සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

බ්ලොග් ලියන කාටත් කමෙන්ටුවක් යනු දිරිමත් කිරීමක්. බ්ලොග් ලියන්නන් අතර අන්‍යෝන්‍යව කමෙන්ට් කිරිම සුලබ සිද්ධියක්. ඒත් බ්ලොග් නොලියමින් ලියන්නන් දිරිමත් කරමින් ඇනෝලගේ බැනුම් අහමින් ආධුනික බ්ලොග් කරුවන්ගේ අඩවි වෙත පැමිණ කමෙන්ට් කරමින් බ්ලොග් ලියන්නන් දිරිමත් කළ අද උපන් දිනය සමරණ කෙන්ජි ට සුබ උපන්දිනක් වේවා.(මේ උපන් දිණය මට අහුවුණේත් අහම්බෙන්)



84 comments:

  1. කමෙන්‍ටු කොච්චර වැදගත්ද කියල මට තේරුනේ බ්ලොග් ලියන්න පටන් ගත්තට පස්සෙ.

    කෙන්ජි පුලුවන්නම් මගේ බ්ලොගයටත් ඇවිත් අඩු පාඩු පෙන්වල දෙන්න.
    ඔබට සුභ උපන් දිනක් වේවා!

    ReplyDelete
    Replies
    1. පැතුමට ස්තුතියි sithum sayura.
      අනිවා ඇවිල්ල බලනව කොල්ලො.

      Delete
  2. (දාහත්වන වියට පා තබන) කෙන්ජිට සුබ උපන් දිනයක්!

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්...අවුරුදු තිස් ගානකට ඉස්සර දවසකට නෙ රයිගම සුභ පතල තියෙන්නෙ.
      නාකියව කොල්ලෙක් කරපු රයිගම මල්ලියට තුති.!

      Delete
  3. සුභ උපන් දිනයක් වේවා ! සියලු සිතුම් පැතුම් ඉටු වේවා !

    ReplyDelete
    Replies
    1. Gimhani ගෙ පැතුමත්,ප්‍රාර්තනාවත් සතුටු සිතින් භාර ගත්ත.
      ස්තුතියි ඔබට.

      Delete
  4. කෙන්ජි ඔනීචන් ඔතන්ජෝබි ඔමෙදෙතෝ

    ක්‍යූෂූ ඇනෝ

    ReplyDelete
    Replies
    1. කියුෂු ඇනෝ චාන්;
      අරිගතෝ ගොසයිමසු.
      පුකුඕක ද ?කුමාමොතෝ ද?

      Delete
  5. කෙන්ජි අයියට ඔන්න අපිත් සුභ පතනවා

    ReplyDelete
    Replies
    1. Black Puma මල්ලියාගේ පැතුම ආදරයෙන් භාර ගත්ත.
      ස්තුතියි.!

      Delete
  6. සුබම සුබ උපන් දිනයක් වේවා! කියල සෙනෙහසින්ම සුබ පැතුම්! කෙන්ජි.

    ReplyDelete
    Replies
    1. Chandi ඔබ සෙනහසින් පිදු පැතුම,ඉතසිතින් භාර ගතිමි.
      ස්තුතියි.!

      Delete
  7. //ලියන්නන් දිරිමත් කරමින්// මේ ළඟදී මාවත් හරියට දිරිමත් කාලා නෙව,

    ReplyDelete
    Replies
    1. සුදීක දැන් නෝ ප්‍රස් නේ?
      ඔබගෙ රසවත් ලිපියකින් හමුවෙමු සහෝදරය.

      Delete
  8. හප්පේ ..කෙන්ජි අය්යා ගේ උපන්දිනේ අදද , ඒ කියන්නේ 50 ක් ගැහුවා කියන එකනේ ..හික්..හික්..

    සුභ උපන්දිනයක් වේවා කෙන්ජි අය්යේ ....!!!!

    ReplyDelete
    Replies
    1. චමී4යූ~ වල කජ්ජ ගහන්නෙ නැතිව මාරක අපල දෙක තුනකින් බේරිල 50 පැන්න.බලමු තව 30ක්වත් ගහන්න :).
      මලලියගේ පැතුමට ස්තුතියි.!
      (මමත් -ක උඩ දාගෙන මල්ලියො,මල්ලියො කියනව.පුතාල ද මන්ද?)

      Delete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. කිව්වත් වගේ කමෙන්ට් එකක් කියන්නෙ ලියන එකෙක්ට ශක්තියක් නලින් අයියා..

    එහෙනම් අපේ කෙන්ජි “මාමාට“ සුභම සුභ වේවා. !

    ReplyDelete
    Replies
    1. සෑම් බෑනටත් එ.... මල මගුලයි.වැරදුනා.
      ස්තුතියි පැතුමට සැමා.

      Delete
  11. කෙන්ජි අයියණ්ඩි ට සුබ උපන් දිනයක් වේවා..!!

    ඔත්තුව දුන්නට නලින් අයියාටත් ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. Chandana මලයන්ඩියට ස්තුතියි පැතුමට.
      ලියවිල්ල අමතක කරල දැම්මද?

      Delete
  12. සුබම සුබ උපන් දිනයක් කියා අපිත් ප්‍රාර්ථනා කළා ඔන්න....)))

    ReplyDelete
    Replies
    1. වර්ෂා කී දෙනෙක්ද අප්පා අපිත් කිව්වම?එච්චර වාසනාවන්තද මම නොදුටු ෆැමිලියකින් ම පැතුම් ලබන්න.
      පැතුමට ස්තුතියි ඔබට.

      Delete
  13. කෙන්ජිට සුභම සුභ උපන් දිනයක් වේවා...

    ReplyDelete
    Replies
    1. Nadini A. ආ..සාස්තර නගා සැමී යට මේ ගානට එන්න 25ක්වත් ඇති නේද?
      ස්තුතියි නදී පැතුමට.සැමි වත් මතක් කලා කියන්න.

      Delete
  14. කෙන්ජි සීයට සුබ උපන් දිනයක් වේවා..!

    ( කොහොමත් එකම වයසේ අය තමයි ඕවා දන්නේ.. නේද නලීන් අයියේ.... හි හි)

    ReplyDelete
    Replies
    1. ම් ...... එක වයසේ නම් එතකොට කෝමෙයි කෙන්ජි ‘සීයා‘ වෙලා නලීන් ‘අයියා‘ උනේ .....................

      Delete
    2. ඕවට තම්යි බං ගෑණුන්ගේ ටිරිකිස් කියන්නෙ..!
      කෑව නේද හිරුවො පරිප්පුව..!

      Delete
    3. අන්න ඩී ඩී ටී නියම ප්‍රශ්නය.

      Delete
    4. හිරු ආ..චූටි ලමිස්සි.චූටි ලමිස්සි ගෙනුත් පැතුම් ලබන්න තරම් සීයා වාසනාවන්ත වුනා එහෙනං.
      පැතුමට ස්තුතියි හිරු.

      Delete
    5. DDT,වීයා,නලී, ඒ කෙලී ගෙ අහිංසක සතුටට බාධා කරනව නෙමේ බොලා ල.

      Delete
  15. කෙන්ජි හරිම සුන්දර මිනිහෙක් තමයි.මට හිනා යන්නෙ මගෙ බ්ලොග් එකේ කෙන්ජි මට දොස් කියමින් කොමෙන්ට් කළා.ඔහු එසේ කළේ මමත් සමඟ අමානාපයෙන් නොවෙයි.මමත් ඔහු සමඟ එදිරිවාදිකමින් කතා කළා.ඒත් ඔහු සමඟ අමනාපෙන් නොවෙයි. දෙන්නට දෙන්න ඒක දන්නවා.අපේ සහෘදයෙක් වන කෙන්ජිට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. සැමට මිතුරු,පළමුව මා ඇගයීම ගැනද,දෙවනුව මා වැනි බුවාලව තේරුම් ගැනීමට ශක්තියක් ඇති කෙනකු ලෙසට ඔබ ගැන සතුටුයි.
      බොගෙ නම මාරු කලාද?
      බොක්කෙන් දුන්න ප්‍රාර්ථනාව ඉතසිතින් පිළිගත්තෙමි.
      ස්තුතියි.!

      Delete
  16. කෙන්ජි අන්කොල් ලා ගේ උපන් දිනේ අදද??එහෙනම් සුබ උපන් දිනයක් වේවා ඈ..ඉදිරි අනාගතයේදි වැඩි වැඩියෙන් කොමෙන්ටු දාන්න වෙලාව ලැබේවා....

    ReplyDelete
    Replies
    1. Underwriter හිත හොද නම් වයසට ගියත් අංකොල්ල කොල්ලො තමයි ඉතිං.කොහෙද ඉතින් මට තියෙන්නෙ කැත හිතමනෙ.
      බොටත් වැඩට වෙලාව අඩුවෙනුත්,ලියන්න වෙලාව වැඩියෙනුත් ලැබෙන්න ඕන.
      පැතුමට ස්තුතියි මල්ලිය.

      Delete
    2. Underwriter ඔව් ඔව්.අංකොල්ල කොල්ලො වෙන්නෙ හිත හොද නම් තමා.කොහෙද මලේ මට එහෙම පිනක් නැහැනෙ.මොකද මගෙ හිත කැතයි නෙ :).
      එහෙනම් TQ කිව්ව පැතුමට.

      Delete
  17. සුභ උපන් දිනයක් කෙන්ජි.

    බ්ලොග් ලියන අපිව දිරිමත් කරමින් කෙන්ජි කරන සේවය අපි හුඟක් අගය කරනවා.

    උපන් දින පැතුමක් හැටියට මේ වසරේ සිට කේන්ති යාම පොඩ්ඩක් අඩු වේවා. :D

    නලීන් උඹටත් ස්තුතියි මචං.

    ReplyDelete
    Replies
    1. හෙන්රි පැතුමට තුති.!
      ඔබලා ලියන ලිපි වලින් අපි යමක් ඉගෙන ගන්නව.ඒ වගේම සතුටක් ලබනව කොමන්ට් එකක් දමා ඔබ සැම තව තවත් දිරිමත් කිරීම කියවන පාඨක අපගෙ යුතු කමක්.
      ඊයෙ ඉදල කටට එන කේන්ති නහර කැපුව.දැන් ඒක ඇගිලි වලට ඇවිල්ලද මන්ද.
      එහෙම උනොත් ඇගිලි පුරුක් දෙක තුනකුත් කපල දාගන්නව.
      ජපානෙ වැඩ කරද්දී මැෂින් වලට ඇගිලි කැපුනොත් සල්ලි ගෝනි.

      Delete
  18. සුබ උපන්දිනයක් වේවා කෙන්ජි මාමේ :) :)

    ReplyDelete
    Replies
    1. Pramudi ස්තුතියි හිච්චි දුවේ.
      කෙන්ජි මාමියගෙ කොමන්ට් බලන්න එපා 21 කේ කඩුල්ල පැනල නැත්නම්.

      Delete
  19. සුබ උපන්දිනයක් වේවා කෙන්ජි !

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,උඹේ නම කොටන්න ඕන තුනෙම්ම නේද ?
      පැතුමට ස්තුතියි ප්‍රසන්නය.

      Delete
  20. කෙන්ජි ට සුභ උපන් දිනයක් වේවායි පතමි.

    ReplyDelete
    Replies
    1. G manju අනේ නගේ/දුවේ අවිවේකී හමුදා සේවයෙ යෙදී සිටිමින් බුදු දහම ගැන සහ පරිසරය,වන සතුන් ආදී වෙනස් ලිපි ගෙන එමින් කරන ඉතාමත් අගය කල යුතුයි.
      පැතුමට තුති.!

      Delete
  21. අනේ මල්ලි හොයාගෙන පත්තරේ දැම්මට ස්තුතියි.සොයිස එකේ ලගකදී පරණ පොත් අවුස්සන රාජකාරියක් තිබුනද.
    උපන් දිනේ හොයාගෙන දැම්මට කමක් නැහැ,මගේ අනිත් පැටිකිරි හොයාගෙන දානව නොවෙයි.
    අනේ මගේ සහෝදර/සහෝදරියො/පුතාල/දුවල/තරහ කාරයෙක් සුභ පතල තියෙනව දැක්කම හරිම තන්තෝතේ බැරිව ඇස් දෙක බොද වෙලා.
    හැමෝම පොඩ්ඩක් ඉවසන්න බොද ගතිය මැකී යන්න උගුරට ඩ්‍රොප් කීපයක් දමා ගෙන,කන් උරහිස ලගට කඩාගෙන නොව පාත් කරගෙන එනකං.
    නලිය මලේ,මේක ටිකක් තියන්න මට සුභ පතපු අයට හොදවයින් දෙකක් කියන්න.මොකා මලත් බ්‍රේකින් නිව්ස් දාල ගම ඊටින් වානා.හරිය.

    ReplyDelete
  22. කෙන්ජි සුහදයාණන්ට සුබ උපන් දිනයක් වේවා..! යි මමත් පතමි.

    ReplyDelete
    Replies
    1. දයානන්ද රත්නායක මහතාණනි,
      ස්තුතියි ඔබට.අපි වගේ දඩබ්බර එවුන්ට සුභ පතන්න මහත්වරුත් ඉන්නව.

      Delete
  23. කෙන්ජි සහෝදරයට සුබම සුබ උපන්දිනයක් වේවා කියලමමත් හදවතින්ම සුබ පතනවා... ඇත්තටම සයිබර් අවකාශෙ බ්ලොග් ලෝකෙ පුරා හීන් සීරුවෙ සක්මන් කරමින් අප්‍රමාණ ධෛර්යයක් දෙන අපූරු මිනිසෙක් ඔබ...

    ReplyDelete
    Replies
    1. තරු රසී සහෝදරිය මා ඇගයීම ගැන සතුටු වනවා වගේම සැමරුමට පැතුම හදවතින් පිළිගමි.
      තරු,ඔබ දැයේ දුව,දරුවන් වෙනුවෙන් කණ්ඩායමක් සමග කරන මෙහෙවර ඉතාමත් උසස්.
      මම ඔබගේ ලිපි වගේම දරුවන් වෙනුවෙන් කැපවීම ගැන ඉතාමත් සතුටුයි.
      ඔබට ශක්තිය පතමි.!

      Delete
  24. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  25. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  26. නලින් කරුණාකර ඇනොලාට ලියන්න ඉඩ දෙන්න.අවහිර කරන්න එපා.ඔබට යම් අවැඩක් වේනම් කලාට කම් නැත.
    මා වෙනුවෙන් ඇනෝ තුමාලා දමන (අ)සුභ පැතුම් ආදරයෙන් පිළිගන්නව.

    ReplyDelete
    Replies
    1. කිසිදු ඇනෝ මතයක් වාරණය නොකරමි. අසැබි වදන් හා අසැබි ලිංකු පමණක් වාරණය කරමි.

      Delete
  27. ෂාහ්..........අහලක පහලක හිටියානම්........ළඟ තියන හමුදා කඳවුරක 'කඳවුරු සංචාරයක්' අරගෙන යන්න තිබුනා.

    දීඝායු වේවා, නීරෝගී වේවා, අපේ සහෘද සංගමයේම වැජඹේවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරක තුමනි;පැතුම බොක්කටම වැදුන.
      හෙහ්..හෙහ්... කදවුරු වල ඔෆිසර්ස් මෙස් වල වගේද අපිටම ගැලපෙන නිදහස් තැනක උගුරට හලා ගත්තම.
      පනාගොඩත් දෙතුන් සැරයක් සෙට් වෙලා තියෙනව.මත්තේගොඩත් එක සැරයක්.
      රත්මලානෙ එයාර් ෆෝස් මෙස් එකෙත් කීප සැරයක් සෙට් වුනා.
      ඒවල නුගේගොඩ පුබුදු එකේ වගේ සෙරෙප්පු දාගෙන T එක ගහල යන්න පුළුවන් තැන් නෙමේ.
      බොන්න ගියත් සුද්දෝ යන විදියට යන්න ඕන නෙ.
      හැබැයි බිව්වලින් පස්සෙ සමහරු ආපු වාහනෙ අමතක වෙලා ආමඩ් කාරුත් අරන් ගිහිල්ල කන්දෙන් පහලට පෙරල ගන්නව නේද?

      Delete
    2. යකෝ බලනකොට මේකා මටත් වඩා ආමි එකෙන් කාලා තියනවා.

      :D :D :D

      Delete
  28. සුබ උපන් දිනයක් මිතුර , සුව සතුට පිරි “නව ජීවන වසරක්“ වේවා ....

    ReplyDelete
    Replies
    1. Mahesh N.හදවතින් පැතූ පැතුමට,මුළු හදින් ස්තුතිවන්ත වෙමි.!

      Delete
  29. සුබම සුබ උපන්දිනයක් වේවා කෙන්ජි මලේ ... ! දැනුම් දුන්නට නලින් මලයට ස්තුතියි ..

    ReplyDelete
    Replies
    1. අනේ ගාමිණි අයියෙ 50 පැන්න ගමන් මමත් ඔයාගෙ ගොඩේ නේද අයියෙ?
      අපි අදිමුද තව 30 ක්.
      ගොඩක් කට්ටිය මේකෙ ඉන්නව අයියෙ බොක්කෙ කට්ටිය.
      උන් කට්ටිය එකතු වෙලා හරි යමක් කලත් මැදා අපි මලත් නේද අයියේ?

      Delete
  30. සුභ උපන්දිනයක් වේවා!!!!

    ReplyDelete
    Replies
    1. Chams පැතුම ත් චාම්.
      ස්තුතියි මා දෙස බැලුවට.

      Delete
  31. සුබ උපන්දිනයක් කෙන්ජි අයියා !

    දැන් ඔය කීවෙනි එකද හැබෑට.

    ReplyDelete
    Replies
    1. DDT ය රයිගම මගෙ වයස කියල තියෙන්නෙ.
      බොලාට මොකද වෙලා තියෙන්නෙ කොමන්ට් එකක් වත් දාන්න වෙලාව නැද්ද බං

      Delete
  32. සුබ උපන්දිනක් වෙවා..කෙන්ජි මිතුර..!

    නලින් අය්යාටත් ස්තූතියි බං..!

    ReplyDelete
    Replies
    1. වීයා ස්තුතියි පැතුමට.
      මේ දවස් වල හොදට එක එක හතු පිපෙනව ඇති වැස්ස නිසා.

      Delete
  33. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. යකෝ රාජ සම්පත් දෙකක් ලැබිල තියෙන්නෙ මගේ තුමිය ගෙ හරා කිරි කරල.
      තව රාජ සම්පත් ගේන්න නම් ඉස්සරහ ගෙදර ඒකිගෙන් අහල බලන්න ඕන.
      ස්තුතියි රජ...!

      Delete
  34. Aiyada maamada nam danne na! Subama suba Upandinayak wewa!

    ReplyDelete
    Replies
    1. අඟහරුවා තෝ සිංහල කොටන්න දන්නෙම නැද්ද?දන්න එකෙක් ගෙන් අහගෙන සිංහලෙන් ලියන්න පුරදු වෙන්න හරිම ලේසියි.
      මමත් මේකට වැදිල රයිගමහන්දිය කියව කියව එයාට ඔබ වගේ කොමන්ට් කරද්දී ඔහු ලින්ක් එකක් එවා තිබුන සිංහලෙන් කොටන විදිය.
      ඔබට මේ සම්බන්දව දැන ගැනීමට අවශ්‍යය කමක් තිබෙනව නම් කොහෙ හරි කොමන්ට් එකක් දමන්න වෙස්සන්තරල පදුරු ගානට ඉන්නව උදවු කරන්න.
      පැතුම ට ගොඩක් ස්තුතියි.!

      Delete
  35. මම දැනුයි දැක්කේ මේ පෝස්ට් එක..කෙන්ජි අයියට සුබම සුබ උපන් දිනයක් වේවා....

    ReplyDelete
    Replies
    1. සුභ පතන්න වෙලාවක් කලාවක් නැහැ නොවැ මලේ.
      ලබන අවුරුද්දක් කියල එහෙකුත් තියෙන්නෙ.
      මොකද අපි අද හෙට මැරෙන එවුන්යැ.
      හිටපු ගමන් කූරිය ගහන එවුන් මිසක්ක.
      පැතුමට ගොඩක් ස්තුතියි සහන් මල්ලි.
      සුභ අනාගතයක් :).

      Delete
  36. අඩේ අපේ කෙන්ජියටත් උපන්දියනක් කියල එකක් තියෙනවැයි. නලියා කොහොමෙයි හොයාගත්තේ. එහෙනං කොල්ලෝ (???) බෝතල් වැක්කෙරෙන සුභම සුභ උපන්දිනයක් වේවා බොක්කෙන්ම කියන්නේ හරිය!!!

    ReplyDelete
    Replies
    1. දේශ් ; උඹව අල්ලගන්න හිටියෙ.ඇත්ත කියහන් අර අන්තිම ලිපිය දාල තියෙන විදියටම ද තෝ තාමත් හැසිරෙන්නෙ?
      ඒවා අපිව කුලප්පු කරන කතා නේද මලේ.
      මම නොදන්නවාද බං ආතල් ගන්න උන්ගෙ බොක්ක.අරක්කු වලටම තැම්බිලා රෝස පාටයි නෙ.රෝස පාටට අපි කවුරුත් ආසයි නෙ.
      ඉතිං බං TQ කියන්න ද?තෑන්ක්ස් කියන්න ද:).?

      Delete
  37. අද මේක දැක්කේ, කෙන්ජි, ඔබට සුබ උපන්දිනයක් වේවා!!

    ReplyDelete
    Replies
    1. Ayilas A එහෙම නිකන් සුභ පතල හරියන්නෙ නැහැ.හොද පින්තුර ටිකක් ගන්න ඕන :).
      අයිලාස් පැතුමට තුති.!

      Delete
  38. සුබ උපන්දිනයක්!!!

    ReplyDelete
    Replies
    1. කඳු ගහෙන් ගෙඩි එන්න වගේ දුන්න පැතුමට තුති.
      මේවට තමයි වෙඩි පැතුම් :) :).

      Delete
    2. බලපංකෝ ඒකෙත් හැටි.. කදු කඩාපාත් වෙනවයි කියන්නේ ඕකට තමා

      Delete
  39. කෙන්ජි අයියාට සුබ පතන්නට එක්වුණු සැම දෙනාටම මගේ ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. නලින් මල්ලි ට ස්තුතියි.
      සිය පවුලට තෙරුවන් සරණයි.!

      Delete
    2. //කෙන්ජි අයියාට සුබ පතන්නට එක්වුණු සැම දෙනාටම මගේ ප්‍රණාමය.//

      කව්ද බං මේ මැද්දට පැනපු එකා කෙන්ජියෝ.. හැක්..

      Delete
  40. meka niyama blog ekak, mama blogger walata aluth, adamayi awe digatama kiyawanawa... Digatama liyanna subapathanawa parakku wela dala me comment eka dakiyida manda :)
    parakku wela hari kenjita suba upandinak :)

    ReplyDelete
  41. බ්ලොග් කරුවන් අතර ඉතාමත් ජනප්‍රිය චරිතයක් කෙන්ජි කියන්නේ. ස්තුතියි විදුර

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT