සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

අද අලියෙකුට පාරෙ යන්නත් නැති හැටියක්. වෙනද ආරංචි වුණේ කෝච්චියට අලි හැප්පෙනවා කියලනේ. මේ අලි අනතුර වුණේ පොළොන්නරුවේ සිට කොළඹ බලා ගමන්කළ පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථයක් මින්නේරිය සහ හබරණ අතරදී 15 දා (අද) රාත්‍රී අටට පමණ මාර්ගයේ සිටි වන අලියෙකුගේ  ගැටීමෙන්. 



මේ අනතුරෙන් තිදෙනෙකුට තුවාල සිදුව ඇත. වන අලියාටද තුවාල සිදුව බරපතල තත්ත්වයේ එතැනම වැතිර සිටියි. රියදුරුට බස්රථයේ වේගය පාලනය කරගත නොහැකිව රථය බෝක්කු කැටයක්ද කඩාගෙන මාර්ගයෙන් ඉවතට පැන ඇත. අනතුරින් රියදුරුට බරපතල තුවාල සිදුව හබරණ රෝහලට ඇතුළත්කර දඹුල්ල රෝහලට මාරුකර යවා ඇත. අනතුරින් තුවාල සිදුවූ වල් අලියා සහ මාර්ගයෙන් ඉවතට පැන්න බස්රථය මෙහි ඇත. 
ඡායාරූප හබරණ ගුණවර්ධන

ප.ලි. අද උදෑසන මේ අලියා මියගොස් ඇත

.

40 comments:

  1. පව් අහිංසක සතා , එකෙත් හැටි...හරක් වේනුවේන් ගිනි තියාගන්න රටේ අලියෙක් වෙනුවෙන් කතා කරන්න කවිරුත් නෑනේ.

    ReplyDelete
    Replies
    1. අලි කියන නමේ අවුලක්ද මන්දා

      Delete
  2. පාරත් කෙලින් පාරක් වගේ. ඉතින් බස් එක වේගෙන් යන එක සාධාරණයි කියලා හිතෙන්නේ. අලියාගේ වෙලාව.

    ReplyDelete
    Replies
    1. සිංදුවා මොලේ හෝද ගනින්.

      Delete
    2. හඃ හඃ හඃ මට හිතුනා ඇනෝ එකක් එයි කියලා. බස් එකට හැමෝම නගින්නේ ඉක්මනට යන්න. කොටන එකාට එහෙන් බනිනවා, වැරදිලාවත් බැරිවීමකින් වැරදුනාම ඒකටත් උටම බනිනවා. ඇරත් රෑට කොහොමත් බස් වේගෙන් අදින්නේ.

      //අද අලියෙකුට පාරෙ යන්නත් නැති හැටියක්//
      ඇත්තටම පාර තියෙන්නේ අලින්ට යන්නද ? නෑනේ. අනික සමහරවිට වෙනදා පාරේ අලිත් එහෙම ඉන්නේ නැතුව ඇති.

      ඒ නිසා තාමත් ඒක අලියාගේ වෙලාව.

      Delete
    3. ඕකට උබල රන්ඩු වෙලා හරි යන්නෙ නෑ... ඕකට අපි හැමෝම වග කියන්න ඕන... ඔය පාර්ලිමේන්තුවට යවන පාහරයො හින්ද තමා වෙන හැම වැරද්දක්ම වෙන්නෙ.... උගත් කමක් නැති එවුන්නෙ යන්නෙ... මහ එකාගෙ ඉදල එහෙමයි.... ඕකුන් කැලවල් වල හොටෙල් ගහනව... කෑලෑ සුද්ද කරල බල්ලෙක්වත් යන්නෙ නැති එයාපොර්ට් ගහනව.... ඉතින් සත්තු කොහේ යන්නද??

      Delete
    4. මේවට මොනව කියන්නද ඉතින් ජීවිතේ කියලා තියනවානේ ඕන දේ.

      Delete
  3. ඔය පාරෙ ගිය හැම දවසකම මම අලියෙක් දැකල තියනව. ඒ වගේ තැන්වලදි වත් පරිස්සමින් යන්න පුරුද්දක් නෑ අපේ මිනිස්සුන්ට

    ReplyDelete
    Replies
    1. අනිවා රාජ් කවුරුත් බලාපොරොත්තුවෙන් තමයි සාමාන්‍යෙයන් මේ හරියේ යන්නේ

      Delete
  4. කැලේ ඉන්නත් නෑනේ. අන්න හෙන පොරක් කැළේ ඉන්න අලි පැටව් දෙන්නෙක් අල්ලගෙන ඇවිල්ලා.

    ReplyDelete
    Replies
    1. කවුද බන් ඒ කාලකන්නියා... කැලේ සතෙකුටවත් ඉන්න දෙන්නෙ නෑනෙ නිදහසේ....

      Delete
    2. කාලකන්නි එකෙක් නෙවේ කීප දෙනෙක්ම මේ දහදුරා වැඩේ කරනවා.

      Delete
    3. ඔන්න අයිලාෂ් උත්තරය හරියටම දීලා

      Delete
    4. ඔව් අපෛ කාලකන්නින්ගෙත් සම්පුඋර්න වෑරද්ද

      Delete
  5. aliyanta wenama mahamaarga thana diya uthuyi.. Ow..

    ReplyDelete
    Replies
    1. තව ගස් ටිකකට කෙළවන්න යෝජනාවක් සමියා.

      Delete
  6. පශුවෛද්‍ය ඒකකයෙන් අර අහිංසකයට අන්තිම සාධාරනෙත් ඉටුවෙනවා නම් වටිනවා

    ReplyDelete
    Replies
    1. මේ වන විට ඌ මිය ගිහින්

      Delete
    2. මොන පශු වයිද්යඩ පෑතුම් සහොඉඩරය. මෙහෙ ඔව්ව වෙද්දි ,වෑඩෛ කරපු ගෑඅනිට බබත් හම්බෙලා ඉවරයි

      Delete
  7. කවුරු කතාකලත් හාමුදුරුවරුන්ට නම් බෑනෙ.. ඊට කලිං පන්සලේ ගැටගහං ඉන්න සතා කැලේට යවන්න ඕනෙනෙ..

    ReplyDelete
    Replies
    1. ඕවා කියන්න යන්න එපා සංගාඥා ගෙනෙයි

      Delete
  8. අනේ මන්දා පව් අහිංසක සතා පුදුම දුකක් විඳින්න ඇති රැයක් පුරා..

    ReplyDelete
  9. තවත් එකෙක් අඩු වුනා..

    ReplyDelete
    Replies
    1. මේ අවුරුද්දට බර ගානක්

      Delete
    2. ඉන්නෙත් මෙච්චරයි. ඉටින් තව කොහෛ කරන්නද, අපරාදෙ...

      Delete
  10. අලියා සනීප උනාද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. සයුරි විහිළුවටද ඇහුවේ නැත්නම් ප.ලි. කොටස දැක්කේ නැහැද ..?

      Delete
    2. ඇත්තමයි..
      සයුරි දකින්න නැතිව ඇති..පලිය.

      Delete
    3. සිරාවටම දැකලා නැතුව තමයි. මේ පුවත මං දැම්මේ ඊයෙ රැ දැනගත් ගමන්මයි. එත් අද උදේම දැනගත්තේ අලියා මිය ගිය පුවත.

      Delete
  11. සංවේදී හදවත් ඇත්තවුන් විදියට කනගා‍ටුවෙනවා හැරෙන්න වෙන කුමක් කරන්නද ..නලින් අයියා..!
    ලංකාවෙ ප්‍රයිවේට් බස්නෙ.

    ReplyDelete
    Replies
    1. මේ මොනව කියනවද මලයා අද පාන්දර ප්‍රයිවට දෙකක් වේවැල්දෙණියෙදි මහුණට මුහුණ හැපිලා.

      Delete
  12. පව් අහින්සක සතා.සෑඅහෙන්න දුකයි නලින් සහොඑදරය. මොනව කරන්නද...
    මිනිස්සුත් පෑටව් දානව. අලිත් පෑටව් දානව. රටෛ ඉඩ ටික ටික නතිවෙනව. රට එන්න එන්නම ජනාවාස වෙනව... සත්තුන්ට ඉඩ නති වෙනව..
    අලියගෙ කරුමෙ තමයි..

    ReplyDelete
  13. මම මේ විස්තරය අද උදේ කවුරුන් හෝ fB එකේ දාල තියනවා දැක්ක...හබරණ පැත්තේ බස් විතරක් නෙවෙයි කෝච්චියට හැප්පිලා අලි කී දෙනෙක් පහු ගිය කාලේ මැරුණද...?තව ටිකක් කල් ගියොත්...අපිටත් ළමයින්ට පෙන්නන්න වෙන්නේ අර ICE AGE එකේ අලි තමයි..

    ReplyDelete
  14. ඔය හරියේ අලි සීන් කොහොමත් වැඩියි නේද? අපරාදේ අර අහිංසක සතා

    ReplyDelete
  15. පැත්තක් නොගෙන මධ්‍යස්ථව බැලුවොත්, බස් රියැදුරෝ සාමාන්‍යයෙන් නොසැලකිළිමත්. අනික අලියෙක්, මී හරකෙක් රෑට පාරේ හිටියට පේන්නේ අන්තිම මොහොතේ. මොකද උගේ සිග්නල්, ටේල් ලයිට් තියෙනවා කියලයැ. මී හරකගෙ ඇස් නම් ඈතට දිළිසෙනවා පේනවා වාහනේ පැත්ත බලා හිටියොත්. අනික එහා පැත්තෙන් එන වාහනයක් නිසා ලයිට් ඩිම් කරගෙන ආවොත් නම් හැපෙනකල්ම පේන්නේ නෑ.

    අලියත් පව්. ඇයි බං අර බස් එකේ ආපු අසරණ මිනිස්සුත් පව් නේද?

    ReplyDelete
  16. අනේ පව් අප්පා... :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  17. පව් අහිංසකයා

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT