන්ඩ ඕනෑ...
      ඊයේ පෙරෙදා උපන්දිනේ සමරපු!

      Delete
    3. යකෝ මාව ගාවගන්නේ අහවල් එහෙකටද..? :D
      මට පුළුවන්ද ඕවා ගැන කියා දෙන්න ඉංග්‍රිසි පංති දාන්න.. අනික මං වගේ සුදු කොල්ලෙකුට කට්ට කළුයි කියනවද..? හුහ්...

      :D

      Delete
  4. සඳ වෙන් වීJune 29, 2014 at 9:22 AM

    ඇකිලැග්නම්.. කියලා කොන්ඩම් වර්ගයකුත් හැදුවනම් තමයි මරු . ටයර් එකක් හදපු එකේ

    ReplyDelete
    Replies
    1. තාත්තේ මේ කොන්ඩම් වර්ගයක් කියලා කියන්න බැනේ මචන් ඒකයි මු ටක් ගාල ටයර් වර්ගයක නමක් කියලා කිව්වේ.

      Delete
  5. මොකාද ඉතින් අර නාට්ටිකාරයා වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ මාතලන් මේ පැරණිම බ්ලොග් කරුවෙක් මහා කොට කළු සිංහලයා වගේ ඉන්න එකෙක්.

      Delete
  6. ලංකාප්‍රිය වත්දො....??

    ඉරිද දවසට කරපු වෙනසනම් මරු..

    ReplyDelete
  7. ඉතිං ඌ කෙල්ලව යාළු කර ගත්තද?

    ReplyDelete
    Replies
    1. වැදගත්ම ප්‍රශ්ණේ අපිට මිස් වුණ හැටි!

      Delete
    2. අපොයි නැ ඔය අගේට වෙන ඇත්තියක් කසාද බැඳගන ලස්සනට පවුල් ජීවිතේ ගෙවන්නේ.

      Delete
    3. මම නං ගං කිසිතැනක කියල නැතෝ

      Delete
  8. කතාව එලස්............... සත්‍ය කතාවක් ඇසුරෙනි කියලා දැම්මනම් හරි... ඒක නෙමේ පුද්ගලයා කවුද කියලත් කිව්වනම් හරි... මෙහෙම කරමු.. තව ටිකක් විස්තර දෙක තුනක් කියමුකෝ නලියා....

    ReplyDelete
  9. අයියෝ.....ඩුඩ් ස ........ර් .....

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයාගේ බ්ලොග් කෙරුවාවත් නැවතෙන වැඩ තමයි මෙයැයි කරන්නේ....රෙදි ගලවනවා කියලා ඔහොමත් ගලවනවද ....හපුච්චේ...... :D :D

      Delete
    2. මම නං ගං කිසිතැනක කියල නැතෝ

      Delete
  10. May be Ravi........

    ReplyDelete
    Replies
    1. අදාළ කෙනා උත්තරයක් දායිද බලමුකෝ මචෝ

      Delete
  11. කවුද කියල ආයෙ ඇවිත් බලන්නම්කෝ :-)))

    ReplyDelete
  12. උන් කොහෙද අපිව තම්බන්නේ නැද්ද? මමත් දහ අතේ කල්පනා කලා බං කවුරු වෙන්න පුලුවන්ද ඔය පොර කියලා. සුලෝ හිතේටත් ගියානම් අපි දන්න එකෙක් වෙන්නෙපෑ. අර ඩොක්ට චන්දන ජයරත්නවත්ද?

    ආහ්. මතක් වුනා. මතක් වුනා. මගෙත් හොඳම යාලුවනේ බං. නමුත් මෙතන කියන එක හරි නෑනේ. ඒක හන්දා ඒක මම රහසක් හැටියට තියාගන්නම්. තෑගිවගේද යාලුකම?

    ඔය කතාව උඹට කිව්ව පොර ඉන්නවා නේද? මගෙත් යාලුවනේ. පොර ගැනත් මරු කතාවක් තියෙනවා බං. පොර බඳින්න කලින් වෙඩිං කාඩ් දෙන්න අපේ ගෙදර ආවනේ බං, නස්පුක් වෙන්ඩම ගහලා. පොර කාඩ් එකත් දීලා, මගේ කාමරේ ඇඳේ වැටිලා කියවන්න ගත්තා බං උගේ තනිකඩ ජීවිතේ හෙටින් ඉවරයි කියලා. ටිකකින් පොර ඇදලා ඇරියේ නැද්ද දාර කබ්බෙක් ඇඳේ ඉඳන්ම. පස්සේ මුගේ ඔලුවේ යි කකුල්වලයි දෙහි ගාලා හෙම යාන්තම් සිහිය ගත්තා. පස්සේ කාමරේ හේදුවා බං හේදිල්ලක්. හයියෝ කියලා වැඩක් නෑ. ඇ‍ඟේ මයිල් කෙලින් වෙනවා මතක් වෙනකොට. :D

    පස්සේ අපේ අම්මා මූට අච්චර ලස්සන නමක් තියෙද්දි මූව හඳුන්වන්නෙම අර වෙඩිං එක කියන්න ඇවිත් ලොකු පුතාගේ කාමරේ වමනේ දාලා ගිය යාලුවා කියලනේ බං.

    ReplyDelete
    Replies
    1. හි හි හි ......... හොරාට කලින් කැන වැට පැන්නද මන්දා

      Delete
    2. මේ ඉන්නේ මනුස්සයා.

      Delete
    3. දැන් ඉතිං යාළුවගේ පැටිිකිරිය බැලියැකි අපිට...

      (මේක නැගලා ගියොත් දෙපැත්තෙම කතා බර ගානක් එළියට.. නලින් අයියට බ්ලොග් එක ඇදගතෑකි හයමාසයක් මේකෙන්ම. :D )

      Delete
    4. මම නම් ගම් කියන්නේම නෑ මෙතැන....

      Delete
    5. යහළුවා වත් කිව්වා නම් තමා වටින්නෙ. :D

      Delete
  13. හපොයි මෙහෙමත් ලමයි. යාලුකම ඉතිරි වෙයිද?

    ReplyDelete
  14. හිකිස්..මරු කතාව..

    ReplyDelete
  15. ගන්න අපේ දේ කියලා යටින් ගැහුවා නම් හරි.

    ReplyDelete
  16. මටනම් මතක් වෙන්නෙම තාත්තගෙ සිකරට් එක හොරෙන් බිල අඩුව පුරවන්න ගෙනත් තියපු හාදයෙක්වමයි.අනෙ මන්ද නුහුගුනෙටවත්ද කියල

    ReplyDelete
  17. කෙනා කවුරු උනත් , කතාව නම් මරු..... නලින්......

    ReplyDelete
  18. මමනම් හිතන්නේ 'හෙනී ද ග්ලබ් වෝකර්' කියලා.

    ReplyDelete
  19. පට්ට ඉට්ටෝරිය....
    හැබැයි මේක කරපු කෙනා මේක දැකල නැද්ද මංද

    ReplyDelete
  20. ඉංගිරීසියෙන්ම උගන්නයි කියපු ගමන් වැඩේ ලාවට තේරුනා. කමෙන්ට්ස් බලත්දි වැඩේ තහවුරු වෙලා. :) :)

    පට්ට නලින් අයියෙ.

    ReplyDelete
  21. ඔයා ඉතිං ඔය නම නොකියා නම කියනව නේ...

    මම අර Nisupa නඟාට කතා කරන්නෙත් Apusin කියල තමා. බොරුනං අහල බලන්න..

    ReplyDelete
  22. හි.. හි.. කතාව නම් නියමයි.. කවුද මේ හැබෑට ?

    ReplyDelete
  23. //දැන් නම් මේකා ඒ ගැන පන්තියක් දාලා ඉංගිරිසියෙන්ම උගන්නයි අපට ඒ ගැන//
    //මූණ රතු වෙනවා.. නෑ නෑ මූණ රතු වෙන්නේ කොහොමද මේකා කට්ට කළු එකෙක් නේ//

    තොප මේ පවසන්නේ අප මිත්‍ර හෙන්රියා ගැන නොවේද?

    ReplyDelete
  24. ????????????????????

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT