දකුණු කොරියාවේ නිරිතදිග මුහුදු ප්‍රදේශයේ දී දකුණු කොරියානු නෞකාවක් අද (16) අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇති අතර සියයකට අධික පිරිසක් අතුරුදන් වී ඇත.
මගීන් 477 දෙනකු රැගෙන යාත්‍රා කරමින් සිටි මෙම නෞකාව අනතුරට පත් වීමෙන් පසුව කෙරුණු ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී මගීන් 368 දෙනකුගේ ජීවිත බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත්ව ඇති අතර ඉන් පුද්ගලයන් 13 දෙනකු තුවාල ලබා තිබේ.
මගීන් 477 දෙනකු රැගෙන යාත්‍රා කරමින් සිටි මෙම නෞකාව අනතුරට පත් වීමෙන් පසුව කෙරුණු ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී මගීන් 368 දෙනකුගේ ජීවිත බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත්ව ඇති අතර ඉන් පුද්ගලයන් 13 දෙනකු තුවාල ලබා තිබේ.
සිය ගුරුවරුන් සමඟ දකුණු කොරියාවේ සෝල් නුවර සිට ජේජු දූපත් කරා ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා යමින් සිටි සිසුන් 338 දෙනකු සහ වෙනත් මඟීන් ඇතුළු 477ක පිරිසක් මෙම යාත්‍රාවේ ගමන් කරමින් සිට ඇත. නෞකාව අනතුරට ලක් වීමට නිශ්චිත හේතුවක් හෙළිදරව් වී නොතිබිණි.
අනතුර සිදු වූ මුහුදු ප්‍රදේශය මඩ සහිත බැවින් සෙවීම් කටයුතු දුෂ්කර වී ඇති බවත් ජලයේ අධික ශීතල ස්වභාවය හේතුවෙන් අනතුරට පත් මඟීන්ට පැය දෙකකට වඩා කලක් එම ජලයේ ජීවත් වීම අපහසු බවත් දකුණු කොරියාවේ ආරක්ෂක හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
වෙරළාක්ෂක සහ කුඩා නාවික බෝට්ටු 34ක් හෙලිකොප්ටර් යානා 18ක් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා තිබුණු අතර මගීන් 110ක පමණ පිරිසක් මෙසේ අතුරුදන්ව සිටින බවත් එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
මීටර් 146ක දිගකින් සහ මෙට්‍රික් ටොන් 6586ක බරකින් යුත් මෙම නෞකාව 1994 වසරේදී ජපානයේ නිෂ්පාදනය කරන ලද්දක් බව අනාවරණය වී ඇති අතර මගීන් 477 දෙනාට අමතරව වාහන 150ක් ද නෞකාවෙන් ප්‍රවාහනය කරමින් තිබුණු බව හෙළිදරව් වී ඇත.
ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙනි.
මේ පාර නැවක්. හොඳ වෙලාවට ගිලිලා නැත්තේ.
ReplyDeleteසුබ නව වසරක් වේවා !!! නලීන් සහ පවුලේ සැමට.
ගොන් කොමෙන්ට් එකක් මුලින්ම.... පව්... බුද්ධිය පහල වෙන්න අලුත්ගම මාකට් එකෙන් මාළු ඔළු අරන් කන්න...
Deleteහරිම කණගාටුදායක් පුවතක්.. ඉතිරි අයත් ඉක්මනිනම බේර ගන්න පුළුවන් වුනොත් හොඳයි...
ReplyDeleteනලීන් අයියටත් පවුලේ සියලුම දෙනාටත් ලැබුවාවූ අලුත් අවුරුද්ද වාසනාවන්ත පැතුම් ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා...
මේ හදිසි අනතුරු බහුල කාලයක්.
ReplyDeleteබොහොම කනගාටුදායක පුවතක්. හැබැයි එක දෙයක් තියෙනවා. අර ප්ලේන් එකට වෙච්ච දේ වෙලා නෑ. ඒ කියන්නේ හොයා ගන්න බැරි වෙලා නෑ. මේ අවුරුද්දේ අවසානයේ සින්හාවලොකනයට කතාකරන්න ප්ලේන් එකක් එක්ක දැන් නැවකුත් තියෙනවා.
ReplyDeleteඅළුත් අවුරුද්දේ ඉතා කණගාටුදායක පුවතක්.. බොහෝ දෙනාගේ දිවි බේරුණු එක ගැන සතුටුයි.. නමුත් නැතිවූ ජීවිත ගැන දැඩි කම්පනයක් ඇති කරනවා... මෙවන් විපත් ඉදිරියේදී සිදු නොවේවායි පතමු...
ReplyDeleteහැම පැත්තෙන්ම වගේ අහන්න තියෙන්නෙ බොහෝ දුරට අනතුරු ගැනමයි.
ReplyDeleteදැන් සම්පුර්නයෙන්ම ගිලිලා නේද
ReplyDeleteඉතාම කණගාටුදායක පුවතක්...වැඩි දෙනෙක්ගෙ ජීවිත බේරාගන්න පුලුවන් උන එක ලොකු දෙයක්.
ReplyDeleteනලින් අයියා ඇතුලු පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
ඒ තරම්වත් ජිවිත බේරුන එක ලොකු දෙයක් :(
ReplyDeleteමොන දේ වුණත් අර බෝයිංඑකට වෙච්ච අන්තරාව වෙලා නැති එකට සතුටුයි...
ReplyDeleteඒත් කණගාටුදායන පුවතක්
අලුත් අවුරුද්දෙ ඉස්සරෝම
ජිවිතාරක්ෂක බෝට්ටු ප්‍රමණවත් තරම් තිබුනේ නැතිද...?
ReplyDeleteමටත් හිතුනේ දියුණු රටක් වෙලත් එතරම් ඈත මුහුදේ නෙවේ වෙලත් මෙච්චර ගොඩක් ජිවිත නැති වුනේ කොහොමද කියල . හරිම කනගාටුයි . පාසල් චාරිකාවක් ගිය තමන්ගේ දරුවාට මෙහෙම දෙයක් වීම ඒ අම්මලා තාත්තල කොහොම දරා ගන්නද .
Deleteපව් අහිංසක ජිවිත..
ReplyDeleteඒකත් අතුරුදහන් වෙන්නැතිව ඔහොමහරි වෙච්ච එක මදෑ.
ReplyDeleteබෙරිච්ච ජිවිත ගැන සතුටුයි වගේම අහිමිවෙච්ච ජිවිත ගැන ගොඩක් කනගාටුයි.
ReplyDeleteමේ සිද්දියෙදි මගෙ හිත සසලම වුනේ අර මවකට දරුවෙක් යැවු කෙටි පණිවිඩය.
ReplyDeleteමොනව කරන්නද? උන දේ උනානේ. ගෝඩාක් සංවේදි පුවතක්.
ReplyDeleteලංකාවේ නිදහස්ම පොරම් වෙබ් අඩවිය සමඟ එකතු වෙන්න
මේ සිද්ධියෙන් පස්සෙ නලින්ලගෙ බොසාලාටත් ගන්නවනම් ඔනතරම් හොඳ ආදර්ශ ලැබුණා නේද?
ReplyDeleteSelling of Unwanted Possessions - If you might have something
ReplyDeletethat will put up as collateral over a cash advance loan then there is
often a pretty good chance which you have a thing that you
might sell too not fake it's a brief-term borrowing solution; therefore factors including monthly salary are given much larger importance.