මාන්තිව් දූපත කලපුවට සමාන්තරව පුළුල් ලෙස පැතිර පවතී. ලොකු කුඩා දූපත් රැසක් එහි පිහිටා ඇති අතර, විශාලම දූපත ලෙස සැලැකෙන්නේ මාන්තිව් දූපතය.
මඩකලපුව නගරයට බටහිරින් පිහිටි මාන්තිව් දූපත ප්‍රකටව ඇත්තේ වර්ෂ 1600 ගණන්වල ලාදුරු රෝහලක් එහි ඉදි කර ඇති නිසාය. ඕලන්ද පාලන යුගයේ දී ප්‍රථම වරට කොළඹ හැඳල ලාදුරු රෝහල ස්ථාපිත කළ අතර, ඉන් අනතුරුව ගාල්ල රූමස්සල සහ මඩකලපුවේ මාන්තිව් හි මිනිස් වාසයෙන් තොර හුදෙකලා ප්‍රදේශ ලාදුරු රෝහල් ඉදි කිරීමට තෝරා ගෙන ඇත. අක්කර 85ක පැතිරී ඇති සෝබමාන වෘක්ෂ වදුලකින් සහ කඩොලාන ශාකවලින් සමන්විතය.
එදා සිට අද දක්වා වසර හාරසියකට වැඩි කාල පරාසයක් ලෙස මෙය ලාදුරු රෝහලක් ලෙස පවත්වාගෙන යනු ලබයි. එහෙත් එදා 400-450 පමණ රෝගීන්ගේ දිවි ඇති තුරා හුදකලා නවාතැන්පළක් බවට පත්ව තිබූ මේ ලාදුරු රෝහලේ අද දිවි ගෙවන්නේ රෝගීන් දෙදෙනෙකු පමණි.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ සහ මඩකලපුව දිසාව භාර ආඥාපති ජනරාල් ලාල් පෙරේරා, 231 බළසේනා මූලස්ථානාධිපති සුදන්ත තිලකරත්න ඇතුළු නිලධාරීන් සහ සෙසු නිලයන්ගෙන් ද සහායෙන් කොටුවමඩ නාවික අනු කණ්ඩයේ සේවය නියුතු සුළු නිලධාරී කරුණාරත්නත්, බල නැවි ධනපාලත් කැටුව අපි මාන්තිව් දූපත බලා ගමන් ඇරැඹීමු. කුඩා ඩිංගි බෝට්ටුවකින් මාන්තිව් දූපත බලා ගියේ බොහෝ දෙනෙකුට ඇස නොගැටුණු ඒ දුබල දසුන දැක බලාගෙන දූපතේ තොරතුරු ඔබ හා බෙදා හදා ගැනීමටය. කොටුවමඩ ප්‍රදේශයෙන් ඩිංගි යාත්‍රාවට නැගුණු අපි කාලයක් කොටි බළකොටුවක් ලෙස පැවැති පුදුර්, වවිනිතිව්, කොක්අඩිචෝල ප්‍රදේශ ඇස ගැටෙන මායිමෙන් තවත් නොබෝ වේලාවකින් මාන්තිව් ජැටියට ළඟා වීමු.
අපි එහි ළඟා වෙද්දී රෝහල් සේවකයින් දෙදෙනෙකු සහ එක් පාපැදියක් දක්නට ලැබිණි. එතැන් සිට මීටර් 500ක් පමණ යන තුරු පවතින අඩිපාර වැටී තිබුණේ විශාල ජලජ කුරුල්ලන් රැසක් කූඩු තනා තිබූ රූස්ස වන වදුලු අතරය. තවත් පැත්තකින් ගරා වැටෙමින් පවතින වන වැදුණු කුඩා කුඩා නිවාසය. ඒවා වාට්ටු ලෙස පවතින්නට ඇත. පන්සල, පල්ලිය, කෝවිල සහ මුස්ලිම් පල්ලිය අද වනාන්තරයට වැසී ගොස්ය. මුළු ජීවිත කාලය පුරාම මවුපියන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන්, නෑදෑ හිතමිතුරන්ගෙන් වෙන් වී ජීවිතය ගෙවූ රෝගීන්ට ඒ ආගමික ස්ථාන සැබෑම සුවයක් ලබා දෙන්නට ඇත. පරිපාලන ගොඩනැඟිලි සංකිරණය, යෝධ වතුර ටැංකියි විනාශ වෙමින් පවතී. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නිසා විදුලි සැපයුම සහ ජල සැපයුමට අත්වී ඇත්තේ ඉතාම ශෝචනීය තත්ත්වයකි. එදා සිට අද දක්වාම එකදු ලිපියක්වත් නොලැබුණු තැපැල්හල අද ද ක්‍රියාත්මකයි.
ජලජ පක්ෂීන්ගේ කරච්චලය දූපත පුරාම පැතිරෙයි. එය අපට මෙන්ම මෙහි රැඳී සිටින ලාදුරු රෝගීන් දෙදෙනාට ද මහත් සුවදායක අත්දැකීමකි. රෝහලේ සිටින අවසන් ලාදුරු රෝගීන් දෙදෙනාගෙන් අයෙක් තිස්සමහාරාමය ප්‍රදේශයේ ඉපදුණු සේනය. ඔහුගේ වයස අවුරුදු 45ක් පමණ වේ. යාපනයේ නල්නූර් ප්‍රදේශයේ ඉපදුණු කරුණාදන් තමන්ගේ වයස අවුරුදු 76ක් බව බව කීවේය. උපස්ථායක සඳහන් කළේ සේනගේ වයස අවුරුදු 5 දී පමණ මේ දූපතට ආ බවත් වයස අවුරුදු 10-12 පමණ කාලයේ සිට මේ හුදෙකලා බිම කුරුනාදන්ගේ නිවහන වූ බවයි.
එදා සිට අද දක්වාම ඔවුහු මේ දූපතට තනි රකිති. සතුට, විනෝදය, පි‍්‍රයසම්භාෂණ, ක්‍රීඩාවන් සියැසින් දැක නැති මේ අහිංසකයින්ගේ දුකට සැපට සිටින්නේ සුනඛ පෝතකයෝ දෙදෙනෙකි. මඩකලපු රෝහලෙන් සතියකට වරක් වෛද්‍යවරයෙක් පැමිණෙයි. රාත්‍රිය උදාවෙත්ම කුරුල්ලන්ගේ නාදය වියැකී ගොස් රැය පහන් වනතුරු සිටින්නේ රෝගීන් දෙදෙනාත්, බල්ලන් දෙදෙනාත් පමණි. මාන්තිව් දූපත ජෛව විවිධත්වයෙන් අනූන දූපතකි. කුරුල්ලන්ගේ කැදැලි බිමක් මෙන්ම කුරුලු පාරාදීසයකි. නිසාචරයන්ගේ නිම්නාද එමටය. උන් මෙහි ඇති තරම් දක්නට ලැබෙයි.
අප දූපතෙන් පිටව එද්දී සේන කී කතාව මතකයේ තවමත් රැඳී තිබේ. “මහත්තයට ලස්සනට සපත්තු, සෙරප්පු දාන්න පුළුවන් වුණාට මට බෑනේ. ඒත් මම සපත්තු දාලා මහත්තයා බලන්න කවදා හරි එනවා.”
සටහන හා ඡායාරූප
නිශ්ශංක විජේරත්න
-----------------------------------------------------------------------------------
-----------------------------------------------------------------------------------
මෙන්න තවත් සුබ ආරංචියක්. හෙටත් බ්ලොග් පිටුව එනවා... ඔබේ පිටපත අදම වෙන්කරවාගන්න...
ලාදුරු ආයිත් ඔලුව උස්සලාලු නේද?
ReplyDeleteලාදුරු ගැන හොයද්දියි මේ ලිපිය දැක්කේ.
ස්තුතියි
දැම්මා විතරයි වගේ මේ ලිපිය පුදුමයි ගූගල් වුණා කීවාම කොහොමත් පිණි ඔබ සාදරයෙන් පිළිගන්නවා මේ අඩවියට
Deleteලාදුරු වලට දැන් නිට්ටාවටම සුවකරන්න බෙහෙත් තියනවා නේද...?
ReplyDeleteදැන් තියනවා හදුනාගත් ගමන් ප්‍රතිකාර පටන් ගත යුතුයි
Deleteලාදුරු සම්පූර්ණයෙන් සුව කරන්න පුලුවන් එකේ ඇයි මේ ලෙඩ්ඩු දෙන්නා තවම මේවගේ තැනක තනියෙම ඉන්නේ?
ReplyDeleteඕකම මටත් ගැටළුවක්
Deleteමේ ඉන්නේ රොගය උත්සන්න තත්ත්වයට ආ අය. සුව කරන බෙහෙත් සොයාගත්තේ මැතකදී. ඒ වනවිට මේ අය විකෘති වෙලා ඉවරයි.
DeleteThis comment has been removed by the author.
Deleteමං දන්න විදියට ලාදුරු බෝවෙන රෝගයක් නෙමෙයි නේද?
ReplyDeleteඅමිල මුල්ම අවස්ථාවේ හඳුනගත්තොත් සුව කරගත හැකියි වත්මනේ. නමුත් එකල සුව කරගන්න බැරිවයි තිබුණේ. මේ ඉන්නේ ඒ පැරණි රෝගින්. ඒ වගේම ප්‍රතිජීවක ගත්තොත් බෝවිම වලක්වාගත හැකියි. නැතිනම් බෝවනවා. මා නිවැරදිව දන්නේ නෑ දන්න කෙනෙක් මේ ගැන කියාවිනේ. බලමු අපි
Deleteවිස්තර වල ට ස්තුතියි. අර රෝහලේ ඉන්න දෙන්න ට කොහොම දැනෙනවා ඇද්ද ලෝකෙන්ම වෙන් වෙලා ගෙවන ජීවිතය. සමහර විට අපිට වඩා සන්තෝසෙන් ඒ ය ඉන්නවත් ඇති.
ReplyDeleteඇතැම් විට ඔබ කියන දෙයත් බොහෝ දුරට නිවැරදි විය හැකියි
Deleteතේරෙන කාලයේදී සමාජයේ නොගැවසී ඇති ඔවුන්ට එය එතරම් තනිකමක් නොවන්නත් පුළුවන්. ලාදුරු දැන් සුවකරන්න් පුළුවන් වුනත්. මොවුන් එමගින් විකෘර්ති වී ඇති නිසා හුදකලාව ඉන්න එක ඔවුන්ට මානසික සහනයක්.
ReplyDeleteසුව කළ හැකි යුගයට කලින් රෝගාතුර වුවන් මේ. දැන් රොගය හදුනගත් ගමන් ප්‍රතිකාර තියනවා. ඒ වගේම ඒ ප්‍රතිකාරත් නිසි කලට වේලාවට නොකඩවා ගත යුතුයි
Deleteනලින් ඔයා මාතලං කියන පොන්නයට පුක දෙනවද ? නැත්තං කඩේ යනවද ?
ReplyDeleteප්‍රශ්නය පැහැදිලි මදි ඇනෝ කිමද හේතු....
Deleteපත්තරේ බ්ලොග් පිටුව ඌට සින්නක්කරේටම ලිව්වද ?
Deleteඇත්තටම ඉස්සර ලාදුරු රෝගය සමාජය ලිකුල් කලා. රෝගීන් දෙදෙනෙකු හිටියත් ඒක කනගාටුවක් ඒත් දැන් වෛද්‍ය ක්‍රම දියුණුයි. සුන්දරම දූපතක් වටා ගෙතුන අසුන්දර කතාවක් කියල හිතුනා...
ReplyDeleteඔව් දයා මේක ඔබට හොද ගිතයක් ලියන්න ප්‍රස්තුතය කරගන්නත් පුළුවන්. හුදකලා දූපතක වෙසෙන රෝගින් දෙදෙනකුගේ සිතුම් පැතුම් ගැන.
Deleteලාදුරුගැන ආයෙත් කතාවෙන කාලෙක මේක කාගෙත් අවදානය යොමුවියයුතු වැදගත් ලිපියක් අයියේ...
ReplyDeleteඅනිවා අනිවා.... මේ අය වෙනුවෙන් යමක් කරමුද කට්ටිය එකතු වෙලා..
Deleteචේ ගෙ motorcycle diaries ෆිල්ම් එකෙත් මේ වගේ ලාදුරු රෝගීන්ගෙ දූපතක් ගැන තියනව නේද, ඒක මතක් උනා. අප්පා ඒ අවුරුදූ කීයකට කලින්ද.?තාමත් අපි එතනමද? :(
ReplyDeleteචේ ගෙ motorcycle diaries ෆිල්ම් එකෙත් මේ වගේ ලාදුරු රෝගීන්ගෙ දූපතක් ගැන තියනව නේද, ඒක මතක් උනා. අප්පා ඒ අවුරුදූ කීයකට කලින්ද.?තාමත් අපි එතනමද? :(
ReplyDeleteමටත් යාන්තං වගේ මතකයි එවන් කතාවක්... ඒත් හරියටම නොවේ
Deleteමටත් ඒ ෆිල්ම් එක මතක් වුනා ලිපිය ටිකක් කියවද්දි.
Deleteඇත්තටම හෙනම දිකයි නලීන් අයියේ... හෙනම දුකයි... කාත් කවුරුවත් නැති දූපතක තනිවූ දෙදෙනෙක්... අදහාගන්නවත් බෑ...
ReplyDeleteඅයියේ මම මගේ මූණු පොතට දැම්මා... කමක් නෑනෙ...
Deletehttps://www.facebook.com/P.L.S.L.P
කිසි ගැටලුවක් නෑ ගාලු මලයා... ඇත්තටම මේ අය වෙනුවෙන් බුකියේ හෝ බ්ලොග් කරුවන් වන අපට යමක් කරන්න බැරි වෙයිද. මොකක් හෝ දෙයක් සංවිධානය කරන්න අත ගහන්නකෝ. එය ලොකුම පිංකමක් වෙයි.
Deleteදුක හිතෙන කතාවක් නලීන් අයියෙ..
ReplyDeleteදුකට වඩා මේ අය ගැන සොයා බලන්න යන්න හැකිනම් එය ඒඅයට වටිනවා උමේෂ් ඔන්න කරනවනං වැඩ. යමක් අරගන ඒ පැත්තේ යන්න හැකි නම් ඉතා වටින පිංකමක් ඒක.
Deleteඇල්ල ලග වලව්ව ටෙලිය මතක් වුණා ..ඒ මිනිස්සුන්ට මිට වඩා යමක් විය යුතු බව නම් පෙනවා ..
ReplyDeleteඒ කතාවට පසුබිම් වුණෙත් මේ වගේම රෝගියෙක් ගැනනේ. මහාචාර්ය නිමල් සේනානායක මහතා ලියු තිර රචනයක්නේ.
Deleteරෝහලේ ඉන්න දෙන්නගෙන් අන් අයට තාම බෝවෙන්න පුලුවන්ද? එහෙම නෑත්නම් වෙන යවන්න තෑනක් නෑතිනිසා ඉන්නවද?
ReplyDeleteමේ අයගෙන් දැන් බෝවීමක් වෙන්නේ නෑ. එත් මචෝ මේ අය අවුරුදු ගණනාවක්ම මේ හුදකලාවේ ඉඳලා සමාජයට යන්න අකමැත්තෙන් ඉන්නේ. ඒ වගේම මේ අයගේ විකෘතිය හොද කරන්නත් බෑ ඒ නිසයි මෙහෙම හුදෙකලාවේම ඉන්නේ.
Deleteමේ රෝගීන් දැක්ක අවුරුදු කිහිපයකට කලින් ටීවී එකේ. ඇඟිලි පුරුක් හැලිල.
ReplyDeleteඉස්සර ලාදුරු හැදුනම කැලේට යනවලු. ඊට පස්සෙ දිවියන්ට ගොදුරු වෙනවලු.
එවැනි තත්ත්වයක් තමා රාජ් තිබුණේ ඒත් දැන් ප්‍රතිකාර ක්‍රම දියුණුයි.
Deleteනලින් අයියා අපෙ පොරවල් ටිකත් එක්කනෙ ගිහින් තියෙන්නෙ. හැක්.....නියමයි..නියමයි....
ReplyDeleteනාවුක මාධ්‍ය ඒකකයේ ඉන්නේ හොද මිත්තරයෝ ටිකක් තමා. කච්චතිව් මංගලෙට එහෙම එයාලත් එක්ක තමා මාත් යන්නේ හැම අවුරුද්දෙම. ඒක ජිවිතේ අමතක නොවන ගමනක් හැමදාම.
Deleteමේවා දකින කොට දැන්නම් හිතෙනවා ලංකාවට මාස තුනක විතර නිවාඩුවකට අවීත් යන්න කාලේ හරි කියලා
ReplyDeleteඑන්න එන්න සාදරයෙන් පිළිගන්නවා රාළේ
Deleteලිපියෙන් මේ අය ගැන කට්ටිය දැනුවත් කල එක හුඟක් වටිනවා. මේ අය වෙනුවෙන් යමක් කරනව නම් අපිත් පුළුවන් විදිහට උදව් කරන්නම්..
ReplyDeleteමේ අය වෙනුවෙන් යමක් කරන්නට කවුරුන් හෝ මුල් වන්නේ නම් එම ගමන යන්නට සියලු පහසුකම් නාවුක හමුදාව හරහා ලබා දෙන්නට මං කටයුතු සලසන්නම්. ඒ වගේම මුල් වෙන කෙනෙකුට සියලු සහායත් ලබා දෙන්නම්. ස්තුතිය් තුෂානි ඔබේ මේ උත්තේජයට. මට මුල් වෙන්නට වෙලාවක් නැත.
Deleteදැන් කාලෙකට කලින් ලාදුරු ගැන කතා ටිවි එකෙයි රෙඩියො එකෙයි දිගටම ගියා නෙද.බෙහෙත් හොයාගත්ත කාලෙ මම හිතන්නෙ.
ReplyDeleteමේ රෝගීන් බෙහෙත් සොයාගන්න කලින් ලෙඩ වු අයයි.
Deleteනලීන්.......ආපහු ලාදුරු රෝගය ඇතිවෙනවා යැයි කියන්නේ ප්‍රතිශක්තිකරන නොගැනීම නිසාද?
ReplyDeleteරත්නපුරේ තිබුනා නේද තවත් රෝහලක් මෙවැනි රෝගී අය වෙනුවෙන් (ලාදුරු නොවේ )
දුකයි රෝගීන් දෙන්නා ගැන...දැන් ලාදුරු සුව කරන්න බෙහෙත් තියනවා නේද? මේ තරම් කල් ඔවුන්ට සුව නොවුනේ ඇයිද දන්නේ නෑ
ReplyDeleteදැඩි මිතුදමින් පවසමි නුඹෙ දෙපා සිඹ
ReplyDeleteකළුවර ගසකි මහ වනයක දුටුව නුඹ
අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව තිබෙන තැනට පිටුපස කොටස බ්‍රිතාන්‍ය පාලන සමයේ යොදාගෙන තිබෙන්නේ ලාදුරු රෝගීන් ගාල් කරන්න. ඒ ප්‍රදේශය ඒ කාලේ හඳුන්වලා තියෙන්නේ කූඹි කැළේ කියලා මගේ මතකයේ හැටියට.
ReplyDeletehappy people a year in taiga film එක බලන්න. සමාජයෙන් ඈත් වෙලා ජිවත් වෙන සමහර අය අපට වඩා සතුටින් ඉන්නවා.
ReplyDelete