samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



images+(5)සාමාන්‍යයෙන් ලෙඩ රෝග කියන දේ අද සුලබ දෙයක්...අසන දකින හැම තැනම රෝගී තත්ත්වයන්.. ඒවාට පිළියම් සොයමින් දස අතේ දුවන ......කම්පාවට පත් දනන් අද හැම තැනම වගේ ඉන්නවා... මේ පෝස්ටුවෙන් මං කියන්න හදන්නේ අසාමාන්‍ය දේශීය වෛද්‍ය වරයෙක් ගැන..කවුරුත් මේ වෙදැදුරුතුමන්ව හඳුන්වන්නේ නාඩි වෙද මහත්තයා කියලා..ඉන්නේ අනුරාධපුරේ..
පහුගිය දොහේ මාත් හිටියේ ටිකක් අසනීප තත්ත්වයෙන්.. සාමාන්‍ය ක්‍රමයට මාත් යොමු වුණේ බටහිර ප්‍රතිකාර දෙසටයි. පරික්ෂණ ගණනාවකින් පසු මගේ රෝග තත්ත්වයන් ගැන නිශ්චිත නිගමනයට එම වෛද්‍යවරු පැමිණුනා. ඔය අතරේ තමයි මගේ මිත්‍රයෙක් කිවුවේ නිකමට අනුරාධපුරේ නාඩි වෙදමහතා හමුවී බලන්න කියලා..

images+(6)


මෙතැන ප්‍රතිකාර ක්‍රම හා ලෙඩේ පිළිබඳ නිගමනයන්ට එන්නේ අසාමාන්‍ය ක්‍රමයකට යි.. අපි ගිහින් වෙද මහතා ළඟ ඉඳගන්න පමණයි තියෙන්නේ.. අපේ මැණික් කටුව ළඟින් ඔහුගේ ඇගිලි තබාගන මිනිත්තු කීපයක් අල්ලගන ඉන්න වෙදමහත්තයා නාඩි පරික්ෂණයක නිරත වෙනවා.. ඉන්පස්සේ අපිට ඇති රෝගී තත්ත්වයන් පවසාගන යන්නේ  රෝගියාව පුදුමයෙනුත් පුදුමයට පත් කරමින්.. බටහිර ක්‍රමයට දින ගණනාවක් පරීක්ෂණ කරමින් සොයාගත් දෑ ඔහු මිනිත්තු දෙක තුනක් ඇතුළත කියවාගන යන්නේ හාස්කමකින් වගේ..
අපේ රුධිරයේ සීනි ප්‍රමාණය කොලස්ටරෝල් ප්‍රමාණය වගේම හදවත් ලෙඩ පවා අප මවිතයට පත් කරමින් ඔහු පවසන්නේ නාඩි ශාස්ත්‍රයෙන්.

ඉතින් කාගෙත් කීම මත මාත් තීරණය කළා මේ වෙදමහතා හමුවන්න යන්න..මං මේ ගමන යනවාය යන ආරංචියට ප්‍රවීණ ගීත රචන සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහත්තයයි.. මගේ තව මිත්‍රයන් දෙදෙනෙකුයි මේ ගමනට එකතු වුණා. මිත්‍රයෝ දෙන්නා අපේ තනියට එක් වුණත් සමන් අයියා එකතු වුණේ එයාටත් බේත් ගැනීමේ අරමුණින්. ඔහු කලින් දෙවතාවක් මේ වෙද මහතාගෙන් බෙහෙත් අරන් තියනවා.

ඉතින් කොළඹ ඉදන් අනුරාධපුරේට බේත් ගන්න යන මේ ගමන එකම රසගුලාවක් කරගන්නත් අප අමතක කළේ නෑ.. ඉපැරණි සිද්ධි මතක් කරමින් බොහොම විනෝදෙන් අප හැන්දෑවරුවේ ගමන් ආරම්භ කළා.. අපට වෙදමහතා හමුවෙන්න වෙලාව ලැබී තිබුණේ පසුදා උදේ වරුවේ..

මග දිගට වැව් තාවුලුවල නවත්තමින් මද පමණින් සැනහෙමින් සමන් අයියගේ ජනප්‍රිය ගීත ලියැවෙන්නට ප්‍රස්තුත කතාබහ කරමින් බොහොම විනෝදෙන් තමයි ගමන ගියේ..ජීවිතයේ සැඳැ සමයේ සිටින සමන් තුළ තාමත් පාසල් යන වයසේ කොළුගැටයෙකු සතු චින්තනයක් තිබීම අප පුදුමයට පත් කළ කරුණක්..
ඉස්කොලේ යන කාලේ සමන් අයියට ගණන් පෙන්නන්න බැරිලු... ඒත් පසු කාලීනව සමකෝණී ත්‍රිකෝණයක් කියන සිංදුව ලියැවෙන්නේ ඔහු අතින්..මේක දකින සමන් අයියගේ ගණිත ගුරුවරයා පසු කළෙක කියනවලු මේ මොලේ එදා තිබුණනම් අද උඹ ඉංජිනේරුවෙක් කියලා.. එතකොට සමන් කිවුවලු එහෙම වුණානං මේ සිංදු එකක්වත් මගේ අතින් ලියැවෙන් එකක් නෑ කියලා.. අර ගුරුවරයා කියනවලු ඒක එහෙම වෙච්ච එක හොඳය කියලා.
අර සෙව්වන්දියකට පෙම් බැන්දා කියන සිංදුව සමන් ලියල තියෙන්නේ පාසල් යන කාලෙමයි..පුදුමේ කියන්නේ අදටත් ඔහුගේ සුරතින් එවන් ගීත බිහිවීමයි.
ඔන්න දැන් කතාව පිට යන්න යනවා.. 
මේ වනවිට සමන් අයියා හදවත් රෝගියෙක්... දෙවන වරටත් බයිපාස් සැත්කමක් කරන්න නිර්දේශ වෙලා තියන වෙලාවක තමා මේ නාඩි වෙදමහත්තයා ළගට යොමුවෙලා තියෙන්නේ..දෙපාරක නාඩි ප්‍රතිකර්මවලින් පස්සේ මේ සැත්කම අවශ්‍ය නෑ කියලා වෛද්‍යවරු නිර්දේශ කරලා තියනවා..
ඔන්න පහුවෙනිදා උදේම අපි ගියා වෙදමහත්තයා ගාවට... මගේ වාරේ ආවා.. මාත් නොදන්න එකා සේ ගිහින් අත දීගන ඉන්නවා.. මිනිත්තු දෙකක් විතර අත අල්ලගන ඉඳලා අහනවා ළගදී ලේවල සිනි බැලුවද කියලා.. මං කිවුවා ඔව් කියලා.. මෙන්න වෙදමහත්තයා කියපි සීනි මෙච්චරයි නේද තියෙන්නේ කියලා..ඔහු ඇහුවේ අර වාර්ථාවේ තිබු සීනි ප්‍රමාණයට වඩා එකක් අඩුවෙන්...
ඉන් පස්සේ මගේ රෝගී තත්ත්වයන් සියල්ල බලාසිටියා සේ ඔහු කියාගන ගියා...අවසානයේ කිව්වා බිය වෙන්න දෙයක් නෑ මේ දෙන බේත් ටික හරියට මාසයක් බීල ආයිත් වර්ථා අරගන බලන්න ඔබට ආයිත් මෙහේ එන්න ඕන වෙන එකක් නෑ කියලා..
ඉතින් මාත් බොහොම පරිස්සමෙන් මේ දවස්වල ඒ බෙහෙත් ටික බොනවා..
තව එකක් මං වෙදමහත්තයට කිව්වා ඇඹරි ඇඹරි මද පමණින් ගන්නවා කියලත්...
ටිකක් ගත්තට කමක් නෑ ඔය විස්කි බ්‍රැන්ඩි නවත්තලා දාලා ගල් උගුරක් විතර කියල දාපි..
ඔන්න ඕකයි තත්ත්වය..
මෙතැනට ඇවිත් හිටි බොහෝ දෙනෙක් බටහිර ප්‍රතිකාරවලින් ශල්‍යකර්මවලට තීන්දු වූ අය..ඒ බොහෝ දෙනෙක් කියන්නේ දැන් ඒ ශල්‍යකර්ම අවශ්‍ය නැතැයි එම වෛද්‍යවරුම පවසන බවයි..
මේ වෙදමහත්තයාගේ නම එස් එස් ගුණවර්ධන ලිපිනය නො.172 මාර්කට් පෙදෙස, අනුරාධපුරය.. දුරකතන අංකය0252223128
මා මේ විස්තරය දැම්මේ කාට හෝ අවශ්‍යතාවක් තිබේනම් ප්‍රයෝජනවත් වේවි කියන අදහසින්. මා මෙසේ කීවාට ඔබ යන්නේ නම් තව විස්තර සොයා බලා යන්න..කොහොමත් යන්නට පෙර අංකයට කතාකර වෙලාවක් වෙන්කරගන යන්න. 


මේ අමතර දෙයක්.. අලුත් විදියේ ලියැවිල්ක් බලන්න මෙතැනට යන්න. එතන ඉන්නේ වෙනි


58 comments:

  1. 1620660_540673746066368_1008982561639182722_n

    අපේ සියා නාඩි වෙදෙක්.. වෙදෙක් කිවුවට වෙදකම් කරන්නේ නැහැ .. ඔය නාඩි අල්ලලා කොරන ගොඩක් ඒවා ගමේ අයට කොරනවා.. මාර නාඩි ඈ.. :D

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      සීය ගැනත් ලියපන්කෝ

      Delete
  2. ME

    විස්තරේට ගොඩක් ස්තූතියි නලීන්. ඔන්න නොම්මරේ ලියාගත්තා.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අවශ්‍ය වූ වටෙක කාට හෝ ප්‍රයෝජනවත් වේවි.

      Delete
  3. blogger_logo_round_35

    හොද ලිපියක්.ඕන වෙන වෙලාවක් එයි කියල හිතුන නිසා සේව් කර ගත්ත ඔන්න.

    ReplyDelete
  4. ds

    අනිවාර්යයෙන් ඕන වෙනවා... කවද හරි.. තැන්කුයි

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බයිපාස් ලෙඩුන්ට තමා මෙතැන හොදම කියන්නේ

      Delete
    2. blank

      Diyawediya ledunta methana hodaida?

      Delete
  5. FB_IMG_1561654098205

    මේ වෙද මහත්තයනම් ඉසිවරයෙක් මගේ හිතේ. නලීන් කියන සියළු දේම මම අනුමත කරණවා. මෙතනින් මේවා අවසන් උනොත් නම් ජාතික අපරාධයක්... සමන් චන්ද්‍රනාත් කියන්නේ පොඩි කොල්ලෙක්නේ.. ඔබ බොහොම පින් කරපු කෙනෙක්. මෙවන් සුන්දර මිනිසුන් ඇසුරු කරන්නට ලැබීමෙන්ම..

    ReplyDelete
    Replies
    1. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

      mathalan anurdhapure inna frendekgen ahala balala nawatha comment ekak daanna balanna methanama.mathaka athuwa pure eda indan inna kenekge ahanna...

      Delete
    2. 2023216-mount_fuji

      ඔයාල දන්නා ඉසිවරයො ඉන්නවනම් දුක්විදින ලෙඩ්ඩු ඉන්න ඉස්පිටිතාල වල් වලට දාන්නකෝ ඔය ලෙඩ සුව කරනවයි කියන අයව.
      මට දුකයි තමුන්නැහෙලත් එක්ක ඕයි.!

      Delete
    3. FB_IMG_1561654098205

      මේක මචෝ අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඉස්පිරිතාලවලට යන්නේ කොහෙද, ඒවාල ඉන්න මාෆියාවලට ලොක්කත් බය කොට..

      Delete
    4. blogger_logo_round_35

      කෙන්ජි මෙතැන කිසිම ගුප්ත දෙයක් සිදු නොකෙරේ නාඩි බලා රෝග විනිශ්චය කර ආයුර්වේද ප්‍රතිකාර තමා දෙන්නේ. කල්ක, කුඩු, තෙල්, ගුලි, චූරණ, වැනි බෙහෙත්..

      Delete
  6. blogger_logo_round_35

    මම නම් නාඩිය අල්ලලා ජීවත් වෙනෝද මැරිලද කියන්න විතරයි දන්නේ.. නිල අල්ලන්න නම් දන්නෝ.. :D ඩිංගක් විතර, කවුරු හරි බැන්නාම නිලයක් අල්ලන්නද අහනවා,එතෝට ආයේ බනින්නෙ නෑ ඒ නිසා :D

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අපි දන්නවා ඔයා නිලයක් අල්ලනවා කියලා...

      Delete
  7. photo

    ඇත්තටම සමකය වටේ ගියත් මෙවැනි තොරතුරු සොයාගැනීම නම් පහසු නොවේ,බෙහෙත් ගැනීම කෙසේවෙතත් සමන් චන්ද්‍රනාත් සමග කල චාරිකාව බොහෝ සුන්දර වන්නට අත් බව උපකල්පනය කරමි.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒ දවස එතරම්ම සුන්දර වුනා ඉවාන්... සොදුරු අතීතයක සැරිසැරුවා එදා හවස් වරුවම.

      Delete
  8. sira

    මගේ හිතවතෙකුගේ තාත්තා කෙනෙක් ඔතනට ආවා...විශ්‍රාමික ඉංජිනේරුවරයෙක්...එයාට ටිකක් ඇවිද්දත් සෑහෙන මහන්සියි...ඔන්න ඕකයි ලෙඩේ...ඒ සදහා ප්‍රධාන පෙලේ පුද්ගලික රෝහලක කරපු පරීක්ෂණ වලට වැය වූ මුදල රුපියල් 40000/- වැඩියි...වාර්තා වලින් කියැවුනේ හෘදයේ නහර 3ක් හීනි වෙලා තියෙනවා..බයිපාස් එකක් කල යුතු බව.

    මේ වාර්තා රැගෙන ගියා මේ වෙදමහත්තයා ලගට..නමුත් එතුමා වාර්තා පෙන්නලා නෑ...නාඩි බලලා විනාඩි කීපයකින් 40000/- වියදම් කරලා හොයාගත්ත කාරණේ ඒ විදියටම කිව්වලු.දැන් එයාට සනීපයි. බයිපාස් එකක් කලා නම් වැයවෙන ලක්ෂ ගාණක මුදලත් ඉතිරියි.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      සිරා මේක දාපු එක හොදයි.. බොහො තොරතුරු ඔබ දන්න හැඩයි

      Delete
  9. 2023216-mount_fuji

    නලිය සුගර්/ප්‍රෙෂර් වැඩිය තිබුන ඔටුන්න හිමි කුමාරයන් බේරගන්න හදහන් බලලා ඔය වගේ ටක්කෙට කියපු අයත් හිටිය හෝමාගම පැත්තෙ.
    මේවගේ දුර්මත දේවල් ප්‍රසිද්ද කරනවට ගහන්න ඕන පොල් පිත්තෙන්.ඕවල ඇත්තක් නැහැ.
    මේවා දැම්ම ම බොලාට ගානක් එනවද?
    මනුස්ස යන්ව ගොනාට අන්දන එව්වාට කුප්පි ලාම්පු එලිය නොදා ඉන්නවද ඔහෙ.

    ReplyDelete
    Replies
    1. FB_IMG_1561654098205

      මේවා හාස්කම් මන්තර ගුරුකම් නෙමෙයි. බෙහෙත් දීලා සනීප කරන්නේ. කැමති එකෙක් යයි. අකමැති උන් නොයා ඉඳියි. යන එකෙක් ඉතින් ගොඩම තමයි. නොයන එකාට නම් බඩුම තමයි..

      Delete
    2. blogger_logo_round_35

      කෙන්ජි කිසිම ලාභ ප්‍රයෝජනයක් තකා ලියන ලද්දක් නොවේ මේ පෝස්ටුව..මගේ දෑසින් දුටු දෙයකි.. මෙතැන කිසිම දුර්මතයක් නොපතුරවයි. කෙරෙන්නේ ආයුර්වේද විද්‍යාවට අනුව සිංහල බෙහෙත් ක්‍රමයකි.. ගුප්තමය කිසිවක් සිදු නොවේ.

      Delete
    3. sira

      මාතලන්ගේ කොමෙන්ටුවට මම බොක්කෙන්ම වැටක් ගසමි.
      +++++++++++++++++++=

      Delete
    4. sira

      වෙද මහත්තයගෙන් බෙහෙත් බීලා රුපියල් 10000 කටත් අඩුවෙන් වියදම් කරලා..බයිපාස් කලයුතු යැයි බටහිර වෛද්‍යවරු කිව්ව හෘද රෝගය සනීපකරගත්ත ඉංජිනේරු මහත්තයා පෙන්වන්න ලංකාවට ආ වෙලාවක එන්න කෙන්ජි මාමේ...මේවා බොරු කෙබර නෙමෙයි..මේ වගේ නිහඩ සේවයක් කරන විශ්මය ජනක ජීවකවරු තවමත් ලංකාවෙ ඉන්නවා...ඔබ නොදැන හිටියට සුද්දොත් එනවනෙ මේ අයගෙන් ප්‍රතිකාර ගන්න...

      Delete
  10. 2023216-mount_fuji

    ඔය ප්‍රාතිහාර්ය කරන ගොයියල කල යුතු දේ නම් ඉස්පිරිතාල වලට ගොස් ඒ ඒ රොගීන් නිරීක්ෂණය කොට ප්‍රතිකර්ම කිරීමයි.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මෑතකදී පර්යේශන කර දේශිය ඖෂධ මගින් ඩෙංගු රෝගයට පිළියම් සොයාගත් දේශිය වෛද්‍යවරියට බටහිර වෛද්‍යවරු කළ දේ කෙන්ජි දන්නවද?
      මෙතැන කිසිම ප්‍රාතිහාර්යයක් සිදු නොවේ..

      Delete
    2. FB_IMG_1561654098205

      ඒක ලියපන්.... අපේ මහත්තයට දැන ගන්න... අර සහන් ලිව්වා වගේ...

      Delete
    3. 2023216-mount_fuji

      යකෝ එහෙනම් වලේ ඉන්න මහ එකාගෙ මහ එවුන්ටම හෙන ගහන්න එපෑය.

      Delete
    4. sira

      අයියෝ කෙන්ජි මාමා මේ මොනවද කියන්නෙ...ලංකාවෙ චිරාත් කාලයක සිට පැවත එන වෛද්‍ය ශිල්ප ක්‍රම තියෙන බව ඔබ නොදන්නේද ? බුද්ධදාස රජතුමා වැනි දේශීය වෛද්‍ය විද්‍යාව නගා සිටුවීමට උර දුන් රජවරු ගැන අසා නැද්ද ? අනුරාධපුර පොළොන්නරුවෙන් මතුවෙලා තියෙන ආරෝග්‍යශාලා පරිශ්‍ර, බෙහෙත් ඔරු දැක නැද්ද..ඒ දේවල් කියාපන්නෙ අපට බොහොම දියුණු වෛද්‍ය තාක්ෂණයක් අතීතයේ තිබුණු බවයි.

      මේ තාක්ෂණය එතැනින් පස්සෙ යම් යම් පරම්පරා ඔස්සේ තමයි වර්තමානයට විකාශනය වෙලා තියෙන්නෙ...කුස්වල ඇස් වෙදකම, හොරිවල කැඩුම් බිදුම් වෙදකම ඒවැනි පරම්පරා වලට උදාහරණ

      මා මිත්‍ර MBBS වෛද්‍යවරයෙක් මට වරක් කීවේ..තමා වෘත්තියෙන් බටහිර වෛද්‍යවරයෙක් වුවත් විශ්වාසය තබා තියෙන්නේ පෙරදිග වෛද්‍ය ක්‍රම මත බවයි. බටහිර වෛද්‍ය විද්‍යාවේදී ලබාදෙන ඖෂධ මගින් යම් යම් අතුරු ආබාධ ඇති වුවත් පෙරදිග වෛද්‍ය ක්‍රමයේදී එවැන්නක් සිදු නොවන බවයි ඔහුගේ අදහස.

      මෙන්න මේ ලින්කුවෙන් ගිහිල්ලා තවත් දේ දැනගන්න...මගේ සුදු කෙන්ජි මාමේ..
      http://si.wikipedia.org/wiki/%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA

      Delete
    5. blogger_logo_round_35

      තොරතුරුවලට බොහොම ස්තුතියි සිරා

      Delete
    6. Dracula-ChrisLee

      කෙන්ජි මහත්තයා දන්නවද, පොළොන්නරුවෙ ආළාහන පිරිවෙණේ තියෙන පැරණි රෝහලේ නටඹුන් එක්ක සැත්කම් උපකරණ හම්බ වුණ බව, ඒවා දැනටත් මුවහත් බව, ඒවා භාවිතා කරලා තියෙන්නෙ ක්‍රි. ව. 1200 ටත් කලින් ඉඳලා බව, ඒ කාලෙ බටහිර වෛද්‍ය විද්‍යාවක් තිබුණෙත් නැති බව,

      එතකොට, මිහින්තලේ නටඹුන් රෝහල ඊටත් පරණ බව, ඒක සමහරවිට ලෝකේ තිබුණ පරණම රෝහල වෙන්න පුළුවන් කියලා ‘හිස්ටෝරියා හොස්පිටැලියම්‘ කියන පොතේ තියෙන බව, ඒකෙ ඕපීඩී එකක් හෙවත් බාහිර සායනයක් තිබුණ බව, ගිලන් කුටි හැම එකකම දොරටුව මැද මිදුලෙ තිබුණු බුදු පිළිමය දිහාට යොමු කරවලා තිබීමෙන් මානසික සුවයක් ලබා දීලා තිබුණු බව,

      එතකොට, කොළඹ wtc එක ඉස්සරහ තියෙන පරණ ඕලන්ද රෝහලේ ඕලන්ද පාලන කාලෙ ප්‍රධානියා හැටියට පත් කරලා තිබුණෙ ආයුර්වේද වෙද මහත්තයෙක් බව,

      ආයුර්වේදයයි, සිංහල වෙදකමයි එක්ක බලනකොට බටහිර වෙදකම තවමත් මතුපිටින් අතගාන දෙයක් මහත්තයා. ආයුර්වේදයෙ පැළෑටි කොටස් වලින් කරන වෙදකම නිරීක්ෂණය කරලා, පැළෑටි කොටස් වලින් අදාල රසායනිකය නිස්සාරණය කරලා හදන බටහිර පෙති කරල් වලින්, ආයුර්වේදයෙන් ඇති නොවෙන අතුරු ආබාධ ඇතිවෙන්නෙ කොහොමද කියලා හිතල බලන්න.

      Delete
  11. Assassins-Creed-Altair

    මමත් කනින් කොනින් මේ වෙද මහත්තය ගැන විස්තර අහල තිබ්බට මෙහෙම විස්තර දැනගත්තේ අදයි. ඔන්න මමත් නම ගම අංක එහෙම සටහන් කරගත්තා මතු ප්‍රයෝජන තකා නලින් අයියේ.. අපි හැමෝවම මේ පොස්ටුවෙන් දැනුවත් කලාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මෙතුමන් ගැන බොහෝ දෙනෙක් දන්න පාටයි.. මම දැනගත්තේ මේ ළගදි

      Delete
  12. MyPhoto

    මේවා බොරු කියන්න බෑ. මමත් අංකය ලියා ගත්තා. බොහොම ස්තුතියි නලින් දැනුවත් කිරීමට.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හෙල වෙදකම බොරුවක් නොවේ...

      Delete
  13. blank

    කෙන්ජි අංකලුත් ඉදල ඉදල ඇත්ත කියනවා. නලියා කඩේ යන ලොක්ක ගාවත් හිටියා නේද ඔයවගේ හිමාලෙං බේත් ගෙනත් වෙදකං කොරන පොරක්. මෙව්වා බොරු කතා. මේව හොද දිනමිනටම තමා

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      රස්සාවයි පෞද්ගලික බ්ලොගයයි පටලවා ගන්න එපා ඇනෝ මිත්‍රයා..

      Delete
    2. 2023216-mount_fuji

      මම කිව්වෙ සුව කල නොහැකි රෝගීන්/සුව කිරීමට ලක්ෂ ගණන් වියදම් යන රෝගීන්ව එම වෙදැදුරු තුමාට යොමු කිරීමට යම් දෙයක් කිරීම හොද බවයි.
      මාද්‍යවේදියකු ලෙස ඔබට කල හැකි මෙහෙවර බොහෝය.
      රෝගීයාට පක්ෂ/පාට නැත.මෙය අත්දුටු දෙයක් බැවින් අහිංසක රෝගීන් ගේ පහසුව සදහා එම වෙදැදුරු හමුවීමට සහන වැඩ පිළිවලක් ක්‍රියාත්මක කරන්න බැරිද.

      Delete
    3. blogger_logo_round_35

      මා පැහැදිලිව කියා තිබෙනවා පෝස්ටුව තුළ සොයා බලා තිරණයක් ගන්න කියා. මේ වෙදැදුරුගේ වෙලාවක් ගන්න එකත් හරිම අමාරු වැඩක් කෙන්ජි.. දුරකථනය මගින් වෙලාවක් අංකයක් ගැනීම තමයි ඇති එකම ක්‍රමය. ලෙඩුන් අති විශාල පිරිසක් දිනකට එතැනට එනවා.. මා ගියෙත් එකම වතාවයි.

      Delete
    4. 2023216-mount_fuji

      ඇනෝ,නලිය කාටවත් කඩේ යන කෙනෙක් නෙමේ බං,ඒකත් මම වගේම දරු දෙන්නෙක්ගෙ සෙනෙහෙබර බොක්කෙ පියෙක්.
      රැකියාව එකක්.කඩේ යනව කියන්නෙ තව එකක්.මේක කඩේ ගියානම් තාම කෝච්චියෙ බඩ ගානවද බං.

      Delete
    5. blogger_logo_round_35

      මං ඕව ගණන් ගන්නේ නෑ කෙන්ජි අය්යා..

      Delete
  14. blogger_logo_round_35

    Le wala cholesterol ha seeni thiyana pramanaya nadi allala kiyana kathawa kawuru wishwasa keruwath mama wishwasa karanne naha.Nikam boru kiyala weda mahaththayata apahasa karanna epa.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      සරත් මා කියුවේ මා දැසින් දුටු මට ඒ වෙදමහතා කී තොරතුරු මතයි.. මගේ සීනි ප්‍රමාණය ඔහු කිවා. මගේ වාර්ථා ඒ වනවිට මා කිසිවකුට පෙන්නා තිබුණේ නෑ. මම අපහාස කරන අදහසකිනුත් නොවෙයි මෙය ලිව්වේ.

      Delete
  15. images+%281%29

    අපේ සිංහල වෙදකම බොරුවක් කියලා කියන්න පුළුවන් අය ඉන්න එක ගැන කණගාටු වෙනවා. මෙහෙම වෙද උතුමන්ලා අපේ රටේ ගොඩක් ඉන්නවා. ඒත් ගොඩක් අයගේ ඊළඟ පරම්පරාවක් නැති එක නම් හරිම අපරාධයක්.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඇත්තටම මේ වෙදකම ඉදිරියට ගෙනයන්න වෙද දරුවන් කැමති නෑ..

      Delete
  16. blank

    ස්තුතියි දැනුවත් කළාට.
    මැණික්

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ස්තුතියි පැමිණියාට

      Delete
  17. blogger_logo_round_35

    අපේ දේශීය වෙදකම් කොහොමත් බටහිර ප්‍රතිකර්මවලට වඩා බලවත්

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බොහෝ බලවත් තැන් තිබෙනවා..

      Delete
  18. blank

    ඔන්න මාත් අංකය ලියා ගත්තා. මෙවා බොරු නෙවෙයි කියන එක මාත් අත්දැකීමෙන් දන්නවා. මගෙ සහෝදරියකගෙ පාදයේ ආබාධයකට රෝහලකින් ප්‍රතිකාර ගත්තා. පස්සෙ ඔපරේශන් එකක් කරල දනහිස තුලට යමක් ඇතුලු කලා. දැන් ඒ කකුල නවන්න බෑ. පස්සෙ අනෙක් කකුලෙත් ඒ විදිහෙ අමාරුවක් ඇති වෙනවා වගෙ රෝග ලක්ෂණ පහල වුනා. චෙක් කලාම ඒ දණහිස ටත් මුල් රෝගයම හැදිල තිබුනා. ඒ අතරේ තොරතුරක් ලැබුනා එම රෝගයට දේශීය ක්‍රමයට බෙහෙත් කරන ස්වාමීන් වහන්සේ නමක් ගැන. පස්සෙ එතැනින් බෙහෙත් අරගෙන තමයි ඒ කකුල සනීප කර ගත්තේ.

    …මේකෙන් මං බටහිර ප්‍රතිකාර සුලු කොට තැකීමක් නෙවෙයි අදහස් කලේ. අපි අතරින් ගිලිහිලා යන දේශීය වෙදකමේ එවැනි දේ තියනවා කියල කියන්න විතරයි මට ඕන උනේ. (මගේ ෆොන්ට් වල වෙනසක් වෙලා නිසා මට ඕන දේ ලියා ගන්න බැරි වුනා හරියට ම.)

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඇත්ත මලයා අපි බටහිර වෙදකම සුලුකොට තකන්නේ නෑ.. ඒ වගේම අපේ වෙදකමත් දියුණු තත්ත්වයක තිබුණා. අද එය අභාවයට යනවා.

      Delete
  19. photo+%284%29

    හොදම දේ දේශීය වෙදකමින් අතුරු ආබාධ නැතිකම, අනික ශරීරයට දැනෙන ප්‍රමාණය වැඩිනේ.. මමත් අංකය සටහන් කරගත්ත.. කොයි වෙලේ කාට වුවමනාවේවිද දන්නෙ නැහැනේ..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අවශ්‍ය කෙනෙක් වෙතොත් ලබාදෙන්න.

      Delete
  20. blogger_logo_round_35

    මගේ මිතුරෙක් අනුරාදපුර නගරෙ වෙද මහතෙක්ගෙන් ප්‍රතිකාර අරං ඔහුගෙ සම්පූර්නයෙන්ම නෑතිවෙලා තිබුණ පෙනුම යන්තමකට හදාගත්ත එක මං පුද්ගලිකව දන්නවා. ඒ මේ වෙද මහත්තයා වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මා කියන වෙද මහතා ඉන්නෙත් නගරෙම තමයි බොහෝ විට මේ එම වෙද මහතාම විය හැකියි.

      Delete
    2. blank

      ඊයෙ වෙනකොට මගේ සම්පූර්ණයෙන්ම නැතිවෙලා තිබ්බ පෙනුම නැවත ලබාගන්න මට වැයවුනේ රේසරය ගන්න ගිය රුපියල් 45 විතරයි....

      යන්න එපා හොර වෙද්දු ගාවට... මාතලන් නම් හොර වෙද්දු මාකට් කරන එකානෙ...

      Delete
  21. blogger_logo_round_35

    ගුරු මුෂ්ටි තියාගන්න අපේ වෙද මහත්තුරු නිසාම තමයි වෙදකමත් අභාවයට යන්නේ.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT