samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

දකුණු කොරියාවේ නිරිතදිග මුහුදු ප්‍රදේශයේ දී දකුණු කොරියානු නෞකාවක් අද (16) අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇති අතර සියයකට අධික පිරිසක් අතුරුදන් වී ඇත.

මගීන් 477 දෙනකු රැගෙන යාත්‍රා කරමින් සිටි මෙම නෞකාව අනතුරට පත් වීමෙන් පසුව කෙරුණු ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී මගීන් 368 දෙනකුගේ ජීවිත බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත්ව ඇති අතර ඉන් පුද්ගලයන් 13 දෙනකු තුවාල ලබා තිබේ.


140416112517-south-korea-ship-7-horizontal-gallery

140416122758-south-korea-ship-9-horizontal-gallery

140416142911-south-korea-ship-15-horizontal-gallery

140416153654-south-korea-ship-18-horizontal-gallery


සිය ගුරුවරුන් සමඟ දකුණු කොරියාවේ සෝල් නුවර සිට ජේජු දූපත් කරා ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා යමින් සිටි සිසුන් 338 දෙනකු සහ වෙනත් මඟීන් ඇතුළු 477ක පිරිසක් මෙම යාත්‍රාවේ ගමන් කරමින් සිට ඇත. නෞකාව අනතුරට ලක් වීමට නිශ්චිත හේතුවක් හෙළිදරව් වී නොතිබිණි.

අනතුර සිදු වූ මුහුදු ප්‍රදේශය මඩ සහිත බැවින් සෙවීම් කටයුතු දුෂ්කර වී ඇති බවත් ජලයේ අධික ශීතල ස්වභාවය හේතුවෙන් අනතුරට පත් මඟීන්ට පැය දෙකකට වඩා කලක් එම ජලයේ ජීවත් වීම අපහසු බවත් දකුණු කොරියාවේ ආරක්ෂක හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

වෙරළාක්ෂක සහ කුඩා නාවික බෝට්ටු 34ක් හෙලිකොප්ටර් යානා 18ක් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා තිබුණු අතර මගීන් 110ක පමණ පිරිසක් මෙසේ අතුරුදන්ව සිටින බවත් එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

මීටර් 146ක දිගකින් සහ මෙට්‍රික් ‍ටොන් 6586ක බරකින් යුත් මෙම නෞකාව 1994 වසරේදී ජපානයේ නිෂ්පාදනය කරන ලද්දක් බව අනාවරණය වී ඇති අතර මගීන් 477 දෙනාට අමතරව වාහන 150ක් ද නෞකාවෙන් ප්‍රවාහනය කරමින් තිබුණු බව හෙළිදරව් වී ඇත.

ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙනි‍.


20 comments:

  1. MyPhoto

    මේ පාර නැවක්. හොඳ වෙලාවට ගිලිලා නැත්තේ.

    සුබ නව වසරක් වේවා !!! නලීන් සහ පවුලේ සැමට.

    ReplyDelete
    Replies
    1. blank

      ගොන් කොමෙන්ට් එකක් මුලින්ම.... පව්... බුද්ධිය පහල වෙන්න අලුත්ගම මාකට් එකෙන් මාළු ඔළු අරන් කන්න...

      Delete
  2. purity-color-lotus-flower-bud-15299186

    හරිම කණගා‍ටුදායක් පුවතක්.. ඉතිරි අයත් ඉක්මනිනම බේර ගන්න පුළුවන් වුනොත් හොඳයි...

    නලීන් අයියටත් පවුලේ සියලුම දෙනාටත් ලැබුවාවූ අලුත් අවුරුද්ද වාසනාවන්ත පැතුම් ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  3. .com/img/b/R29vZ2xl/AVvXsEgxuMs8pCeGb2zwIxYGetHeUYoCqdXhxMTNUBfV1ZjwTXcBcx_t0ujYxOW3wfsBV70p5oG9fu67GprtqNYFpHSKWqcUL4xPw44ofo27BwZ36YNoVie6RWaJYZRbwvjSayg/s45-c/

    මේ හදිසි අනතුරු බහුල කාලයක්.

    ReplyDelete
  4. blogger_logo_round_35

    බොහොම කනගාටුදායක පුවතක්. හැබැයි එක දෙයක් තියෙනවා. අර ප්ලේන් එකට වෙච්ච දේ වෙලා නෑ. ඒ කියන්නේ හොයා ගන්න බැරි වෙලා නෑ. මේ අවුරුද්දේ අවසානයේ සින්හාවලොකනයට කතාකරන්න ප්ලේන් එකක් එක්ක දැන් නැවකුත් තියෙනවා.

    ReplyDelete
  5. blank

    අළුත් අවුරුද්දේ ඉතා කණගාටුදායක පුවතක්.. බොහෝ දෙනාගේ දිවි බේරුණු එක ගැන සතුටුයි.. නමුත් නැතිවූ ජීවිත ගැන දැඩි කම්පනයක් ඇති කරනවා... මෙවන් විපත් ඉදිරියේදී සිදු නොවේවායි පතමු...

    ReplyDelete
  6. 12957658_981562591899718_5460096581317172886_o

    හැම පැත්තෙන්ම වගේ අහන්න තියෙන්නෙ බොහෝ දුරට අනතුරු ගැනමයි.

    ReplyDelete
  7. 29472859_1646887432064557_5693423662783266816_n

    දැන් සම්පුර්නයෙන්ම ගිලිලා නේද

    ReplyDelete
  8. .com/img/b/R29vZ2xl/AVvXsEgme04XFiZMTYYyILzAeVsrA-_HR6y8OB9G8s9RHpASvB2VCD1sDUzSI220d8RETkkSdSrUnuzXW2RudR0KcVCawYP2qNxHoXARqem5n14AkPsnzGLnnPTiOHZoBMXHdw/s45-c/

    ඉතාම කණගාටුදායක පුවතක්...වැඩි දෙනෙක්ගෙ ජීවිත බේරාගන්න පුලුවන් උන එක ලොකු දෙයක්.

    නලින් අයියා ඇතුලු පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  9. 12832864909625

    ඒ තරම්වත් ජිවිත බේරුන එක ලොකු දෙයක් :(

    ReplyDelete
  10. blogger_logo_round_35

    මොන දේ වුණත් අර බෝයිංඑකට වෙච්ච අන්තරාව වෙලා නැති එකට සතුටුයි...
    ඒත් කණගාටුදායන පුවතක්
    අලුත් අවුරුද්දෙ ඉස්සරෝම

    ReplyDelete
  11. blogger_logo_round_35

    ජිවිතාරක්ෂක බෝට්ටු ප්‍රමණවත් තරම් තිබුනේ නැතිද...?

    ReplyDelete
    Replies
    1. lotus_flower-300x225

      මටත් හිතුනේ දියුණු රටක් වෙලත් එතරම් ඈත මුහුදේ නෙවේ වෙලත් මෙච්චර ගොඩක් ජිවිත නැති වුනේ කොහොමද කියල . හරිම කනගාටුයි . පාසල් චාරිකාවක් ගිය තමන්ගේ දරුවාට මෙහෙම දෙයක් වීම ඒ අම්මලා තාත්තල කොහොම දරා ගන්නද .

      Delete
  12. 14355717_108275442965702_3387698080138277951_n

    පව් අහිංසක ජිවිත..

    ReplyDelete
  13. Original+Logo+-+Sandumal

    ඒකත් අතුරුදහන් වෙන්නැතිව ඔහොමහරි වෙච්ච එක මදෑ.

    ReplyDelete
  14. blogger_logo_round_35

    බෙරිච්ච ජිවිත ගැන සතුටුයි වගේම අහිමිවෙච්ච ජිවිත ගැන ගොඩක් කනගාටුයි.

    ReplyDelete
  15. 12660236_936132199768047_223249971_n

    මේ සිද්දියෙදි මගෙ හිත සසලම වුනේ අර මවකට දරුවෙක් යැවු කෙටි පණිවිඩය.

    ReplyDelete
  16. blogger_logo_round_35

    මොනව කරන්නද? උන දේ උනානේ. ගෝඩාක් සංවේදි පුවතක්.

    ලංකාවේ නිදහස්ම පොරම් වෙබ් අඩවිය සමඟ එකතු වෙන්න

    ReplyDelete
  17. blank

    මේ සිද්ධියෙන් පස්සෙ නලින්ලගෙ බොසාලාටත් ගන්නවනම් ඔනතරම් හොඳ ආදර්ශ ලැබුණා නේද?

    ReplyDelete
  18. blank

    Selling of Unwanted Possessions - If you might have something
    that will put up as collateral over a cash advance loan then there is
    often a pretty good chance which you have a thing that you
    might sell too not fake it's a brief-term borrowing solution; therefore factors including monthly salary are given much larger importance.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT