පෙරදා ඉතිරි වූ බත් පිගානක් (හීල් බත්)
අමු මිරිස්,කරපිංච ඇති පමණ
බිත්තර ගෙඩියක්
මාගරීන් මේස හැදි ක්
ෆ්‍රයිපෑනය ලිප මත තබා භාජනය රත් වන විට මාගරින් දමා ටික වෙලාවකින් කපා ගත් සියල්ල තෙම්පරාදු ආකාරයට සියල්ල බැද ගිනි දැල් ටිකක් අඩු කොට බිත්තරය ඒ මතට කඩා දමා කුඩා කැබලි ඇතිවන ලෙසට කලවම් කරන ගමන් බත් ද එයට දමා හොදින් මිශ්‍ර කරගන්න.[මෙයට එළවලුද මිශ්‍ර කල හැක]
මෙහි හොදම රසය ගැනීමට නම් පෙරදා ඉතිරි මිරිස් මාළු/මස් හොදි සමග,වියලි/අමුමිරිස්,රතුළූනු,කරපිංචා,සුදු ළූනු,දෙහි ඇඹුල්,උම්බලකඩ සහ ලුනු පදමට දමා අඹරා/තලා ගත් පොල් සම්බලයක් තිබිය යුතුය.
ඔබ සවසට බොන්නෙක් ද?
එසේ නම් මෙසේ කරන්න.
ඉහත කී තෙම්පරාදු මිශ්‍රණය,බිත්තරය සමග 100%තලතෙල් මේස හැදී 3ක් සමග පිරිසිදු කොට සෝදාගත් වැල් පෙනල කොල මිටි 2ක් ගන්න.
පෙර පරිදි භාජනයට ළූනු ම්ශ්‍රනය සහ උම්බලකඩ දමා හොදින් බැදෙන විට පෙනල කොල දමා ඉක්මනින් කලවම් කර එවලේම ලිප නිවා බිත්තරය දමා කලවම් කර නිවෙන්න තබා ඔබ නාගන්න.පසුව බිරිද සමග මෙගා නාට්‍යයක් බලන ගමන් බිබී බයිටයේ රස බලන්න.
සතියකට පසු ඔබේ බිරිද අල්ලපු ගෙදර බිරිදට කියයි>>ආයිත් බැන්ද වගේ අනේ....!<<කියල. [ඔබත් එක් වරක් දෙකම හෝ එකක් පිළියෙල කොට කෑමට ගෙන බලන්න.]
Kenji @ Japan
මෙව්වා හදල කෑව වගේ නෙමේ ...
ReplyDeleteමොනව වෙයිද කෑවොත්.
Deleteනලින් අයියටත් ඉදලා හිටලා එන්නේ මාර අයිඩියා
ReplyDeleteමේ මගේ අයිඩියාවක් නොවේ. පුර්ණ හිමිකම ගෞරවය කෙන්ජිට තමා.
Deleteවාසනාවන් වාසනාවන්.. වාසනාවන්.. මට දුකත් හිතෙනවා. කෙන්ජි ලිව්වයි කිව්වම..
ReplyDeleteමේ වට්ටෝරුව මට එව්වේ කෙන්ජි තමා ඊතලයකින්. ඒක ගෙඩි පිටිංම මං බොගේ දැම්මා. එපමණයි.
Deleteඅඩමානයක් නෑ මේවා කෙන්ජිගෙ අත්හදා බැලීම්.. නලිනුත් කරනවද ?
ReplyDeleteබැරිවෙලාවත් අල්ලපු ගෙදර ගෑනු කෙනා මේ ගෙදර හාමිනේට කිවුවොත් අනේ ඔයාගෙ එක්කෙනා තාමත් ඉස්සර වගේමයි කියලා !!!
මේක ඊයේ රෑ තමා මට හම්බ වුණේ හදල බලන්න ඕන. ගේ වටේටම පෙනෙල තියනවා ඕන තරං.
Deletetan..Q tan..Q
ReplyDeleteJayawewa.
සන්ජීවටත් නරකක් නැ මේවා.
Deleteජයවේවා කෙලින් වේවා...
DeleteNaleen Ayya ganan gana epa mage Yalu Ano.. kenak.
Deletemachan "Ano" istuti..
Jayawewa
ඇනෝටත් එසේම වේවා.
Deleteචැක් හෙන අවුලකට තියෙන්නෙ ඕක හදලා කන්න පුළුවං වෙයිද කියලා :\
ReplyDeleteයකෝ ගමේ කෑමනේ මේව. කන්න බැරි මොකද?
Deleteඅපිට ඉතින් උයන්ට බැරි හන්දම හොඳයි. :)
ReplyDeleteඋයන්න බැරි වුණාට රෙසපිය මතක තියාගන්න. අනාගතේට ඕන වෙයි පොඩ්ඩිටත්.
Deleteමෙහෙ ඔය කියන ජාති නෑනෙ නලීන් අයියේ......
ReplyDeleteජර්මනියේ පෙනෙල නැතුවට ඔය පෙති ජාති එහෙම ඇතිනේ. නිමංකෝ මේකට මොනව හරි හදල දියෝ.
Deleteහරි හැදුවයි කියමුකෝ! කෝ නෝනෙක්??
ReplyDeleteකොටු පැනපං එතකං
Deleteubalat eka bahane itin, Naleen Ayyata kiyana ekat hoyala dena kiyalada?
DeleteJayawewa.
කෙන්ජි,අනේ බං මටත් රෙසිපියක් එවහංකො,හැබැයි මෙහෙ හදන්න පුලුවන් එකක්,ඔය පෙනෙල කොළ එහෙම හොයන්න ලංකාවටම යන්න එපායැ
ReplyDeleteලබන මාසේ එනවනේ.. එතකං ඉවසපං අයියේ.
Deleteනලින් අය්යා කාලා වගේ ..හිකිස් , වයිෆ් මොකෑ කිවේ ...?
ReplyDeleteතාම බැරිවුණා කන්න. මේක ඊයෙ රෑනේ එවුවේ.
Deleteනලීන් අයියේ...කෙන්ජිට කියන්න ඔක්කොම හොයාත්තැහකි... කොහෙන්ද බොල ගෑනියෙක් හොයා ගන්නෙ... තනියම කන වට්ටෝරුවක් එවන්න කියන්න....
ReplyDeleteතනියම කාපං මලයා. ඉන්පස්සේ දෑතේ කර්මාන්තයක් කොරගන හිටහං ටික කාලයක්.
Deleteමෙච්චර ඉෆෙක්ටිව් කෑමක් නම් හදන්න කළින් කළින් ගෑණියෙක් හොයා ගෙන ඉන්න ඕනේ ...
ReplyDeleteඅන්න අද ස්ත්‍රීවාදය මහත්මයා බිරියක් හොයාගන්න විදිය කියල දීල තියනවා. ඒ විදියට රවුම් පියොයුරු කතක් හොයාගන්න නැත්නං වැඩ වරදීවි.
Deleteකෙන්ජිගේ නම් මොනවද බඩුම තමයි. හැබැයි පුතෝ ඔවා කාල නෝනලගේ කොදු කඩන් එනව නෙමෙයි තෙල් ඉල්ලන්.
ReplyDeleteතල තෙලට වඩා හොදයි එළගි තෙලින් පෙනෙල කොළ මලවා ගත්තම. නෝනලා ...... එක්කො ඕනෙ නැහැ.
Deleteවෙද අයියේ හොද රෙසිපියක් දාපන් කෝ
Deleteමේ ගැන ලිපි පෙළක්ම ලියන්න වෙද මහත්තයා ගාව කරුණු ඇති
Deleteඕවා කන්න ගිහින්, නෝනාගෙන් කන්නයි වෙන්නේ, ඊට වඩා ලේසියි වෙද මහත්තයක්ගෙන් ඕවා ඔක්කෝම අඩංගු කරලා, නිශ්පාදනය කොරලා තියෙන මෝදක දෙකක් ඉල්ලගෙන කෑවම...
ReplyDeleteහොඳ මොදකනං නරකමත් නෑ.
Deletehttp://www.facebook.com/photo.php?fbid=198093820344237&set=a.103912089762411.9394.100004308602007&type=1&ref=nf
ReplyDeleteමේ මොකක් ද?
Deleteකොලේක ලියල පන්ති පොත අස්සේ දාගත්තේ නැතිලු ඔන්න ඈ.. කට් කරලා අඩියක් ගහන්න ගියපු දවසට කනාවටවත් මතක් උනොත්.. හදනන් බැරියා ;-) තැනකුයි..ඈ. කෙන්ජි අයියටත් .. නලින් අයියටත් ..
ReplyDeleteඔයාලගේ පැත්තේ නං මෙයිට වඩා හොද කොල ජාතිත් තියෙනවානේ මලයා.
Deleteඔක්කොම කාලා ඩෙසර්ට් එකට කෝලිකුට්ටු ගෙඩි දෙකකුත් කාහන්.
ReplyDeleteකෝලිකුට්ටු නෙමේ මචෝ නේත්‍රප්පලම් තමා ඉස්තරම්. වෙදමහත්තයා ගෙන් අහන්න බොරුනම්.
Deleteඅද හෙටම අත්හදා බැලීමට ඉටාගතිමි. බොහොම ස්තුතියි.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
එළම තමයි විචාරක තුමා.
Deleteකෙන්ජිත් ක්‍රමයෙන් බ්ලොග් ලියන්න පටන් ගන්නා බවට මූලික සංඥාවකිමේ.
ReplyDeleteතවත් බ්ලොග් කරුවකුගේ ආගමනයේ මුල් පියවර. කදිමයි නේ.
Deleteඅත්හදා බලපු එවුන් කියපල්ලා....පරීක්ශන කරපු එවුන් නිරීක්ශණ නිගමන කියන්නෝා්ා්.....අපිත් ප්‍රතිඵල විඳින්න!!
ReplyDeleteඅත්හදා බලන්න දෙයක් නෑ වෙද මහත්තයාත් සහතිකයක් දීල තියෙන්නේ උඩ.
Deleteඅඩේ මගේ පවුලත් මගෙත් එක්ක අඩි ගහනවා මේ බයිට් එක පවුල කාල මට කරදරක් වෙයිද මචෝ
ReplyDeleteඑයාට වැඩියෙන් ඔයා කන්න ඇනෝ.
Deleteදැන් මොකද තත්වේ ?
ReplyDeleteහුටු හුටු වෙලා තියෙන්නේ
Delete