සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

මේ සාහිත්‍ය කෘති ලහි ලහියේ විචාරකයන්ගේ විනිසුරුවන්ගේ දෑසට අසුවන කාලයයි. එළැඹෙන සාහිත්‍ය මාසයට පෙර සූදානමකි මේ..

එරික් කාලයක් තිස්සේ ම අහස් විමනේ පලසක් බැඳ ඒ මත්තේ සිට පොළොව නිරීක්ෂණය කළේ ය. ඔහුට හසුවූයේ මිනිස් ක්‍රියාකාරකම්වල විකෘතියක් පමණි. ඔහු හිටිහැටියේ අහසින් - පොළොවට පැන දුහුවිල්ල අතරින් ඇවිදින්නට පටන්ගෙන තිබේ. දැන් තත්ත්වය වෙනස් ය. එරික්ට සැබෑ මිනිසුන් ද - සැබෑ ගැහැනුන් ද මුණගැසෙන බවක් පෙනෙන්නට තිබේ. ඊට කදිම නිදසුන පාද යාත්‍රා නම් මේ නවකතාව ය.

ස්වාභාවික ව්‍යසන තේමා කොට රචනා වූ ප්‍රබන්ධ - කථා දහස් ගණනක් ලෝක සාහිත්‍යයෙහි පවතී. ඒ සියල්ල මුළුමනින් ම කියවා දැමීමට ජීවිත කාලය වුව මදි තරම් ය. මේ ව්‍යසන අතරින් සුනාමිය හෙවත් මුහුද ගොඩගැලීම අපට විශේෂ වේ. ශ්‍රී ලංකාව අතීතයේ කිහිප වරක් ම මුහුද ගොඩ ගැලීමට යටත් වූ බව සඳහන් ය. ඒ පිළිබඳ ලිඛිත සාක්ෂි පුරාතන සාහිත්‍යයෙන් උපුටා ගත හැකි ය. එහෙත් නූතන සමාජය සුනාමියේ සජීවී අත්දැකීම් උකහා ගත්තේ 2004 දෙසැම්බර් 26 බොක්සිං දිනයේ දී ය. එම බිහිසුනු විපතට දසකය පිරෙන්නට මාස කිහිපයක් තිබිය දී මතකය අවදි කරමින් තවත් සුනාමි - ප්‍රබන්ධයක් කලඑළි දැක තිබේ. එය එරික් ඉලයප්ආරච්චි මහතාගේ “පාදයාත්‍රා” ය.
පශ්චාද් සුනාමි සමයේ අපගේ පාඨක සමාජය තුළ සංවාදයට ලක් වූ ප්‍රබන්ධ කථා කිහිපයක් තිබේ. සොනාලි දැරණියගලගේ “අ මෙමෝස් ඔෆ් ලයිෆ් ආෆ්ටර් ද සුනාමි” ජෝග් ෂෝර්ගේ “ක්‍රොස් කරන්ට්ස්” හා ජපන් ලේඛිකාවකගේ ප්‍රබන්ධයක් ද ඒ අතර ප්‍රධාන වේ. සුනාමිය මුල් කොට සිංහලෙන් රචනා වූ ප්‍රබන්ධ ඉතා සීමිත ය. යුද්ධය මෙන් ම සුනාමිය ද කතා රචකයන්ගේ විමර්ශනයට හසුවූයේ අඩුවෙන් ය. මේ අඩුව පුරවන්නට මෙන් එරික් සිය කෘතිය සම්පාදනය කර තිබේ.
සොනාලි දැරණියගලගේ කෘතිය ස්වචරිතාපදානයක් සේ සැලැකීම වඩා නිවැරැදි ය. එහි ඇත්තේ සුනාමියට මුහුණ දී සැමියා, දරුවන් හා මාපියන් අහිමි කරගත් ගැහැනියකගේ ඛේදවාචකය යි. දරාගත නො හැකි බරපතළ ආවේගයන්ගෙන් සමන්විත එම ප්‍රබන්ධය ඒක පාර්ශ්වික ය. නවකතා ලක්ෂණවලින් හීන ය. ජෝන් ෂෝර්ගේ කෘතිය ප්‍රබන්ධ කථාවක ලක්ෂණ ප්‍රකට කරයි. සංචාරක කලාපයකට කඩා වදින සුනාමිය එහි ජීවිත අවුල් කරන ආකාරය කතුවරයා කියයි. 


එරික් ඉලයප්ආරච්චි

ගලවාගැනීමේ ක්‍රියාවලිය, ප්‍රතිසංස්කරණ, සරණාගත ජීවිතය හා ආදරය ගැනත් ඔහු කියයි. ජපන් ලේඛිකා වගේ ප්‍රබන්ධයට තේමා වී ඇත්තේ 2011 ජපානය අසල ඇතිවූ සුනාමිය යි. එහෙත් මේ කෘති මගින් මිනිස් ජීවිත පිළිබඳ අලුත් යමක් මතුවන්නේ නැත. කොටින් ම ඒවා සිදුවීම් පෙළගැස්වීමකට පමණක් සීමා වී ඇත. ජීවිතාවබෝධයකට හෝ සියුම් රසවින්දනයකට එළැඹුමක් එම පොත්වල නැත.
එරික් ඉලයප්ආරච්චි මහතාගේ ප්‍රබන්ධය ඊට වඩා වෙනස් ය. සුනාමිය නොව; සුනාමියට හසු වූ මිනිසුන්ගේ වෙනස්වීම සියුම් ලෙස චිත්‍රණය කරන්නට කතුවරයා ප්‍රයත්න දරයි. ඔහු මියගිය හා ජීවත්වන මිනිසුන් පිළිබඳ අපූරු සිතුවමක් අඳියි. සුනාමියෙන් මියගිය මිනිසුන් ද, සුනාමියෙන් පසු ජීවත්වන මිනිසුන් ද ධනපති මජර සංස්කෘතියේ කොටස්කාරයන් ලෙස කරන අමනකම් හා වංචාවන් වරෙක හාස්‍යයට ලක්කරන කතුවරයා තව වරෙක ඒවා උපේක්ෂාවෙන් නිරූපණය කරයි. ඔහු ගේ ප්‍රකාශනය සුනාමියෙන් පසු ශ්‍රී ලංකාවේ සමස්ත චිත්‍රය ලෙස ගත හැකි ය.
පශ්චාද් සුනාමි අවධියත් සමඟ සුනාමි උප සංස්කෘතියක් පිළිබඳ කතාබහක් මතු විය. එහි ප්‍රධාන ධාරා දෙකක් පැවැතිණි. පළමුවන්න සුනාමි ආධාර භාවිත කළ අලුත් ආයෝජකයන්ගේ ජාලය යි. ඊට සුනාමි ආධාරක කණ්ඩායම්, රාජ්‍ය නො වන සංවිධාන හා ස්වේච්ඡා සංවිධාන ඇතුළත් ය. දෙවන්න සත්‍ය ලෙස ද, ව්‍යාජ ලෙස ද සරණාගත තත්ත්වයට පත් වූ පිරිසගේ එකතුව යි. සමහරෙක් කඳවුරුවලට ගාල් වූහ. සමහරෙක් වෙනත් ස්ථානවල සිට ආධාර පැතූහ.
ලෝක බැංකුව, රතු කුරුස සංවිධානය, රාජ්‍ය නො වන සංවිධාන හා ධනපති රටවල් වෙන වෙනමත් ශ්‍රී ලංකාවට අඛණ්ඩ ව ආධාර සපයන්නට වූහ. මෙහි නියාමනයක් නො තිබිණි. පසුවිපරමක් නො තිබිණි. විගණනයක් ද නො තිබිණි. තරුණ ටයිකාරයන් අතට රිසි සේ මුදල් ගලා එන්නට විය. ඔව්හු ඒවා රිසි සේ වියදම් කරන්නට වූහ. මේ පිරිසගේ ගනුදෙනු සඳහා අලුත් නවාතැන්, අලුත් ලැඟුම්හල්, අලුත් හෝටල් ඉදිවිණි. ඒ සෑම තැනකම පාහේ දක්නට ලැබුණේ නාස්තිකාර හා වංචාකාර වියදම් ය. පශ්චාද් සුනාමි සමයේ දූෂිත වෙළෙඳ පොළක් ද බිහි විණි. කතුවරයා නිරූපණය කරනුයේ මේ සමස්තයේ සුවිශේෂී දේවල් ය.
“පාත්‍ර යාත්‍රා” නවකතාව ආරම්භ වන්නේ මරණ කිහිපයක සංකේත සමඟය. ඊළඟට එය විකාශය වන්නේ පැරෑලියේ දී අනතුරට පත් කෝච්චිය සමඟින් ය. එය කිරි කෝච්චිය ලෙස හැඳින්‍ වේ. කිරි කෝච්චියේ ගමන් ගන්නා ජයසුමන නම් හමුදා සෙබළාට තම පෙම්වතිය අහිමි වන්නේ ද මේ ගමන තුළදී ය. සුනාමියෙන් ජයසුමන තල්ලු වී යන්නේ පාළු දූපතක් වෙත ය. අනෙක් අතින් ඒ දූපතට ගසා එන්නේ තරුණ නීතිඥවරියක වූ ජානකී ය.
ජානකී, ජයසුමන, ජිනදාස හා ලයනල් මේ වෘත්තාන්තයේ ප්‍රධාන භූමිකා‍වෝ ය. සෑම චරිතයක් ම එකිනෙකට පරස්පර ගතිලක්ෂණවලින් හෙබිය. ජානකී සුළු ධනේශ්වර චින්තනයක් සහිත මධ්‍යම පන්තික ගති-සිරිත්වලින් හෙබි තරුණ ගැහැනියකි. ඈ හැමවිට ම ඉහළ ස්ථරය ඉලක්ක කරගෙන ඒ පසුපස හඹා යන්නී ය. ලයනල් ඇගේ පුරුෂයා ය. ඔහු කුහක වාමාංශිකයකු, මිනීමරුවකු හා වංචාකාරයකු ලෙස නිරූපණය කෙරේ. ලයනල්ට ඇත්තේ දෙබිඩි ජීවිතයකි. ඔවුන් දෙදෙනාගේ පවුල් සංස්ථාව බලහත්කාරයෙන්, වෛරයෙන් හා පළිගැනීමෙන් පිරී පවතී. ජානකී ලයනල්ගේ දරුවකුට කැමැති නැත. ඇය මේ ජීවිතයෙන් පලා යෑමට සැලැසුම් තනන අතර සුනාමිය ඇගේ පිහිටට එයි.
ජිනදාස ජානකීගේ මස්සිනා ය. ඔහු අවංක පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටින’මුත් මේ ඛේදවාචකය තුළ දී ලයනල්ගේ හොර තුවක්කුවෙන් මිනී මරන්නට ද පෙලඹෙයි. ජීවිතය පුරාවට ම සිය නෑනණ්ඩියට රහසින් ආදරය කරන ජිනදාසට ද සුනාමිය පිහිට වෙයි. සුනාමියෙන් පසු ජානකී හා ජිනදාස විවාහ වෙති. ජයසුමන උතුරේ යුදමය අත්දැකීම් ඇති හමුදා නිලධාරියෙකි. පර පීඩක මානසිකත්වය ඔහු ළඟ ද තිබේ. තම පෙම්වතිය දූෂ්‍ය කරන ජයසුමන හුදෙකලා දූපතේ දී ජානකී ද පරිහරණය කරයි. පසුව ඔහු ඈ පසුපස හඹා යයි.
සඟිස් වැනි ආවතේවකරුවන්, ජයසුමනගේ පෙම්වතිය බඳු විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්, ඉතාලි දොස්තර වැනි විදේශිකයන්, පාතාලයන්, මුදලාලිලා, මංකොල්ලකාරයන් යනා දී ලෙසින් නා - නා චරිත කතාවට එක් වෙති. මේ සියලු චරිත වෙනසක් අපේක්ෂා කරති. ඒ වෙනසට ඉවහල් වන ප්‍රධාන සාධකය සුනාමි ව්‍යසනය යි. සුනාමිය නිසා මතු වූ සමාජ විපර්යාසය කතුවරයා මැනැවින් නිරූපණය කර තිබේ.
“ජානකීට සිතුණේ මුහුද ගොඩ ගලනවා වෙනුවට ගහකොළ හරකබාන සහිත ගොඩබිම ලිහිල් වී මහ මුහුදට ගලා යන බවකි.”
(පිටුව 737)
“මුහුදින් මතුවුණු දිය කිඳුරියක් වැනි ගැහැනියක් ගලක් මත වාඩි වී සිටියා ය. හරිත වර්ණ පැළෑටි සහ මූදු වැලි ඇගේ ඔළුවේ රැඳී තිබිණි. ජිනදාසට සිතුණේ එය පණ බේරා ගත්තවුන්ගේ නො ව; උන්හිටි තැන් අහිමිවූවන්ගේ ලෝකයක් බව ය.”
(පිටුව 754)
“දරුවෝ හැදුවා, හරි හම්බ කළා. දීග දුන්නා. ඔක්කෝම වතුරේ.... කොහේ හරි මේකට වැරැදිකාරයකුත් ඇති.... නැද්ද රාලහාමි...?”
(පිටුව 755)
කතුවරයා අපේ උරුමය සොයා යන අතර අතීත මිනිසුන්ගේ ක්‍රියාකාරකම් විවේචනයට මෙන්ම හාස්‍යයට ද ලක් කරයි. ඔහුගේ දැක්ම පිළිගත හැක්කේ එබඳු විචාරාත්මක දෘෂ්ටියක් ඔස්සේ අතීතය විග්‍රහ කරන බැවින් ය. ආරච්චිගේ හා රටේ මහත්තයාගේ දීනකම සේම සුදු නිලධාරීන්ගේ උද්ධච්චකම ද කතුවරයා සදය උපහාසයට ලක් කරයි. ඒ ඔස්සේ කතා රසය ද මතුවෙයි.

“මොනවද බොල ඉහ උඩ තියාගෙන?”
ආරච්චි ඇසුවේ ය.
“ධර්මපාලතුමා, මහින්ද හාමුදුරුවො, පියදාස සිරිසේන මහත්තය එහෙම” ආරච්චි ඔහු දෙස බැලුවේ මවිතයට ද කුතුහලයට ද පත්ව ය.

(ආරච්චිගේ උද්දච්ඡකමට පිළිතුරක් පිටුව 172)

“දෑවැද්දට වෙල්ලහැලියක් එක්ක රිදී නැන්දගෙ දුව එක්ක වර” කුමාරිහාමි කඩා පැන්නා ය.

(කුමාරිහාමිගේ කුලවාදය උපරිමයෙන් - පිටුව 167)

අප්‍රිකානු මහාද්වීපයේ මහා සාහිත්‍යකරුවා ලෙස ද පෙර ගමන්කරුවා ලෙස ද ප්‍රකට චිනුවා අචෙබේ ද (1930 – 2013) නයිජීරියාවේ ඉබෝ ගෝත්‍රිකයන්ගේ උරුමය සොයා අතීතයට ගියේ ය. ඔහුගේ විශේෂත්ය වූයේ උරුමය තුළ ඇති දුර්වලකම් ද විවේචනයට හසු කරමින් නයිජීරියාවට ගැළපෙන චින්තනයක් ඇති කිරීම ය. අප්‍රිකාවට අවශ්‍ය නූතන අධ්‍යාපනය යැයි වරෙක ඔහු කියා සිටියේ ය. නයිජීරියාවට අවශ්‍ය අවංක දේශපාලන නායකයන් යැයි තවත් වරෙක ඔහු කියා සිටියේ ය. ඔහුගේ සාහිත්‍ය වෑයම මුළුමනින් ම වෙන් වූයේ නිදහස් නයිජීරියාවකට අවශ්‍ය මඟ පෙන්වීම ලබාදීමට ය. සෝමවීර යනු අචෙබේ තරම් දැවැන්ත රචකයකු නොවන්නේ වුව ඔහු තුළ ද අඩු - වැඩි වශයෙන් එම ලක්ෂණ දකින්නට ලැබේ.


රන්ජන් අමරරත්න 

14 comments:

  1. Replies
    1. බොරු කියන්න එපා බන් .... මමද කොහිද තමයි එක

      Delete
  2. සුනාමිය ප්‍රවීණ කතා රචකයන්ගේ අවධානයට වැඩිය යොමු නොවුනට ආධුනික තරඟ වල ඒ දවස්වල වැහි වැහලා තිබුනා නොව.

    ReplyDelete
  3. උඩ ඉදල පහලට ස්ක්‍රෝල් කරගෙන ගිහින් . . . මම මේ පැත්තෙ ආව කියල ලකුනු මාක් කරන්න මේ කොමෙන්ට් එක කෙටුවා

    ReplyDelete
  4. මාත් ආව. කියෙවුවට ඔලුවට යන්නෑ නිදිමතයි.

    ReplyDelete
  5. //ලෝක බැංකුව, රතු කුරුස සංවිධානය, රාජ්‍ය නො වන සංවිධාන හා ධනපති රටවල් වෙන වෙනමත් ශ්‍රී ලංකාවට අඛණ්ඩ ව ආධාර සපයන්නට වූහ. මෙහි නියාමනයක් නො තිබිණි. පසුවිපරමක් නො තිබිණි. විගණනයක් ද නො තිබිණි. තරුණ ටයිකාරයන් අතට රිසි සේ මුදල් ගලා එන්නට විය. ඔව්හු ඒවා රිසි සේ වියදම් කරන්නට වූහ. මේ පිරිසගේ ගනුදෙනු සඳහා අලුත් නවාතැන්, අලුත් ලැඟුම්හල්, අලුත් හෝටල් ඉදිවිණි. ඒ සෑම තැනකම පාහේ දක්නට ලැබුණේ නාස්තිකාර හා වංචාකාර වියදම් ය. පශ්චාද් සුනාමි සමයේ දූෂිත වෙළෙඳ පොළක් ද බිහි විණි. කතුවරයා නිරූපණය කරනුයේ මේ සමස්තයේ සුවිශේෂී දේවල් ය.//

    කතාව ඇත්ත.

    නලින්..මේ පොස්ට් එකේ තියෙන සමහර දේවල් නම් මගේ ඔලුවට අහුවෙන්නේ නෑ වගේ. එකට එකම හේතුව මම බොහොම අඩුවෙන් සිංහල නවකතා/ ප්‍රබන්ද කතා කියවීම වෙන්න ඕන.

    මෑත කාලයේ බිහිවුණු සිංහල නවකතා/ප්‍රබන්ද වලට කියවීම් රසය මටනම් බොහොම බරපතල ගැටළුවක්. ඒ නිසා බොහෝ වෙලාවට මේ වගේ විචාර කියවන්න ලැබෙනවා අඩුයි. මේ දේ අපිත් එක්ක බෙදා ගැනීම ගැන බොහොම ස්තුතියි.

    ReplyDelete
  6. මමත් ඇවිල්ල කියව්ව ඔන්න.

    ReplyDelete
  7. සුනාමිය රන්දිය දහරක් කරගත්ත අය ඔන තරම් ඉන්නව.අදත් එකෙක් හමුවුනා.දැන් කොටිපතියෙක්.

    ReplyDelete
  8. ඔන්න මාත් කියෙව්ව ඔන්න අනිත් අය වගේම ;)

    ReplyDelete
  9. ඉතාම ආසාවෙන් කියෙව්වේ. මේ පොත් ඉක්මනටම බලන්න ඕනේ.

    ReplyDelete
  10. යකෝ මේකට කොමෙන්ට් එකක් දාන්න තියෙන අමාරුව. දෙතුන් විඩක්ම ආවා දැන් කියවපු එකත් මතක නෑ.

    ReplyDelete
  11. සුනාමිය දවස් වල මම වැඩ කරපු තැන ප්‍රසිද්ද NGO එකක ආධාර ගබාඩා කරලා තිබ්බා... අපිට තිබුනේ එයාලා කියන තැනට ඒවා ඉෂු කරන එක.. අධි බලැති මෝටර් එංජින් එහෙම එකක් වත් දකුණට නම් ගියේ නැ .. ඔක්කොම උතුරට තමා ..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT