සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

අනුරාධපුර නගර මධ්‍යයේ පිහිටි  නුවර  වැවේ  ජලය සිඳීයාම හේතුවෙන් වැව්  පතුලෙන් සඳකඩ පහණක හැඩයෙන් යුත් පැරැණි උළු තොගයක් බවට සැක කළ හැකි අපූරු රටාවක් මතු වී තිබේ. අනුරාධපුර ඓතිහාසික නුවර වැවෙහි ජල මට්ටම මේ වන විට සීඝ්‍රෙයන් පහත බැස ඇති අතර නුවර වැවේ සොරොව්වට ආසන්නයෙන් (රාම කැලේ ඉදිරිපිට) මෙම අපූරු රටාව මතුවී ඇත. එම රටාව මතුවී ඇත්තේ  පෞරාණික වටිනාකමක් ඇති පැරණි සිංහල උළු විශාල ප්‍රමාණයක් පස්වලට යටවීමෙන් බවට සැකකළ හැකියැයි ප්‍රදේශ වාසීහු පැවසූහ.
















සේයාරූ බුද්ධික මහේෂ්

12 comments:

  1. දැනටමත් පුරාවිද්‍යාෙවන් මේ ගැන හොයනව ඇති.මේක හොයා ගැනීමේ සම්පුර්න අයිතිය නලින් අයියටද හිමිවිය යුත්තෙ

    ReplyDelete
  2. පුදුම වැඩක් නම් තමා උළු වහලක තිබුණත් මෙහෙම වෙන්න විදියක් නෑ ??උළු හදපු තැනක් ද දන්නෙ නෑ

    ReplyDelete
  3. ඉස්සර වැව් වගේ ජලාශවල පතුලට ඒ කාලේ හදපු ගොඩනැගිලි වල කොටස් දාලා තියෙනවලු.ඒ වගේම නොගැඹුරු වැව් කලත්තන්න අලි ඇත්තු එහෙමත් බැස්සෙව්වලු.ඉතින් ඒ කාලේ දාපු ගොඩනැගිලි කොටසක් වෙන්න ඇති.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  4. පරන උළු කමහලක් වගෙ තමයි.

    ReplyDelete
  5. යන්න ඔනේ බලන්න

    ReplyDelete
  6. ළඟ පාත නිසා ගිහිං බැලුවත් පාඩු නෑ වගේ

    ReplyDelete
  7. පුදුම වැඩක් තමා.

    ReplyDelete
  8. ඉස්සර වාරි තාක්ශණයේ වැව් පතුලට එක එක දේවල් දාලා තියෙනවා කියලා මමත් අහලා තියෙනවා.. මේකත් එහම දෙයක්ද දන්නේ නෑ..

    ReplyDelete
  9. http://lankacnews.com/sinhala/main-news/111440/
    ඕක ගැන වෙන්න ඇති මේ "තාරකා දොරටුවක් හම්බුනා" කියලා දාලා තියෙන්නේ

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete
  10. ලස්සන රටාවක් නේ

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT