සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


සිංහල නවකතාකරුවාට නූතන සමාජ ප්‍රශ්න අරහං ය. ඔහු ඒවා මඟහැර ගොස්; එක්කෝ හීන ගැන ලියයි. නැතහොත් වලව් ගැන ලියයි. 

“සළපතන මණ්ඩිය” නවකතාවට පසුබිම් වන්නේ ද පරණ වලව්වකි. එහෙත් ඒ වලව්වෙන් ගත හැකි ඉළව්වක් නැත.‘සළපතන මණ්ඩිය’ නව කතාව කවිතා නම්; වැඩසටහනේ දී සම්මානයට පාත්‍ර විය. කවිතා යනු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින්, සරසවි සිසුන්ගේ නිර්මාණ – කුසලතා අගයනු වස්; සංවිධාන කරන ලද සම්මාන උළෙලකි. මේ වැඩසටහන ගැන වග විස්තර ජනතාව හරිහැටි දන්නේ නැත. සමහරු එය කවි පොතක් යැයි සලකති. තවත් සමහරු එය කැවිලි විශේෂයක් සේ සලකති. මෙයින් හැඟෙන්නේ කවිතා සංවිධායකයන් ගේ දුර්වලකම් ය. ව්‍යාපාරික ප්‍රජාව මෙවැන්නක් ප්‍රතිසංවිධානය කරත් නම්; එය මුළු රට ම දැනුවත් ව වර්ණවත් උළෙලක් බවට පත් වනු ඇත. ඒ හැර ප්‍රතිඵලය ද මීට වඩා සාර්ථක වනු ඇත.
කවිතා උළෙලෙහි නවකතා අත් පිටපත් තරගයෙහි ප්‍රථමස්ථානය දිනාගෙන ඇත්තේ “සළපතන මණ්ඩිය” ප්‍රබන්ධය යි. ආශා රැළපනාව විසින් රචනා කරන ලද එම කෘතිය බෙහෙවින් දුර්වල - සාම්ප්‍රදායික කතා වස්තුවකින් සමන්විත ප්‍රබන්ධයකි. මේ නවකතාවෙන් ගම්‍ය වන එක් වැදගත් සාධකයක් වන්නේ මෙරට විශ්වවිද්‍යාල ප්‍රජාව කලාව හා සාහිත්‍යය සම්බන්ධයෙන් දක්වන අතිශය පසුගාමී ප්‍රතිචාරය යි.

ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වරක් කියා සිටියේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල යනු ත්‍රස්තවාදීන් බෝ කරන කඳවුරු විශේෂයක් බව ය. එම ප්‍රකාශය සාහසික වුව; සත්‍යතාවක් ද තිබේ. පිකටිං, වර්ජන, විරෝධතා, පහරදීම් හැර නව දැනුම සරසවි සිසුන් ළඟ නැත. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙතින් ද ඊට වැඩි යමක් අපේක්ෂා කළ නො හැකි ය. සමස්තයක් ලෙස ගත් කළ අපගේ විශ්වවිද්‍යාල වෙතින් ඥානයේ පරිණාමයක් දැකිය නො හැකි ය. ආශා රැළපනාව මෙන් ම ඇයගේ නවකතාව ද ඒ බව තවදුරටත් සනාථ කරයි.
නව කතාවට පසුබිම් වන්නේ සළපතනාගම නම් පුරාණ ගම්මානයේ නවීකරණය යි. රජ දවස සන්නසකින් පවරා ග්‍රාමීය ප්‍රභූ තැනැත්තකු ගේ නායකත්වය යටතේ පිහිට වූ ගම්මානය පසු කලෙක උප නාගරීකරණයට ලක් වේ. එහි ගම් උදාව වැනි ජාතික උත්සව පවත්වනු ලැබේ. ගමේ සම්ප්‍රදාය, අත්තම් ක්‍රමය, කෘෂිකර්මය විකෘති තත්ත්වයට පත් වේ. අධ්‍යාපනයෙන් ඉහළට යන අය ගම හා එහි සංස්කෘතිය අමතක කර දමති. අවසානයේ ජංගම දුරකථන අතැතිව ගල් යවන ඔල්මොරොන්දම් තරුණ පෙළක් ගමෙහි ඉතිරි වේ.
 “තාමත් සළපතන මණ්ඩියට යනකොට දූවිලි සුළඟත් තෙක්ක පොළොව යට ඉඳලා අලුත් සුවඳක් ඇවිස්සිලා ඇවිත් මනුස්සකම කියලා දෙනවා. එත කොට මට දැනෙන්නේ ඉස්සර ගමේ සුවඳයි, අප්පච්චිගෙ ආදරෙයි එකට මුහුවෙලා කතන්දරයක් කියලා දෙනවා වගෙයි.”
(පිටුව - 2087 අවසානය)

මේ කතුවරියට නිශ්චිත ඉලක්ක නැත. දැක්මක් නැත. කිව යුත්තේ කුමක් ද? නො කිව යුත්තේ කුමක් ද? ඇය දන්නේ නැත. කතුවරියගේ අභිප්‍රාය ග්‍රාමීය හර පද්ධතියේ සෝදාපාළුව නිරූපණය කිරීම ද? එසේ නැතහොත් සමාජ පරිවර්තනයේ යථාර්ථවාදී අර්ථ නිරූපණය කිරීම ද යන්න පැහැදිලි නැත. ඇය කතන්දරයක් කියාගෙන යයි. එම කතාන්දරය තුළ ප්‍රබල සිදුවීම් නැත. එබැවින් ගමේ වෙනස ප්‍රබල ලෙස පාඨකයාට දැනෙන්නේ නැත. ගමේ වෙනස යම් පමණකට හෝ නිරූපණය වන්නේ අවසන් ඡේදයෙන් පමණි.
ආශා රැළපනාවගේ දුර්වල ම අංශය චරිත නිරූපණය යි. එහෙත් නව ප්‍රබන්ධයක ප්‍රබල ම අංශය විය යුත්තේ ද ශූර චරිත නිරූපණය යි. බණ්ඩාර, සුදු නෝනේ හා ඔවුන් ගේ දරුවන් ගේ චරිත ද, සළපතන වලව්වේ අම්මා ඇතුළු චරිත ද ලෙසින් චරිත රැසක් කතාවේ රඟති. එහෙත් මේ එක චරිතයක හෝ හැඟීම් – දැනීම් පාඨකයාට පූර්ණ ලෙස දැනෙන්නේ නැත. කතුවරිය චරිත නිරූපණය ගැන කිසිවක් ම දන්නේ නැති හැඩ ය.
කතුවරිය නව කතාවේ ප්‍රධාන සංකේතය ලෙස ගෙන ඇත්තේ සළපතනාගම වලව්ව ය. එය ගරා වැටෙමින් පවතින අතර එහි ඇත්තන් ගේ කුල ගර්වය පමණක් ඉතිරි ව පවතී. බණ්ඩාර වලව්වේ ම දරුවකු වුව ඔහු ගේ හැසිරීම මුළුමනින් ම වෙනස් ය. ඔහු ප්‍රභූ නොවන පවුලකින් ආවාහයක් කරගෙන වලව්වෙන් නික්ම තනිව නැගිටීමට වෑයම් කරයි. මෙය කතා විකාශයේ උපාය මාර්ගයක් සේ ගත හැකි ය. එහෙත් මේ උපාය මාර්ගයෙන් පලක් වී නො මැත. පසුව වලව්ව මුළුමනින් ම සමතලා වෙයි. එහි ද ඒ හැටි අර්ථයක් නැත. කතුවරියට සංකේත භාවිතය ගැන වැටහීමක් නැත.
කුලය යන සමාජ සාධකය මුළුමනින් ම දෙදරා බිම පතිත වී අතු ගෑවී යන්නේ නැත. එහි ස්වරූපය වෙනස් වී නව මානයන් සමඟ අදත් පවතී. හෙටත් පවතිනු ඇත. කුලය හා ජාතිය දියුණු සමාජය වෙතින් ප්‍රතික්ෂේප විය යුතු බව සැබෑවක් වුව එය එසේ සිදුවන්නේ නැත. නවකතාකරුවන් සිය සංකේතය භාවිතා කළ යුත්තේ සමාජ පරිණාමය පිළිබඳ පූර්ණ වැටහීමකින් යුතුව ය. එවැන්නක් මේ කතාවේ දකින්නට නැත.
ජාතිය, කුලය, දුප්පත්-පොහොසත් භේදය, ගම හා නගරය අතර ගැටීම ආදී තේමාවන් මුල්කොට නවකතා ලිවීම පැරැණි මෝස්තරයකි. එම මෝස්තරය තුළ පවා සාර්ථක නවකතා තිබිණි. ශ්‍රී ලංකාවේ සමාජ පරිණාමය අලළා ලියැවුණු පළමු කලාත්මක නවකතාව ගම්පෙරළිය බව බොහෝ දෙනා දනිති. තවත් කෙනකු ගම් පෙරැළියක් ගැන ලිවීමට වෑයම් කිරීම නිරර්ථක ක්‍රියාවෙකි. මේ ආධුනික කතුවරිය ද ගම් පෙරැළියක් ගැන ලියන්නට ගොස් අමාරුවේ වැටී තිබේ. ඇය සිංහල නව කතාවේ පරණ මෝස්තරය පවා අල්ලාගෙන නැත.
අපේ නවකතාකරුවන් අතර දක්නට ලැබෙන ප්‍රධාන දුර්වලතාවක් වන්නේ; නූතන සමාජ ප්‍රශ්න හා අතිශය සංකීර්ණ පෞද්ගලික ජීවන අරගල සිය ප්‍රබන්ධවල විෂය-වස්තු ලෙස නො ගැනීම ය. ඔව්හු බොහෝ දුරට ම සාම්ප්‍රදායික කතා මත්තේ ම නැසෙති. නූතන සිංහල නවකතාව එක තැන පල්වෙමින් පවතින්නේ හේතු දෙකක් නිසා ය. පළමු වන්න නූතන සමාජයේ ගැටලු – අර්බුද නවකතාව මඟින් සාකච්ඡා නො වීම ය. දෙවන්න කතා කලාවේ නව මෝස්තර අල්ලා නො ගැනීම ය. සිංහල නවකතාකරුවා තව ම සිටින්නේ අතීතයේ ය. ඔහු මාර්ටින් වික්‍රමසිංහ මහතා ඉක්ම ගොස් නැත.
විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය මේ විෂයය පිළිබඳ සංවාදයට හා පර්යේෂණයට ද, නව නිර්මාණ බිහි කිරීමට ද අපූරු අවස්ථාවක් හා අවකාශයක් උදාකර දී තිබේ. එහෙත් අපේ විද්‍යාර්ථීන් එයින් ප්‍රයෝජන ගන්නා බවක් පෙනෙන්නට නැත.
පුරාණ ගම්, උප නගර බවට පත්වීමත්, උප නගර වෙළෙඳ නගර බවට පත්වීමත් සමාජ ක්‍රම විකාශය ඔස්සේ අපට දකින්නට ලැබෙන යථාර්ථයෙකි. එහි හොඳ – නරක, යහපත – අයහපත කුමක් වුව; අදත් - හෙටත් එය සිදු වෙයි. එහෙත් මේ පරිවර්තනයේ දී සමාජය බලවත් කම්පනයකට ලක් වේ. ඇතැම්හු එය දරාගත නො හී දිවි නසා ගනිති. කලාකරුවා ස්පර්ශ කරනුයේ මිනිසාට බලපාන එම කම්පනය යි. සමාජ පරිවර්තනය සාමාන්‍ය ඇසට පෙනෙනුයේ එක් විලාසයකට ය. එහෙත් කලාකරුවාගේ විලාසය ඊට වඩා බෙහෙවින් වෙනස් විය යුතු ය. එබඳු වෙනසක් “සළපතන මණ්ඩිය” නව කතාව තුළ නැත.
මේ කතාව සඳහා පසුබිම් කරගනු ලබන කාලය පිළිබඳ වැටහීමක් ද කතුවරියට නැත. එක අතෙකින් දකුණේ දෙවන තරුණ නැගිටීම කතාවට පාදක වෙයි. තවත් අතකින් මෙරට දේශපාලනයේ ප්‍රබල වෙනස්කම් කිහිපයක් ද කතාවට එක් වෙයි. එහෙත් මේ එකඳු සිදුවීමක් හෝ නිරූපණය කරන්නට කතුවරිය අසමත් ය. එම සිදුවීම් ඇගේ කතාවේ චරිතවලට බලපාන ආකාරය ගැන නිරූපණයක් ද මේ පොතේ නැත.
සමාජ වෙනස්කම් හෙවත් පරිවර්තන කලාවේත්, සාහිත්‍යයේත් නිරීක්ෂණයට බඳුන්වන්නේ ඉතා සියුම් ලෙස ය. ලෝක ඉතිහාසය දෙස බලන විට කාර්මික විප්ලවය, ලෝක යුද්ධ, අරගල පමණක් නො ව; සඳතරණය පවා කලාවේ හා සාහිත්‍යයේ වෙනසකට හේතු විය. කාර්මික විප්ලවයෙන් පසු ඉංගී‍්‍රසි නව කතාවේ මෝස්තර ගණනාවක් බිහි විය. දෙවන ලෝක යුද්ධයෙන් පසු නාට්‍ය කලාවේ ආකෘතිය වෙනස් විය. සැමුවෙල් බෙකට්, ඉයුජින් අයනෙස්කෝ වැනි නාට්‍යකරුවෝ විකාර රූපී රංගනය හඳුන්වා දුන් හ. මෙහි අර්ථය වන්නේ සමාජ පරිණාමයට මුහුණ දෙන මිනිසා ගේ කම්පනය තත්ත්වාකාරයෙන් නිරූපණය කිරීම ය. වඩාත් වැදගත් වන්නේ මිනිසා පිළිබඳ නිරූපණය යි.
අමෙරිකන් නව කතාවේ ප්‍රමුඛ නිර්මාණකරුවකු වූ අර්නස්ට් හෙමිං වේ ඛ්ැමවිට ම කියා සිටියේ ජීවමාන චරිත නිරූපණයට උත්සුක විය යුතු බව ය. ජීවමාන චරිත යනු අව්‍යාජ හා විශ්වසනීය චරිත ය. ඒවා හැමවිට ම නූතන සමාජය හා ගැළපිය හැකි විය යුතුය. වඩාත් පැහැදිලි ව කිව හොත් ඊට සමාන චරිත සමාජයේ ජීවත් විය යුතුය. හෙමිං වේ චරිත පමණක් නො ව එම චරිතවල හැසිරීමට අදාළ ස්ථාන හා දින ගැන පවා සැලැකිලිමත් විය.
ආශා රැළපනාව ගේ කතාවේ ප්‍රධාන චරිතයක් නැත. විටෙක එහි ප්‍රධාන චරිතය බණ්ඩාර වෙයි. තව වරෙක එහි ප්‍රධාන චරිතය බණ්ඩාරගේ දියණිය මායා වෙයි. බණ්ඩාර කතාවේ මැද හරියේ දී මරා දමන්නේ කිසිදු හේතු ප්‍රත්‍යයකින් තොරව ය. ඇතැම් විට කතාවේ ඛේදය තීව්‍ර කිරීම සඳහා එසේ කරන්නට ඇතැ”යි සිතිය හැකි ය. කුමක් වුව මෙහි එන සෑම චරිතයක් ම පාහේ අතිශයින් ම ව්‍යාජ ය. ඔවුන් මනුෂ්‍යයන් ලෙස හැසිරෙන බවක් පෙනෙන්නට නැත.
බණ්ඩාර හා සුදු නෝනා අතර සමාජ පරතරයක් පවතී. ඒ හැරත් සුදු නෝනා නිසාම බණ්ඩාරට බොහෝ සුඛ විහරණ අතහැර දුක් විඳින්නට සිදුවේ. එහෙත් ඒ පිළිබඳ පසුතැවිල්ලක් බණ්ඩාරට නැත. ඔවුනතර පුංචි හෝ ගැටුමක් ඇතිවන්නේ ම නැත. එය කතුවරිය විසින් මවන ලද බොරු ආදරයකි. ව්‍යාජ ප්‍රේමයකි. මෙබඳු පවුල් ලෝකයේ කොතැනකවත් නැත. මොවුන් ගේ සැබෑ ජීවිත නිරූපණය කළේ නම්; මේ කතාව මීට වඩා අර්ථවත් වනු ඇත.
කතුවරිය ගේ අවධානයට ලක් වූ සමාජ පරිවර්තනය දෙස බලන විට අපි‍්‍රකානු හා ලතින් අමෙරිකානු නව කතා සම්ප්‍රදායයන් අප සිහියට නැඟේ. අපි‍්‍රකානු මහාද්වීපය යටත්විජිත වාදයට හසු වූ ආකාරය හා එහි කම්පනය අපි‍්‍රකානු ලේඛකයන් අතින් මනාව නිරූපණය විණි. ලතින් අමෙරිකාවට කඩා වැදුණු ස්පාඤ්ඤ ආධිපත්‍යය හා එහි කම්පනය ලතින් අමෙරිකානු ලේඛකයන් අතින් මනාව නිරූපණය විණි. එම කෘති ඓතිහාසික නිර්මාණ සේ මතුවටත් අගය කරනු ඇත.
නූතන සිංහල නවකතා රැල්ල තව ම හරි පීල්ලට වැටී නැත. ඊට ප්‍රධාන හේතුව මේ රචකයනට සමාජ දැක්මක් හා දේශපාලනයක් නො වීම ය. දෙවනුව නවකතාව පිළිබඳ ශිල්ප ඥානයක් නො වීම ය. ආශා රැළපනාවගේ “සළපතන මණ්ඩිය” නව කතාවෙන් කිසිදු සාධනීය ලක්ෂණයක් උකහා ගත නො හැකි ය.


රන්ජන් අමරරත්න
මෙම ලිපිය හෙට දිනමිණ පුවත් පතින් ද කියවිය හැකිය

27 comments:

  1. \\\ආශා රැළපනාවගේ “සළපතන මණ්ඩිය” නව කතාවෙන් කිසිදු සාධනීය ලක්ෂණයක් උකහා ගත නො හැකි ය.///

    දැන් ඔය රන්ජන් මහත්තයා අනුමත කරන වර්ගයේ ඉහළ ගුණාංග වලින් පිරි කෘතීන් මොනාද ...?

    කිසිම දේක හොඳක් දකින්න බැරි ඇයි ...?

    ReplyDelete
    Replies
    1. හි හි... ඔය ප්‍රශ්නේ මට මේ විචාර කියවනකොට හැමදාම එනවා සහන්... මමත් කලින් දවසක නලීන් අයියගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවා... ඊයේ මම රන්ජන් අමරරත්න මහත්තයාගේ තුන්වන හරස්වීදියේ ගණිත ගුරුවරයා කියන කෙටි කතා පොත කියෙව්වා... මට පෙනුන විදියට නම් ඔය මේකේ කියන විදියටම සාම්ප්‍රදායික වස්තු බීජ වටා, සාම්ප්‍රදායික චරිත කීපයක් වටේ ගෙතිච්ච කෙටි කතා කීපයක් සහ යම්කිසි තරමකින් සාම්ප්‍රදායික තත්වයෙන් බැහැර වුනු කෙටි කතා දෙකක් ඒකේ තියෙනවා...

      ඒත් මට නම් ඇත්තටම, සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික සිංහල නවකතා සහ කෙටි කතා වල දැනෙන“ කියවලා ඉවර වුනාම වමනෙට එන ගතිය ” ඒ පොතෙත් නොඅඩුවම තිබුනා... එහෙම කිව්වේ කතාවල නරකක් නිසා නෙවෙයි.. තෝරගන්න මාතෘකා, වස්තු බීජ ශතවර්ශයක් විතර තිස්සේ තාමත් කිසිම වෙනසක් වෙලා කියලා මට දැනෙන්නේ නැති නිසා...

      //නූතන සිංහල නවකතා රැල්ල තව ම හරි පීල්ලට වැටී නැත. ඊට ප්‍රධාන හේතුව මේ රචකයනට සමාජ දැක්මක් හා දේශපාලනයක් නො වීම ය. //

      මම නම් දකින්නේ මේක නෙවෙයි තියෙන ප්‍රශ්නේ... තාමත් අපි ඉන්නේ සාම්ප්‍රදායික ගම සහ ගෝලීයකරණය අතර කාලයක් තිස්සේ පොරබදන මාතෘකා වලින් රොමැන්තික ආශ්වාදයක් ලබන තත්වයක... ඉතිං අපේ නවකතාකරුවන් හැමවිටම තෝරාගන්නේ එක්කෝ අසීමිතව සාම්ප්‍රදායිකත්වය පැත්තට ගිය හෝ අසීමිතව ගෝලියකරණය උන සීමිත ප්‍රමාණයක මාතෘකා සහ චරිත... ඒ සාමාන්‍යයෙන් සමාජයේ ඇත්ත තත්වය ලිව්වොත් පාඨකයෝ ඒ ගැන සංවේදී වෙන්නේ නැති නිසා වෙන්න ඇති... හැමෝටම ඒ අත්දැකීම් තියෙන නිසා පොත විකිණෙන්නෙත් නැතුව ඇති...

      Delete
    2. ඒක ඇත්ත හිරු.අපිට හැමදාම අලුත් මාතෘකා නැහැ ලියන්න.මිහි පිට ඇති මාතෘකා ගණන සීමිතයි මිහිපිට ඉන්න ලේඛකයෝ ගණන එක්ක බැලුවම.


                     මාතෘකා ගණන 
       x =  ________________________________
             අතීත , වර්තමාන , අනාගත ලේඛකයෝ 

      x = එක් ලේඛකයෙක් සඳහා හිමි වන මාතෘකා ගණන

      පළමු උදාහරණය :- දේශා මේ ලඟදී ලියපු " සිමන්ඥෝ " කියන කතාවේ එන සිද්දිය ගමුකො.අහිංසක පොල් කඩන මනුස්සයෙක් ඉන්නවා. හැගීම් පාලනය කරගන්න බැරුව ගිහින් විපතට පත් වෙනවා. ඕක තමයි සරළවම සිද්දිය..

      i. ඔයත් ඔය දේම ලියනවා.හැබැයි එකේ ඉන්නේ පුවක් කඩන මනුස්සයෙක් සහ වෙන ස්ත්‍රියක්.
      ii.මම ලියනවා බුලත් කඩන මනුස්සයෙක් දාල .
      iii. මාතලන් ලියනවා සුද්දියෙක් සහ ගයිඩ් කෙනෙක් දාල .
      iv.කෙන්ජි අයියා ලියනවා තව සිද්දියක් පටලලා
      v.අටමා ලියනවා මැෂින් හදන තැන උන සිද්දියක් වගේ.
      vi.නලින් අයියා ලියනවා පත්තර කන්තෝරුවේ සිද්දියක් විදිහට
      vii.හැලපේ ලියනවා දෙල් කඩන මනුස්සයෙක් දාල
      viii.ඩූඩ් ලියයි බටහිර හුරුවට
      ix.පේට්‍රියා ලියයි දේශපාලනේ එන්න
      x.චන්දන ලියයි තවත් ගැමි ගතිය එන්න
      xi. තිසර ලියයි හොඳටම හදවතට දැනෙන්න.


      දැන් ඔය අවස්ථා 11 ගැන සැලකුවොත් තියෙන්නේ එකම සිද්දිය .ඒ තමයි අහිංසක මනුස්සයෙක්ට හැගීම් පාලනය කර ගන්න බැරුව ගිහින් ස්ත්‍රියකට අතවර කිරීම.

      හැබැයි මට ෂුවර් 11 දෙනාම ලියයි පොරි හැලෙන්න වෙනම රසයක් එක්ක එකිනෙකාට ආවේණික උන.ඒත් සමස්ථය ඒකයි මුළු කතාවේම.දැන් අපිට කියන්න පුලුවන්ද

      " මොනවද ඕයි මේ , ගෑණු මිනිස්සු හැමිනෙන ඒවනේ ඕයි මේ " කියලා ...?

      ඒ වගේම සියලු දෙනාගෙන්ම එකම රසය එන එකක් නැහැ.සමහර අයට එකක් වඩාත් ලස්සන වෙන්න පුළුවන් , තව කෙනෙක්ට කිසිම රහක් නැති වෙන්න පුළුවන්.

      ඒ වගේම දේශගේ හුරුව මාතලන්ගෙන් බලාපොරොත්තු වෙන්නත් බැහැ.මාතලන්ගේ හුරුව ඩූඩ්ගෙන් බලාපොරොත්තු වෙන්නත් බැහැ. මාර්ටින් වික්‍රමසිංහගේ හුරුව වෙන කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නත් බැහැ.


      රන්ජන් මහත්තයා තෙරුන් අරන් නැති සත්‍ය ඕකයි...


      Delete
    3. මේකත් අර ලස්සන සාපේක්ෂයි කියනවා වගේ තමයි. එක එක්කෙනාට පේන්නේ එක එක විදියට.

      Delete
    4. උඹල දෙන්නා කමෙන්ට් කරන්ඩ ගියහම කම්මැලි නැ නේද බං , මට කියවන්ඩ කම්මැලිත් නැ

      Delete
  2. “සළපතන මණ්ඩිය” නවකතාවට පසුබිම් වන්නේ ද පරණ වලව්වකි. එහෙත් ඒ වලව්වෙන් ගත හැකි ඉළව්වක් නැත.‘ මේ කෑල්ල තමා පට්ටම කොහොමත් දැං හරියට පොතක් ලියන අය බෝම අඩුයි

    ReplyDelete
  3. මම හිතන්නේ මේක පොත ප්‍රසිද්ද කරන්න ගත්ත වැඩක් වගේ. එහෙම නැත්නම් ඉරිසියාවක්. මේ ලිපියේම තියෙන ඇය ආධුනික ලේඛිකාවක් කියා.ඉතිං එවැනි ආධුනිකයෙකුට මේ වගේ පරිනත කෙනෙක් දැඩිලෙස විවේචනය කරන එක ගැන කණගාටුයි.

    ReplyDelete
  4. ‍පොත ‍නොකියවා ‍මොනවත්ම කියන්න අමාරුයි.. ආශා ‍සොයුරිය‍ගෙ උත්සාහය අගය කරන්න ඕන. දීර්ඝව අභ්‍යාස‍යේ ‍යෙදී‍මෙන්, කියවී‍මෙන් ඇ‍ගේ ලිවීම පරිණත ‍වේවි...

    ‍මේ ලිපිය මුල් ටික කියවද්දිම හිතුණා... ‍මේ නං රන්ජන් අමරරත්න තමයි කියල.... එ‍හෙම දැ‍නෙන්‍‍නො නිර්දය වි‍වේචනාත්මක ගතියක් හැම විටම තියන නිසාද මන්ද?

    ReplyDelete
  5. පොත බලන්න හිතෙනවද අප්පා.?

    ReplyDelete
  6. පොත කියෙව්වෙ නැති නිසා මට නං නිකං අපබ්‍රංස වගේ මේ ලිපිය.....
    නලීන්ගෙ අර ගමේ වෙද මහත්තයාගෙ ලිපිය කියෙව්වා. ඔහ් කමෙන්ට් ටික කියෙව්වා....
    දැන් මේ පොත හොදයි කියලා කියන්නකො ඇනෝ... හි හි... (මේ ලිපියේ පොතට බැනලා තියන නිසා)

    ReplyDelete
  7. හප්පෝ මේ පොත මට නම් අවුලක් නෑ.මෑතක කියවපු පොත්වලින් හොද පොතක් විදියට තේරෙනවා.අද තියෙන ජරා පොත් එක්ක ගත්තම හොද දෙයක් සමාජගත කරන්න පුලුවන් හොද පොතක් විදියට මං නං දකින්නෙ.අනික ඔය පොතේ නෑ කියලා කියල තියෙන ඔක්කොම දේවල් මට නම් ඒ පොතේ හම්බුණා.ඊට වඩා විචාරකයෙක් වුණාම පොතක හොද නරක දෙකම දකින්න එපායැ!

    ReplyDelete
  8. මට ඔය රන්ජන් අමරරත්න ලියපු පොතක් කියවලා බලන්න හරි ආසාවක් තියෙන්නේ බං. :D

    ReplyDelete
  9. සමහර අය තමන්ගේ ක්‍රමයට අනිත් අයත් ඉන්න ඕනේ කියලා හිතනවා. ඒකයි මෙතන ප්‍රශ්නේ. මේ වගේ කාලෙක පොතක් ලියන්න ඉදිරිපත් වීමම වටිනවා.

    ReplyDelete
  10. මේ යකා ඒ දැරිවිගේ ඔලුවටම කෙලලනේ.
    ප්‍රවීණයෝ ආදුනිකයන්ට ඔහොමද සලකන්නෙ.
    පැහැදිලි ෛවරය.

    ReplyDelete
  11. ඊයේ තිබුන වැඩ වර්ජනය සාර්ථකද කියා කරුණාකර මා දැනුවත් කරන්න පුලුවන්ද?

    ReplyDelete
  12. ඔතන වැරැද්ද විචාරය කියන්නේ විවේචනය හැටියට තේරුම් අරං ඉන්න එකයි, ප්‍රවීනයෝ කියන පිරිස දෙවැනි වෙන්න තියෙන අකමැත්තයි,ඒක සැරයක් රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නාට්‍යය උනේ "මහාචාර්ය එදිරිවීර සරච්චරන්ද්‍රයන ගේ බවකඩතුරාව - ඒත් ඒ සම්මානය එකට ලැබුනේ තල මල පිපිලා කියන ජයලත් මනෝරත්නගේ නාට්‍යයට ඒ සම්ම්මනය ලබියයුතුව තිබුන වෙලාවක බව ඕනම කෙනෙකුට තේරුනා,"
    මේ ගැන පස්සේ ලිපියක් ගියා දිවයිනේ " බවකඩතුරවෙන් වැසුණු තල මල " කියලා. 'අපේ සාම්ප්‍රදායික විචාරකයෝයි,සම්මාන විනිශ්ය මණ්ඩලයේ උදවියයි හරිම බයයි, නිවැරදි තීරණය ගන්න. එයාලා බලන්නේ ක්ෂේත්‍රයේ පැවැත්ම හදාගන්න තියෙන බාධක ඉවත් කරගන්න විතරයි.

    ReplyDelete
  13. මේක ද්වේෂයෙන් කරපු විවේචනයක් වාගේ....
    නවකයින් නිර්මණකරණයෙන් දුරස් වෙන්නත් මේ වගේ විවේචන හේතු වෙන්න බැරි නෑ.
    විචාරය මම හිතන්නේ මෙයට වැඩ වෙනස් කලාවක්....

    ReplyDelete
  14. පොතේ කිසිම හොඳක් නැති වගක් දැනී යනවා.ඇයට වඩා සාර්ථක නිර්මාණයක් බිහි කිරීමකට වඩා නැවත නිර්මාණයක් නොකර සිටීමේ සිත්විල්ලක් ඇති වෙන්න හේතු වෙන්න පුළුවන් ලිපියක් වෙන්නත් බැරි නෑ. සාර්ථක වේවා අසාර්ථක වේවා,කලාකරුවෝ සංවේදියි මේ වගේ දේ වලට.

    ReplyDelete
  15. කියවලාම බලන්ට ඕනි නලීන්.:)

    ReplyDelete
  16. පොත ගැන නොදනිමි...කතුවරිය නම් සුන්දර ළදක්...

    ReplyDelete
  17. මම නම් හිතන්නේ ඔහොම විවේචනය කරල චාටර්ම කරල දානවට වඩා වැරදි තියෙන තැන් කියල දීල ඊලග පොත හොදට ලියන්න උදව් කරන එක ..මේක නිකන් පැලයක් පොලවෙන් උඩට එනකොටම උදුරල අරන් බිම දාල පාගල දැම්මා වගේ වැඩක්නෙ ....

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT