රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-04-10

ලෝකය තනි යායක්



80 දශකය අග භාගයේ පමණ පටන් ගෝලීයකරණය යන්න අපට නිතර ඇසෙන, කියවන්නට ලැබෙන වචනයක් බවට පත්වී තිබේ. ඉන්දීය ජාතිකයකු හා ලේඛකයකු වූ ස්වාමිනාදන් එස්. අන්ක්ලෙසාරියා අයියර් පවසන්නේ දැන් ලොව පවුල් ඒකක ද ගෝලීයකරණය වෙමින් පවතින බවය. අප දැන් සවන් දෙමු ඔහුගේ හඬට.
1992 දී මම ‘toward globalization’ (ගෝලීයකරණය දෙසට) යනුවෙන් ග්‍රන්ථයක් රචනා කළෙමි. මගේ පවුලද ගෝලීයකරණය වෙතැයි එකල මම නිකමටවත් නොසිතුවෙමි. 2005 වසරේ මගේ දියණිය වූ වූපල්ලවි ගේ විවාහ මංගලෝත්සවය පැවැත්විණි. මගේ දියණිය දක්ෂ ශිෂ්‍යාවක වූ ඇය වාය. ඇය බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ශිෂ්‍යත්වයක් දිනාගත්තාය. ලන්ඩනයේ දී ඇයට ස්පාඤ්ඤයෙන් පැමිණි ජූලියෝ නමැති යෞවනයා මුණ ගැසී තිබිණි. ඔවුන් චීනයෙන් රැකියාවන් සොයා ගත් අතර බෙයිජිං සිට දිල්ලියට පැමිණියේ විවාහ වන්නටය. විවාහ මංගලෝත්සවයට පැමිණි අමුත්තෝ හැත්තෑ දෙනා උතුරු අමෙරිකාවේ සිට යුරෝපාකරය තෙක් රටවල ත් චීනයේ ත් අය වූහ.
එය ගෝලීයකරණය පිළිබඳ උදාහරණයකි. එහෙත් මගේ වැඩිමහල් පුත් ෂේකර් ඊටත් වඩා දුර ගොස් තිබේ. ඔක්ස්ෆර්ඩ් සරසවියට ශිෂ්‍යත්වයක් දිනා එහි උගත් ෂේකර් ඊළඟට ශ්‍රී ලංකාවේ කොළඹ විද්‍යාලයක වසරක කාලයක් ගුරුවරයකු ලෙස සේවය කළේය. ඊළඟට ඔහු වැඩිදුර අධ්‍යාපනය ලබනු පිණිස ගියේ කැනඩාවේ ටොරන්ටෝවට ය. එහි දී ඔහුට මුණගැසී තිබුණේ ෆ්‍රැන්සිස්කා නමැති ජර්මානු ජාතික යුවතියකි. ඔවුන් දෙදෙනාට රැකියා ලැබුණේ අමෙරිකාවේ වොෂිංටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කාර්යාලයේය. ඔවුහු එම අරමුදලේ විවිධ කටයුතු සඳහා ලොව විවිධ රටවල සංචාරය කළහ. ෂේකර් සියෙරා ලියොන්, සී ෂෙල්ස්, කිර්ගිස්තාන් හා ලාඕස් වැනි රටවලට ගියේය. ෆ්‍රැන්සිස්කා ගියේ රුවන්ඩාව, ටජිකිස්තානය හා රුසියාව යන රටවලටය. මේ සංචාරයන් නිසා ඔවුන් ගේ විවාහයට බාධා පැමිණන නමුත් ඔවුහු අවසානයේ 2003 වසර අග භාගයේ දී විවාහ වූහ.
මගේ බාලම පුතු ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබා නයිජීරියානු කතක හා විවාහ වී පේරුහි පදිංචි වූහ.
මගේ පවුලේ අය ඔවුන්ගේ ජීවිත කාලයන්ගෙන් වැඩි කොටස ගත කර ඇත්තේ ගුවන් යානාවල යැයි සමහර පාඨකයෝ සිතනවා වන්නට පුළුවන. මගේ වාසගම අයියර් ය. මම දකුණු ඉන්දියාවේ බ්‍රාහ්මණ ප්‍රජාවට අයත් වෙමි. මගේ පාරම්පරික ගම්මානය තන්ජවුර් දිස්ත්‍රික්කයේ සුන්දර ගම්මානයක් වූ කුර්ගුදි ය. එය අයත් වන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයටය.
මා මුලින්ම ජීවත්වූයේ හොඳ මංමාවත් රහිත කුර්ගුදි ගම්මානයේ නළ ජලය හා හොඳ වැසිකිළි පහසුකම් රහිත වූ නිවෙසකය. කොතැනක සිට තන්ජවුර් වෙත දුම්රියෙන් පැමිණයත්, එතැන් සිට පාරම්පරික නිවහනට මිනිත්තු 45ක් තිස්සේ කරත්තයෙන් ගමන් කිරීමට අපට සිදු විය.
එකල පවුල්වල වැඩිපුර ළමයින් සිටි අතර මගේ පියා ගේ පවුලේ සිටි දරුවන් ගණන හයකි. මම දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක හැදුණෙමි. වැඩුණෙමි. පරම්පරා දෙකකට පසු කුර්ගුදිහි විසූ අපේ පවුලේ ඥාතීන් පිරිස දෙසීයක් පමණ විය. එහෙත් අද ඔවුන් අතරින් කුර්ගුදි ගමේ වෙසෙන්නේ තිදෙනකු පමණි. අනෙක් අය ඉන්දියාවේත් ලෝකයේත් විවිධ තැන්වල ජීවත් වෙති. චීනයේ සිට අරාබිය තෙක් යුරෝපයේ සිට අමෙරිකාව තෙක් අපේ ඥාතීහු විසිර සිටිති. කර්ගුදි හි අපේ පාරම්පරික නිවහනේ මෙතෙක් වරින්වර ලැගුම්ගත් අමෙරිකානු ජාතිකයන් ගණන පනහකට වැඩිය.
එහෙයින් ගෝලීයකරණය යනු බටහිරකරණය යැයි සමහර අය පළකරන මතය ඉවත දැමිය යුතුව තිබේ. කුර්ගුදි සිට බලන විට සිදුවී තිබෙන්නේ ගෝලීයකරණයක් නොව එක අතකට අයියර්කරණයකි.
මෙම තත්ත්වය අපේ අනන්‍යතාව කෙරේ බලපා ඇත්තේ කෙසේද? මට කුර්ගුදි සිට පැතිර ගිය ගෝත්‍රයක් ගැන කතා කිරීමට නුපුළුවන. ඔවුහු දෙමළ බ්‍රාහ්මණයන්ගේ සිට ගව මස් හා පීට්සා බුදින හිප්-හොප් නර්තනයන්හි යෙදෙන අය දක්වා විහිද සිටිති.
අයියර්කරණය යනු මට අයියර්වරුන් ලොව පුරා ආධිපත්‍යය පැතිරවීමක් නොවේ. එය විවිධ අනන්‍යතාවන් සහිතව සහෝදරත්වයෙන් හා මනුෂ්‍යත්වයෙන් බැඳී ලොව පුරා විසිරීමකි. මම කුර්ගුදි හි පාරම්පරික නිවහනට වී නිසංසල ජීවිතයක් ගත කරමි. පන් පැදුරක් එළා බිම හිඳගෙන කෙසෙල් කොළයකට බෙදන ලද ආහාර අතින් කමි. එහෙත් චීනයේ නූඩ්ල්ස්, ස්පාඤ්ඤයේ බඳින ලද මස් හෝ ;මාරොක්කෝවේ කොවුස්-කොවුස් බුදිද්දී මට වෙනසක් දැනෙන්නේ නැත. මම කුර්ගුදි ගැමියෙක් වෙමි. ඒ අතරතුරම දෙමළ ජාතිකයකු, දිල්ලියේ මහත්මයකු, ඉන්දීය ජාතිකයකු, වොෂින්ටනයට හුරු අයකු මෙන්ම ලෝක වැසියකු වෙමි. එම හැඟීම මා සිත්හි ආතතියක් ඇති කරන්නේ හෝ එසේ ජීවත්වීම මට වෙහෙසක් දනවන්නේ හෝ නැත.
තන්ජවුර්වල බ්‍රිහදීෂ්වර කෝවිල දකින විට මා සිත අමුතුම හැඟීමක් ඇතිවේ. මෙය මගේම යැයි එවන් අවස්ථාවන්හි දී මම මටම කියා ගනිමි. ඒ හා සමානම හැඟීම් ගෝවේ බොම් ජීසස් දේවස්ථානය දකිද්දීත්, අහමබාද්හි සිද්දි සයිද් මුස්ලිම් පල්ලිය දකිද්දීත් ම’ සිත ඇතිවේ. ඒවා ද මගේය. ඔක්ස්ෆර්ඩ් සරසවිය ආශ්‍රිත මං මාවත්වල ද වොෂින්ටනයේ මාර්ගවල ද ගමන් කරන විට මා සිත ඇතිවන්නේ ඒවා ද මගේම යන හැඟීමය. මගේ පවුලේ අය ලොව පුරා විසිර සිටින හෙයින් යම් දිනෙක බාර්සිලෝනාහි සග්රදා ෆැමිලියා දේවස්ථානය හා ජර්මනියේ රයින් නදිය ද දැකගෙන ඒවා ද මගේමය යන හැඟීම අත්විඳින්නට මම අපේක්ෂා කරමි.
ජෝන් ලෙනන් සිය ගීයකින් පළ කළ පහත අදහස වෙත අයියර්වරුන් වූ අපි එක් පියවරක් තබා ඇත්තෙමු.
“රටක් නැත යන්න සිතින් මවා ගන්න.
එසේ කිරීම අපහසු නැත.
කිසිවකු වෙනුවෙන් මැරෙන්නට හෝ මරාගන්නට අවැසි නැත.
එහි ආගමක් ද නොමැත.
ප්‍රාදේශීයව තිබූ බැඳීම් බිඳිමින් පළමුව කුර්ගුදි ගම්මානයෙන් පිටවූයේ මගේ පියාගේ පරම්පරාවය. තාත්තා ලාහෝරයේ ගණකාධිකාරීවරයකු වූ අතර මගේ එක් බාප්පා කෙනෙක් කරච්චි හි හෝටල කළමනාකරුවකු වූයේය. මගේ පුංචි අම්මා කෙනකු වාසය කරන්නේ යැන්ගූන් හි ය.
මගේ පරම්පරාව ආගම හා වූ බැඳීම් ලිහිල් කළේය. මගේ වැඩිමල් සොහොයුරු ෂීක් ජාතික යුවතියක හා විවාහ වූ අතර බාල සොහොයුරා විවාහ වූයේ කිතුනු යුවතියක සමඟිනි. මා විවාහ වූයේ පර්සි ජාතික කාන්තාවක සමඟිනි. ඊළඟ පරම්පරාව වූ මගේ දරුවෝ තවත් පියවරක් ඉදිරියට තබා සිටිති. ඔවුහු ලෝකයේ විවිධ රටවල විවිධ ආගම්වලට අයත් අය හා විවාහ වී සිටිති.
මට ගෝලීයකරණය යනු භාණ්ඩ හෝ මුදල් හෝ අයියර් වරුන් හෝ සමඟ බැඳුණක් නොවේ. එය ලෙනන් ගේ දර්ශනය වූ ‘රටක් නැත’ යන්න කෙරේ තබන ඉදිරි පියවරකි. මා සිහින දකින්නෙකැයි ඔබ පවසනු ඇත. එහෙත් එම සිහින දකින්නේ මා පමණක් නොවේ. යම් දිනෙක ඔබ ද මා හා එක් වනු ඇතැයි මම සිතමි. එදිනට ලෝකය තනි යායක් වනු ඇත.

චාමර මුතුනායක
රීඩර්ස් ඩයිජස්ට් ඇසුරිනි

47 comments:

  1. අපූරු ලිපියක්.ආසාවෙන් කියෙව්වා.
    මේ ලිපිය කියවද්දී ඉබේම මට මතක් උනේ අපේම පවුල, ජාතීන් ආගම් ප්‍රමාණයක් මිශ්‍රවෙලාත් හැමෝම සහයෝගයෙන් ඉන්නවා.මිනිසුන්ගේ හිත් නිදහස් උනාම කවුරුවත් ජාති ආගම් ගැන කිය කියා ඇන කොටා ගන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙම තනි ලොකයක් ඇත්නම් කෙතරම් අගේ ද?ස්තුතියි සුමිතුරු

      Delete
  2. සහතික ඇත්ත. අපේ පවුල් උනත් බලන්න. ඒකෙන් මිදෙන්න බැරි අය හැමදා ළිඳේ...

    ReplyDelete
    Replies
    1. එයින් මිදුණොත් ලස්සන ලොවක් ඇතිවේවි.

      Delete
  3. අපේ 70 දශකේ ඉන්න අය මේ ගැන මොනවා කියයිද මන්දා....

    ReplyDelete
  4. ඔය කතාව සාදාරන වෙන්නේ ඉන්දියාවේම උනත් කීයෙන්
    කීදෙනාටද නලින් අයියේ ...?

    ඕව නිකන් ප්‍රලාප ... අපේ ඇදුරා අරිනවා ඔයිට හොඳ නයි ..:P


    ගෝලීය කරණය පැහැදිලි කරන්න ගත්ත උදාහරණෙ ගැලපෙන්නේ
    නැහැ ..ඔහොම නෙවේ ගෝලීය කරණය පැහැදිලි කරන්නේ ..ඒකට ඕනේ
    වෙනවා වෙළඳ සමාගමේ ඉඳල පටන් ගන්න ..ඊට පස්සේ ආතර් අන්කල් ළඟට
    එනකම්ම ඇවිත් එහෙම්ම හරවන්න ඕනේ දකුණට ...ඕව මෙහෙම කමෙන්ට්
    වලින් කියන්න බැහැ ...

    ඉන්නකෝ හෙමීට මොනවා හරි කරමු...

    ලිපිය බෙදා ගත්තට ස්තූතියි ...

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවට ස්තුතියි සහන්... අයියර් නයා අරිනවා ම නොවේ මේ කියන්නේ පෞද්ගලික කතාවක් වුණාට ඔහු මේ ගැන අගනා ග්‍රන්තයක් ලිව්ව දක්ෂ චින්තකයෙක්

      Delete
  5. එහෙම එකට එක්වෙන දිනය කවදා වෙයිද කියන එක තමා ගැටළුව

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් බ්ලොග් ලියන මේ ටික දෙනාටවත් සහොදරත්වයකින් ඉන්න බැරි කොට එකිනෙකාට මඩ ගසද්දී එවන් ලොවක් කවදා ඇතිවේද යසි..

      Delete
  6. ලෝකය තනි යායක් වෙනවා නම් හොඳයි තමයි.

    ReplyDelete
    Replies
    1. මාත් කැමතියි චන්දන

      Delete
  7. ලස්සන ලිපියක්.අපි වුනත් ටිකින් ටික ගෝලීයකරනය වෙනවා නේද?විශේශයෙන්ම අන්තර්ජාලය නිසා අපි වෙනදාට වදා විදේශිකයන් සමග ගැටෙන්නේ නැතිද?

    වෙනදාට වඩා අනිත් සන්ස්කෘතීන් හා ආගම් ගැන දැනුවත් වෙන්නේ නැද්ද?

    සහන් කියන කතාවට මම එකඟ නැ.

    ReplyDelete
    Replies
    1. මානෙල් මේ ලිපියේ තියෙන්නේ පුද්ගලික පවුලක තමන්ගේ
      මහන්තත්ත කම ගෝලීය කරණයේ මුවාවෙන් පෙන්නීම .එහෙම බැලුවොත්
      ටයිගර් වුඩ්ස් මීට වඩා ගෝලීයකරණය වෙලා , එංගලන්ත්තේ මහ රැජින
      හිතන්නත් බැරි තරම් ගෝලීයකරණය වෙලා ...


      ගෝලීයකරණය කියන්නේ මාම බාප්පා අම්මා පුංචි නෝනා අන්‍ය ජාතීන්
      වීම නෙවේ ..එහෙම බැලුවොත් මාත් දරුණු විදිහට ගෝලීයකරණය උණු
      කෙනෙක් ...



      සැබෑ ගෝලීයකරණ කියන්නේ මානෙල් විදුලි සංදේශ ජාලය හරහා ලෝකේ
      එහා කොනට සම්බන්ද වීම මිසක් ප්‍රංශ ජාතික ලංකාවේ ඉපදුන කොල්ලෙක්
      හින්දි කෙල්ලෙක්ව බඳින එක නෙවේ ...

      හලාවත ඉන්න ඔයා , ලේක් හවුස් එකේදී දාපු නලින් අයියගේ බ්ලොග් පෝස්ට්
      එකට ඇවිත්, කොහේ හරි ඉන්න සහන්ගේ අදහසකට, කරුණු කීමයි
      ගෝලීයකරණය කියන්නේ ..ඒ සියල්ල මීරිගම ඉඳන් නලින් අයියා බලන්
      ඉන්නවා ..තව ඔය හිරුලා , කෙන්ජිලා එහෙමත් බලන් ඉඳීමයි සැබෑ ගෝලීයකරණය
      කියන්නේ ...


      කිසිම අහිතක් හිතන්න එහෙම එපා හොඳද ..?
      එන්න මගේ බ්ලොගයටත් ....
      අන්තර්ජාල ජීවිත ..අඹු දරුවෝ ...? Where are my babies..?".

      Delete
    2. තරහ ගන්නෙ මොටෙයි.හොදටම තේරුම් ගත හැකි සභ්‍ය භාෂාවෙන්නේ ලියල තියෙන්නෙ.

      Delete
    3. මේ දවස් වල ග්‍රහ චාරේ හරි නැහැ නෙව කෙන්ජි අයියේ ..
      ඒකයි කමෙන්ට් එකක් දැම්මත් වාවල කරලා කාරිය දාන්නේ ...

      Delete
    4. silentsahan ඉහලම කමෙන්ට් දෙකට

      අයියර් නයෙක් අරිනවා කියල හිතන්න එපා ඒක මෝඩකමක්. එයා ගෝලීයකරණය ගැන පොතක් ලිව්ව කෙනෙක්. කාලයකට පස්සෙ තමුන්ගෙ පවුලට වෙච්ච දේ තමයි ලියල තියෙන්නෙ.

      (ගෝලීයකරණයේදි කියන්න ඕන ප්‍රාග්ධනයේ සංසරණය ගැන කියවිලා නැති එක නං ඇත්ත)

      Delete
    5. \\\අයියර් නයෙක් අරිනවා කියල හිතන්න එපා ඒක මෝඩකමක්.
      .......
      ........
      ......
      කාලයකට පස්සෙ තමුන්ගෙ පවුලට වෙච්ච දේ තමයි ලියල තියෙන්නෙ. ////

      රාජ්,


      *******ඇය බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ශිෂ්‍යත්වයක් දිනාගත්තාය.******

      මෙහෙම වෙලා තියෙන්නේ වර්තමානයේ අපි
      සලකන තොරතුරු තාක්ෂණික ගෝලීයකරණ නිසා
      නෙවේ ..ඔය දේ පොදුයි සල්ලි තියේ නම් හිඟන්නෙක්ට
      උනත් .ලංකාවේ ඉපදුණ මම එංගලන්තේ පදිංචි වෙන්නේ
      ගෝලීයකරණය නිසා නෙවේ. මගේ සල්ලි බලේට .
      " එහෙම බැලුවොත් එංගලන්තේ මහ රැජිණ හොඳටම ගෝලීයකරණය වෙලා " කියල කිව්වේ ඒකයි මම ..


      ගෝලීය කරණය කියන්නේ ගොඩාක් දුරස්ථව ඉන්න පිරිසක් , එහෙමම
      ඉඳගෙන එක මොහොතෙන් ( real time communication ) අදහස් බෙදා
      ගැනීමට ..එතැනදී දෙපාර්ශවය physically ලං වෙන්නේ නැහැ .

      මම එංගලන්තෙට ගියා නම් එතන " globalization " නැහැ .
      මම ලංකාවේ ඉඳන් Oxford එකේ පාඨමාලා හදාරනවා නම්
      අන්න එතැනදී globalization එක තියෙනවා ...



      globalization එකේ ප්‍රතිඵලයක් විදිහට මම සුදු ජාතික කාන්තාවක්
      දැන හඳුනාගෙන , එයා මට කැමති වෙලා , මම එයාගේ තාත්තාගෙන්
      අහන්න එංගලන්තේ ගිහින් , අහලා , එහෙනුත් කැමති වෙලා , එයාල
      මෙහෙ ඇවිත් කසාදේ ගන්න එක වෙනම කතාවක් ..


      ප්‍රධාන මාතෘකාව හා අතුරුඵල පටලගන්න එපා ...globalization කියන්නේ
      physically විශාල දුරක් අතර real time communication වලට මිසක්
      මම සුද්දියෙක් බැඳලා ප්‍රංශෙට යන එක නෙවේ ...

      Delete
    6. සංවාදයට එක් වු ලෝටස් සහන් රාජ් කෙන්ජි ඔබ හැමෝටම ස්තුතියි.

      Delete
  8. කාලෙකට පස්සෙ අපූරු ලිපියක් කියෙව්වෙ..

    ReplyDelete
  9. ඔන්න මමත් ආව ...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා.

      Delete
    2. මට වැරදුණා ඔයා චාමර නේද?

      Delete
  10. ගොඩක් දෙනාගේ කතා මේ හා සමානයි. විශේෂයෙන් විදේශවල පදිංචි අයගේ. ගෝලීකරණය ගැන අදහසක් ලබා ගන්ට පුලුවනි බ්ලොග් ලෝකය දිහා බැලුවමත්.:)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... පොඩ්ඩිත් ගෝලීයකරණය වූ කෙනෙක් ද?

      Delete
  11. niyamai.kohamat oyage post watinava.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සන්ජීව මිත්‍රයා... අවුරුද්දට එනවා නේද. හමුවෙමු

      Delete
  12. ඇත්තටම පිස්සු හැදෙන සද කියල කියන්න වෙන්නෙ මේ වගෙ ලිපි කියෙව්වම නේ.
    අයියර් උන්නැහෙගෙ දරුවො තුනක් එක එක රටවලින් බැදල නිසා ඔහොම ලිව්වනම්,හය හත් දෙනෙක් ඉදල සෝමාලියාව,ඉතියෝපියාව,සුඩානය වගේ රට වලිනුත් බැදල අපිට මෙයට වඩා රසවත් කතාවක් අහන්න තිබුන.
    කොහොමත් අපේ නලින් ටත්,ලිපිය ලියු චාමර ටත් විස්තරේ බෙදාගත්තට ස්තුතියි!!!

    ReplyDelete
    Replies
    1. කෙන්ජි...
      චාමර මුතුනායක යනු කාලයක් ලංකාවේ ජනප්‍රියත්වයේ ඉහළම සිටි ලේඛකයෙක්. ඉන්පසු අතුරුදන් වුණා කාලයක්ම. ආයි ජීවය කවලා තියනවා දැනමුතු සගරාවත් එක්ක.දැන් ඔහු යළිත් අප සමග.

      Delete
  13. මට හිතෙන්නෙත් අපූරු ලිපියක් කියලයි... මේ ගෝලීයකරණයේ එක් පැතිකඩක් දිහා මැදිහත්ව සාධාරණව බලන අදහසක්....

    ජෝන් ලෙනන් ගේ මේ ගීතයටත් මං හරිම කැමතියි...

    Imagine there's no heaven
    It's easy if you try
    No hell below us
    Above us only sky
    Imagine all the people living for today

    Imagine there's no countries
    It isn't hard to do
    Nothing to kill or die for
    And no religion too
    Imagine all the people living life in peace

    You, you may say
    I'm a dreamer, but I'm not the only one
    I hope some day you'll join us
    And the world will be as one

    Imagine no possessions
    I wonder if you can
    No need for greed or hunger
    A brotherhood of man
    Imagine all the people sharing all the world

    You, you may say
    I'm a dreamer, but I'm not the only one
    I hope some day you'll join us
    And the world will live as one

    මහගමසේකරගේ ප්‍රබුද්ධ කවි පොතෙත් මේ අදහස එනවා... ලෝකය තනි යායක්...

    ඒ ගැන සිහින දකින අය අතරේ මමත් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරු මේ ගිතය සිහිපත් කළා ට හා සේකරයන්ගේ ප්‍රබුද්ධ අපේ මතකටය නැගුවාට.

      Delete
  14. ලෝකය දැන් එක රටක් නැත්නම් ගමක්

    ReplyDelete
    Replies
    1. අනේ තාම තාක්ෂණයෙන් විතරයි එහෙම වෙලා තියෙන්නේ..

      Delete
  15. නලින්ට ස්තුතියි ලිපියට.

    ReplyDelete
    Replies
    1. රාජ් ඔබටත් ස්තුතියි... ඒ වගේම මේ ලිපිය මට ලබා දුන් චාමරටත් ස්තුතියි.

      Delete
  16. ඔබ, මම, ඔහු සහ ඇය හිතන පතන හා අදහස් දරන ආකාරය විවිදයි. පෞද්ගලිකව මම මේ ලිපියට කැමතියි. නමුත් මට හිතෙනවා මුල් ලිපියේ ඇතුලත් යම් යම් කරුනු මේ ලිපියට අඩංගු වෙලා නැතිය කියලා. කෙසේ වෙතත් ඔබ දෙපොලටම ස්තුතියි මගේ මිත්‍රයා මේ ලිපිය අප සමඟ බෙදා ගත්තාට. ඔබ ඇතුලු පවුලේ සැමට ප්‍රීතිමත් නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. අනිවා ඔබටත් දු සිගිත්තටත් නෝන මහත්තයටත් සුබ නව වසරක්ම වේවා..

      Delete
  17. සියලුම කමෙන්ට් කියවුයේ නෑ. මේක උඩින් කවුරුහරි කියල තියෙනවනම් සමා වෙන්න. මේ ලිපියෙන් කියවෙන්නේ ගොලීයා ආර්ථිකය ගැන නොවේ, සෙක්ස් ගෝලීයකරණය වූ හැටි. නැත්නම් සමාජීය කරුණු ගෝලීය වූ හැටි.

    ReplyDelete
  18. ලෝකේ තනි යායක් වෙච්ච දවසට අපිට විසා පාස්පෝට් එහෙම ඕන නැති වෙයි නේද

    ReplyDelete
  19. බලන් ගියාම මේ ලොක්ය යායක්ම තමයි මෙහෙම ගියාත් නෑදැයො එකතු කරන්න ලෝකෙ වටේම යන්න වෙනවා.

    ReplyDelete
  20. ලෝකය එකම තන් යායක් කියන්නේ ඇයි බං. හැක්..

    ReplyDelete
  21. ලෝකය තනි යායක් තමා නලින් . ඒ යායේ පිපි කුසුම් අපි වෙමු. කොච්චර සුන්දරද එහෙම හිතන එකත්. ඔබටත් නංගීටත් දූ සිඟිත්තියො දෙන්නාටත් ලබන්නාවූ නව වසර වාසනාව සතුට පිරි අළුත් වසරක් වේවා! කියල සෙනෙහසින්ම පතනවා මල්ලි.

    ReplyDelete
  22. http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-prn1/535750_4036191322096_908010658_n.jpg

    ReplyDelete
  23. ලබන්නා වූ නව වසර ඔබෙත් ඔබ පවුලේ සියලු දෙනාටත් වාසනාව උදාවන සැප සතුට සොම්නස පිරි සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්