සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ගූගල් වෙතිනි
ජනා හරි සූරය කියල තමා කට්ටිය කියන්නේ. හැබැයි ඒ ඉන්න තැන. නැතිතැන කියන්නේ ජනා හෙන අණ්ඩපායල කියලයි. කන්තෝරුවක රස්සාවක් කොළත් මේකා එතන රස්සාවට වඩා කෙරුවේ වාහන බ්රෝකර් වැඩේ. ඕන දහ ජරාවක් මේකා අහිංසකයන්ගේ ඇගේ එල්ලන්නේ අතේ පැළවෙන බොරු දාහක් දෙසා බාලා තමා. කොහොම හරි ජාවාරම අවසානයේ විකුණුම් කරුගෙන් මෙන්ම ගැනුම්කරුගෙන්ද මේකා ගාන කපා ගන්නවා. 


මෙහෙම ටික කාලයක් අනුන් ගේ වාහන විකුණමින් ගාන කපා ගත් ජනා ටික දවසකින් තමන්ගෙ ම කියලා පරණ වැන් කට්ටක් ගත්ත දෙකට පහට විතර. මේක හෙන ලදරමක් වුණත් වාහනේ ගෙදර ගෙනත් ජැන්ඩිපහට පේන්ට් කරලා හදලා ගත්තා. දැන් වාහනේ කිරි ටොයියා වගේ බැබලෙනවා. මේකා දැන් කයිවාරුවටත් කියන්නේ ඔන්න බලපල්ලා මං මේ වන්ඩිය එකට පහක් තියාගන විකුණනවා කියලයි. මෙහෙම කියපු ජනා කාටත් හොරෙන් මේ දිරුම් වහපු වාහනේ විකුණන්න පත්තරේ දැන්වීමක් දාලා. දැන් මුගේ බලා පොරොත්තුව ඉරිදා දවසේ ගෙදර ඉන්න නිසා එන ගැනුම් කරුවන්ට වාහනේ පෙන්නලා විකුණගන්න එක.

මොකද්ද කරුමෙකට එදා දවසේ ජනාට හදිසියේ වැඩට එන්න කියලා ලොක්කා කතා කරලා කියලා. දැන් මූ ලොකු අමාරුවක. වාහනේ බලන්න මිනිස්සු එනවා. හැමදාම මූ වාහන වික්කේ බොරු අතේ පැළකරලනේ. දැන් මේ වාහන පෙන්නන්නවත් විදියක් නැ මේකට. දහ අතේ කල්පනා කළ ජනා අන්තිමට උගේ අම්මට කියනවා අම්මේ වාහනේ ගන්න කවුරු හරි ආවොත් වාහනේ පෙන්නලා මට කෝල් එකක් අරන් දෙන්න කියලා. එහෙම කියලා ඌ වැඩට යනවා.

මේකා ගිහින් පැයක් ගියේ නෑ ආපි දෙන්නෙක් වාහනේ බලන්න. අම්මටත් දැන් හරි සතුටුයි. දැන් දෙන්නා කැරකි කැරකි වාහනේ වටේ තට්ටු කරකර යනවා. ටිකක් බොල් සද්දේ එනවා නේද බාස් උන්නැහැ. හ්ම් බලමුකෝ අපි තව ටිකක්. 

අනේ මහත්තයෝ මහත්තයට කියන්න අපේ එකා මේ වාහනේට මාර ආදරෙන්නේ හිටියේ. උගේ වැඩේම මේ වාහනේ හදන එකමයි. බොරුනං බලන්න මහත්තයෝ මේකා මේ වාහනේට තියන ආදරේ තේරෙයි අර ටින් ගොඩ දැක්කාම. ඔය ටින් සේරම දාලා තමා මේ තරම් ලස්සනට වාහනේ හදාගත්තේ කියලා ගැරෙජ් එකේ කෙළවරකට වෙන්න රෙද්දකින් වහලා දාල තිබ්බ කැට්ලොය් පේස්ට් ටින් තොගයක්ම පෙන්නපි.

එක පාරටම මූණට මූණ බලාගත්තු දෙන්නා හා එහෙමද එහෙනං පුතාට කියන්න අපි ඇවිත් බලලා ගියා කියලා කියමින් බයිසි මොටෝවට නැගල ඉගිල්ලිලා ගියේ දෙවියෝ අපිව බේරුවා කියන ගමන්. අර අම්මා තාමත් කල්පනා කොරනවලු මොකද්ද මගෙන් කියැවුණු වැරැද්ද කියලා.


59 comments:

  1. අම්මෝ..ඔහොම එවුන් ඉන්නවා හැම තැනම..මම වැඩ කරන අතනත් ඉන්නවා.බොරු කෝටියක් කියල ගන්න ඉන්න එකා ව හොඳ ට අන්දලා පරණ යකඩ අගොදවල් විකුනනවා.හැබැයි ඉතින් අර වගේ අම්මල ඉන්නවනම් පුතාලට වැඩි දුර වංචා කරන්න බෑ..
    මොනවව උනත් අවංක මවක්.

    ReplyDelete
    Replies
    1. මෙතැනනං වෙලා තියෙන්නේ අම්මා නොදන්න කමයි ෂෙහාන්..

      Delete
  2. වාහන ගන ගියාම තමයි තේරෙන්නෙ මිනිස්සුන්ගෙ බොරු.. අතේ පැළවෙන එව්වා කියන්නෙ. ඒවා අහූනත් ලජ්ජාවක් නෑ..

    ReplyDelete
    Replies
    1. වාහන ගනු දෙනුවේදි බ්රෝකර්ලගෙන් හරිම පරිස්සම් විය යුතුයි. වැඩිම ලාභය ගන්නේ උන්

      Delete
  3. එළ කතාව නලියා......

    ජනාට නියම පාට්නර් කෙනෙක් ඉදාලානේ වාහන විකුණන්නට... නියමයි හැමදාම අම්මා හිටියනම් මිනිහා ඔය රස්සාව අතඇරලා ගොඩක් කල්......

    ReplyDelete
    Replies
    1. මේ කතාව අපි මේකට දැනුත් කියනකොට මු බනින්නෙත් අම්මට කියල තමා

      Delete
  4. අම්ම වැඩේ කාල!

    ReplyDelete
  5. අම්ම නිසා අහිංසකයෙක් බේරුනා , වාහන බ්‍රොකර්ලායි කපුවොන්ගෙයි වැඩි වෙනසක් නෑ. කොහොම හරි ටින්කර් කරපුවා ඇඟේ ගහන්නනේ කපුවොත් බලන්නේ

    ReplyDelete
    Replies
    1. ඉවාන්ටත් ටින්කර් කරපු එකක්ද අහු උනේ/ අහු වෙන්න යන්නෙ?

      Delete
    2. ඉවාන කෙහෙද බං ඒවට අහුවෙන්නෙ ....
      ඒ කොල්ල සුන්දර බිරිදකගේ දයාබර සැමියෙක්...හෙහ්...හෙහ්....

      Delete
    3. ඉන්ජො ටිංකරින් පාරවල්වලට අහුවෙන්නේ නැතෝ නේද කෙන්ජයියේ...

      Delete
    4. නැතිව නලිය .... අපි වගේ එවුන් අහු වුනත්......:)

      Delete
    5. ඔය කියලා තියෙන්නේ ලෙසටම! :D

      Delete
  6. සෙට් වෙලා බොද්දි වෙන මේ වගේ කතාවක් ඉරිදට හරි දාපං යකූ..... හෙක්...හෙක්....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඉරිදට මේවගේ කතා ලියන්න තමා කල්පනාව දැන්.

      Delete
  7. නලියා මගේ ගැලවිජ්ජා ඩ්‍රාමා එකේ ප්ලොට් එකත් ජනා කෙනෙක් තමයි

    ReplyDelete
    Replies
    1. එහෙමද එහෙමද? ගැලවිජ්ජා සාර්ථක වේවා මචං

      Delete
  8. අප්ප ඔය සෙල් කාරයොයි බ්‍රොකර්ලයි කරන වැඩනම් පොස්ට් එකක් ලියන්න පුලුවන්.බලමු පුලුවන් වුනොත් ලියන්නම් කො.

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු ඒවත් මේකා ගැනම තව කතා තියනවා ඒවත් ලියනවා ඉදිරියට.

      Delete
    2. ලංකාවට එන්න කලින්ම ඩිජීටල් odometer එකකත් ආපස්සට කැරෙකෙන එකේ......

      Delete
  9. ජනා කියන වචනය හරි භයානකයි. ඔය වචනයට තව අකුරු තුනක් එකතු කරලා දේශපාලන අර්ථ කථන දුන්නොත් 'කේර මලියක්' වෙනවා. ඒ නිසා නම වෙනස් කරමු.

    ReplyDelete
    Replies
    1. මේ නම් මාව හික කරන්න කරපු කමෙන්ට් එකක් හැක් හැක් හැක්..

      Delete
  10. අපේ මරා ගැන එහෙම නෙවෙයි නේද ලිව්වෙ....

    ReplyDelete
    Replies
    1. යකෝ මේ ජනා අපේ ගමේ ජනා ගැන...

      Delete
  11. ඇත්තනෙ දෙයියනෙ ඔය වාහනේ මුන් ගෙනිච්චත් කවදා හරි බනින්නෙ ඔය අහිංසක අම්මටමනෙ. ඉතිං ඒ අම්මා බලන්න ඇති පිට උන් ගෙන් බැනුම් අහන්නෙ මොකටද කියලා. :)

    ReplyDelete
    Replies
    1. උඹේ අර වංගුවෙදි හිටින බයික්කෙ විකුනන්න ගිහිල්ලත් ඔහොම උනා නේ බං :D

      Delete
    2. හි… ඌ සීන් එක දැන දැන ගත්තෙ බං. :D

      කොහොම හරි පව් වැඩේ ඌ ටික කාලෙන්ම ඒක පංචිකාවත්තට දැක්කුවා. :(

      Delete
    3. බ්‍රෝකර්ල හොඳයිනේ බං උඹලට වඩා . හැක් :D

      Delete
    4. බලන කොට ප්‍රියාත් එක්තරා බ්රෝකර් කෙනෙක් නේ පත්තර මලයා.

      Delete
  12. හැමදාම හොර වැඩ කරන්න බෑනේ එලිවෙන්නත් දවසක් තියෙන්න ඕනේ නේ..

    ReplyDelete
    Replies
    1. මේක එයාගේ නොදන්න කමට වෙච්ච දෙයක් ඒ ගැන දන්නවනං එයා කියටවත් අර ටින් තොගේ පෙන්නෙන්නේ නෑ.

      Delete
  13. ඕ යේස්.. අම්මෝ බ්‍රෝක්‍ර්ල ඇවිල්ල වැඩක් නැ දෙන ආතල් එක නලින් අයියා. වාහනේ විකුනන්න දුක හිතෙනවා ඌ වාහනේ ගැන දෙන රෙකමන්ඩ් එක ඇහුවම.. අම්ම තාත්ත හරි ගනකට අවොත් දෙන ඩයල් ජතියක් !!!!

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++

      Delete
    2. අම්මපා ඇත්ත එවුන් බොරු අතේ පැළ කරනවා බං ඒ වගේම තමා වාහන බලන්න අපිම අරන්යන බාස්ලවත් ගානකට ගන්නවා මුන්. බාසටත් ගානක් කපලා දිීලා.

      Delete
  14. ගෙවල් වල අය වැඩි හොඳට කරන මේ වගේ වැඩ වලින් සමහරුන්ට කෙළ වෙච්ච අවස්ථා එමටයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත සූදික....

      Delete
  15. හුහ්, කැටලෝයි පේස්ට් ටිං එකක්ම කීයයි කියලද හිතන්නේ? ;P

    ReplyDelete
    Replies
    1. ඒ වගේද තහඩු වෙනුවට කැට්ලෝයි වලින්ම වහල හදපු එක. පිටින් කිරි ටොයියා වගේ..

      Delete
  16. ටින් බොඩියක් ද හොයල තියෙන්නේ... :p

    ReplyDelete
  17. වාහන ගැන දන්නේ නැති එවුන් පාවිච්චි කරපු වාහන ගන්නවනම් ඕං පරෙස්සමෙන් මේක එක සිද්ධියක් විතරයි මම දන්න කියන කෙනෙකුත් මෙහෙම වැඩ කීපයක්ම කරලා තිබුණා.

    ReplyDelete
  18. වාහන බ්‍රොකර්ලා තමයි මිනිස්සු තමංගේ තාත්තට අරං දීපු වාහනෙං ගාණක් තියාගත්තු බ්‍රෝකර් කෙනෙක් මං දන්නවා.

    ReplyDelete
  19. නලින් මාමාගේ මේ කතාව කියෙව්වම මටත් යාලුවෙකුට වාහනයක් ගන්න ගිහින් වෙච්චි වැඩක් මතක් උනා ..... යාලුවා ගියේ අවුරුදු 10ක් විතර පාසල් සේවයේ යෙදුන වෑන් එකක් බලන්න ඒක අයිති අන්කල් ඒ වෑන් එකට ඇත්තටම හරි ආදරෙයිලු.... අපිත් එක්ක ගිය ගැරේජ් බාස් වෑන් එකේ කෑටලෝයි තියෙනවද බලන්න වටේටම ටින් ටින් ගා ගා තට්ටු දාගෙන යද්දී කේන්ති ගිය අර වෑන් අයිති අන්කල් කිව්වා යකෝ මම අවුරුදු දහයක් හම්බකරන් කෑව මේකට ටින් ටින් ගා ගා තට්ටු කරන්න මේක ටකයක් නෙමෙයි බොලව් මම මේක බොලට විකුනන්නේ නෑ පලයව් යන්න කියලා අපිව එලව ගත්තානේ.....

    ReplyDelete
    Replies
    1. රාළගෙ යාලුවගෙ ඩයල් එක අප්සට්ද ? ගුටිකන මූණක්ද තිබුනෙ...නැත්තං රාළගෙ ඩයල් එක අප්සට්ද ? වාහන අයිතිකාරයගෙ වයිපරේට, දුවලට ඇහැ කැරකෙව්වද ?

      Delete
  20. ඔන්න ඕකයි කියන්නෙ හැම තැනටම ඇත්ත කියන එකෙන් වාසියක් ලැබෙන්නෙ නෑ කියලා...පවු නේද ජනා...

    ReplyDelete
  21. නලීන්ගෙ මේ පෝස්ටුව දැක්කම පත්තර වල දාන වාහන ඇඩ් මතක් වෙනවා. ඒවයේ තියෙනවා ලේඩීස් ඩ්‍රිවන් වෙහිකල් කියල. අහුවෙන්න නම් එපා. දැන් කාලේ ලේඩීස් ඩ්‍රිවන් කියන්නෙ එන්ජින් ගියර් බොක්ස් අහවර කරපුවා. අපේ පත්තර මල්ලි දන්නව ඇති මේ ඇඩ් ගැන. අම්මෝ ලියනවනම් කතා එමට ඇති.

    ReplyDelete
  22. පටන් ගන්න ඕනි ... වාහන බිස්නස් එකක්...

    :3 අම්මට නොකියා ..

    ReplyDelete
  23. මදැයි! හොරාගෙ අම්ම හරියට පේනෙ කියල නෙ

    ReplyDelete
  24. මාළුවා නහින්නෙත් කට නිසාළු..........

    ReplyDelete
  25. ඒ වුනාට අම්ම ඇත්තනේ කිව්වේ,,,,,,, කොතනද ඉතින් වරදක්......?

    ReplyDelete
  26. අම්මා තාම කල්පනා කරනව ඇති හි හි....

    ReplyDelete
  27. සුපර් කප් 50 බලන්න ආපු කොල්ලෝ දෙන්නෙකුට අංකල් කිව්වාලු
    බය නැතුව ගන්න පුතා... 1 st එකයි 2nd එකයි විතරයි පාවිචි කරේ 3 rd එකට තවම දාලවත් නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙනං ඒ ගියර් වීල් දෙකට අබ සරණං සන්ජීව..

      Delete
  28. පට්ට
    හැබැයි ජනා එදා අම්මට නං හොදට දෙහි කපන්න ඇති නේ

    ReplyDelete
  29. අන්න වචනේ යසිත්...

    ReplyDelete
  30. අඩේ උත්තර දාන්න බෑ බංස්ලා. උත්තර දාන තැන නොවේ වැටෙන්නේ. වෙන තැන්වල. දැන්නං බ්ලොගරයා මාරම විදියට පිස්සු කෙළිනවා.

    ReplyDelete
  31. බුවා බොසාගේ අම්ම අප්පා මතක් කරන්න ඇති නේ..?

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT