සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සදාචාරාත්මක මාධ්‍ය භාවිතයක අවශ්‍යතාව පිළිබඳ කතිකාව අන් කවරදාකටත් වඩා ඉහළින් පසුගිය දින කිපයේ කරලියට පැමිණිනි. වෙසක් සඳේ උදාවත් සමගම මහනුවර දළදා මාළිගය ඉදිරිපිටින් ඇවිලී ගිය ගින්න එයට හේතු විය. ඒ ගින්නේ රස්නය බ්ලොග් අවකාශය තුළටද කාන්දූ වූ අයුරු අපි දුටුවෙමු. මාධ්‍ය සදාචාරය දැඩි ප්‍රශ්න කිරීමටකට ලක් කළේ මාතලන්ගේ අඩවිය හරහා ය. එහිදි මාධ්‍ය කරුවාට දැවැන්ත ප්‍රහාරයක් මාතලන් විසින් එල්ල කොට තිබිණි. ඒ ප්‍රශ්න කිරීමට සහන් ගේ අඩවිය හරහා විද්‍යුත් මාධ්‍ය භාවිතය පැත්තෙන් සහන් අගනා ප්‍රායෝගික පිළිතුරක් ද දී තිබිණි.

මේ සටහන මගින් මා කතා කරන්නට යන්නේ ලාංකීය මාධ්‍ය  සාදාචාරයේ අතීතය හා මාධ්‍ය සදාචාරය ගිලිහෙන්නේ ඇයි ද යන්න පිළිබඳව ය. 

ජනමාධ්‍ය කරුවාගේ වගකීම වන්නේ ඔහු දකින දේ ඒ අයුරින්ම අඩු වැඩි නැතිව වාර්ථා කිරීම ද? නො එසේ නම් යම් ප්‍රතිපත්ති සමුදායක හෝ යම් මතවාදයක නියෝජිතයෙකු වීම ද?

මේ ප්‍රශ්නය යොමු කරන බොහෝ අවස්ථාවල පාඨක පිළිතුර ලෙස ලැබී ඇත්තේ සිද්ධියක් අඩු වැඩි නැතිව වාර්ථා කළ යුතු ය යන්න ය. 

එහෙත් එය කළ හැකි ද? නොහැකි ය. දූෂණයට ලක් වූ දැරියක ගේ අනන්‍යතාව හෙළි කළ නොහැකි ය. ජන වර්ග දෙකක් අතර ඇතිවන අරගලයක කියැවෙන කෙරෙන සෑම දේ වාර්ථා කළ නොහැකි ය. රාජ්‍ය ආරක්ෂාවට අදාළ කරුණු හෙළි කළ නොහැක.
මෙවන් තොරතුරු හෙළි වීම  විවිධ ජමාජ ගැටලුවක් බවට පත් කරවයි. මේ නිසා මාධ්‍ය උදෙසා ආචාර ධර්ම පද්ධති නිර්මාණය වී තිබේ. මාධ්‍යයට මතු නොව සෑම වෘත්තියක් උදෙසාම ආචාරධර්ම පද්ධති බිහිව තිබේ.

අපේ රටේ මාධ්‍ය භාවිතයේ එන පළමු ආචාරධර්ම පද්ධතිය බිහිවන්නේ 1973 වසරේ දී යි. එය නිර්මාණය කොට නිකුත් කරන්නේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුව මගින්. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් 1981 වසරේ දී තවත් ආචාර ධර්ම පද්ධතියක් නිකුත් කරනවා. අනතුරුව කර්තෘ සන්සදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ පුවත්පත් ප්‍රකාශකයින්ගේ සංගමය මගින් ආචාරධර්ම පද්ධති හදුන්වා දි තිබෙනවා. මේ ලියැවිලි තමයි අද අපේ රටේ බහුලව භාවිත වන්නේ. ඒ වගේම ලෝකයේ වෙනත් රටවල ද ආචාරධර්ම පද්ධති තිබෙනවා. මේ හැම එකකම එකිනෙක වගන්ති වෙනස් වුවත් මූලිකාංග 5ක් හඳුනා ගන්න හැකියි.

ඒවා නම්

1) සත්‍ය බව‍
2) සාධාරණත්වය
3) හානිය අවම කිරීම
4) ස්වාධීනත්වය
5) වගකීම් සහත බව

මාධ්‍ය කරුවා අතින් අද මේ මූලිකාංග හෝ සුරැකෙනවා ද? නොඒසේ නම් එසේ වන්නට හේතු කවරේ ද?
අද අපේ රටේ ඕනෑම මාධ්‍ය කරුවකුගෙන් යමෙක් ප්‍රශ්න කළොත් ඔබ ස්වාධීන ද කියා ඔව් ස්වාධීනයි යනුවෙන් පිළිතුර බොහෝවිට ලැබෙන්නට හැකියි.
එසේ වන්නේ නම් ඉතා යහපති. නමුත් ඔය කියන ස්වාධීනත්වයට වක්‍රාකාරව බලපෑම් කරන සාධක කිපයක්ම තිබෙනවා. එයින් මිදෙන්න බෑ. සත්‍ය එයයි. මෙන්න ඒ සාධක ප්‍රාග්ධනය, වෙළඳ දැන්වීම්, නීතිය, සංස්කෘතිය, හා අපේම අගතිය.
කෙතරම් සාධාරණ වන්න හිතුවද මේ කාරණා හරහා එන බලපෑම වලක්වාගන්න අසිරුයි. ඇතැම් විට දේශපාලනය හරහා එන බලපෑම් වලක්වාගත්ත ද ප්‍රාග්ධනය, දැන්වීම්, නීතිය, හා සංස්කෘතිය හරහා එල්ලවන බලපෑම් වළක්වාගන්නම බැරි වෙනවා. මෙන්න මෙතැන දී තමයි මාධ්‍ය කරුවා අතින් ආචාරධර්ම කෑඩීයන්නේ. එසේ බලන කල ආචාරධර්ම නොකැඩූ මාධ්‍යකරුවෙක් හොයාගන්න අසීරුවේවි.

පසුගිය පෙබරවාරි මාසයේ දිනක ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් මහතා ගේ ඇරියුමෙන් මෙරට සියලුම විද්‍යත් හා මුද්‍රිත මාධ්‍ය්‍යන් හි ප්‍රවෘත්ති කළමනාකරුවන් ප්‍රවෘත්ති කර්තෘවරුන් එක් රැස්ව යහපත් මාධ්‍ය භාවිතාවක් පිළිබද කතිකාවක් ඇති කළා. එතැනදීද එක් සම්මුතියකට එන්නට නොහැකි වූයේ ඉහත පෙන්වා දුන් ස්වාධීනත්වයට බලපෑම් කරන කාරනා නිසාමයි. 

එහිදී මාධ්‍ය ලේකම්වරයා කියා සිටියේ රීතියක් ලෙස බැරි නම් නිතියක් ලෙස හෝ මේ ආචාරධර්ම සුරැකිය යුතුබවයි. මෙවන් නීති සමුදායක් එනවානම් හොද යැයි දැන් ඔබට සිතෙන්කට හැකිය. එහෙත් මේ නීති පද්ධති එනවාට විරුද්ධ කවු ද? ලොවට පෙනෙන්නේ මාධ්‍යවේදීන් ම බව ය. මාධ්‍ය නිදහස සුරකිනු වැනි පුවරු කරලියට එන්නේ මේ ඔස්සේ ය. එහෙත් ඒ පුවරු පිටුපස එන්ජීඕ ඩොලර් කිසිවකු නොදකිනු ඇත. ඒ ඩොලර් මතින් මාධ්‍ය නිදහස සුරකින්නට නායකත්වය දුන්නෝ ටික කලකින් විදෙස්වල ය. සෙස්සෝ පෙර සේ දුක සේ පත්තර කන්තෝරුවල ය.

කෙසේ වෙතත් සදාචාරවත් මාධ්‍ය භාවිතයට අවශ්‍යතාව අද රටට තදින්ම දැනී ඇත. එය දැන් කැබිනට් මණ්ඩලයේ කතාබහට ද ලක්ව ඇති කරුණකි. මෙය නොපමාව සිදුවිය යුතුම දෙයකි.


24 comments:

  1. මේ රට මේ තරම් අගාදයකට ඇද දැම්මේ මාධ්‍යය හා මාධ්‍යවේදීන්, ඒක මාධ්‍යවේදීන් පවා පිලිගන්න නිසයි ඔවුන් අත පිහිදාගෙන එය වෙනත් කෙනෙකුට මාරු කරන්න උත්සාහ කරන්නේ. මේ රටේ කුරිරු යුද්ධයක් තිබුනා. කොළඹ මිනිස්සු සී සී කඩ යන බෝම්බ පිපිරුණා දිනපතාම. ඒත් ඒ මළ මිණි විකුණගෙන කෑවේ නෑ එක මාධ්‍යයක්වත්. ඒවා පත්තරවල දාලා, ටී වී එකේ දාලා මේ රට ගිනි තියන්න තිබුනා අවශ්‍යනම්. ඒත් අද තත්වය කුමක්ද? එතකොට ඒ කාළයේ මාධ්‍ය ආයතන දිව්වේ පාඩු පිටද? අද පවා ඉංග්‍රීසී මාධ්‍ය භාවිතය තුල ඉතා ඉහල මාධ්‍ය භාවිතයක් පවතින්නේ කෙසේද?

    මේ වෙන කිසිවක් නෙමෙයි, පහත් මානසිකත්වයෙන් හා පහත් අදහස් වලින් පිරි පිරිස් එම ආයතනවල මුල් පුටුවලට පත් වීමයි. මම හිතන්නේ නෑ සෝමා එදිරිසිංහ හරි ජීවක එදිරිසිංහ හරි කියයි කියලා මේවා නිව්ස් වලට දාන්න කියලා. මොකද ඒ වගකීම ඔවුන් ගන්න කැමති නෑ. එතකොට ඒ වගකීම අරගෙන ප්‍රාග්ධනය සනසන්න මේවා දාන්නේ කව්ද මාධ්‍යවේදියා.

    මේ රට වැටෙන්න තියෙන අන්තිම තත්වෙට වැටිලා අවසානයි. මේ රට හදන්න නම් දරුණු නීතී ගේන්නම වෙනවා. ඒත් ඒ නීතිය කාටත් පොදු වෙන්න ඕන. එක ප්‍රාදේශීය සභාවක සභාපති කෙනෙක් රිමාන්ඩ් කරන කොට අනික් එකා සභාවේ ඉන්න නීතී වලින් මේ රට හදන්න බෑ. නැත්නම් ඉතින් මේක මීටත් අන්ත සෝමාලියාවක් වෙන එක සක්කරයටවත් නවත්තන්න බෑ..

    ReplyDelete
    Replies
    1. අද පවතින තත්ත්වය වෙනස්කරන්නට සම්මුතියෙන් අමාරුයි. ඒ මන්ද යත් ප්‍රාග්ධනය ඒ තරමටම බලපෑමක් කරනවා. එනිසායි තද නීතිමාලාවක් ජාතික ප්‍රතිපත්තියක් ලෙස අවශ්‍යවන්නේ. එය කාටත් එකසේ විය යුතුයි යන්න තමයි අපේත් පැතුම.

      Delete
  2. මාධ්‍ය භාවිතය ගැන විවරණය කරන්න තරම් මට ලොකු දැනුමක් නෑ, නමුත් මට දැනෙන දේ කියන්නම්.. අද මාධ්‍ය තවත් එක ඉල්ලමක් මිසක් සේවයක් නොවෙන තැනට වැටිලා.ප්‍රවෘති ඉදිරිපත් කිරීමත් මැරතන් එකක්. සැමට කලින්,වැඩිපුර කියන්නයි කොයි මාධ්‍යත් බලන්නේ. මල ගෙදරක දුකට පත් වෙලා ඉන්න මිනිස්සුන්ගේ විලාපයත් මාකට් කරනවා. මිනියක් මලත් ඕනේ නිව්ස් එක.. වටින්නේ මිනිස් ජීවිතේද, නැත්තම් නිව්ස් එකද?? මාධ්‍ය නිදහස අයුතු විදියටයි භාවිතා වෙන්නේ.. මේවා නිවැරදි කරන්න බැහැ නීති වලින්,ආකල්ප යහපත් වෙන්න ඕනා මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න කොයි කාගේත්..

    ReplyDelete
    Replies
    1. ප.ලි. මම සිත් රූ ලියන කරූ.. යාන්තන් නම හරිගස්ස ගත්තා g+ මට කරපු අලකලංචියට පස්සේ..

      Delete
    2. රත්තරනේ මටත් කියන්නකෝ හදාගත්තෙ කොහොමද කියලා..

      මෙන්න ඊය විදින්න ඕන තැන. මෙතනම උනත් කමක් නෑ...
      happyjay65@gmail.com

      Delete
  3. මාධ්‍ය සදාචාරය ඉස්සරවෙලාම පටන්ගන්න ඕනේ රාජ්‍ය මාධ්‍ය වලින්. ජාතික රූපවාහිනිය සහ අයි.ටී.එන්. එක ක්‍රියාකරන්නේ මොන තරම් ජඩ විදිහටද? මොනතරම් රාජපක්ෂවාදී විදිහටද ඔවුන් බත්බැලකම් කරන තරම නින්දිතයි. ඒ වගේමයි රාජ්‍ය ගුවන්විදුලිය. අර හඩ්ඩා කියන බත් බැලයා වැඩ කරන්නේ ගුවන්විදුලිය උගේ බූදලයක් කියලා හිතාගෙන. ලේක්හවුස් එක ගැන කුමන කතාද? දිනමිණ ගන්නේ කවුද? මහින්ද අබේසුන්දර කියන බත් බලයා සහ බන්දුල පද්මකුමාර කියන මාධ්‍ය පිම්පියා කරන්නේ මොනවාද? දැන් දැන් හිරු ටී වී, හිරු එෆ් එම්, වී එෆ්. එම්, තවත් සමහර පෞද්ගලික නාලිකා සහ පත්තර දැන් රාජපක්ෂවාදී වෙලා. මිනිස්සු සාහසික විදිහට කතා කරන්නේ, පහර ගහන්නේ, අසභ්‍ය වචන, අසභ්‍ය යෙදුම්, පාවිච්චි කරන්නේ අසාධාරණය ඉවසන්න බැරි නිසයි. රාජ්‍ය අංශයේ මාධ්‍ය සර්ව සාධාරණ හා ස්වාධීන වුනොත් ඔය පෞද්ගලික විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සෑහෙන ගණනක් නිකම්ම වැහිලා යනවා. ආණ්ඩුව තමන් අමු හෙළුවෙන් ඉඳගෙන අනික් එවුන්ගේ සරමේ හිලක් තියනවා කියලා කියනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි රාජ්‍ය මාධ්‍ය පමණක්. මෙය එක් පාර්ශ්වයක් පමණක් කළ යුතු දෙයක් නොවේ. එක්ක හැම ආයතනයක්ම එකට කළ යුතු දෙයක්. එසේ නැතිව කවදාවත්ම ගොඩ ගත නොහැකියි. රාජ්‍ය මාධ්‍ය අගතිගාමි වගේම අනෙක් මාධ්‍යයන්හි ඇකි අගති නොපෙනෙන්නේ ඒ දෙස පාට කණ්ණඩිවලින් බලන නිසයි.
      පුවත් හැරුණු කොට අද අපේ රටේ හොදම තත්ත්වයක් පවත්වාගන යන්නේ ජාතික රූපවාහිණියයි.

      Delete
    2. දිණමිනේ ඉදන් ආණ්ඩුවට වැඩ කරන උඹ කියයිද බන් ඇත්ත ඇත්ත අපි කඩේ යනවා කියලා...මම දන්නවා නලින් උඹ කරන්නෙ ජොබ් එක...උඹේ හෘද සාක්ෂිය කියනවා මේ වැඩ වැරදියි කියන එක.නමුත් හෘද සාක්ෂිය උඹට කන්න අදින්න දෙන්නෙ නෑ..ඕක නේද ඇත්ත...

      Delete
    3. රාජ්‍ය මාධ්‍ය යනු රාජ්‍ය හඬ. ඉතින් එතැන රාජ්‍ය විරෝධින්ගේ හඬට ඉඩක් තයේ යෑ ඇනෝ. මේ සේරම විවෘත ආර්ථිකයක් එක්කම ආ දෙයක්.

      Delete
  4. කොහොම වුණත් වාර්තාකරණයේ සීමාවක් තිබිය යුතුයි. හැබැයි එය තීරණය කිරීම මාධ්‍යවේදීන් අතේම මිස රාජ්‍ය යාන්ත්‍රණය අතේ නොතිබිය යුතුයි. යම් අවස්ථාවන්හිදී වාරණය රාජ්‍ය මට්ටමින් කරන්න සිද්ද වෙනවා, නමුත් ඒ වාරණය දේශපාලනික නොවිය යුතුයි. හොඳම උදාහරණය මේ මෑතකදී ඉන්දියාවේ දී සමූහ දූෂණයට ලක්ව මිය ගිය දාමිණී නිර්භයා. ඒ ඇගේ සැබෑ නම නොවේ. ඉන්දීය මාධ්‍ය කිසිදා ඇගේ සැබෑ නම වාර්තා කෙළේ නැහැ.

    ඔවුන්ගේ එහෙමයි; අපේ?

    ReplyDelete
  5. එක් අයෙක් පහත් වැඩක් කරලා රේටින්ග්ස්(හිට් වගේ ජාතියක්) වැඩි කරගන්නකොට අනෙක් අයත් ඒ පහත් වැඩේ කරන්න ගන්නවා. අන්තිමට තරගෙට පහත වැඩ කරනවා. එතකොට බිංදුවට වැටෙන එක අහන්න දෙයක් නෑ. ලංකාවේ ගුවන් විදුලි හා රුපවාහිනි මාධ්‍ය වෙනත් මගකට යොමු කලේ සිරස. දැන් එයාලගේ භාවිතය හොඳ කරගෙන. නමුත් ඒ පිටිපස්සෙන් ගිය හිරු, ස්වර්ණවාහිනී වගේ ඒවා තාමත් ඒ වලේම තමා. මට නම් මෙන්න මේක හොඳයි කියන්න එකක් නෑ. අර මාතලන් කියන්න වගේ ඉංග්‍රීසි මාධ්‍ය වල පුවත් පුවත් ලෙසත්, වාර්තා කිරීම් එලෙසේත් හොඳ තත්වයෙන් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. සුදික අයියා කියා ඇති දේ සමගින් එකගයි..

      Delete
    2. @සුදීක#
      දීපිය යකෝ ඩොස් වලින් හැදුව කියපු ගේම් එක

      Delete
  6. අනෙ බං උඹලට මොන සදාචාරයක්ද ලොක්කගේ දෙපතුල ලෙවකන උඹල තමයි මේ විනාසෙට වගකියන්න ඕන. තව ලැප්ටොප් ගනිං කාර් ගනිං සදාචාරේ හරියට රැකෙයි.

    ReplyDelete
    Replies
    1. ඊර්ශියාව ගැටලුවට පිළියමක් නොවේ.

      Delete
  7. මාධ්‍ය සදාචාරයක් තියෙනවා නම් මහින්ද අබේසුන්දර වගේ හිපාචුවො ලියන විමසුම වැනි මඩ ව්‍යාපාර පවතීද...චරිත රත්වත්තෙ කියන්නෙ රජුට පක්ෂග්‍රාහී සේවකයෙක්...එවැනි අයෙකුගෙන් සාධාරණ සේවයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද....දැන් රාවයට මොකද වෙලා තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. සිරාට නම වැරදිලා චරිත රත්වත්තේ යනු රනිල් ගේ රජයේ මුදල් අමාත්‍යංශයේ ලේඛම් වරයායි.

      Delete
  8. සදාචාරාත්මක මාධ්‍ය භාවිතය වලපල්ලට යන්නේ ඇයි?
    අප රට පත්ව ඇති සදාචාරාත්මක පිරිහීමේ වගකීම භාරගනුයේ කවුද,
    නිමල් ලක්ෂපති කොට ඇදුම් කාන්තාවන්ට අන්දවා ප්‍රවෘත්ති කියවනුයේත්,
    මහින්ද බේසුන්දර පිටපත ලියනුයේත්,
    සුදර්මන් රදලියගොඩ ප්‍රවෘත්ති තෝරනුයේත්,
    රාවය වැනි පුවත් ආයතන ඈවර වනුයේත්,
    තරුණ/තරුණියන් සහ කුඩා ළමයින් රියලිටි වැඩසටහන්වල ගොදුරු වනුයේත්,
    කිසිදු හරයකින් තොර ටෙලි සහ සිනමා ප්‍රචාරණය වනුයේත්,
    ඇමතිවරුන් මාධ්‍ය ආයතන බුරුතු පිටින් එකතු කර ගනුයේත්,
    කළු සල්ලි සුදු කිරීමට මාධ්‍ය ආයතන බිහිවනුයේත්,
    ආර්ථික සහ රාජ්‍ය යාන්ත්‍රණයේ පිරිහීම මතය.
    තවත් දෙයක්නම් මේ සියල්ල මුදල් ඉපයීම සඳහා බිහිවූ කෙටි මං ය. ආර්ථික ක්‍රමයේ අර්බුදයන් මත සිදුවන පරිහානිවල වන්දිය සාරධර්ම විසින් ද ගෙවනු ලැබේ. බොහෝ දෙනා රටේ පරිහානිය, සංස්කෘතික පරිහානිය, ශිෂ්ඨාචාරයේ පැවැත්ම,.... ගැන කතා කරනවා. නමුත් තහනම් වචනය වී ඇත්තේ ‘ආර්ථික ක්‍රමය‘ විවේචනය කිරීමයි.
    සැමට දැනෙන ගැටලුවක් හෝ පීඩනයක් හෝ වූ විට නව නීති රීති ගෙනෙන මුත්, එය බලපවත්නේ තෝරාගත් පාර්ශවයන් වෙත පමණී. නැතිනම් ඉතා කුඩා කාලයකටය. අසත්‍ය පුවත් ගෙනෙන මාධ්‍ය වසාදමන්නේ නම් මුලින්ම වැසිය යුත්තේ අයි ටී එන් ය.

    ReplyDelete
    Replies
    1. එකඟයි ඔබ සමග ආර්ථික ක්‍රමය තමයි මුලටම ඇවිත් ඉන්නේ. ඒ බව තමයි මා විසින් ප්‍රාග්ධනය ලෙස නම් කොට ඇත්තේ. මේ එකින් එක් ගැන කරුණු දක්වන්නට මට කාලය හරස් වෙලා තියෙන්නේ.
      පුවත් අතින් අයි ටී එන් අගතිකාමී වුව අන් වැඩ සටහන්වලින් එය තරමක් දුරට ඉදිරියෙන් ඉන්නවා.
      අනෙක් කරුණ කොටට ඇන්දුවේ නිමල් ලක්ෂපති ආරච්චිට නොව මහාචාර්ය ගංගනාත් දිසානායකයන්ගේ යුගයේ දීයි.

      Delete
  9. Comment karana taram idea ekak naha. Post eka kiyawala giya.
    Jayawewa.

    ReplyDelete
  10. එල්.ටී.ටී.ඊ. එක ඇතුළේ මහත්තයා ප්‍රචලිත වුණේ කල්පනා කරලා බලලා සිහි නුවණින් වැඩ කරන පුද්ගලයෙක් විදිහට. ඔහු සාමය නම් සාමය, යුද්ධය නම් යුද්ධය න්‍යායෙන් වැඩ කරපු නායකයෙක්. මහත්තයා කතාබහ කළේ හරිම අඩුවෙන්. එහෙම කතා කළෙත් හොඳට කල්පනා කරලා බලලා. අනෙක ඔහු කතා කරනවිට අනෙක් පුද්ගලයාට හරි පුද්ගලයන්ට බොහොම ගරු සරු ඇතිවයි කතා කෙළේ.




    ඒත් සටන්බිමේදී මහත්තයා ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. ඔහු ඉදිරිපෙළ සටන්කරුවෙක්. යුද්දෙදි ඔහු අනෙක් එල්.ටී.ටී.ඊ. කාඩරයනුත් මෙහෙයවාගෙන හැම වෙලාවකම වගේ උත්සාහ කළේ ජයග්‍රහණය කරා යන්නයි. ඔහු ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්න සූදානමින් සිටියේ.
    සාමයේදී සාමයට අවශ්‍ය විදිහටත් යුද්දෙදි යුද්දෙට අවශ්‍ය විදිහටත් වෙනස්ව වැඩ කරන්න මහත්තයාට තිබුණු මේ හැකියාවට අනෙක් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පුදුම වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හම්... කවුද මේ................

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT