samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]




අනෙක් කතුනට උපකාර නොකරන කාන්තාවන්හට අපායේ සුවිශේෂි ස්ථානයක් වෙන්ව තිබේ යන මාතෘකාව යටතේ මා කාන්තා දිනය වෙනුවෙන් මෙයට පෙර දා සමකය වටේ බ්ලොග් අඩවියට ලිපියක් එක් කළේ බ්ලොග් ලෝකයේ ම සිදු වූ එක්තරා සිද්ධියක් මුල් කොට ගෙන ය.
images
එහෙත් එම ලිපිය නොසිතූ ඉසව්වක් කරා ඇදගන යන්නට ප්‍රතිචාර සමත්ව තිබේ.

එම ලිපිය අරබයා ස්ත්‍රීවාදය, ප්‍රමුදි, මාතලන්, හිරු, දුලන්ත, පුංචි කුමාරිහාමි ඇති කළ සංවාදාත්මක කතිකාව හේතුවෙන් මේ පසු සටහන තබමි.


පසුගිය දිනෙක බ්ලොග් ලියන සොයුරියක් තවත් බ්ලොග් ලියන සොයුරියක ගේ නූ ගුණ කියමින් පෝස්ටුවක් දමා තිබිණි. එම පෝස්ටුව මා සිත කම්පනයකට ලක් කළ ලියැවිල්ලකි. මෙතැන දී මා මේ දෙදනාගෙන් කවුරුන් නිවැරදි ද යන්න විමසන්නට උත්සාහයක් නොගනිමි. එසේම සිතේ හට ගත් කම්පනය හේතුවෙන් එතැන වදනක් හෝ නො පවසා නිහඬ වූයෙමි.
එහෙත් ඒ පෝස්ටුව නිර්නාමික පිරිස විසින් රිසිසේ විනෝද වන්නට පිටියක් සේ සකසා ගනු ලැබ තිබුණේ ය.
අවසන සිදු වූයේ ලිපිය ලියූ තැනැත්තිය සේම ඇගේ පස මිතුරිය ද නිරුවත් කරන්න ට අවශේෂ ලෝකයාට ඉඩ කඩ විවර කර දීම පමණකි.
හෙට අප කාන්තා දිනයට පා තබන්නේ සිංහල බ්ලොග් ලෝකයේ කාන්තාවන් එවන් තැනකට පත්ව තිබෛන මොහොතක ය.

එකි ලිපිය වෙනුවෙන් ලියැවුණු කමෙන්ටු අතර අව්‍යජව ලියු සටහනක් තිබුණි. ඒ නිරංජි සුලක්ඛනා ගේ පිළිතුරයි. ඇයට මගේ ආචාරය. නිරංජිගේ සටහනින් මොහොතකට පසු හෝ සත්‍ය තේරුම් ගෙන එකී පෝස්ටුව ඉවත් කිරීම ගැන එහි හිමි කාරියටද තුති පුදමි.
එහෙත් ඒ වන විට පෙරහර ගොස් අවසන් ය.

දැන් මගේ පෝස්ටුව හරහා ඇති කළ  ප්‍රතිචාර කතිකාව දෙස ට නෙත් යොමු කරමි.

සත්‍ය ලෙසම අපේ රටේ බටහිර ස්ත්‍රීවාදයක් මුල් බැස ගෙන තිබේ ද? සමස්ථ ස්ත්‍රී ජනගහනයත් සමග ගත් කළ එසේ නැතැයි යන්න මගේ වැටහීමයි.

දෙවැන්න එසේ නැති දෙයක් ඇතැයි කියමින් අප එවන් පරිසරයක් නිර්මාණය කරන්නේ ඇයි.

එයත් එන් ජී ඕ කුමන්ත්‍රණයක ප්‍රතිඵල ද?

මට වැටහෙනා පරිදි අපේ කාන්තාවන් මේ ඉල්ලන්නේ සම තැනක් නොවේ. හිමි තැන යි.

ඔවුන්ට අහිමි කොට ඇති තැනයි. මිනිසත් බවේ නාමයෙන් කාන්තාවට ද තීන්දු තීරණ ගැනීමේ බලයක් ඇයට ලැබිය යුතුයි.  එය ඔවුන් ට හිමි විය යුතුම ය.

//කාන්තාවන් කරන්න ඕනේ හැකිතාක් පිරිමින් කරන කරන දේ කරන්න නොයා තමන්ටම සුවිශේෂී විදිහට හිතල කාන්තාවන්ටම විශේෂ වන ක්‍රියාකාරකම් පද්ධතියක් ගොඩනගාගැනීමයි. ඉහමොළයක් ඇති පිරිමින් කළයුත්තේ ඒ සඳහා නියම ස්වභාවික ස්ත්‍රී හැඟීම් දැනීම් තිහිබෙන කාන්තාවන්ට නිසි සහයෝගය ලබාදීමයි.//- දුලන්ත

මෙන්න මෙතැන දී මා දුලන්තගේ මතයට ගරු කරමි.

එසේම පිරිමියා හා කාන්තාව අතර ජීව විද්‍යාත්මකව විමසා බැලීම ද වටි. කාන්තාවක් නිර්මාණය වී ඇත්තේ ඇයට ම සුවිශේෂි වු කර්තව්‍යයන් ඉටු කිරීමට වඩාත් පහසු ලෙසය.

එය එසේ වුයේ යැයි කිසිසේත්ම ඇය ව කොටු කොට තබන්නට යෑමෙන් ය අප වැළකිය යුත්තේ. මේ කාන්තාවන් ඉල්ලා සිටින්නේ එම නිදහස නොවෙ ද?

ඒ වගේම තමා කාන්තාවක් පුරුෂකරණයට පත්වනවා යැයි ස්ත්‍රීවාදය පෙන්වා දෙනවා. එහෙම වෙන එකට එයා අකමැති ලු. ඉතින් පොඩ්ඩක් හිතන්න කාන්තාවක් ඒ තත්ත්වයට පත්වෙන්නේ පුරුෂයන්ගේම ක්‍රියාවන් නිසා නේද කියලා.

ඉතින් සාම්ප්‍රදායික ගැහැනියගෙන් මිදී නව ලොව කාන්තාවක් ලෙසට කාන්තාව ලෝක ය දකින එක මට නම් වරදක් නොවේ.

මාතලන් සොයුරාත් ලස්සන කියමනක් දාලා තිබුණා. මෙන්න ඒක 

//සම්ප්‍රදාය කරේ තියාගෙන නොයන කෙල්ලො කීප දෙනෙක් බ්ලොග් ළෝකෙත් ඉන්නවා. මල් කඩන දහසක් දෙනා අතරේ.//

ඉතින් මේ කියමනේ ඇති ගැඹුර බ්ලොග් ලියන කියවන අපේ සොයුරියන් තේරුම් ගනීවි කියලත් හිතනවා. ඒ වගේම නිතර නොදකිනවා නම් අරුණි ශපීරෝ නම් ශ්‍රී ලංකික කාන්තාව ලියන බ්ලොග පැත්තටත් ගොඩවැදිලා බලන්න කියලා මං අපේ සොයුරියන්ගෙන් ඉල්ලා සිටිනවා. අප අතර මාත වාද තිබෙන්නට හැකියි. ඒවා ගැන විවාද කරමු. මල් මල් ලොක්යෙන් ඉඳ හිට හෝ දවසක එළියට ඇවිත් වෙනස් විදියකට ලෝකය දකින්න වෙර දරමු.

වෙනස් විදියට ලෝකය දකින කාන්තාවන් අද දවසේ අගයමු.


87 comments:

  1. .com/img/b/R29vZ2xl/AVvXsEj7yctO6IIU4zQBoV7yvNOdUtGF8r4EobK_VYD8cOuhCY9mlJcjjFwbt0eL6-PkdXRiI0mqKF8nUeIqJcEXOOaqWDB48ex90fmWniFLt-zSi9txvHKYdoEN9EHAfuVnrg/s45-c/

    මම මොකුත් කියන්න යන්නේ නෑ... මොකද මම කට ඇරියොත් මෙතන ඉන්න ගෑල්ලමයින්ට හිත රිදෙනවලු ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔයාගේ කට හඬ අහන්න ගෑල්ලමයි හරී ආසයි රජා

      Delete
    2. blogger_logo_round_35

      රජතුමනි ඔයාගෙ අංතප්පුරේ දැන් කාන්තාවන් කීයක් ඉන්නවද??පරිස්සමට හොදේ අද හෙටම වර්ජනයකට සෙට් වේවි...

      Delete
  2. blogger_logo_round_35

    මොකද්ද අයියේ ඒ ලියමන.සම්ප්‍රදාය ජාතිය ආගම මේ දේවල් තිබිය යුත්තේ මිනිසාට සේවය කිරීම සඳහා සුදුසු මනසක් ඇති කර ගැනිමටය.සම්ප්‍රදායට අපි හැමෝම කුමන හෝ වේලාවක නතු වි ඇත. ඒ කේසේ වෙතත් ඔබ සෑම දේයක් දෙසම සමබරව බැලිම පිළිබඳව අගය කරමි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  3. blank

    පිරිමි දෙන්නෙක් එක තැනක සතියක් තියලා තිබ්බොත් උන් දෙන්නා මුළු ජීවිත කාලෙටම බොක්කෙ ෆ්‍රෙන්තො වෙලා එළියට එන්නෙ. ගෑණු දෙන්නෙක් එක තැනක දවස් දෙකක් තිබ්බොත් දෙන්නා එළියට එන්නෙ කෙහෙවලු නැතුව..ජීවිතේටම වෛරක්කාරයො වෙලා. බහුතරයක් එහෙමයි. ඒක වෙනස් කර ගන්නෙ නැතුව ගෑණු සමතැනයි හිමිතැනයි පිරිමින්ගෙන් ඉල්ලා ඉල්ලා ගිහින් වැඩක් තියෙනවද ?

    ReplyDelete
  4. blogger_logo_round_35

    මම නම් ඒ ලිපියෙන් කලකිරීම මුසු පාඩමක් ඉගන ගත්තා. මොකටද බ්ලොග් සමිති? ඕවාට ආවාම වෙන්නේ නිකං අපේ ඇත්ත නමට මඩ ගහගැනිල්ලක් නං ඔය වගේ සෙට් එකක් නං එන්නේ වැඩක් නෑ ඇවිත්. ඒ නිසා මං බ්ලොග් ලෝකය ගැන කලකිරීමෙන් නැවත සත්‍ය නමින් පෙනී නොසිටින්න තීරණය කළා. පින්තුරේ දැම්මෙත් අපරාදේ වගේ දැන් නම්. ඇනෝ කමෙන්ට් දාපු බහුතරය බ්ලොග් කියවන ලියන අය.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔබ හරියටම හරි ඇලෙක්ස්. මට ඇති වුණෙත් ඒ සිතුවිල්ලම තමා..සංගම් වැඩ වලට වඩා හොදා දන්න යාලුවන් කිපදෙනා එක්ක හිත හොදින් ඉන්න එක.

      Delete
    2. FB_IMG_1561654098205

      @ ඇලෙක්සැන්ඩර් හා නලීන්
      දැක්කනේ බ්ලොග් ලියන් උන්ගේ තරම. මෙතනත් වැඩිපුර ඉන්නේ ඉරිසියාකාරයෝ, කුහකයෝ, මමත් ගාල්ලෙ ගෙට්ටුවට ගිහින් ගොඩාක් කලකිරුනා.. මහත්වරුන් ඉන්නේ බොහෝම ස්වල්පයයි. වැඩි පිරිස ගඟේ පහලට ගලා යන පොල් ලෙලි. නලීන් උඹ ඕන දෙයක් ලියපන් උඹ කව්ද කියලා මම දන්නවා.. දැකලා නැතත්, කිසි දිනෙකත්. නමුත් ඇලෙක්සැන්ඩර් බය නැත්නම් ඕන දෙයක් ලියන්න. හැබයි මල් මෙන්ම ගල් ගැනද බලාගෙන. දිනක් හිරු කෙල්ල ඉතාම පෞද්ගලික ද්ජෙයක් දාලා තිබුනා එයාගේ බ්ලොග් එකේ. මම එයාට වෝන් කලේ මෙන්න මේ හේතු උඩයි. දැන් ගයිනෝෆෝබියා තියෙන උනුත් බ්ලොග් ලියනවා.. ඒ නිසා පරෙස්සමෙන්..

      Delete
    3. blogger_logo_round_35

      ලියන්න නං කිසිම බයක් නෑ මාතලන්. ඒත් මීට පස්සේ කිසිම සාමුහික කතා නෑ.. මොකද මට බ්ලොග් වලට මේ යුනිකෝඩ් වලට මරාගන්නවට වඩා ජීවිතයක් තියනවා. ඒත් සමහර අය හිතන්නේ එහෙම නෙවෙයි නේ. එයාලට ලොකු මේ අකුරු ටික. අලුත් පරණ බව. ලිව්ව අවුරුදු ගනන. පෝස්ට් හිට්ස් කමෙන්ට්ස්. :) ඕවා මට වැඩක් නෑ. අලුත් උන් හිටියා පට්ට බ්ලොග් ලියන. පරණ එවුන් හිටියා මෙලෝ රහක් නැති. මට කියවලා ඉන්න බ්ලොග් තියේ නං මට නොලියා හිටියත් අවුලක් නෑ. ඒ එක්කම කියන්න ඕනේ, මේ සෙට් දෙකේම මාරම හොඳ සෙට් එකක් ඉන්නවා. ඒ ගැන කතා දෙකක් නෑ.

      Delete
    4. blogger_logo_round_35

      මීට කලින් වලියකත් මං කිව්ව කතාවක් මං මෙතැනදී ආයෙම කියන්නම්. මේ බ්ලොග් ලෝකයේ මං සදාකාලික පොඩි එකෙක්. ඒ මං කිසිමදාක බ්ලොග් වල වයසට යන්නේ නැති නිසා.

      Delete
  5. blogger_logo_round_35

    මෙයට පිළිතුරු නොදෙමි ^_^ ඉල්ලං කන්ඩ බැ

    ReplyDelete
    Replies
    1. FB_IMG_1561654098205

      බය උනොත් නම් මුකුත් කරන්න බෑ පුතේ. මේ මෝඩයෝ ජය ගන්නවා එතකොට. හරි හෝ වැරදි තම අදහස ප්‍රකාෂ කිරීමයි කළ යුත්තේ...

      Delete
    2. blogger_logo_round_35

      තම මතය වෙනුවෙන් පෙනී සිටින්නට බය වෙන්න අවශ්‍ය නැ දිලුම්.

      Delete
  6. lotus_flower-300x225

    දෙගොල්ලම අනික් කෙනා මනුස්සයෙක්ය කියල හිතිමයි වෙන්න ඕන . පිරිමින් ශාරීරික අතින් ශක්තිමත් . ගැහැණිය සතුව වෙනත් දස්කම් තිබෙනවා .මවක් වීමට පිරිමියෙක්ට නොහැකියි . දෙගොල්ලන්ම අනිකාගේ වටිනාකම වටහාගැනීම අගෙයි .

    ගැහැනියකට හාරිරික ආපදා වෙන්න තියෙන ඉඩ වැඩියි . ඒ නිසා සමාජමය වශයෙන් ආරක්ෂාකාරී බවක් ගැහැණියට අවශ්‍යයි .පාරේ යන ඕනෑම කෙල්ලක් ගැහැනියක් තමන්ගේ පහත ආශාවන් වලට හදපු මෙවලමක් කියා නොසිතන සමාජයක් අපට අවශ්‍ය .

    ගැහැනියගේ අයිතිවාසිකම් කියූ පමණින් බටහිරින් ආ ස්ත්රිවාදයක් කියා වෙව්ලන්නට හෝ ගැහැනුන් පෝස්ටර් ගෙන පෙළපාලි යාම කාන්තා විමුක්තිය කොට සැලකීම හෝ අවශ්‍ය නැහැ . අනික් අතට බටහිර ගැහැනුන් යක්ෂනියන්ද නොවේ . කොහෙන් හෝ අපට නැති හොඳ දෙයක් නම් ගැනීම වරදක්ද නැත .
    අධ්‍යාපනය සෞඛ්‍ය වැනි කාරණා අතින් නම් ලාංකීය සමාජය සමාන අයිතීන් ලබා දේ . නීතිමය වශයෙන් මෙයට වඩා රැකවරණයක් උවමනායි . අනික් අතට සමාජය [ ගැහැණු පිරිමි දෙගොල්ලන්ම ]ගැහැණිය කෙරෙහි දක්වන ආකල්පමය අඩුවක් අපට ඇත .

    ReplyDelete
    Replies
    1. blank

      බින්දිගෙ කතාව ඇත්ත.ඒත් බලන්න අද ඉදිරියෙන් ඉන්නෙ කාන්තාවන්ද?පිරිමිද?විශ්වවිද්‍යාලවල,රැකියාවල බහුතරය කවුද?

      Delete
    2. FB_IMG_1561654098205

      මොකක්ද බින්දි ශාරිරක අතින් ශක්තිමත් කතාව. කොච්චර බර වැඩ කරන කාන්තාවෝ ඉන්නවාද අපේ ගම්වල. කොටින්ම මේ කොමෙන්ට් දාන පිරිමි එකෙකුටවත් පුළුවන්ද සුසන්තිකා එක්ක දිනලා දුවන්න.. (කතාකරන්න ගියාමත් එහෙම තමයි.) මම නම් ඔය තර්කය පිලිගන්නෙ නෑ. මොකද බර වැඩ කරන ගෑණු අය මම ඕනා තරම් දැකලා තියෙන නිසා.

      Delete
    3. blank

      හැබයි ඒ අයගෙ කිසිම ගෑනු ගතියක් නෑ නේද මස් පිඩු දිහා බලන්න

      Delete
    4. lotus_flower-300x225

      ඇත්ත මාතලන් . වියට්නාමයේ මට පෙනෙන විදිහට බර වැඩ වැඩිය කරන්නේ ගැහැණු . මොකද පිරිමි යුද්ධෙට ගියහම ගැහැණු අනික් වැඩ කටයුතු අතට ගත්තා . අදටත් ඒ ආභාෂය තියෙනව . නමුත් දරුවන් වදලා කිරි දීලා ගැහැණු පෝෂණය අතින් දුර්වල වෙනවා .
      වයසක ගැහැණු බර වැඩ කරන්නේ පුළුවන් කමට වඩා හිතේ හය්යට .

      තරුණ කාලේ තත්වය වෙනස් ඇති . අනික් අතට ගෙදරදී අම්මා තමයි අඩුම පෝෂණයක් ලබන්නේ . විශේෂයෙන් අඩු ආදායම් පවුල් වල . ඒ ගැන මුකුත් කියන්න අමාරුයි . මොකද ඒ අම්මලාගේ හැටි .
      කතාවට නම් ඉතින් ආයේ දෙකක් නැහැ ඕගොල්ලෝ පරාදයි ..නැද්ද . ඒ වුනාට දැන් දැන් ඒ ස්තානය අහිමි වීම ගැන මන් නම් කනගාටුවෙන්

      ස්ත්‍රීවාදය ..
      එයත් කාන්තා අයිතියක් . මස් පිඬු ශක්තිමත් කරගන්නවද සුලලිත කාන්තාවක් විදිහට ඉන්නවද කියන එක . තමන් තමන් ගැන තීරණ ගැනීම තමයි ලොකුම අයිතිවාසිකම .

      Delete
    5. blank

      @මාතලන්
      ටික දෙනෙකුට සුසන්තිකා එක්ක දුවන්න බැරිව ඇති ඒත් සුසන්තිකාට උසේන් බොල්ට් එක්ක හැරෙන්නවත් බෑනේ. උසේන් බොල්ට් නෙමෙයි. පිරිමි මීටර් 100 අන්තිමයටවත් තරගයක් නැතිවම කාන්තා මීටර් 100 පළවනියව පරාද කරන්න පුලුවන්.
      -----------------

      ශාරීරික ශක්තිය අතින් කොහොමත් පිරිමි ඉදිරියෙන්නේ. ඒක ගැන කතාකරන්න දෙයක් නෑනේ. ඒත් මට තියෙන ප්‍රශ්නේ තමයි ලොකයේ නව සොයා ගැනීම් කරපු පුද්ගලයන්, ආගමික නායකයන්, දේශපාලන නායකයන්, නව චින්තකයන් බහුතරයක්ම හෝ සියල්ලන්ම වගේ පිරිමින් වීමයි. මේවගේ දේවල් වලට ශාරිරික ශක්තිය අවශය නොවන බවයි මගේ විශ්වාසය.

      Delete
    6. FB_IMG_1561654098205

      හුසේන් බෝල්ට් දිව්වට අපේ උන්ට දුවන්න බෑනේ..

      Delete
    7. lotus_flower-300x225

      සමාවෙන්න ඇනොනිමස් මන් මෙයට උත්තරයක් දුන්නට . දාර්ශනිකයින් චින්තකයින් බිහි වුන සමයේ කාන්තාවට හඬක් තිබුනෙම නැහැ . අධ්‍යාපනයක් ලැබුනේ නැහැ . බුද්ධිමත් කතුන් යමක් කිවත් ඉතිහාස පොත් ලිවේ පිරිමින් . මධ්‍යතන යුරෝපයේ පවා කාන්තා පොත් ලියන්නියන් පිරිමි නමින් ලිවේ . ඒ නිසා අතීතයේ සමාජයේ දාර්ශනිකයින් චින්තකයින් ලෙස ඉසිරියට ආවේ පිරිමි .

      කාන්තාවන් නව සොයා ගැනීම් කර නැති බව ඇත්ත නෙමේ . මාරි කියුරි වගේ අය හිටියානේ .

      අනික් අතට ලෝකයේ පරිගමනයට දෙගොල්ලන්ම යම් ලෙසකින් දායක වුනා .

      Delete
    8. blank

      @මාතලන්
      ඔයාගේ නෝනා ඔයාට වඩා ශක්තිමත් වෙන්න ඇති හැබැයි එකෙන් කියවෙන්නේ නැහැ පිරිමින්ගේ කායික ශක්තියට අඩුයි කියලා


      @Bindi

      ඉඩක් තිබ්බේ නෑ. අධ්‍යාපනයක් ලෑබුනේ නෑ කියන එක බොරු කතාවක්නේ. ගොඩක් අලුත් සොයා ගැනීම් කරපු අයට හරි හමන් අධ්‍යාපනයක් ලැබුනේ නැති අයනේ එහෙම නැත්තම් දුර්වලයි කියල අයින් කරපු අය තවත් සමහර අය පවුලක්වත් නැති අනාථ ළමයි. අනිත් එක මාරි කියුරි වගේ අය බිහි වුනානේ ඒ කාලේ. එහෙමනම් අනිත් කාන්තාවන්ට ඒ විදියේ දෙයක් කරන්න බැරි වුනේ ඇයි?
      තවමත් විද්යාවේ දියුණුවට කාන්තාවන්ගෙන් ලැබෙන දායකත්වය සැහෙන්න අඩුයිනේ.

      Delete
  7. .com/img/b/R29vZ2xl/AVvXsEhWkdegFqKab9hh6CBvfrf6aIPH3ldrolzqEWf_j-wTfJ_aTFTdSp9_dT2RK96Ka4MCfi1IH2y-xa_d6JcpMbkeQxBjac1QMO7a6k5FpTOJCNBTDome8BNV81z7xXQT8g/s45-c/

    ඒක ඇත්ත! ස්ත්‍රිය ඉල්ලන්නේ නිසි තැන! ඒත් අපේ සමහර උදවිය ඒ නිසි තැන කියලා හිතාගෙන ඉන්නේ නිදි වැදීම!

    ReplyDelete
  8. MyPhoto

    ඒ ලිපිය දැකලා මටත් පුදුම කලකිරීමක් ඇති වුනා. මොකද අපි මෙතනට තවමත් ආධුනිකයි. මෙයාලගේ පරණ කෝන්තරයක් නේද මේ යන්නේ කියල හිතුනේ. ඒවා ලියන්නේ කාන්තාවක් කියලා පිලි ගන්න මගේ හිත තවමත් ඉඩ දෙන්නේ නෑ. දෙදෙනෙක් අතර කුමන විදියේ ගැටුමක් ඇති වුනත් ලෝකයා ඉස්සරහ අණබෙර ගහලා ඒක කියන්න යත්දී එක් කෙනෙක් නිහඬ වෙනවා නම් මේවා වැඩිදුර යන්නේ නෑ. එතනදී කණ්ඩායම් දෙකකට බෙදිලා අපේ මහත්තුරු ටිකත් කෙල ගන්නකොට මගේ හිතට නිතැතින් ආවේ අර ජනප්‍රිය කියමන

    "ඕනෑම ගැටුමක් පිටිපස්සේ ගෑණියෙක් ඉන්නවා"

    කියන කියමන. අපේ මහත්වරුත් මොකක්දෝ අමුතු පීඩනයකින් ජීවත් වෙනවා වගේ තරඟෙට කුණුහර්ප විදිමිනි සහ නව කුණුහරප නිර්මාණය කරමින් දක්වපු සහයෝගය නම් ඉතාම ප්‍රශංසනීයයි. :)

    බ්ලොග් බලන්න මුලින්ම එන කෙනා මේ වගේ තැනකට වැටුනොත්, අපි බ්ලොග් කාරයෝ කියලා එයාලට දැන ගන්න ලැබුනොත් අපට එලව එලව ගහයි. ඒකද වෙන්න ඕනේ ?

    මම ඉල්ලා සිටිනවා සියලුම සින්ඩිකේටර් මෙහෙයවන මහත්වරුන්ගෙන් එවැනි බ්ලොග් ඔබගේ සින්ඩිකේටරයෙන් ඉවත් කරන ලෙස. මොකද බ්ලොග් වලට රැඟුම් පාලක මණ්ඩලයක් දාන්න බැරි නිසා. එතකොට එයාලා එතනට ගොනු වෙයි.

    තවත් ලොකුවට පම්පෝරි ගහල පටන් ගත්ත බ්ලොග් එකක් මහා මඩ ව්‍යාපෘතියකුයි, කුණුහර්ප සමග ජීවත් වන්නන්ට කදිම වෙදිකාවකුයි සපයලා තියෙනවා අපි පහුගිය දවස් වල දැක්කා.

    මගේ සාමාන්‍ය විශ්වාසය තමයි පවතින්න බැරි දේවල් වලට වැඩි ආයුෂ නෑ කියන එක. අපි බලාගෙන ඉමු.

    ReplyDelete
    Replies
    1. blank

      ඔබට ඕන ස්ත්‍රීවාදයට පක්ෂ අදහස් විතරක් ලියවෙන් අබ්ලොග් ලෝකයක්ද?මාධ්‍ය මාෆියාව වාගෙ.ස්ත්‍රීවාදී මාෆියාව ගැන කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ කියන්නෙ මේවට .බ්ලොග් නොලියන ස්ත්‍රීවාදයට් එරෙහි අය දස දහස් ගනනින් ඉන්නවා

      Delete
    2. blogger_logo_round_35

      මෙතැන සුදික කතා කරන්නේ ස්ත්‍රීවාදි කතාවක් ගැන නොවෙයි. වෙනත් ලිපියක් ගැනයි ස්ත්‍රිවාදය. ඔබ ඒ ලිපිය කියවා නෑ දැන් එය කියවන්න අවස්ථාවත් නෑ

      Delete
    3. blank

      මට සමාවෙන්න මම වැරදි තැනකට මද්දට පැනලා

      Delete
  9. .com/img/b/R29vZ2xl/AVvXsEjCABF-9LkgWXnVfBZ2fOfsN0gmo1D38rjMly81AbOZGDB34exw3oVH8yr86_cTW2sOpkj2XBQe0NH7VxMmgHQ7XuPFz8rvunmHzW3iunEb4ttVNUyIuu7VJrarfYpgmR0/s45-c/

    ඒ පෝස්ට් එකත් කියෝලා නොදැක්කා වගේ කමෙන්ට් නොකර හිටියා..
    මේකත් බලලා ඒ විදිහටම ඉන්නං නලීන් අයියේ..
    ඔය කෙල්ලංගේ කේස් වලට අත දැම්මම අන්තිමට අහක ඉන්න අපියි නරක..
    ඒගොල්ලම විසදගත්තාවේ...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හරි තරියා මල්ලී වැඩේ ඇත්ත

      Delete
  10. 10394628_676026559113735_7918253746596240164_n

    /කාන්තාවන් කරන්න ඕනේ හැකිතාක් පිරිමින් කරන කරන දේ කරන්න නොයා තමන්ටම සුවිශේෂී විදිහට හිතල කාන්තාවන්ටම විශේෂ වන ක්‍රියාකාරකම් පද්ධතියක් ගොඩනගාගැනීමයි. ඉහමොළයක් ඇති පිරිමින් කළයුත්තේ ඒ සඳහා නියම ස්වභාවික ස්ත්‍රී හැඟීම් දැනීම් තිහිබෙන කාන්තාවන්ට නිසි සහයෝගය ලබාදීමයි./
    දුලන්තගේ කියමන තමා මගෙත් මතය.
    ඔය විදිහට කරන්න ගියාම වැඩිපුරම එකට හරස් කපන්නේ කාන්තාවෝ වීම කනගාටුවට කරුණක්.
    ඒ නිසයි මම කිව්වේ බාධා කරන බහුතරයක් පිරිමි නම් එහෙම කරන්නේ එයාලගේ ආධිපත්‍ය නැති වෙන නිසා,ඒත් ගෑණු එහෙම කරන්නේ ඇයි කියල මට තේරෙන්නේ නෑ කියල.

    ReplyDelete
    Replies
    1. 10394628_676026559113735_7918253746596240164_n

      This comment has been removed by the author.

      Delete
    2. FB_IMG_1561654098205

      ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහි උන රටේ කාන්තාවන් මෙහෙම හිතන්න ගත්තොත් ඒ කාන්තාවන්ට සොරි ඩොට් කොම් කියනවා හැර වෙන කියන්න දෙයක් නැත. අද රටේ සෑම අංශයකම කාන්තාවන් ඉදිරියට පැමිණ ඇත. පසුගාමි අදහස් දරන ගැහැනිය නොව පිරිමියාද පරාජිතයන්ය. ළෝකයා ඉදිරියට යයි. මෙහේ අය ගල් යුගයට යයි.

      Delete
    3. blank

      ඔබ කියන්නෙ පිරිමින්ට කුස්සියට යන්න කියලද ?කාන්තාව බලගන්වීමේ හැම වඩසටහනකම අනිවාර්ය අංගයක් ලෙස පිරිමින් කුස්සියට හුරු කිරීම තිබෙනවා.එතකොට වැඩක් වෙලා නෑනෙ කට්ටියක් එලිමහනට දාල තියෙන්නෙ ඊට සමාන තවපිරිසක් කුස්සියට තල්ලු කරලනෙ

      Delete
    4. blogger_logo_round_35

      මම නං මටම කියල හොඳට කෑමක් හදාගන්න ඕන වුණාම අනිවාර්යෙන්ම කුස්සියට යනවා.මට අවශ්‍ය කෑම මට තරම් හොදට හදන්න වෙන කෙනකුට බෑ. අනික පිරිමියෙක් උයාගන කන එක වරදක් ද?

      Delete
    5. FB_IMG_1561654098205

      ඇයි කුස්සියට ගියාම පුරුෂභාවය අහිමි වෙනවද...?

      Delete
    6. 10394628_676026559113735_7918253746596240164_n

      අනේද කියන්නේ මාතලන්.
      කුස්සියට ගිහින් උයාගෙන කෑවම පිරිමින්ගේ ඇඟේ කෑල්ලක් යනවද..??
      ගෙදරක අම්ම විතරක් නෙවේ තාත්ත දුවල පුතාලා ඔක්කොම උයන්න ගෙදර දොර වැඩ කරන්න ඉගෙන ගත්තට හොඳක් මිසක් නරකක් වෙන්නේ නෑ.අපේ ගෙදර තාත්තට අයියට හොඳට උයන්න දෙගර වැඩ කරන්න පුළුවන්.අම්මට අසනීපයක්‌ එහෙම හැදුනම ඒක කොච්චර ප්‍රයෝජනවත් වෙනවද? අනික කට්ටියම ගෙදර කුස්සියට වෙලා සහයෝගෙන උයනකොට කොච්චර ෂෝක් ද..??

      Delete
    7. 10394628_676026559113735_7918253746596240164_n

      @මාතලන් >> නෑ නෑ මම කියන්නේ පසුගාමීව හිතන එකක් නෙවේ.ගෑණු අපිටත් පුළුවන් පිරිමි හා සමව වැඩ කරන්න.පිරිමි කරන දේ කරන්න යන්න ඕනි නෑ කියල කිව්වේ පිරිමි කරන ජරා වැඩ අපි කරන්න යන්න ඕනි නෑ කියල.උදාහරණයක් විදිහට තමන්ට අරක්කු බොන්න සිගරට් බොන්න තමන් කැමති මනුස්සයෙක් එක්ක නිදාගන්න ඕනි නම් ඒක කලාට කමක් නෑ.ඒක ඒක එක්කෙනාගේ කැමැත්ත.තමන්ට අනුන්ට හානියක් නොවෙන විදිහට තමන් කැමති දෙයක් කරන්න ගෑනියෙක්ට අයිතිය තියෙන්න ඕනි.
      ඒ වුනාට පිරිමි මෙහෙම කරනවානම් අපි මෙහෙම කලාම මොකද කියන මානසිකත්වය අත් ඇරගන්න ඕනි.
      අපි අපිටම අනන්‍ය විදිහට හිතන්න ඕනි.එතකොට කාගේවත් වහලියෝ වෙන්න වෙන්නේ නෑ අපිට.

      Delete
    8. blank

      ඔයගොල්ලො සේරම මේක වැරදියට තේරුම් අරන් මම කියන්නෙත් ගෙදර වැඩ ගෑනු පිරිමි භේදයක් නැතිව කරන්න ඕන දෙන්නම ආර්ථිකයට දායක වන නිසා කියල.නමුත් 100% ක් ම ගෙදර වැඩ පිරිමියාට බාර දීල නන්නත්තාරෙ යන්නයි ස්ත්‍රීවාදීන්ට ඕන .ඉංග්‍රීඉස් පත්තරේ කතෝලික මාධ්‍යවේදිනිය කියල තිබුනෙ ඇමරිකානු නීති විශාරද කාන්තාවකාගෙ දේශනයක් උපුටා දක්වමින් "මගේ සාර්ථකත්වයත් සමගම සැමියා රැකියාවෙන් ඉවත්ව පූර්නකාලීන චෙෆ් කෙනෙක් වුනා කියල"මේ මාධ්‍යවේදිනිය ඒ ලිපියෙම් අසදහන් කළා තමන්ගෙ ගෙදර ගැනත් සැමියා කුස්සියට හිර කරන හැටිත් අනාගත ලේලිගේ යහපතට පුතාව කුස්සියේ වැඩට හුරුකරන හැටිත්.බලන්න ස්ත්‍රීවාදීන්ට ලිංගික සහෝදරත්වය ලේ නෑකම් වලටත් වඩා වටින හැටි.ලේ වලට වඩා වතුර උකු හැටි

      Delete
  11. 11406625_1047576465270789_967693792463328651_n

    blog loke mama dakke sundara dhewal witharai mama thaama aluth nisa. Eth lagakadhi idhan eaka ea kiyana tharamma sundara naha kiyala therum gaththa.

    ReplyDelete
  12. Untitled-1.

    ඔය කෙහෙල්මල් කාන්තා දිනය ගැන නම් මගෙ කැමැත්තක් නෑ. ඒත් කාන්තාවක් ( අපේ රටේ ජීවත් වෙන සාමාන්‍ය කාන්තාවක් ) හැටියට මම උනත් මේ සමාජයෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. ඔය " සම තැන " සහ " නිසි තැන " ඉල්ල ඉල්ල නහයෙන් අඬනවාට වඩා පාරක තොටක නිදහසේ ගමන් කිරීමේ අයිතියත් ආරක්ෂාවත් අපේ රටේ කාන්තාවන්ට ලැබිය යුතුයි කියලා මට හිතෙනවා. අඩුම තරමින් අපේ සමාජයේ කාන්තාවන් ගැන තියෙන ආකල්පමය තත්වයේ වෙනසක්වත් ඇති වෙනවා නම්...

    ReplyDelete
    Replies
    1. blank

      ලිහිනිගෙ කතාවට මම එකගයි.ඇත්තෙන්ම කාන්තා දිනය කියන්නෙ බටහිර මනස්ගාතයක්.කාන්තාවන් ආරක්ෂා කිරීමයි අවශ්‍ය.

      Delete
    2. blogger_logo_round_35

      හැම කාන්තාවක් ම එක එක ක්‍රම මගින් ඉල්ලන්නේ ආරක්ෂාවම තමා..

      Delete
    3. blank
    4. Untitled-1.

      ඇත්තෙන්ම නලින් අයියේ ගැහැණියක් හැටියට මම නම් ඉල්ලන්නේම ආරක්ෂාව. මොකද අපේ රටේ කාන්තාවන්ට ඒක නෑ. රැයක තියා දවාලක පාරේ යන්න පුළුවන්ද ? නයි කාරයෝ වගේ " ෂූ " ශබ්දයි, ත්‍රීවීල් සහ මෝටර් සයිකල් ස්ලෝ කරලා කියන පට්ට කුණු හබ්බයි, හරියට ජීවිතේට ගැහැණියක් දැකලා නැති ගානට හැදෙන කුලප්පුව. යුරෝපා රටවල වගේ ගැහැණියකට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් ආරක්ෂාවක් අපේ රටේ නම් නෑ.ඉතින් අනෙක්වා කෙසේ වෙතත් ඒක වත් ඉල්ලන්නේ නැතුව කොහොමද ?

      Delete
    5. DSC00156

      ගෑනුන්ගේ ආරක්ෂාව කියන සාධකයට විශේෂත්වයක් හිමිවෙන්නේ ගෑනුන් කියන්නේ පිරිමින් නොවන නිසා. මෙතනදෙ කාන්තාවන්ට ආරක්ශාව විශේඅෂයෙන් තියෙන්න ඕන කියන එක මමත් පිලිගන්නවා. නමුත් බටහිර කාන්තාවදය අනුගමනය කරන විකුර්ති අදහස් ඇති ගෑනුන්, තමන්ට පිරිමි අවයවයක් තියෙනවයි කියල හිතාගෙන පිරිමින් කරන කරන දේ කරන්න දඟලමින් උමතුවෙන් හැසිරෙන ගෑනුන් නිසා තමයි මේ කාන්තාවන්ට විශේශයෙන් ආරක්ෂාවක් තියෙන්න ඕනේ කියන එක විහිලුවකට ලක්වෙන්නේ. ඇත්තටම ළිහිණිලා වගේ අයට අන්න ඒ වගේ උමතු ගෑනුන්ගේ විකුර්ති ක්‍රියාකාරකම් ප්‍රතික්ෂේප කරන්න පුලුවන්නම් ඔයාගේ මතේට වැදගත්කමක් එතනින් නිකම්ම ඇතිවෙනවා.

      Delete
  13. 393156_3563762052755_1879415722_n

    මම ඉහත ලිපිය සම්බන්ධව මාගේ මතය ප්‍රකාශ කර ඇත....එපමණයි....

    ReplyDelete
  14. blank

    නලින්ගේ මෙම ලිපිය වටින්නේ එයින් බ්ලොග් කලාව හා ස්ත්‍රීවාදී මතවාද ගැන එයින් කතා කෙරෙන බැවිනි.

    සත්‍ය ලෙසම අපේ රටේ බටහිර ස්ත්‍රීවාදයක් මුල් බැස ගෙන තිබේ ද? සමස්ථ ස්ත්‍රී ජනගහනයත් සමග ගත් කළ එසේ නැතැයි යන්න මගේ වැටහීමයි.//

    කාල යන්ත්‍රයකින් කෙනෙක් අතීතයට ගොස් බටහිර මිනිසුන් හමුවී ස්ත්‍රීවාදයක් ඇතිවී මේ සියවස මැදදට ලොව විනාශ වන බවට අනාවැකි කීවා නම් බටහිරයෝ මෙසේ උත්තර දෙනු ඇත.

    බටහිර ජාතිකයෝද මෙසේ කීහ.බටහිර කියන්නෙ නියම ක්‍රිස්තියානි රටවල්.වික්ටෝරියානු සදාචාරය ප්‍රබලයි.හරි ස්ත්‍රීවාදයක් ඇතිවුනොත් පල්ලිය නිකම් ඉදීද?බලන්න වීර විද්ග්ධ සුදු මහත්වරු,නිවුනු සංවර ආර්යාවන්.ස්ත්‍රීවාදී න් ආවොත් උන්ට ගණිකාවො කියාල හිම කැට ව්ලින් ගසා එලවාවි

    තවත් සුද්ද්ක් මෙසේ කියාවි මධ්‍යතන යුගයෙ මන්තරකාරියන්ට වෙච්ච දේ උන්ට වෙන්නෙ"
    තවත් සුද්දෙක්" හිරු නොබසින අධිරාජ්‍ය ගොඩනගපු ලොව දැනුමෙන් දිග්විජය කළ අපිටද ඔහේ ඔහොම කියන්නෙ"

    තවත් සුදු ඉලන්දාරියෙක් හි හි හි ගෑනුන්ට පුලුවන්ද බන් ඔච්චර හරියක් කරන්න"කියා සිනාසෙයි

    අසුන් අරා තේජෝ බල වීර විපුල වංශාධිපතියන් ගාම්භීර පූජකවරු න්ට මෙය අසා සිනහව නවත්වාගත නොහැකිවූ බැවින් කිසිවක්ම නොකියති
    අද මොකද වෙලා තිබෙන්නෙ මුලු බටහිරම ස්ත්‍රීවාදය ඉදිරියේ බලු වෙලා නේද?
    ලංකාවෙ ගෑනුන්ගෙ මනස සකස් කිරීම කාලය පිලිබද ප්‍රශ්නයක් විතරයි.2001 දි පත් වුන රනිල් ගෙ ආන්ඩුව මේ වෙනකම් තිබ්බානම් ඔක්කොම සුන්නාද්දූවිලිවෙලා ඉවරයි

    කැලේ කොටි නෑ කියල ඉන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අද ඔය ස්ත්‍රීවාදයට තවදුරටත් ප්‍රබුද්ධ බවක් නෑ. මේ ස්ත්‍රීවාදයේ මතවාදී ඒකාදිකාරය අද බිඳ වැටිල ඉවරයි. ස්ත්‍රීවාදය වගේ බටහිර මුල්බැසගෙන බටහිරටත් අවසානයේ වින කළ මතවාදයක් තවදුරටත් කරතබාගෙන යන්නේ අවිචාරයෙන් අන්ධ වෙච්ච පිරිසක් විතරයි. ඒ අවිචාරය හැමදාම තියෙන එකක් නෙවෙයි. අද මේ ස්ත්‍රීවාදයේ නියම ස්වරූපය කාටත් තේරෙනවා. මේ මතය බිඳ දමන්න කටයුතු කරන ඔබට ස්තුතිවන්ත වනවා.

      Delete
  15. blank

    ඊනියා කාන්තා බලගැන්වීම් වල කෙරෙන්නේ පිරිමින් කරන හැම රැකියාවම කාන්තාවන්ද කළ යුතු බව කීමත් ඊට සමගාමීව පිරිමින් කුස්සියේ වැඩකළැ යුතු බවත්ය .

    ReplyDelete
  16. blank

    මේ ලිපියෙ බ්ලොග් ලියන්නියන් ගැනත් කියලා තිබුනා මට පෙනෙන්නේ ඒ අයට ඕන කරන්නෙ පිරිමින් කුස්සියට තල්ලු කරන්නයි.කිසියම් රැකියාවක කාන්තාවන් අඩුනම් ස්ත්‍රීවාදීන් ඒ ක්ශේත්‍රයෙ කාන්තා ප්‍රතිශතය වැඩි කරගන්නවා.ඒ අතරම ඔවුන් කියනවා පිරිමින් කුස්සියට තල්ලු කළ යුතු බව.ඇයි අයිතිවාසිකම් ගැන විතරක් කතා කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මෙතැන පිරිමි ගැන ගැටලුවක් නැත. දෙදෙනකුගේ පුද්ගලික ගැටලුවක් පමණයි. ඒ ගැන එතරම් වද නොවෙන්න

      Delete
    2. Untitled-1.

      පිරිමියෙක් කුස්සියට ගිය පමණින් කෑමක් බීමක් හදා ගත් පමණින් පිරිමියාගෙ පිරිමි කමේ අඩුවක් සිද්ධ වෙන දෙයක් නෑ. එතැන ස්ත්‍රීවාදයක් ඇති වෙන්නෙත් නෑ ..ගැහැණියක් හා පිරිමියෙක් එකට ගෙවන ජීවිතයෙ වැදගත්ම දේ " සහයෝගයයි " සහයෝගයෙන් ජීවත් වෙන්න නම් ගෙදරදී හවුලේ වැඩ කිරීම වෙන්න ඕනේ. ඉස්සර ගැහැණිය කුස්සියේ මුල්ලේ ඉඳගෙන බත් තැම්බුවාට, දැන් ගැහැණිය ඊට වඩා ඉදිරියෙන් ඉන්න නිසා කුස්සිය කියන්නෙ ගැහැණියට පමණක් සීමා වෙන කොටසක් කියලා මම හිතන්නෙ නෑ.

      අපේ කාන්තාවන් පිරිමියාව කුස්සියට තල්ලු කිරීමක් කරනවාය කියන එක මම පිළිගන්නෙ නෑ.නමුත් අර මම කිව්වා වගේ සහයෝගයෙන් ජීවත් වීමේදී පිරිමියාත් කුස්සියේ රාජකාරිවලට අත දෙනවාය කියන එක මදි කමක් නෙමේ..

      Delete
    3. 12832864909625

      ලිහිණි +++
      ගැහැණිය ගෙදර ආර්ථිකයට සහයෝගය දෙන කාලෙක පිරිමියා ගෙදර වැඩවලට සහයෝගය දෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. ඒකට කුස්සියට තල්ලු කරනවා කියන්නේ කොහොමද කියලා මට හිතාගන්න බෑ.

      Delete
    4. blank

      කරුනාකර වරදවා වටහා ගන්න එපා මේ මගෙ ලිපියක තිබුන කොටසක්.ලිපියෙ නම බොදුබල සේනා හා ස්ත්‍රීවාදය

      http://sthreevaadaya.blogspot.com/2013/02/blog-post_18.html

      රස්සාවත් කරල ගෙදර ඇවිත් තනියම උයන්න කියන එක හරිම අපරාධයක්.ඒක නොවෙයි මේ කියන්නෙ වරදවා තේරුම් ගන්න එපා.ඒක නොවෙයි කියන්නෙ සම්පූරනයෙන්ම පිරිමියා කුස්සියට තල්ලු කරල ගෑනි අණදෙන නිලදාරිනිය වන ස්ත්‍රීවාදය ගැනයි
      ඉංග්‍රීසි පුවත්පතක ස්ත්‍රීවාදය ගැන සතිපතා ලියන කතෝලික මාධ්‍යවේදිනිය ඇගේ ලිපියක මෙසේ කීවාය

      උදෑසන ආහාරය හදන්නේ සැමියාත් පුතාත්ය.ඇත්තෙන්ම මෙය පුතාට ලැබී ඇති මහගු වරප්‍රසාදයකි.ඔහුගේ අනාගත බිරිදට වාසියකි.බිරිද සාර්ථක වීමට සමගාමීව ඇගේ කීකරු චෙෆ් වීමට පුරුදුවූ ඇමරිකානු ස්ත්‍රීවාදිනියගේ කතාව මට සිහිවේ

      සැමියාත් පුතාත් පුදුම වන්නේ මම රාත්‍රී ආහාරයට වාඩි වුනොත්ය.
      මේ බලන්න මේ ස්ත්‍රීවාදිනිය දවසේ කොයි වෙලාවකවත් ගෙදර නැත.

      ස්ත්‍රිය නිවසින් පිටකිරීමේ සංස්කෘතිය තුල ස්ත්‍රියට දරුවන් හැදිය නොහැක.මෙය ජනගහන පාලනය සඳහා සැලසුම් කළ උපායකි 1995 දී බෙයිජින් සමුලුවේදී මෙය උත්කර්ශයට නැංවුනි.එම සමුලුවද ජනගහන සමුලුවකි

      ලිහිනි සයුරි ඔබ දෙදෙනාගේම අදහස් වලට මම එකඟයි.පිරිමින් කුස්සියේ වැඩවලට උදවු කළ යුතුයි.මගෙ බ්ලොග් අඩවියේ ඒ බව කීප තැනකම කියලා තිබෙනවා.රස්සාවත් කරල ගෙදර ඇවිත් තනියම උයන්න ගියොත් ඒක මොන අමානුෂික දෙයක්ද?
      කුස්සියට තල්ලු කරනවා කියන්නෙ ඒක නොවෙයි .ගෑනි කොයි වෙලාවකවත් ගෙදර නැති ස්ත්‍රීවාදය ගැනයි.මම උදාහරනයකට ඉංග්‍රීසි පත්තරේක ස්ත්‍රීවාදී තීරු ලිපිය ලියන කතෝලික මාධ්‍යවේදිනියගෙ ලිපියකින් අදහසක් ඉදිරිපත් කළේ.

      උදේට කෑම හදන්නෙ සැමියායි පුතායි.ඔවුන් පුදුම වෙන්නේ මම රාත්‍රී කෑමට වාඩි වුනොත්.ඒ කියන්නෙ දවසෙ කොයිම වෙලාවකවත් මේ ගෑනු කෙනා ගෙදර නෑ කියන එකනෙ.

      "ඉන්දියාව වැනි රටවල ජනගහනය අඩුකර ඒක පුද්ගල ආදායම වර්ධනයටද ස්ත්‍රීවාදය ප්‍රොමෝට් කෙරේ


      උදෑසන ආහාරය හදන්නේ නැතිව රාත්‍රී ආහාරයටද වාඩිනොවන ස්ත්‍රීවාදිනිය රෑ දහයට පැමින පාන්දර හතරට නිවසින් පිටවනවායැයි සිතමු.එවැනි විවාහයක් අවශ්‍යද?එහෙම ගෑනියෙක් මොකටද?

      Delete
    5. Untitled-1.

      මේක මට අපහැදිලියි.උදාහරනයකට මාව ගමු. මම උදේට ගෙදරින් ඔෆීසියට යන්නෙ උදේ 9ට විතර. ආයෙම ගෙදර එන්නේ රෑ 10ට විතර. ඒක මගෙ රාජකාරියේ කොටසක්. වගකීම් පැහැර හරින්න බෑ. අපිට ගෙවීමක් කරන්නෙ ඒ ගෙවීමෙන් උපරිමය අපෙන් ලබා ගන්න. දැනට විවාහ ජීවිතයක නැති නිසා මේක මට ගැටළුවක් නෙමේ.ඔයා කියන විදියට මම විවාහ උනාට පස්සෙ අනිවාර්යෙන්ම මට රැකියාවෙන් සමුගන්න වෙනවා. මේ තරම් අමාරුවෙන් ඉගෙන ගත්ත දේ අහකට දාලා ගෙදර බත් තම්බන්න වෙනවා...එහෙමද..

      හැබැයි ඔය බටහිර ටවල කාන්තාවන් එක්ක අපේ රටේ කාන්තාවන් සමාන කරන්න බෑ. ඔයා කතා කරන්නෙ බටහිර සමාජය ඈදාගෙන. එහෙම නෙමේ. අපේ රටේ කාන්තාවන් තමන්ගෙ රාජකාරි ස්භාවය මොනවා උනත් යුතුකම් කොටස ඉටු කරන්න වෙහෙසෙනවා. ඒක නෑ කියන්න බෑ. මාත් එක්ක රැකියාව කරන අනෙක් විවාහක කාන්තාවෝ උදේ පාන්දරින් අවදිවෙලා සැමියාට සහ දරුවන්ට අවශ්‍ය සියළු දේ ලක ලැහැස්ති කරලා දීලා රැකියාවට එන අය ඉන්නවා.

      ගෙදර ආර්ථිකයට ශක්තියක් වෙන්න නම් ඇයට යම් යම් කැපකිරීම් කරන්න වෙනවා. එතකොට රෑට බිරිඳ නැති ගෙදර ස්වාමියා කෑමට යමක් සකස් කරන්න තරම් කාරුනීක උනොත්...එතැන කියන කියන ගැටලු නෑ. අන්න එතැනදී තමා " සහයෝගය " කියන එක අවශ්‍ය. මම මේ කතා කලේ ඔයා ඔය කියන අහවල් මධ්‍යවේදිනියගෙ ජීවිතය එක්ක අපේ රටේ බිරිඳකගෙ ජීවිතය පටලවාගෙන නම් නෙමේ..

      Delete
    6. blogger_logo_round_35

      අතිශයින්ම අපේ රටට ප්‍රායෝගික පිළිතුරු දීමක්. විය යුත්තේ මෙය තමා ළිහිණි. බිරිය ආර්ථිකයට උර දෙනවා නම් දෙදෙනාම සහයෝගයෙන් හැම දෙයක්ම කර ගැන්මයි. ස්ත්‍රීවාදය කියන්නෙත් මේ ටිකම තමා ඒත් ඔහු තාම ගලපන්නේ විදෙස් කාන්තා නියෝජනය සමගයි.අප එය ගලපන්නේ ලාංකිය කාන්තා නියෝජනය සමගයි. ඔහු බිය පළ කරන්නේ ඒ විදෙස් බලවේග මෙ රටේ පැලපදියම් වී මවු කිරට වන්දි ඉල්ලන සමාජයක් බිහිවේය කියන ආකල්පයෙන් බව මගේ හැගුමයි.

      Delete
    7. 12832864909625

      ස්ත්‍රීවාදය ඔයා කියන කතාව මට තේරෙනවා. ඒත් මට පේන හැටියට ඔබ ටිකක් අන්තෙට ගිහින් හිතනවා වගේ. ඔය කියන ජාතියේ දරුවන්ට කිරිදීම ප්‍රතික්ෂේප කරන, දරුවන් හැදීම ප්‍රතික්ෂේප කරන ගැහැණුන්ට ගැහැණු කියලා කියන්නවත් පුලුවන්ද කියලා මම දන්නේ නෑ. පැය 24 ම ගෙදර නැති ගැහැනියෙක්ගෙන් විතරක් නෙමෙයි පිරිමියෙක්ගෙනුත් වැඩක් නැහැ. පවුලක වගකීම් අම්මාට වගේම තාත්තටත් තියනවා. මම හිතන්නේ නෑ මෙතන කතා කරපු කිසිම කෙනෙක් ඔය කියන විදියට පිරිමියාව කුස්සියට තල්ලු කිරීමක් ගැන කතා කරා කියලා. අපි කිව්වේ දෙන්නම සහයෝගයෙන් නිවසේ වැඩ කටයුතු කරගැනීම හොඳයි කියලයි. අපේ ලංකාවේ නැති අන්තවාදයක් ගැන ඔබ දැන්මම හිතනවා. ඉදිරියට හිතීම හොඳයි. ඒත් අපේ රටේ ගැහැණුන්ගේ සාධාරණ ඉල්ලීම් ඉදිරියේ ඔබ මේ වගේ දේවල් කියන එකෙන් ඔවුන් ස්ත්‍රීවාදය කරා ඉබේම තල්ලු වෙන්නත් ඉඩ තියනවා. ඒ නිසා ගැහැනියක් බියක් සැකක් නැතුව පාරේ යාමේ අයිතිවාසිකම ඉල්ලූ පමණින් ඔවුන් ස්ත්‍රීවාදීන් ලෙස නොසලකන මෙන් ඉල්ලා සිටිනවා.

      Delete
  17. blogger_logo_round_35

    මා මේ ලිපියෙන් බ්ලොග් ලියන කාන්තාවක් ගැන කියන්නේ ස්ත්‍රීවාදයට අදාළ දෙයක් ගැන නොවේ එය අතිශය පුද්ගලික කරුණක් මත ලියැවුණු ලිපියක් . මෙය වැරදියට තේරුම් ගන්න එපා. එම ලිපි දැක නොමැතිනම් ඒ ගැන කතා නොකරන තරමට හොඳයි.

    ReplyDelete
  18. blogger_logo_round_35

    මමත් ලිව්වා ඒ වුනාට ඔච්චර විස්තර හොයා ගන්න බැරි වුන thanks

    ReplyDelete
  19. vee

    මම ලිපිය දැක්කෙ නෑ මචං ..ඒ නිසා මුකුත් කියන්න බෑ..!

    ReplyDelete
  20. blogger_logo_round_35

    ඔය කියන සිද්දිය මම දන්නේ නැහැනේ!

    ReplyDelete
  21. 1+-+Copy

    ඔය කියන්නෙ නලීන් මීට කලින් දාපු පෝස්ට් එක ගැනද නැතිනම් වෙන මම නොදන්න පෝස්ට් එකක් ගැනද? ඒක මොකක්ද කියලා අහන්නත් හිතලා එක්කො මොකටද නිකං අහක යන ඒවට ඔලුව දාන්නෙ කියලා නිකං ඉන්න තීරණය කලා.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කලින් දාපු එකේ හෙඩිම දැම්මේ මා ඒ අදහසින්. එය ඔබ කියවා තිබුණා. කාන්තාව ලියු ලිපිය ඔබ දකින්න නැතුව ඇති.

      Delete
  22. 11312781_909946182385043_9158189637692344954_o

    ඒ‍කෙ රාජ් දාල තිබ්බ කමෙන්ට් එක සිරා.. මට ඒ වචන ඒ විදිහටම මතක නැති වුනත්...

    “සයිබරෙන් පිටතට යන මුණ ගැසීම් භයානක බව ලියැවිලා තිබ්බා..“

    සාධාරණ කියවිල්ලක්..

    ReplyDelete
    Replies
    1. FB_IMG_1561654098205

      උඹත් අත්දැකීමෙන්ම දකින්න ඇතිනේ...

      Delete
  23. 12832864909625

    මමනම් මේ සිද්ධිය දන්නේ නැහැ. ගොඩක් දෙනෙක් දන්නේ නැහැ වගේ.

    ReplyDelete
  24. penhand

    අපිත් දන්නෙ නෑනේ මේකෙ මූලික සිද්ධිය...

    ReplyDelete
  25. DSC002481

    කාන්තාවන් වෙනුවෙන් එයාලගෙ නිදහස වෙනුවෙන් පිරිමින්ට කරන්න පුළුවන් එකම දෙයයි. "තමා වෙනුවෙන් තීරණ ගැනීමේ නිදහස ඔවුන්ට දීම" තමයි ඒ.

    ReplyDelete
  26. DSC00156

    //කාන්තාවන් කරන්න ඕනේ හැකිතාක් පිරිමින් කරන කරන දේ කරන්න නොයා තමන්ටම සුවිශේෂී විදිහට හිතල කාන්තාවන්ටම විශේෂ වන ක්‍රියාකාරකම් පද්ධතියක් ගොඩනගාගැනීමයි. ඉහමොළයක් ඇති පිරිමින් කළයුත්තේ ඒ සඳහා නියම ස්වභාවික ස්ත්‍රී හැඟීම් දැනීම් තිහිබෙන කාන්තාවන්ට නිසි සහයෝගය ලබාදීමයි.//- දුලන්ත

    මෙන්න මෙතැන දී මා දුලන්තගේ මතයට ගරු කරමි.

    මේ කතාව පමාවී හෝ තේරුම්ගැනීමට හැකිවීම ගැන මමත් බ්ලොග් කරුට ස්තුතිවන්ත වෙනවා. ඒගමන්ම තවදෙයක් මතක්කරන්න ඕනේ. ඒක තමයි මේ ලිපියේ කියල ස්තියෙනවා බටහිර ස්ත්‍රීවාදයක් අපේ රටේ නෑ කියලා. ඒක එහෙම නෙවෙයි. ඇත්ත කතාව තමයි බටහිර ස්ත්‍රීවාදය අපේ සමාජයේ වන්චනික ලෙස වෙනත් මුහුනුවරවල් වලින් රහසින් වර්ධනය වෙනව. මේක තවම අපේ අයගෙන් වැඩිදෙනෙකුට ඇඟට පතට දැනිල නැති එකයි ප්‍රශ්නේ. මේ විෂබීජය ඔඩුදුවල අද බටහිර සමාජයම අසාධ්ය ලෙඩෙක් බවට පත්වෙලා ඉවරයි මේ ටික අපට තවම වෙලා නැතත් ඒ ටික උන දාට වඩා අසරන වෙන්නේ අපේ රටේ කාන්තාවන්මයි.

    ReplyDelete
  27. d929c244d06c53253978ccaae060d4b7

    ඔය කියන බ්ලොග් පොස්ට් එක ගැන මමත් දැක්කා නමුත් අගක් මුලක් මැදක් නොදන්න නිසා පොස්ටුව කියවලා නැවතුනා කිසිත් නොකියම
    එක නිසා මෙකටත් මුකුත් නොකියා ඉන්නම් මාමේ
    මොකද ගැනු කෙනෙක් විදියට මට කිසිම දෙයක් කියන්න බැ

    ReplyDelete
  28. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

    monada une giya badada indan blog wala?
    man hitiye nathi tike waliyak giyada nalin ayye?
    man me awe sathiyakin wage..

    ReplyDelete
  29. DSC00156

    බටහිර ස්ත්‍රීවාදය ක්‍රියාත්මක වෙන්නේ එක එක ස්වරූප වලින්. ඇත්තටම මේක හඳුනගන්න තරම් සංවේදී බවක් තිබෙන අය අඩුයි. මේ බටහිර ස්ත්‍රීවාදයේ ප්‍රධාන ලක්ෂණය තමයි ලිංගිකත්වය කියනදේ ස්වභාවධර්මයට අනුව නිර්මාණය වෙලා තියෙන ආකාරය පිළිනොගැනීම. කෙටියෙන් කිවුවොත් කාන්තාවන්ට සුවිශේෂී වූ පිරිමින්ගෙන් වෙනස්වන ස්ත්‍රී ලිංගික ලක්ෂණ හැඟීම්දැනීම් හා සමස්ථ ස්ත්‍රී සවභාවය මේ බටහිර ස්ත්‍රීවාදයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. එහිදී කාන්තාවන් ඔවුන්ට සුවිශේෂී ස්ත්‍රී ක්‍රියාකාරකම් පද්ධතියක් ගොඩනගාගෙන මිනිස් සමාජය හැදීම වෙනුවට ලිංග භේදයක් එපා කියමින් කාන්තාවන්ට සුවිශේශී ස්ත්‍රී මානසික අනුවර්තනද නැතිකර දමා පිරිමින් කරන සියලුදේ අවිචරවත් ලෙස කිරීමටත් අවසානයේ පිරිමින් හා පිරිමි ලිංගිකත්වයද හෙලාදැකීමට ම්මේ ස්ත්‍රීවාදය විසින් කාන්තාවන්ට අනුබල දෙයි.

    අද අපේ සමාජය තුලද මීට පෙර පිරිමින්ට පමණක් සීමාවූ ක්‍රියාකාරකම් වලට කාන්තාවන් ඇතුල් කරන්නේත් පාසල්වල මින් පෙර පිරිමි ළමුන්ට පමණක් සීමා වූ ක්‍රීඩා ආදී ක්‍රියාකාරකම් ගෑනු ළමුන් ලවාද කරවීමට ක්‍රියාකරන්නේත් මතවාදීව ස්ත්‍රීවාදයේ බලපෑමෙනි.
    චන්ද්‍රිකා කුමාරතුන්ග ජනාධිපතිවූ පසු මේ ක්‍රියා වලට නිල පිලිගැනීමක් අත්විය. සිරස නමින් මහරාජගෙ කුනු වාහිනිය ආරම්භ කර කලිසම් අඳින ගෑනුන්ට පිලිගැනීමක් ලබාදී රට පුරා ගෑනුන්ට කලිසම් උමතුවක් ඇතිකර අපේ සමාජයතුල තිබූ ලිංගික විශේෂණයන් වෙන්කර හඳුනාගැනීමේ සංවේදී ගතිය නැතිකර දැමුවේ මේ ස්ත්‍රීවාදයේ බලපෑමෙන් මිස අපේ රටේ ගෑනියෙකුට ගැලපෙන මානසික අනුවර්තන දක්වපු අම්මලාගේ මාතෲත්වයට අනුවනම් නොවෙයි.
    කාන්තාවන් ගෘහ කටයුතු හා දරුවන්ගේ කටයුතු වලින් ඈත් කර නිවසේදී ස්වාමිපුරුෂයාට එරෙහිව සටන්කිරීමට ඔවුන්ට අනුබල දෙන්නේ බටහිර ස්ත්‍රීවාදය මිස බුදු දහම හෝ බෞද්ධ දර්ශනය නොවෙයි.
    කාන්තාවන්ට දරුවන් හැදීම එපා කරවන මනස්ගාත ඔලුවට ඔබන්නේ " " කාන්තා කණ්ඩායම් මිස බෞද්ධ කුලඟන සමිති නොවෙයි. අද කාන්තාවන් හා ගැහැනු ළමුන් අතර පිරිමින් හා පිරිමි ලිංගික අවශ්යතා වල ස්වභාවය කෙරෙහි ද්වේශසහගත බව වර්ධනය කරමින් සියලු ස්ත්‍රී පුරුෂ ස්වභාවික ලිංගික සබඳතා අතවර වලට ගොනු කිරීමට ප්‍රභල වෑයමක් කරන්නේ " " ජරාවකෑ කාන්තා කල්ලි හා ඔවුන්ට පක්ෂපාතී මාද්ය මිස ගම්වල මවුපියන් නොවෙති.
    කුහක යන් ලවා පාසල් සිසුවියන් ඇතුලු තරුණ ගෑනු ළමුන් ඔවුන් අඳින වස්ත්‍රයෙන් ශරීරය වැහෙන ආකාරය අල්ලාගෙන ලැජ්ජාවට පත්කරන්නේත් එසේ කර ඔවු අඳින ගවුම, සාය වෙනුවට කලිසම් ඇඳීමටත් එයකළනොහැකිනම් ගවුම යටින් කොට කලිසමක් හෝ ඇඳීමට අනුබල දෙන්නේ බටහිර ස්ත්‍රීවාදයේ ජරාව කෑ කුහකයන් මිස විවුර්ත මනසකින් යුතුව ලිංගිකත්වයේ ස්වභාවය සමග එකට ජීවත්විය හැකි පිරිස නොවෙයි.
    අවසානයේ ස්ත්‍රීපුරුශ ස්වභාවික සම්බඳතා සියල්ල පිලිකුලට ලක්කර බොරු සුචරිතවත් බවක් මවාගන්න කුහකයන් ලවා ස්වභාවික ලිංගික සබඳතා පසුබෑමට ලක්කර පිරිමින් අනුකරනය කරන ගෑනුන් වීරවරියන් කර සමලිංගිකත්වයටද රුකුලක්දී වර්ධනය කරන්නේ ස්ත්‍රීවාදයේඅ මතවාදී බලපෑම මත මිස රටේ සංස්කෘතියට අනුවනම් නොවෙයි.
    මේඅ කාරනා හිතාගන්න තරම් ඉහමොළයක් ඇත්තවුන් අද අවශ්යකර තිබේ. එසේ නොවුවොත් විෂබීජය විසින් සමාජය ලෙඩ කරන තෙක් අපට වෙනහරිය හිතාගැනිමට නොහැකිවනු ඇත. අප සමාජය ලෙඩ වූ දාට එයට ප්‍රතිකාර කරන්නේ බටහිර ස්ත්‍රීවාදියාමය. එය ඊටත් වඩා භයානකය.

    ReplyDelete
  30. 3639177592_e2012ec77e_z

    මමත් ඒ කතාව දැක්කා. ඒකෙන් වුනේ ලිපිය දාපු අය පැත්තක ඉඳිද්දී කියවන උදවිය ඇවිත් ඒ දෙන්නට චරිත සහතික දීපු එක.

    ReplyDelete
  31. .com/img/b/R29vZ2xl/AVvXsEi8bVyJhPhH67TlrgOjFROqWkFM0Rjdc2sCEyBGz5_InxkchQoZ8anDLWLEVZg_z17QjeQA33kl1bxlrbxowRNN-wpM4NNUeoYnKSnG20BZcQizqaJNKrojN84flTZRc4g/s45-c/

    අනේ මංදා.., දැන් දැන් මෙ බ්ලොග් අවකාශෙ වෙන දේවල් දැක්කාම කලකිරෙනවා... කොහොම වුනත් මිනිස්සු එකිනෙකාට ගරුකරන යුගය දැන් ඉවරවෙලා ද කොහෙද... කණගාටුව ඒකයි!!

    ReplyDelete
  32. blogger_logo_round_35

    ස්ත්‍රීවාදය හැම විටම ස්ත්‍රී වදවෙන් අවසන් වන නිසා කිසිවක් නොකියමි,ලිපිය අගේ කරමි,

    ReplyDelete
  33. DSC00156

    @Anonymous
    //@මාතලන්
    ඔයාගේ නෝනා ඔයාට වඩා ශක්තිමත් වෙන්න ඇති හැබැයි එකෙන් කියවෙන්නේ නැහැ පිරිමින්ගේ කායික ශක්තියට අඩුයි කියලා//

    මාතලන්ට මේ උත්තරය දීපු එකට ස්තුතියි.

    ReplyDelete
  34. Su+1

    ඔය කියන පෝස්ට් එක මම දැක්කෙ නෑ. හැබැයි අදාල කාන්තාවො දෙන්නනම් අනුමානෙට හිතා ගන්න පුළුවන්. සෑහෙන කාලයක ඉදලා තියෙන වලියක්.

    අපිත් වලි යන්නෙ..... ඕවා ඔහොම තමයි.....හැබැයි ගෑණු වලි හරි කැතයි....!

    ReplyDelete
  35. Untitled

    මේක කියෙව්වම තේරෙනවා මොකක් හෝ නමුත් නොවිය යුතු දෙයක් පහුගිය දවස් වල සිද්ද වී ඇති බව. පහුගිය ටිකේ බ්ලොග් කියවන්න එන්න බැරි වුනා. ඒ නිසා මට අගක් මුලක් තේරෙන්නේ නැතෝ......

    ReplyDelete
  36. IMG_7741+rat

    මේ රටේ කාන්තා අයිතිවාසිකම් සහ විමුක්තිය මතකයට එන්නේ මාරුත් 08 වෙනිදාට විතරයිද මංදා. ඒත් කනාගරික කාන්තාවන් අපේක්සාකරන විමුක්තියයි. කැබිතිගොල්ලෑවේ එහෙමත් නැත්නම් පදවියේ කාන්තාවක් අපේක්ෂා කරන විමුක්තිය කියන්නේ දෙකක්.
    ලංකාවෙ කාන්තාවන්ට සම තැන තියෙනවා. නිසි තැනත් තියෙනවා. මුලිකම කාරනය තමයි නාගරිකයන් අපේක්ෂාකන නිසි තැනත් සම තැනත් ග්‍රාමීය කාන්තාවට වඩා වෙනස් වීම.

    මේ සිදුවිම නොදන්නා නමුත්. මේ සටහන කාලෙකින් හොඳ සංවාදයක් ඇතිවුණ එකක්.

    ReplyDelete
  37. new

    මටැ නම් කියනන් දෙයක් නැහැ නලින් අයියේ. කියන්න ගියොත් පොස්ට් එකක් ලියන්න වෙන්නේ

    ReplyDelete
  38. blogger_logo_round_35

    ඔය කියන සිද්දිය දිහා මමත් මුල ඉදලම බලාගෙන නම් හිටියා. ගැහැණු දෙන්නෙක්ගේ වලි වලට මැදින් පනින්න ගිහිං නැති ප්‍රශ්න හදාගන්නවට නිකන් ඉන්න ඒක හොදයි කියල හිතලයි පැත්තකට උනේ. සම්පුර්ණයෙන්ම උනේ ගෙදරදී විසදගන්න තිබ්බ ප්‍රශ්නේ පත්තරේ දැම්මා වගේ වැඩක්. දැන් ඕවා කතා කරලා වැඩක් නැහැ. සිද්ද උන දේ වෙලා ඉවරයි. ආයෙත් ඒ වගේ වරදක් සිද්ද නොවෙන්න වග බලාගන්න එකයි වැදගත්.

    ReplyDelete
  39. 197344_156019957792520_5855085_n
  40. Jacqueline%2BFernandez+%2820%29%5B1%5D%5B1%5D

    මම නම් ඔය කියන සිද්දිය දැක්කේ නෑ. ඒත් අපි වෙනුවෙන් එක දවසක් අල්ලන කෑ ගහන එකයි සමතැන් ඉල්ලන් කෑ ගහන එකයි මට නම් විකාරයක්. ලංකාවේ ඉන්න අය කියනවා බටහිර රටවල ගෑනු අය පිරිමි වගේ පුරුශයන් හා සමතැන ස්වාමියා දරුවෝ ගැන බලන්නේ නෑ කියලා. ඒත් අපි ඉන්නේ යුරෝපයේ නිසා අපිට පේනවා ඒකේ ඇත්තක් නෑ කියලා. අපේ රටෙත් නැද්ද තමන්ගේ ස්වාමියාගෙන් ගෙදරවැඩ කරවගන්න භාර්යාවෝ.. මෙහෙත් එහෙම්යි. එක එක පුද්ගලයාට අනුව ඒක වෙනස්වෙනවා මිසක්, සමස්තයක් විදියටනම් අපේ රටේ වගේම මේ රටවලත් ගෙදර දොර ඉවුම් පිහුම්, පිරිසිදු කිරීම දරුවන් රැකබලාගන්නා අතරේ කාන්තාවන් ඔවුන්ගේ රැකියාව මෙන්ම තමන් ගැනත් හොදින් සොයාබලා කටයුතු කරනවා. මා බටහිර කාන්තාවන්ගේන් දුටු වැදගත්ම දේ කාන්තාව අලස නොවී හැමදෙයක්ම පිලිවෙලකට කිරීම.

    ReplyDelete
  41. blank

    ඔයාටත් ඕනි නැති කුණු ගොඩක් නෑනේ

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT