රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-05-17

යකඩ කූරක් හිසේ ඇමිණි හාස්කමකින් දිවි ගලවාගත් සිසුවෙක්

සීගිරිය දිගම්පතන කනිටු විදුහලේ 6වැනි ශ්‍රේණියේ සිසුවෙකු ගේ හිසමතට අද දහවල් යකඩ කූරක් වැටිමෙන් එම යකඩ කූර හිසේ ඇමිණි තිබියදීම එම සිසුවා දඹුල්ල රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව වෛද්‍යවරු සාර්ථකව යකඩ කූර ඉවත් කර  ඇත.
මෙම යකඩ කූර අඩි දෙකක් පමණ දිගය. පාසලේ සිනුව වෙනුවට ඇත්තේ සයිකල් රිම් එකකි.. තවත් සිසුවකු මෙම යකඩ කූරෙන් රිම් එකට ගසද්දි එය මේ සිසුවාගේ හිසේ ඇමිණි ඇතැයි පැවසේ.
මේ එම අවස්ථාවේ සේයා රූ කිපයකි.












සේයාරූ දඹුල්ලේ ප්‍රදීප් ගුණවර්ධන සමග කාන්චන ආරියදාස


17 comments:

  1. හොද වෙලාවට ගොඩක් වැදිලා නැහැ වගේ. නිවුස් එක දැක්ක ගමන් බය හිතුන

    ReplyDelete
    Replies
    1. නෑ කසුන් ගොඩක් යටට වැදිලා කියල තමයි ඇසින් දුටු හා වෛද්‍යවරු පවසා ඇත්තේ.

      Delete
    2. ඔහ් එහෙමද... :o ලංකාවෙත් බොහෝ දුරට තාක්‍ෂණය දියුණුයි ,, බය වෙන්න දෙයක් නැහැ. සහෝදරයා ඉක්මන් සුවය ලබාවි -_-

      Delete
  2. හපොයි අනු නවයට ඒ දරුවා බේරිලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. තාම ජීවිතය අවදානම් තත්ත්වයකයි තියෙන්නේ..

      Delete
  3. හාස්කම් වෙන්නේ නැතුවමත් නෙමයි එහෙමනම්....
    මේ දරුවාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා...!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ නවලෝකේ විතරක් නොවේ හාස්කම් වෙන්නේ..

      Delete
  4. නලීන් බලන්ට කලින් පෝස්ට් ඉක්මනට මාරු කරනවානේ. පොඩ්ඩක් හිමිහිට දාමුකෝ. නැත්නම් මේ වගේ හොඳ පෝස්ට් මිස්වෙලා යනවා.:(

    ReplyDelete
    Replies
    1. හොදම පෝස්ටුවක් යටට මේක දාන්න වුණේ පුවතක් පරණ කර දාන්න නොහැකි නිසයි පොඩ්ඩි... අද මා එක් කළ පුවත් දෙකම දුලබ පුවත් එනිසයි දැම්මේ...

      Delete
  5. කෝ නලීන් මේක ගැන විස්තර මදිනේ. මේක මොළේ හරහා ගිහින් නැද්ද? එහෙනම් හානියක් නොවුනේ කොහොමද? දැන් භයානක තත්වය පහුවෙලාද?

    ReplyDelete
    Replies
    1. දීර්ඝ විස්තරයක් ලැබුණත් ලද විගස මා මෙය බ්ලොගට දැම්මා හෙන්රි..මොලයට හානි වෙලා කියල වෛද්‍යවරු පවසා තිබෙනවා.. දඹුල්ල රෝහලෙන් යකඩ කූර ගලවා මේ දරුවා මහනුවර රෝහලට මාරු කර තියනවා.. තාම අවදානම් කාලයක ඔහු ඉන්නේ. ඒත් වෛද්‍යවරු විශ්වාස කරනවා සුව කරන්න හැකියි කියලා..මේ පුවත මුලින්ම දකින්නේ මේ බ්ලොගයෙන්.. හෙට වෙනකොට අනිත් වෙබ් වල යාවි සවිස්තරව.

      Delete
  6. කොළු පැටියා බෙරුන එකම ලොකු දෙයක්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ හාස්කමක් කියල කිව්වේ

      Delete
  7. පොඩි එකාට බුදු සරණයි !

    ReplyDelete
    Replies
    1. අපි එසේ ප්‍රාර්ථනය කරමු ප්‍රසා..

      Delete
  8. ඉක්මන් සුව පතමි.

    ReplyDelete
  9. අම්මෝ සකල සරීරයම හිරිවැ‍ටුණා

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්