samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

දෙහිඅත්තකණ්ඩිය හෙනානිගල හිටපු ආදී වාසී නායක හා වයස්ගතම ආදිවාසී පුද්ගලයා වන තාලාවරිගේ කළු අප්පු ගේ දේහය හෙනානිගල පොදු සුසාන භූමියේදී ඉරිදා (04) සවස ආදිවාසී නායක දඹානේ වන්නිලා ඇත්තන් හා හේනානිගල ආදිවාසී නායක ගුණබංඩියා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් හා සංවිධානයෙන් අවසන් කටයුතු ආදී වාසි සිරිතට සිදු කෙරිනි.
දෙහිඅත්තකන්ඩිය මුලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී30 දින කළු අප්පු අභාවප්‍රාප්ත විය. දේහය අංක 17, හේනානිගල දකුණ, නවමැදගම යන ලිපිනයේ වු නිවසේ මේ වන විට තැම්පත් කර තිබු අතර දේහය ආදිවාසි පාරම්පරික චාරිත්‍ර හා වත් පිළිවෙත්  අනුව ඖෂධිය බත්හික් පොත්තෙන් හා ගැටකිරි වැල් ආදාරයෙන් සෑදු පෙට්ටියක දේහය තැම්පත් කර තිබුනි.

එම අවමගුල් අවස්ථාවේ සේයා රූ කීපයකි මේ......
2014-05-04_-Henanigala-adiwasi--_9_-new_0001

2014-05-04_-Henanigala-adiwasi--_9_-new_0002

2014-05-04_-Henanigala-adiwasi--_9_-new_0003

2014-05-04_-Henanigala-adiwasi--_9_-new_0004

2014-05-04_-Henanigala-adiwasi--_9_-new_0005

2014-05-04_-Henanigala-adiwasi--_9_-new_0006

2014-05-04_-Henanigala-adiwasi--_9_-new_0007

2014-05-04_-Henanigala-adiwasi--_9_-new_0008

henanigala-nayaka-maranaya-(1)

henanigala-nayaka-maranaya-(2)

henanigala-nayaka-maranaya-(3)

henanigala-nayaka-maranaya-(4)

henanigala-nayaka-maranaya-(5)

henanigala-nayaka-maranaya-(6)

henanigala-nayaka-maranaya-(7)

henanigala-nayaka-maranaya-(8)

henanigala-nayaka-maranaya-(9)

henanigala-nayaka-maranaya-(10)

henanigala-nayaka-maranaya-(11)

henanigala-nayaka-maranaya-(12)

henanigala-nayaka-maranaya-(13)

henanigala-nayaka-maranaya-(14)

henanigala-nayaka-maranaya-(15)

henanigala-nayaka-maranaya-(16)

henanigala-nayaka-maranaya-(17)

henanigala-nayaka-maranaya-(18)

henanigala-nayaka-maranaya-(19)

henanigala-nayaka-maranaya-(20)

henanigala-nayaka-maranaya-(21)

henanigala-nayaka-maranaya-(22)

henanigala-nayaka-maranaya-(23)

henanigala-nayaka-maranaya-(24)

henanigala-nayaka-maranaya-(25)

henanigala-nayaka-maranaya-(26)

henanigala-nayaka-maranaya-(27)

henanigala-nayaka-maranaya-(28)

henanigala-nayaka-maranaya-(29)

henanigala-nayaka-maranaya-(30)

henanigala-nayaka-maranaya-(31)

henanigala-nayaka-maranaya-(32)

henanigala-nayaka-maranaya-(33)

henanigala-nayaka-maranaya-(34)

henanigala-nayaka-maranaya-(35)

බත්හික් පොත්තෙන් සාදන ලද පෙට්ටියක දේහය තැම්පත් කිරිම තුලින් මෘත ශරිරය නරක් නොවී දින 7-8 ක් කල් තබා ගැනීමට හැකි වන අතර ආදිවාසින්  මෘත දේහ කල් තබා ගැනිම සදහා කිසිදු කෘතිම රසායන ද්‍රව්‍යක් බාවිතා නොකරන බවත් හික් ලීයෙන් සාදන ලද පෙට්ටිය පතුලට පාරම්පරික රහස් ඖෂදයක් දමා ඒ මතුපිට දේහය තැන්පත් කිරිම තුලින් එම ඖෂධ වලින් පිටවන ශ්‍රාවයන්ගෙන් දේහය විජලනයට පත් කර දින ගනනාවක් කල් තබා ගැනිමට හැකි බවත් දේහයේ වර්ණය පවා කිසිදු  වෙනසක් සිදුවන බව දඹානේ ආදිවාසී නායක වන්නිල ඇත්තන් ප්‍රකාශ කර සිටි. ආදිවාසි හිටපු නායක කළු අප්පුගේ දේහයද දින 4ක් තබා ගන්නා ලදි.
ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන රාශියක මහා සංඝ රත්නය හා රජ්‍ය නිළධාරින් හා දේශපාලකයන්ගේ නියෝජිතයන් හා ගම්වාසී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අවසන් කටයුතු ආදිවාසි චාරිත්‍රානු කුලව ධාරානිපාත වර්ෂාව මධ්‍යෙය් සිදු කෙරිනි.

 එච් එම් ආර් කරුණාවීර මහියංගනය

38 comments:

  1. IMG_0203

    හොඳ විස්තරයක් වගේම ලස්සන ඡායාරූප පෙළක්.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බොහෝ දෙනෙක් නොදකින නිසාමයි මෙය මා එක් කළේ

      Delete
  2. blogger_logo_round_35

    ඒ ඇත්තත් කම්මුතු උනා එහෙනං. මේ පප්පත් දැන් කොයි වෙලේද කියන්න බැහැ.

    එන්නකෝ අපේ පැත්තෙත් කැරකැවිලා යන්න

    http://pappagecartoon.blogspot.com/

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ආවා ආවා කැරකිලා කාටුනයත් අදුනගනමයි ආපහු ආවේ

      Delete
  3. ds

    ඉතාම වටිනා පින්තුර ගොන්නක්. කවදා හරි වැදගත් වෙනවා.. කරුණාවීරට ගොඩක් ස්තුතියි. නලියටත් ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      දැන් අර බොග පත්තරයට වික්කැයි..

      Delete
  4. blogger_logo_round_35

    හොඳ විස්තයක් වගේම වටිනා ඡායාරූප පෙලක්. සමකය වටේ වටිනා ලිපි වලින් පොසතු තැනක්. ඇත්තෙන්ම සතුටුයි.

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
  5. 12957658_981562591899718_5460096581317172886_o

    මෘත ශරීරයක් කිසිමාකාරයක කෘතිම රසායන ද්‍රව්‍යක් බාවිතා නොකර ඔය තරම් කාලයක් තියාගන්නවා කිවුවමත් පුදුමයි.

    වටින විස්තරයක් වගේම ඡායාරූප පෙළක්.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඉපැරැණි රහස් වට්ටෝරු පරම්පරා එක්ක විනාශවෙලාම යනවා. ඒකයි දුක

      Delete
    2. 12957658_981562591899718_5460096581317172886_o

      ඒකට ගොඩක් බලපාන්නෙ ඔය වට්ටෝරු මුඛ පරම්පරාගතව පැවතීම. ඒත් ඔය දේවල් ලේඛණ ගත කල හැකි නම් යම් තාක් දුරට ආරක්ෂා කර ගත් හැකි වේවි.

      ඒත් ඉතිං එහි යම් අවධානම කුත් නැත්තෙ නෑ. විශේෂයෙන්ම හැම දේම තමන්ගෙ පෞද්ගලික ලාබ ප්‍රයෝජනයට භාවිතා කරන උන් නිසා.

      Delete
  6. FB_IMG_1561654098205

    වැද්දෝ පාංශූකූලේ දෙන්න පටන ගත්තේ කවදා ඉඳලඳ බං

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කැළැ පොජ්ජේ හිටිය කැකුළෝ කැකුළියෝ ගං පොජ්ජට මංගැච්චුව දවස්වල ඉදල මාතලන්... දැන් මු හිංගල එවුන්..

      Delete
    2. blogger_logo_round_35

      වැද්දෝ පාංශූකූලේ දෙන්නේ නෑ බන් පාංශූකූලේ මන්ගච්චනවා

      Delete
    3. blogger_logo_round_35

      එහෙමයි එහෙමයි ආයි බොන්ඩ.

      Delete
  7. blogger_logo_round_35

    මොවුන්ගේ ආවේනික සිරිත් විරිත් තව දශක කීපයකට පසු වියැකී යනු ඇති. මහා සංස්කෘතියේ බලපෑමෙන් මිදෙන්නට ඔවුන්ට බැහැ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අනිවා ඕනම දෙයක් මාහා සංස්කෘතියේ බලපෑමට යන වෙනවාමයි. එසේ නොවෙන්න නම් මනා කැප කිරිමක් දෙපාර්ශ්වයෙන්ම අවශ්‍ය වෙනවා.

      Delete
  8. GOPR1796

    දැන් අපේ වන්නිල ඇත්තත් අර මහ ඇත්ත වගේ හැම එකටම ඔලුව දාන්න අරගෙන තව ටික දොහකින් කෙලියක ්කොටහලු වෙන්නත් නැතිවෙයි අපේ වන්නිල ඇත්තො නිසා..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මහ ඇත්තන් ඔලුව නොදැම්මොත් හැම එකක්ම හබක් නේ.

      Delete
  9. Untitled-11

    හහික් පොත්තත් මරු නෙහ්

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      නැතුව නැතුව පොත්ත නියමයි

      Delete
  10. blank
  11. blank

    නලීන්.......උඹේ ප්‍රාදේශීය වාර්තාකරුවන්ව පන වගේ බලාගනින්. ඕනෑම මාධ්‍යයක ජීවනාලිය උන් තමයි. මම නිකන් කිව්වේ. උඹ ඒ බව හොඳින්ම දන්නවා. උඹ ඒ වෙනුවෙන් යමක් කරනවා.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කියන්න දෙයක් නැ උන් තමා පත්තරය විකුණගන්න යම් හෝ දෙයක් කරන්නේ. මෙවයේ වටින කම තේරෙනවනේ මචෝ..

      Delete
    2. ds

      මේකා ප්‍රාද්ශිය වාර්තාකාරයෝ කෝමද මුරුංග අත්තේ ඉහලම කරට්යේ තියන්නේ කියල මං ගාල්ලෙදි ඇස් දෙකෙන්ම දැක්ක නේ බං... අරූ...

      Delete
  12. photo

    දැන් වැද්දෝ කොහෙද බං.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      වැද්දෝ ටික පේමදාස මහත්තයා ගං වැද්දුවනේ. ඒවා දැන් දියුණු ගම්මාන

      Delete
  13. blogger_logo_round_35

    පොටෝ පොජ්ජට ස්තුති පොජ්ජ් මංගච්චනවා

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      එහෙනං මං තැන්කූ මංගච්චනවා

      Delete
  14. 156582_2134116490686_798455850_n

    කෝම වුනත් තාම ටිකක් හරි ඔවුන්ගේ වැඩ ඒ කාලේ ඉදන්ම එන විදිහට කරන එක ගැන සතුටුයි.. ෆොටෝ ටික නම් සෑහෙන වටිනවා..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මේ තරමින් හෝ රැකී තිබීම ගැන සතුටුයි තමා දිනේෂ් මලයා.

      Delete
  15. Drawn_wallpapers_Painted_girls_Girl_with_flowers_016780_

    මේක මෙතැන පල කරපු එකට ගොඩක් ස්තුතියි... නොදැන සිටි විස්තරයක් වගේම පින්තූර වලින් දැක ගන්න ලැබුනු එකත් ලොකු දෙයක්, කවදාවත් මෙවැන්නක් දැකලා නැති නිසා... මෘත ශරීර කල් තියාගන්න විදිය නම් අපූරුයිනෙ... අර 'රහස් ඖෂධය' රහසක්ම උනොත් නම් ඉතින් ඒකත් ඔය පරම්පාරවත් එක්ක වල පල්ලටම යාවි...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අපේ කියන බොහෝ දෑ මේ වන විටත් පරම්පරා එක්කම වැළලිලා ගිහින් තියෙනේනේ මියුරු.

      Delete
  16. 12832864909625

    කලාතුරකින් දකින්න ලැබෙන විදියේ පින්තුර දැක ගන්න සැලැස්සුවාට ඔබට බොහොම ස්තුතියි

    ReplyDelete
  17. blogger_logo_round_35

    සම්ප්‍රපාදාය කියන්නේ අපිට විතරක්ම කොටුවෙච්ච දෙයක් නෙමේ,අපි සම්ප්‍රදාය රකින්න දගලන යුගෙක හැංගිච්ච උප සම්ප්‍රදායන් මේ විදියට තියෙනවා,මේවත් රකින්න ඕනි,ගොඩක් පින් මෙහෙම දෙයක් දැම්මට.. හිතන්නේ නෑ ඇද දැක්කේ නැතිනම් අය කවදාවත් දකින්න ලැබෙයි කියලා.. කොටින්ම කියනවනම් එල එකක් .. ගොඩක් පින්

    ReplyDelete
  18. .com/img/b/R29vZ2xl/AVvXsEhdi-g05QJszdT5svTZvq2-uPaXTGXZ2F4OqhukGua0hRyfFnKhaoez9XkLh9gChfoFlqwml7OjQvxyzVrEyvBeZVu2apqCv3gODxksLY1xWqMuxX1CjuJ2WHnM1Wnj/s45-c/

    me inne lanakawe niyama urumakkarayo..45000 yr eha owner 1k thiyanawa

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ස්තුතියි අජිත් ඔබේ පැමිණිම සාදරයෙන් පිළිගන්නවා..

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT