සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

ශ්‍රී ලාංකික පෞඪ ඉතිහාසයේ සිට පැවත එන ජයසක් හඩ මධ්‍යයේ ලෝකවාසී නව යොවුන් කුමර කුමරියන්ගේ සම්ප්‍රාප්තියෙන් පිබිදුණු දේදුණු වර්ණ රැඳි තුරු උයනක සිරි මවමින් 15 වැනි ලෝක තරුණ සමුළුව ජනධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අභිමානවත් අයුරින් ආරම්භ කෙරිණි. 

ලෝකය තනි යායක් බවට පත්ව ඇති වර්තමානයේ ලාංකීය දේශයේ සංස්කෘතික කලා අනන්‍යනතා අපි නොනසා රැකගන්නා බවට ලොවට හඩගා කී මොහොතක් බවට සමාරම්භක මොහොත පත්කෙරිණි. 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ආචාර්ය ජෝන් විලියම් ඇෂ්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ආචාර්ය  බෑන් කි මූන් මහතාගේ තරුණ කටයුතු පිළිබඳ විශේෂ දූතයා අහමඩ් අල්හෙන්දාවි
,ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය ප්‍රධාන සම්භාවනීය ආරාධිත අමුත්තෝ පිරිස මහත් හරසරින් පිළිගෙන සමුළු ශාලාව වෙත පෙරහැරින් කැඳවාගෙන ආහ.
උඩරට, පහත රට, සබරගමු සම්ප්‍රදායන් මෙන්ම උතුරු නැගෙනහිර ජනයාගේ සංස්කෘතිකාංග වල නාද රටා, නර්තන යනාදියේ මිහිරි සහ ආස්වාදජනක හඩ මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලනය මධ්‍යස්ථාන භුමිය පුරා රැව්පිළිරැව්දිනි.  ලොව පුරා විසිර පැතිර සිටින බිලියන 1.8ක් තරම් වන තරුණ ජනගහණයක් වෙනුවෙන් රටවල් 148ක නියෝජිතයෝ 750ක් ඇතුළු 1500ක පිරිසක් සමාරම්භක මොහොතට එක්ව සිටියහ.
මේ පිරිස අතුරින් සුවිශේෂ වන්නේ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍යවරුන් 29 දෙනෙකු මීට එක්ව සිටීමය.
චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව සමුළුව ඇරැඹිණි.
තරුණ සමුළුවේ සංවිධාන කටයුතු භාරව ක්‍රියා කළ තරුණ කාර්ය සාධක බලකායේ නියෝජිත පිරිස 20කි. ඉන් දස දෙනකු ශ්‍රී ලාංකිකයෝ වෙති. ඉතිරි පිරිස විදේශිකයන්ය. මෙයින් ශ්‍රී ලාංකික ජයත්මා වික්‍රමනායක මෙනවිය සමුළුව ආරම්භ කරමින් පිළිගැනීමේ කතාව පැවැත්වූවාය. 
සංස්කෘතිකාංගයක් එළිදැක්වීමෙන් අනතුරුව උද්යෝගිමත්ව සිටි තරුණ සමුළු නියෝජිතයෝ අහමඩ් අල්හෙන්දාවි මහතා සහ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ සභාපතිවරයා සමුළුව ඇමතූහ.
ලෝක තරුණ සමුළුවේ තේමා ගීතය භාතිය සන්තුෂ් ගායක කණ්ඩායම ගායනා කිරීම ඉන් අනතුරුව සිදුවිණි. සංගීතය විශ්ව භාෂාවක් බවට පත් කරමින් එම තේමා ගීතයේ නාද රටාවලට විදෙස් නියෝජිතයෝ තාලයට අත්පුඩිසන් ගසමින් එක්ව කළ පෙළහැර සැමගේ අවධානයටත් සතුටටත් ප්‍රීතියටත් හේතු විය.
අනතුරුව තරුණ සමුළුව අමතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වමින්, අප ශ්‍රී ලංකාව පූජනීය භූමියක් සේ සලකන්නා සේම ඔබත් ඔබ ජීවත්වන රට පූජනීය භූමියක් සේ සලකන්නැයි ඉල්ලීමක් කළේය.














19 comments:

  1. දැන් එතකොට අපේ ලොක්කයි ලොක්කිත් තාම තරුණ වයසේද බන්

    ReplyDelete
    Replies
    1. පේන්නෙ නැද්ද මැලේ ලොක්කගේ ජවය...

      Delete
  2. අනේ මන්දා.........................

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා බං

      Delete
    2. තරුණ තරුණියන්ට බිත්තර කෝපි සංග්‍රහ එහෙම අඩු නැතිව තියේවි නේද,අපරාදෙ යකෝ තරුණයෙක් නං මාත් යනවනෙ.

      Delete
  3. හ්ම්ම්… මොක උනත් ලංකාවෙ තියෙන ලෝක මට්ටමේ සමුළුවක් නිසා, ලෝකයා ඉදිරියේ අවමානයට ලක් නොවී හොදින් සමුළුව අවසන් කර ගැනීමට සුබ පතනවා.………

    ReplyDelete
  4. හම්බන්තොට සමාරම්භක උළෙල තිබුන එකේ වාසිය මොකද්ද කියල මං මේ කල්පනා කරනවා. දැන් ඔතන ඉන්න 1500ට හම්බන්තොට අහල ගං හතකවත් හෝටල් පහසුකම් නැහැ. අනික මට ආරංචි විදියටට බුක් කරල තියෙන හෝටල් ඔක්කොම කොළඹ ඒවා. දැන් මේ 1500 ආයෙත් කොළඹට පටවන්න වෙනවා.

    ඒත් කමක් නැහැ නිකං හල්දුම්මුල්ල,හෝටන් තැන්න වගේ ලස්සන පලාතක් නම් අඩුතරමෙ ආයිත් සංචාරකයෙක් හරි ඒවි. ඒත් හම්බන්තොට ඕක තිබ්බහම මොකද්ද තියෙන වාසිය. අපි තුට්ටු දෙකේ චන්ද පදනමින් හිතුවත් ඔය මොකද්දවත් නොදන්න හම්බන්තොට ගැමියො සුද්දො වගයක් ඇවිත් ලොුක උස්සවයක් හම්බන්තොට තිබුන කියලා චන්ද දෙයිද? අනේ මන්දා..

    හෝටල් අනම ්මනම් නිර්මාණය වුනත් හම්බන්තොට වැහි නැති දාක හම්බන්තොට තියෙන සෞම්‍ය කාලගුණය නම් පංකාදුයි.. සමුළු නෙමෙයි අවශ්‍ය නම් ඔටු රේස් වුනත් තියන්න පුලුවනි.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේකයි ඔතන සිඉන් එක හම්බන්තොට කරලා තියන සංවර්ධනය ලෝකෙට පෙන්නන එක තමයි ඔතන තියන පරදාන අරමුණ වගේ පෙන්නේ.......

      ඔවු 1500ම කොලබට ආයේ ගෙනිච්ච්චා ආව බස් වලින්ම

      ඔටුවෝ උනේ හම්බන්තොට අපි පැය 4ක් එක දිගට අවුවේ හිටියේ
      ආස්ච්ර්යේ අපි අව්වුවේ
      අපිට කැන්ටිමේ අගලේ බත් එකයි යෝගට් එකයි
      ඩාන්සින් කරන යුත් එකේ ඩාන්සින් කෘරූ එකට ජේඩ් ග්‍රීන් එකේ පොස් කෑම
      අපිට ට්‍රාන්ස් පොට් නෑ පාරේ බස් එකේ
      පුස් කෑලි වලට චෝගම් ගෙනාපු පුල් ac බස්
      ඔන්න ඕකයි රියසල් කරන දවස් ටිකේ උනේ කොම උනත් උත්සවේ දවසේ නම් ඔක්කොම අයට එකම විදිහේ කෑම බිම දුන්නේ කොඩි අල්ලන අවුවේ හිටපු අයට දවසට රුපියල් 140යි සමහර අයට 400යි 800යි (දුර අනුව වෙනස්) බෙර ගහන අයට 1000යි ඔන්න ඕකයි ඇත්ත තත්වේ


      හම්බන්තොට කිසිම දේක පර්තිලාභ මෙහෙ ඉන්න තරුණ තරුණියන්ට හරියාකාරාව ලබන්නේ නෑ ඉන්ටවූ එකක් තිබුනත් එක තියන්නේ කොලබ හොදම ජොබ් ටික කොලබට ඊටපස්සේ ගාල්ලට ඔහොම ඇවිත් අවසානේ ඉතුරු පියන් කටු ටිකයි සුළු සුළු ජොබ් ටිකයි හම්බන්තොට අයට දෙන්නේ....
      එකට ඉතින් හම්බන්තොට අයගේත් ලොකු වැරද්දක් තියනවා හම්බන්තොට ඉන්න අයගේ ඉගැනීම අඩුයි ඒ වුනත් දැන් මම දන්නා විදිහට ඒ තත්වේ ටික ටික වෙනස් වෙනවා මතක නේ ගිය අවුරුද්දේ උ.පෙ ගණිත විද්‍යා අංශ 2 කම ෆස්ට් ප්ලේස් හම්බන්තොටට ආවේ

      Delete
  5. ලෝකය ඉදිරියේ අපේ අභිමානය ප්‍රකාශ කරන්න හොඳ අවස්තාවක්...

    ReplyDelete
  6. නලින් අයියේ. අනේ මංදා බන් !!!

    ReplyDelete
  7. අද මේක ඉස්සරහින් ගියාට ඇතුලට එන්න බැරි උනා......වටපිටාවම ලස්සනයි......සමුළු සාමාජිකයින් රැගත් බස් පෝලිමක් පාරේ යනවා දැක්ක.... පොලිස් ආරක්ෂාව මත .... ඒත්..... හෙට වෙද්දී මෙතන ආපහු පාලුවට යනවා......

    ReplyDelete
    Replies
    1. ඒත්..... හෙට වෙද්දී මෙතන ආපහු පාලුවට යනවා......

      ඔවු බල්ලෙක් වත් නැති වෙනවා හැමදාම ඕක තමා වෙන්නේ ඉතින්

      Delete
  8. මහින්දයගෙ පඩ ෂෝ!!

    ReplyDelete
  9. හෙණ ගහන ආතල් අය්යො...
    සිරාවටම තරහගන්න එපා...
    පොස්ටුව ඉදිරිපත් කිරීම වාර්ථාවක් ස්වරූපයක් ගන්නෙ නෑ... සම්පූර්ණ වන්දිභට්ට ආකෘතියක් තමා තියෙන්නෙ...
    කෝමත් ලංකාවෙ හුගක් පුවත්පත් වාර්තා කරුවන් කරන්නෙ ප්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීම නොව කතා කීමක්... පත්තරයක් අරං නිවුස් එකක් කියවන්න ගියාමත් පත්තර පිටුවක් පුරා කියෙව්වත් ගන්න දෙයක් තියෙන්නෙ පිටු අරික්කාලක් තරං

    ඇයි මංද........................??????????

    ReplyDelete
  10. ///අප ශ්‍රී ලංකාව පූජනීය භූමියක් සේ සලකන්නා සේම ඔබත් ඔබ ජීවත්වන රට පූජනීය භූමියක් සේ සලකන්නැයි ඉල්ලීමක් කළේය.//

    මම ඈත්තටම විස්වාස කරන දෙයක් තමයි ලන්කාවට වෑඩියෙන්ම ආදරේ කරන්නෙ ලන්කාවෙ දේශපාලකයන්.
    මොකද දේශපාලකයන්ට මේතරම් බලයක්, වරප්‍රසාද සහ තෑනක් ලෑබෙන වෙන කිසිම රටක් නෑහෑ. මේරට හොදම දේශපාලකයන්ට තමයි

    ReplyDelete
  11. කොයි දේ කොහොම වුනත් වෙන රටවල අය ඇවිත් බලල යන එක වුනත් රටට ආඩම්බරයක්. ( රට ඇතුළෙ මොන මොන නොගැලපීම් තිබුණත් )

    ReplyDelete
  12. රටවල් 167ක තරුණ නියෝජිතයෝ ඇවිත් තියෙනවා මේකට මොකක් උනත් රටට ප්‍රසිද්ධියක් ලැබෙයි. ඒත් හම්බන්තොට මේක පටන්ගත්ත එකේ වාසියනම් මොකක්ද කියල පැහැදිලි නෑ.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT