හිසට සෙවණ ලබා දෙන්නේ නිවහනයි. නිවහන තමන්ගේ රුචි අරුචිකම් මත නිර්මාණය කරනු වස් බොහෝ දෙනා උත්සුක වෙති. සිය ආර්ථික තත්ත්වයටත්, සිතට සරිලන ආකාරයෙනුත් හිසට සෙවණ තැනීම කාගේත් පරමාභිලාෂයයි. මේ එවන් ආකාරයකට තැනූ නිවෙස් ය. දකුණු ලක අපේ ඇස ගැටුණු පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාෂය ලබා තැනූ නිවෙස් ය. වසර ගණනාවක ඉතිහාසයකට උරුමකම් කියන ඒවා පෘතුගීසි, ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාෂය ලැබූවකි.
තව ද නුවර යුගයේ කැටයම් ද සහිතය. සමකාලීන ගොඩනැඟිලි නිර්මාණවල ඇති හැඩතල හා කැටයම් මෙහි දක්නට ලැබෙයි. තව ද මේවායේ මැද මිදුල සහිත ය. සොල්දර ක්‍රමය සහිතය.
බොහෝ සිතුවිලි ඈත අතීතයකට දිව ගියේ එදා මෙහි ජීවත් වූ කුලවත්, වංශවත් හා රදල පෙළපත්වලින් පැවත එන්නන්ගේ මනා ගර්වයත්, ප්‍රභූත්වයත්, බොහෝ කතා වස්තූන්වල හා නිර්මාණයන් හි තිබූ බැවිනි. කාලයාගේ ඇවෑමෙන් මෙහි විසූ කුලවතුන්, ප්‍රභූවරුන් මිය පරලොව ගිය ද ඔවුන් මේ මේ යැයි මේ මේ ආකාරයට ජීවත් වන්නට ඇතැයි යන්න අප හට චිත්ත රූප මවන්නට මේ ගොඩනැඟිලි සමත් ය. ගනකම් බිත්ති, සාලය, පඩිපෙළ, කණු, මැද මිදුල, ගරාදි වැට, තරප්පු පෙළ හා සොල්දර ක්‍රමය අතීත වාස්තු විද්‍යාව පිළිබඳව අපට කියා පාන කැටපතයන් ය.
මෙවැනි නිවාස කිහිපයක් තවමත් ගරා වැටෙමින්, යළි අලුත්වැඩියා කරමින්, වෙනස් කරමින් තැනෙමින් පවතී. අපේ ඇස ගැටුණු එවන් නිවෙස් කිහිපයක් මෙසේ දක්වමු.
ශ්‍යාමා සමරසිංහ
ඡායාරූප - නිශ්ශංක විජේරත්න
මිහිතුරු සඟරාවට ලියන ලද ලිපියකි
අපූරු පින්තූර..
ReplyDeleteකොළඹ තියෙන මේ වාගේ ගොඩනැගිලි නම් දැන් නියමෙට හදලා ගන්නවා.
ReplyDeleteඅපේ ගෙදරත් සොල්දරයක් තියෙනවා... අපි ඒකෙ රෑට නිදාගෙනත් තියෙනවා.... පට්ට ගති...
ReplyDeleteඅපේ මහ ගෙදරයත් පොඩි සොල්දර ගෙදරක්. තාම නම කියන්නේ සොල්දර ගෙදර කියල තමා..
ReplyDeleteදැන් ආපහු මේවාට හොඳම ඉල්ලුමක් තියෙනවා
ReplyDeleteමමත් මෙ වගෙ ගෙදරක ජිවත් වෙන්න ආසයි...
ReplyDeleteඅපේ ගෙදරත් සොල්දරක් තියෙනවා.. ඒකේ තමයි සීයාගේ කවි පොත්, කතන්දර පොත් අඩුක් කරලා තිබ්බේ..
ReplyDeleteමගේ යාලුවෙකුගේ ගෙදරත් සොල්දරයක් තියෙනවා.. අපි එහේ ගියාම නිදා ගන්නේ සොල්දරේ..
ReplyDeleteදැන් කාලේ ටී.වී එකෙයි හැමතැනමයි පෙන්නන වාස්තු විද්‍යාවට වඩා, කාලයක් පැවතුන ඒ පරණගෙවල් වල වාස්තුවිද්‍යාව වෙනස් නේද??
අපේ ගෙදරනම් පොල් අතු පැලක් නෙව. :D
ReplyDeleteඅල්ලපු ගෙදරනම් ඔහොම එව්වා තියෙනවා. ඒත් එහෙ හොම්මන් තියෙනවලු..
අම්මෙහ් මං ඔව්වට භයයි..
මෙතනදි වඩා නිවැරදි වචනය වෙන්නේ වාස්තු විද්‍යාව නොව ගෘහ නිර්මාණ ශිල්පය කියන එක.මොකද ලිපියේ මාතෘකාවෙන් කියවෙන්නේ රචකයා සොල්දරය ගැන වාස්තු විද්‍යාත්මක විවරණයක් දෙන්න යනවා කියන එකනේ.ඒ වුනාට සොල්දර ගෙවල්වල රූප වගයක් දාලා ලිස්සලා යෑමක් වෙනවා .www.amuthusithuwili.wordpress.com
ReplyDeleteඔබ සමග එකඟයි මිත්‍රයා...මේ සාමාන්‍ය රූපමය විවරණයක් පමණයි. විස්තරාත්මක විවරණයක් නොවේ...
Deleteමරු පින්තුර ටික.මේ ගෙවල් වල වටිනාකම් ඒ කාලෙට සාපේක්ෂව දැන්නම් සැහෙන ඉහළ අගයක් ගන්නවා ඇති.
ReplyDeleteසොල්දොර ගෙවල් ගැන අසා තිබුනාට අදනේ හරියටම බලා ගත්තේ
ReplyDeleteඅර වහලේ ජොයින්ට් එක ඇත්තෙන්ම ලොකු කැරම් ඉත්තෙක් වගේ කියලා හිතෙන්නේ නැද්ද?
ReplyDeleteඑතකොට, ඔය අපි අදහන වාස්තු විද්‍යාවේ තියෙන කුරුස මූට්‍ටු දාන්නේ නැති එක, එතකොට එක පෙළට උලුවහු තුනක් දාන්නේ නැති එක, තව ඉස්සරහ දොරෙන් බැලුවාම දිගටම එහාපැත්ත පේන්න නැති වෙන්න තියෙන්න ඕනේ කියන එක වගේ කරුණු, මේ ඕලන්ද ගෘහ නිර්මානශිල්පයත් එක්ක ගැටුනේ නැද්ද?
//අර වහලේ ජොයින්ට් එක ඇත්තෙන්ම ලොකු කැරම් ඉත්තෙක් වගේ කියලා හිතෙන්නේ නැද්ද?//
Deleteමාත් බලන් එන ගමන් හිතුවේ ඒ ගැන...
@...ඩූඩ්......
Deleteලොකු ගැටුමක් තිබුනා/තියෙනවා ඩූඩ්. එක උදාහරණයක් කියන්නම්..ඔය සමහර පැරණි වලව් වල තියෙනවා කන්තෝරු කාමරයක් ..ඒක ඉස්සරහ බොහෝ තැන් වල රවුම් බිත්තියකින් යුක්තයි,නැතිනම් අටපට්ටම් හැඩයක් ගන්නව...ඒක වාස්තු විද්‍යානුකූලව අසුබයි.
අනික කුරුස මූට්‍ටු නොදාන එක අදටත් වලංගුයි.එහි විද්‍යාත්මක සත්‍යතවය නම්..ඉංග්ලිශ් බැම්ම( ඉන්ජිනේරු ගඩොල අතුරන/බඳින විදියට) හතර පැත්තට දිවෙන මූට්‍ටුවට බඳින්න බෑ.
ගෙවල් වලට නම් දැනටත් කුරුස හංදිය ඉතා අශුභ බව සඳහන් බව පිලිගැනෙනවා.
ඔබට මතකද කාලයක් ආව ඇමරිකන් පැටන් කියල වහලවල් ක්‍රමයක්(මම නම් ඉපදිලත් නෑ එතකොට) ඒ වහලවල් වල මුදුන් යටලීයක් එන්නෑ...! මුදුන් යටලීයක් නැතිව තමා වහල ගහන්නෙ. ඒකත් ඉතා අශුභ බව පිලිගැනීමයි. පසුකාලීනව එම නිවෙස් බිඳ වැටීමට ලක්වූ බවත් කිව යුතුයි.
ලස්සන පින්තූර ටික... සොල්දර ගෙවල් අද දකින්න ලැබෙනවා අඩුයි..
ReplyDeleteමේ රූප පෘතුගීසි,ලන්දේසි ,ඉන්ග්‍රීසි ලෙස වෙන් කරලා නෑ නේද?ඒ ගැන පොඩ්ඩක් කියන්නකො
ReplyDeleteඅපේ ගමෙත් ඔය වගේ වලව්වක් මාරම ලස්සනට හදලා තියනවා.නයිට් එකකට 20000ක් ගන්නවා.මෙන්න මං ලින්ක් එක හොයලා දැම්මා
ReplyDeletehttps://www.facebook.com/pages/Maya-Tangalle-Sri-Lanka/141134222626136?hc_location=stream