සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


 ඇලෙක්සිස් ටෙක්සාස් 
අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සීමා වූ නිල් චිත්‍රපටවල රඟන නළු නිළියන් පවසන්නේ නිල් සිනමාවේ ද වර්ගවාදය පවතින බව ය.
යමක සභ්‍ය අසභ්‍ය භාවයන් තීන්දු වන්නේ ඒ ඒ රටවල හා ජන කොටස් අතර පවතින සංස්කෘතීන්ට සාපේක්ෂව බව අප පිළිගත යුතුව තිබේ. ‘නිල් චිත්‍රපට’ යනුවෙන් මෙරට වැඩි වශයෙන් හැඳින්වෙන අසභ්‍ය හා කාමුක චිත්‍රපට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට එතරම් බරපතළ දෙයක් නොවේ. අමෙරිකාවේ ‘නිල් චිත්‍රපට’ එරටට පුළුල් කර්මාන්තයකි. හොලිවුඩයට පිටස්තර තවත් සිනමාවකි. එම සිනමාවේද නළු නිළියන්ගේ රංගන කුසලතා ඇගැයීමට ලක් කෙරෙන සම්මාන උළෙල වාර්ෂිකව පැවැත්වෙයි. අමෙරිකානු ‘නිල් සිනමාවේ’ ප්‍රකට නිළියක වන අවුරෝරා ස්නෝවි පසුගියදා ‘ද ඩේලි බීස්ට්’ වෙබ් අඩවියට අනාවරණය කර තිබුණේ එම සිනමාවේ වර්ගවාදය පවතින බවය.
“වැඩිහිටියන්ටම පමණක් සීමා වූ සිනමා කර්මාන්තයට මම පිවිසියේ මීට අවුරුදු 12කට පෙරයි. එසේ පැමිණිවිට ඒජන්තවරයා විමසූ පළමු පැනයෙන් මම තිගැස්සුණා. “ඔබ වර්ගවාදීද?’ කියා ඔහු විමසද්දී මට එය වටහාගත නොහැකිව නිරුත්තර වුණා. ඊළඟට එම මහලු ඒජන්තවරයා මගෙන් විමසුවා කළු ජාතිකයන් සමඟ ලිංගික දර්ශන රඟපාන්න කැමතිද කියලායි. මම ඉන්නේ විසි එක් වැනි සියවසේ නොව වෙනත් යුගයකදැයි මට සිතුණා. ඒ වර්ගවාදය, වර්ණ භේද වාදය පැවතියේ අතීතයේ නිසායි”.
අවුරෝරා පවසන්නීය
“මට ඒකෙ ප්‍රශ්නයක් නැහැ කියා මම කීවා. ඇත්තටම මට එවෙලේ හිතුණේ හමේ පාට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියලායි. ඒත් අද මම දන්නවා මේ කර්මාන්තය ඇතුළත හමේ වර්ණය තදින්ම බලපවත්වන්නක් කියලා.”
“අවුරෝරා ස්නෝවි කියන එක හරි. නිල් චිත්‍රපට කර්මාන්තය ඇතුළත වර්ගවාදය තදින්ම පවතිනවා” එසේ පවසන්නේ සම්මාන දිනූ නිල් චිත්‍රපට නිළියක වන ක්‍රිස්ටිනා රෝස් ය. ඇය නිල් චිත්‍රපට 400කට වඩා වැඩි ප්‍රමාණයක රඟ පෑ නිළියකි.

ක්‍රිස්ටිනා රෝස්

“මම ඒ චිත්‍රපට සියල්ලකම සුදු ජාතිකයන් සමඟ පමණක් රඟපෑවා නම් මා වර්ගවාදීය කියන අදහස ප්‍රේක්ෂකයන්ගේ සිත්හි ඇතිවෙනවා. දැන් හිතන්න චිත්‍රපට සියයක විතර රඟපා තිබෙන ඇලෙක්සිස් ටෙක්සාස් කිසිම අවස්ථාවක කළු ජාතික නළුවන් හා රඟපාන්නේ නැහැ”.
ක්‍රිස්ටිනා එසේ පැවසුවත් ඇලෙක්සිස් එම ප්‍රකාශය තදින්ම ප්‍රතික්ෂේප කරයි. එමෙන්ම ඇගේ නියෝජිතයන් ප්‍රකාශ කරන්නේ ඇලෙක්සිස් එම මාතෘකාව පිළිබඳ කතා කිරීම පවා පිළිකෙව් කරන බවය. ඇලෙක්සිස් කළු ජාතිකයකු හා රඟපෑ නිල් චිත්‍රපටයක් මෙතෙක් නිකුත් වී නැති හෙයින්ම ක්‍රිස්ටිනා පවසා ඇත්තේ සත්‍යයක් බව හැඟී යයි. අවුරෝරා ස්නෝවි පවසන්නේ තම කර්මාන්තයේ වර්ග වාදී අදහස් දරන්නන් සිටියත් ඔවුන් ඒ බව ප්‍රසිද්ධියේ හෙළිදරව් කරන්නේ නැත කියා ය.
“ඔව්. ඒක එහෙම වෙන්න පුළුවනි” ලොස් ඇන්ජලිස්හි නිල් චිත්‍රපට නිළියන් කිහිප දෙනකුගේම ඒජන්තවරයකු පවසයි” ගනුදෙනු සියල්ල සිදුවන්නේ අප හරහා නිෂ්පාදකවරුන් ඒජන්තවරුන් හා කතාබහ කරනවා මිස එක එල්ලේ නළු නිළියන් හා කතා කරන්නේ නැහැ. සමහර නිළියන් කළු ජාතිකයන් හා රඟපෑම ප්‍රතික්ෂේප කරන්නේ එයාලා හැඩිදැඩි වැඩියි කියමිනුයි. ඒ හැර නළුවන්ගේ සමේ පැහැය ගැන ඔවුන් කිසි විටෙක පවසන්නේ නැහැ. තවත් නිළියන් කළු ජාතිකයන් හා රඟපාන්න මැළි වෙන්නේ කළු අය හා රඟ පෑ නිළියන් තම චිත්‍රපටවලට සම්බන්ධ කර නොගැනීමේ අලිඛිත නීති සමහර නිෂ්පාදකවරුන් හා නිෂ්පාදන සමාගම් පවත්වාගෙන යන නිසායි.”
එහෙත් කර්මාන්තය පිළිබඳ මනා දැනුමක් ඇති අය පවසන්නේ එම මතය දරන්නේ මහලු සුදු ජාතික නිෂ්පාදකයන් පමණක් බවය. නිළියක ලෙස සාර්ථක වන්නට හා ජනපි‍්‍රය වන්නට නම් ඔවුන් කළු ජාතික නළුවන් හා රඟපෑ යුතු බවත්, ඩොලර් ප්‍රකෝටි ගණනින් යෙදවී ඇති නිල් චිත්‍රපට කර්මාන්තයේ කළු නළුවන් හා රඟ පෑ සුදු නිළියන් තම චිත්‍රපටවලට යොදවා ගන්නට කැමති නිෂ්පාදක සමාගම් ඕනෑ තරම් ඇති බවත් ඔවුහු පවසති.
“මම 2007 දී මෙම කර්මාන්තයට පිවිසෙද්දී මටත් ලැබුනේ වැරදි අවවාදයක්” ක්‍රිස්ටිනා රෝස් පවසන්නීය.” මට මුලින්ම හමුවූයේ පැරැණි මතවාද දරන මහලු සුදු ඒජන්තවරයෙක්. ඔහු කීවා කළු ජාතිකයන් හා රඟපෑවොත් වැඩිදුර යන්න ලැබෙන එකක් නැහැ කියලා. මම ඒ අවාදය පිළිගත්තේ නැහැ. සමේ පැහැය ගැන නොසිතා මට රඟපාන්නට ලැබුණ හැම අවස්ථාවකින්ම මම ප්‍රයෝජන ගත්තා.”
නිල් සිනමාවේ ‘වසරේ හොඳම නිළිය’ ලෙස සම්මාන ලැබීම හොලිවුඩයේ ‘වසරේ හොඳම නිළිය’ සම්මානය ලැබීම හා සම තත්ත්වයේ ලා සැළකෙයි. එසේ හොඳම නිළි සම්මානයෙන් පිදුම් ලැබූ බොහෝ නිළියෝ නළුවාගේ සමේ පැහැය පිළිබඳ නොසිතා රඟපෑ අය වෙති.
“ඉස්සර නම් මේ කර්මාන්තය ඇතුළත වර්ගවාදය තදින්ම තිබුණා. ඒත් දැන් කාලය වෙනස් වෙලා. ඒ කාලේ නිළියන් තමන් කළු අය හා රඟ නොපාන බව පවසමින් වැඩි මුදල් අය කළා. එදා ඇත්තෙන්ම කළු නළුවන් හා රඟ ;නාපෑ සුදු නිළියන්ට වඩා හොඳ ගෙවීම් කළා” ඒජන්තවරයකු ලෙස කටයුතු කරන මාර්ක් ස්පීග්ලර් පවසයි. “අද ඒ තත්ත්වය වෙනස්. ඒත් අදත් වර්ගවාදය හිස තබාගත් නිළියන් අදත් නොඉන්නවා නෙවෙයි. එයාලා සමාවට කාරණා ඉදිරිපත් කරනවා. මගේ පවුලේ අය කැමති නැහැ, එයාලා හැඩිදැඩි අය මට බයයි. ඒ ජනපි‍්‍රයම සමාවට කාරණා දෙකක්”
ටී රීල් ආඩම්බර වන්නේ අමෙරිකාවේ නිල් සිනමාවේ කළු ජාතික ඒජන්තවරුන් ඉතා සීමිත පිරිස අතරින් තමා ද අයකු වන නිසා ය.
“මම කළු ජාතිකයෙක්. සුදු ජාතික නිළියන් සමහර අවස්ථාවන්හිදී මගේ මුහුණටම කියනවා තමන් කළු ජාතිකයන් හා රඟපාන්නේ නැහැ කියලා. නමුත් මම ඒවා පෞද්ගලිකව ගන්නේ නැහැ. ඒක එයාලාගේ ප්‍රතිපත්තිය. හැබැයි එහෙම පැවසූ සමහර නිළියන් පෞද්ගලික ජීවිතයේ මගේ අනියම් පෙම්වතියන් වූ බවත් කියන්න ඕනෙ” ටී.රීල් පවසයි.
නිල් සිනමාවට ළාබාල වියේදීම සමහර නිළියන් පැමිණෙන්නේ පිටිසරබද පළාත්වලිනි. ප්‍රකට නිල් සිනමා නිළි මෙරු පැට්‍රික් උදාහරණයක් ලෙස ගතහොත් නිල් සිනමාවට සම්බන්ධ වන්නට ඇය පැමිණුනේ මොන්ටානාවල සිටය. එම ප්‍රාන්තයේ කළු ජාතික ජනගහනය 2%කටත් වඩා අඩුය.
“එවැනි නිළියන් සමහර විට ජීවිතේ පළවෙනි වතාවට කළු ජාතිකයකු දකින්නේත් මෙහේදීයි. එවිට ඔවුන්ගේ සිත්වල යම් චකිතයක් ඇති වන බව අප පිළිගන්නට ඕනෙ” ටී.රීල් තවදුරටත් කරුණු ගෙන හැර පායි.” ඔවුන් මුලදී අකමැති වුණත් කර්මාන්තයේ අත්දැකීම් ලබන විට කළු ජාතික නළුවන් හා රඟපෑමට හුරුවෙනවා”
බොහෝ නිෂ්පාදකයන් කළු සුදු නළු නිළියන් මිශ්‍රව තම නිල් චිත්‍රපටවලට යොදා ගන්නේ ව්‍යාපාරික උපක්‍රමයක් ලෙසිනි. කළු සුදු නළු නිළියන් මිශ්‍රව රඟන චිත්‍රපටවලට දැඩි ඉල්ලුමක් තිබෙන බව ඔවුහු අත්දැකීමෙන්ම දැන සිටිති.
“මේ සිනමාව ඇතුළත වර්ගවාදය සම්පූර්ණයෙන්ම නැහැ කියා පවසන්න කාටවත් බැහැ” ටී.රීල් පවසයි. “අඩු වැඩි වශයෙන් එය මේ කර්මාන්තය ඇතුළත තිබෙනවා. හොලිවුඩයේත් වර්ගවාදී අදහස් ඇති අය නැතිවා නොවෙයිනේ. ඒ මොනවා වුණත් මේක ව්‍යාපාරයක්. කර්මාන්තයක්. වර්ගවාදය ඉස්මතුකරගෙන ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකි වග මේ කර්මාන්තයේ නියැළි සියලු දෙනා දන්නවා.


‘ද ඩේලි බීස්ට්’ ඇසුරින් පරිවර්ථනය කළේ 
කේෂව කාරියවසම්

36 comments:

  1. පුදුමාකාර වටිනා ලිපියක්. තව ටිකෙන් ඔවට ගිහිං මම නිකං චා වෙනවා. මම ටී.බී. ජිනා ඒකනායක.

    ReplyDelete
    Replies
    1. මේ ක්ලියෝපැට්‍රා එකේ ජිනා නොවේ නේද?

      Delete
  2. ගූගලේ වාර්ථා තබ්බවන්නැයි හදන්නෙ.

    මං හිතාන උන්නෙ උන්ට ගන්න දෙයක් ඇත්තෙම නෑ කියල. බලාන යනකොට උන්දැලත් අපි වගේම මිනිස්සු. ;)

    ReplyDelete
    Replies
    1. හැමෝම ලේ මස් ඇට නහරවලින් හැදුණු අයනේ දේශ්

      Delete
  3. දන්න තරමින් කල්ලන්ට සුද්දියොන්ගෙන් පුදුම ඉල්ලුමක් තියනවා. මම දැකලා තියනවා තැබිලි ගෙඩියට කපුටා වැහුව වගේ කපල් ඕනෙ තරම්. හැබැයි වැඩියෙන්ම දැක්කෙ ඇමරිකාවෙදි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඒ වගේ දේවල් තියනවා තමා. ඒත් එයිට එපිට තමා මේ සීන් තියෙන්නේ.

      Delete
  4. නලී මෙතන තියෙන්නේ වර්ගවාදී ප්‍රශ්නයක් නෙවේ විවිධ ලිංගික රසයන් ගැන ගැටළුවක්.නිල් චිත්‍රපට වල රඟපාන ඇත්තෝ රඟපාන්නේ මුදලට..තමන්ගේ තාත්ත එක්ක උනත් ලිංගිකව එක් වෙන්න සූදානම් අයට හම කළු වීම ගැටළුවක් වේවිද ...? ( සියලු තැන් වලට සාධාරණ නැහැ )

    කළු අය සහ සුදු අය එකතු කරන්නේ Interracial , Ebony , BBC ,වගේ කැටගිරි හදන්න..ඔය කැටගරි වලට මනාප නැති අය බලන්නෙත් නැහැ , රඟපාන්නෙත් නැහැ ..එතන වර්ගවාදයක් නැහැ..තියෙන්නේ ආසාවන් ගැන ගැටළුවක්...


    ඒ ඇරෙන්න කළු ඩයල් පේන්න බැරි මිනිස්සු ඉන්නවා ..සුදු අය පේන්න බැරි මිනිස්සු ඉන්නවා..එතන නම් "සියුම් වර්ගවාදය" කියන දේ තියෙනවා..උදාහරණයකට මම තායි කෙල්ලන්ට කැමතිම නැහැ..

    එතනින් කියවෙන්නේ නැහැ මම වර්ගවාදීව තායි සම්භවය ඇත්තන්ව ප්‍රතික්ෂේප කරනවා කියලා..වැඩි දුර හිතන්න දෙයක් නැහැ මම තායි කෙල්ලන් හා නිදිවදින්න මනාප නැහැ...හරිම සරළයි...

    ReplyDelete
    Replies
    1. ඔබ සමග එකඟයි. ඒත් මං මෙතැනට ලිංකු දැම්මේ නෑ.එක්ස් හැම්ස්ටර ඩොට් කොම් ගිහින් ෆීමේල් ඒජන්ට් ගිහින් බලන්නකෝ තත්ත්වය සහන්.

      Delete
    2. මම හිතන්නේ උපරිම හැගීම් එක්ක චිත්‍රපටය රූපගත වෙන්න ඕනේ නිසායි " වර්ගවාදය " ගැන ප්‍රශ්න කෙරෙනවා ඇත්තේ..මොකද අපි අකමැති කෙනෙක් එක්ක ලිංගිකව එක් වීමෙන් කිසිම සතුටක් ලබන්න බැහැනේ...මුදලට එකතු උනත් කොහෙන් හෝ අකමැත්ත ප්‍රකාශ වෙන තැනක් එනවා.. ඒ දේවල් එක්ක චිත්‍රපටියට අවශ්‍ය රූප රාමු ගන්න බැහැ ... අනිත් දේ දර්ශන තලයදී මොකක් හෝ දෙපිට කැපෙන කතාවක් කිය උනොත් තත්වය භයානකයි...විශේෂයෙන්ම ලිංගික දර්ශන රූගත කරන තැනකදී..ඔය සියල්ල මග අරින්න තමයි " වර්ගවාදය " ගැන ප්‍රශ්න කරනවා ඇත්තේ..

      අනිත් දේ BBC දකිද්දී අපිටත් බය හිතෙනවා නෙව නලියෝ...

      Delete
    3. ඕනෑම ජාතිකයෙක්ට හැඟීම් ඇති වන්නේ තමන්ගේ ජාතියේ අය දැක්කම. ඕකට හොඳ උදාහරණය තමයි ලංකාවේ අය සිංහල නිල් චිත්‍රපට සෙවීම.

      Delete
    4. වටිනා පර්යේෂනාත්මක ලිපියක්.. සහන් කියලා තියෙන ගොඩක් දේවල් එක්ක මාත් එකගයි.

      Delete
  5. ඒ පාර මොකාටද එන්න යන්නේ. වැල් පෙනෙල කාපු උන්ව ෆෝම් කරන්නෙයි යන්නේ...

    ReplyDelete
    Replies
    1. එහෙම අදහසකින් නොවේ දැම්මේ මගේ යාලුවා කිව්වා මේක දාලා බලමු කියලා. ලියපු යාලුවා නොවේ. මේ බ්ලොගට උදව් කරන යාළුවා.

      Delete
    2. මාතලං කෙනජිගෙ වට්ටෝරුවේ කොල්ලුත් තියෙනවා. කොල්ලුත් වැල් පෙනල වගේමයි නේද රත්තරං? අළු කෙසෙල් කන උන්ටනම් ඕව තේරෙන්නේ නැ.
      කෙනජි දෙවරක් වච්චිල් උනේ නිකම්ම නොවේ කියනවානේ.

      Delete
  6. මාතෘකාව නම් භයානක යථාර්ථයක් ගැන කියවෙන්නක්..කොටින්ම මාකට් කරන්න පුළුවන් කාරණාව..අම්මා ආවොත් ඉවරයි මම ගියා අංකල් :D

    ReplyDelete
    Replies
    1. පොඩි එවුන්ට එන්න එපා කියලා හෙඩිමෙන්ම කියලා තියනවානේ රුවෝ..

      Delete
    2. කාටද නලින් "රුවෝ" කියන්නේ.

      Delete
    3. උඩ ඉන්න රූ ට තමා එහෙම කිව්වේ මං.

      Delete
  7. අපොය් එකෙත් හැටි...

    ReplyDelete
  8. සහන් කැමති නැතිව ඇති අපේ අති උත්තම වූත් පරමාදර්ශී වූත් ඇමරිකාවේ වර්ගවාදයක් තියනවයි කියල පිළිගන්න. ඒත් ඇත්ත තත්වය නම් "ව්‍යාපාරික ලෝකයක්" දෙස නෙත් යොමා සිටින ඇමරිකානු ආණ්ඩුවලට වර්ගවාදය වහ කදුරු වගේ වීම. අපේ රටේ වුනත්, ලොකු බිස්නස්කාරයො එකෙක්වත් වර්ගවාදී ලෙස හැසිරෙනවද? නෑනේ.

    ඒ වුනාට ගැටළුව තියෙන්නෙ ජනතාවගෙ හිත් වල පැළපදියම් වුනු අදහස්. සහන් තායි කෙල්ලන් එක්ක නිදිවදින්න කැමති නැහැයි කියන්නෙ "මං දැල්ලො එක්ක බත් කන්න කැමති නෑ" වගේ සරළ කතාවක් තමයි. ඒ වුනත්, ඉන්ටවිව් එකකදි වර්ගවාදය ගැන අහනවාය කියන්නෙ සමාජයේ සැළකිය යුතු පිරිසකගෙ යටිහිත්වල ජාතිවාදී ගිනි පුපුරු තියනවයි කියන එකයි.

    ReplyDelete
    Replies
    1. මම ඇමෙරිකාවට වන්දනා කරන්නෙක් නෙවේ.නමුත් දැඩි නීති වලින් වර්ගවාදය පාලනය කරනවා සහ වර්ගවාදී අදහස් දරන්නන්ව හඳුනා ගන්නවා...( සම්මුඛ පරීක්ෂණ වලදී පවා අහන්නේ ඒකයි. හැබැයි මෙතන මම කතා කරන්නේ ලිංගිකත්වය නෙවේ , වර්ගවාදය ගැන )

      මගේ ඇතුලාන්තයෙන්ම මම කළු ජාතිකයන් ප්‍රතික්ෂේප කරනවා නම් , මට කළු ජාතිකයන් එක්ක වැඩ කරන්න බැහැ..කොහෙන් හෝ අවුල පිට වෙනවා..මගේ කාර්යාල පිරිසුදු කරන්නීය විදිහට ඉන්නේ කළු ජාතික තරුණියක් නම් , ඇය අතින් සුළු වරදක් උනත් මගෙන් තද බැනුමක් පිට වෙන්න පුළුවන්...

      ඒත් ලස්සන හුරතල් සුට්ටන් බටිච්චියක් හිටියොත් මොනවා වේවිද ...?මම බනිද නැත්නම් අතුගාන හැටි කියලා දෙන්න ඔඩොක්කුවට ගනීද ...?

      Delete
    2. \\\\ඒ වුනත්, ඉන්ටවිව් එකකදි වර්ගවාදය ගැන අහනවාය කියන්නෙ සමාජයේ සැළකිය යුතු පිරිසකගෙ යටිහිත්වල ජාතිවාදී ගිනි පුපුරු තියනවයි කියන එකයි.\\\

      අනිවාර්යෙන් හෙනහුරා ඒක එහෙම තමයි..ගොඩක් විට කළු ජාතිකයන්ගේ හැඩි දැඩි පෙනුමට , කතා විලාසයට , කල්ලි ගැසීම් වලට බොහෝ දෙනා කැමති නැහැ..වෙලාවකට හරිම අශීලාචාර විදිහට හැසිරෙනවා.

      Delete
  9. අනේ මන්දා කොහොම තිබ්බත් අශුචි කියන්නේ අශුචිම නේද?

    ReplyDelete
  10. මං ඊළගට ලියන්න හිතන් ඉන්නේ ගණිකාවක් හා කාමෝත්පාදන නිරුපිකාවක් අතර වෙනස ගැන.. මේ ටිකේ ඒක ගැන හෙවුවා.. මේ ගැනත් මට විස්තර හම්බුවෙලත් නොලියා ඉන්න කියලා හිතුවා.. බලමු..

    ReplyDelete
  11. ....//එයාලා සමාවට කාරණා ඉදිරිපත් කරනවා. මගේ පවුලේ අය කැමති නැහැ//....

    හෑ.... :D

    මාත් දැක්කා සේක්ස්ටාර් තරඟයකදී කෙල්ලෙක් කියනවා තාත්තනම් එච්චර කැමති නෑ කියලා එයා ඒ තරඟෙට එනවට.

    ReplyDelete
  12. //"නිල් සිනමාවට ළාබාල වියේදීම සමහර නිළියන් පැමිණෙන්නේ පිටිසරබද පළාත්වලිනි"// ලෝකේ කොහෙත් පැවතෙන්නේ එකම ධර්මතාවය නේද?.

    ReplyDelete
  13. තව පින්තූර දාන්න ඕන.. හෙලා දකිනවා.. හැක්..

    ReplyDelete
  14. වර්ගවාදය සහ වර්ණභේදය විස්තර කරන්ට.

    ReplyDelete
    Replies
    1. වර්ණ බේද වාදය යනු කළු සුදු ලෙස ඇති කල බේදයයි. වර්ගවාදය යනු ආර්ය යුදෙව් වැනි වර්ගීකරණ අනුව ඇති බෙදීමයි.

      Delete
  15. අනේ මුන් නිල් වල රගපානවා මදිවාට තියෙන ප්‍රශ්න...අපේ නිළියන්ට නම් තියෙන ලොකුම ප්‍රශ්නෙ මේවායෙ රගපාන එක...

    ReplyDelete
  16. නලින් අය්යා ඒ ගමන කොකටද මේ එන්ට හදන්නේ, අර උඩින් මාතලන් කියලා තියෙනවා වගේ වැල්පෙනෙල්ල කාපු උන්ව ෆෝම් කරන්ට වත්ද ,

    ReplyDelete
  17. අදනේ මේ කතාව දැනගත්තේ...

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT