සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


සාමාන්‍යයෙන් මගේ නමට එන ලිපි අතර පොත් පත් ද තිබිම එතරම් විශේෂත්වයක් නොවේ. එහෙත් පසුගිය දොහේ මගේ නමට ආ ලිපි අතර සුවිශේෂි දෙදෙනකු විසින් එවන ලද පොත් දෙකක් විය. මේ පොත් දෙක මට සුවිශේෂී වන්නේ එම පොත් දෙකම ලියා ඇත්තේ සහෘද බ්ලොග් කරුවන් දෙදෙනකු වීමත් කිසි දිනක මේ දෙදෙනාව දැක නොතිබීමත් හේතුවෙන් ය. එසේම මේ රචකයන් දෙදෙනා අතර  සමාන අසමානකම් ද කීපයක්ම විය.



 මා වෙත ලැබුණු පොත් ද්වන්දය අතරින් එකක් වූයේ රසික සූරියආරච්චි ලියූ සිව් වසරක් මරදානේ පොතයි. මෙය තීරු ලිපි ගොන්නක් සේ සැලකිය හැකිය. එය අප කවුරුත් දන්නා බ්ලොග් ලොව නම රැන්දූ කතන්දර කාරයා ගේ ය.

අනෙක සඳ පහන බ්ලොග ලියන ප්‍රසාද් වීරසිංහගේ ගිනි පුපුරු කාව්‍ය සංග්‍රහය යි.

රසික (කකා) සහ ප්‍රසාද් දෙදෙනාම පේරාදෙණි විද්‍යාර්ථින් ය. කකා ඉංජිනේරු උපාධිය නිමවා විදෙස් රටක ට සේවය සලසයි. ප්‍රසාද් මේ වන විට වෛද්‍ය උපාධිය සම්පුර්ණ කරමින් අවසන් වසරේ අධ්‍යාපනය හදාරයි. මේ පොත් ද්වන්දයෙන්ම මම නොමද රසයක් වින්දෙමි. එයින් කකා ගේ සිව් වසරක් මරදානේ පොත බොහෝ සෙයින් මගේ සිත් ඇද ගත්තේ විය. එයට හේතුව එහි අන්තර්ගතය මගේ දිවියට ද බොහෝ සෙයින්ම සමානකම් දක්වන නිසාවෙනි.

මෙයිට දශක හතරකට පමණ කලින් කාලයේ පළමුවරට පාසල් යන සිසුවකු විද්‍යාර්ථියකු වි සරසවියෙන් කලඑළි බසින මොහොත දක්වා වූ සිදුවීම් පෙළක දුක දෝමනස්නයන් මෙන්ම හෘදයාංගම තැන් පිළිබද මානා පරිචයකින් යුතුව රසික මේ තීරු ලිපි ගොන්න එකලස් කොට ඇති අයුරු පාඨක සිත් ඇද බැඳ ගන්නා සුළුය. 


රසික සුරියආරච්චි (කතන්දර කාරයා)


කොළඹ සුපිරි පාසල් අයිති කොළඹ සමාජයට පමණක් ය යන ධනවාදී මතය රජයන සමයක කොළඹ සමාජයේ ම වචනයෙන් ගමේ බයියෙක් එවන් කොලිජියකට ආ විට එම සිසුවාගේ සිතෙහි ඇතිවන මානසික සාමාජයික චිත්ත සංකූලතාව සියුම් උපහාස රසයක්ද සමගින් සිව් වසරක් මරදානේ කෘතිය තුළින් රසික මැනවින් පාඨකයා වෙත ගෙන හැර දක්වයි. මෙවන් සමාජ ඛේදාන්ත සමාජ විද්‍යාඥයන් ගේ පවා කතා බහට ලක්ව ඇත්තේ ඉතාමත් විරලව ය.  මන්ද ඔවුන ද පැලැන්තිය රකින්නන් ගේ ගොන්නේම පුරුක් බැවිනි.

සිව් වසරක් මරදානේ පොත ඇරඹෙන්නේ ඩ්‍රැකියුලාගේ මනාලියෝ ලිපියෙනි..කුඩා පාසල් සිසුවකුට තමා කියවූ පොතක් ගැන ලියන්නැයි කී විට ඔහු ලියන්නේ ඩීමන් ආනන්දගේ ඩ්‍රැකියුලා ගේ මනාලියෝ පොත ගැනය.. සාම්ප්‍රදායික ගුරුවරුනට අනුව එය මහා පාපකාරී ක්‍රියාවකි.. මේ සිදුවීම රසිකගේ සිත සසල කරවයි..ගුරුවරුන් තුළ පවා පැවැති මේ බමුණු මතවාදයන්ට එරෙහිව රසික සිය පොතේ පළමු පරිච්ඡේදයෙන්ම කුලුගෙඩි පහරක් දෙන්නේ දැනුම ධනය වේ නම් සංකල්පයට නව ජීවයක් කවමිනි.


ලියන්න විතරක් නොවෙයි නටන්න එහෙමත් කතන්දර දක්ෂයි


මුළු මහත් ලාංකීය සමාජයම විවෘත ආර්ථිකය දෙසට කරනම් ගසද්දී සාම්ප්‍රදායික ගැමි පවුල් සංස්ථාවක දිවි පෙවතක් ගෙවන රසික සිය පියා හා කොළඹට එන්නේ ආනන්ද කොලීජියේ ඉගනුම ලබන්නට ය. එවිටය මොන්ත ක්‍රිස්තෝ සිනමාපටයේ දැවැන්ත පුවරු මරදානේ රදවා ඇති අයුරු මේ පාසල් සිසුවා දකින්නේ.. ඉතින් තමා මහත් ආසාවෙන් කියවා ඇති පොතක සෙලෝලොයිඩ් පටයක් නරඹන්නට මේ සිසුවා ගේ හිතේ ඇතිවන ආසාව තව දුරටත් අරුමයක් ද?. එහෙත් ගම්බද පියාට අනුව එය මහත් පාපකාරි කටයුත්තකි. සිය ආසාවන් සගවමින් පසුව රසික ඒ ගැන මෙසේ කියයි..

“මින් ස්වල්ප දිනකට පසු මා ආනන්දයේ දහවන ශ්‍රේණියේ ඉගනුම ඇරඹුවද, ගෙදරට හොරෙන් චිත්‍රපටයක් නැරඹුවෙ තවත් මාස හයකට පමණ පසුවය“
සිවු වසරක් මරදානේ පිටුව 6

කම්මැලි මකුණෝ මේ පොතේ එන තවත් කතාවකි.. එකල සමාජ ආර්ථිකයේ  තීබූ තවත් පැතිකඩක් ඉතාමත් සියුම් ලෙස විවරණය කරන්නට රසික මේ කතාව ඔස්සේ උත්සාහ දරා ඇත. එම කතාව මගින්, පවුලේ සහජීවනය සොයුරා සමග ඇති ගනුදෙනුව දුම්රිය ගමනක කටුකත්වය මේ සියල්ල ඉතා ශූර ලෙස පාඨකයාට දෙන්නට කතුවරයා සමත්ව ඇත. ඊට කදිම නිදසුනකි මේ වැකිය..
“මේ කතන්දර මාලාව ලිවීම මගින් කවරෙකුගේ හෝ සිත් රිදවන මකුණෙකු වීමේ අභිලාෂයක් මා තුළ නැති බැවිනි.“

මෙහි එන කොටකලිසම් කාරයෝ කතාව මගින් හැත්තෑව දශකයේ පාසල් සිසුවකු මුහුණ දෙන තවත් ඛේදවාචකයක් ගෙන හැර දක්වයි.. අද සමාජයෙ තරුණ සිසුවනට නම් මෙවන් දෑ ට මුහුණ දෙන්නට නොවනු ඇත. එහෙත් එකල සිසුවකු ගේ සිතෙහි ඇතිවන කම්පනය හද කකියවන අයුරින් ඉදිරිපත් කර ඇත්තේ කතුවරයා සතු නිසග කුසලතාව හේතුවෙන්ම ය.

 ආනන්දය මගේ උත්තම පාසල යන සංකල්පයෙන් බැහැරවන කතුවරයා, ඇති දේ ඇති ලෙසින් කියන්නට වෙර දරා ඇත.. ලොවට පෙනෙන සුපිරි පාසලක සැබෑව කුමක්ද යන්න තේරුම් ගන්නට යමෙකුට මේ පොත පමණක් වුව සෑහේ.. එතරම් නිර්ව්‍යාජව රසික මේ රචන කාර්යයෙහි යෙදී ඇත. ඒ ගැන සියලු තොරතුරු කියා පොත කියවනනට සිටින පාඨක ඔබේ රසාස්වාදයට බාධකයක් නොවී මෙන්න මේ වැකිය පමණක් සටහන් කරන්නම්..“කොළඹට කිරි වුව ද, දිය කිරි හා මිටි කිරි වශයෙන් දෙවර්ගයක් ඇති බව දන්නේ දන්නෝ පමණි.

කොළඹ සුපිරි යන ස්වේත සළුවෙන් වසන ලද ප්‍රෝඩාවක් තිරපට කීතු කරමින් රසික පාඨකයා වෙත ගෙන එන්නේ ද්වේශයකින් නොවන බව මගේ හැගුමයි.

සිසු ජීවිතයේ ස්වර්ණමය යුගයක පාසල් සිසුවකු මුහුණදෙන සමාජයීය දේශපාලනික අභ්‍යන්තරික යන හැම ඉසව්වක්ම නියෝජනය වන අයුරින් ලියැවුණු තවත් අගනා ලිපි බොහොමයක් මෙහි අන්තර්ගතය.

ඒ එකින් එක ලියන්නට නොගියත් මා සිතට තදින්ම වැදුණු  ශිෂ්‍ය නායකයෝ සහ ශිෂ්‍ය ලොක්කෝ ගැන යමක් කිව යුතුමය.. පාසල් සිසුන් අතර වැඩ්ඩෝ වෙති.. එසේම හඩ්ඩෝ ද වෙති... මෙතැන මා හඩ්ඩන් යැයි කියන්නේ දඩබ්බරයන් ය.. ඔවුන් නිරන්තර ගුරුවරුන්ගේ ගැරහුමට ලක්වන්නෝ වෙති... එහෙත් වැඩ්ඩන් අතර හොර ගෙඩියන් බිහිවන අයුරුත් ඒ නොදැක්කා සේ සිටින ගුරුවරුනටත් මේ ලිපියෙන් රසික දැවැන්ත අතුල් පහරක් ගසයි..

එනයින් බලන කල මේ සිවු වසරක් මරදානේ කෘතිය සෑම පාසල් සිසුවෙකු විසින් ම කියවිය යුතු පොතක් ලෙස මම හදුන්වමි.. එයින් හැදෙන සිසුවෙකුට ගත හැකි දේ බොහෝ ය..

පොත ගැන එපමණය...  
රසික සූරියආරච්චි එසේත් නැතිනම් බ්ලොග් ලියන්නන් අතර ඉමහත් ජනප්‍රිය  කකා ගේ බ්ලොග් සටහන් දෙසට නෙත යොමු කරවමු..
කකාගේ බ්ලොග් සටහනක් මට අනුව සමානවන්නේ වසන්ත ඔබේසේකර ගේ සිනමා සිත්තමකට ය.. 
වසන්තගේ සිනමා පටයක් තේරුම් ගන්නට නම් එහි හඬ පටය රූප රාමුව වෙන වෙනම තේරුම් ගෙන ඒ ඔස්සේ සිතින් මනෝ රූපකයක් මවා ගතයුතුය.
කකාගේ පෝස්ටුවක් තේරුම් ගන්නට නම් අනිවාර්යෙන්ම ඒ සටහන අරබයා ඇතිවන කමෙන්ටු ද කියවිය යුතුමය..එවිටය කකා ගේ සටහනේ නියම අරුත තේරුම් ගත හැකිවන්නේ.. එයට ඇනෝලා ගෙන් ලැබෙන්නේ ද අනුපමේය මෙහෙවරකි..

සහෘද බ්ලොග් කරු රසික ට මගේ සුබ පැතුම්.
ගිනි පුපුරු කාව්‍ය සංග්‍රහය ගැන වෙනම පෝස්ටුවකින් පසුව හමුවෙමු.

80 comments:

  1. මට ආව එකම ගැටලුව අයියෙ. කකාගෙ පොතෙත් ලින්කු දාල තියෙද කතන්දරේ වගේ.

    මේ පැත්තෙ කමෙන්ට් නැත්තෙ තලා වෙලා එහෙම නෙමේ ඇ.

    ReplyDelete
    Replies
    1. තියෙනවා තියෙනවා .. ලින්කු නැත්නම් ඒක කකාගේ ලියමනක් නෙමෙයි.
      හොරට ගහපු එකක්.

      අරන් කියවන්න ඕනේ ලැබුන වෙලාවක ... :D

      Delete
    2. ලිංකු නැත්තං ඒ කකාගේ නොවේ...

      Delete
  2. බලන්න හිතන් ඉන්න පොතක්... ස්තුතියි නලින් මතක් කරල දුන්නට... ගිනි පුපුරු ගැනත් ඉක්මණින් ලියන්න...

    ReplyDelete
    Replies
    1. දාන්නම් ඒ ගැනත් හොඳ කවි පොතක් ඒක..

      Delete
  3. //පොත් ද්වන්දය//

    මේ වචනේ හරිද නලින් අයියේ.... පොත් ද්වය කිව්වනං හරි වගේ මට හිතෙන්නේ...

    ඩ්‍රැක්‍යුලාගේ මනාලියෝ කියන්නේ මං හරි අවුලක වැටුන පොතක්... හි හි... පස්සේ වෙලාවක ලියන්න ඕනේ... ඒවා ඇවිල්ලා යාලුවන්ට උදවු කරන්න ගිහින් දාගත්ත ලෙඩ...

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාවත් දාන්න ..... මෙයාටමනේ වෙන්නේ... ඇත්තද මේ දවස්වල ඉබිමස් හොයනවා කියන්නේ

      Delete
    2. හි.... හී...
      හි... හී..
      හි.... හී...
      හි... හී..
      හි.... හී...
      හි... හී..

      Delete
  4. ඔය කතන්දර කාරයාගේ තියන ජරාම ගතිය තමයි උගේ ඔලුව. ඔය පොටෝ කෑලිවල තට්ට ගෙඩිය නෙවෙයි උගේ අලි ඔලුව. උගේ බ්ලොගේ කමෙන්ට් දාන එවුන්ව මඩවන මහ ජරා ගතියක් මූට තියනවා. ඌම උගේ බ්ලොගේ ඇනෝ කමෙන්ට් ගහනවා. ඒ ජාතියේ දසයෙක් මේකා.

    ReplyDelete
    Replies
    1. අඩෝ ඇනෝ කකාට තොපි වගේ හොරෙන් එන්න ඕන නැහැ.කියන්න තියෙන දේ කෙලින් කියන කොල්ලෙක්.
      ගමේ කම ඇග පුරා තිබුනට එයා ඉපදුනෙත් මම උපන්න "De Soyza" එකේ හරිය.

      Delete
    2. ඔන්න මං මොනවත් කියන්න යන්නේ නෑ කෙන්ජි උත්තර දීල තියනවනේ..

      Delete
    3. ඇයි කෙන්ජි කියන්නේ ඇනෝ කෙනෙක් නෙමේද? කෝ උඹේ හරි මූණ. ඇනෝලව විවේචනය කරන්න උඹ කවුද කෙන්ජි? මුලදී මාතලන්ගේ බ්ලොගේ නලින්ට අමු කුණු හබ්බෙන් දෙසා බෑවා කෙන්ජි දැන් බබා වෙන්න යනවා.. අපි මැරිල ඉපදිලා නෑ මහත්තයෝ...ඔයාගේ පොර පාට් ඔයා ගාව තියා ගන්න. ඔයත් කකාටම හොදා.

      Delete
    4. මගේ මුණ මා ලග ඇත.මම නලින්ට බැන්නෙ නැහැ.ආණ්ඩුවට බැන්න මිසක්.ලේක්හවුස් වැඩ කලාට බොක්කෙ එකෙක් කියල පස්සෙ දැනගත්තෙ.ඇනෝලත් ඉන්නව මොලයක් තියෙන වැදගත් විදියට කොමන්ට් කරන.මම කොහොමත් පොරක් තමා.කුහක/තුප්පහි ඇනෝලව විවෙච්චනය කරන්න නෙමේ මුනට මුන හම්බ උනොත් ඇහේ ඉදල හම ගහනව කුහක කමින් කොමන්ට් නොකරන්න.

      Delete
    5. ඕව ගනන් ගන්න එපා කෙන්ජි... මේ ඇනෝලා ඔයාව අවුස්සනවා.. උන් ජෝක් කරනවා ඇත්තේ...මතවාදි මොනම දෙයක් කිව්වත් ඒවත් එක්ක පෞද්ගලිකත්වය මං පටල ගන්නේ නෑ...

      Delete
    6. කෙන්ජි සහ ඇනෝ.... මතවාදීව අප විවිධ අදහස් බ්ලොග් තුළ වපුරා හැරියත් සහෘද බ්ලොග් කරුවකු හා බැදුණ මිතු දමට එය බාධාවක් නොවේ.. එයයි අප තේරුම් ගත යුත්තේ.. මේ ඇනෝ කොලුවෝ ඔයාව අවුස්සනවා.. කේන්ති ගන්න එපෝ..

      Delete
    7. කමෝන් කෙන්ජි කමෝන්....අපි වගේ ඇනෝලා ආතල් ගන්නේ උඹ වගේ නාකි ඇනෝලගෙන් තමා. මූණට මුණ හම්බවෙන්න උඹ වරෙන් අද රෑ 7 ට ලේක් හවුස් එක ඉස්සරහට. මම ආපු බවට සාක්ෂි දෙන්න නලීන් ඉන්නවා. නලීන් අද කෝච්චිය මිස් වුනාට කමක් නෑ, උඹව මං ගෙදරට ගිහිං දාන්නම්, බලහං කෙන්ජි සීයා මට ගහන හැටි...අනේ කෙන්ජි..තොට දෙන්නේ ඇටෙන් ගූ විසිවෙන්න (සමාවෙන්න නලීන්, අපි හොදින් කතා කලහම මූ පුස් පාට් දන්න එනවනේ බං)

      Delete
    8. මම එදත් චන්ඩිය අදත් චන්ඩිය හරිය.
      පියාඹල ද එන්න කියන්නෙ.

      Delete
    9. හරි ආපු දවසක කියපන්.... ගූ හල හල යන්න දෙන්නෙ ජපානෙට...

      Delete
  5. //ආනන්දය මගේ උත්තම පාසල යන සංකල්පයෙන් බැහැරවන කතුවරයා, ඇති දේ ඇති ලෙසින් කියන්නට වෙර දරා ඇත.//

    මේ සම්බන්ධව නම් කකා ආනන්දයේ පැරණි උදවිය ගෙන් බැනුම් ඇහුවත් එක්ක.:) පත්තරවලින් හොඳේ.

    පොතක් හැටියට එන්ට කලින් මේ කතා ටික මෙල්බන් සඟරාවක පල උනා. මෙහේ ඉන්න අය ඉතා ආසාවෙන් කියවපු ලිපි පෙළක්. ඒ වගේම පොතත් ඉතාම ලස්සනයි. එය කියවපු පාඨකයෙක් විදියට මට ඊට සහතිකයක් දුන්නු හැකි.:D

    ReplyDelete
    Replies
    1. එහෙම නොවුණා නම් තමා වැඩේ..

      Delete
  6. තවම කියෙව්වේ නෑ. අහන්න දෙයක් නෑ බොග වගේම ඇති පොතත්...

    ReplyDelete
    Replies
    1. පොත ඉස්තරම්...මාතලන්

      Delete
    2. ඒ කියන්නේ බොග අවුල් කියල නලීන් පිළිගන්නවා...අනේ...හොදයි.

      Delete
    3. පොත් කලාවත් බ්ලොග් කලාවත් අතර වෙනස කකා ඉතා හොදින් වටහාගන ඉන්නේ බවයි මගේ හැගුම ඇනෝ සහෝ.

      Delete
  7. හැබැයි අපරාදේ කියන්න බෑ අර ඇනෝලගේ කුනුහරුප නැතිව නිදහසේ පොත නං කියවන්න හැකි වේවි... හැක් හැක්...

    ReplyDelete
    Replies
    1. කට කට ඇනෝල එයි....

      Delete
    2. ඕං ආවා....දැන් දේශකයා උඹ ඇනෝ නේමේද? උඹ ගොං කතා කොච්චර කියනවද? සොරි, වැරදුනා උඹ ගොං නොවෙන කතාවක් කියන්නේ ඉදල හිටලනේ.

      නලීන් සමාවෙයන් ඇනෝ එන්න වුනාට. ඒත් මුංගේ හෙළුවැලි කතා බලාගෙන නොකියා යන්න බෑ බං..

      Delete
    3. කමක් නෑ බං ඇනෝ... උඹල නැත්තං බ්ලොග් රහ අඩුවෙනවා..

      Delete
    4. ඇත්තටම ඇනෝලාට දැන් වැලිව් එකක් තියනවා....
      ඒ තැන හදලා දෙන්න මුල සිටම ක්‍රියාකාරීව දායක වුනේ අපේ කකා තමයි... පසුව ඒ ප්‍රවාහයට කිහිප දෙනෙක්ම එක් වුනා...

      නලීන්, මාතලන් ඒ අතර ඉහලින්ම ඉන්නවා......

      තමන් පොරවල් කියා ගන්න ඇනෝ දැක්කම මළපහ පිටවෙන, ඇනෝලාගෙ අම්මලාට ලමයි හදා දෙන්න යන හුජ්ජ පොරවල් අතරෙ සැබෑම පොරවල් තමයි උන්.....

      Delete
  8. කියවන්න බැරි වුණානේ තාම. අපේ කැම්පස් එකට ආඩම්බරයක්.....!!

    ReplyDelete
    Replies
    1. එහෙනං ඔයත් පේරාදෙණියෙක්

      Delete
  9. කියවන්න ආස හිතුනා ..කකා ගේ පොත .

    ReplyDelete
    Replies
    1. කියවන්න වටින පොතක්...

      Delete
  10. ඇනො කමෙන්ට් නැතුව මේ පොත කියවලා කිසි ගතියක් නැතිවෙයිද මන්දා

    ReplyDelete
    Replies
    1. පොත රහයි ජෝන් මලයෝ

      Delete
  11. කකා කපටියා, අහවලා ටොපියක් දුන්නත් ඕනම කෙනෙකුට කඩේ යන බව දන්න නිසා පොතක් එවලා නොමිලේ හෑල්ලක් පලකරගන්නවා.

    ReplyDelete
    Replies
    1. නෝටි ඇනෝ..
      ටොපි ඕන නෑ අහවලා කොහොමත් මිතුරන්ට හැකි පමණින් උදව් කරනවා..ඇනෝ

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. ලිපි පෙළ නම් මාත් කියෙව්වා. හරිම රසවත්. නලීන්ගේ අගැයීම නම් කදිමයි.

    ReplyDelete
  14. මටත් කියවන්න දෙන්න ඈ

    ReplyDelete
    Replies
    1. දෙන්නම් හැලප අයියේ

      Delete
  15. සිතුවිල්ලක් පමණක් නිසා කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. මොකක්ද සිතුවිල්ල මට අපැහැදිලියි

      Delete
    2. සමාවෙයං මචං. වැරදි කමෙන්ට් එක ඇලවිලා.

      මම ලිව්වේ මේ පොත මමත් කියවන්න ආසාවෙන් ඉන්න පොතක් බව. මම කොහොමත් ඉස්කෝලෙ කතා කියවන්න ආසයි. අනික මම මේකෙ කවරේ නම් දැකලා තියෙනවා කතන්දර බ්ලොගේ එල්ලලා තියෙනවා

      Delete
  16. කියවන්ඩ බැරි උනා බන් මේ පොත නම්...අපෙත් එඩ්‍රස් එක දුන්නොත් අපිටත් තැපැල් කරයිද දන්නෙ නෑ නේහ් ?

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ කකා එවයි පොතක්

      Delete
    2. නලීන් කියන්නේ ඇත්තටම ඇසූ පිරූ තැන් ඇති, ඒත් ඊටත් වඩා බොහොම නිරහංකාර හොද හිතක් තියන නිහතමානී කෙනෙක්. කකා උගෙන් ප්‍රයෝජන ගන්නවා මිසක් ඇති හිතවත්කමක් නිසා පොත එවයි කියල හිතනවද වෙනියෝ. අපි නොදන්න රසූ.

      Delete
    3. අම්මෝ ඇනෝ සහෝ මාව ඒ තරම් උඩ යවන්න එපෝ.. අපි අපටම උදව්වක් නොකළොත් හොද නෑ නේද? මං කරන්නේ ඒ දේ පමණයි.. හොද දෙය අගය කිරිමක් කර ඇත්තේ..

      Delete
  17. කකා ද සහෝදර ආනන්දීයයෙක් බව දැනගැනීම සතුටකි. පොත කියවන්නට තවත් හේතුවක් ලැබුණා. හැබැයි මේ කොටස ගැන පොඩ්ඩක් බයෙත් බැහැ:

    // ආනන්දය මගේ උත්තම පාසල යන සංකල්පයෙන් බැහැරවන කතුවරයා, ඇති දේ ඇති ලෙසින් කියන්නට වෙර දරා ඇත.//

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇති හැටියෙන් ලියැවුණ පොතක් සහෝ මේක... මේ මාත් සහෝදර සුලෝහිතයෙක් තහනම්..

      Delete
  18. ඕක හොයාගෙන වෙලාවක කියවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. කියවමු කියවමු..මගේ පොත හරි දෙන්නම් වෙලාවක

      Delete
  19. ආනන්දය ........ මිහිරි මතකයක් තියෙන නිසා කියවන්නම ඕනෙ නලින්. මට තාම මේ පොත ගන්ට බැරි උනා. විචාරය හරි අගෙයි.

    ReplyDelete
    Replies
    1. චන්දි අක්කත් ආනන්දෙට සම්බන්ධයි එතකොට නේද?

      Delete
    2. මහත්තයාගෙ තාත්තාගේ සිට ඉතිරි සනුහරේම අයිතියි නලින්.

      Delete
  20. කකා කියන්නේ අන්දයෝ හත් දෙනා දැකපු අලියා වගේ. එකෙක් කියනවා වංගෙඩියක් වගේ කියලා, තව එකෙක් කියනවා කුල්ලක් වගේ කියලා...)

    ReplyDelete
    Replies
    1. හැබැයි හැදැරිය යුතු චරිතයක්. කටුකත්වයෙන් ජීවිතය ජයගත් චරිතයක්..

      Delete
    2. ඩොස් ගේම කෝ?

      Delete
    3. බලන්න සුදීක මොන අන්ධයා කකාගෙ මොන අවයවේ අත ගෑවත් කකාගෙ කිරිජ්ජපල්ල අතගෑවෙ මූ විතරමනෙ.... බලන්ඩ ඒකෙත් හැටි....

      Delete
    4. හි..හි..
      හි..හි..

      Delete
  21. පට්ට පොස්ටුව.. මේ පොත කොහොමින් හරි හොයාගෙන කියවන්ට ඕනා..

    ReplyDelete
    Replies
    1. කරු මේ පැත්තට අලුත් වගේ.. සාදරයෙන් පිළිගන්වා.

      Delete
  22. මේ ලිපිය දැක්කම ඕක අරන් කියවන්නමයි හිතෙන්නේ නලින් අයියේ...

    ReplyDelete
    Replies
    1. කියවමු කියවමු.. හොද පොතක්..

      Delete
  23. දැන් තේරුණා නේද නලීන් සමකය වටේ කොහොම වෙත්ත කකා ඔයාව කඩේ යැව්වා කියල.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා ඇනෝ සහෝ.. ඔබ වුව නිර්මාණයක් කළොත් එය වටීනම් මා එය ඇගයුමට ලක් කරනවා..

      Delete
  24. මම ආනන්දේ තමයි ඉස්කෝලේ පොත ගිය සැරේ හෙව්වත් හොයාගන්න බැරි උනා, දැන් තියන තත්වේ හැටියට පොත් වල නම් එකතු කරගත්තත් ගන්න කවද එන්න වෙයිද මන්දා...

    ReplyDelete
    Replies
    1. ආව දවසක කියවන්න නම මතකයේ රදවගන්න..

      Delete
  25. අම්මට හුඩු පොතක් දුන්නාම මේම නම් ලැපක් දුන්න එකාට කෝම කඩේ යන්න ඕනිද....

    ReplyDelete
    Replies
    1. අන්න මාව නියමෙට තේරුම් ගත්ත මිත්‍රෙයක්..

      Delete
    2. පට්ට ගෙස් එකක් හැක් හැක්...

      Delete
  26. I guess he is not insulting my School,

    ReplyDelete
  27. pl..s my ano friends....
    dont write dirty words...

    ReplyDelete
    Replies
    1. Sorry, Will never do it again

      Delete
    2. thanx lot..
      my doughters are read this blog..

      Delete
  28. බොහොම ස්තුතියි නලින් අයියට !!! මගේ පොත (ගිනිපුපුර) ගැනත් වචනයක් ලියවෙනකල් බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අනිවා ඒ ගැනත් ලියනවා පෝස්ටුවක්ම

      Delete
  29. මේ විචාරය කිරීම ගැන ඔබට ස්තුතියි.

    මෙන්න තවත් මේ ගැන සඟරාවක පලවූ විචාරයක්.
    http://sannasa.sinhalajukebox.org/2012/Nov/2012Nov_page15.pdf

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT