රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2014-03-11

නන්නත්තාර ජීවිතයට තවත් ඇණයක් - සාහිත්‍ය මාසයට පෙර සූදානම


ඔහු දේශපාලනයේ දී කෑලි අහුලාගත් තැනැත්තෙකි. චින්තනයේ දී අවුලට ගිය නන්නත්තාර චරිතයකි. කලාවේ දී ඔහු අලුත් විලාස සොයන්නෙකි. මේ සියල්ලෙහි ප්‍රතිඵලය ලෙස “කුමාරයා” පොත කලඵළි දැක තිබේ. කියන්නට තරම් අලුත් දෙයක් හෝ නව විලාසයක් එහි නැත.


‘V’ නම් දුම්රිය ස්ථානයක් තිබේ. එය කෙතරම් මුස්පේත්තු තැනක් ද යත්; මිනිස්සු වැදගත් ගමනක්යන විට එය මගහැර යති. එහි සේවකයෝ කිසිදු දැනුමක් නැති කසිප්පුකාරයෝ ය. ඔව්හු තවම සුද්දාගේ කාලය සේ සලකා කටයුතු හා රාජකාරි කරති. එහෙත් උන්ගේ පඩිපත දුටුවහොත් කිසිම අම්මාකෙනකු එහි මිනිසකුට ගෑනියක දෙන්නේ නැත. මම ඒ ස්ටේෂමට නිතර යමි. මාද කාලකන්නි ජීවිතයක් ගතකරන බැවින් මට ඒ තැන හොඳට යා දෙයි.
ජයතිලක කම්මැල්ලවීර


වේලාව උදෑසන අටට පමණ ඇත. ස්ටේෂම අවට ද, පාර අද්දර ද මිනිස්සු පොදිකති. එහෙත් ස්ටේෂමේ කිසිවෙක් නැත. මම බංකුවක් මත දිගෑදී පොතක් ගැන කල්පනා කරන්නට වීමි.

හදිසියේ ම තවත් තලතුනා මිනිසෙක් පොතක් ද රැගෙන මා අසලින් වාඩිවෙයි. පොතේ නම කුමාරයා ය. කෙටියෙන් කිවහොත් ‘ප්‍රින්ස්’ ය.

කාලය තත්පර ගණනින් ගෙවී යයි. දෙදෙනාම එහෙට - මෙහෙට ඇඹරෙති. මිනිහා කතා කරන පාටක් නැත. ඌ තරමක උගතකු වන්නට පුළුවන. තවදුරටත් නිහඬතාව වැදගත් නැත.

මම :- මහත්තයා ඔය පොත කියෙව්ව ද?

අමුත්තා :- (රවා බලයි) නොසන්සුන් පෙනුමක් තිබේ.

මම :- මං ඇහුවෙ තමුසෙ ඔය පොත කියෙව්වද?

අමුත්තා :- තමුන්ගෙ වැඩක් බලාන හිටපං බූරුවා! කෙහෙම්මල් පොත්! (කුනුහරුපයක්ද කියයි)

මම :- එහෙම කියන්ඩ එපා සෑර්! පොත් තමයි ජීවිතේ. දොස්තොවිස්කි කියවල ඇතිනෙ...!?

අමුත්තා :- ආ... උඹ මට උගත්කම් පෙන්නන්ඩ එනව ද? යකෝ මං පේරාදෙණියෙ ග්‍රැජුවට් කෙනෙක්. ඊට පස්සේ පෝස්ට් ගැණුවට් එකකුත් කෙරුව. උඹ
කවුද මෝඩයා !?
මම :- මට කැම්පස් යන්ඩ බැරිවුණා සෑර්. එක අතකින් ඒක හොඳා කියලත් හිතෙනවා. එහෙම ගියා නම්; මාත් සෑර්ගෙ තත්වෙටම වැටෙනවා!

අමුත්තා :- මේ ඕයි... මං මෙතෙන්ට ආවෙ කෝච්චියෙ යන්ඩ මිසක් තමුසේ එක්ක චැට් කරන්ඩ නෙමෙයි. කරුණාකරල මට පාඩුවෙ ඉන්ඩ දෙනවා! නැත්තම් තමුසෙගෙ හොම්බ පොඩි වෙන්ඩ වැඩි කාලයක් යන්නෙ නෑ!

මම :- අනේ සෑර් ගහන්ඩ නම් එපා! කොල්ල කාලෙ මාත් බොක්සිං ගහගත්තා ඒත් දැන් පාරෙ යන්ඩත් පණ නෑ. අපේ ගෑනි මට අමුතු නමකුත් කියනවා.

අමුත්තා :- ඇත්තටම තමු‍සෙ බොක්සිං ගහගත්ත ද?

මම :- ඔව්නෙ සෑර්. ඒකෙ අත් පහරවල් දොළහක් තියෙනවා. මං ඒකෙන් තුනක් හොඳටම ප්‍රැක්ටිස් කළා. හුඟාක් එවුන්ට වැටෙන්ඩ ම ගැහුවා. අද වුණත් එකෙක් ආවොත් අරින්නෙ නෑ. මට ඕනෑනම් තත්ත්පර දෙකක දී සෑර් බිමදාන්ඩ පුළුවන්!

අමුත්තා :- තමුසෙ පොත් කියවන්ඩ කැමැති ද?

මම :- ඔව්නෙ සෑර් මං ඔය පොත දෙපාරක් කියෙව්වා! කියන විදිහ නම් ලස්සනයි. ඒත් ඇතුළෙ කිසි දෙයක් නෑ.

අමුත්තා :- එහෙම කියන්ඩ එපා හලෝ!? මේකෙ තියෙනව බොහීමියන් ජීවිත ගැන බලනවා! වින්සන්හාමු බොහීමියන් මිනිහෙක්. ඊළඟට මිනිහගෙ බාල පුතා ප්‍රින්ස්! මිනිහත් ලංකාවෙ බොහීමියන් ජීවිතයක්!

මම :- මහත්තය තරහවෙන්ඩ එපා! බොහීමියන් කියන එක ලංකාවට අදාළ නෑ. ඒක බුද්ධිමය ව්‍යාපාරයක්. ඉහළ පන්තියේ මිනිස්සු සංස්කෘතික ජීවිතේ හොයාගෙන යනකොට තමයි ඒව්‍යාපාරෙ ඇතිවුණේ. ප්‍රංශෙන් පටන් අරගෙන යු‍රෝපෙ පුරා ව්‍යාප්ත වුණා. පස්සේ ඒකට සන්නාසි එකතු වුණා. ජිප්සිකා රයො එකතුවුණා. ඒකෙන් බොහීමියන්වාදෙ නැති වුණා. පෙරදිග එහෙම දෙයක් නෑ. ලංකාවෙ එහෙම දෙයක් තිබුණෙ නෑ. මත්තට ඇතිවෙන්නෙත් නෑ.

අමුත්තා :- බලාන ගියහම තමුසෙත් උගතෙක්නෙ!?

මම :- ඔව්නෙ මහත්තය! මං නවකතා කියවනවා!

අමුත්තා :- (හිනාවෙයි) නවකතා කියවල දැනුම දියුණු කරගන්ඩ පුළුවන්ද හලෝ... මේ සිංහල නවකතා!?

මම :- මහත්තයට වැරදිලා. නවකතා කියවල දැනුම දියුණු කරගන්ඩ බෑ. ඒක ඇත්ත. ඒ වුණාට ජීවිතේ ගැන දැනගන්ඩ පුළුවන්. අනිත් එක මං නවකතා කියවන්නෙ ත්‍රිල් එකට. මහත්තයට කියන්ඩ සිංහල නවකතා කියවන කොට මාර ත්‍රිල් අප්ප! මට නම් නියමයි!

අමුත්තා :- (නැවත හිනාවෙයි) තමුසෙටත් පිස්සු! ත්‍රිල් එකට අඩියක් ගහනවකො! නිකං ඔළුව කුරුවල් කරගන්නෙ නැතිව!

මම :- එතකොට මහත්තය ඔය පොත කියෙව්වෙ මොකටද?

අමුත්තා :- බලනවකො අයිසෙ මාත් රැවටුණා! මං හිතුවෙ බොහීමියන් ජීවිතේ ගැන හොඳ ටිකක් මේකෙ ඇති කියල. මොන! මේ කර්තෘට ඒක තේරිලා නෑ!

මම :- මහත්තයා මාත් හොඳට පොත් කියවන මිනිහෙක්. ඔය කර්තෘ දන්නෙ 80 වැඩ වර්ජනේ ගැන විතරයි. වමේ දේශපාලනේ ගැන මිනිහ දන්නෙ කෙහෙම්මලක් නෑ. හැමදාම එකතැන පල්වෙනවා.

අමුත්තා :- තමුසෙගෙ කතාව ඇත්ත! ඒ වුණත් මිනිහ අලුත් ආකෘතියක් හදාගෙන තියෙනවා. තමුසෙට ඒකඅහුවුණේ නැද්ද?

මම :- බම්බුව ඔය ආකෘතිය පරණයි. ඒකෙන් ඇති වැඩකුත් නෑ.

දුම්රිය ස්ථානයේ යකඩ - කට නිවේදනයක් නිකුත් කරයි. ඒ අප්‍රසන්න හා පිළිවෙළක් නැති වචන ගැළපීමෙන් කියවුණේ කොටුව බලා ධානය වන ශීඝ්‍රගාමී දුම්රිය පැයක් පමණ ප්‍රමාද වන බව ය. අපි එකිනෙකාගේ මුහුණ බලා ගතිමු.

මම :- මහත්තය! මට නම් ඕකෙ පුදුමයක් නෑ!
කෝච්චිය වෙලාවට ආවොත් තමා පුදුමෙ!

අමුත්තා :- ඔය කෙහෙම්මල් වැඩක් නෑ අයිෂෙ! අපි මේ පොත ගැන කතා කරමු. කෝච්චිය එන වෙලාවක ආපුදෙන්!

මම :- මහත්තය විචාරකයෙක් ද?

අමුත්තා:- නෑ... ප්‍රචාරකයෙක්!

මම :- ඒකත් හොඳා! ඇත්තම කීවොත් මහත්තය මේ පොතට තියෙන්නෙ කියන විලාසයක් විතරයි. ටිකක් බර වචනවලින් කීවොත් ආකෘතිය විතරයි අලුත්.අනික් හැම දෙයක්ම පරණයි. ලංකාව ගැනවත්‍; ලංකාවෙ වම ගැනවත්; බොහීමියන් ජීවිත ගැනවත් අවබෝධයක් මේ කර්තෘට නෑ. කොටින්ම කර්තෘ ලංකාවෙ දේශපාලනය ගැනත්; ලෝක දේශපාලනය ගැනත් අවිඥානිකය.

අමුත්තා :- දේශපාලනේම නෙමෙයි අයිෂෙ! ජීවිත ගැන මොකක් හරි හුටපටයක් මේකෙ නැද්ද? අඩු ගණනෙ විජේසේකර නෝනා ගැනවත් හැඟීමක් තමුසෙට නැද්ද?

මම :- අයියෝ වැඩක් නෑ. කර්තෘට චරිත නිරූපණය තේරෙන්නෙ නෑ. මිනිහ ළඟ තියෙන්නෙ නිකං බස - බසයක් විතරයි.

අමුත්තා :- එහෙම කියන්ඩ එපා! පර්ල්, ප්‍රින්ස්, ලොයිඩ්, පර්සි, මේනකා අපේ චරිත නෙමෙයි ද?

මම :- අපේ චරිත තමා. ඒත් ඒ චරිත ගැන ගැඹුරින් බලන්ඩ කර්තෘ දන්නෙ නෑ.

අමුත්තා :- තමුසේ මොනවා කීවත් ඕකට සම්මානයක් වුණත් හම්බවෙන්ඩ පුළුවන්!

මම :- වෙන්ඩ පුළුවන්! වෙන්ඩ පුළුවන්! දැන් සම්මාන දෙන්නෙ හොඳ පොත්වලට නෙමෙයිනෙ; කල්ලිවාද, ගුරුකුලවාද ඔක්කෝම ඔතන තියෙනවනෙ.

අමුත්තා :- මං හිතන්නෙ තමුසෙ මේ නවකතාකාරය එක්ක තරහයි. ඒකනෙ ඔයහැටි විවේචන.

මම :- අනේ නෑ මහත්තයා. මොකට තරහ වෙන්ඩ ද? මංකියන්නෙ මේ කතාවෙ ඇති දෙයක් නෑ. පරණ වලව්වල බිඳවැටීම ගැන ලියන්නෙ වෙන දේවල් දන්නෙ නැති මිනිස්සු ඒක දැන් මෝස්තරයක්. මේ කර්තෘත් මෝස්තරයට අහුවුණා. එච්චර යි.

අමුත්තා :- තමුසෙ මොනව කීවත් මට නම් මේ පොත හොඳා! මොකද වලව්වල බිඳවැටීමට මං කැමැතියි.
මම:- අනේ හොඳා මහත්තයා! තව - තවත් එයා ලියන ඒව කියවන්ඩ!

දුම්රිය පළමුවන වේදිකාවට එන බව යකඩ කටෙන් කියැවේ. අපි කොටුව බලා ගමන් කිරීමට නැඟී සිටියෙමු.


රන්ජන් අමරරත්න
දිනමිණ පුවත් පත වෙනුවෙන් ලියන ලද ලිපියකි

13 comments:

  1. මෙතනට මම මුලින්ම අවොත් මෙයා දාලා තියෙන්නෙම පොත් විචාරයක්

    ReplyDelete
  2. එපා වෙන්නේ නැතිව කියවගෙන ගියා.

    හොඳයි.

    ආපහු එන්නම් මේ වගේ එකක් කියවන්න.

    ReplyDelete
  3. කම්මැල්ලවීර නේහ්.. අනේ මංද... මොකද එයාගෙ පොත් කියවන්න හිතෙන්නෙම නෑනෙ.. අගමුල හතරකොණ පටලවල... සමහර වෙලාවට උඩිං පල්ලෙන් අතගාල... ටේට බෝරිං... එපාම එපා වෙනව... ඒක හංද ඕක කියවන්න කැමැත්තක් නෑ

    ReplyDelete
  4. කියවලාම බලන්ට ඕන.

    ReplyDelete
  5. මේ පොත කියවීමේ අභිලාශය මට තදටම දැනේ. ඒ අපේ නලින් ගොයියා ( ආදරේට හොඳේ ) අපට හොඳ දෙයක්ම දෙන නිසා නොවේ. මෙහි අදහස් ප්‍රකාශනයේ ලා දක්වා ඇති අපූර්වත්වය නිසයි. එසේම මේ සංවාදයේ චරිත දෙක මොන තරම් ගැඹුරු ද කියා සිතේ.එසේම මේ ගැඹුර අප වැනි දුහුනන්ට විනිවිද යා හැකි සරලත්වයක්ද ආරෝපනය කර ඇත.

    ReplyDelete
    Replies
    1. ඔය ගැඹුරයි සරලකමයි පොඩ්ඩක් පැහැදිලි කරපන්කො යකෝ.

      Delete
  6. වෙනස්ම විදියක විචාරයක්!!!

    ReplyDelete
  7. මෙදාපාර විචාරය සිත්ගන්නාසුළුයි... විචරයෙදීත් නිර්මාණශීලී වන්නට පුළුවනි....එවිට් එය පොතකියවූවාට වඩා රසයක් ගෙනේ ..

    ReplyDelete
  8. අමුතුම විචාරයක් නියමයි.පොත කියවන්න රුකුලක් වෙන විචාරයක්..

    ReplyDelete
  9. කියවීමෙන් දැනුම මුවහත් වෙනවා. අත්දැකීමෙන් කියන්නේ..

    දැන් මගේ කියවීමේ රුචිකත්වය නැති වෙලා කම්මැලි කමද මන්ද.. කොහොම හරි, පොත සෙට් උනොත් naleen අයියා මතක් වෙයි කියවන්නම්

    ReplyDelete
  10. විචාරයට එහා ගිය යමක් ඒ කතාන තුළ තියෙනවා. ඇත්තටම මොකක්ද මේ බො‍හිමියන් ජීවිත මේදවස්වල විචාර ලෝකෙ නිතර හුවමාරු වන වචනයක්

    ReplyDelete
    Replies
    1. දයා......සම්ප්‍රදායෙන් පිට පැනපු ජීවන රටාවක්.

      වැඩි විස්තර විකිපීඩියා මේ ලින්ක් එකේ බලන්න.
      http://en.wikipedia.org/wiki/Bohemianism

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්