මේ දවස්වල හැලපයියා අපිව මොනාලිසා බලන්න එක්කන් යනවා, කකා යුරෝපෙ වටේ අපව රැගෙන යනවා..ඉතින් මාත් හිතුව අපේ යාළුවන්ව කකා වගේම ඉතාලිය පැත්තට එක්කන් යන්න..හැබැයි මම නොවෙයි එක්ක යන්නේ මගේ අඩවියට මුල ඉදන්ම ලිපි ලියූ මගේ මිතුරිය සමුද්‍රිකා. ඉතින් අපිත් යමු ඇයත් එක්ක ඒ පැත්තට..
මේ ඉතා කුඩා ලිපිය, ඉතාලියේ පිහිටි ඉතා කුඩා නමුත් ඉතාමත් වැදගත් තැනක් ගැනයි. ‘සමකය’ට පළවෙනියෙන්ම ලියපු වැනීසිය පිළිබඳ ලිපියත් මේ සංචාරයටම ඇතුළත්. ගමනට පාදකවුණේ දුවයි පුතයි දෙන්නම පිස්සු හැදිලා වගේ සෙල්ලම් කරපු ‘Assassin’s Creed’ වීඩියෝ ක්‍රීඩාව. සංචාරය සැලසුම් කළේ එහි සඳහන් ස්ථාන ගණනාවක් නැරඹීම සඳහා.
මේ ඉතා කුඩා ලිපිය, ඉතාලියේ පිහිටි ඉතා කුඩා නමුත් ඉතාමත් වැදගත් තැනක් ගැනයි. ‘සමකය’ට පළවෙනියෙන්ම ලියපු වැනීසිය පිළිබඳ ලිපියත් මේ සංචාරයටම ඇතුළත්. ගමනට පාදකවුණේ දුවයි පුතයි දෙන්නම පිස්සු හැදිලා වගේ සෙල්ලම් කරපු ‘Assassin’s Creed’ වීඩියෝ ක්‍රීඩාව. සංචාරය සැලසුම් කළේ එහි සඳහන් ස්ථාන ගණනාවක් නැරඹීම සඳහා.
මේ ලිපියෙ ලියවෙන
මොන්ටෙරිජියෝනි (Monteriggioni) වලට ආවෙ ගමනෙ අවසානයට.
ගමනට කලින් තොරතුරු රැස් කරද්දි නම්, මෙතන ඒ තරම් වැදගත් විදිහට පෙණුනෙ නෑ. උස
තාප්පෙකින් වටවුණු පුංචිතැනක් විදිහටයි අන්තර්ජාලයෙ හැමතැනකම මොන්ටෙරිජියෝනි
පෙන්නුම් කරලා තිබුණෙ. නමුත් ගමනාන්තයට ළඟාවෙන්නත් කලින්ම, දුර සිට දුටු දසුනින්ම
ඒ ආකල්පය සම්පූර්ණයෙන්ම වෙනස්වුණා. ඒ දර්ශනය ඒ තරම්ම චමත්කාරජනකයි! හරියට සිතුවමක් වගේ.
අපි යන දින වනවිට ඔවුන් මෙහි වසරකට වරක් පැවැත්වෙන උත්සවයට (Medieval Festival) සූදානම්වෙම්නුයි සිටියේ. මෙම උත්සවයට සහභාගිවීමට ඉතාලියේ දුර බැහැර ප්‍රදේශ වලින් පවා සංචාරකයින් පැමිණෙන බවයි දැනගන්නට ලැබුණේ.
කලක සිට සංචාරකයින් සඳහා විවෘතව පැවතියත්, 2009 දී ‘Assassin’s Creed II’ නිකුත්වීමත් සමගම මොන්ටෙරිජියෝනි නැරඹීමට පැමිණෙන සංචාරකයින් විශාල වශයෙන් වැඩිවුණාලු. එයිනුත් වැඩි පිරිසක් 13-19 වයස් කාණ්ඩයේ අය බවයි කියවෙන්නේ.
කළුවර වැටෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි අපි මොන්ටෙරිජියෝනිවලින් පිටවෙන්න සූදානම් වුණා. ආපහු එන මග ලැවෙන්ඩර් මල් වල තාමත් මී මැස්සෝ පැණි බොනවා. රථගාලට ඇවිත් ආපහු හැරිලා බැලුවා. මේ ප්රතාපවත් ආරක්ෂක වළල්ල තවත් පරම්පරා ගණනාවකට තම අතීත කතන්දරය පවසමින් තවත් අවුරුදු ගණනාවක් මේ විදිහටම පවතීවි..
සංචාරක සටහන
සමුද්‍රිකා හේරත්
මා ඉතාම ආදරය කරන දේශයන් දෙකක් තිබෙනවා.. එකක් ආදරණීය භාරතය. අනික ඉතාලිය.. රස බෙදා ගත්තාට බොහොම ස්තුතියි!
ReplyDeleteඉතාලි යන්න ට්‍රයි එක්ක් දෙමු නේ..
DeleteBharatha deshaye minissu gena dannawa nam ballo bath kanne ne yaaluwa
Deleteබොහොම ස්තුතියි... නලින් හා සමු දෙන්නටම.. පින්තුර ටික හෙන වටිනවා. එකක් දෙකක් මං උස්සන්නත් ඉඩ තියෙනවා
ReplyDeleteගන්න ගන්න...ඒකට නෑත කිසි තහනමක්..
Deleteගොඩක් ලස්සනයි මේ විස්තරේ නම් ..නලින් අයියටත් සමුද්රිකාටත් ස්තූතියි.
ReplyDeleteස්තුතියි සහන්
Deleteහරිම ලස්සනයි පින්තුර ටික වගේම විස්තරයත්...
ReplyDeleteදෙන්නටම බොහොම ස්තුතියි මේ බෙදාගත්තු දේවලට.....
තැන්කූ මනෝජ්
Deletewooow සිරාවටම ඉතාලියට ගියා වගේ මාරයි
ReplyDeleteයමු යමු දවසක..
DeleteMaru gamanak wenna athi. Mamath mata oya wagema hithata danunu sanchaarayak giya. Udarata paththe, Uwa palaathe. Blog 1e satahanak daala athi e gana.
ReplyDeleteKohoma namuth, me thorathuru walata sthuthyi.
මරේ මරුලු ගමන
Deleteතව පින්තුර ටිකක් දාන්න තිබ්බේ. ඒවා ලස්සනයි ගොඩාක්
ReplyDeleteබොලං නලීන් කොලුවෝ අපි ඔය වන්දනා ගමං යන ගානේ, අපේ සාලමොං ගොයියා නිතර කියන දෙයක් තමයි අපි ඔය වැව් අමුණු හදන කාලේ ඔය හම්පඩ සුද්දෝ අමුඩ ගහගෙන ගස් නැග්ගයි කියන එක. සාලමොං ගොයියා ඇද බෑවේ එතකොට බේගලයක් වද්ද? :-?
ReplyDeleteඒ කියන්නේ අමෙරිකන් සුද්දන් ගැන වෙන්න ඇති...බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති සුද්දන්ට ඉතිහාසයක් තියනවා නේද?
Deleteසාලමොං ගොයියට හම සුදු උන් ඔක්කොම සුද්දෝ ආයුබොවන්ඩ!
Deleteආසාවෙන් කියෙව්වා අක්කේ..බොහොම ස්තුතියි. යන්න නොලැබෙන තැන් මෙහෙම දැක බලාගන්න ලැබෙන එක ලොකු දෙයක්.
ReplyDeleteඔයාට යන්න හැකිවෙයි සයුරි...
Deleteබැලුවා රසවින්දා ඉස්තුතියි දෙන්නාටම..
ReplyDeleteස්තුතියි සරත්
Deleteඇත්තට නලීන් අයියා පට්ටම ගති ... යන්න ආස හිතෙනව... අනමුත් අපේ රටේ ආර්තික තත්වයත් එක්ක ගමන කැන්සල් කලා... "යන්න තියා හිතන්නෙවත් නෑ..." කොයින්ද බොලේ අපිට සල්ලි.... මේ වගේ බ්ලොග් බලල සැනසෙනව...
ReplyDeleteඋත්සාහයක් ගන්න බලන්න.. බැරිවෙන එකක් නෑ.
Deleteකවදා හරි ඉතාලියට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ ලිපිය නිසා ඒ බලාපොරොත්තු වැඩි වුණා.
ReplyDeleteඅනිවා යමු මාත් යන්න දැඩි උත්සාහයක් ගන්නවා
Deleteස්තුතියි...දෙන්නටම...
ReplyDeleteසිංගප්පුරු ලිපි පෙළ එනකං අපි බලං ඉන්නවා
Deleteලස්සණ තැනක්. වටින ලිපියක්. ෙම් වගේ දේවල් සිංහලෙන් ලියවෙනවා අඩුයි නේ.
ReplyDeleteවිදෙස් සංචාරක සටහන් මේ බ්ලොගයේ තියනවා කීපයක්ම දිලිනි.. පැමිණියාට ස්තුතියි.
Deleteඅදේ අප්පා ලස්සනයි මෙහෙ
ReplyDeleteඑහෙනං දෙන්නත් එක්ක යන්න ප්ලෑනක් හදන්න දැන්ම ඉදන්.
DeleteIthama Sarala saha rasawath wa awashya karunu pehadiliwa pela gaswa liyana lada lipiyak. Subapethum
ReplyDeleteමන්දා මටනං ලෝකේ දකින්න හම්බවෙයිද කියන්න දන්නේ නෑ. ඒකටත් ගොඩක් වාසනාව තියෙන්න ඕනේ නේ. ඒ අතින් සමුද්‍රිකා ගොඩක් වාසනාවන්තයි. ඒ වාසනාව අපි එක්ක බෙදාගත්තට ස්තුතියි. මොකද අදමයි මේ බලකොටුව ගැන ඇහුවේ ඔය ගේම් එක සෙල්ලම් කලාට.
ReplyDelete