මුස්ලිම් ප්‍රජාව අතර මහත් ආන්දෝලනයට තුඩු දිය හැකි මේ ලිපිය ඩේලි ටෙලිග්රාෆ් පුවත් පතේ පළවූවකි.. මා මිත්‍ර මුස්ලිම් ජාතික ෆවුස් මොහොමඩ් විසින් මේ ලිපිය දිනමිණ වෙනුවෙන් පරිවර්ථනය කළේ මෙසේයි
අබ්දුල් අසීස් මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ ‘වැඩිහිටියන්ගේ සාප්පුවක්‘ පවත්වාගෙන යයි.
‘නමුත් කාන්තාවන් හා පිරිමින් අතර ලිංගික හැඟීම් වැඩි කරන නිශ්පාදන අපි විකුණන්නේ නෑ.‘ ඔහු පැහැදිලි කළේය.
‘අපේ හැම නිශ්පාදනයක්ම ලිංගිකත්වය, ඉන්ද්‍රියන් පිනවීම මෙන්ම අධ්යත්මිකතාව ගැනත් ගැඹුරු අවබෝධයක් ලබාදෙන දේවල්.‘ ඔහු කියයි.
නෙදර්ලන්තයේ පිහිටා ඇති ඔහුගේ අල් අසීරා සමාගම ඉන්ද්‍රියන් පිනවන සිලිකෝන් වර්ග හා මනමෝහණීය දියර වර්ග අලෙවි කරන අතර ඒ සියල්ල හලාල් ඒවාය.
‘අපේ පාරිභෝගිකයන්ගෙන් බහුතරය ගැහැණු. ‘ ඔහු කියයි.
ලිංගිකත්වය හා කිට්ටු ඇසුර පිළිබඳ සාකච්ඡා කිරීමේ දී මුස්ලිම් කාන්තාවන් පිරිමින්ට වඩා ඉදිරියෙන් සිටින බවට තවත් සාධක ඕනෑතරම් තිබේ.
ඉස්ලාමීය නීතිය අනුව විවාහකයන් අතරේ ලිංගිකත්වයට යම් යම් සීමා පනවා ඇත. නමුත් ලිංගිකත්වය පිළිබඳ ඉස්ලාම් දහමේ ඉතා විවෘතව කරුණු පැහැදිලි කර ඇත. ලිංගිකත්වය ඇත්ත වශයෙන්ම ප්‍රජනනය වෙනුවෙනි. එහෙත් එය සන්තුෂ්ටියට ද හේතුවේ.
අතීතයේ දී කාන්තාවන් හා පිරිමින් මුහම්මද් නබිනායකතුමා හමුවී විවාහක යුවළකට මුහුණ දීමට සිදුවන කරුණ පිළිබඳ ප්‍රශ්න අසා ඇතැයි කියැවේ. එක් ප්‍රසිද්ධ කතාවකින් කියැවෙන්නේ එක්තරා කාන්තාවක් ඇගේ විවාහයේ පළමු රාත්‍රියේ දී මුහම්මද් නබිනායකතුමා හමුවට පැමිණ ඇගේ සැමියා පිළිබඳ පැමිණිලි කළ බවකි. සිය සැමියා දෙවියන් නැමදුමෙහි යෙදෙමින් අවිවේකිව සිටින බවත්, ඔහු තමා වෙතට නොපැමිණි බවත් ඇය මුහම්මද් නබිනායකතුමා වෙත පැමිණිලි කළාය. මෙය ඇසූ නබිනායකතුමා වහාම ඇගේ සැමියා සොයා ගියේය.
ඕනෑවට වඩා ආගමට යොමුවීමෙන් බිරියට සිදුවන වරද ඔහුට පෙන්වා දුන් නබිනායකතුමා සිය මනාලිය වෙත ඊට වඩා සැළකිල්ල යොමු කරන ලෙසට අවවාද කළහ.
ඉස්ලාම් දහමේ මෙවැනි කරුණු කාරණා ගණනාවක්ම සඳහන් වූවත් කාලයක් පුරා බොහෝ ඉස්ලාම් විද්වතුන් ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට මැළිවූහ. එබැවින් ලිංගිකත්වය යනු ඉස්ලාම් දහමේ සාකච්ඡා කිරීමට තහනම් විෂයක් බවට මතයක් ද ලෝකය පුරා පැතිර ගියේය. එහෙත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ වෙදාද් ලූතා නමැති කාන්තාව මෑතකදී ලියා පළකළ ‘විවාහක යුවළට ලිංගිකත්වය දැනුම‘ නමැති ග්‍රන්ථය මේ සියලු මත බිඳ දැමීමට සමත්වූ එකකි. ඇගේ මේ ග්‍රන්ථය එමිරේට්ස් මුෆ්තිවරයාගේ පවා පැසසුමට භාජනය විය. එහෙත් තදබල විවේචන ඇයට එල්ල නොවුවාම නොවේ.කෙසේවුවත් ලොව පුරා බොහෝ රටවල්වල මුස්ලිම් කාන්තාවන් දැන් දැන් ලිංගිකත්වය සම්බන්ධ විෂයෙහි පුළුල් දැනුමක් ලබා ගැනීමට සිය අවධානය යොමු කර තිබේ.
අයර්ලන්ත ජාතික මුස්ලිම් කාන්තාවක් වන ජෙනී ලන්ඩන් නුවර මෙවැනි සම්මන්ත්‍රණයක් මෑතකදී සංවිධානය කළාය. අදියර දෙකකින් යුත් මේ සම්මන්ත්‍රණය තරුණ මුස්ලිම් කාන්තාවන්ට පමණක් සීමා විය. එහි පළමු අදියරේ දී විවාහය සම්බන්ධවත්, දෙවැනි අදියරේ දී කිට්ටු ඇසුර සම්බන්ධවත් විවිධ කරුණු සාකච්ඡාවට භාජනය විය.
‘අපේ මුස්ලිම් තරුණියන්ට විවාහ ජීවිතයේ දී ලබන ලිංගික ඇසුර ගැන කිසිම අවබෝධයක් නෑ. සිය සැමියාගේ ඕනෑඑපාකම් ඉටු කිරීමයි ඔවුන් ලිංගික ඇසුර විදිහට දකින්නේ.‘ ලිංගික අධ්‍යාපනයක් මුස්ලිම් තරුණියන්ට නොලැබීම වඩාත් බරපතල කරුණක් බව ජෙනීගේ අදහසය. ඇය පවසන පරිදි සිය සැමියාට අවශ්‍ය ලෙස නොව අඹුසැමියන්ගේ ලිංගික ඇසුර පැවැත්විය යුත්තේ ඉස්ලාම් දහමේ නීතිරීතිවලට අනුවය. එබැවින් විවාහයට පෙර සෑම මුස්ලිම් තරුණියකටම ඉස්ලාම් දහමට අනුකූල වූ ලිංගික ඇසුර සම්බන්ධව දැනුමක් ලබාදිය යුතු බව ඇය කියන්නීය. බොහෝ පිරිමින් ලිංගික සන්තුෂ්ටිය උදෙසා සිය බිරිය ඉස්ලාම් දහමට පටහැනි ආකාරයට පාලනය කරන බව ජෙනී කියයි.
‘මුස්ලිම් තරුණියන් දැනගත යුතුයි නිදන කාමරයේ දී ඔවුන්ගේ අයිතිවාසිකම් මොනවාද කියලා.‘
විවාහ ජීවිතයේ කායික සම්බන්ධතාව පිළිබඳ දැනුමක් නොමැති මුස්ලිම් කාන්තාවන් නිදන කාමරයේ දී දැඩි අපහසුතාවයට පත්වන අවස්ථා ඕනෑතරම් ඇතැයි ජෙනී පවසයි.
අමෙරිකා එක්සත් ජනපදයේ මතභේදයට තුඩුදුන් මුස්ලිම් ක්‍රියාකාරිනියක වූ අස්රා නෝමානී මෑතකදී ‘නිදන කාමරයේ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධ ඉස්ලාම් පනත‘ නමින් ලිපියක් පළ කළේය. එහෙත් එම ඉස්ලාම් පනත පිළිබඳ ඇයට ලැබුණේ ඉතා සෘණ මට්ටමේ ප්‍රතිචාරය. බොහෝ මුස්ලිම් කාන්තාවන් ඉස්ලාම් දහමේ එවැනි පනතක් පිළිබඳ අසා තිබුණේ ද නැත. ඉස්ලාම් දහමේ නිරතුරුවම ලිංගික ඇසුර සම්බන්ධව විවෘත අදහස්වලින් පිරී ඇත. විශේෂයෙන් කාන්තාවන්ගේ ලිංගික සන්තුෂ්ටිය සම්බන්ධව එහි දී අවධානය යොමු කර තිබේ. එහෙත් විවාහක මුස්ලිම් කාන්තාවන් ඒ සියලු කරුණු නොදැන සිය සැමියාගේ අවශ්‍යතාව පරිදි ඉස්ලාම් දහමට පටහැනි ආකාරයේ ලිංගික ඇසුරක යෙදෙන බව අස්රා කියන්නීය. මෙවැනි ලිංගික ඇසුරකින් සතුටක් ලබන්නේ පිරිමින් පමණක් බවයි ඇගේ අදහස. එහෙත් එය ද ඉස්ලාම් දහමට නොගැලපෙන ආකාරයෙනි.
අමෙරිකා එක්සත් ජනපදයේ මුස්ලිම් කාන්තාවක් ‘ආදරය, ඉන්ෂාහ් අල්ලාහ්.‘ (දෙවියන්ගේ කැමැත්ත අනුව) නමින් පොතක් ලියා පළකළාය. විවාහ ජීවිතයේ ලිංගික ඇසුරත්, ඉන් බාහිර ලිංගික ඇසුරත් ඊට විෂය වී තිබිණි. අතිශය ජනප්‍රියත්වයට පත්වූ මේ ග්‍රන්ථය පිළිබඳ මුස්ලිම් විද්වත්හූ සිය අප්‍රසාදය පළ කළහ. එමෙන්ම ඇය දැඩි විවේචනයට ලක්වූවාය. මෙසේ මුස්ලිම් කාන්තාවන් ලිංගික ඇසුර සම්බන්ධව පොත් ප්‍රකාශයට පත්කිරීමෙන් අවබෝධ වන ඉතා වැදගත් කරුණ වන්නේ දැන් දැන් ලොව පුරා මුස්ලිම් කාන්තාවන් ලිංගිකත්වය සම්බන්ධව විවෘත සංවාදයක් ගොඩ නැගීමේ උත්සාහයක නිරතවන බවය.
විවාහක යුවලක් අතර සිදුවන ලිංගික ඇසුර වේදනාවෙන් තොර දෙදෙනාටම සන්තුෂ්ටිය ගෙන දෙන ආකාරයේ එකක් විය යුතුය. එහි දී සැමියා සතුටට වීමත්, බිරිය වේදනාවට පත්වීමත් සිදුනොවිය යුතුය. මුස්ලිම් යුවලකට ද මෙය එකසේ පොදුය. සැඩ පහරක් මෙන් වේගවත්ව ගලා හැලෙන ලිංගික හැඟීම් විවාහ ජීවිතයේ දී දිය ඇල්ලක් මෙන් පිළිවෙලකට ගැලීම සිදුවිය යුත්තකි. එහි දි සැමියාගේ මෙන්ම බිරියගේ ද ලිංගික අවශ්‍යතාව ඉටුවීම අතිශයින්ම වැදගත්ය. ඒවා විවාහ ජීවිතයක් සාර්ථකව පවත්වාගෙන යාමට ඉවහල් වන්නකි.
ජීවිතය හා යහ පැවැත්ම උදෙසා කොන්දේසි ගණනාවක් පනවන ඉස්ලාම් දහම ලිංගික ජීවිතයේ දී පනවා ඇත්තේ එක් කොන්දේසියක් පමණි. එනම් ඒ සඳහා නියත වශයෙන්ම ඔවුන් නීතිමය විවාහයකට යටත් විය යුතු බව පමණි. ඒ කොන්දේසියට යටත්ව කාන්තාවක හා පිරිමියකු අතර ඇතිවන ලිංගික ඇසුර දෙදෙනාගෙම සන්තුෂ්ටිය උදෙසාය.
(බ්‍රිතාන්‍ය ලේඛිකා ශෙලීනා ජාන්මොහොමඩ් ඩේලි ටෙලිග්රාෆ් පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි)
ෆවුස් මොහොමඩ්
//ඉස්ලාමීය නීතිය අනුව විවාහකයන් අතරේ ලිංගිකත්වයට යම් යම් සීමා පනවා ඇත. //
ReplyDeleteමේ සීමා මොනවද කියලා දක්වලා නැහැ නේද?
//ලිංගිකත්වය ඇත්ත වශයෙන්ම ප්‍රජනනය වෙනුවෙනි. එහෙත් එය සන්තුෂ්ටියට ද හේතුවේ.//
සමහර ආගමික කොටස් සලකන්නේ මින් සතුටුවෙන එක පාපයක් බවයි.
//සමහර ආගමික කොටස්// කොයි වගේ ආගම්ද. උදාහරණයක් එක්ක පැහැදිලි කරන්න පුළුවන් ද ?
Deleteකොයි ආගමෙත් ඔය වැඩේ කෙරෙනවා...ලෝකෙට පේන්න තහංචි.. හොර රහසේ හැමදේම..
Deleteඔහ් මේ කොච්චර කියුවත් මේ දහමත් එක්ක තදින් බැදෙන අය මේවා පිලිගනීද?
ReplyDeleteලෝකෙට පේන්න පිළිගන්නේ නෑ.. ඒ තහංචි දාල තියන දේවල් නම් කෙරෙනවා රහසේ..
DeleteNO COMMENTS
ReplyDeleteහි..හී...
Deleteහි..හී...
හි..හී...
හි..හී...
හි..හී...
උඹට ලොකු අමාරුවක් තියෙනවනම් පැයකට විතර මගේ ඉස්සරහින් වරෙන්කො ඇනෝ,බැදපු ඒ කෙල්ලට කරදර කර කර පිටි පස්සෙන් යන්නෙ නැතිව.
Deleteහි...හී....
Deleteකෙන්ජි අන්කල් කොලු කාරයා... ඔයා හිතන් ඉන්නෙ පX තියෙන්නෙ ඔයාට විතරයි කියලද නාකි කොලුකාරයෝ....
හෝමෝවරු කෙල්ලන් සුරකින්න ඉදිරිපත් නොවේ
Deleteඒ කියන්නේ බැදල නං ඕන දෙයක් කරන්න පුළුවන් කියන එකද??? ලිංගික හිංසනයත් අදාළද
ReplyDeleteහිංසා නොකර කැමැත්තෙන් ඕන දෙයක් පුළුවන්නේ දේශකයෝ.
Deleteසාධාරණය කොයි දේටත් බලපානවා.
ReplyDeleteමුස්ලිම් කාන්තාවන්ට සාධාරණයක් නොවන බව නොවෙද මේ සටහනෙන් කියැවෙන්නේ.
Deleteඅලුත් දේවල් ටිකක් දැනගත්තේ...
ReplyDeleteමේ වාගේ සංවාද ඇති වෙනඑක හොදයි කියලායි මම හිතන්නේ...
මේ සංවාදය ඇවිත් තියෙන්නේ මුස්ලිම් අය අතුරෙන්ම වීමයි විශේෂත්වය.
Deleteහැම ආගමක් ගැනම දුර්මත සැබෑ මත වලට වඩා වැඩියි..
ReplyDeleteඒක නම් ඇත්ත සරත් අයියා..
Deleteහැහ්....ලිංගික දැනුමක් නැති හින්දද මේ තරම් බෝ වෙන්නෙ...
ReplyDeleteආගම දැනුම, ට වඩා අරමුණ ප්‍රබලයි... ඒකයි හේතුව
Deleteමෙතැන කියෙවෙන්නේ දැනුම ගැන නොවේ මුස්ලිම් කාන්තාවන්ට වන අසාධාරණයක් ගැනයි
Deleteමගේ ජීවතයේ මෙහෙක් දුටු සුරූපීම හා කාමුක ගැහැණුන් මුස්ලිම් රටවල ගැහැණුන් බව නොකියාම බැරිය.
ReplyDelete++++++++++++++++++++++
Deleteබොහොම පැහැදිලි කතාවක්...
Deleteමට ෆවුස් මොහමඩ් එක්ක කිසිම අමනාපයක් නැහැ , ඒ වගේම ආගමික සහජීවනය අගය කරන කෙනෙක් මම දීර්ඝ කාලීනව පසුබිමක් යටතේ..නමුත් මේ ලිපියේ සාකච්චා වෙන් කරුණු නම් පරස්පරයි...
ReplyDeleteමේක හරියට හොරාට කළින් කෙහෙල් කැන වැට පැන්න වගේ.
මුස්ලිම ගෑණු විඳින දුක් අපි දන්නවා.තනිකර කුකුල් කොටු වල මස් පිණිස හැදෙන කුකුල්ලු වගේ.කොහොම හරි දැන් දැන් නම් ඉඩ ලැබෙන තැන බොහොම එඩිතර විදිහට මුස්ලිම් ගෑණු ළමයි ආගමට පයින් ගහනවා.තව අවුරුදු 50 විතර යද්දී කුකුල් කොටු කඩන් යාවි නිදහස හොයාගෙන .........
( මේ කමෙන්ටුව කිසි සේත් ආගමික වෛරයෙන් යුතුව දාපු දෙයක් විදිහට සලකන්න එපා ෆවුස් )
මේ ලිපියෙන් කියැවෙන්නෙත් ඒ ගැනම නේද සහන්... මේ බටහිර මුස්ලිම් කාන්තාවන් ඒ සදහා ඉදිරි පියවරක් තබා ඇති අයුරු නොවෙද?
Deleteකථාව 100% ඇත්ත
Deleteගොඩක් මුස්ලිම් පිරිමි හිතන් ඉන්නේ ගෑනු කියන්නේ ළමයි හදන මැෂින් කියලා ගෑනු ඉන්නේ උන්ව සතුටු කරන්නයි ළමයි හදන්නයි විතරයි කියලා
මම නම් හිතන්නේ නැහැ අවුරුදු 50ක් බලන් ඉන්න වෙයි කියලා
වැඩිම උනොත් 10ක් යයි
ගැනු ළමයි පාසැල් යවන්නේ නැතුව හිටියොත් තමයි කල් යන්නේ
ආගමෙන් හරි මොකෙන් හරි මනුස්ස අයිතිවාසිකම් කඩ වෙනවනම් ඒකෙ ඇති වැඩේ මොකද්ද?
ReplyDeleteදැන් නං ඒවා රැකෙන්නෙත් බොහොම කලාතුරකින් තමා.
Deleteකව්රු කොහොම කිව්වත් ජිවිතයේ රස විදින්න ඕනැ තම තමන්ගේ මානයන් වලට අනුව ආගම ජාතිය කියන දෙවල් නිර්මාණය වෙන්නේ විවස්ථාවක් වගේ රාමුවක් ඇතුලේ නමුත් මේ සත්ව ලෝකයේ මිනිසුන් සත්ව කොට්ඨාශයක් හැටියට හිතුවෝත නරකම නෑ ඒ නිදහස් ලිංගික ජිවිතය ඇතුලේ හරි තියෙන්න ඕන හින්දා නමුත් මැරෙනකම් හංගගෙන දුක් විදින කරුම නිතියක් නොවිය යුතුයි ගැහැණිය හා පිරිමියාගේ ලෝකය .නමුත් මේ ආගමට හෝ යම් මුලධර්මයට අත්වනන පිරිස් තම තමන්ගේ ජිවිත වලට කර ගන්නා කොඩිවිනය සුළුපටු නැත ලිංගිකත්වය ආගමක් නොව එය නිදහස් සංතුස්ටියක් විය යුතුය.නිදි යහනේ නැති සහනය මිනිසත් කමටට අකැප වී නම් නිල් චිත්‍රපට බලන පිරිස වැඩිවනු ඇත ඒ හොරෙන් හෝ මනස සන්සිදුවා ගැනිමටය...................මේ අරගලය මුස්ලිම් අයට පමනක් නොව සුවහසක් මිනිසුන් තුල පවති.
ReplyDeleteඅප ලොවට මොන බොරුව කළත් අපේ හිත රවටන්න අමාරුයි චන්දන... බොහොම පැහැදිලියි ඔබේ මසුරන් අදහස.
Delete+ + + + + + + + + + + + + + + + + + + + + +
ReplyDeleteදැන් මේ කියන්නේ ඔය ඔය ආගමේ උදවිය ලිංගික ජීවිතයෙන් සතුටු වෙන්නේ පිරිමියා විතරයි කියලනේ.එතකොට පිරිමි තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කරනවා.හැබැයි ඔය අරාබි රටවල් වල දුෂණයට ලක් උණු කාන්තාවක් ගැන බලපුවම පෙන්නේ නම් හරිම පීඩාකාරී ලිංගික මානසික තත්වයක් තියන පිරිමි කොට්ටාශයක් වගේ නේද ??මේ දෙක ගැලපෙන්නේ නෑ වගේනේ...
ReplyDeleteමගියා ඒ ගැනම තමා මේ කියලා තියෙන්නේ.. අන්තගාමි පරපීඩා කාමුකත්වයෙන් පෙළෙන පිරිමි කොටසක් ගැන..
ReplyDeleteලිපිය අගය කරනවා ඉහළින්ම, මොකද මේ වගේ සංවාදයක් ඇතිවෙන්න ඕනෙම කාලයකයි අප ඉන්නේ. හැබැයි ඕනෙම ආගමක හැක්කේ බුදුරැස් බොක්කේ දඩමස් න්‍යාය අනුගමනය කරන පිරිස් ඉන්නා බව අප සිහිතබා ගන්න ඕනේ. විශේෂයෙන් ඉස්ලාමය වැනි ලිංගික භේදනය මත ගැහැණුන් අසාධාරණයට භාජනය කරන පරිසරයක් තුළ ඊට එරෙහිව මෙවැනි සහනශීලී මතවාදයක් ගොඩ නැගෙනවා නම් අප ඊට ඉහළින්ම සහය දිය යුතුයි (ඊනියා ජාතිකත්වයක් උදෙසා නොවේ, මනුෂ්‍යත්වයේ නාමයෙන්).
ReplyDeleteදැන් මේ ටික කිව්වම මට අහගන්න වෙන ටික මම කලින්ම දන්නව. කවුරුන් හෝ කියනවා නම් එවැනි ලිංගික අසාධාරණයක් සිද්ද වන්නේ නැතෙයි කියල, විවෘතව ඔප්පු කරන්න සූදානම්, ඔව්, එවැනි අසාධාරණයක් සිද්ද වෙන බව (කුරාණ පාඨ සමගින්).
අඩේ ඒකත් මාර සිද්ධියක්නෙ බං අයියෙ.. නරකමත් නෑ..
ReplyDeleteok......asadaranayata lak unu siyalla ma weatha eanna .......mama obalata sahanaya deami......
ReplyDelete