දෙහිඅත්තකණ්ඩිය හෙන්නානිගල හිටපු ආදී වාසී නායක හා වයස්ගතම ආදිවාසී පුද්ගලයා වන තාලාවරිගේ කළු අප්පු (වයස114කට වැඩි) ඊයේ දින30ද) දෙහිඅත්තකන්ඩිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත විය.
දේහය අංක 17, හේනානිගල දකුණ, නව මැදගම යන ලිපිනයේ වු නිවසේ මේ වන විට තැම්පත් කර ඇති අතර දේහය ආදිවාසි පාරම්පරික චාරිත්‍ර හා වත් පිළිවෙත් අනුව ඖෂධිය බත්හික් පොත්තෙන් හා ගැටකිරි වැල් ආධාරයෙන් සෑදු පෙට්ටියක තැන්පත් කර ඇත.
දරුවන් 10 දෙනකුගේ ( පිරිමි දරුවන් 06ක් හා දියණියන් 04ක් ) පියකු වු ඔහු පරම්පාරා හතරක මුණුබුරු,මිනිපිරියෝ 105 දෙනෙක් දුටහ.
හෙනානිගල පොදු සුසාන භූමියේදී ඉරිදා (04) සවස ආදිවාසී නායක දඹානේ වන්නිලා ඇත්තන් හා හේනානිගල ආදිවාසී නායක ගුණබංඩියා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් අවසන් කටයුතු ආදී වාසි සිරිතට සිදු කෙරේ.
දඹානේ කන්දෙගන්වල සිටි කළුඅප්පු අතුලු පිරිස මහවැලි ඉඩම් ලැබ 1982 වසරේදී හෙනානිගලට පැමිණයේ අභාවප්‍රාප්ත මහවැලි ඇමැති ගාමිණි දිසානායක මහතාගේ ගේ ඇරියුමකට අනුවය. දඩයමෙන් ජීවත් වු ආදී වාසීන් කෘෂිකර්මයට යොමු කිරීමට හිටපු මහවැලි ඇමැතිවරයා සමත් විය.
රන්ජිත් කරුණාවීර මහියංගනය
අවසන් කටයුතු කරන පින්තූර ටික නං මරු ^_^ විස්තරේකුත් දැම්මා නං තවත් හොඳයි! නැත්තං අපි දන්නේ නෑනේ මොකද වෙන්නේ කියලා!
ReplyDeleteදෙහිඅත්ත කණ්ඩිය /හේනානිගලගල /නව මැදගම ඉන්න දවස්වල වැඩි ජනයා මුණගැසුන හෙනානිගල දී..... මෙයත් ඉන්න ඇති ...මතකයක් ....නැහැ....
ReplyDeleteකළු අප්පු හුරාට නිවන් සුව අත් වේවා...!
වනජීවී එකෙන් දඩ ගැහැව්වෙ නැද්ද දන්නෙ ගස් පොජ්ජෙන් ..පොත්ත ,,මං ගැච්චේව්වට ....
ස්තුතියි ...රන්ජිත් K .....
ආදිවාසීන් යනු ඇත්තෙන්ම නොදියුණු පිරිසක් නෙවෙයි. අවුරුදු 114 ක් ජීවත් උනා කියන්නේ ඒ මිනිස්සුන්ගේ නිරෝගීකම ගැනත් හිතාගන්න පුලුවන්. දැන් ඉන්න ප්‍රම්පරාවේ පොඩි එවුන්ට හිටන් දියවැඩියාව වගේ ලෙඩ සමහරු කණ්නාඩි දානවා. මේ මිනිස්සුන්ගේ ජීවිත වල යම් සාර්ථකත්වයක් තිබුණානම් එය අදටත් ආදර්ශමත්.
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් නිවන් සුව පතන එක ඔවුන්ගෙ ඇදහිල්ලට අනුව හරිද මන්ද. හොඳ ලිපියක්!
ReplyDeleteඒ උත්තමයාට නිවන් සුව අත් වේවා.
ReplyDeleteනිවන් සුව අත්වේවා..
ReplyDeleteඅන්න ඒ වගෙ ඔක්කොමලා ලමයි හදන්න ගලගොඩාත්තෙ සාදු ලමයි බලාගන්නවයි කියන්නෙ !
ReplyDeleteමහියංගනේම ඉඳලත් මෙහෙම දෙයක් දන්නෙ අද. සැක් විතරක්.
ReplyDeleteමංඅහල තියෙන විදියට කෙනෙක් මැරුණාම වැදි ජනතාව ඒ ගස් වැල් ඖෂධ භාවිතා කරන අවසන් කටයුතු සදහා මළ සිරුර සකස් කිරීමේ ක්‍රියාවලිය නිසා සළ සිරුර සෑහෙන දිනක් නරක් නොවී තබාගත හැකී
ReplyDeleteඅර ගස් පොත්ත මොකටද? මිනී පෙට්ටිය වෙනුවටද?
ReplyDeleteඅර ගහක පොත්තක් වගේ එකක් ගේන්නේ ඇයි?
ReplyDeleteමොන ආගමක උණත්, ඔහුට නිදහසක්, සැනසීමක් ප්‍රාර්ථනා කරනවා...
කළු අප්පු මාමාණ්ඩිට නිවන් සුව ලැබේවා.
ReplyDeleteඔය චාරිත්‍රනම් දැණගන්න හරි කැමතියි. අර හික් ගහේ පොත්ත ගලවන විදිහයි. ඒකෙන් පෙට්ටිය හදන වැඩෙයි නම් හරි පුදුමයි.
සුභ ගමන් කළු අප්පු අයියේ..
ReplyDeleteකිසිදා නොදැකපු චාරිත්‍රයක් පෙන්නුවට ස්තුතියි. ඔහොම ගස් පොතු ගලවන්නේ විශේෂ කෙනෙක් මැරුණාම විතරද?
ReplyDeleteමේ සිදුවිම්ම කලින් අහන්න ලැබුනත් පින්තූර දකින්න ලැබුනේ නෑ.
ReplyDeleteකළු අප්පු සීයාට නිවන් සුව පතනවා ...
නිවන් සුව ලැබේවා.
ReplyDeleteඉස්සර කෑලේ ජීවත් වූ ආදි වාසින් නම් කලේ මිනිය ගල් ගුහාවෙ තියල ඉක්මනට එතනින් යන එක. මියගිය අයගෙ ආත්මය (නෑ යකෙකු ලෙස ) තමන්ට වෑහෙයි කියල ඔවුන් බිය වුනා.
ReplyDeleteවලහ ගහපු තමන්ට ඉතා කිට්ටු කෙනෙක් රෝහලෙ තනිකර ගිය වෑද්දෙක් ගෙන් ඈයි ඒ කියල ඈහුවහම කිව්වෙ ඔය හේතුව. ස්පිට්ල් කියවල බලන්න.
එකත් මැයි පලවෙනිදාම වෙන්න හේතුව අධිරාජ්ජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද ???
ReplyDeleteඇත්තටම ඔවුන්ගේ මිනී පෙට්ටිය නියමයි. නමුත් ඔහුගේ වයස ගැන ගැටළු ඇති වෙනවා නේද ? අපේ සීයලා ආච්චිලාගේ වයසවත් හරි සඳහනක් නැති නිසා.
ReplyDeleteවිස්තර ටිකට ස්තුතියි .
ReplyDelete