පිහිටීම - රාස්සගල හා පෙට්ටිගල කඳු පංතිවලින් වටව ඇති පෙදෙසකි.
දිස්ත්‍රික්කය - රත්නපුර
පළාත - සබරගමුව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - බළන්ගොඩ
ගමන් මාර්ගය - බළන්ගොඩ නගරයේ තුඹගොඩ මංසන්ධියෙන් ආනන්ද මෛත්‍රී මාවත දිගේ කිලෝමීටර් 11ක් පමණ ගිය විට හමුවේ.
විවිධ හැඩතල ගත් කඳු පන්ති තැන් තැන්හි පිහිටා ඇත. ඒවා අතරින් සිනිඳු සේල බඳු මිහිඳුම් වලාවන්ය. බැලූ බැල්මට ගන වනාන්තරයක් දෝයි සිතෙයි. නැත. මෙහි සිසාරා ඇත්තේ තේ වතුය. උස් වූ කඳු පන්ති පුරා ඇත්තේ මනාව ඔප මට්ටම් කොට සකසා ඇති තේ වතුය. තේ වතු ඇසුරේම හැදී වැඩී ජීවත් වන ගැමියන් වෙසෙනා මේ පෙදෙස සමනල වත්තයි. බෑවුම් සහිත පටු මාවත ඔස්සේ වේගවත් ගමන් යා නොහැකිය. බැලූ බැලූ අත දිස්වන්නේ හෙල් වැටිය. ප්‍රපාතයන්ය. ඇඟ හිරිගඩු පිපෙද්දී අපි සමනල වත්තට ප්‍රවිෂ්ට වූයෙමු.
අතිශය සුන්දර දිය ඇලි සිතට කෝල කරද්දී, දොඩංගල්ලෙන හා මස්සැන්න දිය ඇලි පසු කළෙමු. පෙට්ටිගල කන්ද, බඹරගල කන්ද, රාස්සගල කන්ද හා සමනොල කන්ද සමනල වත්තට පැහැදිලිව දර්ශනය වෙයි. රාවණා කපොල්ල ද පැහැදිලිව දක්නට ලැබෙයි. එය බුදුන් වහන්සේ සැතැපී සිටින අයුරින් දිස්වෙයි. බුදුන් වහන්සේගේ ශ්‍රී පාදය මෙහි පිහිටුවන අදහසින් වැඩම කළ ද, මිථ්‍යාදෘෂ්ටික දෙවි කෙනෙක් ඒ අසල ගැරඬි කුණක් දමා අපවිත්‍ර කළ බැවින් උන් වහන්සේ සමනල කන්දට වැඩම කොට සිය පාද ලාංඡනය තැබූ බව විශ්වාස කෙරේ.
කඳු අතරින් පැන නඟින මනහර දිය ඇලි සමනල වත්ත තවත් හැඩ කරවන්නට සමත් වෙයි. කුඩා දිය පහරවල් ආධාර කොට ගෙන ඊට සමාන්තරව ගැමියන් විසින් තැනූ මංගල පීල්ල කා අතරත් ජනපි‍්‍රය ය. මංගල පීල්ලෙන් දිය නෑ අයෙකුට සමනල වත්තේ බින්න විවාහයක් සිදු වීම නියතයක් බව කාගේත් අදහසයි.
අත් දෙක දමාගත හැකි අයුරින් සකසා ගත් ගෝනියකින් තැනූ ඇඳුමකින් මෙහි ගැමියෝ විලි වසා ගත්හ. මෙහි ගැමියෝ දන්නා එකම කර්තව්‍යය තේ දලු නෙළීමයි. තේ කර්මාන්තය වටා කැරකෙන දිවියක් ස්වභාවයෙන්ම ඔවුන්ට උරුමව ඇත.
සමනල වත්තේ සුමන සමන් දේවාලය ගැමියන්ගේ දුක් වේදනා, පීඩාවන් හා කම්කටොලු දුරුලන එකම අධ්‍යාත්මික ස්ථානයයි. විභාග ජයග්‍රහණයට, දරු සම්පත් ලබා ගැනීමට, ලෙඩ දුක්වලින් මිදීමට සුමන සමන් දෙවියන් ඉදිරියේ කන්නලව් කිරීමට ගැමියෝ පුරුදුව සිටිති.
වර්ෂ 1964 ජුලි 12 වන දින ගැමියන්ට කිසිදා අමතක නොවේ. සමනල වත්තේ ස්ථිර පදිංචියට ආ ගැමියන්ට අනේක විධ පීඩාවන්ට මුහුණ දීමට සිදුවිය. වන සතුන්ගේ ද, මැසි මදුරුවන්ගේ ද දෂ්ට කිරීමට ඔවුහු හසුවූහ. තමන් පෙළූ මේ උවදුරින් මුදා ගන්නා ලෙස ඔවුහු සුමන සමන් දෙවියන් උදෙසා මහත් බැති සිතින් පුද පූජා කළහ. යාඥා කළහ.
තමා වෙනුවෙන් මහත් භක්ත්‍යාදරයෙන් පුද සත්කාර කරනා අහිංසකයන් ගැන සුමන සමන් දෙවියෝ ද අනුකම්පා කළහ. ගැමියන් පෙළනා දුක් කම්කටොලුවලට සහනය ලබා දුන්හ.
දෙවියන් කෙරෙහි තුටු සිත් පහදවා ගත් ගැමියෝ එතැන් පටන් දෙවියන් වෙනුවෙන් දේවාලයක් ඉදි කළහ. කෙම්මුර දවස්වලට දෙවියන්ට යාඥා කරන්නට පුරුදු වූහ. බොරු කේලම් කියා කට වරද්දා ගතහොත්, තමන්ට දෙවියන් දඬුවම් කරතැයි තරයේ විශ්වාස කරති. අපිරිසුදුව දේවාල භූමියට නොපැමිණෙති.
සෑම කාන්තාවක්ම දේවාලය තුළට ඇතුළු වීමෙන් වැළකෙයි. තෙද බලැති දෙවියන් කෙරෙහි මහත් වූ භක්ත්‍යාදරය හේතුවෙන් ඔවුහු එසේ කැප වෙති. සෑම වසරකම ජනවාරි පළමු වැනිදා සුමන සමන් දෙවියන් උදෙසා මහත් වූ පුද සත්කාර පවත්වති. එළැඹෙන වසරට ආශිර්වාද ලබා ගනිති.
සමනල වත්තට ඉදිරියෙන් සමනල අඩවිය පිහිටයි. ඇතැම් කෙම්මුර දිනයන්හි තෙද බලැති දෙවියන් දීප්තිමත් අලෝක දහරාවක් නිකුත් කරන බව ගැමියෝ පවසති. සමනල ලෙන ආරණ්‍ය සේනාසනය ඈතින් දිස්වෙයි. ආරණ්‍යවාසී භික්ෂූන් ඇසුරේ ද සිය අධ්‍යාත්මික පෝෂණය උදෙසා යොමුවන ගැමියෝ ද වෙසෙති. නොකිලිටි ඇවැතුම් පැවැතුම් සහිත ගැමියන්ගේ අධ්‍යාත්මයන් පවිත්‍රව ඇත්තේ වටව ඇති කඳු වළල්ල නිසාදෝයි විටෙක සිතෙයි.
හෝරා කිහිපයකට පසුව බළන්ගොඩ සිට සමනල වත්ත දක්වා දිවෙන ජනතා සන්තක ප්‍රවාහන බස් රථයෙන් ගැමියන් නගරය වෙත ඇදෙති.
සීමිත අවශ්‍යතා පමණක් ඉටුකර ගන්නා ඔවුන්ගේ එදිනෙදා දින චර්යාව වෙන්ව ඇත්තේ තේ දලු නෙළීමටත්, දලු ලොරිය වෙත දලු පැටවීමටත් පමණි. නිල්ල ගසා පැතිරී ඇති සෝබමාන සිරියාවෙන් යුතු සමනල වත්ත පිටිසර ගම්මානයකි. තැන් තැන්හි පිහිටා ඇති පර්වත අපූරු රටාවකින් යුක්තය. කිසිවෙකු විසින් සූරා ඇති ලක්ෂණ මෙහි පෙන්නුම් කරයි. කෙසේ වෙතත් ඒවා මිථ්‍යා හා ප්‍රබන්ධ කතාවලින් ද ගහනය.
සොබා සෞන්දර්යයේ පහස අර්ථවත්ව විඳීමට ඔබ පි‍්‍රය කරන්නේ නම් සමනල වත්ත මා හැඟි කදිම ස්ථානයකි.
සංජීව පිටබැද්ද
ඡායාරූප - නිශ්ශංක විජේරත්න
පලාත නම් හරිම ලස්සනයි. ඒත් තාම ඔය කියන පැත්තට අඩිය තියලවත් නෑ
ReplyDeleteනොදන්නා සුන්දර ස්ථානයක් ගැන දැනුවත් කරාට ස්තුතියි. සංචාරයටයි සිත දෙන්නේ මේවා දැක්කම.
ReplyDeleteඔය පැත්ත තාමත් බොහොම දුෂ්කරද අයියේ?
ReplyDeleteරජෝ මේකනම් යන්න වටිනවා ඊලග සැරේ ආයෙත් ලංකාවට ආවම
ReplyDeleteයන්න හිතෙනවා මේ පැත්තේ නම්....
ReplyDeleteමටත් යන්න හිතුනා "D
ReplyDeleteස්තුතියි පාර පෙන්නුවට.ගොඩාක් පිං
ReplyDeleteහරිම ලස්සන ගමක්
ReplyDeleteහරිම සුන්දර පැත්තක් ... සුන්දරත්වය සියසින්ම විඳලා සුමන සමන් දෙවියන් වැඳපුදාගෙන එන්න යන්න හිතුනා ...
ReplyDeleteඅංකල් ඔන්න රූවට ප්ලේස් එකක් කිව්ව..නියමයි
ReplyDeleteවැරදිලාවත් අර දිය ඇල්ලෙන් නෑවේ නැද්ද?
ReplyDeleteමේ විදියට තවම විනාශ වෙලා නැති ලස්සන තැන් ටිකක් හරි ඉතුරුවෙලා තියන එක ලොකු දෙයක්
මෙතෙන්ට ගිහින් නෑ...
ReplyDeleteඅපේ චන්දන අයියා හිටියනම් කියාවි තව විස්තර..
ගමේ එවුං ගිහින් නැතිකොට අපි ගැන කවර කතාද?
Deleteහ්ම්ම ආසයි යන්න
ReplyDeleteමගෙත් මිතුරෙක් ඉන්නවා ඔය පළාතේ.. පුංචි පුංචි ගෙවල් තියෙන්නේ කඳු මුදුන් වල. හරිම සුන්දරයි. දැන් නම් ගොඩක් තැන්වල ගැමි කම හේදිලා ගිහිං. ඒත් තාමත් ඒ සුන්දරත්වය වැනසිලාම නැහැ.
ReplyDeleteගොඩක් ආස කරන ප්‍රදේශයක්. හැබැයි නිවාඩුවකට විතරයි. ජීවිත කාලෙම වෙසෙන්න කැමැත්තක් නැහැ. හිතනවට වඩා මාර කටුකයි නේද අයියණ්ඩි. මේ පේන සුන්දරත්වය මේ ජීවිතවලනම් නැහැ..
මම නම් ඉතින් වැඩිය දෙයියන්ට හිතැති නෑ!
ReplyDeleteඔය පාරෙ ගිහිල්ල නැති උනත් රාස්සගලනං මම ගොඩක් වෙලාවට යනව. පරිසරය අතින්නං ඒ පැත්තත් මාර ලස්සනයි.
ReplyDeleteබලමු පොඩ්ඩක් ඔය පැත්තෙත් ගිහිල්ල.
ඊළඟ ගෙට්ටුව මෙහෙ තියමුද...?
ReplyDeleteහා හා දෙවියො කෝප වෙන්ඩ ඉඩ තියනව ලඟ නමනකොට :D
Deleteඅලුත් අවුරුද්ද ලබද්දීම සවාරියක් ගියා ද?
ReplyDelete//විවිධ හැඩතල ගත් කඳු පන්ති තැන් තැන්හි පිහිටා ඇත. ඒවා අතරින් සිනිඳු සේල බඳු මිහිඳුම් වලාවන්ය. බැලූ බැල්මට ගන වනාන්තරයක් දෝයි සිතෙයි. නැත. මෙහි සිසාරා ඇත්තේ තේ වතුය//
ReplyDeleteමේ ටික කියවද්දි නම් යන්න ආස හිතෙනවා.
ඔතනට ගිහින් නැතුවට, බලංගොඩ, තුඹගොඩ හෙම මම පොඩි කාලේ හිටපු තැන්
ReplyDeleteලස්සන පැත්තක් නේ යන්න ඕනේ මංගල පීල්ලෙන් දිය නාගන්න..
ReplyDeleteනලින් අයියා නෑවේ නැද්ද ඔය පිල්ලෙන් ?
"................අත් දෙක දමාගත හැකි අයුරින් සකසා ගත් ගෝනියකින් තැනූ ඇඳුමකින් මෙහි ගැමියෝ විලි වසා ගත්හ."
ReplyDeleteබලංගොඩ නගරයට කි.මි. 11යි ලංගම සහ පුද්ගලික බස් ධාවනයක් තියනවා. බොහෝ පාසල් දරුවන් අධ්‍යාපනය ලබන්නේ බලන්ගොඩ නගරයේ. රාස්සගලට අතේ දුර. තේ ආර්ථිකය නිසා ගැමියන්ගේ අතමිට සරුයි.මටනම් පේන නොදියුණු කමක් නැහැ සමනල වත්තේ.
මම මේ පැත්තේ ගිහින් තියෙනවා බස් එකේ. පුදුම ලස්සනක් තියෙන පලාතක්.
ReplyDeleteඅයියො මේ පොඩි ලංකාවේ අපි ගිහින් නැති ලස්සන තැන් කොච්චර ද ??කොහොම වුණත් යන්න ආස හිතෙනවා ...
ReplyDeleteනලින් යමුද මේ පැත්තෙ රවුමක්.
ReplyDeleteසුමන සමන් දෙවි පිහිටයි!
ReplyDeleteතවමත් පරක්කු නෑ අර කිව්ව පීල්ලෙන් නාන්න....
ReplyDeleteනියමම විස්තරයක් නලින් අයියේ... මට මුතුහර සඟරාවේ ලිපි මතක් උනා.... ගොඩක් වැදගත් දේවල් ...
ReplyDeleteරාස්සගල කන්ද පෙනෙනතෙක් මානයේ කාලයක් මම සිටියෙමි තේ ආර්තිකය ආශ්‍රිත කුඩා තේ වතු හිමි ගැමියෝ අතමිට සරු පිරිසකි. වතු වල වැඩ කරන කම්කරු ජනතාවගේ ජීවන තත්වය නම් අමිහිරියි. අඩු පහසුකම් සහිත ලැයිම් කාමර වල ජීවත්වේ. සීනි ටිකක් අල්ලට ගෙන කුඩා වීදුරුවකට ඔවුන්ගෙන් ලද තේ කහට, ආගන්තුක සත්කාරයට මම අදද ඇලුම් කරමි
ReplyDeleteවිස්තරය වගේම ෆොටෝ ටිකත් නියමයි අයියේ...
ReplyDeleteගොඩක් වටින ලිපියක් අයියේ.. මම ලංකාවේ ගොඩක් තැන් බලන්න ගිහින් තිබුණත් මෙතන ගැන අහලවත් තිබ්බේ නෑ..
ReplyDeleteඅර පීල්ල
ReplyDeleteඒකනං මරු වැඩේ...
මොන මගුලක්ද මම දන්නේ නැහැ මට මතක් වුනේ කිතුල් රා...
ReplyDeleteමටත් යන්න ආස හිතුණා :)
ReplyDeleteනියමයි ඈ ... කවද හරි යන්න ඕනේ තැනක්
ReplyDeleteබලන්න වටිනා තැනක් වගේ
ReplyDelete