සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

වසන්ත කාළයේ ගහකොළ මළින් බරව තිබෙද්දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රැසකටද වසන්ත කාලය උදා වී තිබේ. ආක්‍රමණික ශාකයක් වන අලංකාර මල් හට ගන්නා ජපන් ජබර  ශාකය අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රැසක ව්‍යාප්ත වී වැව් විනාශයට පත් කරමින් තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවතී. දකින්නනට මෙය අලංකාර දසුනක් වුවද වැවට මෙය මහත් කරදරකාරී ශාඛයකි.








සුවිශේෂ මල් වර්ගයක්‌ ලෙස හඳුන්වාදෙමින් අතීතයේ මෙරට පාලනය කළ ඉංශ්‍රීසි ජාතිකයන්  පිටරටින් ආනයනය කොට වැව්වලට බෝ කරන ලද "ජපන් ජබර"පැළෑටිය තවමත් වැව්වලින් වඳකර දැමීමට හැකියාව ලැබී නැත. 
ශ්‍රි ලංකාවේ වැව්වල ජලය වසාගෙන සිටියේ නෙළුම්, මානෙල්, ඕලු වැනි ජලජ පැළෑටිය. මේවායේ පුළුල් කොළ දිය මතුපිට පාවෙමින් නිතර වැව් ජලයවසාගෙන සිටී. වැව පිහිටි ප්‍රදේශය තුළ ජලය මිස ගහකොළ අඩුය.රජරට හිරුරැස්‌ ඉතා දැඩිය. දැඩි හිරුරැස්‌ නිබාධකව වැව් දියට වැදුනවිට වැව්දිය වහ වහා වාෂ්ප වී යයි. ඒ මගින් වැවේ ජලය සිඳීයයි. එය පාලනය කරන්නට අපේ මුතුන් මිත්තන් යොදා ගත්තේ වැව්දියමත කොළ පාවෙන නෙළුම්, මානෙල්, ඕලු ආදියයි. 

ඒ මගින් වැව් දිය වාෂ්ප නොවී මනාව ආරක්ෂාව විය. ඊට අමතරව නෙළුම් ගස ආර්ථික බෝගයකි. නෙළුම් අල තම්බා හෝ එළවළු වශයෙන් ගැනීමට ද,නෙළුම් ඇට රටකජු මෙන් බැද හෝ තම්බා කෑමටද  අතීතයේ යොදා ගත්තේය. මීට අමතරව අපේ රටේ නෙළුම් මල බුදුපුදට ගන්නා උතුම් මලකි. 
මේ සියල්ල තේරුම් ගත් මෙරට පාලනය කල සුදු අධිරාජ්‍යවාදීන් ගේ ආණ්ඩුකාරවරයෙකු වු සර් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ගේ බිරිද ජපන් ජබර ගෙනැවිත් මෙරට වැව්වලට බෝකොට වැව් සියල්ල විනාශකර දමන ලදී. ජපන් ජබර ඉක්‌මනින් වැව් ආක්‍රමණය කරන  අතර, ඒ හා සමඟම වැව ගොඩකර දමයි.

14 comments:

  1. ජපන් ජබර වඳ කරන්න ගන්නොරුව උද්‍යාන භෝග පර්යේෂණ ආයතනය විකල්පයක් හොයාගත්තා මං හිතන්නේ, ඒත් ජපන් ජබර කියන්නෙත් අර කැරපොත්තා වගේ මරන්නම බැහැ. අපේ පැත්තේ ලොකු ගඟවල් සම්පුර්නම වහගෙන ඉන්නේ ජපන් ජබර..

    ReplyDelete
    Replies
    1. ඒත් කිසිම තැනක ජපන් ජබර සදාකාලිකව විනාශ කරන්නට තාම හැකියාව ලැබිලා නෑ අපූරියේ.

      Delete
  2. ජපන් ගඳපාන කියන ගොඩබිම වැවෙන ශාකයත් ඔය විදියට බෝ කරපු එකක් නේද නලින් අයියේ..ඒකෙ කොලේ පොඩි උනාම මාර ගඳක් එනවා..හරියට ඉඩං වල වැවිලා තියනවා වඳ කරන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් පත්තර මල්ලී...ගඳපාන වගේම ගොඩබිම ආක්‍රමණික ශාක බොහොමයක් දැන් තියනවා යෝධ නිදිකුම්බා අර මුගුණුවැන්න වගේ එකකුත් තියනවා මට දැන් නම අමතකයි

      Delete
  3. නලින් අයියෙ පෝස්ට් එකට කෙළින්ම එන්න බෑ නේද? මොකක් හරි අවුලක් වගේ.

    ReplyDelete
    Replies
    1. ඒ මොකද මම වෙන තැනකින් ලොග් වෙලා බැලුවා එහෙම වුණේ නං නෑ මට

      Delete
    2. එහෙම අප්ෂට් නැහැ....

      Delete
  4. අපේ පැත්තෙත් ඇලවල්, කුඹුරු ඔය ජපන් ජබර වලින් වැහිලා ගිහින්.. කාලේකට කාට්ටිය එකතුවලා ඒවා අරන් දානවා .. ඒත් අපහු ටික කාලේකින් ඒ විදිහටම ජපන් ජබර වලින් වැහිලා යනවා..

    ReplyDelete
  5. ආක්‍රමණික ශාකයක් වුනට මලනම් හැබැයි ලස්සනයි..

    ReplyDelete
  6. අපේ සීය මහා ගෙදර වත්තට මායිම තිබුණ වැවේ,,,,ඕව බෝ වුනාම තෙප්පන් වලින් මිනිස්සු දාල ගොඩට ගෙනත් ,,,පොල් අල්ලි මැද වලවල් වල තව කුණු රොඩු එක්ක ඕව දාල වහනව ....
    මයියොක්ක/බතල /එළවලු එහෙම හොදට වැවුන ....
    ඕක හරියට කරන වනම් පොහොර කරන්න ඇහැකියි ....

    ReplyDelete
  7. සොඳුරු තමයි.. ඉඩෝර කාලෙට ගොයියට කෙලවෙන්නෙ මේ ලස්සන හින්දා තමයි..

    ReplyDelete
  8. යායට පිපිලා තියෙනකොට ලස්සන වුනාට ඔය මල නිකන් පිළිකාවක් වගෙයි...මට මතකයි අපේ ගමේ වැවේ කෙකටියා අයින් කරනවා කොච්චර අයින් කලත් මාසයක් යන්නත් කලින් ආයෙත් බෝ වෙලා....... (නෙළුම් අල බැදලා කන්න නම් මම හරිම පේරෙතයි :) )

    ReplyDelete
  9. මම අහල තියෙනවා කතාවක් ඔය ජපන් ජබර බෝ කරේ ලෝක යුද්දේ කාලෙ ප්ලේන් වල ඉඳලා බලන කොට වැව් තණකොළ වැවුනු පිට්ටනි වගේ පේන්න කියලා. ඇත්තද මන්දා...

    ReplyDelete
  10. ජපන් ජබරවලින් කඩදාසි හදන කර්මාන්තයක් ලංකාවෙි තියනවා

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT