මුහුදු ජලයෙන් පහන් දැල්වෙන බව ඔබට පැවසුවොත් සිනහ පහලවනු ඇත. එවිට ඔබගේ සිහියට නැගෙන්නේ පොල්තෙල් පහනකට ජලය බිදුවක් වැටුනොත් චුරු චුරු හඩනගමින් එය නිවීයන බවනොවේද?
මුහුදු ජලයෙන් දෙවියන් උදෙසා පහන් දල්වන ආශ්චර්ය දැක බලා ගැනීමට යායුත්තේ හින්දු බැතිමතුන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍රවූ මුලතිව් නන්දිකඩාල් කලපුවේ ස්ථාපිත වට්ටාපලෙයි කන්නගි අම්මන් කෝවිලටය.එම කෝවිලේ වාර්ෂික උත්සවය ශ්‍රී ලංකා යුධ හමුදාවේ පූර්ණ දායකත්වයෙන් පසුගියදා ලක්ෂ පහකට අධික බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් නිමාවට පත්විය.
මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ වට්‌ටාපලෙයි ගම්මානයේ පිහිටි කන්නගි අම්මාන් ඉපැරැණි හින්දු කෝවිල ප්‍රසිද්ධ වී ඇත්තේ වට්‌ටාපලෙයි කෝවිල යන නමිනි. මෙහි පත්තිනි අම්මාගේ එක් පෙනී සිටීමක් ලෙස සලකන කන්නගි අම්මා දේව මාතවට පුද පූජා පැවැත්වීම සිදුකෙරේ.
දින අටක් පුරා පැවැති විශේෂ පුදාපූජා ඇතුළු වාර්ෂික මංගල්‍යය පසුගිය දා අවසන් විය.
දෙවියන් පාමුල මුහුදු වතුරෙන් පහන් දල්වා ඇති අයුරු |
මුලතිව් වට්‌ටාපලෙයි හින්දු කෝවිලේ වාර්ෂික මංගල්‍යයට යාපනය, කිළිනොච්චිය හා මන්නාරම යන ප්‍රදේශවල සිට කැලෑබද මාර්ගවලින් කෝවිල් භූමිය කරා බැතිමත්හු පාගමනින්ම ළඟාවෙති. කැලෑබද මාර්ගවලින් එසේ සැතපුම් ගණනාවක් දුර ගෙවමින් පැමිණීම ද බාරහාර වීමේ සම්ප්‍රදායේ තවත් ලක්‍ෂණයකි.
කිරි කළයක් හිස මත තබා කටටු කටු ගසා
බාර හාර ඔප්පුකරන කාන්තාවක්
|
වට්ටාපලෙයි කන්නගි අම්මන් කෝවිල |
අතීත පුරාවෘත්ත වල සදහාන් හාස්කම් පාන ලද වෘක්ෂය |
වට්ටාපලෙයි කෝවිලේ පැවැත්වෙන චාරිත්‍ර අතර ඉතාම සුවිශේෂී වතාවත වන්නේ මුහුදු ජලයෙන් පහන් දැල්වීමයි. මුහුදෙන් ලබාගන්නා ජලයෙන් පහන් දැල්වෙන ආකාරය අපටද දැකගත හැකි විය. වට්‌ටාපලෙයි කෝවිලේ මහානුභාවය නිසාම එය සිදුවන බවට බැතිමත්හු විශ්වාසය පළ කරති. විශේෂ පුජෝපහාර විධි අනුව මුහුදේ එක්තරා ස්ථානයකින් ලබාගන්නා ජලයෙන් දෙවියන් උදෙසා පහන් දැල්වීම සිදුකරයි.
කෝවිලේ දිනපතා තේවා කටයුතු සිදුකරන්නේ පුරාණයේ සිට එකම පරපුරකිනි. අද එහි පස්වන පරම්පරාවෙන් පැවැත එන පිරිස මේ තේවා කටයුතු සිදුකරයි.
අතීතයේ එක්තරා දිනයක මේ ප්‍රදේශයේ තරුණයන් පිරිසක් කුඹුරු වැඩෙහි යෙදෙමින් සිට ඇත. අදටත් මේ කෝවිල ආශ්‍රිත ප්‍රදේශයේ සරු සාර කුඹුරු යායවල් දැක ගත හැක. මෙම කුඹුරේ ගොවිතැන් කටයුතු වල නිරතව සිටි තරුණයන් අභියසට මහලු කාන්තාවක් පැමිණ තමාට කුසගිනි බැවින් තමන්ට ආහාර පිණිස යමක් දෙන ලෙස ඉල්ලා සිටිමින් කොහොඹ ලීයකින් කළ නගුලක් මත වාඩි වූවාය. ආහාරයට අවශ්‍ය මොනවාදැයි ඇයගෙන් විමසූ තරුණයන්ට පවසා ඇත්තේ තමන්ට කිරිබත් අවශ්‍ය බවයි. අනතුරුව කිරි දෙනකගෙන් ලබාගත් කිරි උතුරවා එයට සහල් එක්කොට කිරිබත් පිස මෙම කාන්තාවට පිළිගන්වා ඇත. මේ කටයුතු නිමවෙන විට රාත්‍රිය උදාවී තිබේ. එබවින් අවශ්‍ය ආලෝකය සපයා ගැනීමට මෙම තරුණයන්ට පහනක් දල්වන ලෙස කාන්තාව පවසා ඇත. නමුත් ඒ සදහා පොල්තෙල් නොමැති බව මෙම තරුණයන් කාන්තාවට පැහැදිලි කර ඇත. එම කාන්තාව පහනක් දැල්වීමට පොල්තෙල් අවශ්‍ය නොමැති බවත් ඉදිරිපිට ඇති මුහුදෙන් මුහුදු වතුර ගෙනවිත් පහනක් දල්වන ලෙස පවසා ඇත. ඒ අනුව ක්‍රියා කළ තරුණයන් පිරිස ඇය කියු පරිදි මුහුදු ජලය ගෙනවිත් පහනක් දල්වා තිබේ. අනතුරුව මෙම තරුණයන් ඇමතූ එම කාන්තාව තමාට එසේ පුද සත්කාර කරන්නේ නම් ඔවුන්ගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට තමා ආශිර්වාද කරන බව පවසා අතුරුදහන්ව ඇත. එම කාන්තාව වාඩිවූ කොහොඹ නගුල එම ස්ථානයේම පැලවී ගසක් බවට වැඩී තිබේ. ඒ පැමිණ ඇත්තේ කන්නගි අම්මා බව විශ්වාස කරන එම පළාතේ ජනතාව එම ස්ථානයේ කෝවිලක් කරවා එදා පටන් අද දක්වාම වසරක් පාසා කිරි උතුරවිමින් කිරිබත්(පොංගල් බත්) උයමින්, මුහුදු වතුරෙන් පහන් පත්තු කරමින් එම සිද්ධිය සමරමින් කන්නගි දේව මාතාවට පූජෝපහාර දක්වයි.
ඕලන්ද ජාතිකයන් මෙරට පාලනය කරද්දී යාපනය කොටුවේ සිට මෙම කෝවිල බැලීමට අශ්වයෙකු පිට නැගී ඕලන්ද ආණ්ඩුකාරවරයෙකු පැමිණ තිබේ. එම පුද්ගලයා මෙම කෝවිලේ එවකට සිටී පුජකවරයා අමතා නුඹලා ගේ ඔය දෙවියන්ගේ ඇති හාස්කම් මොනවාද පුළුවන්නම් ඒවා පෙන්නාපල්ලා යැයි කියමින් සමච්චල් කොට තිබේ. එවිට කෝවිලේ පූජකවරයා යෂ්ඨියක් අතට ගෙන අසල ඇති ළිදෙන් ජලය ස්වල්පයක් එයට ඉස එම යෂ්ඨියෙන් කෝවිල පසෙක ඇති විශාල වෘක්ෂයකට තට්ටුකර තිබේ. මෙම වෘක්ෂය අදටත් මෙම පුජනීය භූමියේ ඇති අතර එම වෘක්ෂය දෙමළ ජනතාව හදුන්වනු ලබන්නේ "පනිච්චම් මරම්," "අනිච්චම් මරම් " යන නම් වලිනි.මෙහි මල් ලා දම් පැහැයක් ගන්නා අතර ඒවා සිඹි පමණින් මැලවෙන බව දෙමළ ජනතාව විශ්වාස කරයි. මෙම ගසට පූජකවරා තට්ටු කිරීමත් සමග ගස වේගයෙන් සෙලවෙන්නට පටන් ගෙන තිබේ. ඒ දෙස බලා සිටි ඕලන්ද ජාතිකයා වෙත මේ ගසේ ගෙඩි ගැලවී විත් වේගයෙන් ශරීරයේ වැදෙන්නට පටන් ගෙන තිබේ. එයින් ගැලවීමට මොහු දිව ගොස් ඇති අතර පසුපස එලවමින් මේ ගසේ ගෙඩි ඔහුට පහර දීමට පටන් ගෙන තිබේ. ඉන් ගැලවීම සදහා නන්දිකඩාල් කලපුවට පැන තිබේ. ජලයට පැන්නත් මෙම ගසේ පහරදීම නතර නොවූහෙයින් තමාට සමාවන ලෙස පැවසූ ඕලන්ද ජාතිකයා මේ කෝවිලට රාජ අනුග්‍රහය ලබාදෙන බවත් පුද පුජා පවත් වන බවටත් තමා භාර වන ලෙස පූජකවරායාට පැවසීමෙන් අනතුරුව මෙම ගෙඩිවලින් පහර දීම නැවතී තිබේ. අනතුරුව ඕලන්ද ආණ්ඩුකාර වරයා මෙම කෝවිල සදහා රාජ අනුග්‍රහය ලබා දී තිබේ.
මෙම ගස සෙලවීමට ජලය ඉසින ලද ළිද අදටත් මෙම ස්ථානයේ ඇති අතර එම ළිදේ ජලය උත්සව අවස්ථාවලදී ක්ෂණිකව පොළව මට්ටමින් අඩි එක හමාරක් පමණ ඉහලට ඇති බවත් වට්ටප්පලෙයි කෝවිලට පැමිණෙන බැතිමතුන් පවසති.
මානුෂීය මෙහෙයුම පැවතීමට පෙර සිට අඛණ්ඩව මෙම කෝවිලේ පූජා කටයුතු අඛන්ඩව සිදු කර ඇති අතර මානූෂීය මෙහෙයුමේ අවසන් අදියර පැවති නන්දිකඩාල් කලපුවේ මෙම කෝවිල පැවතියද දෙපාර්ශවයේ මෝටාර් හා කාලතුවක්කු උන්ඩ දෙපසට හුවමාරු වෙද්දී මැදිව තිබූ මෙම කෝවිලට කිසිදු හානියක් නොවුයේ මෙහි ඇති බල මහිමයට බවද බැතිමත්හු පවසති.
වට්‌ටාපලෙයි කෝවිලේ වාර්ෂික මංගල්‍යය කාවඩි නැටුමෙන් හා සංගීතයෙන් අලංකාරව තිබු අතර . කුඩා කලයකට කිරිදමා ඊට කොහොඹ අතු යොදා අලංකාර ලෙස සරසන ලද කළය හිස මත තබාගෙන කිරි නොඉහිරෙන පරිද්දෙන් දෙවියන්ට ගෞරව දක්වමින් රංඟනයේ යෙදීම තවත් පිරිසක් සිය සිරුරේ පිටට කොකු ගසා ලණුවල ආධාරයෙන් එල්ලී කොහොඹ අතු හා කුඩා දරුවන් දෑතට ගෙන කෝවිලේ දෙවියන්ට නමස්‌කාර කිරීම ආදිය සුවිශේෂී අංගයන් ලෙස අපට පෙනිණි.
මෙම කෝවිල සදහා බොහෝ බැතිමතුන් පැමිණ සිටියේ දරුඵල ලබා ගැනීමට, වසංගත රෝග වලින් සුවය ලබා ගැනීමට වූ භාරයන් ඔප්පු කිරීම පිණිසය.
උදේ 7.00, දහවල් 12.00 සහා සවස 5.00 ට දිනපතා වට්‌ටාපලෙයි කෝවිලේ පුජාවන් පැවැත්වෙයි.
ඔය කටු ගහලා කෙසෙල් කඳක එල්ලලා මෙහෙත් කෝවිලේ පෙරහැරක යනවා....ඇග හිරි වැටෙනවා දැක්කහම...
ReplyDeleteහින්දු පෙරහරවල මේවා දකින්න හැකියි.
Deleteමං ඔය තරුණයන්ට කිව්ව අතීත කතාව යම් පමණ දැන සිටියෙමි.. බෝම ස්තුතියි නලියෝ. වෙලාවක යමං සිරාවට ඕක බලල එන්න..
ReplyDeleteමේවා කල්පිතයන්.. එත් මුඛ පරම්පරාවෙන් මේවා පවත්වාගන එනවා. ඒවා දැඩි ලෙස අදහනවා මේ දෙමළ මිනිසුන්
Deleteඅලෙ මගේ අවුරුදු දහයකින් රට වටා ට්‍රිප් එකට තව තැනක් සැට් උනා.....
ReplyDeleteඋඩ ඉදන් හත් වැනියට ඇති "වට්ටාපලෙයි කන්නගි අම්මන් කෝවිල" කියලා ඔයා දාලා තියෙන පොටෝ එක දැක්කම හිතෙනවා එතනට අපේ මිඔනිස්සු ගොඩක් යනවා ඈති කියලා
ඔබ දුටුවෙහිද පොලිතින් හා කහල ගොඩ. මචෝ එතැනට යන්නේ දෙමළ පිරිස්. සිංහල අය යැවෙන්නේ ඉතාම අල්පවයි. දෙගොල්ලම වෙනසක් නැ වගේනේ...
Deleteකියලා වැඩක් නෑ මම කියන්න ආපු එක මැලයා කියලා. :(
Deleteමාත් අර කෝවිගල් පිංතූරෙ දැක්ක ගමන්න පේනුනෙ කහල ගොඩ තමා
Deleteඊලග චන්දෙට එහෙමනම් වට්‌ටාපලෙයි මුහුදෙන් තෙල් ලිo !
ReplyDeleteඅන්න කියමන...... මූදම හින්දවයි කස්ටිය
Deleteඅම්මට හුඩු පිරභාහරන් උන්නැහේ ඔය ගහට කින්ඩියක් දැම්මද දන්නෙ නේ. පොරත් අහු උනේ නන්දිකඩාල් කළපුවේ ඉඳලා නේද? අපරාදේ ප්‍රභාට තිබුනේ ඔය කෝව්ලේ පූසරිලාට කියලා අපේ රණවිරුව්න්ට අර ගහේ ගෙඩි වලින් එලව එලව ගහන්න. අනේ බං උඹත් පටන් ගත්තද අර මව්බිමේ මාද්දිය කළාව. තුඃ නොදෝකින්...
ReplyDeleteමේවායේ සත්‍ය භාවය පිළිඹඳ මට ගැටලු ඇත. එසේම මේ ඉදිරිපත් කොට ඇත්තේ එහි වැසියන් විසින් අදහන පිළිිගන්න මත හා ඒ අය පවසන ජනශ්‍රැති ඇසුරින් පමණයි. මුදු ජලයෙන් පාන් පත්තු කරනවා කිව්ව තැනම එය විහිළුවක් ය කියා ලිපිය පටන් ගෙන තියෙන්නේ ඒකයි. ඒ මොනවා වුණත් දෙමළ ජනතාව මහත් බැතියකින් එතැන වන්දනා මාන කරනවා. මට කියන්න ඕන වුනේ ඒ ටික විතරයි. ට්‍රිපක් යනවනං කෙනෙකුට මේ තැන ගැන කියා දෙන්න විතරයි. පට්ට ආතල් එකක් ගන්න හැකි ගමනක් මේක
Deleteමේවායේ සත්‍ය භාවය පිළිඹඳ මට ගැටලු ඇත. එසේම මේ ඉදිරිපත් කොට ඇත්තේ එහි වැසියන් විසින් අදහන පිළිිගන්න මත හා ඒ අය පවසන ජනශ්‍රැති ඇසුරින් පමණයි. මුදු ජලයෙන් පාන් පත්තු කරනවා කිව්ව තැනම එය විහිළුවක් ය කියා ලිපිය පටන් ගෙන තියෙන්නේ ඒකයි. ඒ මොනවා වුණත් දෙමළ ජනතාව මහත් බැතියකින් එතැන වන්දනා මාන කරනවා. මට කියන්න ඕන වුනේ ඒ ටික විතරයි. ට්‍රිපක් යනවනං කෙනෙකුට මේ තැන ගැන කියා දෙන්න විතරයි. පට්ට ආතල් එකක් ගන්න හැකි ගමනක් මේක
Deleteගණන් ගන්න එපා නලීන්,
Deleteමූදු වතුර පත්තු කරන්න බැරි මොකද අපි මහ බැoකු වාර්තාත් විස්වාස කරනවනෙ
//මූදු වතුර පත්තු කරන්න බැරි මොකද අපි මහ බැoකු වාර්තාත් විස්වාස කරනවනෙ//
Delete++++++++++++++++++++
Pra Jay ++++++++++++
Deleteඉතිං බං බන්දුල ගුණවර්ධන සර් ආර්ථික විද්‍යාව උගන්න කොට මේ ලංකාවේ කී දාහක් කට ඇරගන බලන් හිටියද? ඒත් කෝ ප්‍රායෝගිකව ඒ කියූ දේවල්..
Deleteමං දන්න තරමින් මාතෙ ප්‍රභා වැදුම් පිදුම් කල එකම කෝවිල...
Deleteඅවසන් සටන පවතින අවස්තාවෙ පවා ඔහු ඒ සිරිත් අත හැර තිබුනෙ නෑ...
මොනා වුණත් කන්නගිය ඔහුට පිහිට වුනේ නං නෑ
This comment has been removed by the author.
ReplyDeleteකමෙන්ට් පිස්සු කෙළිනවා දාන් තැන නොවේ වැටෙන්නේ
ReplyDeleteඔව් නලියා වයසට යද්දි දාන තැනට වැටෙන්නෙ නැලු නේ ?? ;)
DeleteSam ++++++++++++++
DeleteThis comment has been removed by the author.
ReplyDeleteදෙවියන්ගෙන් technology එක ඉල්ලගත්තනම් මුළු රටටම නොමිලේ විදුලිය දෙන්න පුළුවන් වෙයි
ReplyDeleteමූදු වතුර පුල්ටෑංක් කරගත්තනම් සතියක් දුවාගන්න තිබුනා ටොප් එකට .. හැබැයි ඇංජිම මලකඩ කයිද දන් නෑ !!!!!
ReplyDeleteෙම්වා පාරම්පරික ඇදැහිලි විශ්වා සහ පත්තර මල්ලි
Deleteමේවා කල්පිතයන් වුණත් ඒ මිනිස්සුන්ගේ විශ්වාසය මේකයි. ඒවා සමාජයක ඇදහිලි විදිහට තියෙනවානම් ඒවාට අපි ගරු කළ යුතුයි. ඉතින් නලියා ඒ මිනිස්සුන්ගේ ආගමික විශ්වාසයන් සහ ඇදහිලි - චාරිත්‍ර විධි වෙනුවෙන් ඔබ දැක්වූ සහයෝගයට ස්තූති කිරීමට කැමතියි....
ReplyDeleteඇත්තටම මට මෙතැන මිත්‍යාව වපුරන්න ඕන කමක් තිබුණේ නෑ. මේ සටහන දැම්මෙත් කෙනෙකුට වෙනස් විදියේ සංචාරයක් හෝ යනවනම් යන්න වටින තැනක් විදියටයි. ඒ වගේම ඒ හින්දු ලබ්දිකයො මේක අදහගන ඉන්නේ මා දාල තියෙන්නේ ඒ අයගේ අදහස් ටිික පමණයි
Deleteඑක එක ආගම් වල එක එක විශ්වාස.
ReplyDeleteහරිම ලස්සනයි.
විස්තර ගෙනාවට ස්තුතියි නලින් අයිය.
සිංහලයන් බොහොම ටික දෙනෙක් විතරක් ගිය තැනක් මේ....
Deleteඅපි එන මාසෙ ඔය ඒරියා එකේ සංචාරයක් දාන්න කල්පනා කරන් හිටියෙ. ශැක් මිස් උනානෙ.
ReplyDeleteගිහින් බලන්න වටිනවා. ස්තූතියි නලින් අයියෙ.
එන මාසේ යනවනං නිකමට ගිහින් බලන්නකෝ....... මේවා මොනවා වුණත් හොඳ සංචාරයකට කදිම තැනක්.
Delete‘‘මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම‘‘ කියල ඉස්සර අපේ සාහිත්‍ය පොතේ තිබුනු විමලරත්න කුමාරගම කවියගෙ අයියනායක කවිපෙලෙත් තිබුනා. අනිත් මිනිස්සුන්ගෙ විශ්වාසයන් ඇදහීම් ගැන අපි මොකටද කරදර වෙන්නෙ. තවත් කාටවත් කරදරයක් නොවෙනතාක් ඒව එහෙම්මම තිබිච්ච දෙන්. එහෙම බැලුවම ඉතින් සියවස් දෙක තුනකට කලින් යුරෝපීයයන් ආසියාවට අප්‍රිකාවට යාත්‍රා කළේ නූගත් මිලේච්ඡ මිත්‍යාදෘෂ්ඨිකයන්ට දෙවියන්වහන්සේගෙ ආලෝකය ලබාදෙන්න.
ReplyDeleteඒ නිසා මම නම් කියන්නෙ ඔය හැමදේම ගැන නිකන් දැනුවත් වෙලා හිටියම ඇති. ඒවා විශ්වාසකරන්න හෝ අවිශ්වාසකරන්න හෝ ගරහන්න කවුරුවත් ඉක්මන්වෙන්න අවශ්‍ය නෑ.
හැබැයි අර ජාතික ය කියාගන්න ඉරිද පත්තරවලින් එහෙම දිගට හරහට මිත්‍යාව වපුරන එක නම් මටත් පිළිකුල්. දැන් ඒක ඕනවටත් වඩා දුරගිහින්. ඒවා වාර්තාකිරීම් ඉිදිරිපත්කිරීම්වලින් ඔබ්බට ගිහින්. ලියල ලියලම ඒව ලියන අයත් ඒ අඳුරටම ගොදුරු වෙලාද මන්දා. ඒ වගේ දේවල් ගැන නම් සැලකිලිමත් උනාට කමක් නෑ. මොකද ඒවා එක එක ජන කොටස්වල ඇදහිලි විශ්වාසයන් ගැන නෙවි, එක එකාගෙ බඩවඩාගැනීමෙ ව්‍යාපෘති මිනිස්සුන්ට බලෙන් පැටවිල්ලක් හින්ද.
DDT ++++++++++++++
Deleteඔබ කියනා අදහසින්ම තමා මා මේ ලිපිය බ්ලොගට ගෙනාවේ. මේවා අපි අදහන්නේ නෑනේ. ඒ අය අදහපුවාවේ. ඒ වුණාට සංචාරයකට ඒ පැත්තේ යනවනං ගොඩවෙලා බලන්න වටින තැනක්. මේ විස්තර දැන ගන්න නං භාෂා පරිවර්තක සංචාරක මං පෙන්වන්නෙක් එක්ක ගියොත් තමා වඩා උචිත
Deleteඔය වැනි විශ්වාස බොහෝමයක් සෑම ආගමක් තුලම ජන කොට්ඨාශයක් තුලම පවතින නිසා ඒ ගැන දැනුවත් වීම හොඳයි.ඇදහීම හෝ නොඇදහීම කියවන්නාගේ හෝ අසන්නාගේ තීරණයක්.නමුත් මා දන්නා විදියට නම් එවැනි ඇදහිලිවලින් පිහිට ලබාගත් මිනිසුනුත් ඉන්නවා.ඒක මා හිතන්නේ එකිනෙකාගේ මානසික ශක්තියට විශ්ව ශක්තියෙන් ලැබෙන ආධාරකය මත සිදුවෙන්නක් කියලා.ඒක ඉතින් මට හිතෙන හැටි.මොනවා වුණත් එහෙම මුහුදු ජලයෙන් පහන් දල්වන්නට පුළුවන්කමක් තියෙනවා නම් ඒකට හේතුවක් තියෙන්නට පුළුවන් විද්‍යාත්මකව හෝ නැතිව.ලෝකේ සියළු දේම විද්‍යාත්මකව අර්ථ දක්වන්න බැරිබවයි මගේ මතය.කොහොමවුණත් ලිපිය වටිනවා නලීන් අයියේ..:)
ReplyDeleteඔය කියන පහන දල්වා ඇති පිංතූරයක් තියනවා ඉහළ. එය කළයක හැඩ ගත් පහනක්. මෙය අපට අදාළ නෑ. ඒ මිනිසුන් බොහොම භක්තියෙන් කරන කටයුත්තක්. මේ කළයත් එක්ක ගැජමැටික් තියනවද කියන්න හෝ නෑ කියන්න මා දන්නේ නෑ.
Deleteආ...මම හිතුව ඕන තරම් පහන් දල්වනවා යම් නිශ්චිත ස්ථානයකින් ගන්නා මුහුදු ජලයෙන් කියලා.එහෙම ගජමැටික් එකක් ද දන්නෙත් නෑ අර කිව්වත් වගේ..කමක් නෑ ඉතින් එයාලගේ විශ්වාසය අපිට ප්‍රශ්නයක් නැහැ නෙව.:D
Deleteබොහොම ලස්සන විස්තරයක් නලීන්. නදිකඩාල් ගියත් කෝවිලට ගිහින් නැහැ. අනාගතේදී යන්න හිතාගත්තා.
ReplyDeleteඅපේ මැත ඉතිහාසයේ අපට වඩාත්ම වැදගත් තැනක් නන්දිකඩාල් කියන්නේ. මේ පුජා උත්සවේ වුවත් පැවැත්තුවේ අපේ විරෝධාර හමුදාවෝ පූර්ණ දායකත්වය දෙමිණුයි. ඉතින් ඔබ වන් අයෙක් අනිවා යා යුතු බැලිය යුතු තැනක් මෙතැන.මෙතරම් යුද්ධයක් තිබිලත් මේ කොවිලට එක උණ්ඩයකින් හානියක් නෑ කියන එකත් පුදුමයක් නේද විචාරක තුමා. අපි මානව හිමිකම් කැඩුවාය කියන ස්ථානයේ පිහිටි කෝවිලක් මේක. මෙහි පූසාරියනුත් දෙස් විදෙස් මාධ්‍ය ඉදිරියේ කියනවා මෙතැනට නම් කිසිම උණ්ඩයක් වැදිලා නෑ කියලා. මේකම ඇති නේද අපට එන එක් චෝදනාවකින් මිදෙන්න.
Deleteමෙහෙම විස්තරයක් මම මේ ඇහුවමයි.. ඔය පැත්තේ ඉතින් තාම සංචාරයක් කරලා නැති හන්දා ඉතින් මට විස්තර වලින් විතරක් සෑහෙන්න තමයි වෙන්නේ..
ReplyDeleteලංකාවට ආවාම හනිමුන් ටුවර් එකටම මේ තැනත් දාගන්න..
Deleteගිහින් බලන්ට හිතාගත්තා.
ReplyDeleteඕලන්ද ජාතිකයා ඇවිත්, පූජකයා ගහට තට්ටු කරන වෙලාවේ ගහට මොනාද වෙන්නේ කියන එක ටිකක් පස්සට ගිහින් නේද?
එතැන ටිකක් පැටලිලි සහිතයි තමා ඔබ කියන දොස දැන් වැටහුණා.
Deleteඅපේ කස්ටිය ලබන මැතිවරණේට මුහුද විකුනලා ඡන්දෙ ගොඩ දායිද නලින් අයියා??
ReplyDeleteමොනව කියනවද ඉතින්..
Deleteඅපුරු විස්තරයක්...
ReplyDeleteමාත් යම්පමණතකට ඔය කොවිල ගැන අසා තියෙනව..
මොකද ඕක ප්‍රභාට සම්බන්ධ කොවිලක් හිංද..
ප්‍රභා නිතර ආ ගිය තැනක් මේ..
Deleteමුහුදු වතුරෙන් පහන් දල්වනවා කිව්වහම හරි පුදුමයි.. මෙතන ගැන නම් කලින් දැනගෙන හිටියේ නෑ.. ගිහින් බලන්න හිතුනා .. බලමුකෝ..
ReplyDeleteඋතුරු සංචාරයක් වෙලාවක යන්න මෙතැනට
Deleteමාත් ට්‍රයි එකක් දීලා බලන්න ඕනේ කුප්පි ලාම්පුවට මුහුදු වතුර ටිකක් දාලා.
ReplyDeleteකුප්පිය බිඳගන්න නම් එපා මනෝ
Deleteඅර කටු ගහ ගෙන පට්ට ආතල් මූඩ් එකෙන් එල්ලිලා පැද්දි පැද්දි යන අපූරුව ගැනනෙ හිතාගන්න බැරි.
ReplyDeleteඔය වැඩේ නම් කතරගම උණත් දකින්න හැකියි
Deleteඋතුරේ අපිට මගහැරුනු තැන් බොහොයි අවුරුදු 30ක්ම මේ සංස්කෘතිය හා මුසු වෙන්න බැරි වුන එක නම් පාඩුවක්.. නියමයි නලින් අයියේ
ReplyDeleteමුළු උතුරුකරයම අපට අහිමිව තිබුණානේ දැන් තමයි යන්තම් මේ පැතිවල අපට පය තියන්න හැකියාව තියෙන්නේ
Deleteකුප්පිය බිඳගන්න නම් එපා මනෝ
ReplyDeleteමේගැන ඇහුවෙත් අදයි. අති දියුණුයි කියන බටහිර රටවල පවා මෙවන් මතයන් පවතිනවා. බ්‍රිතාන්‍යයේ වේල්ස්වල ස්කන්ධ කෝවිල දැන් පවත්වාගෙන යන්නේ සුද්දෝ. එතනත් ඔය වගේ කතන්දර වෙනවා. මරු ඉල්ලම. පටන්ගත්තේ සිංහලයෙක්. පොර මලා.
ReplyDeleteමේ මිත්‍යවන් ලොව පුරාම තියනවා. අපට එක්වරම ඒ මතයන් බැහැර කරන්නටත් බෑ. ඒ මන්ද යත් ඒ අය ආගමික හේතූන් මුල් කරගන මහත් බැතියෙන් ඒ දේවල් කරන නිසා..
Deleteමුහුදු වතුරෙන් පහන් පත්තු කරන්න? අනේ මන්දා. බලශක්ති අර්බුදයට නියම විසදුමක්නේ.
ReplyDeleteනොදන්නා බොහෝ දේ දැනගත්තා නලින්. කසල ගොඩ ගහන එක කොයි තැනත් කරනවා. පොඩි කාලෙ සිට හා දැඩි නීති ගෙනෙන්නට ඕනෙ මේ පුරුදු ඇතිකරන්න. මැලේශියාව වගේ රටවල් ආදර්ශයට ගන්න ඕනෙ අපේ අය.
ReplyDeleteඅප්පටසිරි
ReplyDelete