
අනෙක සඳ පහන බ්ලොග ලියන ප්‍රසාද් වීරසිංහගේ ගිනි පුපුරු කාව්‍ය සංග්‍රහය යි.
රසික (කකා) සහ ප්‍රසාද් දෙදෙනාම පේරාදෙණි විද්‍යාර්ථින් ය. කකා ඉංජිනේරු උපාධිය නිමවා විදෙස් රටක ට සේවය සලසයි. ප්‍රසාද් මේ වන විට වෛද්‍ය උපාධිය සම්පුර්ණ කරමින් අවසන් වසරේ අධ්‍යාපනය හදාරයි. මේ පොත් ද්වන්දයෙන්ම මම නොමද රසයක් වින්දෙමි. එයින් කකා ගේ සිව් වසරක් මරදානේ පොත බොහෝ සෙයින් මගේ සිත් ඇද ගත්තේ විය. එයට හේතුව එහි අන්තර්ගතය මගේ දිවියට ද බොහෝ සෙයින්ම සමානකම් දක්වන නිසාවෙනි.
මෙයිට දශක හතරකට පමණ කලින් කාලයේ පළමුවරට පාසල් යන සිසුවකු විද්‍යාර්ථියකු වි සරසවියෙන් කලඑළි බසින මොහොත දක්වා වූ සිදුවීම් පෙළක දුක දෝමනස්නයන් මෙන්ම හෘදයාංගම තැන් පිළිබද මානා පරිචයකින් යුතුව රසික මේ තීරු ලිපි ගොන්න එකලස් කොට ඇති අයුරු පාඨක සිත් ඇද බැඳ ගන්නා සුළුය.
![]() |
රසික සුරියආරච්චි (කතන්දර කාරයා) |
කොළඹ සුපිරි පාසල් අයිති කොළඹ සමාජයට පමණක් ය යන ධනවාදී මතය රජයන සමයක කොළඹ සමාජයේ ම වචනයෙන් ගමේ බයියෙක් එවන් කොලිජියකට ආ විට එම සිසුවාගේ සිතෙහි ඇතිවන මානසික සාමාජයික චිත්ත සංකූලතාව සියුම් උපහාස රසයක්ද සමගින් සිව් වසරක් මරදානේ කෘතිය තුළින් රසික මැනවින් පාඨකයා වෙත ගෙන හැර දක්වයි. මෙවන් සමාජ ඛේදාන්ත සමාජ විද්‍යාඥයන් ගේ පවා කතා බහට ලක්ව ඇත්තේ ඉතාමත් විරලව ය. මන්ද ඔවුන ද පැලැන්තිය රකින්නන් ගේ ගොන්නේම පුරුක් බැවිනි.
සිව් වසරක් මරදානේ පොත ඇරඹෙන්නේ ඩ්‍රැකියුලාගේ මනාලියෝ ලිපියෙනි..කුඩා පාසල් සිසුවකුට තමා කියවූ පොතක් ගැන ලියන්නැයි කී විට ඔහු ලියන්නේ ඩීමන් ආනන්දගේ ඩ්රැකියුලා ගේ මනාලියෝ පොත ගැනය.. සාම්ප්‍රදායික ගුරුවරුනට අනුව එය මහා පාපකාරී ක්‍රියාවකි.. මේ සිදුවීම රසිකගේ සිත සසල කරවයි..ගුරුවරුන් තුළ පවා පැවැති මේ බමුණු මතවාදයන්ට එරෙහිව රසික සිය පොතේ පළමු පරිච්ඡේදයෙන්ම කුලුගෙඩි පහරක් දෙන්නේ දැනුම ධනය වේ නම් සංකල්පයට නව ජීවයක් කවමිනි.
![]() |
ලියන්න විතරක් නොවෙයි නටන්න එහෙමත් කතන්දර දක්ෂයි |
මුළු මහත් ලාංකීය සමාජයම විවෘත ආර්ථිකය දෙසට කරනම් ගසද්දී සාම්ප්‍රදායික ගැමි පවුල් සංස්ථාවක දිවි පෙවතක් ගෙවන රසික සිය පියා හා කොළඹට එන්නේ ආනන්ද කොලීජියේ ඉගනුම ලබන්නට ය. එවිටය මොන්ත ක්‍රිස්තෝ සිනමාපටයේ දැවැන්ත පුවරු මරදානේ රදවා ඇති අයුරු මේ පාසල් සිසුවා දකින්නේ.. ඉතින් තමා මහත් ආසාවෙන් කියවා ඇති පොතක සෙලෝලොයිඩ් පටයක් නරඹන්නට මේ සිසුවා ගේ හිතේ ඇතිවන ආසාව තව දුරටත් අරුමයක් ද?. එහෙත් ගම්බද පියාට අනුව එය මහත් පාපකාරි කටයුත්තකි. සිය ආසාවන් සගවමින් පසුව රසික ඒ ගැන මෙසේ කියයි..
“මින් ස්වල්ප දිනකට පසු මා ආනන්දයේ දහවන ශ්‍රේණියේ ඉගනුම ඇරඹුවද, ගෙදරට හොරෙන් චිත්‍රපටයක් නැරඹුවෙ තවත් මාස හයකට පමණ පසුවය“
සිවු වසරක් මරදානේ පිටුව 6
කම්මැලි මකුණෝ මේ පොතේ එන තවත් කතාවකි.. එකල සමාජ ආර්ථිකයේ තීබූ තවත් පැතිකඩක් ඉතාමත් සියුම් ලෙස විවරණය කරන්නට රසික මේ කතාව ඔස්සේ උත්සාහ දරා ඇත. එම කතාව මගින්, පවුලේ සහජීවනය සොයුරා සමග ඇති ගනුදෙනුව දුම්රිය ගමනක කටුකත්වය මේ සියල්ල ඉතා ශූර ලෙස පාඨකයාට දෙන්නට කතුවරයා සමත්ව ඇත. ඊට කදිම නිදසුනකි මේ වැකිය..
“මේ කතන්දර මාලාව ලිවීම මගින් කවරෙකුගේ හෝ සිත් රිදවන මකුණෙකු වීමේ අභිලාෂයක් මා තුළ නැති බැවිනි.“
මෙහි එන කොටකලිසම් කාරයෝ කතාව මගින් හැත්තෑව දශකයේ පාසල් සිසුවකු මුහුණ දෙන තවත් ඛේදවාචකයක් ගෙන හැර දක්වයි.. අද සමාජයෙ තරුණ සිසුවනට නම් මෙවන් දෑ ට මුහුණ දෙන්නට නොවනු ඇත. එහෙත් එකල සිසුවකු ගේ සිතෙහි ඇතිවන කම්පනය හද කකියවන අයුරින් ඉදිරිපත් කර ඇත්තේ කතුවරයා සතු නිසග කුසලතාව හේතුවෙන්ම ය.
ආනන්දය මගේ උත්තම පාසල යන සංකල්පයෙන් බැහැරවන කතුවරයා, ඇති දේ ඇති ලෙසින් කියන්නට වෙර දරා ඇත.. ලොවට පෙනෙන සුපිරි පාසලක සැබෑව කුමක්ද යන්න තේරුම් ගන්නට යමෙකුට මේ පොත පමණක් වුව සෑහේ.. එතරම් නිර්ව්‍යාජව රසික මේ රචන කාර්යයෙහි යෙදී ඇත. ඒ ගැන සියලු තොරතුරු කියා පොත කියවනනට සිටින පාඨක ඔබේ රසාස්වාදයට බාධකයක් නොවී මෙන්න මේ වැකිය පමණක් සටහන් කරන්නම්..“කොළඹට කිරි වුව ද, දිය කිරි හා මිටි කිරි වශයෙන් දෙවර්ගයක් ඇති බව දන්නේ දන්නෝ පමණි.
කොළඹ සුපිරි යන ස්වේත සළුවෙන් වසන ලද ප්‍රෝඩාවක් තිරපට කීතු කරමින් රසික පාඨකයා වෙත ගෙන එන්නේ ද්වේශයකින් නොවන බව මගේ හැගුමයි.
සිසු ජීවිතයේ ස්වර්ණමය යුගයක පාසල් සිසුවකු මුහුණදෙන සමාජයීය දේශපාලනික අභ්‍යන්තරික යන හැම ඉසව්වක්ම නියෝජනය වන අයුරින් ලියැවුණු තවත් අගනා ලිපි බොහොමයක් මෙහි අන්තර්ගතය.
ඒ එකින් එක ලියන්නට නොගියත් මා සිතට තදින්ම වැදුණු ශිෂ්‍ය නායකයෝ සහ ශිෂ්‍ය ලොක්කෝ ගැන යමක් කිව යුතුමය.. පාසල් සිසුන් අතර වැඩ්ඩෝ වෙති.. එසේම හඩ්ඩෝ ද වෙති... මෙතැන මා හඩ්ඩන් යැයි කියන්නේ දඩබ්බරයන් ය.. ඔවුන් නිරන්තර ගුරුවරුන්ගේ ගැරහුමට ලක්වන්නෝ වෙති... එහෙත් වැඩ්ඩන් අතර හොර ගෙඩියන් බිහිවන අයුරුත් ඒ නොදැක්කා සේ සිටින ගුරුවරුනටත් මේ ලිපියෙන් රසික දැවැන්ත අතුල් පහරක් ගසයි..
එනයින් බලන කල මේ සිවු වසරක් මරදානේ කෘතිය සෑම පාසල් සිසුවෙකු විසින් ම කියවිය යුතු පොතක් ලෙස මම හදුන්වමි.. එයින් හැදෙන සිසුවෙකුට ගත හැකි දේ බොහෝ ය..
පොත ගැන එපමණය...
රසික සූරියආරච්චි එසේත් නැතිනම් බ්ලොග් ලියන්නන් අතර ඉමහත් ජනප්‍රිය කකා ගේ බ්ලොග් සටහන් දෙසට නෙත යොමු කරවමු..
කකාගේ බ්ලොග් සටහනක් මට අනුව සමානවන්නේ වසන්ත ඔබේසේකර ගේ සිනමා සිත්තමකට ය..
වසන්තගේ සිනමා පටයක් තේරුම් ගන්නට නම් එහි හඬ පටය රූප රාමුව වෙන වෙනම තේරුම් ගෙන ඒ ඔස්සේ සිතින් මනෝ රූපකයක් මවා ගතයුතුය.
කකාගේ පෝස්ටුවක් තේරුම් ගන්නට නම් අනිවාර්යෙන්ම ඒ සටහන අරබයා ඇතිවන කමෙන්ටු ද කියවිය යුතුමය..එවිටය කකා ගේ සටහනේ නියම අරුත තේරුම් ගත හැකිවන්නේ.. එයට ඇනෝලා ගෙන් ලැබෙන්නේ ද අනුපමේය මෙහෙවරකි..
සහෘද බ්ලොග් කරු රසික ට මගේ සුබ පැතුම්.
ගිනි පුපුරු කාව්‍ය සංග්‍රහය ගැන වෙනම පෝස්ටුවකින් පසුව හමුවෙමු.
මට ආව එකම ගැටලුව අයියෙ. කකාගෙ පොතෙත් ලින්කු දාල තියෙද කතන්දරේ වගේ.
ReplyDeleteමේ පැත්තෙ කමෙන්ට් නැත්තෙ තලා වෙලා එහෙම නෙමේ ඇ.
තියෙනවා තියෙනවා .. ලින්කු නැත්නම් ඒක කකාගේ ලියමනක් නෙමෙයි.
Deleteහොරට ගහපු එකක්.
අරන් කියවන්න ඕනේ ලැබුන වෙලාවක ... :D
ලිංකු නැත්තං ඒ කකාගේ නොවේ...
Deleteබලන්න හිතන් ඉන්න පොතක්... ස්තුතියි නලින් මතක් කරල දුන්නට... ගිනි පුපුරු ගැනත් ඉක්මණින් ලියන්න...
ReplyDeleteදාන්නම් ඒ ගැනත් හොඳ කවි පොතක් ඒක..
Delete//පොත් ද්වන්දය//
ReplyDeleteමේ වචනේ හරිද නලින් අයියේ.... පොත් ද්වය කිව්වනං හරි වගේ මට හිතෙන්නේ...
ඩ්රැක්යුලාගේ මනාලියෝ කියන්නේ මං හරි අවුලක වැටුන පොතක්... හි හි... පස්සේ වෙලාවක ලියන්න ඕනේ... ඒවා ඇවිල්ලා යාලුවන්ට උදවු කරන්න ගිහින් දාගත්ත ලෙඩ...
ඔබේ කතාවත් දාන්න ..... මෙයාටමනේ වෙන්නේ... ඇත්තද මේ දවස්වල ඉබිමස් හොයනවා කියන්නේ
Deleteහි.... හී...
Deleteහි... හී..
හි.... හී...
හි... හී..
හි.... හී...
හි... හී..
ඔය කතන්දර කාරයාගේ තියන ජරාම ගතිය තමයි උගේ ඔලුව. ඔය පොටෝ කෑලිවල තට්ට ගෙඩිය නෙවෙයි උගේ අලි ඔලුව. උගේ බ්ලොගේ කමෙන්ට් දාන එවුන්ව මඩවන මහ ජරා ගතියක් මූට තියනවා. ඌම උගේ බ්ලොගේ ඇනෝ කමෙන්ට් ගහනවා. ඒ ජාතියේ දසයෙක් මේකා.
ReplyDeleteඅඩෝ ඇනෝ කකාට තොපි වගේ හොරෙන් එන්න ඕන නැහැ.කියන්න තියෙන දේ කෙලින් කියන කොල්ලෙක්.
Deleteගමේ කම ඇග පුරා තිබුනට එයා ඉපදුනෙත් මම උපන්න "De Soyza" එකේ හරිය.
ඔන්න මං මොනවත් කියන්න යන්නේ නෑ කෙන්ජි උත්තර දීල තියනවනේ..
Deleteඇයි කෙන්ජි කියන්නේ ඇනෝ කෙනෙක් නෙමේද? කෝ උඹේ හරි මූණ. ඇනෝලව විවේචනය කරන්න උඹ කවුද කෙන්ජි? මුලදී මාතලන්ගේ බ්ලොගේ නලින්ට අමු කුණු හබ්බෙන් දෙසා බෑවා කෙන්ජි දැන් බබා වෙන්න යනවා.. අපි මැරිල ඉපදිලා නෑ මහත්තයෝ...ඔයාගේ පොර පාට් ඔයා ගාව තියා ගන්න. ඔයත් කකාටම හොදා.
Deleteමගේ මුණ මා ලග ඇත.මම නලින්ට බැන්නෙ නැහැ.ආණ්ඩුවට බැන්න මිසක්.ලේක්හවුස් වැඩ කලාට බොක්කෙ එකෙක් කියල පස්සෙ දැනගත්තෙ.ඇනෝලත් ඉන්නව මොලයක් තියෙන වැදගත් විදියට කොමන්ට් කරන.මම කොහොමත් පොරක් තමා.කුහක/තුප්පහි ඇනෝලව විවෙච්චනය කරන්න නෙමේ මුනට මුන හම්බ උනොත් ඇහේ ඉදල හම ගහනව කුහක කමින් කොමන්ට් නොකරන්න.
Deleteඕව ගනන් ගන්න එපා කෙන්ජි... මේ ඇනෝලා ඔයාව අවුස්සනවා.. උන් ජෝක් කරනවා ඇත්තේ...මතවාදි මොනම දෙයක් කිව්වත් ඒවත් එක්ක පෞද්ගලිකත්වය මං පටල ගන්නේ නෑ...
Deleteකෙන්ජි සහ ඇනෝ.... මතවාදීව අප විවිධ අදහස් බ්ලොග් තුළ වපුරා හැරියත් සහෘද බ්ලොග් කරුවකු හා බැදුණ මිතු දමට එය බාධාවක් නොවේ.. එයයි අප තේරුම් ගත යුත්තේ.. මේ ඇනෝ කොලුවෝ ඔයාව අවුස්සනවා.. කේන්ති ගන්න එපෝ..
Deleteකමෝන් කෙන්ජි කමෝන්....අපි වගේ ඇනෝලා ආතල් ගන්නේ උඹ වගේ නාකි ඇනෝලගෙන් තමා. මූණට මුණ හම්බවෙන්න උඹ වරෙන් අද රෑ 7 ට ලේක් හවුස් එක ඉස්සරහට. මම ආපු බවට සාක්ෂි දෙන්න නලීන් ඉන්නවා. නලීන් අද කෝච්චිය මිස් වුනාට කමක් නෑ, උඹව මං ගෙදරට ගිහිං දාන්නම්, බලහං කෙන්ජි සීයා මට ගහන හැටි...අනේ කෙන්ජි..තොට දෙන්නේ ඇටෙන් ගූ විසිවෙන්න (සමාවෙන්න නලීන්, අපි හොදින් කතා කලහම මූ පුස් පාට් දන්න එනවනේ බං)
Deleteමම එදත් චන්ඩිය අදත් චන්ඩිය හරිය.
Deleteපියාඹල ද එන්න කියන්නෙ.
හරි ආපු දවසක කියපන්.... ගූ හල හල යන්න දෙන්නෙ ජපානෙට...
Delete//ආනන්දය මගේ උත්තම පාසල යන සංකල්පයෙන් බැහැරවන කතුවරයා, ඇති දේ ඇති ලෙසින් කියන්නට වෙර දරා ඇත.//
ReplyDeleteමේ සම්බන්ධව නම් කකා ආනන්දයේ පැරණි උදවිය ගෙන් බැනුම් ඇහුවත් එක්ක.:) පත්තරවලින් හොඳේ.
පොතක් හැටියට එන්ට කලින් මේ කතා ටික මෙල්බන් සඟරාවක පල උනා. මෙහේ ඉන්න අය ඉතා ආසාවෙන් කියවපු ලිපි පෙළක්. ඒ වගේම පොතත් ඉතාම ලස්සනයි. එය කියවපු පාඨකයෙක් විදියට මට ඊට සහතිකයක් දුන්නු හැකි.:D
එහෙම නොවුණා නම් තමා වැඩේ..
Deleteතවම කියෙව්වේ නෑ. අහන්න දෙයක් නෑ බොග වගේම ඇති පොතත්...
ReplyDeleteපොත ඉස්තරම්...මාතලන්
Deleteඒ කියන්නේ බොග අවුල් කියල නලීන් පිළිගන්නවා...අනේ...හොදයි.
Deleteපොත් කලාවත් බ්ලොග් කලාවත් අතර වෙනස කකා ඉතා හොදින් වටහාගන ඉන්නේ බවයි මගේ හැගුම ඇනෝ සහෝ.
Deleteහැබැයි අපරාදේ කියන්න බෑ අර ඇනෝලගේ කුනුහරුප නැතිව නිදහසේ පොත නං කියවන්න හැකි වේවි... හැක් හැක්...
ReplyDeleteකට කට ඇනෝල එයි....
Deleteඕං ආවා....දැන් දේශකයා උඹ ඇනෝ නේමේද? උඹ ගොං කතා කොච්චර කියනවද? සොරි, වැරදුනා උඹ ගොං නොවෙන කතාවක් කියන්නේ ඉදල හිටලනේ.
Deleteනලීන් සමාවෙයන් ඇනෝ එන්න වුනාට. ඒත් මුංගේ හෙළුවැලි කතා බලාගෙන නොකියා යන්න බෑ බං..
කමක් නෑ බං ඇනෝ... උඹල නැත්තං බ්ලොග් රහ අඩුවෙනවා..
Deleteඇත්තටම ඇනෝලාට දැන් වැලිව් එකක් තියනවා....
Deleteඒ තැන හදලා දෙන්න මුල සිටම ක්‍රියාකාරීව දායක වුනේ අපේ කකා තමයි... පසුව ඒ ප්රවාහයට කිහිප දෙනෙක්ම එක් වුනා...
නලීන්, මාතලන් ඒ අතර ඉහලින්ම ඉන්නවා......
තමන් පොරවල් කියා ගන්න ඇනෝ දැක්කම මළපහ පිටවෙන, ඇනෝලාගෙ අම්මලාට ලමයි හදා දෙන්න යන හුජ්ජ පොරවල් අතරෙ සැබෑම පොරවල් තමයි උන්.....
කියවන්න බැරි වුණානේ තාම. අපේ කැම්පස් එකට ආඩම්බරයක්.....!!
ReplyDeleteඑහෙනං ඔයත් පේරාදෙණියෙක්
Deleteකියවන්න ආස හිතුනා ..කකා ගේ පොත .
ReplyDeleteකියවන්න වටින පොතක්...
Deleteඇනො කමෙන්ට් නැතුව මේ පොත කියවලා කිසි ගතියක් නැතිවෙයිද මන්දා
ReplyDeleteපොත රහයි ජෝන් මලයෝ
Deleteකකා කපටියා, අහවලා ටොපියක් දුන්නත් ඕනම කෙනෙකුට කඩේ යන බව දන්න නිසා පොතක් එවලා නොමිලේ හෑල්ලක් පලකරගන්නවා.
ReplyDeleteනෝටි ඇනෝ..
Deleteටොපි ඕන නෑ අහවලා කොහොමත් මිතුරන්ට හැකි පමණින් උදව් කරනවා..ඇනෝ
This comment has been removed by the author.
ReplyDeleteලිපි පෙළ නම් මාත් කියෙව්වා. හරිම රසවත්. නලීන්ගේ අගැයීම නම් කදිමයි.
ReplyDeleteස්තුතියි
Deleteමටත් කියවන්න දෙන්න ඈ
ReplyDeleteදෙන්නම් හැලප අයියේ
Deleteසිතුවිල්ලක් පමණක් නිසා කමක් නෑ.
ReplyDeleteමොකක්ද සිතුවිල්ල මට අපැහැදිලියි
Deleteසමාවෙයං මචං. වැරදි කමෙන්ට් එක ඇලවිලා.
Deleteමම ලිව්වේ මේ පොත මමත් කියවන්න ආසාවෙන් ඉන්න පොතක් බව. මම කොහොමත් ඉස්කෝලෙ කතා කියවන්න ආසයි. අනික මම මේකෙ කවරේ නම් දැකලා තියෙනවා කතන්දර බ්ලොගේ එල්ලලා තියෙනවා
කියවන්ඩ බැරි උනා බන් මේ පොත නම්...අපෙත් එඩ්රස් එක දුන්නොත් අපිටත් තැපැල් කරයිද දන්නෙ නෑ නේහ් ?
ReplyDeleteකියන්න බෑ කකා එවයි පොතක්
Deleteනලීන් කියන්නේ ඇත්තටම ඇසූ පිරූ තැන් ඇති, ඒත් ඊටත් වඩා බොහොම නිරහංකාර හොද හිතක් තියන නිහතමානී කෙනෙක්. කකා උගෙන් ප්‍රයෝජන ගන්නවා මිසක් ඇති හිතවත්කමක් නිසා පොත එවයි කියල හිතනවද වෙනියෝ. අපි නොදන්න රසූ.
Deleteඅම්මෝ ඇනෝ සහෝ මාව ඒ තරම් උඩ යවන්න එපෝ.. අපි අපටම උදව්වක් නොකළොත් හොද නෑ නේද? මං කරන්නේ ඒ දේ පමණයි.. හොද දෙය අගය කිරිමක් කර ඇත්තේ..
Deleteකකා ද සහෝදර ආනන්දීයයෙක් බව දැනගැනීම සතුටකි. පොත කියවන්නට තවත් හේතුවක් ලැබුණා. හැබැයි මේ කොටස ගැන පොඩ්ඩක් බයෙත් බැහැ:
ReplyDelete// ආනන්දය මගේ උත්තම පාසල යන සංකල්පයෙන් බැහැරවන කතුවරයා, ඇති දේ ඇති ලෙසින් කියන්නට වෙර දරා ඇත.//
ඇත්ත ඇති හැටියෙන් ලියැවුණ පොතක් සහෝ මේක... මේ මාත් සහෝදර සුලෝහිතයෙක් තහනම්..
Deleteඕක හොයාගෙන වෙලාවක කියවන්න ඕන.
ReplyDeleteකියවමු කියවමු..මගේ පොත හරි දෙන්නම් වෙලාවක
Deleteආනන්දය ........ මිහිරි මතකයක් තියෙන නිසා කියවන්නම ඕනෙ නලින්. මට තාම මේ පොත ගන්ට බැරි උනා. විචාරය හරි අගෙයි.
ReplyDeleteචන්දි අක්කත් ආනන්දෙට සම්බන්ධයි එතකොට නේද?
Deleteමහත්තයාගෙ තාත්තාගේ සිට ඉතිරි සනුහරේම අයිතියි නලින්.
Deleteකකා කියන්නේ අන්දයෝ හත් දෙනා දැකපු අලියා වගේ. එකෙක් කියනවා වංගෙඩියක් වගේ කියලා, තව එකෙක් කියනවා කුල්ලක් වගේ කියලා...)
ReplyDeleteහැබැයි හැදැරිය යුතු චරිතයක්. කටුකත්වයෙන් ජීවිතය ජයගත් චරිතයක්..
Deleteඩොස් ගේම කෝ?
Deleteබලන්න සුදීක මොන අන්ධයා කකාගෙ මොන අවයවේ අත ගෑවත් කකාගෙ කිරිජ්ජපල්ල අතගෑවෙ මූ විතරමනෙ.... බලන්ඩ ඒකෙත් හැටි....
Deleteහි..හි..
Deleteහි..හි..
පට්ට පොස්ටුව.. මේ පොත කොහොමින් හරි හොයාගෙන කියවන්ට ඕනා..
ReplyDeleteකරු මේ පැත්තට අලුත් වගේ.. සාදරයෙන් පිළිගන්වා.
Deleteමේ ලිපිය දැක්කම ඕක අරන් කියවන්නමයි හිතෙන්නේ නලින් අයියේ...
ReplyDeleteකියවමු කියවමු.. හොද පොතක්..
Deleteදැන් තේරුණා නේද නලීන් සමකය වටේ කොහොම වෙත්ත කකා ඔයාව කඩේ යැව්වා කියල.
ReplyDeleteඑහෙම කියන්න එපා ඇනෝ සහෝ.. ඔබ වුව නිර්මාණයක් කළොත් එය වටීනම් මා එය ඇගයුමට ලක් කරනවා..
Deleteමම ආනන්දේ තමයි ඉස්කෝලේ පොත ගිය සැරේ හෙව්වත් හොයාගන්න බැරි උනා, දැන් තියන තත්වේ හැටියට පොත් වල නම් එකතු කරගත්තත් ගන්න කවද එන්න වෙයිද මන්දා...
ReplyDeleteආව දවසක කියවන්න නම මතකයේ රදවගන්න..
Deleteඅම්මට හුඩු පොතක් දුන්නාම මේම නම් ලැපක් දුන්න එකාට කෝම කඩේ යන්න ඕනිද....
ReplyDeleteඅන්න මාව නියමෙට තේරුම් ගත්ත මිත්‍රෙයක්..
Deleteපට්ට ගෙස් එකක් හැක් හැක්...
DeleteI guess he is not insulting my School,
ReplyDeletepl..s my ano friends....
ReplyDeletedont write dirty words...
Sorry, Will never do it again
Deletethanx lot..
Deletemy doughters are read this blog..
බොහොම ස්තුතියි නලින් අයියට !!! මගේ පොත (ගිනිපුපුර) ගැනත් වචනයක් ලියවෙනකල් බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා.
ReplyDeleteඅනිවා ඒ ගැනත් ලියනවා පෝස්ටුවක්ම
Deleteමේ විචාරය කිරීම ගැන ඔබට ස්තුතියි.
ReplyDeleteමෙන්න තවත් මේ ගැන සඟරාවක පලවූ විචාරයක්.
http://sannasa.sinhalajukebox.org/2012/Nov/2012Nov_page15.pdf
ස්තුතියි කකා..
Delete