ඔවුහු කුරුඳුවලට මහත් සේ භක්ත්‍යාදරයක් දක්වති. ආරක්ෂා කරති. එහෙයින්ම එය ඔවුන්ගේ ප්‍රධාන ආර්ථික භෝගය ද වේ. මෙහි කුරුඳු ආශි‍්‍රත නිෂ්පාදන කර්මාන්තයක් ද පවතී.
මෙහි වෙසෙන නොකම්මැළි ගැමියෝ හරි හරියට කුරුඳු තළති. කුරුඳු වතු හිමියෝ සේවකයන් ලවා කුරුඳු තළවති.
ඇතැම් ගැමියෝ වසරකට හෝ වසර ගණනාවකට කුරුඳු වතු බදු ගෙන එකී නිෂ්පාදනයෙහි නිරත වෙති. කුරුඳු පැළ සිටුවා වසර දෙකක්, තුනක් අතර කාලය වන විට කුරුඳු ගසේ අතු කපාගත හැකියි. ඉන්පසු ඒවා නිෂ්පාදන ස්ථානයට රැගෙන එයි. කුරුඳු තැළීම අරඹන්නේ එතැන් සිටය. එහිදී මුලින්ම කුරුඳු කොළ ඉවත් කර කෝටුව පමණක් ලබා ගනී.
එහි පිට පොත්ත ඉවත් කරනු ලබන්නේ ගානකොකැත්තෙනි. ඉවත ලූ පිට පොතු තෙල් හිඳීමට යොදාගත හැකියි. එසේම එය වගාවන් සඳහා හොඳ පොහොරක් ද වෙයි. අනතුරුව පිත්තල ලීයක ආධාරයෙන් ලීය හොඳින් මැද ගනී. එහිදී ඇඟිලි කොපුවක් ඇඟිල්ලක රඳවා ගන්නේ තුවාලයක් හෝ සීරීමක් සිදු නොවන්නටය.
ලීය මැදීමත් සමඟින් එය මෘදු බවට පත්වේ. අනතුරුව පිහියක ආධාරයෙන් ලීය පළනු ලබයි. එහිදී ලීයේ ගැටි ආශි‍්‍රත ප්‍රදේශයන් දෙකක් ගෙන සීමා ලකුණු කර කැපුම සිදු කරයි. එය වඩාත් නිර්මාණශීලීව, ක්ෂණිකව කළ හැක්කේ හුරුපුරුදු අයෙකුට පමණකි. ලීයේ අරටුව දක්වාම ප්‍රදේශයෙන් මේ ආකාරයට පැළුම් කර පිට පොතු ලබා ගනියි.
අනතුරුව පිට පොතු සියල්ලම මඳ පවනේ සතියක් පමණ වියළා ගත යුතු වේ. ඒ කාලය තුළ දී වරින් වර වතුර ඉසීම ද සිදු කරයි. පිට පොත්තත්, කුඩා පිට පොතුත් එකිනෙක හන්දි කිරීම ඇරැඹෙන්නේ ඉන් පසුවය.
එහිදී හන්දි කිරීම සිදුකරනු ලබන්නේ කිසියම් මිම්මකට අනුවය. පිට පොත්තත්, කුඩා පිට පොතුත් එක්කර කුරුඳු කෝටුව සකසා ගැනීමේදී අදාළ උස ප්‍රමාණය මැන ගනී. ඒ පෙති කෝට්ටෙහි ආධාරයෙනි. මෙය ක්‍රමවත්ව, කඩිනමින් සිදු කර ගැනීමට නම් දෑතේ හුරුව අත්‍යවශ්‍යමය. එසේ සකසාගත් කුරුඳු කෝටුව කුරුඳු වැලේ දමා වියළනු ලබයි.
දවසක් පමණ ගත වන විට කුරුඳු කෝටුවෙහි බඩ ඇඹරීම සිදු කරනු ලබයි. බඩ ඇඹරීම යනු තවදුරටත් කුරුඳු කෝටුව පිරවීම ශක්තිමත් කිරීමකි. අනතුරුව යළිත් සකසාගත් කුරුඳු කෝටු, කුරුඳු වැලේ තැන්පත් කරයි. කුරුඳු කෝටු මිටි බැඳීම සිදුකරනු ලබන්නේ ඉන්පසුවය. හොඳින් මඳ පවනේ වියළාගත් කුරුඳු කෝටු එකිනෙක සම්බන්ධ කරමින් නොකැඩෙන සේ මිටි බඳිනු ලැබේ. කුරුඳු නිෂ්පාදන මිලදී ගන්නා වෙළෙඳපොළට එය යැවෙනුයේ ඉන් පසුවය. කුරුඳු තළන්නෝ කය වෙහෙසා වැඩ කරති. ඉන් තම අත මිට සරිකර ගනිති. ඔවුන්ගේ දවස ගෙවෙන්නේ ද කුරුඳු මිටි අතෙර්ය. කෙතරම් කාර්යබහුල වුවද ඉන් මිදෙන්නට ද ඔවුහු අකැමතිය. ඒ එය ඔවුන්ගේ සුපුරුදු ජීවන රටාවම වන හෙයිනි.
හික්කඩුවට කප්රුක කුරුඳු
දකුණට පොල් ගස ද, උතුරට තල් ගස ද කප් රුකකි. එය එසේ යැයි ජනවහරෙහි සම්මත වුවද, හික්කඩුවට නම් කුරුඳු තවත් එක් කප් රුකකි. මෙහි අක්කර ගණන් පුරා දිස්වන්නේ එක යායට ඇති කුරුඳු වතුය. ඔවුහු ඉඩ කඩ ලද සෑම තැනකම පාහේ කුරුඳු වගා කරති. ඒ ඇසුරේ හිඳ ඔවුන් ගෙවනා දිවිය සුව පහසු අද්දැකීමක් නොවේ.
ඔවුහු කුරුඳුවලට මහත් සේ භක්ත්‍යාදරයක් දක්වති. ආරක්ෂා කරති. එහෙයින්ම එය ඔවුන්ගේ ප්‍රධාන ආර්ථික භෝගය ද වේ. මෙහි කුරුඳු ආශි‍්‍රත නිෂ්පාදන කර්මාන්තයක් ද පවතී. මෙහි වෙසෙන නොකම්මැළි ගැමියෝ හරි හරියට කුරුඳු තළති. කුරුඳු වතු හිමියෝ සේවකයන් ලවා කුරුඳු තළවති.
ඇතැම් ගැමියෝ වසරකට හෝ වසර ගණනාවකට කුරුඳු වතු බදු ගෙන එකී නිෂ්පාදනයෙහි නිරත වෙති. කුරුඳු පැළ සිටුවා වසර දෙකක්, තුනක් අතර කාලය වන විට කුරුඳු ගසේ අතු කපාගත හැකියි. ඉන්පසු ඒවා නිෂ්පාදන ස්ථානයට රැගෙන එයි. කුරුඳු තැළීම අරඹන්නේ එතැන් සිටය. එහිදී මුලින්ම කුරුඳු කොළ ඉවත් කර කෝටුව පමණක් ලබා ගනී.
එහි පිට පොත්ත ඉවත් කරනු ලබන්නේ ගානකොකැත්තෙනි. ඉවත ලූ පිට පොතු තෙල් හිඳීමට යොදාගත හැකියි. එසේම එය වගාවන් සඳහා හොඳ පොහොරක් ද වෙයි. අනතුරුව පිත්තල ලීයක ආධාරයෙන් ලීය හොඳින් මැද ගනී. එහිදී ඇඟිලි කොපුවක් ඇඟිල්ලක රඳවා ගන්නේ තුවාලයක් හෝ සීරීමක් සිදු නොවන්නටය.
ලීය මැදීමත් සමඟින් එය මෘදු බවට පත්වේ. අනතුරුව පිහියක ආධාරයෙන් ලීය පළනු ලබයි. එහිදී ලීයේ ගැටි ආශි‍්‍රත ප්‍රදේශයන් දෙකක් ගෙන සීමා ලකුණු කර කැපුම සිදු කරයි. එය වඩාත් නිර්මාණශීලීව, ක්ෂණිකව කළ හැක්කේ හුරුපුරුදු අයෙකුට පමණකි. ලීයේ අරටුව දක්වාම ප්‍රදේශයෙන් මේ ආකාරයට පැළුම් කර පිට පොතු ලබා ගනියි.
අනතුරුව පිට පොතු සියල්ලම මඳ පවනේ සතියක් පමණ වියළා ගත යුතු වේ. ඒ කාලය තුළ දී වරින් වර වතුර ඉසීම ද සිදු කරයි. පිට පොත්තත්, කුඩා පිට පොතුත් එකිනෙක හන්දි කිරීම ඇරැඹෙන්නේ ඉන් පසුවය.
එහිදී හන්දි කිරීම සිදුකරනු ලබන්නේ කිසියම් මිම්මකට අනුවය. පිට පොත්තත්, කුඩා පිට පොතුත් එක්කර කුරුඳු කෝටුව සකසා ගැනීමේදී අදාළ උස ප්‍රමාණය මැන ගනී. ඒ පෙති කෝට්ටෙහි ආධාරයෙනි. මෙය ක්‍රමවත්ව, කඩිනමින් සිදු කර ගැනීමට නම් දෑතේ හුරුව අත්‍යවශ්‍යමය. එසේ සකසාගත් කුරුඳු කෝටුව කුරුඳු වැලේ දමා වියළනු ලබයි.
දවසක් පමණ ගත වන විට කුරුඳු කෝටුවෙහි බඩ ඇඹරීම සිදු කරනු ලබයි. බඩ ඇඹරීම යනු තවදුරටත් කුරුඳු කෝටුව පිරවීම ශක්තිමත් කිරීමකි. අනතුරුව යළිත් සකසාගත් කුරුඳු කෝටු, කුරුඳු වැලේ තැන්පත් කරයි. කුරුඳු කෝටු මිටි බැඳීම සිදුකරනු ලබන්නේ ඉන්පසුවය. හොඳින් මඳ පවනේ වියළාගත් කුරුඳු කෝටු එකිනෙක සම්බන්ධ කරමින් නොකැඩෙන සේ මිටි බඳිනු ලැබේ. කුරුඳු නිෂ්පාදන මිලදී ගන්නා වෙළෙඳපොළට එය යැවෙනුයේ ඉන් පසුවය. කුරුඳු තළන්නෝ කය වෙහෙසා වැඩ කරති. ඉන් තම අත මිට සරිකර ගනිති. ඔවුන්ගේ දවස ගෙවෙන්නේ ද කුරුඳු මිටි අතෙර්ය. කෙතරම් කාර්යබහුල වුවද ඉන් මිදෙන්නට ද ඔවුහු අකැමතිය. ඒ එය ඔවුන්ගේ සුපුරුදු ජීවන රටාවම වන හෙයිනි.
නදීෂාණී පි‍්‍රයංගිකා
ඡායාරූප - නිශ්ශංක විජේරත්න
මිහිතුරු සඟරාවට ලියල ලද ලිපියකි
වටිනා ලිපියක්...කුරුදු ගැන නොදත් දෑ බොහොමයක් දැනගන්න හැකි වුනා..
ReplyDeleteකුරුදු ගැන දන්න අයට වඩා නොදන්න අය වැඩිය්
ReplyDeleteස්තූතියි ලිපියට. කවුරු ලිපිය ලීයුවත්, අපටත් එය කියැවීමට අවස්ථාවක් ලබා දුන්නාට.
ReplyDeleteබුදු අම්මෝ මෙච්චර දෙයක් කරන්න ඕනෙද කුරුඳු වලට?
ReplyDeleteහික්කඩුවට කුරුඳු...????
ReplyDeleteමම හිතන්නේ වැරදීමක්...කුරුඳු වලට ප්‍රසිද්ධ ....කරන්දෙණියයි...ඊට අල්ලපු ගම වන ඌරගහ ප්‍රදේශයයි.
නලින් අය්යෙ මම මේ ප්‍රදේශ ගැන දන්නව..! හික්කඩුවෙත් ඇති.ඒත් ජීවනෝපාය විදියට කරන්නේ ඕය ගම් ආශ්‍රිතවයි.හෝ ඒ ප්‍රදේශයේ අයයි
ළඟදීම ඔය පැතිවල ඇවිදින්න යන්ඩ හිතාගෙන ඉන්නවා. මෙය ඒ සඳහා පූර්ව දැනුමක් වෙයි.
ReplyDeleteඅපේ ගේ ළඟ පොඩි කුරුඳු කෑල්ලක් (වත්තක්) තිබුනා. ඒක කපපු අය පාන්දර හය විතර වෙනකොට වැඩ පටන් ගන්නවා. රෑ එක දෙක වෙනකල් වැඩ...
ReplyDeleteස්තුතියි කුරුඳු ටිකට.. :)
මෙච්චර මහන්සි වෙලා මිනිස්සු කරන දේවල් වලට ලැබේන වටිනාකම මදි කියල මට හිතෙනවා.සාමාන්යෙන් කුරුදු වෙළද පොලේ මිල අදිකයි..
ReplyDeleteගමේ ගියාම කුරුඳු තලන විදිහ දැකලා තියෙනවා. ඒත් මෙච්චර විස්තර දැනගෙන හිටියෙ නෑ. හරිම වටින ලිපියක් .
ReplyDeleteමේ වගේ ලිපි ගොඩක් වටිනවා පොඩි අයට කියලා දෙන්න.
ReplyDeleteකියන්න දෙයක් නෑ අන්තර් ජාලයේ දුටු සහ කියවූ ලිපි අතර හොඳම ලිපියක්. කාලතුරකින් ලියැවෙන ඉසව්වක් ගැන සටහනක්.කුරුඳු තලන මිනිසුන්ගේ දුක්බර ජීවිත ගැන රත්න ශ්‍රී විජේසිංහ ලස්සන ගීයකුත් ලියල තියෙනවා
ReplyDelete//ලීය මැදීමත් සමඟින් එය මෘදු බවට පත්වේ. //මේ චේද දෙපාරක් දාලා මොකෑ...
ReplyDeleteඅගනා ලිපියක් ...මගෙත් අදහසක් තියනවා ඉස්සරහට කුරුඳු වගා කරන්ට....ස්තුතියි ඈ
හොඳ ලිපියක්. වැදගත් විස්තර ටිකක් තියෙනව.
ReplyDeleteමමත් අපේ අම්බලන්ගොඩ මහගෙදර ගියාම දැකල තියෙනවා කුරුඳු තලනවා. ඒ තලන කොටම එතනින් අරන් කන කුරුඳු කෑල්ලක තියෙන සැර මුසු රසය හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ReplyDeleteකලාතුරකින් කියවන්නට ලැබෙන කවුරුවත් ස්පර්ශ නොකරන ඉසව්වක් ... කියවන්නට ඉඩ හදා දුන්නට ස්තුතියි.
ReplyDeleteවැදගත්ම දේ නං කුරුදු නෙලීම ගැන තාත්වික විස්තරයක් ඉදිරිපත් කිරීමයි. බෝම ස්තුතියි විස්තරයට..
ReplyDeleteහොද්ද රස කරනව තරම් ලේසි නෑ නෙව
ReplyDeleteසුපිරි..
ReplyDeleteඅපේ දිහත් කුරුඳු ගහක් තියේ.. යන එන ගමන් කොලයක් කටේ දාගෙන හපනවා. රසය පට්ට..
ලිපිය ලියන්න ගොඩක් මහන්සි වෙලා. නොදන්නා ඉසව්වක්.. ආසාවෙන් කියෙව්වේ.. නියමයි බොහොම ස්තුතියි දැනුම සැපයීම ගැන
රක්වාන , කහවත්ත කියන පැත්තේ මගේ සියා අවුරුදු 40 ක් තිස්සේ ඔය රස්සාව කළා ... රක්වානේ තමයි සෑහෙන්න කුරුදු වතු තියෙන්නේ.... කොකැත්තෙන් ගාන එක සෑහෙන්න අමාරු වැඩක් ,, පුරුදුවෙන එක ලේසි නැහැ කුරුදු රස්සාව හරිම අමාරුයි.. සමහරු අවුරුද්දක් දෙකක් යනකල් කරන්නේ කොකැත්තෙන් පොතු අරින්න පුරුදු වෙන එක. ..නියමිත මට්ටමට පොත්තට හානිවෙන්නේ නැතුව උඩ දුහුල් පොත්ත ඉවත් කරන එක හොදට ඉගෙනගන්න ඕනේ,, ඒ වගේම පොත්ත ගෑවට පස්සේ කොටස් කොටස් ලීයෙන් වෙන් කරගන්න එකත් හැමෝටම බැහැ ..
ReplyDeleteඒ ගැන ඔබේ ලිපිය හොදින් සකස් කර ලියලා තියෙනවා, ෆොටෝ ටික නියමයි ,, ස්තුති
Deleteකුරුදු තලන විදිය දැකල තිබුනත් ඇත්තටම මෙච්චර විස්තරයක් දැනන් උන්නේ නෑනෙ.බොහොම ඉස්තුති විස්තරයට.
ReplyDelete//ලීයේ අරටුව දක්වාම ප්‍රදේශයෙන් මේ ආකාරයට පැළුම් කර පිට පොතු ලබා ගනියි. //මෙතනදි ලීයේ අරටුව කියල අදහස් කරල තියෙන්නෙ මම හිතන්නෙ කුරුඳු මහ පඳුරේ පහල කෙළවර ඇති විශාල කොටස වෙන්න ඕන. නමුත් සමාර පැතිවල අරටුව කියල හඳුන්වන්නලෙීයේ මැද තිබෙන තද කොටස.. උදාහරන ලෙස කොස් අත්තක හරස්කඩේ පිට පොත්ත අයින් කලාම කහපාට අරටුව ලැබෙනවා. මෙතනදි මොන සෙල්ලම දැම්මත් කුරුඳු මේ ආකාරයෙන් සුරුට්ටු හදන්න ගන්න පුලුවන් වෙන්නෙ ගහේ පිට පොත්ත පමණයි..එහෙම නැතුව දෙතුන් පාරක් තලල අරටුව දක්වා පොතු ගන්න නම් බැහැ..
ReplyDeleteඅමිල...සත්තකින්ම...ඕය හූරලා අයින් කරන්නෙ "සුරුඩ්ඩ" කියන්නෙ. අන්න ඒක නැත්තම් පොත්තේ පිටත තුනී ආවරනය. ඊලඟට තියෙන මාංශල ගතියෙන් යුතු පොත්ත තමා ඕය තලල ගන්නෙ. පිත්තල පොල්ලෙන් තලන කොට පොත්තෙ තියෙන ජලය ටික පිටතට ඇවිල්ල මෙලෙක් වෙනව එතකොට පොත්ත ගලවන්න ලේසියි.
Deleteඅරටුවක් නෑ කුරුඳුවල..ඕය තලන්න ගන්න තත්වයේ කුඩා ගස් වල..නමුත් කපන්නෙ නැතිව තිබ්බොත්..බට් රබර් ගහක් වගේ ලොකු වෙනව.
හරිම අපුරු වටිනා ලිපියක් අපි නොදකින ජිවිත සියුම්ව ස්පර්ශ කරලා.....
ReplyDeleteබොහොම වැදගත්, ප්‍රයෝජනවත් ලිපියක්. බොහොම ස්තුතියි.
ReplyDeleteතවත් වටිනා ලිපියක්.....Ceylon Tea වගේම Ceylon Cinnamon අපිට ආඩම්බරයක්. ලෝකේ වටිනාම කුරුඳු තියෙන්නේ අපිට කියලා තමයි කියන්නේ. මේ කර්මාන්තය රැකගැනීම රජයේ වගකීමක්. එය රැකෙන්න නම් පහලම මට්ටමේ සේවකයින්ව උනන්දුවෙන් රැකබලා ගන්න වෙයි.
ReplyDeleteඑංගලන්තේ කේම්බ්‍රිජ් වල සිලෝන් සිනමන් කියලා රෙස්ටොරන්ට් එකක් තියෙන බව හදිසියේ දවසක ඇහැ ගැටුනා.
අපි ලෝකෙ ඉස්තරම්ම තේ හැදුවට ලෝකෙ රසම කුරුඳු හැදුවට අපේ රටෙ කීදෙනෙක්ටද වාසනාව තිය්න්නෙ ඒවයෙ රස බලන්න ? හොඳම ඒවා රට යනවා. අපි රොඩු කනවා බොනවා.
ReplyDeleteඒකනේ සරත් සියරට දේ සිරිසැප දේ කියන්නේ :D
Deleteසෑහෙන හොඳ ලිපියක් නමුත් අඩුපාඩු තිබේ. ගාන කොකැත්තෙන් ඉවත් කරනුයේ පොත්ත නොවේ. කුරුට්ටයි. එය හොඳ පොහොරක් වීම කෙසේ නමුත් තෙල් හිඳින්නට ගන්නේ නැත. පිත්තල පොල්ලෙන් මැදීමෙන් පසු පිහියකින් ලීය පළන්නේ නහැ. පොත්ත ගැලවීමයි කරන්නේ. එය කරනුයේ තළන කොකැත්තෙනි එයද විශේෂයෙන් නිර්මාණය කරන ලද ආයුධයකි. අනෙක් අතට කුරුඳු ගසේ තැළීමට කපාගන්නේ අතු නොවේ.මුලු ගසමයි. නොමේරූ අතුවල පොත්ත ලීයකින් තලා ලබාගෙන තෙල් හිඳීමට ගනු ලැබේ. මෙම තෙල් කුරුඳු කොළ වලින් ගන්නා තෙල් වලට වඩා රසායනිකව වෙනස්වේ. කුරුඳු තැළිම කරන්නේ පංගු ක්‍රමයටයි. මා දන්නා කාලයේ එය විකිණුම් මිලෙන් තුනෙන් පංගුවකි.කුරුඳු රැකියාව කරන විට තදින් කුසගිනි දැනෙන බව ඔවුන් පවසන අතර එම වටපිටාවේ පවතින සැර ගතිය නිසා එය සත්‍යයක් විය හැකි බව මටද සිතේ. ලංකාවේ කුරුඳු වල ප්‍රධාන ගැනුම් කරුවා මෙක්සිකෝවයි. ඊට අමතරව එක්සත් ජනපදය සිටී.කුරුඳු ගැන වැඩි විස්තර සඳහා පිවිසෙන්න ලංකාවේ ප්‍රමුඛ කුරුඳු වෙළෙන්දෙකු වන අම්බලන්ගොඩ GP de Silva සමාගමේ www.lankacinnamon.com/ හර්ෂ
ReplyDeleteකුරුඳු ගැන දැන ගන්නට ඉතා ආසාවෙන් හිටියේ. කුරුඳු තලන හැටි මං කවදාවත් දැකල නැහැ. බලාගන්න ලැබුනොත් ආසාවෙන් ඉන්නේ. ඔබට බොහොම ස්තුතියි දැනුවත් කලාට
ReplyDeleteකුරුඳු තෙල් හදන්නේ කොහොමද....
ReplyDelete