බ්ලොග් ලියන කාටත් කමෙන්ටුවක් යනු දිරිමත් කිරීමක්. බ්ලොග් ලියන්නන් අතර අන්‍යෝන්‍යව කමෙන්ට් කිරිම සුලබ සිද්ධියක්. ඒත් බ්ලොග් නොලියමින් ලියන්නන් දිරිමත් කරමින් ඇනෝලගේ බැනුම් අහමින් ආධුනික බ්ලොග් කරුවන්ගේ අඩවි වෙත පැමිණ කමෙන්ට් කරමින් බ්ලොග් ලියන්නන් දිරිමත් කළ අද උපන් දිනය සමරණ කෙන්ජි ට සුබ උපන්දිනක් වේවා.(මේ උපන් දිණය මට අහුවුණේත් අහම්බෙන්)
රිවර්ස්ටන් විලාපයේ කතාන්දරය
7 hours ago
කමෙන්‍ටු කොච්චර වැදගත්ද කියල මට තේරුනේ බ්ලොග් ලියන්න පටන් ගත්තට පස්සෙ.
ReplyDeleteකෙන්ජි පුලුවන්නම් මගේ බ්ලොගයටත් ඇවිත් අඩු පාඩු පෙන්වල දෙන්න.
ඔබට සුභ උපන් දිනක් වේවා!
පැතුමට ස්තුතියි sithum sayura.
Deleteඅනිවා ඇවිල්ල බලනව කොල්ලො.
(දාහත්වන වියට පා තබන) කෙන්ජිට සුබ උපන් දිනයක්!
ReplyDeleteහෙහ්...හෙහ්...අවුරුදු තිස් ගානකට ඉස්සර දවසකට නෙ රයිගම සුභ පතල තියෙන්නෙ.
Deleteනාකියව කොල්ලෙක් කරපු රයිගම මල්ලියට තුති.!
සුභ උපන් දිනයක් වේවා ! සියලු සිතුම් පැතුම් ඉටු වේවා !
ReplyDeleteGimhani ගෙ පැතුමත්,ප්‍රාර්තනාවත් සතුටු සිතින් භාර ගත්ත.
Deleteස්තුතියි ඔබට.
කෙන්ජි ඔනීචන් ඔතන්ජෝබි ඔමෙදෙතෝ
ReplyDeleteක්‍යූෂූ ඇනෝ
කියුෂු ඇනෝ චාන්;
Deleteඅරිගතෝ ගොසයිමසු.
පුකුඕක ද ?කුමාමොතෝ ද?
කෙන්ජි අයියට ඔන්න අපිත් සුභ පතනවා
ReplyDeleteBlack Puma මල්ලියාගේ පැතුම ආදරයෙන් භාර ගත්ත.
Deleteස්තුතියි.!
සුබම සුබ උපන් දිනයක් වේවා! කියල සෙනෙහසින්ම සුබ පැතුම්! කෙන්ජි.
ReplyDeleteChandi ඔබ සෙනහසින් පිදු පැතුම,ඉතසිතින් භාර ගතිමි.
Deleteස්තුතියි.!
//ලියන්නන් දිරිමත් කරමින්// මේ ළඟදී මාවත් හරියට දිරිමත් කාලා නෙව,
ReplyDeleteසුදීක දැන් නෝ ප්‍රස් නේ?
Deleteඔබගෙ රසවත් ලිපියකින් හමුවෙමු සහෝදරය.
හප්පේ ..කෙන්ජි අය්යා ගේ උපන්දිනේ අදද , ඒ කියන්නේ 50 ක් ගැහුවා කියන එකනේ ..හික්..හික්..
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා කෙන්ජි අය්යේ ....!!!!
චමී4යූ~ වල කජ්ජ ගහන්නෙ නැතිව මාරක අපල දෙක තුනකින් බේරිල 50 පැන්න.බලමු තව 30ක්වත් ගහන්න :).
Deleteමලලියගේ පැතුමට ස්තුතියි.!
(මමත් -ක උඩ දාගෙන මල්ලියො,මල්ලියො කියනව.පුතාල ද මන්ද?)
This comment has been removed by a blog administrator.
ReplyDeleteකිව්වත් වගේ කමෙන්ට් එකක් කියන්නෙ ලියන එකෙක්ට ශක්තියක් නලින් අයියා..
ReplyDeleteඑහෙනම් අපේ කෙන්ජි “මාමාට“ සුභම සුභ වේවා. !
සෑම් බෑනටත් එ.... මල මගුලයි.වැරදුනා.
Deleteස්තුතියි පැතුමට සැමා.
කෙන්ජි අයියණ්ඩි ට සුබ උපන් දිනයක් වේවා..!!
ReplyDeleteඔත්තුව දුන්නට නලින් අයියාටත් ස්තුතියි..
Chandana මලයන්ඩියට ස්තුතියි පැතුමට.
Deleteලියවිල්ල අමතක කරල දැම්මද?
සුබම සුබ උපන් දිනයක් කියා අපිත් ප්‍රාර්ථනා කළා ඔන්න....)))
ReplyDeleteවර්ෂා කී දෙනෙක්ද අප්පා අපිත් කිව්වම?එච්චර වාසනාවන්තද මම නොදුටු ෆැමිලියකින් ම පැතුම් ලබන්න.
Deleteපැතුමට ස්තුතියි ඔබට.
කෙන්ජිට සුභම සුභ උපන් දිනයක් වේවා...
ReplyDeleteNadini A. ආ..සාස්තර නගා සැමී යට මේ ගානට එන්න 25ක්වත් ඇති නේද?
Deleteස්තුතියි නදී පැතුමට.සැමි වත් මතක් කලා කියන්න.
කෙන්ජි සීයට සුබ උපන් දිනයක් වේවා..!
ReplyDelete( කොහොමත් එකම වයසේ අය තමයි ඕවා දන්නේ.. නේද නලීන් අයියේ.... හි හි)
ම් ...... එක වයසේ නම් එතකොට කෝමෙයි කෙන්ජි ‘සීයා‘ වෙලා නලීන් ‘අයියා‘ උනේ .....................
Deleteඕවට තම්යි බං ගෑණුන්ගේ ටිරිකිස් කියන්නෙ..!
Deleteකෑව නේද හිරුවො පරිප්පුව..!
අන්න ඩී ඩී ටී නියම ප්‍රශ්නය.
Deleteහිරු ආ..චූටි ලමිස්සි.චූටි ලමිස්සි ගෙනුත් පැතුම් ලබන්න තරම් සීයා වාසනාවන්ත වුනා එහෙනං.
Deleteපැතුමට ස්තුතියි හිරු.
DDT,වීයා,නලී, ඒ කෙලී ගෙ අහිංසක සතුටට බාධා කරනව නෙමේ බොලා ල.
Deleteකෙන්ජි හරිම සුන්දර මිනිහෙක් තමයි.මට හිනා යන්නෙ මගෙ බ්ලොග් එකේ කෙන්ජි මට දොස් කියමින් කොමෙන්ට් කළා.ඔහු එසේ කළේ මමත් සමඟ අමානාපයෙන් නොවෙයි.මමත් ඔහු සමඟ එදිරිවාදිකමින් කතා කළා.ඒත් ඔහු සමඟ අමනාපෙන් නොවෙයි. දෙන්නට දෙන්න ඒක දන්නවා.අපේ සහෘදයෙක් වන කෙන්ජිට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteසැමට මිතුරු,පළමුව මා ඇගයීම ගැනද,දෙවනුව මා වැනි බුවාලව තේරුම් ගැනීමට ශක්තියක් ඇති කෙනකු ලෙසට ඔබ ගැන සතුටුයි.
Deleteබොගෙ නම මාරු කලාද?
බොක්කෙන් දුන්න ප්‍රාර්ථනාව ඉතසිතින් පිළිගත්තෙමි.
ස්තුතියි.!
කෙන්ජි අන්කොල් ලා ගේ උපන් දිනේ අදද??එහෙනම් සුබ උපන් දිනයක් වේවා ඈ..ඉදිරි අනාගතයේදි වැඩි වැඩියෙන් කොමෙන්ටු දාන්න වෙලාව ලැබේවා....
ReplyDeleteUnderwriter හිත හොද නම් වයසට ගියත් අංකොල්ල කොල්ලො තමයි ඉතිං.කොහෙද ඉතින් මට තියෙන්නෙ කැත හිතමනෙ.
Deleteබොටත් වැඩට වෙලාව අඩුවෙනුත්,ලියන්න වෙලාව වැඩියෙනුත් ලැබෙන්න ඕන.
පැතුමට ස්තුතියි මල්ලිය.
Underwriter ඔව් ඔව්.අංකොල්ල කොල්ලො වෙන්නෙ හිත හොද නම් තමා.කොහෙද මලේ මට එහෙම පිනක් නැහැනෙ.මොකද මගෙ හිත කැතයි නෙ :).
Deleteඑහෙනම් TQ කිව්ව පැතුමට.
සුභ උපන් දිනයක් කෙන්ජි.
ReplyDeleteබ්ලොග් ලියන අපිව දිරිමත් කරමින් කෙන්ජි කරන සේවය අපි හුඟක් අගය කරනවා.
උපන් දින පැතුමක් හැටියට මේ වසරේ සිට කේන්ති යාම පොඩ්ඩක් අඩු වේවා. :D
නලීන් උඹටත් ස්තුතියි මචං.
හෙන්රි පැතුමට තුති.!
Deleteඔබලා ලියන ලිපි වලින් අපි යමක් ඉගෙන ගන්නව.ඒ වගේම සතුටක් ලබනව කොමන්ට් එකක් දමා ඔබ සැම තව තවත් දිරිමත් කිරීම කියවන පාඨක අපගෙ යුතු කමක්.
ඊයෙ ඉදල කටට එන කේන්ති නහර කැපුව.දැන් ඒක ඇගිලි වලට ඇවිල්ලද මන්ද.
එහෙම උනොත් ඇගිලි පුරුක් දෙක තුනකුත් කපල දාගන්නව.
ජපානෙ වැඩ කරද්දී මැෂින් වලට ඇගිලි කැපුනොත් සල්ලි ගෝනි.
සුබ උපන්දිනයක් වේවා කෙන්ජි මාමේ :) :)
ReplyDeletePramudi ස්තුතියි හිච්චි දුවේ.
Deleteකෙන්ජි මාමියගෙ කොමන්ට් බලන්න එපා 21 කේ කඩුල්ල පැනල නැත්නම්.
සුබ උපන්දිනයක් වේවා කෙන්ජි !
ReplyDeleteප්‍රසන්න,උඹේ නම කොටන්න ඕන තුනෙම්ම නේද ?
Deleteපැතුමට ස්තුතියි ප්‍රසන්නය.
කෙන්ජි ට සුභ උපන් දිනයක් වේවායි පතමි.
ReplyDeleteG manju අනේ නගේ/දුවේ අවිවේකී හමුදා සේවයෙ යෙදී සිටිමින් බුදු දහම ගැන සහ පරිසරය,වන සතුන් ආදී වෙනස් ලිපි ගෙන එමින් කරන ඉතාමත් අගය කල යුතුයි.
Deleteපැතුමට තුති.!
අනේ මල්ලි හොයාගෙන පත්තරේ දැම්මට ස්තුතියි.සොයිස එකේ ලගකදී පරණ පොත් අවුස්සන රාජකාරියක් තිබුනද.
ReplyDeleteඋපන් දිනේ හොයාගෙන දැම්මට කමක් නැහැ,මගේ අනිත් පැටිකිරි හොයාගෙන දානව නොවෙයි.
අනේ මගේ සහෝදර/සහෝදරියො/පුතාල/දුවල/තරහ කාරයෙක් සුභ පතල තියෙනව දැක්කම හරිම තන්තෝතේ බැරිව ඇස් දෙක බොද වෙලා.
හැමෝම පොඩ්ඩක් ඉවසන්න බොද ගතිය මැකී යන්න උගුරට ඩ්‍රොප් කීපයක් දමා ගෙන,කන් උරහිස ලගට කඩාගෙන නොව පාත් කරගෙන එනකං.
නලිය මලේ,මේක ටිකක් තියන්න මට සුභ පතපු අයට හොදවයින් දෙකක් කියන්න.මොකා මලත් බ්‍රේකින් නිව්ස් දාල ගම ඊටින් වානා.හරිය.
කෙන්ජි සුහදයාණන්ට සුබ උපන් දිනයක් වේවා..! යි මමත් පතමි.
ReplyDeleteදයානන්ද රත්නායක මහතාණනි,
Deleteස්තුතියි ඔබට.අපි වගේ දඩබ්බර එවුන්ට සුභ පතන්න මහත්වරුත් ඉන්නව.
කෙන්ජි සහෝදරයට සුබම සුබ උපන්දිනයක් වේවා කියලමමත් හදවතින්ම සුබ පතනවා... ඇත්තටම සයිබර් අවකාශෙ බ්ලොග් ලෝකෙ පුරා හීන් සීරුවෙ සක්මන් කරමින් අප්‍රමාණ ධෛර්යයක් දෙන අපූරු මිනිසෙක් ඔබ...
ReplyDeleteතරු රසී සහෝදරිය මා ඇගයීම ගැන සතුටු වනවා වගේම සැමරුමට පැතුම හදවතින් පිළිගමි.
Deleteතරු,ඔබ දැයේ දුව,දරුවන් වෙනුවෙන් කණ්ඩායමක් සමග කරන මෙහෙවර ඉතාමත් උසස්.
මම ඔබගේ ලිපි වගේම දරුවන් වෙනුවෙන් කැපවීම ගැන ඉතාමත් සතුටුයි.
ඔබට ශක්තිය පතමි.!
This comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteනලින් කරුණාකර ඇනොලාට ලියන්න ඉඩ දෙන්න.අවහිර කරන්න එපා.ඔබට යම් අවැඩක් වේනම් කලාට කම් නැත.
ReplyDeleteමා වෙනුවෙන් ඇනෝ තුමාලා දමන (අ)සුභ පැතුම් ආදරයෙන් පිළිගන්නව.
කිසිදු ඇනෝ මතයක් වාරණය නොකරමි. අසැබි වදන් හා අසැබි ලිංකු පමණක් වාරණය කරමි.
Deleteෂාහ්..........අහලක පහලක හිටියානම්........ළඟ තියන හමුදා කඳවුරක 'කඳවුරු සංචාරයක්' අරගෙන යන්න තිබුනා.
ReplyDeleteදීඝායු වේවා, නීරෝගී වේවා, අපේ සහෘද සංගමයේම වැජඹේවා.
අසමි දකිමි සොයමි ලියන විචාරක
විචාරක තුමනි;පැතුම බොක්කටම වැදුන.
Deleteහෙහ්..හෙහ්... කදවුරු වල ඔෆිසර්ස් මෙස් වල වගේද අපිටම ගැලපෙන නිදහස් තැනක උගුරට හලා ගත්තම.
පනාගොඩත් දෙතුන් සැරයක් සෙට් වෙලා තියෙනව.මත්තේගොඩත් එක සැරයක්.
රත්මලානෙ එයාර් ෆෝස් මෙස් එකෙත් කීප සැරයක් සෙට් වුනා.
ඒවල නුගේගොඩ පුබුදු එකේ වගේ සෙරෙප්පු දාගෙන T එක ගහල යන්න පුළුවන් තැන් නෙමේ.
බොන්න ගියත් සුද්දෝ යන විදියට යන්න ඕන නෙ.
හැබැයි බිව්වලින් පස්සෙ සමහරු ආපු වාහනෙ අමතක වෙලා ආමඩ් කාරුත් අරන් ගිහිල්ල කන්දෙන් පහලට පෙරල ගන්නව නේද?
යකෝ බලනකොට මේකා මටත් වඩා ආමි එකෙන් කාලා තියනවා.
Delete:D :D :D
සුබ උපන් දිනයක් මිතුර , සුව සතුට පිරි “නව ජීවන වසරක්“ වේවා ....
ReplyDeleteMahesh N.හදවතින් පැතූ පැතුමට,මුළු හදින් ස්තුතිවන්ත වෙමි.!
Deleteසුබම සුබ උපන්දිනයක් වේවා කෙන්ජි මලේ ... ! දැනුම් දුන්නට නලින් මලයට ස්තුතියි ..
ReplyDeleteඅනේ ගාමිණි අයියෙ 50 පැන්න ගමන් මමත් ඔයාගෙ ගොඩේ නේද අයියෙ?
Deleteඅපි අදිමුද තව 30 ක්.
ගොඩක් කට්ටිය මේකෙ ඉන්නව අයියෙ බොක්කෙ කට්ටිය.
උන් කට්ටිය එකතු වෙලා හරි යමක් කලත් මැදා අපි මලත් නේද අයියේ?
සුභ උපන්දිනයක් වේවා!!!!
ReplyDeleteChams පැතුම ත් චාම්.
Deleteස්තුතියි මා දෙස බැලුවට.
සුබ උපන්දිනයක් කෙන්ජි අයියා !
ReplyDeleteදැන් ඔය කීවෙනි එකද හැබෑට.
DDT ය රයිගම මගෙ වයස කියල තියෙන්නෙ.
Deleteබොලාට මොකද වෙලා තියෙන්නෙ කොමන්ට් එකක් වත් දාන්න වෙලාව නැද්ද බං
සුබ උපන්දිනක් වෙවා..කෙන්ජි මිතුර..!
ReplyDeleteනලින් අය්යාටත් ස්තූතියි බං..!
වීයා ස්තුතියි පැතුමට.
Deleteමේ දවස් වල හොදට එක එක හතු පිපෙනව ඇති වැස්ස නිසා.
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteයකෝ රාජ සම්පත් දෙකක් ලැබිල තියෙන්නෙ මගේ තුමිය ගෙ හරා කිරි කරල.
Deleteතව රාජ සම්පත් ගේන්න නම් ඉස්සරහ ගෙදර ඒකිගෙන් අහල බලන්න ඕන.
ස්තුතියි රජ...!
Aiyada maamada nam danne na! Subama suba Upandinayak wewa!
ReplyDeleteඅඟහරුවා තෝ සිංහල කොටන්න දන්නෙම නැද්ද?දන්න එකෙක් ගෙන් අහගෙන සිංහලෙන් ලියන්න පුරදු වෙන්න හරිම ලේසියි.
Deleteමමත් මේකට වැදිල රයිගමහන්දිය කියව කියව එයාට ඔබ වගේ කොමන්ට් කරද්දී ඔහු ලින්ක් එකක් එවා තිබුන සිංහලෙන් කොටන විදිය.
ඔබට මේ සම්බන්දව දැන ගැනීමට අවශ්‍යය කමක් තිබෙනව නම් කොහෙ හරි කොමන්ට් එකක් දමන්න වෙස්සන්තරල පදුරු ගානට ඉන්නව උදවු කරන්න.
පැතුම ට ගොඩක් ස්තුතියි.!
මම දැනුයි දැක්කේ මේ පෝස්ට් එක..කෙන්ජි අයියට සුබම සුබ උපන් දිනයක් වේවා....
ReplyDeleteසුභ පතන්න වෙලාවක් කලාවක් නැහැ නොවැ මලේ.
Deleteලබන අවුරුද්දක් කියල එහෙකුත් තියෙන්නෙ.
මොකද අපි අද හෙට මැරෙන එවුන්යැ.
හිටපු ගමන් කූරිය ගහන එවුන් මිසක්ක.
පැතුමට ගොඩක් ස්තුතියි සහන් මල්ලි.
සුභ අනාගතයක් :).
අඩේ අපේ කෙන්ජියටත් උපන්දියනක් කියල එකක් තියෙනවැයි. නලියා කොහොමෙයි හොයාගත්තේ. එහෙනං කොල්ලෝ (???) බෝතල් වැක්කෙරෙන සුභම සුභ උපන්දිනයක් වේවා බොක්කෙන්ම කියන්නේ හරිය!!!
ReplyDeleteදේශ් ; උඹව අල්ලගන්න හිටියෙ.ඇත්ත කියහන් අර අන්තිම ලිපිය දාල තියෙන විදියටම ද තෝ තාමත් හැසිරෙන්නෙ?
Deleteඒවා අපිව කුලප්පු කරන කතා නේද මලේ.
මම නොදන්නවාද බං ආතල් ගන්න උන්ගෙ බොක්ක.අරක්කු වලටම තැම්බිලා රෝස පාටයි නෙ.රෝස පාටට අපි කවුරුත් ආසයි නෙ.
ඉතිං බං TQ කියන්න ද?තෑන්ක්ස් කියන්න ද:).?
අද මේක දැක්කේ, කෙන්ජි, ඔබට සුබ උපන්දිනයක් වේවා!!
ReplyDeleteAyilas A එහෙම නිකන් සුභ පතල හරියන්නෙ නැහැ.හොද පින්තුර ටිකක් ගන්න ඕන :).
Deleteඅයිලාස් පැතුමට තුති.!
සුබ උපන්දිනයක්!!!
ReplyDeleteකඳු ගහෙන් ගෙඩි එන්න වගේ දුන්න පැතුමට තුති.
Deleteමේවට තමයි වෙඩි පැතුම් :) :).
බලපංකෝ ඒකෙත් හැටි.. කදු කඩාපාත් වෙනවයි කියන්නේ ඕකට තමා
Deleteකෙන්ජි අයියාට සුබ පතන්නට එක්වුණු සැම දෙනාටම මගේ ප්‍රණාමය.
ReplyDeleteනලින් මල්ලි ට ස්තුතියි.
Deleteසිය පවුලට තෙරුවන් සරණයි.!
//කෙන්ජි අයියාට සුබ පතන්නට එක්වුණු සැම දෙනාටම මගේ ප්‍රණාමය.//
Deleteකව්ද බං මේ මැද්දට පැනපු එකා කෙන්ජියෝ.. හැක්..
meka niyama blog ekak, mama blogger walata aluth, adamayi awe digatama kiyawanawa... Digatama liyanna subapathanawa parakku wela dala me comment eka dakiyida manda :)
ReplyDeleteparakku wela hari kenjita suba upandinak :)
බ්ලොග් කරුවන් අතර ඉතාමත් ජනප්‍රිය චරිතයක් කෙන්ජි කියන්නේ. ස්තුතියි විදුර
ReplyDelete