
ෙවේලාව ප. ව. 2.00ට ද ආසන්නය. යක්කුරේ ගම හරහා දිවෙන බස් රථය පැමිණෙන තුරු මඟ බලා සිටින මඟීන් අතර නව යොවුන් වියේ දැරියන් රැසකි. පාසල් විෂය මාලාවට අමතරව හැදෑරීම් වෙනුවෙන් ඔවුහු පෙළ ගැසෙති. කුඩා දරුවන් ද, ගමට නුදුරේ ඇති පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් වෙත ඇදෙන අයුරු සුලභ දසුනකි.
යක්කුරේ සමෘද්ධි නිලධාරී අනෝමා කුමාරි මහත්මිය අප එනතුරු මඟ බලා සිටින්නීය. ඈ අපේ මඟ පෙන්වන්නීයයි.
අපේ පැමිණීම ප්‍රමාදයෙන් දෝ ඕ සිය කාර්යාලයට වී කල් මරමින් සිටියාය. කෙසේ වෙතත් අප ප්‍රථමයෙන්ම ඈ සොයා පැමිණියෙමු. දැන් අප සියල්ලෝම යක්කුරේ ගම්මානය වෙත පියනඟමු. යක්කුරේ හි සමන්ත සහ විමලසිරි අපට එක්ව සිටිති.තාර නොයෙදූ වැලි මාවත දිගේ අපි ඇවිද යන්නෙමු. හුදෙකලාවේ කිසියම් කාරියක නිමග්නව හිඳිනා මහලු මාතාවකි.
ඈ යක්කුරේ හි සිටිනා වැඩිහිටියන් කිහිපදෙනා අතරින් කෙනෙකි. ඕ බබා නෝනා මාතාවයි. අසූවිය ඉක්ම වුවද ඈ තවමත් නිරෝගීය. දෑස් හොඳින් පෙනෙනා දෙසවනට හොඳින් ශ්‍රවණය වන ඕ අප වෙත දැක්වූයේ මහත් ළෙන්ගතුකමකි. ඔවුන්ගේ ගම්මානයට පැමිණි අමුත්තන් අප වුව ගමේ තොරතුරු නොවලහා අප වෙත ඈ දන්නා අයුරින් පවැසුවාය.
කුවේණියගේ දරු දෙදෙනා වන ජීවහත්ත හා දිසාලාගෙන් පැවැත එන යක්ෂ ගෝත්‍රයට අයත් පරපුරක් මේ ගම්මානයේ ජීවත් වූ බැවින් “යක්කුරය” ලෙසින් නම් වන් වූ බව ජනප්රවාදයෙන් පැවසෙන්නකි. තව ද කඳු ශිඛර ආශි‍්‍රතව (යක්+ගිර+පුර) යකුන් සිටින බැවින් යක්ගිරිපුර පසුව යක්කුරේ වූ බවට ද විශ්වාසයකි. කෙසේ වෙතත් යක්ෂ නැමැති ජන කොට්ඨාසයක් හෝ යක්කු නැමැති අත්භූත බලවේගයක් ආශි‍්‍රතව හෝ මේ ගමට “යක්කුරේ” ලෙසින් නම් වන් වූ බැව් විශ්වාස කළ හැකිය.
දැන් අප හිඳින්නේ යක්කුරේ ග්‍රාමය මධ්‍යයේය. අප තැනිතලා අඩි මාවතක් ඔස්සේ එක්තරා වරිච්චි බිත්ති සහිත පොල් අතු සෙවිලි කළ ගැමි නිවසක් වෙත සේන්දු වූයෙමු. එහි ගෘහණිය බණ්ඩාර මැණිකා මාතාවයි.
ලේ ඥාතියෙකු බොහෝ කලකින් තමා බැහැ දැකීමට ආවා සේ ඈ මහත් වූ සෙනෙහෙසකින් මා තරයේ සිප වැලඳ ගත්තාය. ඇගේ ඇතුළු හදින් නැඟ ආ ස්නේහය දෝරේ ගලන්නට විය. මෙතරම් ළෙන්ගතු, උතුරා යන මිනිස් ගුණාංගවලින් හෙඹි මිනිසුන් තවමත් මෙරටෙහි ජීවත්ව සිටිනා අයුරු දැකීමට අප පින් කර ඇත. ඇගේ සියලු ආගන්තුක සංග්‍රහ මධ්‍යයේ අපි දොඩමලු වූයෙමු. පාරම්පරිකව වෙසෙන අහිංසක, ළ’තෙත් ගැමියෝ මෙහි ජීවත් වෙති. යක්කුරේ හි ඉහළ යක්කුරේ හා පහළ යක්කුරේ නමින් ගම්මාන දෙකක් දක්නට වෙයි. වරිච්චි බිත්ති ගසා සැකසූ සාම්ප්‍රදායික වූද, ඉතා සරල වූද ගැමි ගෙවල් මෙහි වෙයි.
නිවෙස්වලට සාපේක්ෂව ඔවුන්ගේ ජීවිත ද ඉතාම සරලය. යක්කුරේ ගැමියන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැනයි. හේන් ගොවිතැන හා වී ගොවිතැන ඒ අතර වෙයි. ඉරිඟු, කුරහන්, මෑ, තල යනාදී ධාන්‍යයන් හේන් වගාව ආශි‍්‍රතව එලවළු ඇතුළු සියලු භව බෝග වගා කිරීමටත් ගැමියෝ පුරුදුව සිටිති. පසුගිය කාලච්ඡේදයේ නොකඩවා එකදිගට ඇද හැලුණු වර්ෂාව ගැමියන්ට බොහෝ විපත් ගෙන දුණි. වගාවන් සියල්ල ජලයට යට විය. එපමණක් ද නොවේ.
ගව සම්පත ද දහස් ගණනින් විනාශ විය. ස්වභාවිකව ගෙනදුන් උපද්‍රව හේතුවෙන් බැට කෑ ගැමියෝ යළිත් හිස ඔසවන්නට පටන් ගත්තේ සියල්ල දෛවයට භාර දෙමිනි. ගව සම්පත ගැමියන්ට ප්‍රධාන ආර්ථික මාර්ගයකි. එහෙත්, එහිදී ඔවුන් පෙළනා අපහසුතා එමටය. ප්‍රධානතම සාධකය වන්නේ ගවයන් දිගේලි කිරීමට භූමියක් නැතිකමය.
හේන් වගාවටත්, වී වගාවටත් ඉඩ කඩ වෙන්වූ විට සතුන් වෙනුවෙන් වෙන් වූ ඉඩකඩක් නැත. එහෙත් ජල ගැලුම් නිම්න රක්ෂිතය ගම්මානය අද්දරින් පිහිටයි. රක්ෂිතයට ඇතුළු වීම ද තහනම්ය. පහළ යක්කුරේ විදුහලේ හිටපු විදුහල්පති වික්‍රමරත්න මහතාගේ හමුවීම ද අහඹු සිදුවීමකි. එදින නිවාඩු දිනයක් බැවින් ඔහුගේ සූදානම සිය වගා කටයුතුවල නිරත වීමය. යක්කුරේ හි සියලු පවුල් සංඛ්‍යාව 336 කි. මෙහි ගැමියන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන වුවද රජයේ රැකියාවල නිරතවන අතළොස්සක් දෙනාද වෙති.
ඔවුන් ද සිය රාජකාරී දිනයන් හි හැර විවේකය ලද සෑම අවස්ථාවකදී ම වගා කටයුතුවල නිරත වෙති. වැඩිදුර අධ්‍යාපනය ලැබූ අය මෙහි නොවෙති. ගොවි පවුල්වල ගොවි දරුවෝ තමන්ට ආසන්නම යක්කුරේ පාසලෙන් අධ්‍යාපනය හදාරති. පහළ යක්කුරේ පාසලේ සමස්ත ළමයි සංඛ්‍යාව 164 කි. අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගැනීමට සමත් වන මේ දරුවන් අතරින් ඉතා දක්ෂ අය කිහිපදෙනා උසස් පෙළ සඳහා සිරිපුරට යති.
දරීද්‍රතාව දරුවන් පෙළනා ප්‍රධාන අපහසුතාවයි. අස්වැන්න නෙළනා කාලයට හා ගොවිතැන් කාලයට පාසලට යනවාට වඩා හේනට යෑම සිරිතක් කොට සලකති. තව ද තමන්ට දැනුම දානය කරන ගුරු මවුපියන්ගේ ගොවිතැන් කටයුතුවලට ද මේ ගැමි දරුවෝ අත් උදව් සපයති. ගැමි දරුවෝ අහිංසකයෝ වෙති. ඔවුන්ගේ අව්‍යාජත්වයත්, දරීද්රතාවත් මුහු වූ සැබෑ ළෙන්ගතුකම් මිල කළ නොහැකිය.
ගුරුවරුන්ගේ අණට, මවුපියන්ගේ අණට විරුද්ධව කිසිවක් නොකිරීමට මේ ගැමි දරුවෝ වග බලා ගනිති. සෑම ගැමි නිවසක්ම සරලය. එහෙත් අපිළිවෙළ සෑම තැනකම දක්නට ලැබෙන්නකි. යක්කුරේ ගැමියන් නොපෙනෙන දෑ කෙරෙහි දැඩි විශ්වාසය තබති. තමන්ගේ වගා කටයුතු හා ලෙඩ දුක් වෙනුවෙන් නොපෙනෙන දෙවියන් කෙරෙහි දැඩි භක්තිය දක්වති.
සෑම ගැමියෙකුගේම ගැමි ළඳකගේම ගෙල බැඳි සුරයක් දක්නට ලැබෙයි. තව ද මේ ගම පුරාම දේවාල රැසකි. හදි හූනියම් සහ බලගතු යන්ත්‍ර මන්ත්‍රවලින් මේ ගැමියන් දැඩි ලෙස බන්ධනය වී සිටිති. දරීද්‍රතාව, නූගත්කම ඔඩු දුවන කල්හි අත්භූත බලවේග කරා ඉතා වේගයෙන් ඇදී බැඳී කටයුතු කරන අයුරු පැහැදිලිව දක්නට ලැබෙන්නකි.
නවීන තාක්ෂණය අත පත ගෑම, නව ලොව දැනුම දෝලනය මේ ගැමියන්ගෙන් බොහෝ දුරස්ය. එහෙත් මේ සීමා බන්ධනවලින් වැට කඩුලුවලින් පැන ගන්නට සමත් වන්නේ උසස් අධ්‍යාපන වරම් ලැබූ දරුවන්ටය. එබැවින් බොහෝ දරුවෝ උපකාරක පන්ති හරහා කිසියම් ඥානයක් ලැබීමට උත්සුක වන අයුරු දක්නට ලැබෙන්නකි.
වෙද මාමාගේ පාරම්පරික බෙහෙත් තෙල් වට්ටෝරු කෙරෙහි ද ගැමියෝ තදින් විශ්වාසය තබති. වෙද මාමාගේ සත්කාරයෙන් ගුණයක් නොලැබුණු කල්හි රජයේ රෝහල වෙත ඇදී යන ගම්මු ඉන් අනතුරුව ද සෙත් ශාන්ති කර්ම සිදු කරති.
සෑම නිවසක් අද්දරම පානීය ජල අවශ්‍යතාව වෙනුවෙන් සැකැසූ ළිඳක් ඇත. වගාව හා ඉතා තද බැඳීමක් ඇති හෙයින් පානීය ජලයට කෘෂි රසායනික දෑ මිශ්‍ර වීම ද සිදු විය හැකි සංසිද්ධියකි. එබැවින් දෝ වයස අවුරුදු 40 පසු කළ බොහෝ තරුණ පිරිමි පාර්ශ්වය වකුගඩු ආශි‍්‍රත රෝගාබාධයට ගොදුරුව හිඳිති.
යක්කුරේ ගමෙහි පිහිටි පන්සල බෞද්ධ බැතිමතුන්ට සිය ආගමික වතාවන් සඳහා ඇති එකම ස්ථානයයි. එකම එක හිමිනමක් එහි වැඩ වාසය කරති. එහෙත් භෞතික ප්රබෝධයක් හෝ දියුණුවක් දක්නට නැත. යක්කුරේ වෙලා ගෙන ඇති කිසියම් බන්ධනයක් ඇති බව නම් පැහැදිලිය. කෙසේ වෙතත් අර්ථයේ පරිසමාප්තියෙන්ම ගැමියෝ අව්‍යාජය. කන බොන වේලාවක දී ගැමි ගෙදරකට ගොඩ වූ විට ඔවුන්ට හැකි පමණින් සංග්‍රහ පවත්වති.
බක් මහේ එළඹෙන වසන්තයට ගම්මු තුටු සිතින් ලක ලෑස්ති වෙති. කැවුම්, කොකිස්, කිරිබත් සෑම ගෙදරකම සෑදෙයි. අටු කොටු පිරී ගමට සශ්‍රීකත්වය පැමිණෙන කල්හි සියලු ගම්මු තුටු සිතින් ක්‍රීඩා පවත්වති. ඉෂ්ට දේවතාවෝ වන්දනය කරති. බක්මහ සැණකෙලි පවත්වති. රතිඤ්ඤා හඬත්, කොහාගේ හඬත් ගම්මානය දෙවනත් කරවයි. යක්කුරේ ගමට වසන්තය එළැඹි කාලච්ඡේදය එයයි.
ගම හා බැඳි පැරැණි පුරාවෘත්ත ද එමටය. ඒවා රසවත්ය. හාස්‍ය ජනකය. ඇතැම් විට ඒවා ගම්මුන්ට කෝපය දැන වුවද පිටස්තරයන්ට නම් හාස්‍ය දනවන්නකි. පලා මැල්ලුමක රස බැලීමේ කතාව ඉන් එකකි. පිට ගමකින් එන තරුණයෙකුට යක්කුරේ ගැමි නිවසකින් පලා මැල්ලුමක් සමඟ බත් වේලක රස බැලූ විටදී සදාකාලික ගමෙහිම රැඳී සිටීමට සිදුවීම ඒ අතරින් එක් කතාවකි. ගැමි දරුවෝ සෙල්ලමට, විනෝදයට, ක්‍රීඩාවට ඇලුම්කමක් දක්වති. එසේ වුවද ඔවුන්ට ද වැඩිහිටියන් ඇසුරේම ආර්ථික සඵලතාව වෙනුවෙන් වෙහෙසීමට සිදුවීම අන් සියල්ල යටපත් කරවයි.
කෙනෙකුගේ දුකේදී දුක් වීමත්, සතුටේදී සතුටු වීමත් හැරුණු විට එකමුතුකම ඔවුන් සතු වටිනා දායාදයයි. මංගල කටයුත්තක්, අවමඟුලක්, පිරිත් සජ්ඣායනයක් ඇත්තේ කොතැනද සියලු ගැමි තරුණ තරුණියෝ එකී ස්ථානයට එක් රොක්ව තමන්ට කළ හැකි උපරිමයෙන් අත් උදව් සපයති.
ගැමි ගැහැනු එදිනෙදා ආර්ථික සවිමත්භාවය උදෙසා කුඩා කුඩා සමිති සමාගම්වලට බැඳී කටයුතු කිරීම ද මෑත කාලීනව සිදු වූවකි. කෙසේ වෙතත් යක්කුරේ ගම්මානය සුන්දරය. ස්වභාවධර්මයේ නියත බන්ධනයන් මෙයටද අදාළය.
එකී බන්ධන සමඟ දීග ගිය ගම්මු තම තමන්ට හැකි අයුරින් බැඳීමෙන් ජීවත් වෙති. ඔවුන්ගේ ජීවිත සරලය. ඔවුන් සතු ඥාතීත්වය, මිනිස්කම හා මනාව පෑහෙයි. ඔවුන්ගේ ළෙන්ගතු සංග්‍රහ කිසිදාක මතකයෙන් වියැකී නොයයි. කාලය මිනිසුන්ට බොහෝ දේ තිළිණ කරයි. ඒවා සුබ හෝ අසුබ ඒවා හෝ විය හැකියි.
තව ද ඒවා සුන්දර හෝ අසුන්දර විය හැකිය. විටෙක අර්ථවත් හෝ අනර්ථවත් විය හැකියි. එහෙත්, ඒවා තාවකාලික ධර්මතාවයන්ම පමණි. අපගේ කාලය ද තටු සලා ඉඟිල ගොසිනි. ළෙන්ගතු මිනිසුන් අතරේ ගෙවූ කාලච්ඡේදයට සමුදිය යුතු කාලය එළැඹියේ ය.
ශ්‍යාමා සමරසිංහ
ඡායාරූප - නිශ්ශංක විජේරත්න
ඉතාමත් සුන්දර සටහනක්!!!
ReplyDeleteලංකිකයන් ගැන නෙමේ කියන්නේ කියලා හිතෙන තරමට අව්‍යජ විස්තරයක්. එකමදේ මේ වගේ ගමක් දියුණු උනු හැටියේ මේ ගැමිකම, සුන්දරබව , අහිංසකබව ගැමියන් අතුරින් නැතිවෙලා යන එකයි.
ජීවහත්ථ හා දිසාලා ගැන වෙනත් විස්තර ලැබුනේ නැද්ද? ඔවුන්ගෙන් කෙලින්ම පැවත එන ඥාතීන් වගේ දේවල්.
විස්තරය ලියූ ශ්යමාටත් ස්තූතියි.
මා බලා සිටියේ ශ්‍යාමා උත්තර දෙයි කියලයි. ස්තුතියි සොයුරිය.
Deleteමට මෙහෙම හිතෙනවා.
Deleteඅපි ටීවී රේඩියෝ කම්පියුටර් පාවිච්චි කරන ගමන් ඒ මිනිස්සු ඒවා පාවිච්චි නොකරන ඒක හරි සරලයි අව්‍යාජයි කියල කියනවා.ඒ වුනාට ඇත්තටම ඒ මිනිස්සු එහෙම ඉඳගෙන විඳින්නේ සතුටක් ද දුකක් ද කියන එක මට තේරුම ගන්න අමාරුයි.
(ටීවී,රේඩියෝ,කම්පියුටර් ගත්තේ උදාහරණ හැටියට)
රසවත් වගේම ප්‍රයෝජනවත් ලිපියක්..
ReplyDeleteකතුවරි කියන දේ හරි, බටහිර ජාතින්ගෙ මිමි වලට අනුව දියුණු වෙනව කියන්නෙ, ඇත්තටම පිරිහෙනව කියන එක..
ලියපු ශ්‍යාමා සමරසිංහටත්, පලකරපු නලීන් අයියටත් ස්තුතියි..
ඕක තමා සත්‍ය. ඒත් ඒ අය දැනුම ගත්තොත් ඒ ගම ඉවරයි.ඉතින් අප කළ යුත්තේ කුමක්ද?
Deleteමෙහෙම කොටසක් ඉන්නවා කියල හිතෙන්නෙවත් නැති හැටි, ඒ මිනිස්සුන්ගේ ජීවිත කොච්චර සරලද, තියන විදිහට කාලා ඇදලා ඉන්නවා..
ReplyDeleteඇත්තටම ශයාමා විස්තර දැනගන්න ලැබුනේ නැද්ද පරණ කතාවල?
සත්‍ය තාම අදුරු තිමිර පට වලින් වැහිලා ඒවා නිරාවරණය කරන එකත් එතරම් හොඳද?
Deleteවිස්තරේට සහ පින්තූර වලට ස්තූතියි.
ReplyDeleteමාත් ගියා සති අන්තයේ දී යක්ෂයන්ගේ දිවයිනකට (Devil's Island). දැන් Deal Island කියලා නම වෙනස් කරගෙන. මුල් එක මුහුදු කොල්ලාකරුවන් දාපු නමක් ලු. ගමේ ඉන්න අය හැමෝම හැමදෙනාවම දන්න එකට හැදී වැඩිච්ච අයයි.
මෙහෙ හැටියට නගරයට වඩා පැහැදිලිව වෙනස් වූ ග්‍රාම්‍ය ලෙසින් ඒ අය ජීවත් වෙනවා. හැබැයි ලෙඩක් දුකක් හැදුනාම ගුවනින් වහාම ඉහළ තාක්ෂණය ඇති රෝහලකට යා හැකි පහසුකමත්, කුණාටුවක් සුළි සුළඟක් එද්දී ක්ෂණයෙන් දැනගත හැකි සංනිවේදන පහසුකම් ද, සත්ව සිව්පාවන්ගෙන් එන අනතුරු වලින් ගැලවෙන්නට නවීන තාක්ෂණයේ ආයුධත් ඔවුනට තියෙනවා.
ඒ ගැන පෝස්ටුවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා අරුණි.ඒවාත් බොහෝ අයට වටිනවා.
Deleteඅවංකවම මම නම් දකින්නෙ අව්‍යාජ ගැමි සුවඳ කෙසේ වෙතත් මේ මිනිස්සු මෝහාන්ධකාරේ ගිලිලා ඉන්න, ඒකෙන් ගොඩවෙන්න උදව් අවශ්‍ය කොටසක් වගේ.
ReplyDeleteමම කිව්වේ මට හිතෙන දේ.
මචෝ උඹ කියන දේ හරි. ඒත් මේ තමා ඇත්ත තත්ත්වය. උඩ තියන අරුණිගේ කමෙන්ටුවත් කියවලා බලන්නකෝ
Deleteමෝහාන්ධකාරෙ ගිලිල කියන්නෙ නිමක් නැති මගක් දිගේ හැල්මෙ දුවන එකට නෙමෙයිද.. දියුණුව හොයාගෙන යනව කියන්නෙ එහෙම දෙයක් තමයි, දියුණුයි කියන රටවල් කොච්චර තිබුනත්, අපි දියුණු වෙලා ඉවරයි කියල තෘප්තිමත්ව ඉන්න රටක් මේ ලෝකෙ නෑ සහෝදරය..
Deleteඅනේ මෙහෙම ගමක දවසක් දෙකක් වත් නැවතිලා ඉන්න තියනවනම්.......
ReplyDeleteඅපිට එහෙම හිතුනට ඒ මිනිස්සු බලන්නෙ දවසකට දෙකකට හරි ඒ සමාජ සංස්කෘතියෙන් ඈත්වෙලා ඉන්න වෙන්න ඇති
Deleteදෙන්නම කියන්නේ ඇත්ත කතාවක්.
Deleteලොකු මතකයක් නැති වුනත් මගේ රාජකාරි දිවියේදී මේ වගේ තැන් ගොඩකට ගිහින් තියෙනවා. විශේෂයෙන්ම යුද්ධය පැවති කාලේ. මා මේ විස්තරය කියාව පුදුම නුවුනත් අපිට මේ සරල කමට ආයේ උවමනාවෙන් වත් යන්න බෑ. අපිට ඉන්ටර්නෙට් නැතිව දවසක් වත් ඉන්න පුලුවන්ද ?
ReplyDeleteඅනිවා අමාරුයි සු දී ක.
Deleteඅර ඇඳ වගේ එක හදල තියන්නේ බිත්තියටම අල්ලලා මැටියෙන් වෙන්න ඇති නේද ? දුෂ්කර ගමක් නේ. //ගම හා බැඳි පැරැණි පුරාවෘත්ත ද එමටය. ඒවා රසවත්ය. හාස්‍ය ජනකය.// ලියන්නකෝ ඒවාත්.
ReplyDeleteශ්යාමටම මං කියන්නං මෙ ටිකත්... නැත්තං මං ගිය දවසක තමා
Deleteඇත්තටම අපූරු වැදගත් ලිපියක් නොවැ.. ඔය කතාව අදම නොවැ ඇහුවේ.. මං කිව්වේ අර කුවේණිගේ දරු දෙදෙනා ඔහේ හිටියා කියන කතන්දරේ..
ReplyDeleteඒකනේ මේ කෙල්ල ගමට ගිහිල්ලත් අවශ්‍යම දේ මග ඇරගෙන වගේ මටත් හැගුණේ.
Deleteදෙවනි සැරේටත් කියෙව්වේ... :D ^_^ මම කලින් අහලා නෑ මේ ගැන නම්,,
ReplyDeleteඅපි ඒ පරිසරයට යන්න ඇත්නම් කියලා හිතනවා වගේම ඔවුන් අපේ පරිසරයට එන්න ඇත්නම් කියලා හිතනවා ඇති නේද?
ReplyDeleteමෙහා ඉවුරෙ තණකොල කන ගොනා
Deleteඑහා ඉවුරෙ තණ දකිනව මනා..
කියනවනෙ නේද.. :)
මේ සටහන කියවපුවාම මටත් යන්ටම හිතුනා. මේ වගේ සරල ජීවිත තාමත් තිබුනා නම් කියලත් හිතෙනවා. දැන් අපි කරන්නේ දුවන එකනේ. දුවලා, දුවලා, හෙම්බත් උනාම, මහන්සි අරින්ට හොඳ තැනක්...
ReplyDeleteසටහන ලීව ශ්‍යාමට වගේම ජායාරූප ගත්තු, නිශ්ශංකටත් ස්තූතියි.:D
ඔය වගේ ගම් කොපමන නම් තියෙනවද.ඔය ගෙවල්වල මැටි පොළොවෙ අමු ගොම දිය කරල ගානව.එහෙම වියලුන පොළොවෙ පැදුරු දාල නිදාගත්තම හරිම සනීපයක් තියෙන්නෙ.ඒ වගේමයි අමුතු නැවුම් සුවද.
ReplyDeleteඔය වගේ ගම්වල චන්දෙ කාලෙට ගිහිල්ල චන්ද ටික මංකොල්ල කාගෙන එනව මිසක් කිසිම යටිතල පහසුකම් දියුණුවකට අත දීමක් වන්නෙ නැහැ.
අරුණි සහෝදරිය ඉහත දාල තියෙන කොමන්ට් එක දැක්කම ලංකාව ඉන්න තැන කොතනද කියල හිතාගන්න පුළුවන්.
Nice finding and nice reporting.
ReplyDeleteThank you very much...