samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



r1007151-1
පුස්කොළ පොත පරිශීලනය කරන පද්මසිරි වෙද මහතා
සිංහල නාඩි වෙදකම පිළිබඳ කලින් ලියූ පොස්ටුව ට ලද ප්‍රතිචාර හේතුවෙන් එවැනිම තවත් වෙද මහතකු පිළිබඳ මේ සටහන තබමි. මේ සටහන මා වෙත මිට වසර කිපයකට පෙර යොමු කළේ ඉමදූවේ මුනිදාස මිතුරා ය. මේ සටහන එකල දිනමිණ පුවත් පතේ ප්‍රාදේශීය පුටුවකට යොමු කරන ලදී.
මේ වෙද මහතා පිළිබඳ වැඩි තොරතුරු සහෘද මාතලන් සොයුරා දන්නවා ඇතැයි අනුමාන කරමි. මන්ද යත් ඔහුද දකුණු ලක වැසියෙකු බැවිනි.


‘වේද සතර ආරක්ෂා කළෙන් මතු පරපුර දැනුවත් විය යුත්තේය’ යැයි සඳහන් පිටු පන්සිය අසූ අටකින් (588) යුත් මහා පුස්කොළ පොතක් ගෝනගලපුර දොඹගහවත්තේ බී. එම්. පද්මසිරි වෙද මහතා සතුව ඇත. 


r1007151-2
පිය උරුමයෙන් ලද ඉපැරැණි මහා පුස්කොළ පොත

මේ පුස්කොළ පොතේ මිනිසාගේ සර්වාංගයේ හට ගන්නා ඕනෑම රෝගයකට ප්‍රතිකාර මෙන්ම ඖෂධ මෙන්ම එම ඖෂධ නිවැරැදිව නිපදවා ගන්නා හැටිද සඳහන් වේ. ඒ අනුව ඖෂධ වර්ග නිපදවා තමන් වෙත පැමිණෙන රෝගී ජනතාවට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පද්මසිරි වෙද මහතාගේ ‘පද්මසිරි මැදුර’ දවසේ පැය විසි හතර පුරාම විවෘතව පවතී.
විවිධ රෝගාබාධයන්ට ප්‍රතිකාර ලබාදීම පමණක් නොව දරුවන් නොමැතිව මානසික පීඩාවන්ට ලක් වී සිටින අයට දරු පල ලබාදීමට ඖෂධ හා වත් පිළිවෙත් ද මේ පුස්තකයෙහි ඇති බව ඔහු පවසයි. පාසල් දරුවන්ට ඥාන ශක්තිය, මතක ශක්තිය හා ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමට තෙල් බේත් ප්‍රතිකාර හා පිළිවෙත් ද සර්වාංග රෝග හා දෝෂ අපල දුරුවීමට විවිධාකාර පිළිවෙත් ද එහි සඳහන්ව පවතී.
පද්මසිරි වෙද මහතාගේ ගෙවත්තේ ද විවිධාකාර ඔසු පැළ වවා ඇත. පුස්තකයෙහි සඳහන් පරිදි අමු ඖෂධ පැළෑටි සොයා ගෙන ඒවා කපා කොටා වියළා ඖෂධ නිපදවන්නේ ද ඔහුගේ අනු දැනුම යටතේම ය. බෙහෙත් හා තෙල් වර්ග ලබාදීමට අවශ්‍ය බෝතල් ද සිය වියදමෙන් ගෙන එන බවත් ඔහු පවසයි.
යහපත් සමාජයකට ශක්තිමත් දූ දරුවන් අවශ්‍යයි. ඒ සඳහා ඔවුන්ට සිංහල ආහාර වර්ග මෙන්ම සිංහල බේත් හා ඖෂධ වර්ග ද පුරුදු පුහුණු කළ යුතු යි. අරිෂ්ඨ, ආසව, කල්ක, තෙල් වර්ග මම නිපදවනවා. පොතු කබර, සුදු කබර, අර්ශස්, පීනස්, උඳු ගොව්වා කෑම වැනි ඕනෑම රෝගයක් සුවපත් කළ හැකි යැයි ඒ මහතා පැවසී ය.
පද්මසිරි මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති ගොවියෙකි’ දකුණු පළාතේ ගොවි ජනතාවට යළ මහ දෙකන්නයටම නුමුහුන් පැරණි ගම්බද වී වර්ග බීජ ලෙස සකස් කර දීම 1965 සිට ඔහු අතින් සිදු වේ.
අනුරුද්ධ පද්මසිරි මහතා මීට  පෙර වී වගා ආදර්ශන යායක් වපුරා වීකිලෝ එකකින් කිලෝ විස්සක වාර්තාගත අස්වැන්නක් ලබා ගත් අයෙකි. කාබනික පොහොර යෙදීමෙන් එම අස්වැන්න ලබා ඇති අතර ගොම පෝර කුකුළු පෝර හා දහයියා ඒ සඳහා යොදා ගෙන ඇත.
මෙම ගෙවත්තේ පිටු පස ගොම යොදා නිපදවන ජීව වායු ඒකකයක්ද ඇත.
වෛද්‍ය ශාස්ත්‍රය, කෘෂිකර්මය. නංවාලීම සඳහා ඇප කැප වී ක්‍රියා කරමින් වැදගත් සමාජ මෙහෙවරකද නිරත වන පද්මසිරි වෙද මහතා තමන්ට පිය උරුමයෙන් හිමි වී ඇති මහා පුස්කොළ පොත මගින් රට පුරා විශාල පිරිසකට සුව සෙත සලසා දීමට කටයුතු කිරීම ප්‍රශංසනීය ක්‍රියාවක් බව ඔහුගෙන් ප්‍රතිකාර ලබා සුවපත් වූ කීප දෙනෙක්ම පැවසුහ.


ඉමදුවේ ඇම්. ජී. මුනිදාස


62 comments:

  1. blank

    මේ වෙදකම වැරදී කෙනෙක් මියගියහොත්, පූර්ණ/ අර්ධ කාලීන ව්‍යාධියකට ගොදුරු වුවහොත් එයට වග කියන්නේ මෙම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති ගොවිමහතාද..... නැත්නම් පුස්කොල පොතද?

    හිරේ යවන්නේ පුස්කොල පොතද.....

    නලීන් හොරුන්ව මාකට් කරන්න එපා.....

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති එවුන් වෙදකම් කරන කොට අපි දොස්තරලව දාලා කුඹුරු හාමු.... සුභ අනාගතයක්....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මේ ලිපිය මගින් බටහිර වෛද්‍යවරුන් කිසිම අවතක්සේරුවකට ලක් කිරීම මගේ අරමුණ නොවේ..ගොවිතැන් කළත් මේ වෙද මහතා පාරම්පරික පරපුරකින් පැවතෙන්නෙක්.. මා ඉස්මතු කරන්නේ ඒ කරුණයි..බටහිර වෙදකම මෙරට නොවූ යුගයක රොබට් නොක්ස් පවා සිංහල වෙදකම ඇගයුමට ලක් කර තිබූ බව ඔබ දන්නවා ඇතැයි සිතමි.

      Delete
    2. blank

      මචන් අහපු ඒවට උත්තර දීපන්.... ගොයියො වෙදකම් කරලා ලෙඩා මලොත් මොකද කරන්නේ.....

      මුන්ට වෙදකම් කරන්න මොකක්ද තියන එඩියුකේෂනල් නැත්තම් ලීගල් බැක්ග්‍රවුන්ඩ් එක.....

      පත්තරෙ වැඩ කරන උඹ වෙද මගුලක් අටවගෙන වෙදකම් කරන්න ගියොත් මචන් උඹට හොර වෙදා නැතුව මොකා කියන්නද...

      උඹ කියන විදිහට වෙදකම ඉගෙන නොගෙන පුස්කොල පොත කියවලා බෙහෙත් දෙන්න පුලුවන්නම් පින් තකා ඕක ෆොටෝ කොපි කරලා ලන්කාව වටේම බෙදමු....

      Delete
    3. blogger_logo_round_35

      මා ප්‍රශ්නයෙන් පිට පැන්නා නොවේ.. පාරම්පරික වෙදකමට අද ලියාපදිංචියක් ගන්න අමාරුයි.. ඒ ගන්න ගියත් එතැන උන්දලා රහස් වට්ටෝරු ඉල්ලනවා.. අවසානයේ ඒ වට්ටෝරු වෙන එවුන්ගේ පේටන්ට් අයිතියත් එක්ක එළියට එනවා.
      ලෙඩෙකුගේ මරණය ගැන වුව කිවයුත්තේ රොහලකදිත් ලෙඩුන් මැරෙනවා. එයට පිළිගත් සහතිකයක් ලැබෙනවා.. නමුත් දේශීය වෛද්‍ය ක්‍රමයට එවන් පිළිගැනුමක් නෑ. එතැනයි වරද ඇත්තේ..මේ පාරම්පරික වෙදැදුරන් සුරකින්න නිසි ක්‍රමවේදයක් නෑ. මේ ලිපියෙන් කියන වෙද මහතා මා දන්නේ නෑ.. ඒත් මෙය ලියූ තැනැත්තා ඒ වෙද පරම්පරාව හොදින් දන්න කෙනෙක්..
      ඒ වගේම තමයි තමන් දන්න මොනයම් හෝ රහස් වට්ටෝරුවක් නොමිලේ බෙදන කවුරුවත් ඉන්නවද අද කාලයේ

      Delete
    4. blank

      //මේ ලිපියෙන් කියන වෙද මහතා මා දන්නේ නෑ.. ඒත් මෙය ලියූ තැනැත්තා ඒ වෙද පරම්පරාව හොදින් දන්න කෙනෙක්..//

      වගකීමෙන් ක්‍රියාකලයුතු පුවත් පත් වාර්ථා කරුවෙක් "අනේ මම නම් දන්නෙ නෑ, ඒත් අහවලා හොදින්ම දන්නවා, එයයි කියුවේ" වැනි සූකිරි කතන්දර කීමෙන් ලන්කාවේ පුවත්පත් වාර්ථාකරණයට ලබා ඇති කල දසාව මොනවට පැහැදිලිවේ....

      අර කපුටු පිහාට්ට කපුට වුනා වගේ තමයි....

      නිවැරදි රෝග විනිශ්චයක් කල නොහැකි / කිරීමට පිලිගත් (ආයුර්වේද/බටහිර ) දැනුමක් නැති අයෙක් අහවල් පුස්කොල පොතේ තිබුනා ඒ නිසා මේ ලෙඩේට මේ බෙහෙත දිය යුතුයි කියා නිගමනය කිරීම කෙසේද ඔබ සාධාරණීකරණය කරන්නේ?

      Delete
    5. blogger_logo_round_35

      මෙතැන මා කියන්නේ පෞද්ගලිකව මා ඒ වෙදමහතා හමු වී නොමැති බවයි.. කලින් ලිපියේ වෙද මහතා මා හමුවී තිබෙනවා.. ඒ වගේම වගකීමෙන් තොර සටහනක් ද නොවේ මේ සටහන. මෙය ලියු තැනැත්තා බොහොම වගකීමෙන් ලියන ලද්දක්..
      පුස්කොළ පොත ඒ වෙද පරම්පරාව සතු පාරම්පරික උරුමයක්. ඒ අනුවයි වෙදකම් කෙරෙන්නේ.

      Delete
    6. blank

      මේ වෙදකම වැරදී කෙනෙක් මියගියහොත්, පූර්ණ/ අර්ධ කාලීන ව්‍යාධියකට ගොදුරු වුවහොත් එයට වග කියන්නේ මෙම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති ගොවිමහතාද..... නැත්නම් පුස්කොල පොතද?

      හිරේ යවන්නේ පුස්කොල පොතද.....

      නලීන් හොරුන්ව මාකට් කරන්න එපා.....

      කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති එවුන් වෙදකම් කරන කොට අපි දොස්තරලව දාලා කුඹුරු හාමු.... සුභ අනාගතයක්....

      යන්න ලියපු කෙනාටයි මේ කියන්නේ

      සිහල වෙදකමට අගරු කරන්නේ ඔබ වැනි අයයි ඔබ හිතන්නේ දොස්තරලා ලෙඩ හොද කරන සාත්‍රය දන්නවා කියලද? ඔවුන් කරන්නේ කවුරු හරි ගිර‍වෙක් ව‍ගේ විස්තර කර ඇති බෙහෙතක් ලෙඩාට දීල අත්හදා බැලීම නේද හදවතින් සිතා බලන්න ඔබ අගරු කරන්නේ ඔබේ දේශයටයි සිහල වෙදකම හරියට කරන පුද්ගලයා බොහොවිට මුදල් අයකරන අයෙක් නොවේ හෙළකම ගැන සිතා බලන්න කඵ සුද්දකු නොවී

      Delete
    7. blank

      සිංහල වෙදකමට අපහස කරන පොන්නය කවුද යකෝ සුද්දන්ට පුක දීල මෙතන කියවන්ඩ එනවා හුත්තිගේ පුතා සිංහල වෙදකමට ගහන්ඩ පුළුවන් වෙදකමක් තියෙනවද යකෝ තොපි සුද්දන්ගේ පෙති බොන ගානට හැම එකකම අතුරු පල තියෙනවා පස්සට.තොත් එක්ක කියවල වැඩක් නෑ මකබෙවියන්

      Delete
    8. Successful-Businessman-Banne-Ke-Liye-Kya-Gun-Hone-Chahiye-businesman-kaise-bane-tips-wallpapers-images-pics

      හාත්සය රසයෙන් යුතු වටිනා සංවාදයක් මේවගේ සංවාද තුලින් ඒවා රෝගීන්ට අසන්න සැලසීමෙන් පවා රෝගාභාධ සුවකල හැකිවීම ඉතා වැදගත්,, බෙහෙත් ඕනිම නෑ මේවගේ තව සංවද ටිකක් ඉදිරිපත් කරන්න කියලා මම මේ මහත්වරුන්ගෙන් ඉතාම ගෞරවාන්විතව ඉල්ලා සිටිනවා මහතේලට තෙරුවන් සර්ණයි...

      Delete
    9. Successful-Businessman-Banne-Ke-Liye-Kya-Gun-Hone-Chahiye-businesman-kaise-bane-tips-wallpapers-images-pics

      හාත්සය රසයෙන් යුතු වටිනා සංවාදයක් මේවගේ සංවාද තුලින් ඒවා රෝගීන්ට අසන්න සැලසීමෙන් පවා රෝගාභාධ සුවකල හැකිවීම ඉතා වැදගත්,, බෙහෙත් ඕනිම නෑ මේවගේ තව සංවද ටිකක් ඉදිරිපත් කරන්න කියලා මම මේ මහත්වරුන්ගෙන් ඉතාම ගෞරවාන්විතව ඉල්ලා සිටිනවා මහතේලට තෙරුවන් සර්ණයි...

      Delete
  2. blank

    //වෙද මහතා පිළිබඳ වැඩි තොරතුරු සහෘද මාතලන් සොයුරා දන්නවා ඇතැයි //

    මාතලන් ඉතින් හොර වෙද්දු මාකට් කරන්න කොහොමත් දක්ෂයා..... අර මද සරු වෙදාවත් ඔලුවෙ තියන් ඉන්නේ..... පොර ඩිම්බ මෝචනය නිව්ටන්ගෙ ශක්ති සන්ස්ථිතියෙන් පැහැදිලි කරන්නෙ.....

    සිරා පොරවල් තමයි ලන්කාවෙ ඉන්නෙ... ගොවිකම් කරන එවුන් වෙදකම් කරනවා.... අනේ මුන් ලගට බෙහෙත් ගන්න යන එවුන් පව්....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හොර වෙදකු ලෙස ඔබ කියන්නේ කෙසේද?

      Delete
    2. blank

      ඩිම්බ මෝචනය ශක්ති සන්ස්ථිතියෙන් පැහැදිලි කිරීමම මැදෑ.... ඇයි බුදුන් වැදලා හුxxx කියුවෙ.... මට දැන් මතක නෑ ඕයි... දුමියගෙ ලෙඩේ...

      Delete
    3. blank

      ඔය හැටි කරුණු කාරණා දන්නා ඇනෝ , ඇයි ඇනෝ එන්නේ.. හැන්ගෙන්නැතුව එළිපිට ඇවිල්ලා අභියෝග කරන්න ඔය කියන වෙදුන්ට .....

      Delete
    4. blank

      මචන් ප්‍රොෆයිල් එකක් නැත්තම් පුකෙන්ද එන්නෙ....

      Delete
    5. blank

      ඇනෝ..

      වෙද හෙද කම හරියටම කරලා නැත්තං ඒ පැත්තෙ මිනිස්සු වෙද මහත්තයා කියල කියයිද?

      ඒක තමයි මේකට තියන එකම සහතිකෙ... නේද ඇනෝ...

      ඇරත් බටහිර වෙදකම් කරලා මැරෙන අයට කාවද එතකොට හිරේට දාන්නෙ?? වෙදකම හොයාගත්ත බටහිර රටවල් ටිකද වෙදකම කරපු කෙනාවද??

      බලන් යද්දි ඔයා උගත් (වගේ) බොළදයෙක්නෙ හි හි..

      Delete
    6. blank

      ප්‍රොෆයිල් එකක් හදා ගන්නවත් දන්නේ නැති එකෙක්ද උඹ මේ ලොකු ටෝක් දෙන්නේ.. උඹ වගේ මොහොකටවත් නැති එව්වෝ මට මචං කියනවට මම කැමති නෑ..

      Delete
    7. blank

      @ Anonymous May 20, 2013 at 8:39 PM

      මතවාදයන් නියෝජනය කරන ප්‍රොෆයිල් කරුවෙක් වෙලා ඒ මතවාදයටම යටත් වෙච්ච කොමෙන්ටු දාන්න අකමැත්ත නිසාමයි ප්‍රොෆයිල් එකක් හදා නොගන්නෙ.... උඹල ඇනෝ ඇවිල්ලත් බලපන් වෙදා ගැන තියන මතය අත අරින්න බෑ..... ඕපන් මයින්ඩඩ් නෑ.....

      @ බට හොර වෙදා...
      //වෙද හෙද කම හරියටම කරලා නැත්තං ඒ පැත්තෙ මිනිස්සු වෙද මහත්තයා කියල කියයිද?
      ඒක තමයි මේකට තියන එකම සහතිකෙ... නේද ඇනෝ...//

      මචන් හරක් වෙදාගෙ පුතත් වෙදා වෙච්ච රටක් මේක....මාර්ටින් වික්‍රමසින්හ උන්නැහේ කෙටි කතාවකින් අපූරුවට ලියලා තියෙනවා "ගහෙන් වැටුන මිනිහත් වෙදා වෙච්ච හැටි".....

      උඹ "වෙද මහත්තයා" කියන ඕන එකෙක්ගෙන් බෙහෙත් ගන්නවද? දොලුකන්දගෙ පිරිත් වතුර බොන්න පෝලිමේ ගිය රටක ජනමතය කියන එක බලු නොවටින බව තේරෙන්නෙ නැද්ද? කොටින්ම මහජන මතය කියලා එකක් අද ලන්කාවෙ නෑ... වැඩියෙන් මාකටින් පාර දාගත්ත එකා ගොඩ.... චන්ද ප්‍රථිඵලයක් ස්ටඩී කරපන්

      //ඇරත් බටහිර වෙදකම් කරලා මැරෙන අයට කාවද එතකොට හිරේට දාන්නෙ?? වෙදකම හොයාගත්ත බටහිර රටවල් ටිකද වෙදකම කරපු කෙනාවද??//

      බටහිර වෙදකමේ පිලිගත් සම්මත නීතීන්ට අදාලව පැමිනෙන නිගමන වලින් බෙහෙත් කරන්නෙ.... අනිවාර්‍යයෙන් වැරදුනොත් දොස්තර තමයි....

      නමුත් වෙදෙක් කවදද වගකීමක් ගත්තෙ... ඒ ඇරත් වට්ටෝරුවක් වත් නැතුව බෙහෙත් දෙන හොර වෙද්දුන්ගෙ වැරදි ඔප්පු කරන්නෙ මොන උසාවියකදිද?

      මට වෙදා එක්ක ඇරියස් එකක් නෑ... නමුත් දුර්මත සමාජයේ වපුරන එකට නම් විරුද්ධයි........

      Delete
    8. blogger_logo_round_35

      AnonymousMay 20, 2013 at 11:22 PM
      හොර වෙදුන් එමට සිටි.. එසේම බටහිර වෛද්‍ය වෘත්තියේ යෙදෙන හොරුන්ද සිටී.. ආයුර්වේද වෙදකම හා පාරම්පරික වෙදකම කියා දෙකක් ද ඇති බව අමතක නොකරන්න.
      එසේම පාරම්පරික වෙදකමට නෛතික තත්ත්වයක් අප රටේ ලබා නොදීමත් මේ වටිනා වෙදකම වලපල්ලට යන්න එක් හේතුවක්.

      Delete
    9. blank

      නීර්කශේරුකව ආණ්ඩුවට කඩේ යන ඔබ ගැන කිසිම පැහැදීමක් නොමැති වුනත් , ඔය අන්තිමට කියලා තියෙන දේට හිස නමා ආචාර කරනවා..

      අර වෙද ඇලජික් ඇනෝටනම් හිස කුඩිච්චියක් බඳින්නම වෙයි.

      Delete
    10. 12832864909625

      //අනිවාර්‍යයෙන් වැරදුනොත් දොස්තර තමයි//

      මෙහෙම වෙනවද කියන එකයි ප්‍රශ්නේ. දොස්තරලගේ වැරදි රෝහල්වලදීම යට ගහනවා හරිම ලස්සනට

      Delete
  3. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

    මෙහෙම වෙද මහත්තයෙක් ඉන්නවනම් ලොකු දෙයක් ලෙඩ වෙලා දුක් විඳින මිනිස්සුන්ට . ඒත් නලින් අයියේ මෙතන පුස්කොළ පොත නම් ලොකුවට හයිලයිට් වෙලා පේනවා. හරියට පුස් කොළ පොත පෙන්නලා ලොකු බරක් ගන්න හදනවා වගේ...කොහොම හරි කමක් නැහැ ලෙඩ්ඩුන්ගේ ලෙඩ හොඳ වෙනවා නම් එච්චරයි...

    නමුත් පරිස්සම් වෙන්න ප්‍රයෝග කාරයෝ වැහි වැහැල අද කාලේ.විශේෂෙන් දේශීයත්වය ගැන කතා කරද්දී...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      එසේ පේනවා තමයි සහන් එයට හේතුව මේ ලිපිය දානවිට මා සතුව මේ වෙදමහතාගේ අනෙක් සේයා රූ නොතිබීම.

      Delete
  4. 2023216-mount_fuji

    මම ඔබගෙ පෙර ලිපියටත් ලියපු ලෙසටම කියන්නෙ මේ ව්ශ්ව කර්ම වෙදැදුරු තුමාව කොළඹ ජාතික රෝහලට ගෙනල්ල,ලෙඩ්ඩු කීප දෙනෙක් සුව කරල පෙන්වන්නකෝ.
    ලංකාවෙ ඇත්ත පුස්කොල පොත් දැන් නැහැ.ප්‍රේමදාස ඒ සේරම ඉස්සුව.ඒ අපලෙ තමයි සජිත් ඇතුලු UNP ට වස් වැදිල තියෙන්නෙ.
    මේ සීන් කලින් කලට එලි බහින ඒව.
    පුලුවන්නම් මම කියපු දේ කවුරු හරි සල්ලි වියදම් කල හැකි මෝරෙක් ඉදිරිපත් කරවල බලන්න.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      පාරම්පරික වෙදදුරන් රෝහල් ගානේ ගොස් ප්‍රතිකර්ම කරන්නේ නෑ කෙන්ජි..ඒ අය ප්‍රතිකර්ම කරනා රටාවක් අපේ රටේ තුබූ බව ඔබ දන්නවාන්නේ.
      පුස් කොළ පොත් ගැන ඔබ කියනා කරුණේ සත්‍යතාව කුමක්(මිය ගිය කෙනකු ගැන අපි මේසේ කියන එක සදාචාරවත් නෑති නිසා ඒ ගැන නොලියමි) වුවත් තම පණ මෙන් සුරකින ඉපැරණි රහස් වට්ටෝරු සුරකින වෙද පරපුරු තාමත් ලංකාවේ ඉන්නවා.

      Delete
  5. 2023216-mount_fuji

    මම මාතලන්ටයි,නලින්ටයි අභියෝග කරනව ඔය වෙදාව ඉස්පිරිතාලයකට ගෙන්වල නාඩි අල්ලල ලෙඩුන්ව සනීප කරල පෙන්වන්න කියල.
    ලෝකේ මෙච්චර පර්යේෂණ වලට වියදම් කරල දොස්තරල බිහි කරන්නෙ මොන මගුලට ද බන්ල????
    මගෙ අභියෝගයට ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි.!

    ReplyDelete
    Replies
    1. FB_IMG_1561654098205

      අවංකවම මේ වෙදා ගැන නම් මා දන්නෙ නෑ. නමුත් කලින් වෙද මහතාගෙන් මගේ පවුලේ කීප දෙනෙක්ම සුවපත් උනා. සුවපත් වූවා පමණක් නොව. ඕනෑම කෑමක් බීමක් ගත හැකි බවටත් පත් උනා. මේ මහත්තයට මහ ඉස්පිරිතාලෙට එන්න ඕන නෑ. ඕන එකෙක් ඉන්නවා නම් යන එකයි ඇත්තේ. පවට පින් දෙන්න බෑනේ කෙන්ජී.

      Delete
    2. FB_IMG_1561654098205

      කෙන්ජි නොදන්නවා උනාට, අපේ රටේ දේශීය වෙදකම වෙනුවෙන්ම වෙන්වූ හෝටල් කිහිපයක්ම තිබෙනවා. මමත් දැනගත්තේ විදේශිකයන්ගෙන්, යාපහුවේ තිබෙන එවන් හෝටලයක් ආතරයිටිස් රෝගයට ප්‍රථිකාර ලබා දීමෙන් බටහිර රටවල බොහොම ජනප්‍රියයි. අපේ හැම දේටම නිග්‍රහ කරන්න එපා. අපි කියනවට උඹේ කවුරු හරි ඉන්නවනම් මෙතනට යවලා ප්‍රතිපල බලාගනින්. මොකෝ අපේ උන් ගියාට උඹ පිලිගන්නෙ නෑනේ. පොලොංගු ගහලා මැරෙන්න යන මිනිස්සු බේරගන්නෙත් අපේම වෙදවරුන් තමා.

      Delete
    3. 2023216-mount_fuji

      මාතලන් මම කියන්නෙ අපේ අය ගැන නෙමේ.මෙහෙම ලෙඩ සුව කල හැකි අය ඉන්නවනම් ඇයි ඉස්පිරිතාල වල දුක් විදින රෝගීන්ව සුව කල නොහැක්කේ ?
      පර මාෆියාව තිබුනට රෝගියා ලගට ලෙඩා බලන්න යන අයකු ලෙස ඔය වෙදාව අරගෙන ගිහිල්ල නාඩි බලල ලෙඩාව සුව කරන්න බැරිද?

      Delete
    4. blank

      කෙන්ජි හැමදේම මැදහත් මනසෙන් බලමු??
      ඇරත් බටහිර වෙදකමින් 100% ලෙඩුන් හොද වෙනවා වගේ නෙ ඔයාගෙ කතාව...

      දැන් ඔන්න 99.9% කියල කියයි..

      ප්‍රැක්ටිකල් වුනොත් කුහකයෙක් ඇර විමසා නොබලා එකපාරටම දෙයකට කෙනෙකුට ගරහන එක වැරදියි...

      ඇහැරෙන්න කෙන්ජි

      Delete
    5. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/


      මේ වගේ සංවාදයක් ඇති වෙන්න හේතුවත් හොර වෙද කම් කරන අය.හරි හමන් වෙද මහත්තයෙක්වත් අඳුන ගන්න බැරි හොරු නිසා.පුද්ගලිකව මම දැකලා තියෙනවා අංශ බාගේ හැදිලා ඔත්පල උන අය සුව කරන වේද ගෙදරක්. අනුරාධපුර උතුරු අක්ඥාපති මූලස්ථානය ළඟමයි තියෙන්නේ. ඒ අය නම් වෙන කිසිම තැනක බෙහෙත් කරන්න යන්නේ නැහැ.ඕනේ කෙනෙක් ඉන්නවා නම් ඇවිත් බෙහෙත් ගන්න පුළුවන්...!

      පුද්ගලිකව මම මේ ඇස් දෙකට දැකලා තියෙනවා මම එක්කන් ගියපු මිනිස්සු 4 දෙනෙක් අද දෙපයින් ඇවිදලා ඉන්නවා.කිසිම ගුප්ත ඉන්ද්‍රජාල ක්‍රමයක් නැහැ. මාස 4 විතර එක දිගට තෙල් බෙහෙත් කරන්න ඕනේ.එච්චරයි.මාස 8 විතර යද්දී තනියම ඇවිදන් යන්න පුළුවන් මට්ටමට ආව සියලු දෙනාම... මන් මේ කියන්නේ දෙනෙතින් දැකපුවා.

      Delete
    6. blank

      අනේ මචන් මාතලන් ඔබ කියන ඉහල පැලැන්තියේ හෝටල් වල වෙදකම් කරන්න ඉන්නේ රජය පිලිගත් ආයුර්වේද වෙදුන් මිසක් හොර වෙද්දු නෙවෙයි....

      හොරවෙද්දුන්ට පිලි ගැනීමක් නැති නිසා උන් පත්තර වල /බ්ලොග් වල බොරු ලියලා... බොරු ප්‍රචාර ඇරලා, බොරු මතවාද පතුරවලා ගාන කඩා ගන්නවා.....

      Delete
    7. FB_IMG_1561654098205

      මේ වෙදාට එහෙම යන්න අවශ්‍ය නෑ. ස්පෙශලිස්ලට වඩා සෙනග ඉන්නවා වෙද මහත්තයට. වෙලාවක් ගන්නත් බොහොම අමාරුයි. මේ ගුරෙක් නෙමෙයි, වෙදෙක්... වෛද්‍යවරයෙක්...

      Delete
    8. FB_IMG_1561654098205

      @ ඇනෝ..
      ඇනෝ මචෝ. දේශීය වෛද්‍ය අමාත්‍යන්ශයක් බිහිවුනේ පාරම්පරික දේශිය වෛද්‍ය දැණුම හා ආයූර්වේද ප්‍රතිකාර ක්‍රම යුනානි ක්‍රම කීපයක් එකතුවෙන්. එහෙත් අද ඒවල බටහිරි ඖෂධ ගැන දැනීමකුත් ලබා දෙනවා. එතනින් කොලිෆයිඩ් වෙන වෛද්‍යවරුත් ඉන්න අතරේ.

      පාරම්පරික වෙද්දුත් තවම ඉන්නවා. විශේෂයෙන් කැඩුම් බිඳුම් වෙදුන් හා සර්ප විෂට ප්‍රතිකාර කරන වෙදුන්.

      Delete
    9. blogger_logo_round_35

      කෙන්ජි ට හා ඇනෝ ට - ආයුර්වේද වෙදකමට නිල තත්ත්වයක් දී ඇතත් පාරම්පරික වෙදකමට තාම එවන් තත්ත්වයක් දීමේ විදිමත් ක්‍රමවේදයක් තාම නෑ.
      ඒත් හිතා බලන්න හොරිවිල කැඩුම් බිදුම් වෙදකම පොල්අඹේගොඩ සර්ප වෙදකම. මරදගහමුල වෙද පරපුර ගැන ඒ උතුමන් අතින් කී දාහක් රෝගින් සුවය ලබා ඇතිද,

      Delete
  6. 2023216-mount_fuji

    මෙයාලත් ස්වර්ණවාහිනී ඇන්ටිගේ ගොන් පාර්ට් එක දානවද කියල හිතෙනව.
    නලී මේව සෙල්ලම් නෙමේ ,වහාම සොයන්න ප්‍රතිකාර ලබා සුව ලබපු අය සහ මරණයට පත්වූ අය ගැන.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මේ වෙදදුරන් දෙදෙනාගෙන්ම ප්‍රතිකාර ලබා සුවය ලද රෝගින් ගනන අති විශාලයි කෙන්ජි..බොහොම වගකීමකින් කියන්නේ..

      Delete
    2. blogger_logo_round_35

      මේ වෙද මහතාගේ නම්බර් එක දෙන්න ...

      Delete
  7. .com/img/b/R29vZ2xl/AVvXsEh5XMJ6ul1Erwvj0gKPSEUNSuYsumMeISvFPZk1Rz_VjODEyikLHsRrm5k3gHFhvMy79Lgnkbwuz_QCbZf2ITglJB6Dvz4yptQveEPdfBH0lxg3ur1-Pcxdx4_83Q192w/s45-c/

    Ape paaramparika wedakamak thiyanawa. Eka walapallata yana gaman unath, thawamath ewage ak mul thiyanawa. Ewa thamayi me mathu wenne. Sthuthyi mehema danum denawata.

    ReplyDelete
  8. 2023216-mount_fuji

    එයා ඉන්නෙ උතුරු මැද පලාතෙ නම් වකු ගඩු රෝගීන් සුව නොකරන්නෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. blank

      ආයුර්වේද බෙහෙත් නිසා වකුගඩු රෝගීන් ගනන වැඩි වෙනවා අපි දන්න විදිහට....

      Delete
    2. blogger_logo_round_35

      ඉතා හොද පැණයක්.... එතුමන් ළගට ආ වකුගඩු රෝගින් අද ඉතාම නිරොගීව ඉන්නවා..මාස දෙකක පමණ ප්‍රතිකාරවලින් පසුව..

      Delete
  9. 2023216-mount_fuji

    පුලුවන්නම් සෙන්න ගෙ අම්ම ව සුව කරල පෙන්වන්න.

    ReplyDelete
    Replies
    1. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

      සෙන්නව ඒ තැන ගැන දැනුවත් කරා එදාම ඔහුගේ බ්ලොගය තුලදීම ...
      මම හොර වෙද්දුන්ව ප්‍රමෝට් කරනවා කියන්න එපා අයියේ.මම කියන්නේ ඇත්තටම වෙද කමෙන් මිනිස්සුන්ව හොඳ කරන තැන් අදටත් තියෙනවා. ඒ වගේම බොරු කරලා සල්ලි ගන්න අයත් ඉන්නවා.



      Delete
    2. blogger_logo_round_35

      සෙන්නගේ අම්මගේ රොගය ගැන මා නොදනිමි. අනුරාධපුර වෙදමහතාට යොමුකළොත් අනිවා ප්‍රතිපලයක් ලැබේවි..එතුමන් විශේෂත්වයක් දක්වන්නේ හදවත් රෝග දියවැඩියා රෝග වැනි දේටයි..හැකිනම් මේ අංකය සෙන්නට දෙන්න. මා කියනවාට නොව තව දුරටත් සොයා බලා යන්න කියන්න සෙන්නට.

      Delete
  10. 31999_132872540056416_3560510_n

    මේ කතාව ගැන මේ තරම් කියන්න දෙයක් නෑ සිංහල වෙදකම තාම තියෙනවා .දොස්තර මහත්තයාලා ගැන අපි උජාරැවෙන් කතා කරනනවා තමයි .ඒ විද්‍යාව ගැන උදම් අනනවා තමයි .හැබයි ඒ සහතිකය යට ඉන්න අය ලෙඩ්ඩු ගැන හිතන්නේ වෙන විදියට.පඩි මදිනම් එලියට බහිනවා. මේ රටේ මිනිසුන්ගේ සල්ලි වලින් ඩ්ග්රි අරන් මේ මිනිසුන්ටම ගෙම්බර් දානවා.ඒක තමයි ඔය කියන විද්‍යාව මනුස්සකම විකුණන වෙදකම හැබයි. මේ කියන සිංහල වෙද මහත්තයා බොරු කරනවා කියලාවත් හොදයි කියලා වත් කියයන් බැරි වෙයි. නමුත් සිංහල වෙදාගේ මනුස්සකම අතුලේ තියෙන ඩිග්රිය විශිෂ්ඨයි ඒක කියලා නිම කරන්න බෑ .මෙහෙම කොමන්ටු දාලා සිංහල කම නැති කරන්න එපා. ඒක රකින්න තියෙන්නේ මේ වගේ වෙදකම් වලින් විතරයි. ඩිග්රි ගහපු අය ලේඩු මරණ්ණේ නෑ කියලා කියන්න හදනවද දැන්කාලේ හොදට හොයලා බැළුවොත් දැන ගන්න පුළුවන් ඔය කියන සහතික කරයෝ ලේඩු මරලා එවට හේතු හදපලා හැම දෙයක්ම වහන හැටි.හැයි මේ ගැන කතා කරන්න කවුරුවත් නෑ විවෘතව මේ මිනිහ කරන දේ දකිනවා ඒ මදිවට සහතික ඉල්ලනවා .ගිහින් බැළුවෝත නෙද හොද මේ නිගරු වැකි නොකියා.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අපට උජාරුවෙන් කතා කළ හැකි වෙද පරම්පරා ගණනාවක් ම අපේ රටේ හිටියා චන්දන.

      Delete
  11. images+%281%29

    තෝරු මෝරු අස්සේ හාල් මැස්සෝ රිංගන්න ඕනේ නැනේ. අපි කියවලා විතරක් යනවා ඔන්න.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මොන තෝරු මෝරුද පූමා...සැම දෙනට අදහස් දැක්වීමේ අයිතිය සුරක්ෂිත කර ඇත.

      Delete
  12. blank

    ඔය එක එක කාලෙට එක එක විදිහේ ජීවකල මතු උනා දැන් ඒ අය කෝ..?පහුගිය කාලේ පිළිකාවට ඩෙංගු වලට විතරක් නෙමෙයි HIV වලටත් ගේම දෙනවා කියපු ජීවකයන්ගේ වැඩකිඩ වලට මොකද උනේ.වැඩේ තියෙන්නේ මාරක ලෙඩක් හැදුනු මිනිහ තුත්තිරි ගහෙත් එල්ලෙනවා වගේ මොකකින් හරි ගොඩ යන්න බලනවා ඒ අසරනයන්ව විකුණන් කන්න මස්තබල්දුවෝ ටිකකුත් බිහි වෙලා ඉන්නව.හොඳ වෙදෙක් කළු නික වගේ මතු වෙලා හිටියත් අර කැටගරියටම වැටෙනවා.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔබ හරි ඇනෝ කාලෙන් කාලෙට මේ වගේ හොරුත් බිහිවෙනවා. ඒක ඇත්ත. නමුත් අප මේ කතා කළේ ලංකාවේ පාරම්පරික වෙදවරුන් ගැනයි.. ඒ අය ඕපපාතිකව බිහිවුවන් නොවේ..පරම්පරා ගණනක් අපේ රටේ රෝගින් සුවපත් කළ ඒත් අප්‍රකටව ඉන්න වෙද උතුමන් ගැනයි.

      Delete
  13. blogger_logo_round_35

    මේ වගේ සංවාද ඇති වෙන එක බොහොම හොද දෙයක්....
    දේශිය වෙදකමට අපේ රටේ ඇමතියකුත් ඉන්නවා නේද...?
    හැබැයි ඒකෙන් උන සේවයක් ගැනනම් දන්නේ නැත...

    ReplyDelete
    Replies
    1. blank

      ඇමතිලගෙන් සේවය වෙනකම් කට ඇරගෙන බලාගෙන ඉන්න ලන්කාවෙ බහුතර හරක් රැලට ඉතින් හොර වෙදුන්ගෙම පිහිට තමයි....

      Delete
    2. blogger_logo_round_35

      ඇමතිලා හරියට මේවා සොයා බැලුවානම් අමාත්‍යංශ නිලධාරීන් බුද්ධිමය දේපළ කොල්ලකාගන්න වැඩ නොකලානම් අදටත් හැබෑ පාරම්පරික වෛද්‍යවරු සුරැකිලා හොරු නැතිවෙලා

      Delete
  14. sira

    වෙද හොරුන් අතර නියමාකාර වෙද මහතුන්ද ඇති නිසා සෑම විටම 100% ක් දේශීය වෛද්‍ය ක්‍රමය අවතකසේරු කර කථා කලයුතු නොවේ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මා ඉස්මතු කරන්නේද එම කරුණමය සිරා...

      Delete
  15. 12832864909625

    හොර වෙදුන් නැත්තේ නොවේ. ඒ මත සිට සියලු පාරම්පරික සිංහල වෙදුන්ට නිගා කිරීමද තරම් නොවේ.

    එමෙන්ම

    බටහිර වෙදුන් සියල්ල දත්තෝද නොවේ. ඔවුන් අතින් මැරෙන ලෙඩුන්ට අමුතුවෙන් සාධාරණයක් ඉෂ්ට වන්නේද නැත.

    ReplyDelete
  16. blank

    මෙම සංවාදයේ යම් අවස්ථා වල දේසරිය පාරම්පරික ආයුර්වේදය අපහාසයටලක් කර ඇති අයුරු දුටු නිසා යමක් කිඉමට සිතුනා.බටහිර වෛදය විදායාවට වට ඉතා ඉහල ගුණත්වයකින් යුතු පාරම්පරික ප්‍රතිකාර ක්‍රම වසර දහස් ගණනක අතීතයේ සිට හෙළ දිව තුල ඇති බව සගවාලිය නොහැකි දෙයකි.මත කාලයේ කරලියට පැමිණි යම් යම් හොරුන් නිසා එම ශාස්ත්‍රයට තිබු පිළිගැනිම වර්තමානය වන විට අඩුවී ඇති වුවද කිසිදු ය කිරිඉමකින් තොරව ප්‍රතිකාර කරන සිංහල වෛය්ද්යවරු තාමත් හලදිව තුල සිටිති.අනුරාදපුර බුලන්කුලම ප්‍රදේශයේ එක්තරා ඇස වෙදකම් කරන වෛද්‍යවරයෙක් පිලිබද මම පෞත්ගලිකව දනිමි.මෙතන ඔහු පිළිබද විස්තර ප්‍රචාරයක් නොකරමි.නමුත් ඔහුගේ සත්‍යතාව පිළිබද එක උදාහරණයක් දීමට කැමති.බලන්ගොඩ ආනද මෛත්‍රිය ස්වාමින්වහන්සේ ගැන අසා ඇතැයි සිතමි.උන්වහන්සේ මෙරට සිටි මාර්ගපල ලාබී ස්වාමින්වහන්සේ නමක් බවද ප්‍රකටය.උන්වහන්සේගේ ඇස උදෙසා කල ප්‍රතිකාර කිරීම නිසා ඇතිවූ ප්‍රසාදය මත බලන්ගොඩ සිට අදාළ වේද මහතාගේ නිවාස අසලටම වෙනමම පොදු බස් රථයක් ලංගම මගිල් ලබා දිම්මට තරම් උන්වහන්සේ කරුණාවන්ත විය.එලෙසෙ ක්‍රියා කලේ සුවහසක් වූ රොගීන් උදෙසාය.තවද මරදන්කඩවල වැඩි වේද පරපුර,හසලක කැඩුම් බිදුම් වෙද පරපුර හා නම් නොකී තවත් දෙශීය වේද පරම්පරා තවමත් කිසිදු ගාස්තුවකින් තොරව රෝගින්න්ට ප්‍රතිකාර කරනු ලබයි.අවසාන වශයෙන් මාගේ පෞත්ගලික අත්ද්කිඉමක් කියමි.මාගේ වයස අවුරුදු 12දී වටිම්මක් නිසා මාගේ වම්පාදයේ අසති බිදිඉමකට ලක් උනා.එහිදී මහියංගනය හා බදුල්ල යන මහා රෝහල් වැලි පැවසුවේ එයට කම්බි කුඋරක් දමා ශල්‍යකර්මයක් කල යුතු බවයි.නමුත් මාස තුනක හසලක කැඩුම් බිදුම්ප්‍රතිකාර හමුවේ එය සම්පුඋරනයෙන්ම සුව වූ අතර අද වන විටත් කිසිදු අබාධිත තත්වයක් හෝ නොමැත.වර්තමානයේ යම් අය විද්‍යාත්මකව ඔප්පු කිරීමකින් තොරව කිසිදු දෙයක් පිළිනොගන්නා බව අපි දනිමු.නමුත් ඔවුන්ට කිව යුතු යමක් ඇත.විද්‍යාවෙන් ඔප්පු කල නොහැකි යම් සත්‍යතාවන් ඇති බව බටහිර විද්‍යාවෙන්ද පිළිගනු ලබයි.මාගේ පෞත්ගලික අදහස නම් දෙශීයත්වය සමග මුසු වූ බටහිර ප්‍රතිකාර ක්‍රමවේදයක් මිසක් සම්පුඋරනයෙන්ම බටහිරින් ගෙන්වන ලද කල්ලතෝනි වෛද්‍ය විද්‍යාවක් උචිත නොවන බවයි.මන්ද තවමත් අවශ්‍ය පුදගල්යින්ට කිසිදු ය කිරිඉමකින් තොරව නොමිලේ බෙහෙත් කරන පාරම්පරික වෙදදුරන් මෙරට සිටින අතර ඒ කිසිදු වෙදදුරෙක් ගැන මෙතන සදහන් නොකරමි.එයට හේතුව ඔවුනට නිගරු ඇති කිරිඉමට මෙතන සිටින සියල්ල දත් යම් පුද්ගලයින් උත්සහ දෑරිය හැකි නිසාය.අවශ්‍ය අයට ඔවුන් පිළිබද පහසුවෙන් සොයා ගත හැක.මන්ද ඔවුන් මුදල් මත නොවිකෙනෙන නමුත් බොහෝ ලෙඩුන් ප්‍රමාණයක් සුව කර ඇති නිසාය.

    ReplyDelete
  17. 40392914_1686907424769976_507376847592357888_o

    ඔය වෙද කමටනම් මම හරිම කැමතියි . මේ පරපුරවල් නොකැඩෙන විදියට ඉදිරියට පැවතගෙන යනවනම් ගොඩක් හොඳයි . පරණ කාලේ ගොඩක් දේවල් නැත්තටම නැතිවෙලා තියෙන්නේ පරම්පරා නැතිවීම .

    එල එල . මමනම් සිංහල වෙදකමට ආචාර කරනවා .

    ReplyDelete
  18. blank

    මේ වෙද මහත්තයා ඉන්න තැනක් දන්නවද? පුළුවන්නම් මට ලිපිනය දෙනවද?
    දන්න කියන අයෙක්ව හරි සම්බන්ධ කරලා දෙන්න? පිං
    sadahamrc@gmail.com

    ReplyDelete
  19. blank

    ''මේ වෙදකම වැරදී කෙනෙක් මියගියහොත්, පූර්ණ/ අර්ධ කාලීන ව්‍යාධියකට ගොදුරු වුවහොත් එයට වග කියන්නේ මෙම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති ගොවිමහතාද..... නැත්නම් පුස්කොල පොතද?

    හිරේ යවන්නේ පුස්කොල පොතද.....

    නලීන් හොරුන්ව මාකට් කරන්න එපා.....


    යනුවෙන් සටහන් තැබූ වාත ප‍්‍රකෘතිකයාගේ මේ වන සියලු ධාතු කෝප වී සංචයෙන් බේද අවස්ථාව දක්වා පැමිණැති බවක් පෙනී යයි. එම නිසා ඔබ පළමුව බටහිර විශේෂඥයැයි කියා ගන්නා විශ්වවිද්‍යාලයීය වෛද්‍යපීඨයකින් උපාධියක් ලබා ගත් දැනමුත්තෙක්ගෙන් බේද අවස්ථාවට පත් ඔබේ රෝගී තත්ත්වයට ප‍්‍රතිකාර ලබාගෙන සුවපත් වන්න.
    ඔබ හෙළ වෙදකමට අවමන් කරන්නේ ද, ආයුර්වේද වෙදකමට අවමන් කරන්නේද, පුස්කොල පොත්වල තිබෙන ප‍්‍රතිකාර විධින් වලට අවමන් කරන්නේ ද ඒ එබ වැදු දෙම්වපියන්ට කරන නිග‍්‍රහයකි.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති එවුන් වෙදකම් කරන කොට අපි දොස්තරලව දාලා කුඹුරු හාමු.... සුභ අනාගතයක්...."

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT