සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


“අපගේ මාර්ග අයත් කර ගෙන සිටින්නන් නම්, ගොනුන් බැඳි කරත්ත දක්වන්නවුන්, පුද්ගලික අශ්ව කරත්ත කරුවන්, පුද්ගලික හා කුලී රික්ෂෝ පදවන්නන් ය.” පර්සියානු අශ්වයන්ගෙන් පිරී ගිය ඉතා හොඳ අස්හලක් කොටුවේ තිබුණු බව ස්වයිට්ෂර් නැමැත්තා කියු බව ඉතිහාසගත ලේඛනවල සඳහන් ය.                                                                                                                                      - කොළඹ පුරාණය -
ඒ එදා යුගයේ අශ්වයන් පිළිබඳ කෙටි සඳහනකි. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති සමයේ මෙරට පාලනය කළ ඉංගී‍්‍රසි ජාතිකයෝ විසින් 1866 දී පොලිස් දෙපාර්තමේන්තුව ස්ථාපිත කළහ. බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ප්‍රවාහන කටයුතු ඇතුළුව අශ්වයන් හා ඉතා සමීප ගනුදෙනු පැවැති හෙයින් ඔවුහු අශ්වයන් පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු සඳහා ද යොදා ගත්හ. 



1921 කොළඹ මිහිඳු මාවතේ අශ්වාරෝහක අංශයක් ස්ථාපිත කරමින් මේ රාජකාරී කටයුතු ඇරඹීය (Mounted division of Sri lanka police). අශ්වයන් පිළිබඳ මනා වැටහීමක් ඇති ඉංගී‍්‍රසි ජාතික පොලිස් සැරයන්වරු කිහිප දෙනෙක් ද රාජකාරියට යොදවනු ලැබූහ. 1948 පෙබරවාරී 04 වැනි දින ලංකාවට නිදහස ලැබීමත් සමඟම දෙපාර්තමේන්තුව ප්‍රති සංවිධානය වීමත් අශ්වාරෝහක අංශය ද විශේෂ අංශයක් ලෙස වැඩි දියුණු වීම කෙරෙහි අඩිතාලම වැටිණි. ශ්‍රී ලාංකේය පොලිස් පරීක්ෂකවරුන් ද මෙහි සේවය සඳහා බඳවා ගැනීම ඇරඹිණි.
1954 දී ලංකාවට පැමිණි  එලිසබත් රැජින පිළිගැනීම සඳහා අශ්වාරෝහක පෙර ගමන් සේවාවක් පවත්වා ඇත. රැජිනගේ නොමඳ ප්‍රසංසාව ලැබුණු හෙයින් මේ අශ්වාරෝහක කණ්ඩායමට ඇය විශේෂ සම්මාන ද පිරිනමා ඇත.
එතැන් පටන් විවිධ අවස්ථාවන්හි පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය වැඩි දියුණු වී ඇත. අද අශ්වාරෝහක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රන්මල් කොඩිතුවක්කු මහතාය. ස්ථානාධිපති වශයෙන් කටයුතු කරන්නේ ආර්. එම්. හීන්බණ්ඩා රාමනායක මහතාය. මේ වන විට කොළඹට අමතරව නුවර හා නුවරඑළියේ අශ්වාරෝහක කොට්ඨාසද පිහිටුවා ඇත. 
ශ්‍රී ලංකාවේ අශ්වාරෝහක කොට්ඨාසවල සිටින මුළු අශ්වයන් ගණන 37 කි. 














ඕට්ස්( Oats), චාෆ්(Chaff), බාර්ලි, කැරට්, විශේෂිත තෘණ යනාදිය ඔවුන්ගේ ආහාරය. දිනකට ආහාරවේල් 3ක් ඔවුන්ට ලබා දිය යුතුය. පෙරවරු 5ට, පෙරවරු 11ට, පස්වරු 6ට වශයෙනි. පශු වෛද්‍යවරියගේ ද නිරන්තර පරීක්ෂාවට ලක්වන මොවුන්ගේ ආහාර වේල ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.  චාෆ් (Chaff) 2kgඕට්ස් 
(Oats)500gm , බාර්ලි 500gm, විටමින් 30gm, ලුනු 20gm සහ අවශ්‍ය පමණ ජලය අශ්වයින්ගේ ආහාර වේලකට අයත් වෙයි. ඊට අමතරව දිනපතා උදේ පුහුණුවීම් කටයුතු (දීවිම්) අවසන් වූ පසු කැරට් වැනි සන්තෝෂම් ආහාරයක් උන් අපේක්ෂා කරති.
නෑමට කිසිදා අකැමැත්තක් නොදක්වන මේ සතුන් සතියකට තුන් වතාවක් හෝ හතර වතාවක් නෑවීමට යොමු කරති. ප්‍රංශයෙන් සහ නෙදර්ලන්තයෙන් අශ්වයෝ ආනයනය කෙරේ. වයස අවුරුදු 25-30ක් වැනි ආයු කාලයක් ඇති ඔවුන්ගේ සේවාව මිල කළ නොහැකි ය.
කොළඹ, නුවර හා නුවරඑළිය නගරවල රථවාහන හැසිරවීම වෙනුවෙන් අශ්වාරෝහක නිලධාරින් යෙදවීම සේවාවක් සැපයීම සේම ආකර්ෂණීය දසුනකි. එය ඔවුන්ගේ සාමාන්‍ය දෛනික රාජකාරිය යටතට ගැනේ. මීට අමතරව විශේෂ උත්සව හා රාජකාරී වෙනුවෙන් ඔවුහු නිල වූ කාර්යභාරයකට ඇප කැප වී සිටී. වර්ෂිකව ආරම්භ කරනු ලබන පාර්ලිමේන්තු සැසිවාර විවෘත කිරීම සඳහා පැමිණෙන ජනාධිපතිතුමා වෙනුවෙන් අශ්වාරෝහක පෙර ගමන් ආචාර පැවැත්වීම, ජාතික නිදහස් දින උත්සවයේ පෙර ගමන් ආචාර සඳහා, තානාපතිවරුන් දිවුරුම් දෙන උත්සව අවස්ථාවල පෙර ගමන් ආචාර පැවැත්වීම, රාජ්‍ය උත්සව සංදර්ශනවලට අශ්වාරෝහක සංදර්ශන ඉදිරිපත් කිරීම, පොලිස් දින උත්සවය සඳහා මහනුවර ඇසළ පෙරහර උත්සව සමයේ මහජනයා හැසිරවීමට යෙදවීම, මැයි දින පෙළපාළි, ජාත්‍යන්තර ක්‍රිකට් තරග වැනි අවස්ථා සඳහා මහජනයා හැසිරවීම ආදිය වෙනුවෙන් නොයෙක් මට්ටමින් යෙදවනු ලැබේ. තවද චිත්‍රපට, ටෙලි නාට්‍ය උදෙසා විවිධ දර්ශන තලයන් වෙනුවෙන් නළුවකුගේ කාර්යභාරයටද මේ       ආකර්ෂණීය සත්ත්වයා යොදා ගනී.
මිනිසාගේ ජීවන පහසුව වෙනුවෙන් මිනිසාට හිතැතිව සේවය කරන සත්ත්වයන් අතුරෙන් අශ්වයා ද පුරුදු පුහුණු කළ පසු අගනා සේවාවක් ඉටු කරන බව පැහැදිලිය. අතීතයේ දී පෞද්ගලික වශයෙන් ඉටු කරනු ලැබූ එම සේවාව අද ජාතික මට්ටමේ සේවා සඳහා යොදා ගන්නා අයුරු විස්මය ජනකය. එසේම මේ ආකර්ෂණීය සත්ත්වයාගේ ආකර්ෂණීය හැඩතල හා ඉරියව් දැකබලා ගැනීමට වයස් භේදයකින් තොරව ලොකු කුඩා කවුරුත් මහත් අභිරුචියක් දක්වති.
ශ්‍යාමා සමරසිංහ
ඡායාරූප - නිශ්ශංක විජේරත්න

38 comments:

  1. මටත් ආසාවක් තියෙනවා අස්සයෙක් ඇති කරන්ඩ.ඒකටත් වෙනම බලපත්‍රයක් ඕනෙද දන්නෑ.වැඩේ කියන්නේ මම ඩෙල්ෆ්ට්වලින් අස්ස පැටියෙක් උස්සන්ඩ හැදුවේ.ඒක වියදම් වැඩියි කියලා මගේ යාලුවෙක් කිව්වා ඊ බේ එකෙං අස්ස බිත්තරයක් ගෙන්නන්ඩ කියලා.

    ReplyDelete
    Replies
    1. ebay එකෙන් අස්ව බිත්තරයක් අරන් උඹේ මොකක් අස්සෙ තියලද රකින්නෙ?

      Delete
    2. ඇත්තට මට ඒක කල්පනා උනේ නෑනේ.කොහේ තියලා රැක්කොත්ද හොඳ?

      Delete
    3. ඩෙල්ෆ්වල ඉන්නේ බූරුවො නේද

      Delete
    4. ඒ පුත්තලමෙ බං

      Delete
    5. ඩෙල්ෆ්වල ඉන්නෙ පෝනියෝ විශේෂයක්...

      Delete
  2. මට ආසාවක් ඇතිවුනා බං අස්සයෙක් වෙන්ඩ.

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ල කල්පිටියෙ පුත්තලමෙ ස්ටේජ් එකේ ඉදල හිමිහිට ග්‍රෑජුවේට් වෙන්න පුලුවන් :-D

      Delete
    2. අස්ප බිත්තර කෑවනං හරි, :v :v උඩ දිනුක කියන්නෙ ඊබේ එකෙන් ගන්න පුළුවන් කියල. ^_^

      Delete
    3. අස්ප බිත්තර කතාවේ යට ගියාව දන්නවද කවුරු හෝ... දන්නවනං දාන්නකෝ

      Delete
    4. අදහස හොදයි මහන්සි වෙලා හැබැයි සෙම බේරන්න බෑ හරි..

      Delete
    5. අශ්ව බිත්තර කතාව මම අහල තියෙන්නෙ මෙහෙමයි. මේක නස්රුදීන්ද කොහෙද සම්බන්ධ කතාවක්. එකෙක් නොවටිනා ගානකට අලු පුහුලක් විකුණනව අශ්ව බිත්තරයක් කියල. ගත්ත එකා මේක අරගෙන කරත්තෙ යද්දි ඒක පෙරලිලා පුහුල බි‍ඳෙනව. පුහුල වැටිච්ච තැන හිටිය හාවෙක් පැනල යන දකින කස්ටමර් කියනව මූ අශ්ව බිත්තරය වෙනුවට හා බිත්තරයක් දීල කියල. (කතාව හරියටම මතක නෑ බං)

      Delete
    6. රාජ් කියන කථාව මමත් අහල තියෙනව.

      Delete
  3. ප්‍රංශයෙන් සහ නෙදර්ලන්තයෙන් විතරයිද ආනයනය කරන්නෙ? මම හිතාගෙන හිටියෙ පාකිස්තාන් වලිනුත් ගෙන්නුව කියල.
    උස වෑඩියෙන් අවශ්යයි නෙ පොලිස් ට්‍රෑෆික් කොන්ට්‍රෝල් වෑඩ වලට. 16 hands වලටවත් වෑඩිය ඕනෑ ඈති.
    වෙන රට වල වගේ ක්‍රවුඩ් කොන්ට්‍රොල් වලට ලන්කාවෙ යොදාගන්නෙ නෑති එක හොදයි.
    මම ආසම සතෙක් ගෑන පෝස්ට් එකට ස්තුතියි

    ReplyDelete
  4. මමත් ආස සතෙක්..ස්තුතියි නලින් අයියා

    ReplyDelete
    Replies
    1. මාත් අාසයි අස්වයෙක් දාන්න.. වැඩකලොත් ගොඩනේ...

      Delete
    2. වැඩ කලොත් කියපං ඈ, මං බීෆ් ඩෙවල් එකයි කෝක් එකයි ඇන්න එන්නං !!!

      Delete
    3. උඹ දවසම බුකියේ (රේස් බුකියේ) ඉන්න එකා නිසා කොහොමත් අශ්වයෝ දානවනේ නේද?

      Delete
  5. ඔය ෆිල්ම්වල එහෙම දැකල තියෙනව ඇරෙන්න අශ්වයො ගැන නම් මට වැඩිය දැනුමක් නෑ.

    පහුගිය දොහේ අස්පයො රංචුවක්ම අපේ ටවුන් එක පැත්තෙ හිටියා, මාතර. :)

    අශ්වයොත් ලස්සනයි, උන්ගෙ පිටේ යනකොටත් ලස්සනයි උනාට අසුපැදීම නම් ටිකක් විතර මෙව්ව වෙන වැඩක් වෙන්න ඕන මගෙ හිතේ. අපේ පළවෙනි අගමැතිතුමත් බැරි අමාරුවෙන් ඉද්දි අස්පයො පදින්න ගිහින් ඔය අස්පයෙක් පිටින් වැටිල අභාවප්‍රාප්ත උනාය කියනවනේ.

    ReplyDelete
  6. හනෙ හප්පේ අස්පයන්ට තියන සැප.…

    ස්තූතියි ශ්‍යාමා. ස්තූතියි නලින් අයියෙ.

    ReplyDelete
  7. වැදගත් ලිපියක් ශ්‍යාමා ලියලා තියෙනවා. ස්තූතියි පළ කිරීම ගැන නලියෝ.....

    ඇත්තට ම අශ්වයා කියන්නේ බලාගෙන ඉන්න ආස හිතෙන සතෙක් තමයි. දැනටත් ඉන්න තැන වටපිටේ අශ්වයෝ ටිකක් හෙම කැරකෙනවා. විශේෂයෙන් සුදු අශ්වයින් හරිම ලස්සනයි. පෝලෝ ප්‍රැක්ටිස් කරද්දිත් නියමයි...................................... අශ්වයෙක් ගන්න ආසයි හැබැයි හෙන්රියාට ඕනේ වුණාවගේ අශ්වයෙක් වෙන්න නම් බෑ...........

    ReplyDelete
  8. අපිත් එක්ක බෙදා ගත්තාට ස්තූතියි නලින් අයියේ...........

    ReplyDelete
    Replies
    1. අපේ ඔටු මහත්තයා මේ පැත්තේ එනවානං අපේ පැත්තටත් ඇව්ත් යන්න එන්න් කියන්න
      මගේ අංක ඇති

      Delete
  9. වෙනද වගේම වටිනා තොරතුරු ටිකක්..

    ReplyDelete
  10. හැමදාම වගේ බොහොම වද්දගත් වටිනා තොරතුරු ටිකක්.

    බෙදා ගැනීම ගැන නලීන් ට ස්තුතිය..

    ReplyDelete
  11. අස්සයො පිට නැගං ටැපික් එකේ රාලාමාල ඉන්නව දැක්කට ඉදල හිටල පිචෑර් එක්ක දැක්කට මේ තරං විත්තර දැනං හිටියෙ නෑ නොවැ..
    ඉස්කෝතුයි

    ReplyDelete
  12. වෙනද වගේම වැදගත් ලිපියක්..

    ජය වේවා!!!!!

    ReplyDelete
    Replies
    1. කවුද කිව්වේ උඹට වැදගත් කියලා ,එහෙනම් දැන්වත් කියවපන් :D

      Delete
  13. පොලිස් අශ්වාරෝහක බලකාය ගැන කලකට ඉහතදී හොඳ වාර්තා චිත්‍රපටියක් තිබුණා ජාතික රූපවාහිනියේ.

    අශ්වයකු පිට යාම බොහොම රසවත් අද්දැකීමක්.

    ReplyDelete
  14. ලොන්ඩරියෙන් පස්සෙ....තවත් නොදන්නා දෙයක් ගැන කියාදෙන ලිපියක්...මේ රැල්ල දිගටම රැකගෙන යමු නලින් අයියා...

    ReplyDelete
  15. වැදගත් ලිපියක්

    ReplyDelete
  16. අස්පයකේ ඇති කරන්න ඕනි :/

    ReplyDelete
  17. අර ලඟදි මිලියන ගානකට ගෙනාපු අස්සයා දැන් මෙතන නැද්ද?

    ReplyDelete
    Replies
    1. එවුන් ඉන්නෙත් මෙතැනම තමා ඉවාන්

      Delete
    2. අපිට උත්තර නැද්ද...මාමෙ...මේවට තද වෙනවා...හරිය...

      Delete
  18. අශ්වාරෝහක බල ඇනිය නම් හරි අලංකාර දර්ශනයක්.

    ReplyDelete
  19. ලංකාවේ පොලිස් අශ්වයින්ගේ ඉතිහාස කතාව කිව්වට ස්තුතියි....... නලින්....

    ReplyDelete
  20. රන්මල් කොඩිතුවක්කු ගේ තාත්තා හිටපු පොලිස්පති ලකී කොඩිතුවක්කුනේ.ගෙවල් තියෙන්නේ ටෙම්පල්ස් රෝඩ් එකේ එත් කිසිදාක දැකලා නැහැ නොවැ ඔය හාදයා අස්පය පිටේ එනවා.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT