‘ශාස්ත්‍රනිධාන’ කතු ජෝන් පෙරේරා
“සව්සත්දම් වාදය” ගෙනගිය ජෝන් පෙරේරාගේ ශාස්ත්‍රාලංකාරය
“ලංකා නිධානය “ සඟරාව නැවතීමෙන් පසු 1846දී ආරම්භකර ඇති ශාසත්‍රනිධානය සිංහල කතුවරයකු ආරම්භ කළ පළමු සඟරාවයි. මෙයට පෙර ආරම්භ කර ඇති සිංහල භාෂාවෙන් මුද්‍රණය කොට ඇති පැරණිතම සඟරාව වන මාසික තෑග්ග, ලංකා නිධානය, උරගල විවේචකයා, යන සඟරාවල සංස්කාරකවරයෝ සිංහලයෝ නොවූහ. ශාසත්‍රනිධානයේ කතුවරයා කීර්තිමත් සිංහලයෙකි.
ජෝන් පෙරේරා මහතා කොළඹ ගුරුවරුන් පුහුණු කරවන පාසලේ ප්‍රධානියා ද විය.
ඔහු මේ සඟරාව ප්‍රකාශයට පත්කිරීමට පෙර පොත් කිහිපයක්ද ලියා තිබේ.
කලු කොදයාවේ ප්‍රඥාශෙඛර මහ නාහිමි සඳහන් කරන පරිදි ‘හෙළ දිව රජ නිය” නමින් ග්‍රන්ථයක්ද ලියා ප්‍රකාශයට පත් කොට ඇත. මේ ග්‍රන්ථය පිටු 331කින් යුක්ත වී ඇත. ලංකාදීපයේ රජකළ රජවරුන්ගේ නාමයන් හා ඔවුන්ගේ විස්තර මෙහි ඇතුළත් වී ඇත. පසු කලෙක ඔහු බොරැල්ලේ ඉංග්‍රීසි පාසලේ ප්‍රධානියා ලෙසද කටයුතු කරන ලදී.
මාතර කඹුරුගමුවේ ජන්ම ලාභය ලැබූ පරපුරකින් පැවත එන ජෝන් පෙරේරා කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයේ පළමු සිංහල විදුහල්පතිවරයාය. ඔහු කොළඹ කොල්ලුපිටියේ පදිංචිව සිටියේය. මොහු එළු, පාලි, සංස්කෘතික, ඉංග්‍රීසි, දෙමළ, පෘතුගීසි භාෂාව පිළිබඳ හසල දැනුමක් ඇති පුද්ගලයෙකි.
වසර 1853 දී ජෝන් පෙරේරා මහතාගේ කර්තෘත්වයෙන් රටේ බෙහෙවින් ප්‍රසිද්ධියට පත් “ ශාසත්‍රාලංකාරය” සඟරාව ඇරැඹිණි. එය රටේ උගත් ගිහි පැවිදි වියතුන් අතර එකළ මහත් ආන්දෝලනයක් ඇතිකළ “ සව් සන්දම් වාදය” මේ සඟරාව මඟින් ආරම්භවිය. වාදය ආරම්භයේ සිට අවසානය දක්වා ලිපි සැපයූ සඟරා දෙකෙන් එකක් මේ ‘ශාස්ත්‍රාලංකාරය’ විය. අනික බටුවන්තුඩාවේ මහ පඬිතුමාගේ යතලබ සඟරාවයි.
“සව්සන්දම්වාදය”
මෙයට වසර 200කට පෙර අටවක පොහෝ දින මාතර විසූ දාවික් ද සරම් විජයසේකර තිලකරත්න මුදලිතුමා අකුරැස්ස ගොඩපිටියේ ජේතවන විහාරයේ තෙමහල් ගොඩනැගිල්ලක් ( බෞද්ධ මන්දිරයක්) කළේය. 1806 නොවැම්බර් මස අටවක පොහෝ දින මාතර පටන් ගොඩපිටිය දක්වා නිල්වලා ගඟේ සරසන ලද ඔරුපාරුවලින් ලස්සන පෙරහැරක් ගඟේ ගෙන යන්න මුදලිතුමා කටයුතු කළේය.
ඒ පින්කම වර්ණනා කිරීමට මුහන්දිරම් තේමිස් සමරසේකර දිසානායක මහතා සිලෝ 103ක් රචනා කළේය.
අද මාතර රාහුල විදුහල මේ සරම් මුදලිතුමා ජීවත් වූ නිවසයි . සරම් මුදලිතුමා ඉදිකළ තෙමහල් බෞද්ධ මන්දිරය ගොඩපිටිය ජේතවන විහාරයේ නැතත් එතුමා පූජා කළ පූජා භාණ්ඩ රැසක් එම විහාරයේ තැම්පත් කර ඇත. දිසානායක මුන්දිරම් මහතාගේ ගංගාරෝහණ වර්ණාව ගැන අතිශය ප්‍රසනතාව හි දොස් ඇත්නම් කියන්න යැයි බොහෝ දෙනාට එහි කොපිය බැගින් යැවීය.
ගාල්ලේ අබේසිංහ මුදලිතුමාට යැවූ කොපිය කරතොට නාහිමියන්ගේ ශිෂ්‍යයෙකු වූ මිහිරිපැන්නේ ධම්මරතන හිමියන් වෙත යවමින් මෙහි දොස් කියන ලෙස ඇවටිලි කළේය.
එහි පින්කම කරවූ සරම් මුදලිතුමාගේ නම යොදා ඇති සීලෝව මෙයයි:
“සසර සරණ සව්සත්දම් අමාවෙන් සතොස්වා
සඟපවග සැපත් දුන් දම්රදුන් දම් සඟුන් සෙව්
පෙර මැදගවණින් මේ තුන්ගෙණේ මුල්කෙමෙන් නම්
පතළ මැති සඳෙක් වී මේ පුරේ කිත් දෙදෙක් වන්”
මිරිපැන්නේ ධම්මරතන යතිවරයන් වහන්සේ එකල්හි විසූ අතිශය ප්‍රසිද්ධ කීර්තිමත් කිවිවරයෙකි. ගංගාරෝහණ වර්ණනාවේ කිසි යම් ද්‍රෙෂයක් ඇත්නම් හෙළි කරණ ලෙස උන්වහන්සේට නැවත නැවත කරදර කිරීමෙන් පසු එහි එක් දොසක් පමණක් උන් වහන්සේ පෙන්වා දුන්හ.
“සසර සරණ සව්සත්දම් කිවු තුන් ගෙණේහි
අගකුර නරකය් කිව්වා තමය් ඒ මිසක්වා
සඳවියරණ ලක්නෙන් දොස් පෙණෙන්නේ නොමැත් මැය්
මෙම පොත පද බැන්දා ඒ ඉතාමත් කදීමය්”
මෙබඳු සිලෝ තුණකින් එහි කාව්‍යනායක මුදලි තුමාගේ නාමය “ සරම්”/නොව “සරදම්” වන්නේය යි උන් වහන්සේ කියා සිටියහ.
මෙයට අවුරුදු 67කට පසු ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීධුරයක් දැරූ පූර්වාවරභාෂාශාසත්‍ර ප්‍රවීණත්වයෙන් කීර්තිමත් ව සිටි ජේමිස් ද අල්විස් නීතිඥ තුමා සිදත් සඟරා නම් වූ සිංහල ව්‍යාකරණ පොත ඉංගිරිසියට නගා ප්‍රසිද්ධ කරවූයේය. එයට ලියූ සංඥාපනය දීර්ඝ වූ ද වැදගත් වූ ද ඓතිහාසික විවරණයකි. ගංගාරොහණ වර්ණනාවේ “ සසර සරණ සව්දාදම්” යන ආදි සිලෝවට මිරිපැන්නේ යතිවරයන් වහන්සේගේ දොස් කීම වැරදි බවත් එහි ගණතුණේ පෙරමැදවණින් ගැණෙන්නේ ‘සරදම්’ කියා නොව “සරම්” කියා විය යුතු බවත් ඒ මහතා ඒ සංඥාපනයෙහි ඇතුළත් කෙළේය. එයින් පසු වාදය නැවතත් අලුතෙන් පැන නැංග බව පෙණේ.
ඒ කාලය වනවිට, මිරිපැන්නේ කිවිවරයා ජීවතුන් අතර නොසිටියේය. උන් වහන්සේගේ ශිෂ්‍යවරයකු වූ කොග්ගල ධම්මතිලක සථවිරයන් වහන්සේ ගුරුභක්තියෙන් යෙදී සවකීය ආචාර්යවරයන් වහන්සේගේ නිදොස් බව ඔප්පු කිරීමට ඉදිරිපත් වූහ. එයට පසු එකල රටේ විසූ උසස් පඬිවරු දෙපිළකට බෙදී එය ගැණ කලක් වාද කළහ.
එකල රටේ භාෂාශාසත්‍රවිශාරදත්වයෙන් ප්‍රසිද්ධ ව විසූ පඬිවරුන් අතුරෙන් බොහෝ දෙනෙක්ම දෙපසට බෙදී වාද කළහ. එහෙත් නියම නමින් ඉදිරිපත් වූවෝ සවල්ප දෙනෙකි.
එම වාදය සඳහා ලිපි සැපයූ පඬිවරුන් එම ලිපිවල අග යොදා ඇති නම් මෙසේය:-
“කේ. ධම්මතිලක ජේ.පී.
දො.කො.ප්‍ර. උභයසේකර
එ.දි.හෙ. චන්ද්‍රසේකර
අත්තිඩි ග්‍රාමාධිවාසී දාවිත් පෙරේරා අප්පුහාමි
ඊ.ඇස්.ඇල්.
ඩී.ඒ.ඇස්. බී. පී.
ආම්අ:
පී.ඇස්.
බන.වීරසිංහ පී.
දොන් පී. චන්ද්‍රසේකර
ධම්මරක්ඛිත ජයබාහු
සරදම්
පාලාතමන්ත්‍රිගේ ජොහානස් අල්විස්
පන්ඩිට්
මාතර ශ්‍රී සිංහ
සරදම් අප්පුහාමි
කාම් ක:
සවස්ති සිඬම්
සරද
ගුණරත්න
මාතර පීක්වැල්ලේ විහාරාධිවාසී කෝදාගොඩ
තෙරුන්නාන්සේ
ධම්මතිලක බාහන්තේ
ධම්මසිරික
කවිතිලක
ධර්මානන්ද
ධර්මපාල
දොන් සරදම්
දළුවත්තේ ජිනානන්ද
ගාලු දිසාවේ තල්පේ පත්තුවට අයිති කෝදාගොඩ විහාරස්ථානාධිවාසී කෝදාගොඩ සීලවංස තෙරුන්නාන්සේ
මිරිපැන්නේ ධම්මරතන
අති. අදියර අප්පුහාමි
අකුසබාහු
කරො අප්පු
වේරදූවේ පදිංචි කරො
හබරකඩ ලියනගේ ද්‍රෙන් බස්තියන් ද සිල්වා
අප්පුහාමි
ඒ. ඩී.ඩී. සීකර
මාතර කවිචන්ද්‍ර අප්පුහාමි
ගුණසේකර අප්පුහාමි
තෙම්බොං කඩියා
රා බොන අදිරියා
ශාසත්‍රාලංකාරයේ කලාපයක මිල පැන්ස තුණයි. ඒ කාලයේ රටේ පැවැත්තේ රුපියල් ශත ව්‍යවහාරය නොව පවුම් සිලිං පැන්ස ව්‍යවහාරය යි. රුපියල් ශත ව්‍යව හාරය පටන් ගත්තේ තවත් අවුරුදු 18කට පසුවය.
ශාසත්‍රාලංකාරය සඟරාවේ ඇතුළත් මේ “සව්සන්දම්වාදයේ” ගැන වැඩි විස්තරයක් හා එම කවීන්ගේ කවි සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය නම් කෘතියේ කලු කොඳයාවේ ප්‍රඥ ශෙඛරාභිධාන මහ නාහිමියන් ඇතුළත් කර ඇත. එමෙන්ම 1873 හෙන්ද්‍රික් පෙරේරා ජයසූරිය විසින් අච්චුගස්වන ලද සව්සත්දම්වාදය කෘතියේ වාදයේ සියලු දෑ ඇතුළත්ය.
කොළඹ ශාසත්‍රාලංකාරය ප්‍රසිද්ධ කරවන මහත්මයා නමටයි,
මහත්මයාණෙනි,
පසුගියදා සරදම් වාදය ගැන අප විසින් තමුන්නාන්සේ වෙත අච්චු ගස්වනු පිණිස එවන ලද කව් සොලෝ ආදිය තව ස්වල්ප කාලයකට අච්චු නොගස්වා අතපසු කළ මැනවි. මක්නිසාද? “යතලබ සඟරාව” යයි යන නමින් ප්‍රසිද්ධ කරවන පත්රසයෙහි මාස් පතා බැනුම් පිට බැනුම් සාදා ප්‍රසිද්ධ කිරීමක් පටන්ගෙන තිබෙනවා යැ. එනම් “මහණ, මහණෝ” මහණ කෝලම” කොග්ගල රාලේ” යනාදිය යි. තවත් බෙර පදයක් කියා ඒ පදේට “සිව්ර අකවටු ගන්වාගෙන නටාපන්න” කියා තිබෙනවා යැ.
අප වැන්නවුන්ට මෙබඳු නින්දිත නොසරුප් වචන නිරතුරුවම සුරාපානාගාරවල වැද කටගන්නක් රා බීගෙන මත්ව දොඩවන බේබද්දන් අතරේවත් පාවිච්චි කරනවා කිසි කලක අහන්නට ලැබුණේම නැත. ඔයාකාර නින්දිත වචන කියා බනින්නෙක් හා සමග එකසේ වූ බේබද්දෙක් ම මිස අප වැන්නවුන් ගේ කුමන වාදයක් ද? යමෙක් ඔයාකාර නින්දිත තෙපුල් කියා බෙනේ නම් ඔහු ගේ හිතේ බලවත් ඊෂ්යා? ක්රෝධයක් ඇතුව හෝ නැත්නම් කටගන්නක් රා බීගෙන මත්ව වෙරිමරගාතෙන් හෝ ඔයාකාර බනිනවා.
දොඩනවා මිස එලෙස නොවෙනවා නම් ඔබඳු නිශ්රීක තෙල් කියා අප වැන්නවුන්ට බිනීම අන් කවරෙකුට හැකිදැ? ඉතින් ඔයාකාර වෙෂයෙන් දූෂිත සිත් ඇත්තකුට හෝ කවගත්තක් රා බීගෙන වෙරි මරගාතේ දොඩවන්නෙකුට හෝ අප විසින් ගෙන හැර දක්වන් ලද මනා වූ ශ්‍රාස්ත්‍රයන්ගෙන් යෝජන කවරේ ද? හේ ඕ හට අතිශයින් දුසීව ය.
හෙවත් දුර්බෝධය එ හෙයින් පසුගියදා අප විසින් මනා වූ ශාස්ත්රාශත්ථියන් පිහිටුවා ඉහත දැක්වූ වාදය ගැන යම් කව සොලෝ ආදියක් අච්චු ගස්වනු පිණිස තමුන්නාන්සේ වෙත එවන ලද්දේ වී නමුදු ඔය කී තැනැත්තාගේ ස්භාවේ හැටියට ඒවා අප්‍රයෝජන ය යි හැගෙන නිසා මින් පසු දැනට ඔය තිබෙන ඔහුගේ ස්වභාවය අත්හැරී ගිය බවක් අපට දැන ගන්නට ලැබුණොත් අපගේ කව් සොලෝ අච්චු ගස්වා ප්‍රසිද්ධ කරවීමට කල් දන්වන්නෙමු. ඒ වනතුරු අප ගේ කව් සෝලෝ අච්චු නොගස්වා ප්‍රමාද කරනා හැටියට උදක් ම ඕනෑකමින් ඉල්ලමු.
ජෝන් පෙරේරා මහතා විසින් 1853දී අච්චු ගසා ප්‍රසිද්ධ කරන ලද “හෙළදිව රජනිය” පොතේ මා ළඟ ඇති පරිච්ඡේද කිහිපය
“හෙළදිව රජනිය” හෙවත් පුරාතන පටන් 1850 දක්වා සිංහ රටේ රාජනීතිය නැමැති පිටු 331කින් යුත් පරිච්ඡේද විස්සකින් යුතු ඉතිහාස පොත වර්ෂ 1853දී කොළඹ ස්කොලේ සමාගම වෙනුවෙන් සිංහල භාෂාවෙන් අච්චු ගස්සවා ප්‍රසිද්ධ කරන්න යෙදුනේ ගුරුවරුන් පුහුණු කරන්න සිංහල ශාස්ත්‍ර ශාලාවේ පළමුවෙනි ඉගැනුම් කාර ජෝන්පෙරේරා විසිනි.
අච්චු ගස්සනට යෙදුණේ වැසිලියන් මිසියෝ නාරිස් උන්නාන්සේලාගේ පොත් අච්චු ගසන ස්ථානයේදීය. 1853දීය. “හෙළදිව රජනිය” මුල් පොතේ පරිච්ඡේද කිහිපයක් දැනට මා සතුව ඇත. මුළු පොතම නැතත් සොයා ගැනීමට අපහසු මේ පොත සිංහල මුල්ම පුවත්පතවන 1860 වසරේ ලංකා ලෝකය පුවත්පත මුද්‍රණය කිරීමට වසර 8කට පෙර මෙය මුද්‍රණය කොට ඇත.
රාජ්‍ය ලේඛනාගාරය පවසන පරිදි ලියාපදිංචි කරන ලද මුල්ම සිංහල පුවත්පත ඇරැඹෙන්නේ “හෙළ දිව රජනිය” මුද්‍රණය කොට වසර 9කට පසුවයි. 1862 සැප්තැම්බර් 17දා වලානේ ශ්‍රී සිද්ධාන්ත හිමියන් බටුවන්තුඩාවේ රාජකීය පඬිතුමාගේ මූලිකත්වයෙන් ජොහැන්නස් පණ්ඩිත තිලක කොග්ගල ගුරුතුමාගේ සංස්කාරකත්වයෙනි.
විශේෂ ස්තූතිය
ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ සනෝජා කස්තුරි ආරච්චි මහත්මිය හා පුස්තකාලාධිපතිනි පී. එස්. චූලනි, අධ්‍යක්ෂ ප්‍රවර්ධන නිලධාරී ප්‍රදීප් ලංකා යන අයට. ශාසත්‍රාලංකාරය සඟරාවේ පිටපත් කොළඹ ජාතික කෞතුකාගාරයේ සුරක්ෂිතව සුරකිව තැන්පත් කර ඇත.
“සව්සත්දම් වාදය” ගෙනගිය ජෝන් පෙරේරාගේ ශාස්ත්‍රාලංකාරය
“ලංකා නිධානය “ සඟරාව නැවතීමෙන් පසු 1846දී ආරම්භකර ඇති ශාසත්‍රනිධානය සිංහල කතුවරයකු ආරම්භ කළ පළමු සඟරාවයි. මෙයට පෙර ආරම්භ කර ඇති සිංහල භාෂාවෙන් මුද්‍රණය කොට ඇති පැරණිතම සඟරාව වන මාසික තෑග්ග, ලංකා නිධානය, උරගල විවේචකයා, යන සඟරාවල සංස්කාරකවරයෝ සිංහලයෝ නොවූහ. ශාසත්‍රනිධානයේ කතුවරයා කීර්තිමත් සිංහලයෙකි.
ගොඩපිටිය ජේතවන විහාරයේ සරම් මුදලි ඉදිකළ මන්දිරය |
ජෝන් පෙරේරා මහතා කොළඹ ගුරුවරුන් පුහුණු කරවන පාසලේ ප්‍රධානියා ද විය.
ඔහු මේ සඟරාව ප්‍රකාශයට පත්කිරීමට පෙර පොත් කිහිපයක්ද ලියා තිබේ.
කලු කොදයාවේ ප්‍රඥාශෙඛර මහ නාහිමි සඳහන් කරන පරිදි ‘හෙළ දිව රජ නිය” නමින් ග්‍රන්ථයක්ද ලියා ප්‍රකාශයට පත් කොට ඇත. මේ ග්‍රන්ථය පිටු 331කින් යුක්ත වී ඇත. ලංකාදීපයේ රජකළ රජවරුන්ගේ නාමයන් හා ඔවුන්ගේ විස්තර මෙහි ඇතුළත් වී ඇත. පසු කලෙක ඔහු බොරැල්ලේ ඉංග්‍රීසි පාසලේ ප්‍රධානියා ලෙසද කටයුතු කරන ලදී.
මාතර කඹුරුගමුවේ ජන්ම ලාභය ලැබූ පරපුරකින් පැවත එන ජෝන් පෙරේරා කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයේ පළමු සිංහල විදුහල්පතිවරයාය. ඔහු කොළඹ කොල්ලුපිටියේ පදිංචිව සිටියේය. මොහු එළු, පාලි, සංස්කෘතික, ඉංග්‍රීසි, දෙමළ, පෘතුගීසි භාෂාව පිළිබඳ හසල දැනුමක් ඇති පුද්ගලයෙකි.
වසර 1853 දී ජෝන් පෙරේරා මහතාගේ කර්තෘත්වයෙන් රටේ බෙහෙවින් ප්‍රසිද්ධියට පත් “ ශාසත්‍රාලංකාරය” සඟරාව ඇරැඹිණි. එය රටේ උගත් ගිහි පැවිදි වියතුන් අතර එකළ මහත් ආන්දෝලනයක් ඇතිකළ “ සව් සන්දම් වාදය” මේ සඟරාව මඟින් ආරම්භවිය. වාදය ආරම්භයේ සිට අවසානය දක්වා ලිපි සැපයූ සඟරා දෙකෙන් එකක් මේ ‘ශාස්ත්‍රාලංකාරය’ විය. අනික බටුවන්තුඩාවේ මහ පඬිතුමාගේ යතලබ සඟරාවයි.
“සව්සන්දම්වාදය”
මෙයට වසර 200කට පෙර අටවක පොහෝ දින මාතර විසූ දාවික් ද සරම් විජයසේකර තිලකරත්න මුදලිතුමා අකුරැස්ස ගොඩපිටියේ ජේතවන විහාරයේ තෙමහල් ගොඩනැගිල්ලක් ( බෞද්ධ මන්දිරයක්) කළේය. 1806 නොවැම්බර් මස අටවක පොහෝ දින මාතර පටන් ගොඩපිටිය දක්වා නිල්වලා ගඟේ සරසන ලද ඔරුපාරුවලින් ලස්සන පෙරහැරක් ගඟේ ගෙන යන්න මුදලිතුමා කටයුතු කළේය.
ඒ පින්කම වර්ණනා කිරීමට මුහන්දිරම් තේමිස් සමරසේකර දිසානායක මහතා සිලෝ 103ක් රචනා කළේය.
අද මාතර රාහුල විදුහල මේ සරම් මුදලිතුමා ජීවත් වූ නිවසයි . සරම් මුදලිතුමා ඉදිකළ තෙමහල් බෞද්ධ මන්දිරය ගොඩපිටිය ජේතවන විහාරයේ නැතත් එතුමා පූජා කළ පූජා භාණ්ඩ රැසක් එම විහාරයේ තැම්පත් කර ඇත. දිසානායක මුන්දිරම් මහතාගේ ගංගාරෝහණ වර්ණාව ගැන අතිශය ප්‍රසනතාව හි දොස් ඇත්නම් කියන්න යැයි බොහෝ දෙනාට එහි කොපිය බැගින් යැවීය.
ගාල්ලේ අබේසිංහ මුදලිතුමාට යැවූ කොපිය කරතොට නාහිමියන්ගේ ශිෂ්‍යයෙකු වූ මිහිරිපැන්නේ ධම්මරතන හිමියන් වෙත යවමින් මෙහි දොස් කියන ලෙස ඇවටිලි කළේය.
අද, මාතර රාහුල විදුහල සරම් මුදලිතුමාගේ වලව්ව |
එහි පින්කම කරවූ සරම් මුදලිතුමාගේ නම යොදා ඇති සීලෝව මෙයයි:
“සසර සරණ සව්සත්දම් අමාවෙන් සතොස්වා
සඟපවග සැපත් දුන් දම්රදුන් දම් සඟුන් සෙව්
පෙර මැදගවණින් මේ තුන්ගෙණේ මුල්කෙමෙන් නම්
පතළ මැති සඳෙක් වී මේ පුරේ කිත් දෙදෙක් වන්”
මිරිපැන්නේ ධම්මරතන යතිවරයන් වහන්සේ එකල්හි විසූ අතිශය ප්‍රසිද්ධ කීර්තිමත් කිවිවරයෙකි. ගංගාරෝහණ වර්ණනාවේ කිසි යම් ද්‍රෙෂයක් ඇත්නම් හෙළි කරණ ලෙස උන්වහන්සේට නැවත නැවත කරදර කිරීමෙන් පසු එහි එක් දොසක් පමණක් උන් වහන්සේ පෙන්වා දුන්හ.
“සසර සරණ සව්සත්දම් කිවු තුන් ගෙණේහි
අගකුර නරකය් කිව්වා තමය් ඒ මිසක්වා
සඳවියරණ ලක්නෙන් දොස් පෙණෙන්නේ නොමැත් මැය්
මෙම පොත පද බැන්දා ඒ ඉතාමත් කදීමය්”
මෙබඳු සිලෝ තුණකින් එහි කාව්‍යනායක මුදලි තුමාගේ නාමය “ සරම්”/නොව “සරදම්” වන්නේය යි උන් වහන්සේ කියා සිටියහ.
මෙයට අවුරුදු 67කට පසු ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීධුරයක් දැරූ පූර්වාවරභාෂාශාසත්‍ර ප්‍රවීණත්වයෙන් කීර්තිමත් ව සිටි ජේමිස් ද අල්විස් නීතිඥ තුමා සිදත් සඟරා නම් වූ සිංහල ව්‍යාකරණ පොත ඉංගිරිසියට නගා ප්‍රසිද්ධ කරවූයේය. එයට ලියූ සංඥාපනය දීර්ඝ වූ ද වැදගත් වූ ද ඓතිහාසික විවරණයකි. ගංගාරොහණ වර්ණනාවේ “ සසර සරණ සව්දාදම්” යන ආදි සිලෝවට මිරිපැන්නේ යතිවරයන් වහන්සේගේ දොස් කීම වැරදි බවත් එහි ගණතුණේ පෙරමැදවණින් ගැණෙන්නේ ‘සරදම්’ කියා නොව “සරම්” කියා විය යුතු බවත් ඒ මහතා ඒ සංඥාපනයෙහි ඇතුළත් කෙළේය. එයින් පසු වාදය නැවතත් අලුතෙන් පැන නැංග බව පෙණේ.
දකුණේ මුදලි පිරිසක් |
එකල රටේ භාෂාශාසත්‍රවිශාරදත්වයෙන් ප්‍රසිද්ධ ව විසූ පඬිවරුන් අතුරෙන් බොහෝ දෙනෙක්ම දෙපසට බෙදී වාද කළහ. එහෙත් නියම නමින් ඉදිරිපත් වූවෝ සවල්ප දෙනෙකි.
එම වාදය සඳහා ලිපි සැපයූ පඬිවරුන් එම ලිපිවල අග යොදා ඇති නම් මෙසේය:-
“කේ. ධම්මතිලක ජේ.පී.
දො.කො.ප්‍ර. උභයසේකර
එ.දි.හෙ. චන්ද්‍රසේකර
අත්තිඩි ග්‍රාමාධිවාසී දාවිත් පෙරේරා අප්පුහාමි
ඊ.ඇස්.ඇල්.
ඩී.ඒ.ඇස්. බී. පී.
ආම්අ:
පී.ඇස්.
බන.වීරසිංහ පී.
දොන් පී. චන්ද්‍රසේකර
ධම්මරක්ඛිත ජයබාහු
සරදම්
පාලාතමන්ත්‍රිගේ ජොහානස් අල්විස්
පන්ඩිට්
මාතර ශ්‍රී සිංහ
සරදම් අප්පුහාමි
කාම් ක:
සවස්ති සිඬම්
සරද
ගුණරත්න
මාතර පීක්වැල්ලේ විහාරාධිවාසී කෝදාගොඩ
තෙරුන්නාන්සේ
ධම්මතිලක බාහන්තේ
ධම්මසිරික
කවිතිලක
ධර්මානන්ද
ධර්මපාල
දොන් සරදම්
දළුවත්තේ ජිනානන්ද
ගාලු දිසාවේ තල්පේ පත්තුවට අයිති කෝදාගොඩ විහාරස්ථානාධිවාසී කෝදාගොඩ සීලවංස තෙරුන්නාන්සේ
මිරිපැන්නේ ධම්මරතන
අති. අදියර අප්පුහාමි
අකුසබාහු
කරො අප්පු
වේරදූවේ පදිංචි කරො
හබරකඩ ලියනගේ ද්‍රෙන් බස්තියන් ද සිල්වා
අප්පුහාමි
ඒ. ඩී.ඩී. සීකර
මාතර කවිචන්ද්‍ර අප්පුහාමි
ගුණසේකර අප්පුහාමි
තෙම්බොං කඩියා
රා බොන අදිරියා
ශාසත්‍රාලංකාරයේ කලාපයක මිල පැන්ස තුණයි. ඒ කාලයේ රටේ පැවැත්තේ රුපියල් ශත ව්‍යවහාරය නොව පවුම් සිලිං පැන්ස ව්‍යවහාරය යි. රුපියල් ශත ව්‍යව හාරය පටන් ගත්තේ තවත් අවුරුදු 18කට පසුවය.
ශාසත්‍රාලංකාරය සඟරාවේ ඇතුළත් මේ “සව්සන්දම්වාදයේ” ගැන වැඩි විස්තරයක් හා එම කවීන්ගේ කවි සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය නම් කෘතියේ කලු කොඳයාවේ ප්‍රඥ ශෙඛරාභිධාන මහ නාහිමියන් ඇතුළත් කර ඇත. එමෙන්ම 1873 හෙන්ද්‍රික් පෙරේරා ජයසූරිය විසින් අච්චුගස්වන ලද සව්සත්දම්වාදය කෘතියේ වාදයේ සියලු දෑ ඇතුළත්ය.
කොළඹ ශාසත්‍රාලංකාරය ප්‍රසිද්ධ කරවන මහත්මයා නමටයි,
මහත්මයාණෙනි,
පසුගියදා සරදම් වාදය ගැන අප විසින් තමුන්නාන්සේ වෙත අච්චු ගස්වනු පිණිස එවන ලද කව් සොලෝ ආදිය තව ස්වල්ප කාලයකට අච්චු නොගස්වා අතපසු කළ මැනවි. මක්නිසාද? “යතලබ සඟරාව” යයි යන නමින් ප්‍රසිද්ධ කරවන පත්රසයෙහි මාස් පතා බැනුම් පිට බැනුම් සාදා ප්‍රසිද්ධ කිරීමක් පටන්ගෙන තිබෙනවා යැ. එනම් “මහණ, මහණෝ” මහණ කෝලම” කොග්ගල රාලේ” යනාදිය යි. තවත් බෙර පදයක් කියා ඒ පදේට “සිව්ර අකවටු ගන්වාගෙන නටාපන්න” කියා තිබෙනවා යැ.
අප වැන්නවුන්ට මෙබඳු නින්දිත නොසරුප් වචන නිරතුරුවම සුරාපානාගාරවල වැද කටගන්නක් රා බීගෙන මත්ව දොඩවන බේබද්දන් අතරේවත් පාවිච්චි කරනවා කිසි කලක අහන්නට ලැබුණේම නැත. ඔයාකාර නින්දිත වචන කියා බනින්නෙක් හා සමග එකසේ වූ බේබද්දෙක් ම මිස අප වැන්නවුන් ගේ කුමන වාදයක් ද? යමෙක් ඔයාකාර නින්දිත තෙපුල් කියා බෙනේ නම් ඔහු ගේ හිතේ බලවත් ඊෂ්යා? ක්රෝධයක් ඇතුව හෝ නැත්නම් කටගන්නක් රා බීගෙන මත්ව වෙරිමරගාතෙන් හෝ ඔයාකාර බනිනවා.
දොඩනවා මිස එලෙස නොවෙනවා නම් ඔබඳු නිශ්රීක තෙල් කියා අප වැන්නවුන්ට බිනීම අන් කවරෙකුට හැකිදැ? ඉතින් ඔයාකාර වෙෂයෙන් දූෂිත සිත් ඇත්තකුට හෝ කවගත්තක් රා බීගෙන වෙරි මරගාතේ දොඩවන්නෙකුට හෝ අප විසින් ගෙන හැර දක්වන් ලද මනා වූ ශ්‍රාස්ත්‍රයන්ගෙන් යෝජන කවරේ ද? හේ ඕ හට අතිශයින් දුසීව ය.
හෙවත් දුර්බෝධය එ හෙයින් පසුගියදා අප විසින් මනා වූ ශාස්ත්රාශත්ථියන් පිහිටුවා ඉහත දැක්වූ වාදය ගැන යම් කව සොලෝ ආදියක් අච්චු ගස්වනු පිණිස තමුන්නාන්සේ වෙත එවන ලද්දේ වී නමුදු ඔය කී තැනැත්තාගේ ස්භාවේ හැටියට ඒවා අප්‍රයෝජන ය යි හැගෙන නිසා මින් පසු දැනට ඔය තිබෙන ඔහුගේ ස්වභාවය අත්හැරී ගිය බවක් අපට දැන ගන්නට ලැබුණොත් අපගේ කව් සොලෝ අච්චු ගස්වා ප්‍රසිද්ධ කරවීමට කල් දන්වන්නෙමු. ඒ වනතුරු අප ගේ කව් සෝලෝ අච්චු නොගස්වා ප්‍රමාද කරනා හැටියට උදක් ම ඕනෑකමින් ඉල්ලමු.
මේ වගට,
කොග්ගල ධම්මතිලක වම්හ
ජෝන් පෙරේරා මහතා විසින් 1853දී අච්චු ගසා ප්‍රසිද්ධ කරන ලද “හෙළදිව රජනිය” පොතේ මා ළඟ ඇති පරිච්ඡේද කිහිපය
“හෙළදිව රජනිය” හෙවත් පුරාතන පටන් 1850 දක්වා සිංහ රටේ රාජනීතිය නැමැති පිටු 331කින් යුත් පරිච්ඡේද විස්සකින් යුතු ඉතිහාස පොත වර්ෂ 1853දී කොළඹ ස්කොලේ සමාගම වෙනුවෙන් සිංහල භාෂාවෙන් අච්චු ගස්සවා ප්‍රසිද්ධ කරන්න යෙදුනේ ගුරුවරුන් පුහුණු කරන්න සිංහල ශාස්ත්‍ර ශාලාවේ පළමුවෙනි ඉගැනුම් කාර ජෝන්පෙරේරා විසිනි.
අච්චු ගස්සනට යෙදුණේ වැසිලියන් මිසියෝ නාරිස් උන්නාන්සේලාගේ පොත් අච්චු ගසන ස්ථානයේදීය. 1853දීය. “හෙළදිව රජනිය” මුල් පොතේ පරිච්ඡේද කිහිපයක් දැනට මා සතුව ඇත. මුළු පොතම නැතත් සොයා ගැනීමට අපහසු මේ පොත සිංහල මුල්ම පුවත්පතවන 1860 වසරේ ලංකා ලෝකය පුවත්පත මුද්‍රණය කිරීමට වසර 8කට පෙර මෙය මුද්‍රණය කොට ඇත.
රාජ්‍ය ලේඛනාගාරය පවසන පරිදි ලියාපදිංචි කරන ලද මුල්ම සිංහල පුවත්පත ඇරැඹෙන්නේ “හෙළ දිව රජනිය” මුද්‍රණය කොට වසර 9කට පසුවයි. 1862 සැප්තැම්බර් 17දා වලානේ ශ්‍රී සිද්ධාන්ත හිමියන් බටුවන්තුඩාවේ රාජකීය පඬිතුමාගේ මූලිකත්වයෙන් ජොහැන්නස් පණ්ඩිත තිලක කොග්ගල ගුරුතුමාගේ සංස්කාරකත්වයෙනි.
විශේෂ ස්තූතිය
ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ සනෝජා කස්තුරි ආරච්චි මහත්මිය හා පුස්තකාලාධිපතිනි පී. එස්. චූලනි, අධ්‍යක්ෂ ප්‍රවර්ධන නිලධාරී ප්‍රදීප් ලංකා යන අයට. ශාසත්‍රාලංකාරය සඟරාවේ පිටපත් කොළඹ ජාතික කෞතුකාගාරයේ සුරක්ෂිතව සුරකිව තැන්පත් කර ඇත.
නන්දික බැද්දේගම
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ
දිනමිණ පුවත් පත වෙනුවෙන් විශේෂයෙන් ම සකසන ලද ලිපි මාලාවක තවත් කොටසකි.
වෙනදා වගේම වටින විස්තරයක් නොවක් තුති ඔබට...
ReplyDeleteඇත්තටම අර ලිපිය තිබුණ හුගක් වචන තේරෙන්නෑ... මං හිතන්නෙ ඒ වගේ වචන ද භාවිතයෙ නැති හින්ද වෙන්න ඇති..
එකල බස වෙනස් මහේෂ්....
Deleteයකඩෝ අපේ අක්මුල් වගේම සගරා වලත් අකුමුල් වැඩියෙන්ම තියෙන්නේ දකුනේ නේ..
ReplyDeleteවටිනාම විස්තරයක් ව.ක..තුමනි
උඹේ අක් මුල් බෝතලේ ඇතුලේ නේ බේබද්දෝ..
Deleteජෝක් හොඳේ........... ඊයේ මාව කෑවනේ හිටු දෙන්නං පරිප්පු ......
Deleteසඟරා වල විතරක් නොවෙයි දේශකයෝ ඕනම ශ්‍රේෂ්ඨ දෙයක් පටන් අරන් තිබෙන්නෙ දකුනින් තමයි.හුඟාක් ශ්‍රේෂ්ටයන්ගෙ අක්මුල් යන්නෙත් දකුණට විහිදෙනවා.අදටත් ඒක එහෙමමයි
Deleteඔව් ඉතිං අපේ මහරජානන් උන්නාන්සේ ඇතුලු සමාගමත් ඒ පැත්තේනේ. සාදු සාදු
Delete//තෙම්බොං කඩියා, රා බොන අදිරියා// අන්වර්ථ නාම වෙන්ටැ.. :)
ReplyDeleteනොදුටු පින්තූර, නෑසූ විස්තර. ස්තුති සේරටම !
හරියට ෆේක් පොරපයිල් කාරයෝ වගේ නේද චං..
Delete//කටගන්නක් රා බීගෙන මත්ව දොඩවන බේබද්දන් අතරේවත් පාවිච්චි කරනවා// මෙ උඹ වගේ එකෙක් ගැන තමා. බ්ලොග අයිති එකත් ඒ ගොඩේම නේ.
Deleteදේශකයා ජෙනුවින් ප්‍රොෆයිලයක් ද මචෝ.. හුකෑස්....නේද චන්දන
Deleteඇනෝ අපි දෙන්නා හවසට සෙට් වෙනවා එනවද ඔයත්
Delete@දේශකයා
Deleteහ්ම්.. මටත් කල්පනාවට ආවෙ ලස්සන ලස්සන බ්ලොගර් ප්‍රොෆයිල් කිහිපයක්.
@නලින් අයියා..
නලින් අයියා අර කෝට්ටෙන් කන්න වගෙ හදන්නෙ. දේශකයා වසයි, හරිය ? :D
හ්ම්ම්...අඩු ගානෙ බුවා ලිපි ලියන්නෙ නැති එකේ මේ අපි නොදන්නා විස්තර පල කරන එකත් මැදා
ReplyDeleteබුවාගෙයි උඹෙයි වලිය තාම ඉවර නැද්ද බං
Deleteමේකගේ ලැජ්ජ නහර කපල. ඒ එක්කම බෝලදෙකේ නහරත් කැපිලා
Deleteමොන වලිද ඇනෝ අපි ආතල් එකක් අරං ඉන්නවා මාචෝ.... නහර කපල තියෙන්නේ මගේ ද කෙන්ජගෙද කියලද අහන්නේ ඇනෝ...
Delete@ ඇනේලා 2 ක ...ඔය ලජ්ජා නහර ඉපදෙද්දිම නැතුව උපං කුල කුමරෙක් මෙ මං බං
Deleteස්තුතියි නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා
ReplyDeleteඅපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com
ඒ පැත්ට ආවෝ...සුනෙත්
Deleteනොදන්නා බොහෝදේ දැන ගතිමි.ස්තුතියි සැමටම.
ReplyDeleteයමක් දැනගත්තනම් සතුටුයි
Deleteසෑහෙන දෙයක් දැන ගත්තා නලින් අයියෙ.
ReplyDeleteඑළම තමා
Deleteවිස්තරයට තුති, නම් ටික කියවගන්න තමයි අමාරුවුනේ ..
ReplyDeleteඋඹට මොනවද බං අමාරු නැත්තේ. තාම සබං ගාපු අමාරුව හොඳ නැද්ද
Delete@ ඇනෝ හැම දේම අමාරු තමා බං පුරුදු වෙනකං
Deleteඒ කාලේ භාෂාව අමාරුයි වගේ තමා ඉවාන්.. ස්තුතියි
ස්තුතියි නලින් අයියෙ.නොදන්න දෙවල් දැනගත්ත.මිහිරිපැන්න මෙ කිට්ටුවමයි.හැබැයි කියවන්න නම් අමාරුයි
ReplyDeleteහැකිනම් දමිත් මලයෝ යම් තොරතුරක් වෙත්නම් දන්වන්න ඒ පැත්ත ගැනත්. මෙය ලිපි පෙළක්...
Deleteඉතාම හොඳ ලිපියක්.ගොඩක් දේවල් ඉගෙන ගත්ත.ඇත්තටම ඒ කාලෙ හිටපු ගිහි පැවිදි ප්‍රභුවරු හැමෝම මහ උගත්තු බව පේනව.හැබැයි සාමාන්‍ය මිනිස්සු බයේ ගැහි ගැහී ඉන්න ඇති.එහෙන් සුද්ද එනකොට බහින්න ඕන කානුවට මෙහෙන් මුදලි එනකොට බහින්න ඕන කානුවට.ඔය මුදලිවරු ඉතා මර්ධනකාරී පුද්ගලයන් බවට සැකයක් නෑ.ඒ අය ගැන මට එක එක කතා අහන්න ලැබිල තිබෙනවා.
ReplyDeleteකොහොමටත් මම මේ අයගෙ උගත්කමට ගරු කරනව.ඒ වගේම මේ අය සැබෑ උගතුන්.අද වගෙ කොපි පේස්ට් උගත්තු නොවෙයි.
අද අපි බ්ලොග් ලියනවා. එත් ඒ සියල්ලන්ට පාර හදා ඇත්තේ මේ උතුමන්ලා තමා යකා. ඒ නිසයි එවන් අය ගැන ලියැවෙන මේ දේට පත් ඉරුවේත් මෙහිත් ඉඩක් වෙන් කළේ. මේ ලිපිය සකසන්න නන්දික මහත් වෙහෙසක් ගන්නවා.
Deleteබොහොම වටින උපුටා ගැනීමක්.
ReplyDeleteඋපුට ගැනීමක් නොවේ. අපවිසින් පෙන්වාදුන් මාවතක ගොස් සකස්කළ ලිපියක් දිලිනි යේ.මෙහි තව කොටස් කිපයක්ම තිබේ. ඒ ගැන තාම තොරතුරු හොයනවා.මේ අතිත තොරතුරු දන්න ඒ අතීත පරම්පරාවක ඉන්න කෙනෙකුත් මේ බ්ලොග් ලියන අප අතර ඉන්නවා.
Deleteඅහල නොතිබුන කරුණු. කියෝගන්න අමාරු නිසා මොලේ හරියටම ධාරණය වුනේ නැහැ කියෝපුවා. ආයෙ දෙතුන් වතාවක් කියවන්න වෙයි වගේ.
ReplyDeleteනිබන්ධනයකට හොද මාතෘකාවක් බස්සියේ මේ..
Deleteඅද ලිපිය පංකාදුයි...නොදන්න බොහෝ දේ දැනගත්තා...හැබෑටම සිලෝ කියන්නෙ මොනවටද...සිලෝගීත කියලා යෙදුමක් මම අහලා තියෙනවා..
ReplyDeleteසිරා,
Deleteචන්ද්‍රසේන හෙට්ටිආරච්චිගෙ සින්දුවකත් තියන්නෙ "සිලෝ ගීත දෙවියන්ගේ - පහන් සිතට ලං වෙන්නේ" කියල. තේරුම නම් මාත් දන්නෙ නෑ. බැති ගී වගෙ එකක් වෙන්න ඇති ?
සමහර වචන නැවත නැවත් සීමාවකින් තොරව පාවිච්චි කරලා තියෙනවා නේද උදාහරණයක් හැටියට ඔයාකාර කියන වචනේ බලාපං.
ReplyDeleteසෑහෙන වටිනවා නේ. ඔය රාහුලේ කිට්ටුව තියනවා සරම් මුදලි මාවත කියලා පාරකුත්. අර ගඟේ ගියපු පෙරහැර ගැන ඇහුවෙත් අදයි. හරිම ලස්සනට තියෙන්න ඇති
ReplyDelete