දිස්ත්‍රික්කය - මඩකලපුව
මායිම - බටහිරින් මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් ද, දකුණු දෙසින් ඔටුනුගල රක්ෂිතයෙන් ද මායිම් වෙයි.
ගමන් මාර්ගය - මඩකලපුවේ සිට වාලච්චේන දක්වා යන විට “කිරාන්” හන්දිය හමු වේ. කිරාන් හන්දියෙන් වමට හැරී කිලෝමීටර් 20ක් පමණ ගිය පසු තොප්පිගලට ළඟා විය හැකියි.
විශේෂත්වය - වර්ග කිලෝමීටර් 350කින් යුතු ස්වභාවික රක්ෂිතයකි. මුහුදු මට්ටමේ සිට අඩි 1753කින් උසින් යුක්තය.
ආදිපාද හිස් වැස්ම
සොයා ගිය ගමනක්
නැඟීමට හා බැසීමට ඉතා අසීරු ගල් පර්වත හමු වූයෙන් මිනින්දෝරුවෝ හතර ගාතයෙන් ඉතා අසීරුව ඒවා තරණය කළෝය. අදාළ උපකරණ ඔසවාගත් කම්කරුවෝ ද දහඩිය මුගුරු හෙළමින් ඉතා ආයාසයෙන් ගමන් කළෝය.”
ත්‍රස්ත බියෙන් වෙව්ලුම් කෑ භූමියත්, තොප්පියක් වැනි ගලත් රිසි සේ දැක බලා ගැන්ම අප කාගේත් ඒකායන අදිෂ්ඨානයයි. ඡායාරූපවලින් දැක තිබූ තොප්පිගල මහා බල සම්පන්න එකක් වන්නට ඇත. මින් පෙර කිසිදා නොදුටු තොප්පිගල පිළිබඳ දහසක් සිතුවිලි සිතේ පොර කද්දී තොප්පිගල බලා ගමන් ඇරැඹීමු.
තොප්පිගල ගල්කන්ද “මොනඩ්නොක්ස්” නම් භූ ලක්ෂණය පෙන්නුම් කරයි. පිහිටි පොළොවේ සිට අඩි සිය ගණනක් උඩට පර්වතයක් මතු වී තිබීම මෙහි විශේෂ ලක්ෂණයයි. මෙවන් ක්‍රියාවලියක් සිදුවන්නේ වසර දස කෝටි ගණනක් ගෙවීමේ දී සිදු වූ පාංශු ඛාදන ක්‍රියාවලියක් හේතුවෙනි. “මොනඩ්නොක්ස්” යනුවෙන් භූ විද්‍යාත්මකව හඳුන්වන්නේ ඉහළට නෙරා ගිය උස පර්වතය යන අදහසිනි. සීගිරියේත්, බතලේගල කන්දේත් පෙන්නුම් කරන්නේ බයිබල් රොක් මොනඩ් නොක්ස් ලක්ෂණයි.
තොප්පිගල ලෙසින් මේ ප්‍රදේශය නම්වත් වන්නට හේතු වී ඇත්තේ බැරන්ස් නම් විජාතිකයෙකි. ඔහු මේ ගල් කන්ද දැක එය තමාගේ තොප්පිය වැනි යැයි සලකා ඕචපධද’ඵ ඛ්චන වශයෙන් හඳුන්වා ඇත.
තොප්පිගල යන නාමයෙහි මූලිකාරම්භය මෙය වන්නට ඇතැයි අපට අනුමාන කළ හැකියි. සියලු පසුබිම් සාධනයන් එසේ වෙද්දී වියළි කලාපීය වනාන්තර හා පතන බිම් ලක්ෂණ පෙන්නුම් කෙරෙන භූමි භාගයන් පසු කරන්නෙමු. රජයේ කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළවල් දකින විට සිත ප්‍රමෝදයෙන් මෝදු වෙයි. නිදැල්ලේ තෘණ උලා කන ගව රංචු එමටය. කාලය විසින් සියල්ල හිමිකර දෙමින් සහජීවනය පැතිර යමින් තිබේ. කුඩා කුඩා කටු පඳුරු එමටය. එහෙත් තැනිතලා බිම මූකලාන විසින් වසා ගත්ත ද, හරිත පැහැයෙන් ඔප මට්ටම්ව ඇත.
යුදයේ බිහිසුණු මතකයන් මෙහි වැලි කැටයක් ගානේ පැතිර තිබෙන්නට ඇත. බොහෝ බියකරු දසුන් සිදු වූ බවට මේ භූමියේ පිහිටියා වූ ගස් ගල් සාක්ෂි දරනු ඇත. එය මෑත කාලීනව පමණක් නොව ඉතා දිගු ඉතිහාසයකට පවා දිව යන කාරණාවකි. මන්ද යත් පෙර රජ දවස ද මෙය ආරක්ෂිත ස්ථානයක් ලෙසට භාවිත වන්නට ඇත.
තොප්පිගල කන්දට ළඟාවීමට ඇති මහත් දුෂ්කරතාවත්, උපක්‍රම වශයෙන් ස්වභාවිකව පැන නැඟී ඇති ආරක්ෂා සහිත තත්ත්වයත් මෙයට හේතු වන්නට ඇත. තොප්පිගල දෙසට ගමන් ගන්නා මාවතේ අපි කිරාන් පාලම පසු කළෙමු. පුලිපංචිකල්, ගල් වංගුව, තාරාවිකුලම් හා අලි ඔළුව හන්දිය ද පසු කළෙමු. මේ පසු කළ ස්ථානයන්හි නම් මෙහි ස්වභාවික පිහිටීම හා විවිධ සංසිද්ධි උපයෝගී කොටගෙන මෑත කාලීනව නම් වත් වූ ඒවා බවට සැක නැත. මාවතේ දෙපස විශාල සරුසාර වගා භූමිය. සාර්ථක වී වගා භූමි එක යායට දිස් වෙයි. නිල්ල පිරුණු භූමියේ සෞන්දර්යයෙන් මා උමතු කරවයි. සඳ පහන් රැයක කුඩා සතුන් හා ගස් වැල්හි මිමිණුම කොතරම් මිහිරි වන්නට ඇද්ද?
තොප්පිගල පිහිටි ආරක්ෂක සේනා මූලාස්ථානයට දැන් අප සේන්දු වූයෙමු. හාත්පසම නිහඬය. එහෙත් ක්‍රමවත්ය. ත්‍රස්ත ග්‍රහණයෙන් දේශය මුදා ගැනීමට කටයුතු කළ රණ විරු දරුවෝ සිහිපත් කරනු වස් විවිධ තලයේ ආකෘති තනා ඇත. සංකේතාර්ථ ද දක්නට ලැබෙයි.
සංචාරයක් උදෙසා තොප්පිගලට පැමිණෙන ඔබ වෙනුවෙන් සියලු නවාතැන් පහසුකම් මෙහි ඇත. කලින් වෙන් කරවා ගෙන ඔබේ සංචාරයන් මෙන්ම අධ්‍යයනයන් ද සිදු කළ හැකියි. මෑත කාලීන යුද ක්‍රියාදාමයට සම්බන්ධ නෂ්ටාවශේෂයන් ඒකරාශී කොට හා වටිනා ඡායාරූපයන් එකතුකොට තැනූ කෞතුකාගාරයක් ද ඔබට නැරැඹිය හැකියි. තොප්පිගලට තවත් කිලෝමීටර් 04ක් පමණ දුරක් යා යුතුය. අව් රශ්මිය ද තදින් දැනේ. උෂ්ණත්වය ඉහළ ගොස් ඇත්තේ පර්වතයට පතිතවන හිරු කිරණ පරාවර්තනය වීමෙන් අවට පළාත පුරා පැතිර යන බැවිනි.
ඔබ තොප්පිගලට පැමිණෙන්නේ නම් මේ සියල්ල විඳ දරා ගත යුතුය. තොප්පිගල තරණය පහසු ද නැත. එහෙත් ඔබට අපූර්ව වූ අද්දැකීමක් ලබා දෙන බව නම් පැහැදිලිය. වනාත්තරය පුරා දිය කඩිති හා කුඩා විල් රැසකි. එය සොබා සෞන්දර්යයට සේම ජෛව විවිධත්වයටත් රුකුලක් ගෙන දෙන්නේය. විවිධ පක්ෂීන් හා වන සතුන් ද මෙහි ගහනය.
දැන් අප සිටිනුයේ තොප්පිගල කන්ද පාමුලය. කන්ද තරණය දැන් ඇරැඹිය යුතුය. කඳු මුදුන බැලූ කළ සිතට බියක් ද, ත්‍රාසයක් ද නැඟෙයි. එහෙත් කඳු නැඟීමේ දී කන්ද දෙස නොව පා පාමුල පෙදෙසට අවධානය යොමු කිරීම වටින්නේ යැයි සිතෙයි. මහන්සියත්, විඩාවත් තදින්ම දැනෙයි. ඩා බිඳු රූරා වැටෙයි. ගස් සෙවණක මදක් විවේක ගතිමු. එතැනට දිස් වෙන පහළ ප්‍රදේශය මනස්කාන්තය. අපූරු දසුන්ය. මේ සෞන්දර්යය විසින් ගතේ වෙහෙස පසෙක තබා සිතේ දිරිය වඩවා දෙයි. යළිඳු කඳු තරණය ඇරැඹීමු. ඉහළට යන්න යන්න මාවත පටු ස්වභාවයක් ගනී. එය කොතරම් පටු දැයි යතොත් එකවර දෙදෙනෙකුට ගමන් කළ නොහැකිය. මෑත කාලීනව ආරක්ෂක අංශ විසින් කන්ද තරණය පහසු කරනු වස්, යකඩ කම්බි වැටක් නිමවා ඇත. එය ඉතා ප්‍රවේසමෙන් අල්වා ගතිමි. පහළ බැලීම භයානකය. ආරක්ෂාවට ඇත්තේ සිතේ දිරිය පමණි. ඉතා ප්‍රවේසමෙන් පයින් පය ඉහළට එසවීම්.
දෙපස වැට තදින් අල්වා ගතිමි. එක් වරම ඉහළට අඩිය තැබීම අතිශයින් බිය දනවන්නකි. කළ යුත්තේ හිඳ ගැනීමය. දෑස පියා ගැනීමට ද සිතට බියකි. සෙස්සන්ට උදව් කළ හැකි සීමාවක් ඇත.
අවට ඇති මහා විස්මිත සෞන්දර්යය විසින් සිතට ලබාදෙන ධෛර්යය මා ඉහළටම එසවීය. මා දැන් සිටිනුයේ තොප්පිගල කඳු මස්තකයේ ය. එතැන අක්කර කාලක පමණ භූමි භාගයක් පිහිටයි. ගැඹුරු ප්‍රපාතය අතිශයින් භායානකය. මේ ගල් කන්දේ හැඩය ශ්‍රී ලංකාවේ වෙනත් තැනක දැක ගත නොහැකිය. එකවර ශීඝ්‍ර නැග්මත්, පැත්තකින් ඇලවීමත් තොප්පිගල කන්දේ කැපී පෙනෙන ලක්ෂණයයි. කුඩා බුද්ධ මන්දිරය කඳු මස්තකයට ශාන්තිය ගෙනදෙයි. තොප්පිගල කඳු මුදුනේ ඉපැරැණි චෛත්‍යයක් තිබූ බවට පැහැදිලි සාක්ෂි දිස් වේ. හාත්පස ඉතා කුඩාවට පෙනේ. දර්ශන පථයට නතු වන ගෝලාකාර ඉසව්ව ඈතට යන විට ආකාසය හා එක් වෙයි. හාත්පස සිසාරා ගලා එන සුළඟ තදබල වැඩි යැයි විටෙක සිතෙයි. සුළං බලයෙන් විදුලිය නිපදවන්නට ද කදිමය. කඳු මස්තකයට මිනිසෙකුට හා පක්ෂියෙකුට කුඩා සත්ත්වයෙකුට හා උරගයෙකුට හැර වෙනත් කිසිවෙකුට ළඟා විය නොහැක. හෝරා කිහිපයක් මෙහි බැඳුණු මහා සෞන්දර්යය හා වෙලුණෙමි.
ආපසු කන්ද බැස යාම ත්‍රාසය දනවයි. ගත හිරිගඩු පිපෙයි. එහෙත් ආ සේම යා යුතුය. ඇත්තේ සිතේ දිරිය පමණකි. මා පල්ලම් බැසීම ඇරැඹුයේ සියලු දෙවියන් වැඳ නමස්කාරයෙනි. අසීරුම මාවත පසු කළ පසු සියලු බිය ත්‍රාසය පහව යන්නට විය. මා දැන් සිටිනුයේ තොප්පිගල කඳු පාමුලයි. ගතේ විඩාව පරයා සිතට ලබා දුන් සිතුවිලි ගොන්න ද, අද්දැකීම් ගොන්න ද මේ යැයි පැවසීමට වඩා ඔබත් එය ලබා ගත යුතු යැයි හැඟීමි. කඳු පාමුල අතිශයින් අවිහිංසක දිළිඳු ජනතාව ජීවත් වෙති. ඔවුහු නියඟයෙන් ද, ගංවතුරෙන් ද බැට කති.
එහෙත් ජීවත් වෙති. තොප්පිගල මහ වනයට නිරිත දිග මෝසමෙන් වැහි ලැබේ. මධ්‍යම කඳුකරය නැඟී සිටින බැවින් නැඟෙනහිර දෙසට ගමන් කරන්නේ ජල වාෂ්පවලින් තොර හිස් සුළඟකි. ඊසාන දිග මෝසමෙන් ද නැඟෙකහිරට වැස්සක් නොලැබේ. ඒ අනුව අවුරුද්ද මුළුල්ලේම පාහේ වියළි දේශගුණික තත්ත්වයක් මෙහි දක්නට ලැබෙයි.
තොප්පිගල අවට කටාරම් ගල් ලෙන් විසි ගණනක් පැතිර තිබේ. මෙවැනි සාධකයන්ගෙන් තහවුරු වන්නේ ආරාම සංකීර්ණයක් පැවැති පුද බිමක් නොවන්නේ ද? විදේශාධිපත්වයට පෙර මුළු නැඟෙනහිරම සශි‍්‍රක කලාපයකි. ධීවර කර්මාන්තය හා අහස් දිය ලබා කරන ගොවිතැනින් සාර්ථක ඵල ලැබූ යුගයක් විය. කාලයාගේ ඇවෑමෙන් දෙමළ බෙදුම්වාදීන්ගේ පුහුණු මධ්‍යස්ථානයක් වූ තොප්පිගල යළිඳු නිදහස් භූමියක්ව ඇත.
අද තොප්පිගල සශ්‍රීකතාවත්, සෞන්දර්යයත් ලියැලෙමින් පවතින භූමියක් වෙයි. එබැවින් සංචාරයට කැමති ඔබටත් තොප්පිගල විඳ ගැනීමට දැන් අවසර ඇත.
මායිම - බටහිරින් මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් ද, දකුණු දෙසින් ඔටුනුගල රක්ෂිතයෙන් ද මායිම් වෙයි.
ගමන් මාර්ගය - මඩකලපුවේ සිට වාලච්චේන දක්වා යන විට “කිරාන්” හන්දිය හමු වේ. කිරාන් හන්දියෙන් වමට හැරී කිලෝමීටර් 20ක් පමණ ගිය පසු තොප්පිගලට ළඟා විය හැකියි.
විශේෂත්වය - වර්ග කිලෝමීටර් 350කින් යුතු ස්වභාවික රක්ෂිතයකි. මුහුදු මට්ටමේ සිට අඩි 1753කින් උසින් යුක්තය.
ආදිපාද හිස් වැස්ම
සොයා ගිය ගමනක්
නැඟීමට හා බැසීමට ඉතා අසීරු ගල් පර්වත හමු වූයෙන් මිනින්දෝරුවෝ හතර ගාතයෙන් ඉතා අසීරුව ඒවා තරණය කළෝය. අදාළ උපකරණ ඔසවාගත් කම්කරුවෝ ද දහඩිය මුගුරු හෙළමින් ඉතා ආයාසයෙන් ගමන් කළෝය.”
- ආර්.එල්.බ්‍රෝහියර් -
වර්ෂ 1900 ගණන්වල මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ රාජකාරි කටයුතු කළ භූගෝල විද්‍යාඥයෙකු වූ ආර්.එල්. බ්‍රෝහියර් මහතා ප්‍රදේශයේ මිනුම් කටයුත්තකට තොප්පිගලට ගිය සංචාරයේ දී ලැබූ අද්දැකීම් එලෙසින් සටහන් කළේය. පසුගිය කාලච්ඡේදයේ දී බොහෝ දෙනාගේ බොහෝ කතාබහට විශේෂ මාතෘකාවක් සැපැයූ තොප්පිගල සොයා දැන් අපි ගමන් අරඹමු. ද්‍රවිඩ ජාතිකයෝ මෙය කුඩුම්බි මලේ වශයෙන් හඳුන්වති. මුස්ලිම්වරු තොප්පිගල වශයෙනුත්, සිංහලයෝ ආදිපාද හිස්වැස්ම ලෙසටත් තොප්පිගල හඳුන්වති.ත්‍රස්ත බියෙන් වෙව්ලුම් කෑ භූමියත්, තොප්පියක් වැනි ගලත් රිසි සේ දැක බලා ගැන්ම අප කාගේත් ඒකායන අදිෂ්ඨානයයි. ඡායාරූපවලින් දැක තිබූ තොප්පිගල මහා බල සම්පන්න එකක් වන්නට ඇත. මින් පෙර කිසිදා නොදුටු තොප්පිගල පිළිබඳ දහසක් සිතුවිලි සිතේ පොර කද්දී තොප්පිගල බලා ගමන් ඇරැඹීමු.
තොප්පිගල ගල්කන්ද “මොනඩ්නොක්ස්” නම් භූ ලක්ෂණය පෙන්නුම් කරයි. පිහිටි පොළොවේ සිට අඩි සිය ගණනක් උඩට පර්වතයක් මතු වී තිබීම මෙහි විශේෂ ලක්ෂණයයි. මෙවන් ක්‍රියාවලියක් සිදුවන්නේ වසර දස කෝටි ගණනක් ගෙවීමේ දී සිදු වූ පාංශු ඛාදන ක්‍රියාවලියක් හේතුවෙනි. “මොනඩ්නොක්ස්” යනුවෙන් භූ විද්‍යාත්මකව හඳුන්වන්නේ ඉහළට නෙරා ගිය උස පර්වතය යන අදහසිනි. සීගිරියේත්, බතලේගල කන්දේත් පෙන්නුම් කරන්නේ බයිබල් රොක් මොනඩ් නොක්ස් ලක්ෂණයි.
තොප්පිගල ලෙසින් මේ ප්‍රදේශය නම්වත් වන්නට හේතු වී ඇත්තේ බැරන්ස් නම් විජාතිකයෙකි. ඔහු මේ ගල් කන්ද දැක එය තමාගේ තොප්පිය වැනි යැයි සලකා ඕචපධද’ඵ ඛ්චන වශයෙන් හඳුන්වා ඇත.
තොප්පිගල යන නාමයෙහි මූලිකාරම්භය මෙය වන්නට ඇතැයි අපට අනුමාන කළ හැකියි. සියලු පසුබිම් සාධනයන් එසේ වෙද්දී වියළි කලාපීය වනාන්තර හා පතන බිම් ලක්ෂණ පෙන්නුම් කෙරෙන භූමි භාගයන් පසු කරන්නෙමු. රජයේ කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළවල් දකින විට සිත ප්‍රමෝදයෙන් මෝදු වෙයි. නිදැල්ලේ තෘණ උලා කන ගව රංචු එමටය. කාලය විසින් සියල්ල හිමිකර දෙමින් සහජීවනය පැතිර යමින් තිබේ. කුඩා කුඩා කටු පඳුරු එමටය. එහෙත් තැනිතලා බිම මූකලාන විසින් වසා ගත්ත ද, හරිත පැහැයෙන් ඔප මට්ටම්ව ඇත.
යුදයේ බිහිසුණු මතකයන් මෙහි වැලි කැටයක් ගානේ පැතිර තිබෙන්නට ඇත. බොහෝ බියකරු දසුන් සිදු වූ බවට මේ භූමියේ පිහිටියා වූ ගස් ගල් සාක්ෂි දරනු ඇත. එය මෑත කාලීනව පමණක් නොව ඉතා දිගු ඉතිහාසයකට පවා දිව යන කාරණාවකි. මන්ද යත් පෙර රජ දවස ද මෙය ආරක්ෂිත ස්ථානයක් ලෙසට භාවිත වන්නට ඇත.
තොප්පිගල කන්දට ළඟාවීමට ඇති මහත් දුෂ්කරතාවත්, උපක්‍රම වශයෙන් ස්වභාවිකව පැන නැඟී ඇති ආරක්ෂා සහිත තත්ත්වයත් මෙයට හේතු වන්නට ඇත. තොප්පිගල දෙසට ගමන් ගන්නා මාවතේ අපි කිරාන් පාලම පසු කළෙමු. පුලිපංචිකල්, ගල් වංගුව, තාරාවිකුලම් හා අලි ඔළුව හන්දිය ද පසු කළෙමු. මේ පසු කළ ස්ථානයන්හි නම් මෙහි ස්වභාවික පිහිටීම හා විවිධ සංසිද්ධි උපයෝගී කොටගෙන මෑත කාලීනව නම් වත් වූ ඒවා බවට සැක නැත. මාවතේ දෙපස විශාල සරුසාර වගා භූමිය. සාර්ථක වී වගා භූමි එක යායට දිස් වෙයි. නිල්ල පිරුණු භූමියේ සෞන්දර්යයෙන් මා උමතු කරවයි. සඳ පහන් රැයක කුඩා සතුන් හා ගස් වැල්හි මිමිණුම කොතරම් මිහිරි වන්නට ඇද්ද?
තොප්පිගල පිහිටි ආරක්ෂක සේනා මූලාස්ථානයට දැන් අප සේන්දු වූයෙමු. හාත්පසම නිහඬය. එහෙත් ක්‍රමවත්ය. ත්‍රස්ත ග්‍රහණයෙන් දේශය මුදා ගැනීමට කටයුතු කළ රණ විරු දරුවෝ සිහිපත් කරනු වස් විවිධ තලයේ ආකෘති තනා ඇත. සංකේතාර්ථ ද දක්නට ලැබෙයි.
සංචාරයක් උදෙසා තොප්පිගලට පැමිණෙන ඔබ වෙනුවෙන් සියලු නවාතැන් පහසුකම් මෙහි ඇත. කලින් වෙන් කරවා ගෙන ඔබේ සංචාරයන් මෙන්ම අධ්‍යයනයන් ද සිදු කළ හැකියි. මෑත කාලීන යුද ක්‍රියාදාමයට සම්බන්ධ නෂ්ටාවශේෂයන් ඒකරාශී කොට හා වටිනා ඡායාරූපයන් එකතුකොට තැනූ කෞතුකාගාරයක් ද ඔබට නැරැඹිය හැකියි. තොප්පිගලට තවත් කිලෝමීටර් 04ක් පමණ දුරක් යා යුතුය. අව් රශ්මිය ද තදින් දැනේ. උෂ්ණත්වය ඉහළ ගොස් ඇත්තේ පර්වතයට පතිතවන හිරු කිරණ පරාවර්තනය වීමෙන් අවට පළාත පුරා පැතිර යන බැවිනි.
ඔබ තොප්පිගලට පැමිණෙන්නේ නම් මේ සියල්ල විඳ දරා ගත යුතුය. තොප්පිගල තරණය පහසු ද නැත. එහෙත් ඔබට අපූර්ව වූ අද්දැකීමක් ලබා දෙන බව නම් පැහැදිලිය. වනාත්තරය පුරා දිය කඩිති හා කුඩා විල් රැසකි. එය සොබා සෞන්දර්යයට සේම ජෛව විවිධත්වයටත් රුකුලක් ගෙන දෙන්නේය. විවිධ පක්ෂීන් හා වන සතුන් ද මෙහි ගහනය.
දැන් අප සිටිනුයේ තොප්පිගල කන්ද පාමුලය. කන්ද තරණය දැන් ඇරැඹිය යුතුය. කඳු මුදුන බැලූ කළ සිතට බියක් ද, ත්‍රාසයක් ද නැඟෙයි. එහෙත් කඳු නැඟීමේ දී කන්ද දෙස නොව පා පාමුල පෙදෙසට අවධානය යොමු කිරීම වටින්නේ යැයි සිතෙයි. මහන්සියත්, විඩාවත් තදින්ම දැනෙයි. ඩා බිඳු රූරා වැටෙයි. ගස් සෙවණක මදක් විවේක ගතිමු. එතැනට දිස් වෙන පහළ ප්‍රදේශය මනස්කාන්තය. අපූරු දසුන්ය. මේ සෞන්දර්යය විසින් ගතේ වෙහෙස පසෙක තබා සිතේ දිරිය වඩවා දෙයි. යළිඳු කඳු තරණය ඇරැඹීමු. ඉහළට යන්න යන්න මාවත පටු ස්වභාවයක් ගනී. එය කොතරම් පටු දැයි යතොත් එකවර දෙදෙනෙකුට ගමන් කළ නොහැකිය. මෑත කාලීනව ආරක්ෂක අංශ විසින් කන්ද තරණය පහසු කරනු වස්, යකඩ කම්බි වැටක් නිමවා ඇත. එය ඉතා ප්‍රවේසමෙන් අල්වා ගතිමි. පහළ බැලීම භයානකය. ආරක්ෂාවට ඇත්තේ සිතේ දිරිය පමණි. ඉතා ප්‍රවේසමෙන් පයින් පය ඉහළට එසවීම්.
දෙපස වැට තදින් අල්වා ගතිමි. එක් වරම ඉහළට අඩිය තැබීම අතිශයින් බිය දනවන්නකි. කළ යුත්තේ හිඳ ගැනීමය. දෑස පියා ගැනීමට ද සිතට බියකි. සෙස්සන්ට උදව් කළ හැකි සීමාවක් ඇත.
අවට ඇති මහා විස්මිත සෞන්දර්යය විසින් සිතට ලබාදෙන ධෛර්යය මා ඉහළටම එසවීය. මා දැන් සිටිනුයේ තොප්පිගල කඳු මස්තකයේ ය. එතැන අක්කර කාලක පමණ භූමි භාගයක් පිහිටයි. ගැඹුරු ප්‍රපාතය අතිශයින් භායානකය. මේ ගල් කන්දේ හැඩය ශ්‍රී ලංකාවේ වෙනත් තැනක දැක ගත නොහැකිය. එකවර ශීඝ්‍ර නැග්මත්, පැත්තකින් ඇලවීමත් තොප්පිගල කන්දේ කැපී පෙනෙන ලක්ෂණයයි. කුඩා බුද්ධ මන්දිරය කඳු මස්තකයට ශාන්තිය ගෙනදෙයි. තොප්පිගල කඳු මුදුනේ ඉපැරැණි චෛත්‍යයක් තිබූ බවට පැහැදිලි සාක්ෂි දිස් වේ. හාත්පස ඉතා කුඩාවට පෙනේ. දර්ශන පථයට නතු වන ගෝලාකාර ඉසව්ව ඈතට යන විට ආකාසය හා එක් වෙයි. හාත්පස සිසාරා ගලා එන සුළඟ තදබල වැඩි යැයි විටෙක සිතෙයි. සුළං බලයෙන් විදුලිය නිපදවන්නට ද කදිමය. කඳු මස්තකයට මිනිසෙකුට හා පක්ෂියෙකුට කුඩා සත්ත්වයෙකුට හා උරගයෙකුට හැර වෙනත් කිසිවෙකුට ළඟා විය නොහැක. හෝරා කිහිපයක් මෙහි බැඳුණු මහා සෞන්දර්යය හා වෙලුණෙමි.
ආපසු කන්ද බැස යාම ත්‍රාසය දනවයි. ගත හිරිගඩු පිපෙයි. එහෙත් ආ සේම යා යුතුය. ඇත්තේ සිතේ දිරිය පමණකි. මා පල්ලම් බැසීම ඇරැඹුයේ සියලු දෙවියන් වැඳ නමස්කාරයෙනි. අසීරුම මාවත පසු කළ පසු සියලු බිය ත්‍රාසය පහව යන්නට විය. මා දැන් සිටිනුයේ තොප්පිගල කඳු පාමුලයි. ගතේ විඩාව පරයා සිතට ලබා දුන් සිතුවිලි ගොන්න ද, අද්දැකීම් ගොන්න ද මේ යැයි පැවසීමට වඩා ඔබත් එය ලබා ගත යුතු යැයි හැඟීමි. කඳු පාමුල අතිශයින් අවිහිංසක දිළිඳු ජනතාව ජීවත් වෙති. ඔවුහු නියඟයෙන් ද, ගංවතුරෙන් ද බැට කති.
එහෙත් ජීවත් වෙති. තොප්පිගල මහ වනයට නිරිත දිග මෝසමෙන් වැහි ලැබේ. මධ්‍යම කඳුකරය නැඟී සිටින බැවින් නැඟෙනහිර දෙසට ගමන් කරන්නේ ජල වාෂ්පවලින් තොර හිස් සුළඟකි. ඊසාන දිග මෝසමෙන් ද නැඟෙකහිරට වැස්සක් නොලැබේ. ඒ අනුව අවුරුද්ද මුළුල්ලේම පාහේ වියළි දේශගුණික තත්ත්වයක් මෙහි දක්නට ලැබෙයි.
තොප්පිගල අවට කටාරම් ගල් ලෙන් විසි ගණනක් පැතිර තිබේ. මෙවැනි සාධකයන්ගෙන් තහවුරු වන්නේ ආරාම සංකීර්ණයක් පැවැති පුද බිමක් නොවන්නේ ද? විදේශාධිපත්වයට පෙර මුළු නැඟෙනහිරම සශි‍්‍රක කලාපයකි. ධීවර කර්මාන්තය හා අහස් දිය ලබා කරන ගොවිතැනින් සාර්ථක ඵල ලැබූ යුගයක් විය. කාලයාගේ ඇවෑමෙන් දෙමළ බෙදුම්වාදීන්ගේ පුහුණු මධ්‍යස්ථානයක් වූ තොප්පිගල යළිඳු නිදහස් භූමියක්ව ඇත.
අද තොප්පිගල සශ්‍රීකතාවත්, සෞන්දර්යයත් ලියැලෙමින් පවතින භූමියක් වෙයි. එබැවින් සංචාරයට කැමති ඔබටත් තොප්පිගල විඳ ගැනීමට දැන් අවසර ඇත.
ශ්‍යාමා සමරසිංහ
ඡායාරූප - නිශ්ශංක විජේරත්න
මිහිතුරු අතිරේකයට ලියන ලද ලිපියකි
සිගිරිය වගේ හැඩයකුත් පේනවානේ.?
ReplyDeleteඔව් ඒ වගේත් පේනවා තමා නේද
DeleteThanks ශ්‍යාමා ,නිශ්ශංක & නලින්....!!!
ReplyDeleteලංකාවට ආ වෙලාවක ගහින් එන්න කෙන්ජයියා
DeleteOK නලිය.......මම ගිය තැනක්....
Deleteමේක අමු කැලයක් නලින් අයියා.. රනිල් මාත්තියා යන්න එපාකිව්වා.. සත්තු ඉන්නව කියල ...
ReplyDeleteදැන් සත්තු එලෝලා තියෙන්නේ....
ReplyDeleteයේම සත්තු එලවන එක හරි නෑ නේද අයියා :D
Deleteකකුල් දෙකේ සත්තු තමා යේම එළෙව්වා මාතියා
Delete//රජයේ කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළවල් දකින විට සිත ප්‍රමෝදයෙන් මෝදු වෙයි//
ReplyDeleteහී හී
කවදාක යන්න හැකිවෙයි කියා හිතන්නවත් පුළුවන් විදියක තිබුණු තැනක්ද මේ
Deleteනියම ලිපියක් අයියේ...පලකලාට ස්තූතියි :)
ReplyDeleteමං ශ්‍යාමට කියන්නං ස්තුති කළා කියලා.
Deleteනියමයි. හොඳ විස්තරයක්. ස්තුතියි.
ReplyDeleteස්තුතියි සහෝ
Deleteතොප්පි ගල අල්ලගතත් කාලේම මම එහේ ගියා.. එතකොට මෙහෙම දේවල් තිබුනේ නම් නෑ.. අපි උඩට නැග්ගෙත් නෑ..
ReplyDeleteඅපිටනම් ආරංචි උඩ නැගපු ගමන්මයි කියලා ... :D
Deleteනැගලා බහිනවා ඉවාන්...... දැන් ලස්සනට සංචාරකයන් වෙනුවෙන් හදල තියෙන්නේ මාතලන්
Deleteතොප්පි ගල කියන්නෙ විශාල වනයක්....අන්න එහෙමයි ආර් අනිල් ඒ කාලෙ කිව්වෙ....
ReplyDeleteහහා මම ඕක හිතෙන් කිය කිය ආවෙ පහලින් කොටල යන්නෝන කියලා. සිරා අයියා වාක්‍ය පලකරලා ගිහින්නෙ.
Delete:D
විපක්ස නායක තුමාට අපහාස කොරන්ඩ එපා මෙයාලා.සිරා මට ඔබේ බ්ලොගට යන්න බෑ...
Deleteතොප්පිගල තිබුණු ස්වභාවික සෞන්දර්යය විනාශ කරල කෘතීම දේ කන්දේ හදල තියෙන එක සාධාරණීකරණය කරන්නෙ කොහොමද,තිබුන ආකාරයටම තියෙන්න ඇරියනං කොච්චර ලස්සනද.
ReplyDeleteකන්ද උඩ ඉදිකිරීම් කොට නෑ... කදවුරු පරිශ්‍රෙය් තමයි ඉදිකිරීම් තියෙන්නේ...
Deleteමචන්ස්ලා......ඔය තොප්පිගල බේර ගත්ත කතන්දරේට වඩා.. පහලට කෙලවෙන කොට උඩ රැකෙයිද නලීන්?? වරදවා වටහා ගන්න එපා...එතනින් එහා ජෛව විවිධත්වයට එක ලෙසින්ම හානි වෙන වැඩ කරපු තැන් පසුගිය කාලේ වෙලාම නැද්ද? ඒවා කෙරුවේ අපිද උඹලාද? මේ ලියන කාට වුනත් ඒ හානි ගැන ලියන්න ඇස් තිබුනේ නැද්ද? එහෙම ලියපු එවුන් ජාති ද්‍රෝහීද? එහෙම නැත්නම් ජාත්‍යන්තර කුමන්ත්‍රන කාරී බලවේගද?
Deleteමේ ලිව්වේ දේශපාලාන බබා හුකුම් චේතනාවෙන් නොවේ. අහන්න දකින්න ලැබෙන පරිසර වේදීන්ගේ අඳෝනා දැකලා කියවලා. සත්තුවත්තට වග කියන්න කෙනෙක් නැති රටේ ..අපි තව මොනවා කියන්නද?
මචං මේකේ මාතෘකාව හදපං Do you like to visit Thoppigala කියලා හරි Would you like to visit Thoppigala කියලා හරි.
ReplyDeleteNow you can visit Thoppigala කිව්වත් හරි
දේයර් ඊස් තොප්පිගල . කියන්න බැරිද බන්. . .
Deleteඔන්න හෙඩිම වෙනස් කළා ඩූඩ් ස්තුතියි.....
Deleteයන්න තියෙනවනම් මරු...නලින් අයියා ..යමුද සෙට් වෙලා....
ReplyDeleteකදිම අදහස මොකද කියන්නේ සෙට් කරන්න බලන්න... මාත් එනවා..
Deleteදේයර්‍ර් ර්‍ර් තොප්පි ගල. . බියුටිපුල් ගලස්.
ReplyDeleteද කමෙන්ට් ඊස් එලස්. :D
Deleteපට්ට පට පටාස්... මගියා..
Deleteබ්ලා පට්ට ලස්සනනෙ මෙයා... තැන්ක්ස් නලිං අය්යා මේ වගේ ලිපියක් පල කලාට
ReplyDeleteවෙලාවක යන්න ට්‍රිප් එකක් මේ පැත්තෙත්
Deleteතොප්පියක් වගේ ම තමයි. ස්තුතියි..ගියා වගේ තමා ලිපිය කියෙවුවාම
ReplyDeleteබින්දිලගේ රටේ නම් මේවගේ තැන් තියනවා නේද ඕන තරම්..
Deleteපට්ට ගති නේද?? යන්න ඕන ඒ පැත්තෙ...
ReplyDeleteනැතුව සුන්දරම තැනක් තමා..
Deleteයන්න වටින තැනක්.
ReplyDeleteඔව් සාමාන්‍යෙයන් මෙතෙක් නොගිය තැනක් නේ
Deleteඑතකොට කෝ කැලේ ...?
ReplyDeleteඇයි දැක්කේ නැද්ද? මට මතක නෑ ඕයි............
Deleteපින්තුර ටික බොහොම වටිනවා. මම දැක්කේ සීගිරිය වගේ
ReplyDeleteඔව් සයුරි මේ දින කිපයකට කලින් ගත් පින්තුර සෙට් එකක්
Deleteඒ කාලෙ නම් මේවගෙ යනව කියන එක හීනයක් තමයි.මේ ප්‍රදේශ නිදහස් කරගත්ත එකත් එක අතකට වීර කාව්‍යයක් වගෙ තමයි.කොහොමටත් මේ ප්‍රදේශ අද මෙහෙම වුනාට ඉස්සර හරිම සශ්‍රීකයි.අද ඒ තරමට කියවෙන්නේ නැති මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල වගෙ ප්‍රදේශ එදා මහා නගරලු.ඉතින් මොනරාගල,හම්බන්තොට,අම්පාර,මඩකලපුව, වගෙ ප්‍රදේශ වල මහා සමෘද්ධියක් ඒ කාලෙ තිබිල තිබෙනව.ලොකුවට ඉතිහාස පොත්වල නොකියවුනාට ඒ සමෘද්ධිය තමයි රටේ පැවැත්මට හේතුවෙලා තිබෙන්නෙ
ReplyDeleteනැගෙනහිර කියන්නෙ රටේ ඉතාම වැදගත් පළාතක්.නැගෙනහිර රැකගන්නව කියන්නෙ රට රැකගන්නව කියන එක.පුරාණ රුහුණු රට ශක්තිමත් වීම තුල සතුරු ආක්‍රමනිකයන් පළවාහරින්න සමත් වුනා.ලංකාවෙ සිතියමක් ගත්තාම සතුරු ආක්‍රමන වලට මර්මස්තානයක් ලෙස තිබෙන්නෙ නැගෙනහිරයි.රක්ශිතයන්,විශාල මුහුදු තීරය,ස්වාභාවික වරායන් ඇතුළු මහගු සම්පත් නිසා මේ පළාත් විශේෂයි.
දැන් මේ පළාත්වල ඇතිවෙන සංවර්ධනය තුලින් සුරක්ෂිතභාවය ඇතිවේවි කියා හිතෙනවා.
ඒ පැතිවල දැන් සැබෑ සංවර්ධනයක් සිදුවනවා යකා ස්තුතියි
Deleteයකෝ.....සංවර්ධනය තුලින් සුරක්ශිතතාවය උඹ විග්‍රහ කරන ආකාරය තව ටිකක් පැහැදිලි කරපන්. කාගේ සුරක්ෂිතතාවයද කියලා පැහැදිලි මදි.
Deleteගිහින්ම බලන්න වටින තැනක්...බලමු දවසක යන්න..
ReplyDeleteජීවිතේ දිනකට හෝ යා යුතු තැනක්
Deleteඅපිත් ඉතින් පුළු පුළුවන් වෙලාවට විශේෂයෙන් රෑට එහෙම තොප්පි ගලට ගෙනියනවා
ReplyDeleteගලේ වෙල පැත්තේ ගිය කාලයක් මතක නෑ රාලේ
Deleteහම්මේ,සිරාවටම යන්නනම් ආසා හිතුනා ආ.. එල එකක්
ReplyDelete