සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සංවිධාන කටයුතු අභිමානවත් හා උත්කර්ෂවත් අයුරින් සිදු කර තිබීම සම්බන්ධයෙන් රාජ්‍යනායකයන්ගේ ප්‍රසාදය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පළ කෙරේ.
ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව සීඝ්‍ර දියුණුවක් ලබා ඇති ශ්‍රී ලංකාව ලොව දියුණුතම රටක් බවට අනාගතයේදී පත් වනු ඇති බවත් ඔවූහූ අවධාරණය කරති.




බ්‍රිතාන්‍ය අගමැතිව ඩේවිඩ් කැමරන් මහතා ප්‍රමුඛ රාජ්‍ය නායකයන් මෙම අදහස් පළ කළේ ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට පසුගිය දිනවලදී එක්වෙමිනි. 

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඞ් කැමරන් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන කේන්ද්‍රයේ දී 15 වැනිදා හමු විය.


බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා ජනාධිපතිතුමා හමු වූ අවස්ථාව

පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව සංවිධාන කර ඇති ආකාරය පිළිබඳව සිය සතුට පළ කළ බ්‍රිතාන්‍ය අගමැතිතුමා ඇතැමුන් යෝජනා කළ ද රැස්වීම වර්ජනය කිරීමේ අදහස තමා නොපිළිගත් බව පැවසීය. 

තමා උතුරේ කළ චාරිකාව සිහිපත් කළ කැමරන් මහතා ගැටලු අවසන්වීමෙන් පසු විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව දක්නට ඇතැයි සඳහන් කළේය. උතුරු පළාත් සභාව සඳහා මැතිවරණ පැවැත්වීම සමඟි සන්ධානය සඳහා ගනු ලැබූ අතිශය වැදගත් පියවරකැයි හැඳින්වීය.

එසේ වුව ද අවතැන් වූවන්, ඉඩම් ගැටලු, උතුරු පළාතේ හමුදාව රැඳී සිටීම සහ අලුතින් පත් වූ පළාත් සභාවට බලතල පැවරීම වැනි ක්ෂේත්‍රවල විසඳිය යුතුව ඇති ප්‍රශ්න තිබෙන බව කැමරන් මහතා කීය.

අවතැන්වූවන් යළි පදිංචි කිරීම, පුනරුත්ථාපනය, ගැටුම් සමයේ විනාශ කළ යටිතල පහසුකම් යළි ඉදිකිරීම වැනි අංශවල සුවිසල් වැඩ කොටසක් සම්පූර්ණ කර ඇතැයි ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වමින් පැහැදිලි කළේය. 

දේශපාලන කරුණු සම්බන්ධයෙන් පොදු එකඟත්වයකට පැමිණීම පිණිස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර ඇති බවත් අදාළ සියලූ පක්‍ෂවලට ඊට සහභාගී වී සිය අදහස් පළකොට එකඟත්වයකට පැමිණීමට හැකි බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

පොදු එකඟත්වයකට පැමිණීම සඳහා ඇති හොඳම වේදිකාව තේරීම් කාරක සභාව බව පැවසූ ජනාධිපතිතුමා ගැටුම් අවසන් වී තවම ගතවී ඇත්තේ වසර 04 ක් පමණක් බවත් ප්‍රධාන අභියෝග ජයගැනීමට ශ්‍රී ලංකාවට තව යම් කාලයක් අවශ්‍ය බවත් පැවසීය.

මේ අතර දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා මහතා සහ ජනාධිපතිතුමා අතර හමුවක් ද 15 වැනිදා සවස සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන කේන්ද්‍රයේ දී පැවැත්විණ.


 සිංගප්පූරු අගමැති ලී සියැන් ලූං මහතා

 ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් මහතා සමග

රුවන්ඩා ජනාධිපති පෝල් කගමේ මහතා ජනාධිපතිතුමා හමු වූ අවස්ථාව

 වනුආටු ජනාධිපති මොආනා කාර්කසෙස් කැලෝසිල් මහතා 
ජනාධිපතිතුමා මුණගැසුණු අවස්ථාව

 සීෂේල්ස් ජනාධිපති ජේම්ස් මිචෙල් මහතා ජනාධිපතිතුමා හමු වූ අවස්ථාව

 සමාරම්භ උළෙලේදී ජනාධිපතිතුමා සහ චාල්ස් කුමරු

 වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැති රාජ්‍ය නායක සැසියේ අවස්ථාවක්

 රාජ්‍ය නායක ආර්යාවන්ගේ නිල ඡායාරූපය

 චාල්ස් කුමරු කොළඹ කෞතුගාරයට පැමිණි අවස්ථාව

 සමාරම්භක උළෙලේ නර්තන අංගයක්
පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුව මනාව සංවිධාන කිරීම ගැන ශ්‍රී ලංකාවට සහ ජනාධිපතිතුමාට ස්තුතිය පුද කළ සූමා මහතා දැනටමත් යහපත් මට්ටක පවතින ශ්‍රී ලංකාව සමග සබඳතා පුළුල් හා වැඩිදියුණු කර ගැනීමට දකුණු අප්‍රිකාවේ ඇති කැමැත්ත පළ කළේය. 

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට සිය ආණ්ඩුව දක්වන අභිලාශය දැනුම් දුන් රාජපක්‍ෂ මහතා දකුණු අප්‍රිකාවේ සත්‍යය සහ සමගි සන්ධාන කොමිසම හා ඒ පිටුපස වූ ක්‍රියාදාමය ගැන වැඩිදුර අධ්‍යයනය කිරීමට තමා කැමැත්තෙන් පසුවන බව පැවසීය. 

සත්‍යය කොමිසම ගැන වැඩිදුර හැදෑරීමට රාජපක්‍ෂ මහතා දක්වන උනන්දුව අගය කළ දකුණු අප්‍රිකානු ජනාධිපතිතුමා ඒ සඳහා දෙරට අතර දූත පිරිස් හුවමාරුව ක්‍රියාදාමය පහසුකිරීමට ඉවහල්වනු ඇතැයි සඳහන් කළේය.

වනුආටු ජනාධිපති මොආනා කාර්කසෙස් කැලෝසිල් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී පෙරේදා (16) මුණගැසුණේය.

තම රටේ පැවැත්වෙන 2017 පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුව සංවිධාන කිරීම සඳහා සහාය දෙන ලෙස වනුආටු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රමුඛතම සංවාද මණ්ඩපය සංවිධානය කිරීමේදී ශ්‍රී ලංකාවේ අත්දැකීම් බෙදා ගැනීමෙන් සහය වීමට තමා සූදානම් බව රාජපක්‍ෂ මහතා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේය.

ශ්‍රී ලංකාව මට මගේ රට වගෙයි යයි පැවසූ කැලෝසිල් ජනාධිපතිතුමා තම ජනතාව මෙන් ශ්‍රී ලාංකීය ජනතාව ද ආගන්තුක සත්කාරයට ලැදි, මිත්‍රශීලී සහ සිනහමුසු ජාතියක් බව කීය. වනුආටු ලොව ප්‍රීතිමත්ම ජාති ලෙස දෙවරක්ම ශ්‍රේණිගත වී ඇත.

ස්වාසිලන්ත අගමැති බානබස් සිබුසිසෝ ලමිනි මහතා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බැහැ දුටු අතර ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබදතා වර්ධනය කර ගැනීමේ ස්වාසිලන්ත අභිලාශය පළ කළේය.

රුවන්ඩා ජනාධිපති පෝල් කගමේ මහතා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන කේන්ද්‍රයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා  හමුවිය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුවට සත්කාරකත්වය සැලසීම වෙනුවෙන් සිදුකර ඇති සංවිධානය පිළිබඳව රුවන්ඩා ජනාධිපතිතුමා රාජපක්‍ෂ මහතාට ස්තුතිය පළ කළේය.

සිංගප්පූරු අගමැති ලී සියැන් ලූං මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණ.

පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුවේ ආරම්භක උළෙල අත්‍යාලංකාරව සිදු වූ බවත් අනතුරුව පැවති සාකච්ඡා හොඳින් කෙරීගෙන ගිය බවත් සිංගප්පූරු අගමැතිවරයා පැවසීය.

සමුළුවේ සමාරම්භක උළෙල අමතමින් ජනාධිපතිතුමා කළ දේශනය ඇගයීමට ලක් කළ සිංගප්පූරු අගමැතිවරයා දේශනය නව අදහස්වලින් පොහොසත් එකක් යැයි පැවසීය.

විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස්, විදේශ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, විදේශ අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ. 

මෙන්න දැන් ලද තොරතුරු කීපයක් පස්වරු 4.50 

වසර තිහක ත්‍රස්තවාදයක් නිසා උද්ගත වූ ප්‍රශ්න විසැඳීමට කිසිවකු හෝ විසින් කාල වකවානු නියම කිරීම සාධාරණ නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.




එම ප්‍රශ්න විසැඳීමේ ක්‍රමවේදයක් දැනටමත් ආරම්භ කර තිබෙන අතර ඒ සඳහා කලක් ගත විය හැකි බව පැවසූ ජනාධිපතිවරයා සතියකින්, මාසයකින්, මාස තුනකින් එය නිම කළ යුතු යැයි කීම අසාධාරණ බව පැවසීය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර තිබෙන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශාපලන පක්ෂ එකතුව එමඟින් ලබා දෙන විසැඳුම ක්‍රියාවට නැංවීමට තමා සූදානම් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. වසර තිහක් දුක් විඳි ශ්‍රී ලාංකික ජනතාව ජීවිත් වීම අරඹා තිබෙන මොහොතක කරුණාකර සාධාරණ වී මෙම ප්‍රශ්න විසඳා ගැනීමට අපට උපකාර වන ලෙස විදෙස් මාධ්‍ය වෙතින් ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අවසන් කරමින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවට අද (17) එක්වෙමිනි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ අවසන් ප්‍රගතිය මාධ්‍ය වෙත පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත් වුණු අතර තිරසාර හා සියල්ලන්ට සමව බෙදී යන සංවර්ධනයක්, කාලගුණ විපර්යාස, සංවර්ධන කටයුතුවලදී තරුණයන්ගේ දායකත්වය සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයෝ එකඟතාවකට පැමිණ සිටිති. අපට ව්‍යවස්ථාවක්, ඉතා හොඳ නීති පද්ධතියක් තිබෙන අතර එයට ගරු කරන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස සියලු මැතිවරණ නිසි කලට පැවැත්වෙන බවත් ප්‍රකාශ කළේය. ජනතාව විසින් තමාට තුනෙන් දෙකක බලයක් ලබා දී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු ජනතාව රැක බලා ගැනීමේ වගකීම තමා සතු බව පැවසීය. වසර 30ක යුද්ධයක් අවසන් කර ජනතාව ජීවිත ආරම්භ කළා පමණක් බවත් සැමගේ වගකීම වන්නේ ඊට සහාය දීම බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ගැටුම් නිරාකරණය කිරීමෙන් පසු දකුණු අප්‍රිකාවේ අත්දැකීම් බෙදා ගැනීමට කණ්ඩායම් යවා තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා තමා දකුණු අප්‍රිකාව සමඟ ඒ ගැන ප්‍රථමයෙන් කථා කළේ අද ඊයේ නොව තමා විපක්ෂයේ සිටියදී බව පැවසීය. පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටක් ලෙස එහි වටිනාකම්වලට ගරු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ආයෝජන කිරිමට පැමිණෙන් චීනය පමණක් නොව ලොව ඕනෑම රටක් සාදරයෙන් පිළිගන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය. දකුණු අප්‍රිකානු ජනාධිපති ජකොබ් සුමා, මැලේසියානු අගමැති නජීබ් රසාක්, සෙන්ට් කිට්ස් සහ නෙවිස් ජනාධිපති ඩෙන්සල් ඩැනියෙල්, ගයානා ජනාධිපති ඩොනල්ඩ් රමෝටා, පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේෂ් ශර්මා මහත්වරු ද මෙහිදී අදහස් දැක් වූහ.



සේයාරූ චොගම් නිල මාධ්‍ය අංශයෙනි


දැන් කස්ටියට පුළුවන් කඩේ යනවා කියලා මට බනින්න. ඒ වගේම වැදගත් යමක් තියනවනං උපුටගන්න විවේචනය කරන්න මේ කෝක කළත් ඒ සියල්ල සතුටින් බාරගන්නත් සූදානම්.


32 comments:

  1. මොනවා උනත් මේවා බලද්දී පොඩි ආඩම්බරයකුත් දැනෙනවා..... පුළුවන් කමක් තිබ්බොත් මේවයේ A3 සයිස් print out ටිකක් අරන් මෙහෙ ලිට්ටේල් ඉන්දියාවල අලවනවා ...... උඩ පනින කොටි පැටව් ටිකට පෙන්න

    ReplyDelete
    Replies
    1. ලිට්ටේල් ඉන්දියා කිව්වේ මොකක්ද ?? :o

      Delete
    2. මැලේෂියාවේ එක්තරා ප්‍රෙද්ශයක් තමා ලිට්ල් ඉන්ඩියා. එහි වැඩිම ජනගහනය දෙමළ. මේ නමින්ම සිංගප්පූරුවෙත් නගරයක් තියේ.

      Delete
    3. ඔව් ඔව් , මාත් හිතුවේ මේ කියන්නේ සිංගප්පූරුවේ නගරය ගැන කියල.
      ඒත් , එහේ තියේන්නේ Little India කියලයි.

      බොහෝමත්ම ස්තුතියි , මේ ගැන කිව්වට.

      Delete
  2. මටත් මේ සමුළුවේ විවිධ අවස්ථා වලදි , මේ සමුළුව ගැන ආඩම්බරයක් ඇති වුනා.

    ශ්‍රී ලංකාවේ තියේන තාක්ෂණය හා අනෙකුත් දෙවල් දැන් රටවල් විශාල ප්‍රමාණයකින්ම දැන ගත්තනේ.

    ReplyDelete
  3. ඔය කැමරන් ගොයිය පොඩි පහේ තග පාරකුත් දැම්ම නෙද?

    ReplyDelete
    Replies
    1. මමත් ඇහුවා ඒ කතාව.

      Delete
  4. හැමදේම හොඳින් සිද්ද උනා නම් එච්චරයි ...අපි ටික ටික ඔලුව උස්සමු.. ලබන පාර ඔලිම්පික් එකක් කොහොම හරි ගමු.. මෙහෙම තමයි වැඩ පෙන්නන්න ඕනේ පර සුද්දන්ට ඇඬෙන්න...

    ReplyDelete
    Replies
    1. අනිවා , කොහම හරි අපේ රටට ඔලිම්පික් ගන්න පුලුවන් වුනෝත් නම් අති විශිෂ්ටයි.

      අපිට ඒක අනිවාරේන්ම කරන්න පුලුවන්.

      Delete
    2. හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම් .....

      Delete
    3. ඔලිම්පික් නම් ගන්නම ඕන. බ්‍රසිලයට කතාකරලා බැලුවානම් ඊලඟ එක ඉල්ල ගත්ත හැකි.

      Delete
    4. ඒක ඇත්ත අපි රටක් විදිහට ඉස්සරහට යන්න ඕනේ. දැන් අපිට අඩු ඔලිම්පික් එක විතරයි.. ඒකත් කොහොමහරි ගොඩ දාමු මේ ගැම්මටම ..

      Delete
    5. // ඔලිම්පික් එකක් කොහොම හරි ගමු.. මෙහෙම තමයි වැඩ පෙන්නන්න ඕනේ පර සුද්දන්ට ඇඬෙන්න//
      +++++++++++

      Delete
    6. ඔව් ඔව් ..
      රාජපක්ශ මචං..
      වැඳල හරි ඔලිම්පික් ගේමමු !!
      මදි වගේ නං පැරාලිම්පික් එකත් ගේමු !!
      උඹේ බැංකු පොතේ තියන ටික ඇතිවෙයිද !

      Delete
    7. ඇත්තටම මචං උඹලා සිරාවටමද කියන්නේ?? අපිට නං දැන් හොඳ ගනන්......

      Delete
  5. චෝගමුත් ඉවරයි. මහන්සි උණ තරමට ඉස්සරහට මේවගේ ප්‍රතිපල එනවා නම් හොදයි

    ReplyDelete
  6. අපිවගේ රටකට ලැබුණු මේ මහඟු අවස්තාව ගැන සතුටුවෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. අන්න උඹට නයි ටී වී එකෙන් ඉන්ටවීව් කෝල් කරලා !

      Delete
  7. හ්ම්ම්ම් හ්ම්ම්ම්

    ReplyDelete
  8. Charlis Kumaraya katu geta gihin Kadu Ko kiyala ahuwaada

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ.......කටුගේ තියන්න ඕවා වෙන කොහෙද අරන් ගියේ සුද්දන්ට පස්සේ...කන්ගැට්ටා නිසා ඌට චාල්ස් කුමාරයා නයිට් නාමයක් දීලා.....සර් කන්ගැට්ටා කියලා.

      Delete
  9. නලීන්......ආර්යාවන්ගේ ෆොටෝ එකේ මාර්යාවත් එක්ක ඉන්න මහත්තයාගේ නෝනා රාජ්‍ය නායිකාවක්ද?

    මම ආසයි රුවන්ඩා ජනාධිපති එක්ක ඉන්න ෆොටෝ එකට.

    චෝගම් ගැන රජයේ දැක්ම හින්දා මුකුත් කමෙන්ට් කරලා වැඩක් නැහැ. රජය ජනතාවට ඇහුම්කන් දෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මං ආස අර ස්කූල් යුනිෆෝම් එකෙන් නංගිල කොඩි අතේ තියං ඉන්න එකට.

      Delete
  10. සතුටුයි ඉතිං :D

    ReplyDelete
  11. චෝගම් කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩි වැටහීමක් ආවා. මම නම් කියන්නේ වියදම් කරපු තරම වත් හම්බ වෙනවනම් හොඳයි කියන එක.

    ReplyDelete
  12. අපි දුප්පත් කියලා කල යුතු දේවල් නොකර ඉන්න එකද හරි ? යුද්ධයත් එහෙම අත ඇරියනම් ? එතකොට යුද්දේ කරන ගමන් අනිකුත් සංවර්ධන කටයුතු. සාක්කුවට යන ගාන ගැන මුලින්ම කථා කරන්නේ ඒ වගේ හොර හිත් තියෙන අය. මම මේ කියන්නේ එහෙම දේවල් නොවුණා කියලා නොවේ. නමුත් දකුණු ආසියාතික රටවල් වල ඊට වඩා හොඳ තත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ. හේතුවක් නැතිව මඩ ගැසීමත්, හේතුවක් නැතිව සුදු හුණු ගෑමත් යන දෙකන ඵල රහිතයි. ඒවා හිත සනසා ගන්න හොඳයි. හැම දේ ම මධ්‍යස්තව බලන්න ඕනේ. මම කියන්නේ මේ කාල සීමාවේ නගරයේ ඇති කරපු පිරිසිදු කම දිගටම පවත්වාගෙන යන්න කියලා.

    ReplyDelete
  13. කැමරන් අතට අත දීලා දි‍ය රෙද්දෙන් බෙල්ල කැපුවා.. මොනව වුනත් කොළඹ නගරේ පුංචි අලංකාරයක් තියෙනවා ඒ නිසා

    ReplyDelete
  14. මම දැන් ඉන්න රටේ අගමැති තුමත් ආවා නේද....එයාගෙ ෆොටෝ එහෙම තිබ්බෙ නැතුවැයි ?

    ReplyDelete
  15. වියදම සැරයි, නාස්තිය ඊට සැරයි. එත් ජනාධිපතිට තිබ්බ උවමනාව අනෙක් යට තිබ්බද කියන එක සැකයි. හැමෝම බැලුවේ කොහෙන් හරි කීයක් හරි ගසාගන්න

    ReplyDelete
  16. අපේ රටට ඇත්තටම හොඳක් වුනාද එහෙම නැති නම් ග්‍රිසියට වගේ නය ගෙවන්න බැරුව ප්‍රපාතයටම යන්න වේයිද කියලා සැකයි. කොහොම වුනත් මේවල ප්‍රතිපල අයවැයෙන් නැතිනම් ලබන අවුරුද්දෙ එලියට එයි.

    උතුරෙ සංවර්දනය ගැන නම් නියම වැටහීමක් ලබන්න ඇති නමුත් ඒ අය ඒකෙන් විතරක් සෑහීමකට පත්වෙන එකක් නෑ.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT