
අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ වයඹදිග සරසවියේ සමාජ මනෝ විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය එලි ෆින්කෙල් මෑතකදී කළ අධ්‍යයනයකින් ලද ප්‍රතිඵල අනුව පවසන්නේ අඹු සැමියන් ඉඳහිට හෝ පෙම් ලිපි හුවමාරු කරගැනීම ඔවුන්ගේ යුග දිවිය තවත් සවිමත් වීමට හේතුවක් කියාය.
“එය ආශ්චර්යයක් හෝ ඉද්රජාලමක් යැයි මා පවසන්නේ නැහැ. නමුත් ඉඳහිට හෝ අඹු සැමියන් අතර සිදුවන පෙම් ලිපි හුවමාරුවෙන් යහපතක් මිස අයහපක් සිදුවන්නේ නැහැ” මහාචාර්ය එලි ෆින්කෙල් පවසයි.
මෙම අධ්‍යයනයට ඔහු අඹු සැමි යුවළ 120ක් සහභාගි කරවාගෙන ඇති අතර ඉන් අඩකට පමණක් ඔහු ඉඳහිට හෝ පෙම් ලිපි ලිවීමට උපසේ දී තිබේ. එම යුවළ 120 ගෙන් මහාචාර්යවරයා සෑම මාස හතරකටම වරක් යුග දිවිය පිළිබඳ තෘප්තිමත් භාවය, අන්‍යෝන්‍ය ආදරය විශ්වාසය ගැන විමසීම් කර ඇත. ඒ සමඟම ඔහු එම කාලය ඇතුළත ඔවුනොවුන් අතර ඇතිවූ ආරවුල් හා විසංවාදී තත්ත්වයන් පිළිබඳ විමසා තිබේ. පෙම් ලිපි නොලියූ අය බොහෝ විට ආරවුල් හා විසංවාදී තත්ත්වයන් සමනය කර ගන්නට තෙවැනි පාර්ශ්වයක් කැඳවා තිබුණත් පෙම් ලිපි හුවමාරු කරගත් අයට තෙවැනි පාර්ශ්වයක උපකාර අවශ්‍ය වී නැති බව මහාචාර්යවරයා නිරීක්ෂණය කර තිබේ.
වසර දෙකක් තිස්සේ කළ මෙම අධ්‍යයනයේදී පෙම් ලිපි හුවමාරු කරගත් අයගේ අන්‍යෝන්‍ය ප්‍රේමය හා විශ්වාසයේ වර්ධනයෙන්ද ඔහු නිරීක්ෂණය කර ඇති අතර ක්‍රමයෙන් පෙරට වඩා ඔවුනොවුන් අතර ආරවුල් සහ විසංවාදී තත්ත්වයන් අඩු වීමක් ද ඔහුට දැක ගන්නට ලැබී ඇත. එමෙන්ම ඔවුන් මානසිකව වඩාත් ප්‍රබෝධ ජනක ජීවිත ගත කරන බවද මහාචාර්ය වරයා දැක තිබේ.
මහාචාර්ය එලි ෆින්කෙල් පවසන්නේ සත්‍ය හා පරම පිවිතුරු ආදරයන් සොයා ගැනීම නම් ඉතා අසීරු බවය. එහෙත් පළමු දැක්මේදීම ඇතිවන ආදරය ඉතා ශක්තිමත් බව ඔහු පවසයි. තමන් කළ අධ්‍යයනයකදී හෙළි වූයේ විවාහක අයගෙන් 1/3ක් පළමුව දුටු වහා ආදරයෙන් බැඳුණු අය බවත් ඔවුන්ගේ විවාහයන්, අනෙක් ආකාරයන්ගේ විවාහයන්ට වඩා ශක්තිමත් බවත්ය.
“නමුත් ශෝකයට කාරණයක් වන්නේ සමහර අයගේ සිත්වල පළමුවරට දුටු වහා ආදරයක් ඇතිවන්නේ ප්‍රමාද වී නිසායි. එවැනි ආදරයක් ඇති වන විට ඔහු ගේ ඇය අනෙකකු හා විවාහ වී සිටිනවා. අනෙක් අතට එවැනි ආදරයක් ඇති වන්නේ තම මිතුරකුගේම පෙම්වතිය හෝ බිරිය කෙරේ නැතිනම් මිතුරියකගේ පෙම්වතා හෝ සැමියා කෙරේ වන්නට පුළුවනි” මහාචාර්යවරයා පවසයි.” ඒ නිසා පළමුවරට දුටු වහා ඇතිවන ආදාරයන් බොහෝ දෙනාට තම තමන්ගේ සිත් ඇතුළත ගොළු කරගෙන තබා ගන්නට සිදු වෙනවා.”
පෙම් ලිපි ලිවීම සම්බන්ධයෙන් කළ අධ්‍යයනයෙන් ලැබූ ප්‍රතිඵල අනුව මහාචාර්ය ෆින්කෙල් අඹු සැමියන් වෙත ලබා දෙන්නේ මෙවැනි ඔවදනකි.
“ දෙදෙනා අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවුණා යැයි සිතමු. වචන හුවමාරුවකට වඩා තම තමන්ගේ අදහස් සහිත ලිපි හුවමාරුවක් හොඳ නැද්ද? එවිට එකිනෙකාට එකිනෙකාගේ අදහස් සම්බන්ධයෙන් සන්සුන්ව වැඩිදුර සිතා බලන්නට ඉඩ ලැබෙනවා. අඩුම තරමින් සිවු මසකට වතාවක් ඔබේ සහකරුට සහකාරියට පෙම් ලිපියක් ලියන්න මිනිත්තු හතක් වැය කරන්න. ඔබට ඉතා හොඳ ප්‍රතිඵල ලැබේවි.
මේල් ඔන් ලයින් ඉන්දියා ඇසුරෙනි
මේ උදාවන සිංහල අලුත් අවුරුද්ද මා සමග නිබද රැඳුන ඔබ සැමට වාසනාවන්ත සාමය සතුට පිරි නව වසරක්ම වේවා.......
හා අපි මෙව්වා ලිව්වොත් තමයි මෙයාලා කෑ ගහන්නේ.... සුබ අලුත් අවුරුද්දක් වේවා මාමේ!!
ReplyDeleteනිසි කලට නිසි දේවල් කරන විට කාගෙන්වත් දොසක් නෑ දුවේ.... ඔබටත් වාසනාවන්ත නව වසරක් පතනවා මම.
Deleteනලින් අයියා , දුවලා දෙන්නා ඇතුළු පවුලේ සියලු දෙනාට
ReplyDeleteසුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ....
( පසුව එන්නම් ලිපියේ ඇති කරුණු වලට හරිය ..)
ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා
Deleteසකුරා පැතුමට තුති.
ReplyDeleteමාත් ඉතින් තව අවුරුදු 20 කින් විතර උත්සාහ කරලා බලන්නංකෝ, මාමේ! සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා! :)
ReplyDeleteදුවණියේ ඔබටත් සුබ නව වසරක්.. මේ පැත්තට ආ පළමු වතාවද? මට අමතකයි ටිකක්.
Deleteහ්ම්ම්ම්.. සුභම සුභ නව වසරක් වේවා!!
ReplyDeleteඔබටත් සුබ නව වසරක් වේවා
Deleteනලින් ඇතුළු පවුලේ සැමට සුබ නවවසරකට ආසිරි පතනවා!!
ReplyDeleteමමත් අයිලාශිනි ට පෙම් පතක් ලියලා බලන්න ඕන.:D
අන්න කරලා බලලා ප්‍රතිඵල කියන්නකෝ බලන්න..
Deleteඅපේ කාලේ ජංගම දුරකථන එතරම් ප්‍රචලිත වෙලා තිබුනෙ නෑ. අනේ ඉතිං අත කැඩෙනකං ලිව්වා.. පිටු ගණන්..විභාග ප්‍රහ්න පත්රවලටවත් එච්චර දිගට ලිව්වෙනෑ.. අයියෝ සල්ලි....
ReplyDeleteඉදහිට හෝ තාමත් එහෙම එකක් බිරියට ලියනවනං හොදයි... මොකද හිතෙන්නේ.
Deleteඅපේ අම්මා නැතිවෙන කල්ම තාත්තගෙයි එයාගෙයි ලව් ලෙටර්ස් බෑග් එකක දාගෙන තියාගෙන හිටියා.
ReplyDeleteනලීන් ඇතුලු පවුලේ හැම දෙනාටමත් සුභ නව වසරක් පතනවා.
හයියෝ සල්ලි.... නලින් අයියත් අවුරුදු කටේ ලියන මගුලවල්... :)
Deleteපවුලේ සැමට වාසනාවන්ත නව වසරක් වේවා!!!
ස්තුතියි හෙන්රි....... අනු අලුත් දෙයක ඇරඹුමට හොදම දවස තමා අලුත් අවුරුදු දවස.... ඔබටත් වාසනාව ගෙනේවා..
Deleteගෙවල් අස් කරද්දි අපේ අම්මි තාත්තියි දුවල ගිහින් පොඩි පෙට්ට්ටියක් හංගගන්නවා.. ඒකේ තමයි සේරම ලියුම් තියෙන්නෙ... එකම එක පාරක් මට හම්බ උනා මම හම්බවෙලා අම්මි ආච්චිලාගෙදර ගිහින් ඉද්දි තාත්ති ලියපු ලියුමක්... හරි ආදරයක් ඒකෙ ගැබ් වෙලා තිබුනා...
ReplyDeleteනලීන් අයියාටයි පවුලේ හැමෝටමයි සුභම සුභ නව වසරක් වේවා !!!!!
ඒවා සදාතනික සිහිවටන නදිනි...
Deleteසැටිපිකේට් ටූරැ-මාස ගානකට කලින් තිබුනු පෙමේ ලියුම් නම් වූ නශ්ඨාවශේෂ කාමරේ අස් කරද්දී ඉද හිට හම්බෙනවා-ඒවා කියවද්දි හිතට මාර හැගීමක් (කික් එකක්) එන්නේ-කෙටි පනිවිඩ යවල හෙම්බත් උනාම එයයි මායි ඉද හිට ලියුම් ලියුවා-හැබැයි ඉතින් ඒවා අතෙ තැපැල් ලියුම්- :)
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා දෙබලවත් මේ අඩවියට...ස්තුතියි...
Delete” ඒ නිසා පළමුවරට දුටු වහා ඇතිවන ආදාරයන් බොහෝ දෙනාට තම තමන්ගේ සිත් ඇතුළත ගොළු කරගෙන තබා ගන්නට සිදු වෙනවා.”
ReplyDeleteකාට කියන්නද මේ දුක! :D
සුභ අලුත් අවුරුද්දක් වේවා! :)
එසේම වේවා ඔබටත් මිත්‍රයා
Deleteඔබ ඇතුළු සැමට සුබ අළුත් අවුරුද්දක් වේවා !!!
ReplyDeleteඇත්ත කථව නලින් අයියේ,පෙම්පත් ලියලා බලන්න ඕනේ එකේ තියෙන රස.
ReplyDeleteඔබටත් පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා......:)
ඔව් මලයා හරිම රසවත් තමා මාත් ලියලා තියනවානේ... ජයවේවා ඔබටත්
Deleteපෙම්පත්.. හොඳින් හිතට දැනෙන මාධ්‍යයක්.
ReplyDeleteනලින් අයියාටත් පවුලේ හැමෝටමත් සුබ නව වසරක් වේවා...!!
චන්දන මලයෝ ඔබටත් සුබ නව වසරක් වේවා..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteBudu ammoo mama nam kawadaawath nokarapu, karannath nohithana wadak. Mama love letter 1k liwwoth ekayi formal letter ekakayi wadi wenasak thiyana ekak na...
ReplyDeleteබ්ලොග් ලියනවට වඩා අමාරුයි පෙම් පතක් ලස්සනට ලියන එක අගහරු මලයෝ.
Deleteතියෙන ඒවා ලියන්නත් වෙලා නැතුව තව පෙම්ලිපිත් ලියන්න? :D
ReplyDeleteනලීන් ඇතුලු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක්!
මං කියලා තියෙන්නේ බැදපු අය අවුරුද්දට පෙම්පතක් දෙකක් ලිවිමෙන් වන වාසිය තමයි කතුවරියේ.
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා ඔබටත් පවුලේ සැමටත් !
ReplyDeleteමටත් ආසයි පෙම්පතක් ලියන්න... ම්ම්ම්ම්... තව කෙල්ලෙක් හොයා ගත්ත නම් හරි... :P
මේ අවුරුද්දේ දි වත් ලැබේවි මලයෝ...
Deleteහදවත සතුට උතුරන
ReplyDeleteදස අත සැපත පැතිරෙන
සුබ මිස අසුබ නොගෙනෙන
ජයම වේවා! වසර එළඹෙන..
ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාග්‍ය සපිරුණූ වාසනාවන්ත නව වසරක්ම වේවා!
පෙම් ලිපි ලියන්න කොහෙද වෙලාව තියෙන්නේ? ඉඳලා හිටලා එස්එම්එස් එකක් යවනවා මිසක්... :P
ReplyDeleteපෙම්පත් නම් තවම ලියලා නෑ.
ReplyDeleteනලින් අංකල්ටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!