රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-06-25

මේ නගන්නේ මහ පොළවේම දූවිලි අංශුවල හඬයි - ලාලි කෙළිය

විද්ත් මාධ්‍යයෙන් මුද්‍රිත මාධ්‍යයට පිවිස පුවත්පත් කලාව තුළ දිගුකාලීන අත්දැකීම්වලින් හෙබි මාධ්‍ය වේදිනියක වූ අනුරාධා නිල්මිණි පසුකාලයේ අපට සමීප වූයේ කිවිදියක, ළමා රචිකාවියක, යොවුන් නවකථා හා නවකථා කාරියක ලෙසින් නන්විද භූමිකා සමඟිනි. ‘ලාලි කෙළිය’ ඇගේ ප්‍රථම නවකතාව යි. මේ ඇය හා කළ පිළිසඳරකි.

“යුගස්ත්‍රී” ඔබේ පළමු කාව්‍ය සංග්‍රහය වගේම මේ ‘ලාලිකෙළිය‘ නවකතාවක්. ඔබ වෙනස්ම මඟක් ගත් නිර්මාණකාරියක් බවට පැහැදිලි සාක්‍ෂි සපයා තිබෙනවා. මොකකක්ද ඔබේ ගමන් මඟ?

ඒකට වඩාත්ම ගැලපෙන පිළිතුර තමයි මම සමාජය ප්‍රශ්න කරන්නියක් වීම. මම පුංචිම කාලෙ ඒ කියන්නේ මට වයස අවුරුදු හතක් තරම් වයසකදි අපේ අම්මා මාවත් එක්කගෙන දවසක්, පළාතෙ මන්ත්‍රීවරයගෙ ගෙදරට යනවා. අපි මහපාන්දර ගෙදරට ගිහින් කුස්සිය පැත්තෙ වාඩිවෙලා ඉන්නවා. ඔන්න, මන්ත්‍රීතුමා කුස්සිය පැත්තට එනකොටම අපේ අම්මා ඇතුළු ගෑනු හැමෝම බංකුවලින් නැගිට්ටා; එතුමාට ගෞරව කරන්න.
අම්මා නැඟිටින අතරෙම මටත් බල කර කර අතින් අදිනවා නැගිටින්න කියලා. එතකොට මම ටිකක් හයියෙන් අම්මගෙන් අහනවා “ඇයි මන්ත්‍රී කියන්නෙ හාමුදුරු කෙනෙක්ද?” කියලා. ඒක මන්ත්‍රීවරයාට ඇහිලා එතුමා හිනාවුණා. මම නැගිට්ටෙම නෑ. අම්මා ගෙදරට ආවට පස්සෙ මට දඬුවම් කළා. මේක ලොකු සිද්ධියක් නොවෙයි. නමුත් නිස්සාර සම්ප්‍රදායන් ප්‍රශ්න කිරීමට කුඩා ළමයකු වශයෙන් පවා මා තුළ තිබු උවමනාව, මගේ පසුකාලීන වෘත්තිය වගේම නිර්මාණකරණයට පිටුබලයක් සපයන්නට ඇතැයි මා සිතනවා.

නමුත්, කවිය නවකතාව වැනි හෘදය සංවේදී ගුණයෙන් අනූන නිර්මාණයන් හරහා ඔබ පවසන අන්දමට සමාජය ප්‍රශ්න කිරීමේ හැකියාවක් තිබෙනවාද?

“පැහැදිලි ලෙසම තිබෙනවා”. නමුත් අවාසනාව අපගේ මෑත කාලීන සාහිත්‍යකරුවන් හෝ නිර්මාණවේදීන්, ඒ මඟට අවතීර්ණ නොවීමයි. විශේෂයෙන්ම වර්තමාන සාහිත්‍යවේදීන් වැඩි දෙනෙකුගේ කැමැත්ත, තම නිර්මාණ කෘති හරහා සමාජයට සරල පණිවිඩයක් ලබා දීමට පමණයි. (ඒ සඳහා ද අවංක වුවමනාවක් ඇත්තේ අතළොස්සකටයි.) ඉන් ඔබ්බට ගොස් නිර්මාණය තුළින් සමාජය ප්‍රශ්න කරන්නට කිසිවකුත් වැඩි කැමැත්තක් දක්වන බවක් පෙනෙන්නට නැහැ.
එයත් එක්තරා දේශපාලයක් විදිහටයි මම දකින්නේ. අද ලංකාවට ගැලපෙන්නෙ සහ ලංකාව තුළ පවතින්නෙ ඕඩියන්ස් පොලිටික්ස්. ඒ කියන්නෙ වේදිකාවට ගැලපෙන දේශපාලනය. ඉන් එහා ගිය, හරසාරාත්මක හෝ න්‍යායාත්මක තලයේ දේශපාලනයක් අපේ රටේ නෑ. ලංකාවේ වර්තමාන සාහිත්‍යකරනයටත් වඩාත් හොඳින්ම ගැලපෙන්නෙ ඒ අර්ථ දැක්වීමයි.
විවිධ සාහිත්‍ය සම්ප්‍රදායන් තුළ රාමුගත වූ සහ රාමුගත කරවූ, පාඨක විචාරක පිරිසක් වෙනුවෙනුයි, වර්තමාන ලේඛකයාට ලියන්නට සිදුවී තිබෙන්නේ. අනෙක් පසින්, සම්මාන පොරය. අඩුම වශයෙන් ‘’ෂෝට්ස් ලිස්ට්’’ එකට හෝ පොත රිංගවා ගත යුතුයි කියන මානසිකත්වයක් දැන් ලේඛක මනස අවුල් කරමින් තිබෙන තවත් ඛේදවාචකක්. ඒ සියල්ල අතරේ සමාජයේ පතුල කියවමින් සමාජ ක්‍රමය ප්‍රශ්න කිරීමේ සාහිත්‍ය කලාවක් ගැන හිතන්නට හෝ වැඩිදෙනෙකු කැමැත්තක් දක්වන්නේ නෑ.

“ලාලි කෙළිය” හරහා ඔබ එවන් ප්‍රබල සමාජ ප්‍රශ්න කිරීමකට යොමුවී ඇති බව බැලූ බැල්මට පෙනී ගියත්, කතාව ගලායෑමේදී එම උත්සහය අසාර්ථක වී ඇතැයි මා කීවොත්..?

ලාලි කෙළියෙ හි වියමන, ප්‍රස්තූතය, අපේ සම්ප්‍රදායික නවකතා කියවමින් සිටින, සරල පාඨකයාට තේරුම් ගැනීම තරමක් අපහසු විය හැකියි. හේතුව, මෙහි ආකෘතිය තුළින් කිසිවිටෙකත් මුල, මැද, අග සම්‍යක් සුවයෙන් ගලායන නාටකීය කතාවක් චිත්‍රණය නොවීමයි. එය මා පෙරවදනේම සඳහන් කර තිබෙනවා. අනෙක් කරුණ, කුඩා දරුවන්ට කතන්දර කියාදෙන අන්දමට සිද්ධියෙන් සිද්ධියට විස්තර කරමින්, පිටු තුන්හාරසියයේ පොත් ගෙඩි ලිවීමෙන් අප වැළකිය යුතුය යන මතයේ මා තරව සිටිනවා. ප්‍රස්තූතයට ගැලපෙන, ප්‍රබල සිදුවීම් දිගින්, දිගට ඇත්නම් පමණක් එවැනි දීර්ඝ පොත් කියැවීමට කෙනෙකුට කාලය තිබිය හැකියි. ඒ කවරක් වුවත්, පොතේ අලෙවිය හා පොත හොඳින් ග්‍රහණය කරගත් පිරිස දක්වන අදහස් අනුව ඔබේ යෝජනාවට එකඟවීමේ හැකියාවක් මට නැහැ.

මන්ද මානසික මට්ටමේ පසුවන දරුවකු බලා කියා ගන්නා මවක් පිළිබඳව, අප තුළ හටගන්නේ මහත් ගෞරවයක් සහ අනුකම්පාව මුසුවූ දයාවක්. නමුත්, ලාලිකෙළියේ විනිෆී‍්‍රඩා පෙරේරා යන මවගේ ක්‍රියාකලාපයක් අපට ඇති කරවන්නේ විශාල ප්‍රශ්නාර්ථයක්. සැබෑ ලෙසම එවැනි දෑ සිදුවිය හැකිද?

‘’ඒකට පිළිතුරු ගණනාවක් තිබෙනවා. පළමුවැන්න, එම සිදුවීම, කොයියම් ලෙසකින් හෝ සැබෑ ලෙසම සිදුවන්නක් බව පොතේ කොතැනකවත් සඳහන් වී නැහැ. ඒ නිසායි මා මුලින්ම කියා සිටියේ ඉසියුම් කියැවීමක් ඇති කෙනෙකුට පමණයි මෙය හොඳින්ම ග්‍රහණය කරගත හැක්කේ කියා. පොතේ කතා නායිකාව ධාරතී දරු ප්‍රසූතියට රෝහල් ගත කිරීමත් සමඟම ඈ, මානසික අවපීඩන තත්ත්වයට පත්වනවා. දරු ප්‍රසූතියෙන් පසුව එය වඩාත් ත්‍රිව්ර වෙනවා. එම තත්ත්වය තුළ ඕනෑම කෙනෙකු ස්වයංක්‍රීය සිතිවිලි හා සිහින අතර සැරිසරන්නෙක් බවට පත්වන්නේ නිරායාසයෙන්. ඒවා තමන් මුහුණු දුන් හා මතකයේ තදින් රැදුණු සිද්ධීන් හා කාල්පනිකයන් අතර නිරන්තරව දෝලනය වෙමින් පැවතීමයි ස්වභාවය. ධාරතී දූෂණයට ලක්වන තැනැත්තා පිළිබඳව ඔහුගේ මව දිනෙක පැවසූ වචන කිහිපයක්ද සමඟ කාල්පනික දිගහැරීමක් පමණයි ඔබ ඔය කියන සිදුවීම. එය දිග හැරෙන්නේ ද මතකය තුළ අද දකින සිහිනයක් පරාවර්තනයක් වශයෙනුයි.
එම සිදුවීම පමණක් තනි මිටකට ගෙන, මෙය හුදු ලිංගිකත්වය හුවා දැක්වීමේ කාම පොත් කලාවේ තවත් එක් පුරුකක් වශයෙනුත් ඇතැම් පිරිස් අර්ථ දක්වමින් සිටිනවා. එය ප්‍රාථමික සෙක්ස් කුල්ලේ දමා පොලන්නට ප්‍රථම ලාලි කෙළිය හරහා මතු කෙරෙන සමාජ සියැවීම් කවරක්ද යන්න හෝ පිරික්සා බැලීමට අපේ ගෞරවණීය, සිල්වත් විචාරක සමාජයට උවමනාවක් ඇති බවක් තවම පෙනෙන්නට නැහැ. ඒ වෙනුවට ඔවුන් කරමින් සිටින්නේ, අඳ බාල ගැහැණු නාන තොටේදී, මහ මඟදී, කඩ පිලේ දී කරමින් සිටින කාර්යට නොදෙවැනි ක්‍රියාවක්.

මන්ද මානසික තත්ත්වයේ පුත්‍රයකු සම්බන්ධයෙන්. මවකගේ එම ක්‍රියාව සාධාරණීකරණය කළ හැකි නම් එවන් දියණියකගේ පියෙකුටත් එයම කළ නොහැකිදැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකියි.?

ඔව් පැහැදිලිවම එහෙම ප්‍රශ්න නගපු අයත් හිටියා. එපමණක් නොවෙයි, මට සමලිංගික අත්දැකීම් තිබේද, ගබ්සාවකට මුහුණු දී ඇද්ද, වැනි ඉතාම ප්‍රාථමික ගණයේ ප්‍රශ්න වක්‍රව නගපු අයත් සිටිනවා. ඔවුන් කෙරෙහි මට ඇත්තේ අනුකම්පාවක්. අවම වශයෙන් කේන්තියක් ඇතිකර ගැනීමට තරම්වත් ඒවා බරපතළ ප්‍රතිරෝධයන් ලෙස මට දැනෙන්නේ නැහැ.
අපේ රටේ අති බහුතරයට තවමත් පරණ හණමිටි බිම තබා උරය හෑල්ලු කර ගැනීමේ උවමනාවක් නැහැ. සාහිත්‍යය තුළත් ඒ බර එලෙසමයි. මගේ නවකතාවේ හෝ වෙනත් නිර්මාණයන්හි කිසිවිටෙකත් පූර්වාදර්ශි චරිත අඩංගු වන්නේ නැහැ. නමුත් ඒ සියලු චරිත මේ පොළවේම දූවිලි අංශු. ඒවා පොළවෙන් තරමක් මතුපිටට ගෙන, පොදු ඇස්මානයේ ජීවත් කරවීමයි මගේ අරමුණ. තමාට තමාවම ප්‍රශ්න කරමින් ‘මා’ වෙනුවට ‘අප’ යන පොදු ගුණාකාරය තුළ පිහිටා සමාජය හොඳින් කියැවිය හැක්කේ එවිටයි.’’

ඔබේ ඒ අරමුණ තුළම පිහිටමින් ලාලි කෙළිය පාඨකයා ගෞරවයෙන් වැළඳගනීවි යන විශ්වාසය ඔබට තිබෙනවාද?

ඒ ප්‍රශ්නයට ‘ඔව්’ කියන කෙටි පිළිතුරෙන් පමණක් අත පිසදාගැනීමට මා කැමති නෑ. හේතුව මා දැන් මගේ කාර්යය මූලික වශයෙන් ඉටුකර අවසානයි. එහි ඉතිරිය සම්පූර්ණ කළ හැක්කේ පාඨක විචාරක ප්‍රජාවටයි. නමුත් මා මුලින් සඳහන් කළ පරිදි මෙන්ම ඔබේ ප්‍රශ්න ඇසුරින් ද පෙනී යන්නේ නාටකීය නව කතා කලාවට හුරුවූ බහුතර පාඨක විචාරක ප්‍රජාව අතරේ ගබ්සාව නීතිගත කරවිය යුතුය යන යෝජනාව සමාජයට ගෙන එන ‘ලාලි කෙළිය’ හුදෙකලා ගමනක් යමින් තිබෙන බවයි. ඒ නිසා එහි ඉදිරි අලෙවියට යම් බලපෑමක් සිදුවේද යන්න, මට මේ මොහොතේ කිව නොහැකියි.
එහෙත්, සමාජ විද්‍යාත්මක පදනමක සිට, සවිඥානිකව පොත ග්‍රහණය කරගත් යම් පිරිසක් ද සිටිනවා. පළල් දැක්මක් සහිත, ලෝක සාහිත්‍යයේ නව ප්‍රවණතා හොඳින් ඇසුරු කරන එම පිරිස “ලාලි කෙළිය” තුළින් මතු කෙරෙන නව මානයක් හා සමාජ කෝණයක් කෙරෙහි නිරන්තර අවදියෙන් පසුවනු ඇත යන්න මගේ විශ්වාසයයි. 

කතා බහ මනෝලි සුභසිංහ

33 comments:

  1. ඇගේ යුගස්ත්‍රී කවි පොතට මං කැමතියි.. මං ඒ ගැන බ්ලොග් එකේ සටහනකුත් ලියා ඇති.. ‘‘සමනළී‘‘ කතාවත් ඇගේද? මට ඒ කතාව නම් හිත් ගත්තේ නැහැ...

    ලාලි කෙළිය කියවා බැලිය යුතු කතාවක් බව හැගෙනවා...

    ReplyDelete
    Replies
    1. තරු සමනළී කාගේද යන්න මම නොදනිමි.

      Delete
    2. කියවන්න .ඒ වගේම ඇය බටහිර ස්ත්‍රීවාදයේ මුණිවරියක් බැවින් ඇය ඇදහීමත් වටී

      Delete
  2. මොන කෙළිය ලිව්වත් ඇය මොන කොම්පැණියෙ මාධ්‍යවේදිනියක්දැයි සඳහන් වෙන්නෙ නෑනෙ...කෝ රන්ජන් අමරරත්න එයා මොකද කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇය කලක් රාවයේ ද පසුව ලංකාදිපයේ ද සේවය කළා. අමරරත්නනම් මේ පොත ගැන විචාරයක් ලියන්නවත් කැමති වුණේ නෑ.

      Delete
    2. නූපන් දරුවන් මරන්නට යෝජනා කරන මේ බියකරු යක්ෂණියගෙ නම මටත් හුරුයි.දරු සෙනෙහස මානව ඉතිහාසයේ ,මානව සාහිත්‍යයේ මුල් බැසගත් දෙයක්.මෙවැනි යක්ෂණියන් ගැන අසන්නට ලැබීමෙන් ලෝක විනාශයේ පෙර නිමිති පහළ වී ඇද්දැයි සිතෙනවා.

      Delete
  3. අනුරාධාෙග් "අරවින්දය" කතාව කියවා අැති අතර ඒය නම් සරල ෙත්මාවක් ඔස්ෙස් ලියපු කතාවක්. ඒ්ත් ඒක දිගට කියවිය හැකි කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මා කිසිවක් නොදනිමි තරු අරණ

      Delete
  4. කියවා බැලිය යුතුමයි...මම මෙහෙම කිව්වහම වැරදි වෙයිද දන්නෑ..පහුගිය කාලේ අඬ බෙර ගහපු නුවන් ශ්‍රීනිගේ සර්පයාගේ දියණිය වගේ වෙයිද කියලා හිතනවා..එනිසා කියවලාම අදහස කියන්නම්..

    ReplyDelete
  5. ලාලි කෙළිය-තේරුම???

    සාකච්ඡාව නම් හොඳයි. පොත නම් ඉතින් කියවලා බලන්ටම ඕනි.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මේ සාකච්ඡාවේ තැනක කියැවෙනවා නේද. එතැනින් අනුරාධාගේ අදහස කුමක්ද යන්න වටහාගත හැකියි. සරළ අරුතින් කාන්තා ක්‍රීඩාව සේ ද ගත හැක. එහෙත් මෙතැන අරුත එයිට වෙනස්.

      Delete
    2. මේ තියෙන්නේ කතුවරියගේ අදහස...
      //කව්සිළුමිණෙහි ස`දහන් වෙනවා ලාලි කෙළිය නමැති ක්‍රීඩාවක්‌ පිළිබ`දව. එහි ස්‌වරූපය තමයි ලාකඩ ගුලි තුනක්‌ අරන් එකවර උඩ දානවා. එකක්‌ හරි බිම වැටුණොත් ක්‍රීඩකයත් ඉවත් වෙනවා//.

      Delete
  6. හොද ඉදිරිපත් කිරීමක් කියවා බැලීම වටී

    ReplyDelete
  7. //බහුතර පාඨක විචාරක ප්‍රජාව අතරේ ගබ්සාව නීතිගත කරවිය යුතුය යන යෝජනාව සමාජයට ගෙන එන ‘ලාලි කෙළිය’ හුදෙකලා ගමනක් යමින් තිබෙන බවයි.//

    ආයිත් අහලා.. හුදකලා නෙවෙයි සුදු වෑන් මාතෘකාවක්නේ... හි හි.. පොත් ටික ගිනි තියන්න පටන් නොගත්තොත් බැරියැ හාමුදුරුවරුටික... ( ඊළගට කතුවරියව ගිනි නොතිබ්බොත් ඇති..)

    ReplyDelete
    Replies
    1. ඒව කියන්න බෑ.තම තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්න කියලා අපේ රාජ්‍ය නායකයෙක් කියලා තියනවා නේ.

      Delete
    2. මේ යක්ෂණිය ට විකෘති ලිංගික හැසිරීම්ද ඇති බව පෙනෙනවා.ආබාධිතයන් සමඟ ලිංගිකව එක්වීම මෙන්ම තම දරුවන් සමඟ ලිංගිකව එක්වීම අසාමාන්‍ය මනෝ විද්‍යාව යටතේ ඉගැන්වෙන දෙයක්.ඉතා බරපතල විකෘති මානසිකත්වයක් ඇති මෙම ලේඛිකාව මාක්ස්වාදී නරුමයන්ට වරක මදුලක් වී තිබෙනවා.

      Delete
  8. අය්යන්ඩ්..තවම මට හරියට සිංහල කොටන්න බැහැ ඒ නිසා ඔයාලා අපහසුතවයට පත වෙනවනම් මම කියවලා විතරක් යන්නම් කොමෙන්ටුවක් නොදා..

    ReplyDelete
    Replies
    1. සංජීව මෙතන හරියට සිංහල පුළුවන් එකෙක් වත් නැහැ..ඒ නිසා උඹටත් පුළුවන් විදිහට සිංහලෙන් ටියිප් කරපන්..ආයේ එක එකාගෙන් අවසර ගන්න දෙයක් නැහැ මේකේ..එක්කෝ විජේසේකර පුරුදු වෙන්න නැත්නම් IME එක පුරුදු වෙන්න..සතියක් යද්දී නිකම්ම පුළුවන් වෙනවා...මම ගණන් හැදුවා මම දැනට අකුරු කෝටි 2 ටයිප් කරලා තියෙනවා..අරුණි අක්කා එහෙම කෝටි 12 වගේ යනවා ඇත්තේ...සංසාරේ සංසාරේ ...

      ඕනේ වෙලාවක ඇවිත් ඕනේ මගුලක් කියලා පලයන් මගේ මගුලේ...( හැබැයි මචන් අන්‍යන්ට වැදගත් වෙන යමක් කීම තමයි යුතුකම..)

      Delete
    2. කිසිම අපහසුතාවක් නෑ. ඔබේ පැමිණීම අපට ශක්තියක්. එන්න ඕනම දෙයක් කියන්න. මේ කොමෙන්ටුවක් බ්ලොග් කරුවකුට දහස් වටී.

      Delete
    3. සහන් , නලින් මාව බ්ලොග් වලින් කවදව්ට් ඇත් කරන්න බැහැ
      මම කුනහරුප වැඩක් නැති දේවල් ලියන්නේ නැහැ කවදව්ට්
      ඔයලගේ සහයෝග්යට් ඉස්ටුටි

      Delete
  9. කියවලා නෑ.. ඒත් කියවලා බලන්න වටින පොතක් වගේ

    ReplyDelete
    Replies
    1. කාන්තාවකගේ පොතක් නේ රෝස්. කියවා බලන්න

      Delete
    2. කියවලා විතරක් මදි ප්‍රැක්ටිකල් කරන්නත් වෙයි.අනේ මිතුරියේ මේ පිස්සු ගෑනියෙක්ගේ ඔළුවෙ පහළ වෙන පිස්සු අදහස් ඔයගොල්ලන්ගෙ ඔළු වලට දමා ගන්න එපා.

      Delete
  10. හපොයි මට බර වැඩියි වගේ..කියෙව්වේ නැතෝ..:(

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.... ඔන්න මං දේශකගේ හිනාව ණයට ගත්තා. ගෑනු කොහොමත් බරයිනේ සහන්. ඒ හින්දා මේ කතාවත් බර ඇති.
      ඒත් මං දන්න තරමින් මේවා ඔයාට සිම්පල් දේවල්.

      Delete
  11. කියවලා බලන්නම්කෝ

    ReplyDelete
  12. එපමණක් නොවෙයි, මට සමලිංගික අත්දැකීම් තිබේද, ගබ්සාවකට මුහුණු දී ඇද්ද, වැනි ඉතාම ප්‍රාථමික ගණයේ ප්‍රශ්න වක්‍රව නගපු අයත් සිටිනවා.//

    මම හුගක් දිග කොමෙන්ට් එකක් දැම්මත් ඒක තාක්ෂණික දෝෂයක් නිසා හරියට පේස්ට් කරගන්න බැරි වුනා.ඒක ආයෙ දාන්න අමාරුයි.කොහොමටත් විකිනෙන්නෙ නැති මේ වගෙ පොත් ගහන්නෙ කාගෙ අවශ්‍යතාවයකටද?
    එක්කෙනෙකුගෙ අත්දැකීමක් මුළු සමාජයටම සාධාරණීකරණය කරනවා.
    බටහිර නොවන සංස්කෘති විනාශ කිරීමේ බටහිර ත්‍රස්තවාදී අවශ්‍යතාවය හැර වෙන කිසිම දෙයක් මෙතන නෑ.
    මේ වගෙ සමාජ විරෝධී ප්‍රකාශන කරන අය ඒ අයගෙ පෞද්ගලික ජීවිත වල එළිදරව්වක් තමයි ඒ කරන්නෙ.මේව ලියන ස්ත්‍රීවාදිනියන්ගෙ පෞද්ගලික ජීවිත ගැන ඇහුවොත් බල්ලො බත් කන්නෙ නෑ.මේ රටේ ස්ත්‍රීවාදීන් හැංගුවට බටහිර ස්ත්‍රීවාදීන් තමන්ගෙ පෞද්ගලික විස්තර මාධ්‍ය වලට දෙනවා.මේ රටේ ස්ත්‍රීවාදීන්ගෙ පෞද්ගලික ජීවිත ප්‍රසිද්ධ රහස් ලෙස හැමෝම දන්නවා.

    මේ වගෙ පොතකින් බටහිරයන් බලාපොරොත්තුවෙන තරම් හානියක් කරන්න බෑ.නමුත් සියලුම හර පද්දති විනාශ කිරීමේ බටහිර මෙහෙයුම්වල එක් ප්‍රහාරයක් පමනයි මේක.
    මුන් තේරුම් නොගන්න දෙයක් තමයි එක් අන්තවාදයක් අනෙක් අන්තවාදය පෝෂණය කරන බව.මේ සමලිංගික විකෘති ලිංගික ස්ත්‍රීවාදී ත්‍රස්තවාදීන් ට එරෙහිව නැගෙන විරෝධය මූලධර්මවාදී මුහුණුවරක් ගැනීම වලක්වන්න බෑ.සමහරවිට මුන් ඒක බලාපොරොත්තුවෙනවාත් ඇති.තස්ලිමා නස්‍රින් වගෙ කෙළින්ම බටහිරට ගොස් ඊනියා වීරවරියක් වෙන්න හිතනවාත් ඇති.කොහොමටත් මුන්ගේ ප්‍රහාර නිසා මුන්ට එරෙහි බලවේග ඇවිස්සෙනවා.එහි ප්‍රතිපලය ලෙස මාධ්‍යවල අරක් අරන් ඉන්න ඊනියා මාක්ස්වාදී කලාකරුවන් ජනතා කෝපයට ලක් වේවි
    හදවතේ සෑම අංශුවක්ම මුන් ගැන වෛරයෙන් පුරවාගැනීමට සමාජය දැනුවත් කළ යුතුයි.මුන් පාරෙ යනකොට පවා ජනතා අප්‍රසාදය එන ලෙස එය කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. මේ වගේ ලේඛිකාවන් බටහිර මතවාදී ආක්‍රමණිකයා විසින් හදල තියෙන්නෙම එයගෙ භාෂාවෙන්ම බ්ටහිර නූතන මනෝවිකර වලට එරෙහි දෙවල් ප්‍රශ්නකරන්න.

      Delete
    2. පාඨකයා නොසීතු ඉසව්වක් ඔබ දෙදෙනාම හෙළිදරව් කර තිබෙනවා.

      Delete
  13. අලුත් පොතක් ගැන විස්තර ගෙනාවට තුති නලින්.. කියවිය යිතු ලිස්ට් එකටම මේකත් දාගත්ත.. ඇය කියන මේ දේවල් ගැන කතා කරන්න පුලුවන් පොත කියවා අවසන් වුනාම තමා.. :-)

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්