තිරික්කොවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වෙම්බඩි කුලම් ප්‍රදේශයේ වනය මැද තිබු චෛත්‍යක් නිධන් හොරුන් විසින් හාරා විනාශ කර ඇත. මෙම චෛත්‍ය ක්‍රිස්තු වර්ෂ හතර පහ කාලයන්ට අයත් බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නැගෙනහිර සහකාර අධ්‍යක්ෂක ඩබ්.එන්.ඒ.සුමණදාස මහතා පැවසිය
![]() |
නිධන් හොරුන් විසින් විනාශ කර ඇති චෛත්‍ය |
අඩි තිස්පහක් පමණ වට ප්‍රමාණයෙන් යුත් මෙම චෛත්‍යයේ ගර්භය අඩි 20 පමණ හාර තිබේ. මාස කිපයක් තිස්සේ මෙම විනාශ සිදුකර තිබෙන බව පොලිසිය කියයි.එම ස්ථානයේ තිබි චෛත්‍ය හැරිමට උපයෝගි උපකරණ ඇතුළු භාණ්ඩ රාශියක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.ලද තොරතුරක් මත එම ස්ථානය වැටලිම සඳහා පොලිසිය යනවිටත් සැකකරුවන් පැනගොස් සිටි බව පොලිසිය කියයි.
සද්ධාතිස්ස රජ දවසේ විහාර සංකිර්ණයක් වශයෙන් තිබු බවට අවට පරිසරය පුරා සාධක පවතින බව පුරාවිද්‍යා පරියේෂන නිලධාරි චාමිර අරියතිලක පවසා කියයි.
සාගම අක්කරපත්තු ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමිටර් පහක පමණ දුරක් වනයට වන්නට මෙම ස්ථාණය පිහිටා තිබෙන අතර මෙම ප්‍රදේශය පිළිබදව පුර්ණ පරික්ෂණයක් ආරම්භ කිරිමට නියමිත බවත් යුද සමයෙදි මේ ප්‍රදේශයේ ත්‍රස්තවාදින් ගැවසුණු කඳවුරු තිබූ ස්ථානයක් වු නිසාවෙන් නිරික්ෂණ කටයුතු කිරිමට නොහැකි වු බව පුරා විද්‍යා නිළධාරින් පෙනවා දෙයි.
සදකඩ පහන් පියගැට පෙළවල් අඩි 12 දිගින් සහ 5 පහක් පළලින් යුත් විශාල මල් අසානයක් අතුළු පුරා විද්‍යා වටිනාකමින් යුත් වටිනා පුරා වස්තුන් රාශියක් අවට පෙනේනට තිබෙන අතර පස් කඳුවලින් වැසි ගිය ගොඩනැගිලි රාශියක් මෙම ස්ථානයේ දක්නට ලැබේ.
චන්දන ලියනආරච්ච්
සේයාරූ උපුටාගත්තාට කම් නැත චන්දනගේ නම භාවිත කරන්න කාරුණික වන්න
Me wage dewal karana unta owa aniwaaryenma wipaaka denawa. Me wage wada karahama marenne panuwo gahala kunu wela. Eeta passe ithin Intercitiyema Apaayata yanna puluwan..
ReplyDeleteමේවා සහගහන අපරාධ ගොන්නට තමයි වැටෙන්නේ
Deleteවැරදි කලොත් කවදාවත් බේරෙන්නේ නැහැ අයියේ, නමුත් අපේ අතීතය අනාගතයට ඉතුරු වෙන් නැති එක ගැනයි දුක....
ReplyDeleteමෙතැන තියන ලොකුම අපරාධය ඒක තමයි කසුන්
Deleteහොරු පැල් බැඳගෙන හාරනකන්...පොලිසිය ??????????????
ReplyDeleteඒකත් ලොකු විමර්ශනයකට ලක් විය යුතු කරුණක්
Deleteහම්ම්ම්....ජාතික අපරාධ
ReplyDeleteඔව් ඔව්..
Deleteඅපායට ගියත් කමක් නැහැ කියලා වෙහෙර විහාර හාරන් හරි කන්න පෙළෙඹෙන්නේ ඇයි මිනිස්සු ...?
ReplyDeleteමේ වගේ ස්ථාන වලට ලැබෙන ආරක්ෂාව මදි බව පේනවා...
ReplyDeleteහෙන ගහන අපරාධ....
ReplyDeleteකරපු එවුනුයි, කරනවා දැක දැක නොදැක්කා වගේ හිටපු එවුනුයි හැඳි ගෑවිලා යනවා නියතයි. අපි සාප කරලා පව් පුරව ගන්න ඕන නෑ මලේ ..
ReplyDeleteහෙනම ගහපිය ඕකුන්ට..!!
ReplyDeleteමගෙත් බලාපොරොත්තුව නීතිය කෙසේ වෙතත් කර්මය මේවට ප්‍රතිකර්ම යොදයි කියන එක.
ReplyDeleteපුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව දැන්වත් මේක දැක්කානම් හොඳයි..!! කර්ම විපාක දෙනකල් හිටියොත් කැළණිය වෛත්යයත් මුං කඩනවා රත්තරංපුටුව ගන්න..දුටු තැන ගල් ගහලා මරන්න ඕන මුංව
ReplyDeleteඕක නවත්තන්න බෑ.හොරු ඇල්ලුවා කියන්න.ඔය ගත්ත දේවල් යයි යන්න ඕන නියමිත තැනට ... ඔය තැන අපහු හදන්නේ නම් නැහැ.එහෙම උනොත් ඔය අවට තියන අනිත් ඒවටත් ඔය ටිකම තමා.
ReplyDeleteතවත් දශකයකින් පස්සෙ පුරාවිද්‍යාදෙපාර්තමේන්තුව වහන්න පුලුවන්..
ReplyDelete