සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


සයිබරය හේතුවෙන් වූ මරණ ගැන මේ දිනවල කතා බොහොමයකි. ඒ ගැන සයිබරයේ ලියැවුණු ලිපි ගණන ද බොහෝ ය. 

මේ කතා හරහා මුහුණු පොත තහනම් කළ යුතු යැයි ඇමැතිවරුන්ම කීප දෙනෙක් මේ වන විට තර්ක කරති. පුදුමය නම් ඒ අයට ද පුද්ගලික මුහුණු පොත් ගිණුමක් තිබීම යි. ඒ ලිපි ගොන්න අතර මා සිත් ගත් ලිපි දෙකකි රාජ් ලියු ලිපිය හා චාමි ගේ ලිපිය.

ඒ සයිබර් කතා ය.

සේයාරුව ගූගල් වෙතිනි

ඒ බොහෝ ලිපිවලින් දුටු දෙයකි නූතන ලංකාවේ ජනමාධ්‍යයේ භූමිකාව දැඩි විවේචනයට ලක්ව ඇති ආකාරය. එය ජඩමාධ්‍යයක් ලෙස ඒ හැම ලිපියකින්ම පාහේ අර්ථ දක්වා තිබිණි. මම ද මුද්‍රිත මාධ්‍යයට සම්බන්ධ වුවෙක්මි. එසේ වුව ජඩමාධ්‍ය යන උපහැරණයෙන් මට ද මිදිය නොහැකි තත්ත්වයකි පවතින්නේ. කතාව ලුහු කොට තැකිය නොහැකි ය. 

දැන් අපේ කතා බහ ට යමු. 

සයිබර් තහනම නොව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් සිය දිවි නසාගන්නා සිදුවීම් රස කොට ප්‍රචලිත කිරීමයි වරද. මේ වරද නිවැරැදි කරන්නට වෛද්‍යවරු බොහෝ කලක සිට වෙහෙසෙති. එහෙත් එය මොක්කුන් ද අලින්ට වීණා වැයීමක් ම ව පවතී. මෙවන් පුවත් අලෙවියෙන් වන්නේ මහත් ව්‍යසනයකි. කවුරුත් රස කර කියෙව්වාට ඉන් වන සමාජ හානිය අති මහත් ය. තත්ත්තවය එසේ වුව දැන දැන මේ වරද මාධ්‍යකරුවන් කරන්නේ ඇයි. 

හේතුව එය නීතියක් නොව රීතියක් ව පැවැතීම යි. නීතියක් නැතිව රීතියක් සුරකින්නට ලාංකීය සමාජය අකමැති ය. එය නොදියුණු කම මිස අන් කුමක් ද?

මෙතැන දී පාඨක රුචිය මාධ්‍ය කරුවන් මෙවලමට ගන්නා අත කොළුව ව පවති යි. මුදලාලිලාගේ ඉල්ලුමට මාධ්‍ය කරුවා කරන්නේ සැපයුම යි. නො එසේ නම් පසු දිනට ඔහු ප්‍රශ්න පත්තරයකට උත්තර බැඳය යුතු ය. එය ද සත්‍යයකි. 

මොනතරම් වැදගත් වූ සයිබර් සටහනකටත් වඩා පාඨකයන් ග්‍රහණය කරගන්නේ හර සුන් දෑය, දෑස පිනවන සටහන් ය, සේයා රූ ය. 
ඒ ගැන අමුතුවෙන් ඔබට පෙන්වා දීමට අවැසි නැත. ඔබේම හරවත් සටහනක් හා හරසුන් කුණු රසයෙන් යුතු සටහනක් කියවන්නට නරඹන්නට එන පිරිසේ ප්‍රමාණයන් ඔබ ම එය මේ වන විටත් ඹබ දන්නවා ඇත.

ඉතින් අපට බැරිද සයිබරයේ සරන්නවුන් ලෙස, සිය දිවි නසාගන්න ගේ පුවත්වලට ඉඩකඩ වෙන් නොකරන්න යැයි හඩක් නගන්නට. අදාළ බලධාරින් ගේ දැස් විවර කරවන්න ට. මට හිතෙන හැටියට මෙය අපට කළ හැකි දෙයකි. අවශ්‍ය එකමුතුවයි, එකග තාවයි පමණයි.

මොනවද අපට කළ හැක්කේ

1. අප මෙහෙයවන හැම අඩවියකින් ඒ ගැන හඩක් නැගීම
2.සියලු දෙනාම එක්ව අදාළ බලධාරීන්ට මේ ගැන දැනුම් දීම
3. මේ සම්බන්ධයෙන් සම්මන්ත්‍රණයක් සූදානම් කිරීම
4. මෙයට විරුද්ධ වෛද්‍ය සංගමය වැනි ආයතන හා එක්ව වැඩපිළිවෙළකට යාම
5. ජනමාධ්‍ය අමාත්‍යවරයා ලේකම්වරයා ඇතුළුව සමස්ත මාධ්‍ය මෙහෙයවන්නන් ඒකාරාශී කොට කතිකාවක් ගොඩනැගීම.
6.ලාංකීය මාධ්‍යෙයන් මෙවන් තොරතුරක් පළ කළහොත් එයට එරෙහිව දැවැන්ත විරෝධතාවක් සයිබරයෙන්ම එල්ල කිරීම

මේ කළ හැකි දෙයින් අල්පයකි.

මම ද මේ වරද දැක දැක අකමැත්තෙන් එය කරන්නෙකි. එහෙත් ඒ අවමයෙන් ම ය. ඒ ගැන නිදහසට කරුණු මෙතැන නොලියමි. මෙය සමාජ යහපතක් වන දෙයක් සේ හැ‍ෙග් නම් එක් වෙමු අප සැවොම. කතිකාවක් ගොඩනගමු. සයිබරයේ අපි ඔවුනට සැබෑ අභියෝගයක් වෙමු.



96 comments:

  1. කරන්ඩම ඕන වටිනාකියන ලොකු වැඩක් ,

    ''අපි වෙනුවෙන් අපි''

    ReplyDelete
    Replies
    1. අපේ පිරිස වැඩි වුණොත් සෑහෙන බලපෑමක් කරන්න හැකියි.

      Delete
  2. මුද්‍රිත මාධ්‍ය කරුවෙක්ම මුද්‍රිත මාධ්‍යකරුවන්ට අභියෝගයක් එල්ල කරන්න හදනවා... :D
    අවුලක් නෑ නලින් අයියෙ අපිත් ෆුල් සපෝට් එක දෙනවා :)

    ReplyDelete
    Replies
    1. මෙය මට තනිව කළ හැකි දෙයක් නොවේ. සයිබරයේ අපි එකතුවුණොත් පළමු වෙඩිමුරය පත්තු කරන්න හැකියි.

      Delete
    2. නලීන් අයියාගේ උත්සහය අගය කළයුතුයි. අපිත් ඔබ සමග ඉන්නවා. මෙතන මුද්‍රිත මාධ්‍ය උනත් වරදක් කරනවනම් ඒකට ඒ තුලින්ම විරෝධයක් මතුවීමේ කිසි වට්‍රදකුත් නෑ කියලයි මටනම් හිතෙන්නේ. නලීන් අයියාට ගොඩක් ස්තුතියි මේ යෝජනාව ගෙනාවාට.

      Delete
  3. මේ ගැන කොමෙන්ටුවක් (ටිකක් විතර දිග කොමෙන්ටුවක්) දාන්න උත්සාහ කළත් වාර තුන හතරකදිම පේජ් එක රිෆ්‍රෙෂ් වෙනවා . ලියපු ඔක්කොම වතුරේ :) . නැවත ඇවිත් අදහස් දක්වන්නම් .

    ReplyDelete
    Replies
    1. දැන් ලෙඩේ හර නේද මහේෂ්... මෙතැන්ට ඔබේ යෝජනාත් හරිම වැදගත් මොකද ඔබත් වෛද්‍ය වෘත්තියට අදාළ තැනැත්තෙක් නිසා. ඒ වගේ අප මුලින්ම කළ යුතු දෑ යෝජනා කරන්න.

      Delete
  4. මටත් කොමන්ට් කරන්න බෑ.

    ReplyDelete
  5. ඔය ලෙඩේ මටත් ආව....

    ReplyDelete
    Replies
    1. ඔව් කෙන්ජයියේ දැන් කමෙන්ට් කරන එක විකාරයක් වෙලා ස්කොරල් කරලම එපා වෙනවා. මේකේ ලෙඩේ දැන් හරි වගේ පේන්නේ. බලන්න තවම තියනවනම් කියන්න.

      Delete
  6. ඇත්තටම මේ වගේ දෙයක් මේ රටේ සිදු විය යුතු මයි. නමුත් මීට බොහෝ කලකට කලින්.දැනටත් ප්‍රමාද වැඩියි කියලයි මම හිතන්නේ. එත් උත්සාහය අපතේ යන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. අප කළ යුතු මුල්ම දෙය ගැන සාකඡ්චා කරමු

      Delete
    2. අනිවාර්යයෙන්ම..මම ඉන්නවා...

      Delete
  7. කවුරු මොනවා කිව්වත් අපි කරලා බලමු. මොකෝ සමහර සයිබර් සයිට් වල යන්නෙත් වහෙන් ඔරෝ කුණුහරප කියලා traffic වැඩි කර ගන්න ඒවානේ.

    ReplyDelete
    Replies
    1. සයිබරයේ සැරිසරන සරසවි සිසුවෙකු ලෙස මෙය දකිමින් බලධාරින්ට යැවීමට ලිපියක් හදන්න කෝ මලයා. ඒ සේරම එකම ඩොක් එකකට දාලා අපි යවන්න හැකි හැම මේලයකටම යවමු.

      Delete
    2. අනිවාර්යෙන්ම.. මම සහයෝගය දෙන්නම්....

      Delete
  8. ඔය මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය බොහෝමයක් මුදලාලිලා විසින් පාලනය කරන ව්‍යාපාර මිසක් මහජනතාවට හරවත් යමක් දෙන ආයතන නෙවෙයි කියලා ඔයා මට වඩා සිය ගුණයක් හොඳින් දන්නවා ඇති. කුණු රසය දනවන, මිනිස්සුන්ගේ අවලම්, තිරිසන් හැඟීම් කුප්පා, එයින් සල්ලි හොයන, අර මුදලාලිලාට තමයි පන්තියක් පවත්වලා සදාචාරය උගන්නන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ වැඩේට හැකිනම් මනෝ වෛද්‍ය රුවන්වත් එක් කරගන්න බලන්න විචාරක තුමා. එය අපට ලොකුම සවියක් වේවි. හැකිනම් එතුමන්ට කියා අදාළ බලධාරීන්ට යවන්න ලිපියක් සකස්කරගන්න බලන්න. ඒ වගේම ඔබේ දායකත්වයත් හරිම වටිනවා.

      Delete
    2. මෙතන අර මුලින්ම වෙච්ච කුරුණෑගල පාසල් සිසුවියගේ සිද්ධියේ යකානටපු විදුහල්පතිගේ මානසිකත්වයත් මනෝවිද්ද්‍යාත්මක විෂ්ලේශනයකට භාජනය වියයුතුයි. ඒ වගේම ලිංගික ස්වභාවයක් දැකීමෙන් කෝපයට පත්වීමේ මානසිකත්වයත් ඒ තුල ඇති කුහක ගතියත් මනෝ විද්‍යාත්මකව සොයා බලන්න පුලුවන්නම් ඒකත් වැදගත්. මොකද අර විදුහල්පති ඒ සිද්ධියේදී සියදිවි හානි කරගත් සිසුවියගේ මවුපියන් සමග ප්‍රශ්නය කතාබහ කර සාධාරන ක්‍රියාවක නිරත වුනේනම් එතන ජීවිතයක් ඉතිරි වෙන්න තිබුනා. කුහකකම මේ ජීවිතේ බිලිගත්තා. මේ මානසිකත්වය බොහෝ විදුහල්පතිවරුන්ට තිබෙනවා.

      Delete
  9. අභියෝගයක් වෙමු. එහෙම විය යුතුයි. තරඟයක යන මාධ්‍ය වලට වගකීමෙන් කටයුතු කරන්න මතක් කරලා දෙන එක යුගයේ අවශ්‍යතාවයක්.

    ReplyDelete
    Replies
    1. ඔබේ වෘත්තිය අද්දැකීම් එක්කම බලධාරින්ට යැවීමට ලිපියක් සකස් කරන්න මලයා. එසේ හැදෙන සේරම ලිපි එකම ඩොක් එකකට දාලා අපි යවමු යවන්න හැකි හැම තැනකටම. එසේම ඒ ඩොක් ලිංකුව අපේ බ්ලොග් හැම එකකින්ම ප්‍රචාරය කරමු. මේක අනිවා බලධාරීන්ගේ ඇහැට වැටෙනවා.

      Delete
  10. අපිට කල හැකි සෑම දෙයක් කරමු ...මමත් දිග කොමෙන්ටුවක් දාන්න හැදුවා ඒත් බෑනේ ලියපුවා අපරාදේ

    ReplyDelete
    Replies
    1. දැන්නම් ලෙඩේ හරි වගේ

      Delete
  11. කාලීන් අවශ්‍යතාවක් නලීන් අයියා...

    අආ බොග් පිට්ට තාම කරනවනං ඒකෙන් වැඩක් ගන්න බැරිද??

    ReplyDelete
  12. එකතුවෙලා යමක් කරන්න පුළුවන් නම් එක හුඟක් වටිනවා...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන කියවන හැමෝගේම විරෝධතාවයි වැදගත් වන්නේ

      Delete
  13. මේ ඇතිවෙලා තියන සියදිවි නහගැනීමේ ප්‍රවණතාවය වලක්වන්න පුලුවන් දැනුවත්කිරීම් වගේ දේකින්. එහෙම නැතිව මැරුණ කෙනා ගේ පෙම් පළහිලවු, පවුල් පසුබිම, අවසන් ලියුම, ස්ත්‍රී පුරුෂ භාවය වගේ දේ Market කරල, කථාන්දර මවල, අන්තිමේ සමාජයේ ගැරහීමට ලක්කරල මැරුන කෙනා ගොනා, පිස්සා, මෝඩයා විදියට හංවඩුගහල වීරයෙක් වීම හෝ පහත් වින්දනයක් ලැබීම නෙවේ. නමුත් අවාසනාවට වෙන්නෙ ඒ දේ.

    සිදුවෙලා තියනදේ පාඩමක් කරගෙන මාධ්‍යට පුලුවන් ලොකු උදවුවක් කරන්න. ඒ සියදිවි නහගැනිල්ල MArket කිරිල්ලෙන් නෙවේ. දෙමාපියන්, තරුණ කණ්ඩායම්, පාසල්දැනුවත් කිරීම් මගින්.

    මේ වගේ ලිපියක් දකින්නට ලැබීමත් සතුටක්.

    ඔබට බොහොම ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ඔබ හරි,ඒ විතරක් නෙමෙයි ගුරුවරුන්ට දෙමාපියන්ට ඇඟිල්ල දික් කිරීමත් වැරදියි. මම හිතන් නැ ඒ කිසිම කෙනෙක් පලිගැනීමේ අදහසකින් දරුවන්ට දඬුවම් කරනව කියල..
      කුඩා කල සිටම ළමයින්ගේ මේ සම්බන්දව තියෙන ආකල්ප වෙනස් කිරිම තමා සිදුකල යුත්තේ..

      Delete
    2. අනිවාර්යෙන්ම දෙමාපියන්ට පමනක් වැරැද්ද පටවන්න බෑ මම "දෙමාපියන්, තරුණ කණ්ඩායම්, පාසල්දැනුවත් කිරීම් මගින්" කියපු තැනේ පාසල් යටතේ දරුවනුත් ඉන්නවා.

      ප්‍රධානම දේ වැඩිහිටියන්, තරුණපරපුර සහ දරුවන් අතර සාර්ථක සම්බන්ද තාවයක් තිබියයුතුමයි.

      අනිවාර්යෙන්ම මිනිසුන්තුල ආකල්පමය වෙනසක් ධනාත්මකව ඇතිවිය යුතුයි

      Delete
    3. දෙදෙනාටම ස්තුතියි. මේ සේරටම වැඩිය ව්‍යසනය ඇතිකරන්නේ මාධ්‍යෙයන්. මැරෙන ක්‍රම පවා නොදන්නා අය දැනගන්නේ මාධ්‍යෙයන්. සිය දිවි හානි කරගැනීම් මොනම ආකාරයකින්වත් මාධ්‍යෙයන් ප්‍රචාරය තහනම් කරන තැනට විරෝධතාවක් අපි එක්ව ගොඩනගමු

      Delete
    4. මේ සම්බන්දවම ප්‍රදීප්ගේ පිටුව බ්ලොග් අඩවියේ පළකෙරුන ලිපියට ( http://pradeepot.blogspot.com/2014/02/suicideandmedia.html )මා ලිවූ පිළිතුරත් මෙතනත් පළකරන්න හිතුවා

      http://pradeepot.blogspot.com/2014/02/suicideandmedia.html?showComment=1393475860877#c9008801043214385553

      Delete
  14. අරක නම් ඇත්ත නලින් අයියෙ. හොද ලිපි ලිවුවට ඒවා අවධානයට ලක් වෙනවා ගොඩක් අඩුයි.

    ඇත්තටම කාලීන අවශ්‍යතාවයක්.

    ReplyDelete
  15. ඇත්තෙන්ම සමහර රූපවාහිනී නාලිකා වල සියදිවි නසා ගත්තු විදිය පවා රඟ දක්වල පෙන්නනව, ඒ දේවල් රසවත් පුවත් විදියට මව දක්වනව. අද තියෙන තරඟකාරී රටාව නිසා ඒ දේවල් වෙළඳ භාණ්ඩ බවට පත්වෙලා. Gossip වෙබ් /බ්ලොග් අඩවි වලින් මේ දේවල් අපුරු විදියට පවිචි කරනව. මේ නිසා ඒක trend එකක් වෙනව. ඒ විතරක් නෙමෙයි ඒව සාමන්ය දේවල් විදිය ට සමාජ ගතවීමක් මේ නිසා සිද්ද වෙනව.
    නමුත් මේ හැම ආකාරයකම මාධ්ය වලින් රටේ මිනිස්සුන්ගෙ ආකල්ප හොඳ පැත්තට වෙනස් කරන එක තමයි කරන්න ඕන. ඒත් ඉතින් අද රටේ ඒවට වටිනාකමක් ලැබෙන් නැනෙ . ඒව මාකට් කරන්න අමාරුයිනෙ..
    නලීන් අයියගෙ උත්සාහය අගේ කරනව..

    ReplyDelete
    Replies
    1. මේක මට විතරක් කළ හැකි දෙයක් නොවේ අපි ඩොක් එකක් හදලා හැම දෙනාටම බලන්න හැකි විදියට අපි හැමෝගෙම විරොධය දක්වලා යවමු.

      Delete
    2. ඕන දේකට අපි ඉන්නව නලීන් අයියා..

      Delete
  16. කල හැකි නම් අගේ ඇති වැඩක්. (කමෙන්ට් ටයිප් කරන්න බෑ. මං හිතුවෙ මට විතරයි කියල. හිටි ගමන් පේජ් එක ඉබේ රිෆ්‍රෙශ් වෙනව)

    ReplyDelete
    Replies
    1. මොකද්ද ලෙඩක් තියනවා තමා මේ ටෙම්ප්ලේට් එක හදපු මලයට මං දැන් කිව්වා ඒ ගැන එයා හදයි දැන්...

      Delete
  17. හොඳ අදහසක්. හැමෝම එකතුවෙලා මේ දේ කරන්න උත්සාහ කරන එක හොඳයි

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම එකතුවුණෙත් කරන්න හැකියි..

      Delete
  18. ඉතාම කාලෝචිත අදහසක් , මේ සඳහා ලබාදිය හැකි උපරිම දායකත්වය දක්වන්නට කැමතියි. අඳුරේ සිට අඳුරට සාප කරමින් සිටිනවාට වඩා එක පහනක් හෝ දල්වීමයි වටින්නේ. ඇත්තෙන්ම අද වනවිට වගකීම් රහිත ව්යාපාරියන් විසින් මෙහෙයවන් මාධ්‍ය වලට අබියෝගයක් වීමට ඇති එකම විකල්පය මෙය බව පෙනෙනවා

    ReplyDelete
    Replies
    1. අපට කළ හැකි දේවල් ගැන ටිකක් කතා කරමු ඉවාන්. මේ වැඩේට වෛද්‍ය වෘත්තිකයෙකුත් මුල් වුණානම් හොදයි කවුද අපට ඒ පැත්තෙන් ඉන්නේ ප්‍රදීප් ඉන්නවා තව කවුද ඉන්නේ

      Delete
    2. ඇයි දිනුක ඉන්නේ ප්‍රදීප් ඇරුනම

      Delete
    3. ඉවාන් ඇයි බ්ලොග් එක අපට වහල තියෙන්නේ? කීප සැරයක් යන්න හැදුවත් ඇතුල් වෙන්න අවසර දුන්නේ නෑ නේ.

      Delete
    4. පොඩි මිස්ටේක් එකක් මෙව්වා වෙලා.දැන් හරි මචං

      Delete
    5. ඇත්තටම සයිබරයේ පමණයි බුද්ධිමත් විචාරයන්ට ඉද තියෙන්නේ. ඒකත් නැතිකරොත් අනෙක් ජනමාධ්‍ය වල ජනප්‍රියත්වය පසුපස හඹායමින් කරන ජරා සෙල්ලමට අපිටත් යටවෙන්න වෙයි. අනෙකුත් මුද්‍රිත මාධ්‍ය විශේෂයෙන් පත්තර විකුනගන්න අවශ්‍ය විදිහට සමාජය මෙහෙයවන්නත් උත්සහ කරනවා.

      Delete
  19. වීරයා මැරිලා නාට්‍යය බලපු කෙනෙක්ට ඔබ ඉන්න තත්ත්වෙ තේරුම් ගන්ඩ පුළුවන්.බලමු අපි අපිට හැකි පමණින් මේක වෙනස් කරන්ඩ

    ReplyDelete
  20. වැඩ පිලිවෙල හොඳයි. අඩුම ගානෙ 5%ක් සාර්ථක උනත් මට නං ඇති.
    බ්ලොග් වලින් සිදුවනවාට වැඩි හානියක් විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය වලින් සිදුවෙනව. රාවය පත්තරේ හැරුනම අනෙකුත් සෑම මාධ්‍යක්ම මරණ විකුණාගෙන කනව. මේව සමාජයෙන්ම විරෝධතාවය එල්ල වෙච්ච දවසටයි නවතින්නෙ. උදාහරණයක් විදිවය මේ වගේ නිව්ස් බලන්න කැමති උදවිය අපේ ගෙදරත් ඉන්නව. :-)

    අන්තර්ජාලය පාවිච්චි කරන උදවිය වැඩිවුනානං තමයි වටින්නෙ. මොකද මේවාට විරුද්ධව කිසිම ලිපියක් පුවතක් ඊනියා මාධ්‍ය වලින් දැක්කෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අපි මුල් පියවර තබමු රාජ්.. ඒ වෙනුවෙන් හොඳ සංදේශයක් හදා අදාළ හැම තැනකටම මේල් කරමු මුලින්ම. එහෙමත් නැතිනම් කළ හැකි විදියක් යෝජනා කරන්න. ඒ හැම ලිපියකම අපේ අඩවිවල නාමත් එක්ක විරෝධය දක්වමු. මේ ගැන කතිකා කරමු හැමෝම එකතුව.

      Delete
  21. කලින් කමෙන්ට් එකේ ලියල ඉවර කරන්න බැරි වුනු ටික.

    අපේ අන්තර්ජාල පාවිච්චිය ඉතාම අවමයි ටී වී පත්තර එක්ක බලද්දි. ඒ දෙක නම් විශේෂයෙන් ටී වී, මිනිස්සුන්ගෙ ජීවිතේ කොටසක් වෙලා වගෙ. තරඟයෙන් ජය ගන්නට, පණ අදින මිනිහෙක් වුනත් කොටස් කොටස් පෙන්නයි ඇඩ් දම දමා.

    අන්තර්ජාලය තුල කෙරෙන හරවත් දේ දකින්නෙ බොහොම සුළු පිරිසක් විතරයි. අර රාජ් කිව්ව වගේ අන්තර්ජාලය පාවිච්චි කරන පිරිස වැඩි වෙනව නම් ඔවුන්ටම වටහා ගන්න පුළුවන් ඇත්ත නැත්ත.

    ReplyDelete
    Replies
    1. මෙරට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යෙයන් සියදිවි නසාගැනීම් හා එවන් මරණ පරීක්ෂණ ප්‍රචාරය වහා නවත්වන්න යැයි අපි බලකර සිටිමු

      Delete
  22. මම නම් කරන්න උත්සාහ කරන්නේ ඒකම තමයි.. උඹ කියපු ළිපි දෙකම, ඇත්තටම සුපිරි ළිපි..

    ReplyDelete
  23. චාම්ස්ගේ ලිපිය ගැන කලින් තැනකත් දැක්කා.මට ලින්කු් එක දෙන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඔන්න ලින්ක්ස් දෙකම දැම්මා ලිපියෙම..

      Delete
  24. උපරිම සහයිගය දෙන්නම් අයියෙ

    ReplyDelete
  25. කොහොමත් නලින් අයියේ දැන් හුගක් මාධ්‍ය පොඩි සිදුවීමක් වුණත් එක ලොකුවට හුවා දක්වන්නේ මිනිස්සු ඒ ක්‍රමේට කැමති නිසා වෙන්න ඇති.දැන් ඔය ස්වර්ණවාහිනී එකේ නිව්ස් එහෙම බලන්න.එතන කියන්නේ නිව්ස් නෙමේ කතන්දර.ඒවා රගපලාත් පෙන්වනවා.ඔය කාලයක් තිබුනා පාතාලේ වැඩ ගැන ලියන කොට හැඩ ,වැඩ දාලා ලියන්නේ.කියවන අයටත් පාතාලෙට සෙට් වෙන්න හිතෙන විදියටනේ.කොහොමත් අපි අපිට කරන්න පුළුවන් දේ කරමු.ඒ තුලින් තවත් අයට නිවැරදි පනිවිධයක් දෙමු.

    ReplyDelete
  26. එල ! ෆුල් සප් එක දෙනවා නලී අය්යේ

    ReplyDelete
  27. සීමා මායිම් මැද ඉඳගෙනත් උඹ මේ කරන යෝජනාව මම ඉතාම අගය කරනවා මචන්. ඒ වගේම උපරිම සප් එකක් දෙන්න උත්සහ කරන්නම්. අපේ පාඨක ඉල්ලුම වැඩිපුර තියෙන්නේ negative පුවත්වලට හා වල්පල් ඕපාදුප වලට. ඒ මාර්කට් එකේ ඉල්ලුම සපුරන එක තමයි මාද්දිය කරන්නේ. ඒ සමාජ trend එක වෙනස් කරන්නත් පුලුවන්නෙත් මාද්දියටම තමයි. සුළු පිරිසක් දැනට බැලුවට සයිබරෙන් ලොකු වැඩක් කරන්න පුළුවන් .

    ReplyDelete
  28. නියම අදහසක්.එකතුවෙලා කරමු......................

    ReplyDelete
  29. නලින්,

    ඕකට මුද්‍රිත පැත්තෙන් කරන්න පුලුවන් තව දෙයක් තීනව, ඔබ වගේ අයගෙ උදව්වෙන්.

    ඒ තමා සයිබරේ හමුවුනු , කිසි දීනෙක එකිනෙකා දැක නැති යාලුවො එකතුවෙලා කරන හොඳ වැඩ ගැන මුද්‍රිත මාද්‍ය මගින් ඔසවා තැබීමට උදව් කිරීම. ඒ එක්කම ඔබ යෝජනා කරන බළධාරීන්ට ලියන ලිපි වලත් අපිට මේ දේ සඳන් කරන්න පුලුවන්.

    මේ මම දන්න එහෙම කිහිපයක්.

    රූ පිරිවර,
    වෙසක් සත්කාරය
    සුනිල දිය මෙහෙවර
    බුද්ධිගෙ පිළිම ගෙය
    ඉළන්දාරියා වෙනුවෙන් කල මෙහෙවර

    මේව රසට ලිව්වොත් පත්තවරවල මාර්කට් කරන පුලුවන් කරුණු.

    දැන් කවුද ඔය ගෙජ්ජි බඳින්න මූලික වෙන්නෙ???

    ReplyDelete
    Replies
    1. මෑතක සිට සයිබරයේ මිතුරන් කළ සෑම සද් ක්‍රියාවකටම මම හැකි උපරිමයෙන් මාධ්‍ය ප්‍රචාරණය ලබා දුන්නා ඉන්දික. තව ලබන මාසේ කුරුණෑගල මලියදේව ළමා නිවාදයේ වැඩේ ගැනත් ලිපියක් හදාගන ඉන්නේ දින ළං වෙලා පළකරන්න. රු පිරිවර කළ වැඩේ මම ඉහළින්ම දාල තියනවා.

      Delete
    2. මම හිතන්නේ මේකට අප අතර සිටින විද්වත් වෘත්තිකයන් විශේෂයෙන්ම සෞඛ්‍ය සේවාවන් හි ඉන්නා මිතුරන් පෙරටු කොටගෙන විරෝධතා ලිපි ලියවාගෙන ඒ සියල්ල එක ඩොක් එකකට එකතු කොට අදාළ අංශවෙත මේල් කිරිම. දෙවනුව එම ඩොක් එක සයිබරයේ සැමදෙනාටම පේන පරිදි මුදා හැරීම. එම ලිංකුවට සියලුම බ්ලොග් අඩවිවලින් ප්‍රචාරයක් ලබා ගැනිම. මුද්‍රිත මාධ්‍යෙයන් සයිබරයට එල්ලවන විරොධයට වඩා වැඩි ප්‍රබල විරෝධයක් සයිබරයෙන් ඒ අංශවෙත යොමු කිරිම.. දෙවැනුව හොද සංවාදයක් මහජන පුස්ථකාලය වැනි තැනක දී ඇතිකිරීම.ඒ අවස්ථාවට සැමට ආරාධනය කිරිම වැනි දැ තමයි සැලසුම. මේ ගැන ඔබේ අදහසත් එක්කරන්න.

      Delete
    3. අවලම් වේස බල්ලෝ තෝ වගේ පොන්නයෙක්

      Delete
  30. හොඳ අදහසක්. උපරිම සහයෝගය දෙන්න මාත් කැමතියි.

    ReplyDelete
  31. මාත් මොනවා හරි ලියන්නං...

    ReplyDelete
  32. මුලින්ම පොඩි නිවැරදි කිරීමක්. නලින් අයියේ උඩ //..... රාජ් ලියු ලිපිය හා චාම්ස් ගේ ලිපිය// කියන එකේ චාම්ස් කියන එක "චාමි"(charmi) වෙන්න ඕන නේද?

    ඇත්තටම ගොඩක් අය සයිබරය දිහා බලන්නෙ යකෙක් කියල හිතාගෙන. කීප දෙනෙක් අනුවණ විදිහට අන්තර්ජාලය එක්ක ගණුදෙණු කරපු පළියට අන්තර්ජාලෙ කියන්නෙ මිනිස් සමාජයෙන් ඈත් කරල තියන්න ඕන දෙයක් විදිහට හංවඩු ගහන එක තරම් මෝඩ වැඩක් තවත් නෑ. මේ පිළිබඳව දැනුවත් කිරීමක් කෙරෙන්න ඕන. ඒ දේ බ්ලොග් හරහා පටන් ගමු.

    *** ඔය පේජ් එක රිෆ්‍රෙශ් වෙන ප්‍රශ්නෙ කලින් පෝස්ට් එකට කමෙන්ට් කරද්දි මටත් ආවා

    ReplyDelete
  33. අපේ මේ සයිබර් අවකාශේ තියෙන එකම ප්‍රශ්නේ මේක ජාතික මට්ටමින් කියවන මාධ්‍යයක් නොවීම. අපි මෙතන කුමක් සකච්ඡා කලත් එය සමාජයට යන්නේ බොහොම අඩුවෙන්. ගොසිප් සයිට් වුනත් වැඩි වශයෙන් කියවන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ. ඒ නිසා මේක මුද්‍රිත මාධ්‍ය තුලින්ම ඇති වෙන්න ඕනේ කතිකාවක් කියලයි මගේ විශ්වාසය. නැතිනම් මේකට ලොකු හඬක් ගන්න බැරි වෙනවා.

    ReplyDelete
    Replies
    1. තවම ළදරු අවස්ථාවනෙ.බ්ලොග් ලියන කට්ටිය ටිකෙන් ටික වැඩි කර ගනිමු.මොන මතවාදය වුනත් කමක් නෑ සංවාදශීලී ප්‍රවෘත්තිමය බ්ලොග් වලට ධෛර්ය දෙමු.කොහොමටත් තව ටික කලකින් බ්ලොග් ප්‍රධාන පෙලේ මාධ්‍යයක් වෙයි.

      Delete
  34. කොමෙන්ට් එකක් දාන්න කියල හිතුවට ඒක පෝස්ට් එකක් තරම් දිගු වෙන නිසා මගෙ බ්ලොග් එකේ පෝස්ට් එකක් විදිය දැම්මා

    ReplyDelete
  35. අපේ පුල්ම සප් එක 1න්ම

    ReplyDelete
  36. ඕක නලින්ට පුවත්පත් කතුවරුන්ගේ සංසදේ හරහා කරන්න පුළුවන් දෙයක්. ඒත් එහෙම නොකර මෙතන අය ලවා ලිපි ලියවන්න හදන්නේ, අත්සන් එකතු කරන්න හදන්නේ මොකකට කියලද හිතන්නේ?
    ආණ්ඩුවට ඕන වෙලා තියෙනවා රටේ ප්‍රශ්න මාධ්‍යයට යන එක ක්‍රමයෙන් අඩු කරවන්න. මේ හරහා ආණ්ඩුව මේ වැනි පුවත් වාරණයක් වගේම ඒත් එක්කම එල්ලලා ස්ත්‍රී දූෂණ වගේ දේවලුත් වාරණයට ලක් කරනවා. මොකද ස්ත්‍රී දුෂණ වැඩි හරිය ආණ්ඩුවේ බලවතුන්ගේ සම්බන්ධ තියෙන ඒවා වීම නිසා. මේකට අහු වෙන්න එපා. නලින් කියන්නේ බෙලී සීයක් හරි කපලා තමන්ගේ තැන ආරක්ෂා කර ගන්න එකෙක්. ඕනම නම් ඉදිරියේදී ඒ ගැන කතා මෙහිම පල කරන්නම්. දිගටම ඇනෝ ඇරලා තියන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න නලින්ට අවශ්‍ය නැහැනෙ මිත්‍රයා.මොකද මේක සයිබරයට එල්ල වුන තරජනයක්නෙ. ෆේස්බුක් නිසා සියදිවිනසාගන්නව කියලනෙ කියන්නෙ.මේකට හඩනගන්න ඕන බුකියෙ අයයි.නිදහසට කරුණු දෙන්න ඕන බුකියයි.

      මිත්‍රයා ඔබේ අදහස් ප්‍රොෆයිල් එකකින් ආවනම් කොච්චර වටිනවද?

      Delete
    2. කතෘ සංසදයට කියලා වැඩක් නෑ ඒ ගැන අපට කලින් වෛද්‍යවරු ලොකු සටනක් කළා මේ දේවල් නවත්තගන්න.
      ඒ වගේම ඇනෝ මම ඇනෝ බ්ලොක් කරන්නේ නෑ. කුණුහරප නැතුව ඕනම දෙයක් කියන්න අවසර තියනවා. තුන්වන පාර්ශ්වයකට මඩ ගහන්නත් එපා. එපමණයි මගේ කොන්දේසිය.
      ඒ වගේම මම කපපු බෙල්ලක් හිමි එකෙකුගේ නමක් කියපන්කෝ බන්.

      Delete
    3. තමන්ගේ පත්තරේ දාන්නෙ මොනවද නැත්තේ මොනවද කියන එක තීරණය කරන්න කතෘ සන්සදයට පුලුවන්.ආයේ ඕකට වෙන අය මූලික වෙන්න ඕන නෑ.

      Delete
  37. නියම අදහසක්...බැන බැන ඉන්නවට වඩා උත්සාහ කලොත් විරෝධය අඟවන්න හරි පුලුවන්නේ ඔවුන්ට...
    අපිටත් කල හැකි දෙයක් කියන්න නලින් අයියේ...සපෝට් එක දෙනවා...

    ReplyDelete
  38. කාලින හා කල යුතුම වැඩක් කියලා හිතෙනවා. කරන්න පුලුවන් හැමදෙයකටම පුලුවන් උපරිමයෙන් සහයොගය නලින් අයියා

    ReplyDelete
  39. ලින්ක් එක වහාම නිවැරදි කරපං "චාමි" කියල. උඹ ලින්ක් එක දාන්න කලින් මම පන දාගෙන චාම්ස් කෙනෙක් ලිව්ව ලිපියක් හෙව්ව.

    ReplyDelete
  40. අභියෝගයක් වෙමු එත් පටන් ගන්නේ කොහොමද කොතැනින්ද ? මොනා වුනත් උපරිම සහයෝගය මගෙනුත් දෙනවා :)

    ReplyDelete
  41. හොද අදහසක් සහ කාලින අවශ්‍යතාවක්. ඒත් ලාංකීය සයිබර් අවකාශයේ උනත් බ්ලොග් වලට තියෙන ඉඩකඩ හරිම අඩුයි නේද? වැඩිපුරම භාවිතා වෙන්නේ ෆේස් බුක් සමාජ ජාලය නේ. බුකිය තුල ගොසිප් අඩවි වල ලිපි නිතරම ශෙයා උනත් බ්ලොග් සටහන් බෙදා හදා ගන්නේ හරි අඩුවෙන්. ඒ නිසා මේ වැනි වැඩ පිලිවෙලකදී බ්ලොග් අවකාශයේ සැරි සරණ හැම දෙනාම මෙවැනි ලිපි බුකිය තුලට ෂෙයා කරන්න දිරිමත් කරන්න ඕන කියල මම හිතනවා.

    ReplyDelete
  42. ඕනෑම දෙකට මගේ සහයෝගය එකෙන්ම

    ReplyDelete
  43. කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. සියදිවිනහ ගන්න එක ප්‍රසිද්ද කරන්න කරන්න, ඒක ට්‍රෙන්ඩ් එකක් කරගන්නව නැත්තම් අනික් අයත්...

    ReplyDelete
  44. හරි එහෙනම් අපි මේ ගැන කතා කොරලා තීරණයකට එන්න මේ ඉරිදා රෑ අටම්ලාගේ ගෙදර සැට් වෙමු

    ReplyDelete
  45. නලීන් අනිවා.... අන්තර් ජාල අදහස් මුද්‍රිත මාධ්‍ය පහුකර යන ක‍ාලයක් කරා එළඹිය යුතුයි.ලෝකය මිට වඩා වෙන් වෙනවා. ඒ අනුව ජාල ගතවිම තුල අප ඉදිරියට යා යුතුයි.

    මමත් නලීන්ගේ අදහසේම ඉන්නවා....

    ReplyDelete
  46. වාරණයකින් තොරව පාඪක අදහස් දැක්වීමට අවස්ථාව සලසා දෙන පුවත් අඩවි, බ්ලොග් මෙන්ම FB වැනි මාධ්‍ය අද දින යම් සාධාරනයක් කරනවා යැයි සිතේ. ලියුම්කරුගේ අදහස මූලික කරගනිමින් අපේ අදහස් විවාදාත්මකව ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබීම එහි ඇති වටිනාම අංගයකි

    ReplyDelete
  47. හොඳ අදහසක් නලීන්....පටන් ගන්න.

    ReplyDelete
  48. ඔය දෙන ප්‍රසිද්ධියට මාත් විරුද්ධයි නලින්. ඕනෑම දිවි නසාගැනීමක් මාකට් කරන මාධ්‍යයට වඩා මාධ්‍ය භාවිතය ගැන දැනුමක් ඇතිව වැඩ කරන ආයතන තියෙනවාද කියලත් සැකයි. ඉල්ලුමට සැපයුම න්‍යායය මත පදනම් උන මාධ්‍ය ව්‍යාපාරයක් අද ගොඩනැගිලා තියෙන්නෙ. ඒක නලින් හොඳටම දැනගෙනත් මේ කරන යොජනාව අහක දාන්න බෑ. මගේ පූර්ණ සහයොගය ඕනෑම අවස්ථාවක දෙන්න සුදානම්. කරන්න තියෙන දේ සාකච්ධා කරමු.

    ReplyDelete
  49. ඉතා හොඳ වැඩගත් අදහසක්.. මේ සියදිවි නසාගැනීම වලට අන්තර්ජාලය පලිනෑ. අර කුරුනෑගල පාසලේ සිදුවීම උනත් විදුහල්පතිගේ අමනකම මිස අන්තර්ජාලයේ වරද නොවෙයි. මෙතන යන්නේ තමන්ට එරෙහි මතවාද මර්ධනය කිරීමක්ද කියලත් වෙලාවකට හිතෙනවා. අපේ රටේ දේශපාලනේ හැටි දැකපුවාම එහෙම සැකයක් ඇතිවෙන එක සාධාරනයි.

    ReplyDelete
  50. මේවා හරියයිද?.ඔය තහනම පසුපස දේශපාලනේ තියෙනවනේ.

    ReplyDelete
  51. මේ රටේ ජනප්‍රිය පත්තරේක පලවන පුවත් වලට සමාන ඒ පුවත්ම අනෙක් පත්තර වල පල කරන්න ඕන කියන ගැති මතවාදයක තමා සමහර පත්තර වල කතු මහත්වරු ඉන්නේ ගෙදර රාක්කයක තිබෙන වස බෝතලයක් ඉල්ලා කුඩා දරුවෙක් හඩන විට දෙමාපියෝ වස බෝතලය දරුවන්ට දෙනවද? ජනප්‍රිය වෙබ් එකක අසම්පූර්ණ වැරදි පුවතක් පලවුනත් එය කිසිම සොයා බැලීමක් නැතිව ගුවන් විදුලි හා බොහෝ මාධ්‍ය වල පළවෙනවා මේ ක්‍රමය වෙනස් කරන්න දැනුම ලබාදෙන , සන්වර්ධන ගවේෂණ පුවත් වාර්තාකරුවන් සැපයුවත් ඒවාට ඉඩ නෑ ජනතාව ඉල්ලන වසම ලබා දෙනවා
    මම වැඩ කල එක පත්තරේක ප්‍රාදේශීය කතුතුමාට ඒ වගේ පුවත් කරන්න බෑ කීවාම මාව තනතුරින් අස් කලා

    ReplyDelete
  52. මුලින්ම මාංචු පත්තරය නවත්වන්න වෙනවා.පත්තර මහ ගෙදර උන් අපරාධ විකුණ එක කරන ගමන් සදාචාරය සංස්කෘතිය සභ්‍යත්වය ගැන පොර ටෝක් දෙනවා.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT