samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


දුර්වලයා සැමවිට ම ශක්තිවන්තයාගේ ගොදුර ය. එය කැලයේ නීතියයි. එහෙත් සිය අවසාන මොහොතේදී පවා ජීවිතය බේරාගැනීම පිණිස දඩයක්කාරයා හමුවේ සටන් වදින දුර්වලයන් පිළිබඳ වනාන්තරය සාක්‍ෂි දරන්නේය. ඒ දුලබ දසුන් වේ.

එවැනි දසුන් මෙන් ම වනාන්තරයේ සුන්දරත්වය නරඹනු පිණිස සමන්තා පිටෙන්ඩ්‍රිග් කෲගර් ජාතික උද්‍යානය වෙත එදින ද පැමිණියා ය.


article-2359288-1ABE49A0000005DC-793_634x422


article-2359288-1ABE49B4000005DC-316_634x422

article-2359288-1ABE4958000005DC-72_634x451

article-2359288-1ABE498D000005DC-711_634x421

article-2359288-1ABE4934000005DC-61_634x378


article-2359288-1ABE4839000005DC-394_634x413



article-2359288-1ABE4948000005DC-620_634x430

මෙහි වීඩියෝ දසුන මෙතැනින් නරඹන්න
චීටාවුන් සිය දඩයම සඳහා තෝරාගැනීම කරන ලද්දේ ඉම්පාලාවුන් කණ්ඩායමක් අතරිනි.

මරණීය වේදනාවේ හඬ නඟමින් තනිවූ ඉම්පාලාව වාහන දෙසට සමීප වූයේ ය.

ඉම්පාලාවා හැර තිබූ වා කවුළුවකින් වාහනය තුළට වන්නේය.

බලාපොරොත්තු සුන් වූ දඩයක්කරුවෝ නොරුස්නා හඬක් නඟා පසුබැස ගියෝය.

ඈ, දකුණු අපි‍්‍රකාවේ පි‍්‍රටෝරියා සරසවියේ ඉගෙනුම ලබන්නියකි. මේ යුවතිය සමඟ ඇගේ සරසවි මිතුරන් කිහිපදෙනකු ද ගමනට එක්ව සිටියේය.

ඔවුනට මෙය අලුත් අත්දැකීමකි. මේ වනෝද්‍යානය වෙත නිරතුරුව පැමිණෙන සමන්තා ඔවුන්ගේ ඊර්ෂ්‍යාවට ද ලක්වන්නියකි. ප්‍රධාන ද්වාරය ඔස්සේ රථවාහනවලින් වනෝද්‍යානය වෙත ප්‍රවේශ වූ පිරිස අතරින් කිහිපදෙනකුම සිය කැමරා මානා ගන්නට අමතක කළේ නැත.

මේ අතර සිය ජීවිතයේ අතිශය භයානක අත්දැකීමකට මුහුණ දී සිටි ඉම්පාලාවකු (මුවා වැනි සත්ව කොට්ඨාසයකි) වේගවත් ධාවනයක යෙදී සිටියේය. ඒ ලොව වේගවත්ම සිවුපාවුන් දෙදෙනකු සමඟ තරගයට ය. ඉම්පාලාවාගේ ජීවිතය ඉල්ලා හඹා එමින් සිටියේ චීටාවන් දෙදෙනෙකි.

සිය ශරීරයේ මස්, ලේ, ඇට, නහර ඉරා දමනු පිණිස තමා පසුපස හඹා එන මාරයන් දෙදෙනෙකි. ඔවුන් සමඟ තරගයට ඉම්පාලාවාගේ සිවුපා මෙන්ම අධිෂ්ඨානය ද ශක්තිමත්ව තිබීම විස්මය දනවන්නකි. ජීවිතය අතහැර දමන්නට මේ සත්වයා තවමත් සූදානම් නැත.

චීටාවුන් සිය දඩයම සඳහා මේ තෝරාගැනීම කරන ලද්දේ ඉම්පාලාවුන් කණ්ඩායමක් අතරිනි. දඩයක්කාරයා සැමවිට ම සිය දඩයම සඳහා ඉලක්ක කරනුයේ රැළක සිටින දුර්වලයා ය.

එහෙත්, මෙවර දඩයම සිතූ තරම් පහසු වූයේ නැත. චීටා ආගමනයෙන් ත්‍රස්ත වූ සිය පිරිස හිස් ලූ ලූ අත දිව යන අයුරු දුටු මේ ඉම්පාලාවාට ඉලක්කය තමා බව වටහාගන්නට එතරම් ප්‍රමාද වූයේ නැත.

ලුහුබැඳීම හා පළා යෑම ආරම්භ වූයේ ඒ මොහොතේ ය. ඒ වන විටත් වැදගත් දසුනක් කැමරා කාචයේ සටහන් කරගන්නට නොහැකි වූ සමන්තා ප්‍රමුඛ කණ්ඩායම ඉදිරිය බලා යමින් සිටියේ සෙමිනි. වනය තුළ දී එම වාහනවලින් බිමට පා තැබීම නීති විරෝධී ය.

නියමයන් කඩකිරීම ඇතැම් විට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන වරදක් වීමට ද බැරි නැත. එබැවින් පිරිස නීතිය අභිබවා ගියේ නැත. එහෙත්, ඔවුන් ගමන් කළ වාහනවල වා කවුළු හැර තිබිණි. ඉන් එක් කවුළුවකින් හිස පමණක් නොව ශරීරයෙන් කොටසක් ද එළියට දමාගත් අයෙකි. ඔහු ඡායාරූප ලබාගැනීම සඳහා පූර්ණ අවධානය යොදා සිටියේ ය.

ඔවුන් පසුපසින් වූ වාහනයේ සිටි සමන්තා අත ද කැමරාවකි. මේ වනයේ නොසිතූ දෑ සිදුවන්නට එතරම් කල්ගත නොවන බව ඈ දැන සිටියා ය.

මෙලෙස මාර්ගය දිගේ ගමන් කරමින් සිටි ඔවුනට වාහනවල හඬ යටපත් කරමින් ඇසෙන හඬකි. එය අවබෝධ කරගැනීම අසීරු නමුත් කුමක් හෝ සිදුවෙමින් පවතින බව සියල්ලන්ටම පැහැදිලි ය.

වනය බිඳගෙන ආ ඉම්පාලාවුන් පිරිසක් ඔවුන් ඉදිරිපිටින් ඉගිලී ගියේ ඒ සමඟ ම ය.

මරණීය වේදනාවේ හඬ නඟමින් තනිවූ ඉම්පාලාව වාහන දෙසට සමීප වූයේ ඊටත් පසුව ය.

දැන් දඩයමේ ඉලක්කයට මඟ හරස් ය. ඉදිරිපසින් වාහන ය. පසුපසින් චීටාවුන් දෙදෙනකි. වන්නක් වුනාවේ යැයි සිතූ ඉම්පාලාවා හැර තිබූ වා කවුළුවකින් වාහනය තුළට වන්නේය. ඒ පැමිණි වේගයෙනි.

දැන් මරණීය අත්දැකීමක වේදනාවෙන් ද හදිසි සිදුවීමෙන් විමතියට පත්වූවන්ගේ කෑකෝ ගැසීම්වලින් ද රථය පිරී ඇත.

බලාපොරොත්තු සුන් වූ දඩයක්කරුවෝ දෙදෙනා නොරුස්නා ලෙස සිහින් ගෙරවිලි හඬක් නඟා පසුබැස ගියෝය.

රථයේ අනෙක්පස හැරුණු දොරින් බිමට බට ඉම්පාලාව පසුපස නොබලා දිව ගියේ සිය සගයන් හමුවන්නට විය හැක.

මේ සියලු පාර්ශ්වයන්හි හද ගැස්ම සටහන් වුයේ සමන්තා පි‍්‍රටෙන්ඩ්‍රිග් නමැති විසි හැවිරිදි යුවතිය අත තිබූ කැමරාවේ ය. ඈ පැවසුවේ අතිශය කලාතුරකින් සිදුවන මේ වැනි දෙයක් දැකගැනීමට හැකි වූයේ නිවැරදි තැන නියමිත වේලාවේ සිටි නිසා බවය.

“එය අමතක නොවන සිදුවීමක්” ඇය තවදුරටත් කීවාය. ඉම්පාලාවා ද චීටාවුන් ද එය එසේ යැයි කල්පනා කරන්නට ඇත.


මේල් ඔන්ලයින් ඇසුරින් දිනමිණ සමකය අතිරේකයට පරිවර්තනය කළේ
අශෝක පියරත්න

51 comments:

  1. photo

    ඇත්තටම අමතක නොවන සිදුවීමක් තමයි.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හිත නවතින පිංතුර පෙළක් ඉවාන්

      Delete
  2. blogger_logo_round_35

    සමන්තා ගැන විතරක් නොමයි ඔයා ගැනත් ආඩම්බරයි මේ වගේ ලිපි අපිට ගෙනනවට
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      තැන්කු වේවා සන්ජීව

      Delete
  3. blogger_logo_round_35

    සුපිරියි. වෙන කියන්න වචන නැහැ. මේක තමයි සැම වෙලේම කැමරාවක් අතේ තියෙන්න ඕන කියන්නේ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අයිලාස් සහෝදරයාගේ කථාව සහතික ඇත්ත...

      Delete
    2. 2023216-mount_fuji

      අයිලාස්,කොහොමද ඉම්පාල වාහනේට පැන්න ගමන් චීටගේ දුවිලි පාරත් එක්ක බ්රේක් ගැහිල්ල.
      පිස්සු හැදෙනව බං මේ පිංතුර දැක්කම.

      Delete
    3. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

      ඈ එහෙම පින්තූරයක් මෙතන තියෙනවද කෙන්ජි අයියේ ....?

      Delete
    4. blogger_logo_round_35

      අන්තිම පිංතූරය දැක්කේ නැද්ද සහන්.

      Delete
    5. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

      ඉන්න බලන්න ........

      Delete
    6. blank

      තියන වැඩ පැත්තක දාලා මටත් කැමරාවක ගන්න හිතෙනවා

      Delete
  4. 2023216-mount_fuji

    ෆ්ලයින් ඉම්පාල.

    ReplyDelete
  5. blogger_logo_round_35

    සිරාවටම මෙව වාසනාවට සෙට් වෙන්නෙ.මාර වටින ෆොටො ටිකක්

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අතිශය අහඹු දෙයක් මේක

      Delete
  6. blogger_logo_round_35

    මට පේන්නෙ දුවගෙන යන ඉම්පාලාවුන් අතරින් එකෙක් ආපහු හැරිල ඇවිත් වාහනේ ඇතුලට පනිනව වගේ නෙ. මොනව වුනත් ෆොටෝ ටික නම් සුපිරිම තමයි.

    ReplyDelete
  7. blogger_logo_round_35

    ස්තුතියි නලින් සහෝදරය , ඒ වගේම සුපිරි යි

    ReplyDelete
  8. blogger_logo_round_35

    This comment has been removed by the author.

    ReplyDelete
  9. images+%281%29

    නිවැරදි තැන නියමිත වෙලාවට ඒක නම් ඇත්ත, නැත්තම් මේ විදියේ දෙයක් අපිට දැන ගන්න බැනේ

    ReplyDelete
  10. sameera

    නියමම අත්දැකීමක්...

    ReplyDelete
  11. blogger_logo_round_35

    අන්න කර්මය.ක්‍රියවට නැගෙන හරි විදිහ.. වීරිය අරන් කර්මයට එරෙහිවෙන එකා වෙලාව එනකල් චීටාටවත් අල්ලාගන්න බෑ..

    ReplyDelete
    Replies
    1. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

      වෙලාව = කර්මය නෙවේද ...? :D

      Delete
  12. 2023216-mount_fuji

    ඔය මස් රසකර කන අපේ එව්වන් ගෙම වාහනයකට පැන්නෙ මර බියට නේද?
    ඒ සතා දන්නෙ නැහැ චීට කන්නෙ අමුවෙන්,
    මනු සතා කන්නෙ මරල මදිවට පුච්චල/තම්බල කියල.

    ReplyDelete
  13. 2023216-mount_fuji

    නලිය සමග එකතු වී අප සැම දැනුවත් කිරීම ගැන අශෝක P.ට ස්තුතිය පුද කරනව.

    ReplyDelete
  14. blogger_logo_round_35

    වීඩියෝ කළා නම් තවත් නියම යි.

    ReplyDelete
    Replies
    1. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

      ළමයෝ ලද දෙයින් සෑහීමකට පත් වෙන්න ...

      Delete
    2. blogger_logo_round_35

      ඔන්න වීඩියෝවට ලිංකුවත් දැම්මා. මෙතෙක් වෙලා ගියේ එය දාන විදිය නොදන්නා නිසයි.

      Delete
  15. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

    ඉම්පාල ටුක් ටුක් මතකද ........?

    ReplyDelete
    Replies
    1. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

      මොනවා උනත් ඉම්පාලා කෙනෙක්ගේ කුරයක් බඩට බැස්සා නම් බලන්න තිබුණා සෙල්ලම් ලෙල්ලම් වෙන හැටි.. අශෝකටත් නලියටත් ස්තූතියි..

      Delete
  16. blogger_logo_round_35

    කාටත් අමතක නොවන සිද්ධියක් වෙයි. තව දෙයක්, ඔබ පින්තූර ටික පෙළ ගස්වන විට අනු පිළිවෙල මාරුවී ඇති බව පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      වරද නිවරද කළා නිර්මලා. ස්තුතියි මේ පිළිබද දැනුම්වත් කිරීම ගැන

      Delete
    2. blogger_logo_round_35

      නොපෙණුන පැත්ත.
      ඉම්පාලා එක්කම චීටත් ඇතුලට පැන්නානම්....

      Delete
  17. IMG_0203

    නියම සීන් එකක්.
    නමුත් සාමාන්‍ය තත්ව යටතේනං ඔය ඉම්පාලාවෙක් මිනිහෙක්ගෙ කිට්ටුවට එන එකක් නැතිවෙයි. මරබිය සැම බියටම වැඩිය ලොකුයි කියන්නෙ ඕක තමයි.

    ReplyDelete
  18. rani-mukherjee-63j

    අප්පට සිරි ...මාරයිනේ :o

    ReplyDelete
  19. D7C0610E-2C56-4816-A691-159DA037482F
  20. blogger_logo_round_35

    කොහොමද චීටාත් වාහනේට පැන්නනාම්..?

    ReplyDelete
    Replies
    1. Untitled

      හික්... මටත් හිතුනේ මේන් මේක තමා....

      Delete
  21. photo++99999
  22. blogger_logo_round_35

    උදේ පාන්දරම සුන්දර දෙයක් දකින්නට දුන්නාට ඔබට පිං.

    ReplyDelete
  23. blogger_logo_round_35

    ඉතා අගනා ප්‍රවෘත්ති වාර්තාවක්. මෙවැනි අහම්බයක තියන ප්‍රවෘත්තිමය වටිනාකම බොහොම ඉහලයි. ස්තුතියි මේ තොරතුරු අපටත් පෙන්නුවාට.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  24. 12832864909625
  25. blogger_logo_round_35

    මටනම් මේ දර්ශනය ගෙනාවේ දුකක්, කලකිරීමක්. මම දැක්කේ ජීවිතය බේරා ගන්න සටන් කරන සතෙකුයි බඩගින්න වෙනුවෙන් වෙහෙසෙන සතෙකුයි.
    ඇත්තටම දුකයි. මේ සතාගේ හිත කොච්චර භයෙන් ගැහෙන්න ඇතිද.. ? මොනවා උනත් මේ දේ දැනුනේ ඔයාගේ ලිපිය නිසා නේ මගේ හිතට. ස්තුතියි සහෝදරයා..

    ReplyDelete
    Replies
    1. logo

      දකින්නේ නැතුව ඔයිට වඩා කොච්චර දේවල් නම් මේ ලෝකේ වෙනවද බෙනා.. පොඩි සතා ලොකු සතාගේ ගොදුර.. කැලෑවේ නීතිය ඒකනේ.

      Delete
  26. 1+-+Copy

    මමත් ආසම චීටගේ බ්‍රේක් පාරට.

    ReplyDelete
  27. .com/img/b/R29vZ2xl/AVvXsEgRdOAp5ku7LRWqZw72J3vdmby4q3gnHfnXul29dGgpT6lPwYSq4196KWFnxB74i_DqiH2EUe5fAPam8kCgIuo4JpZxi7WNJivUIQ90FeSQdxc0WUKo4W6kCDpgSNyWLuU/s45-c/

    හප්පටසිරි රජ සිරි ! මාර ගතිනේ !

    ReplyDelete
  28. logo

    උන්ගේ ජම්ප් එකේ Quick එක මාරයි.. පාවෙනවා වගේ

    ReplyDelete
  29. blogger_logo_round_35

    වෙන වෙනම උත්තර දාන්න වෙලාව මදි අද. හැම දෙනාටම ස්තුතියි.

    ReplyDelete
  30. blogger_logo_round_35

    නියම ෆොටෝ සෙට් එක.....

    ReplyDelete
  31. Jacqueline%2BFernandez+%2820%29%5B1%5D%5B1%5D

    හරිම අගේයි ෆොටෝ ටික. දුර්ලබ දසුනක්.. ලස්සනයි නලින් අයියේ.

    ReplyDelete
  32. IMG_7741+rat

    පිංතූර ටිකයි සටහනයි අනුව නම් හරිම අපූරු චාරිකාවක අත්දැකීම් වීඩියෝව ඒ ලංක් එකේන් ගිහින් බැලුවත් ප්ලේ වෙන්නෙ නෑ

    ReplyDelete
  33. blank

    budu ammoooooo.......
    niyamai ayya...........

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT